Tuesday, April 28, 2020

කොත්තුව

මම ඉන්නේ : බස්නාහිර පාලාතේ
දිස්ත්රික්කය : ගම්පහා
කොට්ටස : ජාඇල
මගේ ගම : උස්වැටකෙයියාව
වයස : 23
අම්මා කතා කරන්නේ : සූකිරී කියලා
ඒත් යාලුවෝ කතා කරන්නේ : බෙබී කියලා
ගමේ ඇන්ටීලානම් කතා කරන්නේ අහිංසකයා කියලා
ඒත් අංකල්ලනම් කියන්නේ අන්න අර නසරානියා යනවා කියලා
ඒත් ගමේ කෙල්ලොනම් කියන්නේ ආ ශාරුක් එයාලා එහෙම කියද්දී පොඩී ගැම්මක් එනවා නේ ..
ඕ අමතක උනානේ මේ ඔක්කොම කිවුවට මගේ නම කියන්න
මගේ නම තමා උදේෂ්
..............................................
අම්මේ අද මොනාද කන්න හදන්නේ ...
වෙන මොනාද බත් තමා ..
අපෝ මොනාද අනේ මටනම් බත් කාලම එප වෙලා තියන්නේ
බත් උයන්නේ නැතුව වෙන මොනා හදන්නද ?
අනේ ...........
එහෙනම් රොටී හාදන්නද ?
අපෝ ඊට වඩා හොදයී ඉදියාප්ප කනවා ...
එහෙනම් ඉදියාප්ප හදන්නම් අපෝ පෙරේදත් කෑවනේ ...
දැන් කිවුවේ එහෙනම් රොටී වලට වඩා හොදයී කියලා එහෙනම් ..
ඔවු ඉතින් රෝටී වලටවඩා හොදයී පේරේදා හැදුවේ නැත්තම් .....
මූ වගේ එකෙක් ..
මම බත් හදන්නේ කනවනම් කාපන් ...........
අනේ මගේ හොද අම්මනේ ..
මූ එන පොටනම් හොද නෑ ....
අම්මේ ......
අම්මේ ............
ඇයී ඇයී මොකෝ.....
අම්මේ .. මේ අහන්නකෝ ......
අහන් තමා ඉන්නේ ටග්ගලා කියන දෙයක් කියලා වද නොදී යනවා මෙතනින් මට උයන්නත් පරක්කු වෙනවා ...
අම්මේ මට රූ ........ රූ.........
මොනාද රූ ... රූ ..... කියන්නේ එහෙම කෑමක් ගැන මම අහලා නෑ නේ ......
අම්මේ මට රුපියල් 350 දෙන්නකෝ ......
ඈ ඒ මොකටද කියහම් ඒ .....
අනේ අම්මේ බෑ කියන්න එපා මට බත් කලා ඇති වෙලා මට කොත්තූවක් කන්න ඔනේ අනේ අම්මේ දෙන්නකෝ ..........
මම දැනගත්තා මෙතන හුරතල් වෙවේ කැරකෙද්දී මොකක් හරී දේකට කැරකෙන්නේ කියලා .....
අනේ අම්මේ දෙනකෝ ............
අනේ දෙන්නකෝ ...............
බඩගිනී .......
අද විතරයී ..............
අනේ දෙන්නකෝ ............
මගේ හොද අම්මනේ .......
හා හා දැන් ඇතී බටර් ගෑවා .....
අනේ මගේ හොද අම්මා .. උම්මා .........
ඔය ඔය ඉතින් අලී බබා එනවා හුරතල් වෙන්න මෙතන ...
ආ සල්ලී ........
තනියම එහෙම යන්නේ නෑ ......
මේ දැන් හොදටම රෑ වෙලත් එක්ක .....
නෑ නෑ අද යන්න ඔනේ නෑ හෙට කන්න කෝ සල්ලී දෙන්න ...
අනේ අම්මේ ...... අනේ ........
බලනවා වෙලාව දැන් 8 ලගයී .....
හරී මම ටගලා එන්නම් අනේ .....
මේ වෙලාවට යන්න එපා පුතේ ඔයාගේ හොදටයී මම මේ කියන්නේ මස් ජාතී දාපූ කොත්තුනම් ගෙන්න එපා ඔන්න නොකිවුවයී කියන්න එපා ..
ගේනවනම් එලවලූ කොත්තුවක් ගේනවා හරිද
මම කලිනුත් කියලා තියනවනේ අපේ අයියට උන දේ තෙල් කෑම කකා පාරේ එද්දී ...
අම්මෝ ඔය කතාව අහලම මට ඇති වෙලා තියන්නේ මම යනෝ ......
ඔය ඔය ඉන්නවා පහනෙන් තෙල් ටිකක් ඔලුවේ ගානකම් .......
කෝ මේකා ඒ ටිකට දුවලනේ ....
කොත්තූ කලා එන්නේ නැතෑ පහුව දාට බඩ රිදෙනවා කියාගැන
මේ කොල්ලනම් කියන දෙයක් අහන්නෙම නෑ
හම්මෝ ඇතී යාන්තම් පැන ගත්තා .........
තව පොඩ්ඩෙන් පහනේ තිබ්බ තෙල් ටික මගේ ඔලුවේ හලනවා
මැවිලා පේනවා මම ලෙඩ කපුටෙක් වගේ ඉන්න හැටී ..........
ඒත අම්මා අර මාමට වෙච්චී දේ කිවුවමනම් පොඩ්ඩක් බයකුත් ආවා ......
පයින් යනවද නැත්තම් ......
මහේශ් මල්ලිගේ බයිසී කලේ ඉල්ල ගත්තම් හරී ....
මහේශ් මල්ලී .......
මහේශ් මල්ලී ........
මට බයික් එක ටිකක් දෙනවද ?
අයියේ මේ එකේ චේන් එක ටිකක් අවුල් හරිද ගනන් ගන්න එපා ...
අහා අවුලක් නෑ දෙනවකෝ ටිකකට ...
හරී බයික් එකත් ගත්තා ...
ඒත් තුංමන් හන්දී 3 යී සියඹලා ගහයී බෙල්ල වැල දාගෙන මැරුන අංකල්ගේ වත්තයී පහු කරලා යන්ඩ එපෑ ...
මම එක්කෝ අද බත්ම කනවා ඒ උනාට කොත්තු තරම් රස නෑ
බෑ බෑ කොත්තුම කනවා මම
ඒත් එක වාහනයක්වත් නෑ නේ පාරේ ......
අම්මට අන්න එනවා ලොරියක් යන්න ඔන ඔක පස්සෙන් .................
එක තුංමන් හන්දියයී දෙකයී
තුනායී ...........
අම්මෝ සියඹලා ගහා ......
අංකල්ගේ වත්ත ....................
අන්න කොත්තු කඩේ 😍😍
තැන්කිවූ 🚚 ලොරිය හීමීට ආවට මාත් එක්ක උම්මා ...
හම්මෝ කොත්තු ගහන සද්දේ ආසාවේ බෑ ඇහෙද්දී
හම්මා සුවද 😍😍😍
අයියේ අයියේ එලවලු ....
නෑ නෑ මික්ස් කොත්තුවක් දාන්න ...
අම්මා කිවුවට එලවලු කන්න පුලුවන් ඈ ...
මල්ලී තව ඕඩර් 6 තියනවා ටිකක් වෙලා යයී .
අප්පා ඒමද අයියේ .
මොකද කරන්නේ වෙලාවත් යනවා රෑත් වෙනවා ඒත්
කොහේ යන්නද මා මේ කොත්තුව හැර දමලා 😋
හරී අයියේ පරක්කු උනාට කමක් නෑ කොත්තුව දන්ඩ
හප්පා වෙලාව 10.30 වෙලා
අයියේ තව වෙලා යනවද
තව ඕඩර් දෙකක් තියනවා මල්ලී
10.45 වෙලාව
අම්මෝ සුවද බඩ ගින්නත් වැඩී වෙනවා
අයියේ මගේ එක නේ දැන් ..
ඔවූ ඔවූ මේ මල්ලිගේ එක නේ ඔය ..
ඔවූ ඔවූ ඒක තමා .
අයියේ මස් ටිකක් වැඩියෙන් දන්න 😁
ආ අයියේ මෙන්න සල්ලී ...
අම්මෝ උගෙන් තිබ්බේ පුදුම වදයක්නේ ...
කොල්ලොනේ බන් උන් ඔහොම තමා
11 ත් වෙලා 😱
බුදු අම්මෝ ...........
වාහනයක් වත් නෑ ...
අයියේ ඔයලා අර පැත්තට යන්නේ නෑ නේ ..
නෑ මල්ලී කඩේ වහන්න කියලා අපිත් මේ ඇයී මල්ලී
අනේ නෑ අයියේ නිකන්
මුන්ට කිවුවිත් මම බයයී කියලා මුන් හිනාවෙන්න ගනී ..
කොත්තු ගැට ගහන්න ඔනේ ලැගේජ් එකේ
වාහනය්ක් එන්න දෙවියනේ අනේ ......😞
එනවා එනවා ඔයේ ඔයේ ...
නොදකින් එකත් හැරෙවුවා 😞
මොකද කරන්නේ හම්මට දන්න ඔනේ ෆෝන් එකෙන් බක්තී ගීතයක්වත් .....
අන්න එනවා කොල්ලෝ බයෛක් එකක් පාගපන් ඒකත් එක්කම යන්න පුලුවන් ගෙදර ........
ඔහොම යමන් තව පොඩ්ඩයී ......
එපා එපා එපා හයියෙන් යන්න එපා අයියේ හීමිට යමන් ....
හුටා ගියා නේද කගවේනා වගේ මූ ........
හම්මෝ සියඹලා ගහා .....
ටග්ගාලා ෆෝන් එක අතට ගනින් උදේශ් දාපන් පිරිතක් හරී .......
හුටා ෆෝන් එක ඕෆ් වෙලා 😫😫
බලන්න එපා ඒ පැත්ත පැද්පන් හයියෙන් බක්තී ගීතයක්වත් කිය කිය ...
සියඹලා ගහ පහුවෙනවත් එක්කම
අයියේ මෙකේ චේන් එක ජැඩුනනේ
අර මහේශයා මහා ලෝබයෙක් බයික් එක හදා ගන්නෙත් නෑ උගුඩුවා
උට බැන නැබ ඉදලා වැඩක් නෑ දුවපන් ඉතිනින් උදේශ් බයික් එකත් තල්ලූ කරන්
රෙද්ද බක්තී ගීත කියා පැල් කවියක්වත් මතකෙට එන්නේ නෑ වාහනයක්වත් නෑ ...............
සියඹලා ගහා පහූ උනානේ දැන් ඇරියනම් හරී ඇස් දෙක ......
මොකක්ද ඒ සද්දේ අර අංකල්ලගේ වත්ත ඉස්සර්හා නේ ඉන්නේ .
මොනා උනත් බලන්න එපා පිටි පස්ස ...................

බලන්න එපා උදේශ් .....
බලන්න එපා .........
තල්ලූ කරන් හරී දුවපන් ...
එකපාරටම බයිසීකලය නිකම් හිර උනා වගේ ...
උගුරෙන් පල්ලයහාට කෙල යන්නෙත් නෑ බයටම දිව ගිලෙන්න වගේ ....
බය කොච්චරද කියනවනම් පිටි පස්ස හැරිලවත් මම බැලුවේ නෑ ......
ඒත් බයිසී කලය ඉස්සරහට තල්ලූ කරන් යන්න බෑ පිටිපස්සට අදිනවා වගේ කවුරු හරී ..
මම පිටි පස්ස හැරිලා බැලුවත් බයෙන් හරී කවුරුත් නෑ පෙන්න
ඒත් බයිසී කලේ ඉස්සරහට ගෙනියන්නත් බෑ කවුරු හරී අල්ලන් ඉන්නවා වගේමයී දැනෙන්නේ ..
පපුවත් හොදටම ගැහෙනවා ......
හර්ට් ඇටැක් එකක් තිබ්බේ නැත්තේ හොද වෙලාවට මට නැත්තම් මෙතනම ඉවරයී .......
අමාරුවෙන් හරී බයික් එක ඇදගෙන තුංමන් හන්දිය ලගට ආවේ අර අංකල්ගේ ගෙදරයී සියඹලා ගහයී පහු කරගෙන .....
බයික් එක හෙල්ලෙනේවත් නෑ මොකද මේ වෙන්න යන්නේ ..
ශීක් ............... බල්ලා
ශීක් ............... පලයන් මෙතනින් .
බල්ලොත් එනවා මෙතන වද දෙන්න ...
ඒත් ඒ බල්ලා අමුතු විදියට විරිත්තන් වගේ පාට මැද්දට ආවා
බයටම මම ගලක් අතට ගත්තේ ආවොත් ඔලුවටම දෙනවා කියලා හිතේ තියන් .
එක පාරටම ඌ බුරාගෙන පිටි පස්ස නොබලා දුවන්න ගත්තා .....
මම හිතුවේ ඒ ඌ දුවන්නේ මට බයේ කියලා ...
ඌ පිටිපස්ස බැලුවේ නැත්තේ ඇයී .
මම පිටි පස්ස හැරෙනවත් එක්කම මොකක්දෝ හුලගක් මගේ කනේ ගෑවී නොගෑවී ගියේ වහනයක් මගේ ලගින් ගියා වගේ ...
පිටි පස්සෙත් කවුරුත් නෑ හැබැයී හැරුන ගමන් මම දැක්කේ සියඹලා ගහා ..
යකෝ බලන්න එපා ඒ පැත්ත පලයන් ගෙදර
අම්මට දැන් හරී බයිසිකලේ හරී නේ පට ගාලා යන්න ඔනේ අම්මා මෙතනට එන්න කලින් .
බයිසී කලයට නගිනවා විතරයී මතක .
එක පාරටම අර මෙතනින් දුවපු බල්ලා අයේ මේ පැත්තට එනවා ..
ඉදපන් අයේ දෙන්නම් උබට ඉස්සලා ගහන්නේ නැතුව නේ දිවුවේ දැන් ගැහුවනම් මූ අයේ එන්නේ නෑ .
ගල අතට ගත්තාත්
ඒ බල්ලගේ තිබුන පාට ටිකෙන් ටික වෙනස් වෙන්න ගත්තා ..
එහා පැත්තේ තිබ්බ සියඹලා ගහා හුලගක් නැතුව වැනෙන්න ගත්තා
ඌ කලූ පාට වෙන්න ගත්තා ..
මහා හයියෙන් උඩු බුරුලන්න ගත්තා ..
ඒ මදිවට බස්සෝත් කෑ ගහන්න ගත්තා
ඒ බල්ලා එන්න එන්නම ලොකූ උනා
තඩී වලහෙක් වගේ වෙන්න ගත්තා
මුලූ ඇග පුරාම මයිල් පිරිලා
ඇස් ගෙඩී දෙක එලියට පැනලා
නිල්ම නිල් පාට ලොකූ ඇස් දෙකක් .
කියන්න බෑ මහා අමුතු සතෙක් නිකම් නරියෙක් වගේ මූනක් තියන වලහෙක් වගේ ඇගක් තියන කකුල් දෙකෙන් හිට ගෙන හිටියේ . එච්චරයි මට මතක අපේ හාමුදුරුවනේ
ඔය දරුවා දන්නවද ඔය දරුවා මෙහෙට ආවේ කොහොමද කියලා ..
නෑ අපේ හමුවන්නේ .
මේ දරුවගේ අම්මා නැත්තම් මේ අදරුවා අද ජීවතුන් අතර නොහිටින්නත් තිබුනා .
ඔය දරුවා පරක්කු උන නිසා තමා මේ අම්මා බලන්න ගිහින් තිබ්බේ .
එතකොටත් ඔය දරුවා තුංමන් ජන්දියක් ලග කටින් සෙම පෙරන් වැටිලා ඉන්නවා දැකලා තමා මේ අම්මා කෑ ගහගෙන අඩාගෙන මේ දරුවව මේහෙට ගෙනාවේ .
ඔය දරුවා දන්නවද ඒ කාවද දැක්කේ කියලා .
අනික ඔය දරුවා දන්නවද බයික් එකේ තිබුන කොත්තුවට මොකද වෙලා තිබ්බේ කියලා .
මොකක්ද අපේ හාමුදුරුවනේ වෙලා තියන්නේ .
ඒ කොත්තුවේ තිබ්නේ මස් නෙවේ මස් කටූ නිකම් කවුරු හරී සූප්පලා වගේ අනික පනුවෝ උතුරනවා .
එහෙම වෙන්නේ කොහොමද අවසර එකට පනුවෝ ගහන්න විදියක් නෑ නේ .
පුතාට අම්මා ගෙන්න කිවුවේ මොන කොත්තිවක්ද ?
එලවලු එකක් හාමුදුරුවනේ
පුතා ගෙනාවේ මොකක්ද ?
මස් කොත්තුවක් හාමුදුරුවනේ ?
එකනේ කියන්නේ පුතා පුතා ගෙනාව කොත්තුවේ මස් වලට කෙනෙක් හරී කැමතී අනික පුතා එක ගෙන්න ගිය වෙලාව හොද නෑ අනික තනියම .
පුතාගේ පෙර පිනකට පුතා බේරුනේ මේ අම්මා නිසා
පුතා ලගට ඒ වෙලාවේ ඇවිත් තියන්නේ වෙන කවුරුත් නෙවේ මහා සෝනා නැත්තම් මහා කෙනා
දැන් බය වෙන්න දෙයක් නෑ මම මතුරලා පිරිත් නූලක් ගැට ගහලා තියන්නේ
මම ලොකු දෙයක් ඉගන ගත්තා අපේ හාමුදුරුවනේ
වැඩි හිටියෙක් දෙයක් කිවුවම එක අහන්න ඔනේ අපී ඔනවට වඩා පඩිත වෙන්න ගියාම අපී නිකන්ම කරදරේ වැටෙනවා
අපිට කොච්චර ලැජ්ජා හිතුනත් දෙමාපියෝ කියන දේවල් කරන්න අපී ලැජ්ජ වෙන්න ඔනේ නෑ මොකද ඒ අපේ දෙමාපියෝ අපේ හොදට කියන දේවල් නිසා .
උදේෂ් නිශාන් වන මම අද සිට පොරොන්දූ වෙනවා දෙමාපියන් කියන දේවල් අවතක්සේරු නොකර දෙන අවවාද අනුශාසනා පිලි ගන්න බවට ..........

sadun




No comments:

Post a Comment

UNIVOTEC එක ගැන

UNIVOTEC එකේ පාඨමාලා සහ වැඩි විස්තර සදහා පහත ඇති PDF ෆයිල් එක භාවිතා කරන්න. https://drive.google.com/open?id=1zbMNZ14FNiYV2f34K91x1KqpKmid...