Tuesday, April 28, 2020

සැකය - 3(අවසාන) කොටස

මම උබට පන පිටින් ඉන්න ඉඩ තියන්නේ නෑ උබව මරනවමයී මම අද.
අනේ පුතේ..................
මුදිතගේ අම්මා මහා හයියෙන් කෑ ගහන්න ගත්තා.......
කෙන්තියෙන් හිටිය මුදිත එක පාරටම අතේ තිබ්බ පිහෙයෙන් රමේශ්ට ඇන්නේ හිතේ තිබ්බ කෙන්තියටමයී ......
පිහියෙන් අනිනවත් එක්කම ගෙදරට එන පොලීසියෙන් මුදිතව අල්ල ගන්නවා .....
ඉක්මනින්ම රමේශ්ව ගිලන් රතයකින් රෝහලට රැගෙන යන්නේ පිහි ඇනීමක් සිදු ඌ නිසා .........
පොලීසියට වෙච්ච හැම දේම කියන මුදිත රමේශ් කියන්නේ කවුද කියලා පොලිසියට පැහැදිලි කරත්
මුදිතට මීනී මැරිමට තැත් කිරීමේ චෝදනාව මත අවුරුදු 10 බර වැඩ සමග සිර දඩුවම් ලැබෙනවා......
මේ වන විට දැඩීසත්කාර ඒකකයේ සිටින රමේශ්ගේ තත්වය බර පතල තත්වයකට හැරෙනවා ....
වෛද්‍ය වරුන්ගේ මැදීහත් වීමෙන් වහාම ඔපරේෂන් එකක් කිරීමට පියවර ගන්නවා ..........
ජීවිතය ගැන බලාපොරොත්තු තියා ගන්නනම් අමාරුවෙයී මෙහෙම වෛද්‍යවරුන් පොලිස් නිලදාරින්ට පවසන්නේ තවමත් රමේශ්ට සිහිය අවේ නැතී නිසා ............
දවස් දෙකක් තුනක් ගත වුනත් රමේශ්ට සිහිය එන්නේ නේ
ඒත් කවුරුත් නොහිතපු විදියට රමේශ්ට සිහියඑනවා .......
ක්‍රමයක් ක්‍රමයෙන් සුවය ලබන රමේශ්ගෙන් පොලිසිය පැමිනෙන්නේ කට උත්තරයක් ලබා ගැනීමේ අරමුනින් .......
මේ වන කොට සිර මැදිරියේ ඉන්න මුදිත තනූජා ගැන ගිත හිත දුක්වෙන්න ගන්නවා .......
අනේ නංගී මම ඔයාව විස්වාස කරේ නෑ .....
මම ඔයාව සැක කලා ......
මම ඔයාට බැන්නා ගැහුවා ..........
මටම ලැජ්ජයී නංගී......
දැන් කොච්චර කියෙවුවත් එදා අර කෙල්ල ඔයිට වඩා අඩ අඩ මම එහෙම කරේ නෑ අයියේ කියලා කියද්දිත් ඒ අසරන කෙල්ලව තනි කරලා එන්න තරම් මුදිත හැසිරුනේ හිතක් පපුවක් නැති ගානට .
වෙලාව රාත්‍රි 8.30 මේ වෙලාවට තමා රමේශ්ට කෑම ගෙන්නේ වෙනිදා වගේම නර්ස් නෝනා කෑම එක මේසේ උඩින්තියලා රමේශ්ට කන්න කියලා යනවා ඒත් ඒ වෙලාවේ බඩ ගින්නක් නොතිබ්බ නිසා පස්සේ කන්නම් කියන රමෙශ් ටිකක් නිදා ගන්නවා .........
වෙලාව රාත්‍රි 11.59 එක පාරටම හීනෙන් ගැස්සිලා ඇහැරෙන රමේශ් එතන තිබුන වතුර වීදුරුව බොනවා මේ වෙන කොට රමේශ්ට පුදුම බඩ ගින්නක් එන්නේ එතන තිබුන කෑම එක ලගට වීල් චෙයා නැත්තම් රෝද පුටුවෙන් යන රමෙශ් කෑම එකත් පුටුවේ තියාගෙන ජනේල ලගට යනවා කෑම එක අරිනවත් එක්කම ඒ කෑම එකට පනුවෝ ගහලා එහෙට මෙහට යනවා රමේශ්ට පේනවා අප්පිරියාවටම රමේශ් වමෙනේ දන්නේ කෑම එකත් බිමට විසි කරලා ..
ඒත් එක්කම කබරයේ ලයිට් ඔෆ් වෙනවා
ජරස් ......බරස් .......ජරස් බරස්........ මෙහෙම කබරයෙන් අමුතු සද්දයක් ඇහෙනවා ........
ඒත් එක්කම ලයිට් එක කොහොමහරී ඔන් කර ගන්න රමේශ් දකින්නේ එතන තිබුන පුටුවක් එහෙට මෙහෙට පැද්දෙනවා වගේ .......
කවුද ඔත කවුද ඔතන කියලා කෑ ගහන රමෙශ් බයටම රෙද්දක් ඔලුවේ ඉදන් පෝරෝගෙන ඉන්නවා .
මේ වෙද්දී රාත්‍රි මුර සංචාරයේ යෙදෙන හෙදියක් කාබරයට එනවා මෙයාට කොහොමද කියලා බලන්න කාබරයට යනවා .
කාබරයේ දොර අරින සද්දේ ඇහෙන රමේශ් බයේ වෙවුව්ල වෙවුල ඉන්නවා එක පාරට රමේශ්ගේ ඇගෙන් අල්ලනවත් එක්කම ......
මාව මරන්න එපා මට යන්න දෙන්න කියලා මහා හයියෙන් කෑ ගහන ගන්නවා .
බයටම හෙදිය සිහිනැති වෙන ඉංජක්සන් එකෙක් එන්නත් කරලා රමේශ්ව ඇදෙන් තියනවා ..........
මෙහෙම හැමදාම රමෙශ් රෑට රෑට කෑ ගහන්න ගන්නවා .
රමේශ් එයාගේ ජීවිතයට අනතුරක් කර ගනී කියලා රමේශ්ගේ අත පය ඇදට තියලා බදින්න වෛද්‍යවරුන් තීරනය කරන්නේ තවම මෙයාට එච්චර හොද නැති නිසා .......
වෙලාව පාන්දර 1.44 යී රමේශ් කෙදිරි ගන්නේ අත් කකුල් ගැට ගහලා නිසා එක පාරටම කාබරයේ ජනේලය ඇරෙන්නේ ලොකු හුලගකුත් එක්ක රමේශ්ට තේරෙනවා කවුරු හරී රමේශ්ගේ කකුල හූරනවා වගේ ටික වෙලාවක් යද්දී මුලූ ඇදම ලේ වලින් තෙත් වෙනවා රමේශ් කෑ ගැහුවත් ඒ කටහඩ එලියට එන්නේ නෑ ........
එක පාරටම කාබරයේ බඩු මුට්ටූ එහෙට මෙහෙට හෙල්ලෙන්න ගන්නවා බිත්තිය පුටා ලේ වලින් අත් රටා මැවෙන්න ගන්නවා .
අයෙත් එක පාරටම ජනේලය වැහෙනවා ඒත් මහා කුනු ගදන් කාබරය ඇතුලෙන් එනවා නැගිට ගන්නවත් බැරී රමෙශ් වට පිට බලනවා එත් එක පාරටම රමේශ්ගේ ඔලුවට ලේ බිංදු කිහිපයක් වැටෙනවා උඩ බලන රමේශ් සිහිය නැතුව යනවා .
ඒ වෙලේ රමෙශ් දැක්කේ වහලේ එල්ලිලා තියන තනූගේ මිනිය දැකලා ....
විනාඩා පහකින් විතර සිහිය එද්දී රමේශ්ගේ අත පය සේරම ලෙහිලා බයට කාබරයෙන් එලියට රෝද පුටුවවෙන් කොහොම හරී යනවා .........
ඒත් අමුතු කුනු ගදක් එක්ක සෙව නැල්ලක් රමේශ්ගේ පස්සෙන් එන්න පටන් ගන්නවා ...........
සියලුම කාබර වහලා තිබ්බත් එකම එක කාබරයක ලයිට් එක ඔන් කරලා ඒ නිසාම ඒ කබරය ඇතුලට යන රමේශ් දොර වහගන්නවා .......
සීතල එන්න එන්න වැඩී වෙනවා ඒ වෙලාවේ පිටිපස්ස බලන රමේශ් දකින්නේ සුදු පට රෙදී වලින් වහලා තියන මලමිනි ගොඩාක් රමේශ්ට උන් හිටි තැන් අමතක වෙන්නේ ඒ ඇවිත් තිබුනේ එතන තියන මෝචරියට කියලා දැනගත්තමයී .
එන්න එන්නම සීතල වැඩී වෙන්න ගන්නවා ඒ ගමන්ම කවිදෝ අඩන සද්දයක් ඇහෙනවා බයෙන් බයෙන් රමේශ් ඔලුව උස්සලා බැලුවත් කාවවත් පෙන්න නෑ එක පාරටම රමේශ් ඉස්සරහට මල මිනියක් ඇදන් වැටෙනවා .
කෑ ගහගෙන මලමිනි අතරින් රමේශ් රෝද පුටුව පැදගෙන යනවත් එක්කම එක පාරට එක මලමිනියක් රමේශ්ගේ අතින් අල්ල ගන්නවා බය වෙච්චි රමේශ් එක පාරට මිනිය වහලා තිබ්බ රෙද්ද ඇදලා ගන්නවා ......
රමේශ් පුදුම වෙන්නේ ඒ එතන වහලා තින්නේ තනුජාගේ මිනිය නිසා.
එක පාරට ඇදෙ ඉදන් කෙලින් වෙන තනුජාගේ මිනිය මහා හයියෙන් හිනා වෙවී අනේ මට යන්න දෙන්න මාව අත අරින්න කිය කිය සද්ද කරන ගත්තා ඒ වෙලාවෙම එතන තිබුන මලමිනී සෙලවෙන්න ගත්තා බයටම රමේශ්ට කලිසමේ මුත්‍රා යන්නේ මේ වෙන දේවල් දැකලා .
පන බයේ ගැහී ගැහී ඉන්න රමේශ්ගේ අත පය පය වෙවුලන්නේ මලුවෙක් ගොඩට ගත්තම වගේ පිටි පස්සෙන් පිටියපස්සට යන රමේශ් ඉස්සරහට එන තනුජා එතන තියන යකඩ බටයකින් අර පිහි ඇනුම තිබුන තැනට අයිනවත් එක්කම රමේශ් මහා හයියෙන් කෑ ගහනවා ......
පිටි පස්සෙන් පිටිපස්සට යන රමේශ් ගිහින් ජනේලයේ හැප්පෙනවත් එක්කම ජනේලේ වීදුරුව ඇගට කඩන් වැටෙනවා .
තුවලයෙන් වගේම විදුරු කැපුම් වලින් ලේ ගලන රමේශ් තවත් ඒ වෙදනාව දරා ගන්න බැරි කමටම එතනින් බිමට පනින්න තීරනය කරනවා .
තට්ටු හතකින් බිමට වැටෙන රමේශ් කෑලීකෑලී වලට කුඩු වෙන්නේ කරපු පවු වලටමයී .
තනූජගේ පලී ගැනීම සාරතක වෙන්නේ වැරදී කරුවන්ට දඩුවන් ලැබෙනත් එක්කමයි .
මේ වන විට පොලිස් බාරයේ ඉන්න මුදිත තනූජා ගැන කියව කියව අඩ අඩ දුක් වෙනවා කාලයත් එක්කම මුදිතගේ මොලය අවුල් වී පිස්සෙක් බවට හැරෙන්න තනූජා ගැන හිතලමයී
මුලු බිත්තිය පුරාම මමයී වැරදී මයයී වැරදී තනූජා පවූ කිය කිය ලියන්නේ හිතේ වේදනාවටයී ටික කාලයක් හිරේ ඉන්න මුදිත අවස්සානයේ පිස්සන් කොටුවකට ගෙනිහින් දමන්නේ කරන්නම දෙයක් නැති කොට .
මේ වෙන කොට මුදිතගේ කට උත්තර මත තනුජා මරා දැමුවායී කියන ස්තානයට පොලිසිය යන්නේ මේ ඇත්තක්ද කියා සොයා බැලීමටයී . ඒ වෙන කොටත් පොලිසිය මුදලාලී අත්තඩංගුවට ගැනීමට ඔහුගේ බංගලාවට ගියත් බංගලාව පාර ඉස්සරහා සුදු කොඩී දකින පොලීසිය මොකක්ද වෙලා තියන්නේ කියලා අහද්දී දැන ගන්න ලබන්නේ .
මුදලාලී ලිදට පැනලා සිය දිවී නසා ගෙන බවයී .
පොලීසියට තේරුම් යන්නේ මේ සිද්දිය දැනගත් නිසා බෙරීමට ක්‍රමයක් න්මැති නිස මොහූ සියදිවි නසා ගන්නවා කියා පොලීසිය සිතනවා .
ඒ මොහේතේම රෝහලේන්ද ඇමතුමක් එන්නේ රමේශ් රෝහල් බිල්ඩිමෙන් බිමට පැන සියදිවී නසා ගෙන ඇති බවටයී
තනූජගේ මලමිනිය ගොඩ ගන්න පොලිසිය ඇයගේ අවසන් කටයුතු කර ඇයව බූමදාන කරනවා .
යම් දෙයක් කරන්න කලින් හොදින් හිතන්න අපි කරන දේවල් වලින් අපිට බේරෙන්න කාටවත් බෑ කවුරුත් කියන පලියට කාවවත් සැක කරන්න යන්නත් එපා පොඩ්ඩක් හොයලා බලලා ඇත්ත නැත්ත දැන ගන්න හදිසී තීරන අරන් පස්සේ මුදිත වගේ පසූ තැවෙන්න යන්නත් එපා කවාදා හරී සත්‍ය එලියට එනවා කාටවත් ඒක නවත්තන්න බෑ .
ආදර්ශයක් ගත් ඔබ සැමට ස්තූතිය .


No comments:

Post a Comment

UNIVOTEC එක ගැන

UNIVOTEC එකේ පාඨමාලා සහ වැඩි විස්තර සදහා පහත ඇති PDF ෆයිල් එක භාවිතා කරන්න. https://drive.google.com/open?id=1zbMNZ14FNiYV2f34K91x1KqpKmid...