Saturday, April 25, 2020

උබයි මගේ පණ ඩිංග

💜️💜️💜️💜️💜️💜️💜️💜️💜
"හේඒඒයි කම්මැලියෝඕඕඕ.. තාම දොයි ද අනේ😍 "
රිතූ එසේ කියමින් සචින් නිදා සිටි ඇදට පැන්නාය. රිතූ බස්නායක 👧; ටිකක් කටකාර හුරතල් සූටි දගමල්ලක්.. ඇත් දල පාට සම , දණහිස තෙක් දිගු කෙස් කළඹ, බෝල ඇස් ඇයට තව තවත් ලස්සන පිරිපුන් පෙනුමක් උරුම කරන්නට විය.. ☺️☺️
ඇය මොරටුව විශ්වවිද්යාලයේ ඉංජිනේරු පීඨයේ අවසන් වසර ශිෂ්යයාවකි..
"අපූඌඌඌ නංගි තමුසෙ නම් මල වාතයක් හලෝ..😑 නිවාඩු දවසෙවත් ටිකක් නිදාගන්න දෙනවකෝ ඇණයක් නොවී 😡.. යනවා යන්න මෙතනින් 😡"
සචින් බස්නායක 👲; ඔහු තරමක් උස මහත, පැහැපත් ,කඩවසම් තරුණයෙකි. මුහුණ පුරා ඝනට වැවී තිබුණු රැවුල , උඩට පීරපු කොණ්ඩය තුළින් ඔහුට ගාම්භීර පෙනුමක් එක් කරන්නට විය.. නමුත් ඔහු වෘත්තියෙන් නගරයේ සුප්රසිද්ධ හෝටලයක වේටර්වරයෙකි. 🍔🍔
මොවුන් දෙදෙනා RNS group of indutries හි අධිපති චන්ද්ර බස්නායක මහතාගේ එකම පුතු හා දියණිය වේ. ඔවුන්ගෙ මව කුසුම් බස්නායක වන අතර රිතූ මෙලොවට බිහි කරන අවස්තාවේ දි ඇය අවසන් හුස්ම හෙලුවාය😥
" හ්ම් 😥"
සචීගෙ සැර වචන හමුවේ රිතූගෙ හිත රිදුණි. ඇය කදුලු පිරි ඈසින් ඉවත බලාගෙන එතැනින් පිට විය.
ඒත් සමගම සචී ඇදෙන් පැන
"අනේ මෝඩි ඔහොම ඉන්නෝ පොඩ්ඩක් .. 😘"
කියා රිතූව ලගට ගත්තේය.
"නෑ ඕනි නෑ .. මාව අතාරින්න 😞😖" රිතූ අත ගැසුවාය.
"හීඊඊ මෙන්න එක්කෙනෙක් තරා වෙලා අයියා එක්ක 😂" සවී එසේ කියමින් ඇයව වැලදගත්තේය.
"තරායි තමයි .. ඔයා මට ආදරේ නෑ නේ 😥 ඒකනෙ මට සැර දාන්නෙ 😖"
"අනේ බන් 😂 එහෙමද හිතාගෙන ඉන්නෙ හාකො හාකො 😍"
"ආහ් ආදරෙයි නම් අද මාව බීච් එක්කගෙන යනෝකෝ😎 🙊"
ඒකට නම් සචීගෙ මූන රතු විය 😑
"අනේ සුදූ මැනික... මන් උබට මේවා කොහොම කියන්න ද නංගි 😥 .. බීච් යන්න තියා රෑට උබ බඩගිනියි අයියෙ කියද්දි කන්න දෙන්න හාල් සේරුවක් ගන්නවත් මගේ අතේ පිච්චියක් නෑ අද😞 .. මේ මාසෙ පඩියෙන් අතට ගත්ත සොච්චම උබේ campas වැඩ වලට වියදම් වෙද්දී මේ ඉන්න කාමර කෑල්ලෙ කුලිය ගෙව්වෙත් රෑට රෑට කඩදාසි බෑග් අලවලා හොයාගත්ත සල්ලි වලින් නංගි 😞.. " සචීගෙ හිත රිදුම් දෙන්නට විය.
ඒත් ඔහු ඒ වග රිතූට නොපෙන්වා ..
" ම්ම්ම්.. එහෙනම් අපි හවසට බීච් යමුකො සූදූ😘.. ඔයා ලෑස්ති වෙන්න කෝ මැනික " යැයි රිතූගෙ හිස අතගාමින් ඔහු ඇයට පවසා ඉක්මනින් මුව සෝදාගෙන කමිසයේ බොත්තම් පියවන ගමන් ගෙදරින් එලියට බැස්සේය..
" අයියේ.. ඔයා කොහේහරි යන්න ද හදන්නේ 🤔😑"
" නෑ සුදූ මන් හංදිය පැත්තට ගිහිල්ලා ඉක්මනට එන්නම්කො.. ඔයා දොර ජනෙල් වහගෙන පරිස්සමෙන් ඉන්න ඕනි හොඳ ද 😘"
"හ්ම් " හා කියන්න මෙන් රිතූ ඔලුව වැනුවාය..
සචී එසේ ගෙදරින් පිට වූයේ අද පෝය දවසක් වූ නිසා කෙසේ හෝ ගෙදරක කුලී වැඩක් කර නංගිව බීච් එක්ක යෑමට සොච්චමක් සොයාගන්නවා යැයි අධිෂ්ඨානයෙනි්.. 😞
ඒ ඔහු රිතූට පණ මෙන් ආදරෙ නිසාත් ඇයගේ හිත රිදවන්නට අකැමැති වූ නිසාත් ය.. ඔහු සැම විටම සිතුවේ රිතූ තවමත් ඉස්සර සිටි පුංචි කෙල්ලමයි සිතාය.. එම නිසා ඔහු කවදාවත් ආර්ථික ප්රශ්න ගැන රිතූට නොපැවසීමට වග බලා ගත්තේය ..😑
" සූදූ... කෝ ඔයා "
" අයියෙ මන් මෙහේ..🙊"
"ඔතන මොනාද අනේ කරන්නේ .. "
" පොඩ්ඩක් මෙතනට එනෝකෝ අයියෙ බඩුවක් පෙන්නන්න 😍"
" කෝ මොකක්ද "
"අර බලන්නකෝ අයියෙ බට්ටිච්චා බට්ටිච්චිට රහසක් කියනවා ☺️☺️ මොනාද දන්නේ නෑ නේ කියන්නේ 😍 "
" මොකක් 😂.. අනේ පිස්සි 😘..." සචී රිතූගෙ හිස කෙස් අවුස්සන ගමන් " යනෝ ගිහිල්ලා ලස්සන ඇදුමක් දාගෙන එනෝ බීච් යන්න 😘.... "
"ඕඕඕහ්.. 😮😮 ඔය ඇත්තමද අයියෙ 😍.. ඉන්න මන් ටාර් ගාලා එන්නම් 🙊"
රිතූ ලෑස්ති වී එන තෙක් සචී ගේ ඉස්තෝප්පුවේ වාඩිවී ඔහුගේ අත් දෙක දෙස බැලුවේය 😥.. අද දවස පුරාම කුලියට දර පලා ඔහුගේ අත් වල කරගැට ඇවිත් ලේ පිරී ඇදුම් කන්නට විය.. එහෙත් රිතූගෙ හුරතල් හිනාව සචීගෙ හිතේ මෙන්ම ගතේ වේදනාවද නැති කරන්නට විය... ඔහු ඒ වේදනාව හමුවේ දිව ගියේ අවුරුදු 18ක් පමණ පැරණි අතීතයටයි.. 🤔🤔
" මේ පොඩි කුලී කාමරය වෙනුවට එදා අපි සිටියේ සුවිසල් බංගලාවකය... 😥අද පාන් කෑල්ලකින් වේල පිරි මහන අපි එදා බඩ පුරව ගත්තේ සුප්රසිද්ධ හෝටල් වලින්.. 😥අද අවුරුද්දකට එක ඇදුමක් පමනක් ගන්නා මන් එදා එක වතාවක් ඇදපු ඇදුමක් නැවත නොඇදපු පුද්ගලයෙකි.. 😥"
"මගේ අම්මා නංගිව මට දීලා සදහටම ඇස් පියාගද්දි තාත්තා කුඩම්මා කෙනෙක් ගෙනාවෙ හිත් පිත් නැතුවය.. එදා සිට අපේ ජීවිත කුඩම්මාගේ වෙනස්කම් හමුවේ අදුරේ ගිලෙන්නට විය.. මට අවුරුදු 13ක් වන විට තාත්තා ද මෙලොව හැර ගියේ නංගිගේ සියලු වගකීම් මා කර පිට පැටවෙද්දීය.. කුඩම්මා විසින් තාත්තාගේ සියලු දේපළ හිමි කරගෙන නංගිවත් මාවත් ගෙදරින් එලවගත් දා ;අවුරුදු 14 සිට කුසගිනි වදිද්දි කුලී වැඩක් කරගෙන බඩගින්දර නිවා ගැනීමට හුරු වුණු මම ජීවන වෘත්තීයෙන් ද කුලීකරුවෙක් විය.. නමුත් මාගේ එකම අධිෂ්ඨානය වූයේ කෙසේ හෝ මගේ නංගිව ඉංජිනේරුවරියක් කිරීමයි... මා අද ඒ ඉලක්කකට ගොස් ඇත" ඒ බව වැටහෙද්දි සචීගෙ ඇස් තෙත් වුනි..
" අයියෙ මන් ලෑස්ති 😍 " රිතූ එසේ කියාගෙන සචීගෙ බෙල්ලේ එල්ලුණි.
ඔහුන් දෙදෙනා ගොම්මන් යාමේ ඈත පෙනෙන බැසගෙන යන ඉර දෙස බලාගෙන විහිලු කතා කියමින් සතුටු වුනි...😍
" අයියේ .. අර 😮😮.. ඉස්සෝ වඩේ 😜"
" හීඊඊ වඩේ පෙරේති 😂"
" අපූඌඌ මොකක්ද අප්පා😎 .. වඩේ ටිකක් අරගෙන දෙනෝකෝ ලෝභයෝ 😏"
"ම්ම්ම් 🤔එහෙනම් ඔතනම ඉන්න ඕනි හොදේ 😠 මන් ඉක්මනට අරගෙන එන්නම්කො 😘.. "
"නෑ නෑ .. මන් අරගෙන එන්නම්... හීඊඊ 🙊🙊 "
රිතූ එසේ කියා සචීගේ අතේ තිබූ සල්ලි උදුරාගෙන දිව්වාය 🏃
දඩාආආආආංංං...... 🚌
ඒත් සමගම පාර පනින්නට ගිය රිතූ අනෙක් පසෙන් පැමිණි වෑන් රථයක ගැටුනි...
"අනේ මගේ මැනික 😭😭😭😭 දෙයියනේ මේ මොකක්ද වුනේ .... "
සචී වේදනාවෙන් කෑගසන්නට විය.
💔💔💔💔💔💔💔💔💔💔💔💔
"අනේ ඩොක්ටර් මගේ නංගිට කොහොමද 😭😭"
"ම්ම් එයාගෙ ජීවිතේට හානියක් නම් නෑ පුතේ ☺️☺️... ඒත් ... 😥"
"ඒත්.... ඇයි ඩොක්ටර් මොකක්ද ප්රශ්නෙ 😥"
"ඔයාගෙ නංගෙගෙ ඇස් වලට ගොඩක් ඩැමේජ් වෙලා තියෙන්නේ ලමයෝ 😞 එයාට ආයෙ කවදාවත් මේ ලෝකෙ දැක ගන්න වාසනාව නැති වෙයි 😥"
"අ..අනේ ඩොක්ටර් 😭 ම.. ම ගේ නංගි 😭 එ..එයාට මොකක්ද මේ වුනේ ..."
දැන් දුක් වුනා කියලා කරන්න දෙයක් නෑ පුතේ.. "හැබැයි එයාට ඇස් දෙකක් බද්ධ කරන්න පුලුවන් 😍 ටිකක් ලොකු ගානක් වියදම් වෙයි ඇස් දෙකක් හොයාගන්න ...."
අ...නේ ඩොක්ටර් මන් ලග එච්චර සල්ලි නෑ .. මන් "මගේ ඇස් දෙක නංගිට දෙන්නම්...😥"
"ආ යූ ශුවර් පුතා 😮😮 "
"යස් ඩොක්ටර් ..."
💔💔💔💔💔💔💔💔💔💔
"අනේ ඇයි අයියෙ ඔයා මෙහෙම කරේ..... මන් වෙනුවෙන් ඔයා එච්චර දෙයක් කරේ ඇයි මගෙ අයියෙ 😭😭"
ඔයා අඩන්න එපා නංගි 😘.... උබ තමයි මගේ පණ ඩිංග❤️ .... උබට නොදෙන දෙයක් මේ අයියගෙ ජීවිතේ නෑ මැනික 😘... උබට මන් ජීවිතේ ඉගැන්නුවා සුදූ... ඇස් දෙක පාදලා දුන්නා.. දැන් උබට හොඳ ජොබ් එකක් තියෙනවා .... මගේ චූටි ඉංජිනේරු නෝනා😘... මට දැන් මැරුනත් සැනසීමක් මැනික ❤️ ... "
" ඔහොම කියන්න එපා මගෙ අයියෙ 😭... මන් ඔයාට කවදාවත් වරදක් කරන්නෙ නෑ කියලා පොරොන්දු වෙනවා අයියෙ ..... මෙච්චර කාලයක් ඔයා මාව පරිස්සම් කලා වගේ මාත් ඔයාව පරිස්සමෙන් බලාගන්නවා සුදු අයියෙ 😘.. ආදරෙයි ගොඩාආආආක්❤️ "
නිමි................ 💜️💜️💜️💜️💜️
අනිවාර්යයෙන් කියවන්න 👇
අම්මේ තාත්තෙ,
කුමක් හෝ හේතුවක් නිසා ඔබට ඔබගේ සැමියා බිරිද අහිමි විය හැක.. එය ලෝක ස්වභාවයයි.. නමුත් දෙවනි විවාහයකට යාමට පෙර ඔබ දහස් වරක් සිතා බලන්න ... මන්ද, දරුවෙකුට කුඩම්මා කෙනෙක් කවදාවත් අම්මා කෙනෙක් නොවෙන නිසාත් බාප්පා කෙනෙක් තාත්තා නොවන නිසාත් ය... අද සමාජයේ බාප්ප අතින් දූෂණයට ලක් වූ ගැහැනු ලමුන්, කුඩම්මාගේ වෙනස්කම් නිසා බීමත් කමින් ජීවිත නාස්ති කරන්නා පිරිමි ලමුන් බොහෝ සිටිති... අවසාන වශයෙන් අපේ දෙමාපියන්ගෙන් ඉල්ලන්නෙ හැගීම් වලට වහල් නොවී බුද්ධියෙන් පුංචි අපි ගැනත් හිතල හොදම තීරණයගන්න... එහෙම වුනොත් මේ වගේ සචීලා මේ සමාජෙට බිහි නොවේවි...... ❤️
තෙරුවන් සරණයි


No comments:

Post a Comment

UNIVOTEC එක ගැන

UNIVOTEC එකේ පාඨමාලා සහ වැඩි විස්තර සදහා පහත ඇති PDF ෆයිල් එක භාවිතා කරන්න. https://drive.google.com/open?id=1zbMNZ14FNiYV2f34K91x1KqpKmid...