"මම කිව්වනේ අප්පච්චී මට තෙහාශ්ව ඕනී ඔනී ඕනිමයි...
මම හයියෙන්ම කිව්වේ මුලු ගෙදරටම ඇහෙන්නම.
"ඒත් දෝණී තේරුම් ගන්න ඒ කොල්ලා අපේ ෆැමිලි එකට ගැලපෙන්නේ නෑ."
"ඒක මට වැඩක් නෑ අප්පච්චී.මට එයාව ඕනීමයි.නැත්තන් මම මෙතනින් හෙලවෙන්නෙ වත් නෑ.මට ආයේ කන්න බොන්නවත් ඕනී නෑ එයා නැත්තන්...
මම සුපුරුදු විදියටම කෑගැහුවේ මට දෙයක් ඕනි උනොත් මම ඒක ඇරගෙනම මිසක් නතර නොවෙන කෙනෙක් නිසා.
ඒ වගේම මම දෙයක් කිව්වොත් ඒක අනිවාරෙන් කරනවා කියලා අප්පච්චීලාත් දන්න නිසා අවසානේ අමාරුවෙන් උනත් ඒ දෙන්නා කැමති වෙනවා කියලා මම දන්නවා..
ඒ වගේම මම දෙයක් කිව්වොත් ඒක අනිවාරෙන් කරනවා කියලා අප්පච්චීලාත් දන්න නිසා අවසානේ අමාරුවෙන් උනත් ඒ දෙන්නා කැමති වෙනවා කියලා මම දන්නවා..
මම සයුමි ගිමංසා.තාම අවුරුදු 24ක චූටි කෙල්ලෙක් මන්.මගේ අප්පච්චී ප්රසිද්ධ ඇමති කෙනෙක් වගේම මැරයෙක්.අප්පච්චගෙ ඒ දඩබ්බ ගති මටත් පිහිටලා තියෙනවා කිව්වොත් හරියට හරි.😁😁😂😂. ඒකනේ අම්මලත් මම කියන දෙයකට අමාරුවෙන් හරි කැමති වෙන්නේ...
තෙහාශ් රන්දුණු,ඒ මගේ ක්රශ් එක.මේ අවුරුදු 24ට මගේ හිත හොල්ලපු එකම කොල්ලා තමයි එයා.ඒත් එයා නම් මට චුට්ටක් වත් කැමති නෑ 😔😔😥😥
ඒත් මට එයාව ඕනිමයි.මන් දෙයක් ඉල්ලුවොත් අප්පච්චී මට ඒක කොහොම හරි දෙනවනේ.ඒ වගේම අප්පච්චී කොහොම හරි තෙහාශ්වයි මාවයි මැරි කරවයි.
එයා සාමාන්ය පවුලක කොල්ලෙක්.ඒත් මම කෝටිපති පව්ලක කෙල්ලෙක්.ඒ නිසා අප්පච්චී එයාට අකමැති වෙන එක සාධාරණයි.
"අප්පච්චීගෙ ගතිනෙ දෝණියැන්දාටත් එහෙම් පිටින්ම පිහිටලා තියෙන්නේ.අපි කියන එකක් අහන කෙල්ලෙක් නෙවෙයිනේ.ඔය කියන කොල්ලව කැමති කරවගෙන බන්දලා දෙමු.වෙන කරන්න දෙයක් නෑනෙ අපිට."
අම්මා මට සාලෙ ඉදන් දෙහි කපනවා මම මගෙ රූම් එකේ ඉදන් කන් දෙකම ඇරන් අහන් හිටියෙ...
හී..හී...😁😁 ඒ කියන්නෙ තව ටික දවසකින් මගේ ක්රශ් එක මගේ හස්බන්ඩ්.🤭🤭😏😏
මට උඩ පැන පැන නටන්න තරම් සතුටුයි.😜😜
මට උඩ පැන පැන නටන්න තරම් සතුටුයි.😜😜
අප්පච්චී තෙහාශ්ව මේ කසාදෙට කැමති කරගත්තෙ කොහොමද කියලා මම දන්නෙ නෑ.ඒත් කව්ද අකමැති මම වගේ කියුට් කෙල්ලෙක්ව මැරි කරන්න.😁😁
මාසෙකට විතර පස්සෙ අපි දෙන්නා අද චුටියට වෙඩින් එකක් අරන් මැරි කලා.ඒත් තෙහාශ් ගෙ මූනෙ නම් කිසිම හිනාවක් වත් නෑ දවස පුරා.නපුරුම නපුරු පාටයි මූන..ඒත් ඒ නපුරු මූනටත් මම ගොඩාක් කැමතියි.🤗🤗
"තෙහාශ්....මම කතා කලේ අපි හනිමූන් එකට හොටෙල් එකට ආවට පස්සේ..
මේ නපුරා මට මගේ සාරි එකේ පින්ස් ටික ගලවන්න වත් උදව් කරන්න ආවෙ නැති නිසා කතා කලේ.මුරණ්ඩු කම විතරක්...මන් කතා කලාට හැරිලාවත් බැලුවෙ නෑ.
"තෙහාශ්...මම තවත් හයියෙන් කතා කලා.
"මොකද...එයා ඇහුවේ උදේ ඉදන් තිබ්බ නපුරු බැල්ම මූනෙ තියාගෙනම.
"මගේ මේ සාරි එකේ තියෙන පින්ස් ටික ගලවගන්න හෙල්ප් එකක් දෙනවකො වදේ..ඔතනට වෙලා බුම්මට්ටා වගේ ඉන්නැතුව.
"මම තමුන්ව කසාද බැන්දේ තමුන්ගේ රෙද්දේ කටු ගලවන්න නෙවෙයි.අනෙක මම තමුන්ව බදින්න කැමති උනේ තමුන්ගේ මහලොකු මැර තාත්තට බයේ මිසක් තමුසෙට ඇති කැමැත්තකට නෙවෙයි.ඒකත් දැනගන්නවා."
තෙහාශ් කිව්වේ මට කිව්වේ මගේ මුනටම එබිලා දබරගිල්ලත් මගේ දිහාට දික් කරලා.
ඒ වචන ටිකට මේ සයුමිගෙ හිත නොරිදුනා කිව්වොත් බොරු...😔😔
ඒ වචන ටිකට මේ සයුමිගෙ හිත නොරිදුනා කිව්වොත් බොරු...😔😔
ඒත් අප්පච්චී ගැන කවුරුත් වචනයක් වත් කියනවට මම කැමති නෑ.ඒ තරම් මම මගේ අප්පච්චිට ආදරෙයි.
"දැනගන්නවා මිශ්ට තෙහාශ් මන් තමුන්ව මැරි කලේ මම තමුන්ට ආදරේ නිසා.නැත්තන් මටත් තමුන්ට වඩා හැන්සම් රිච් කොල්ලෙක් මැරි කරන්න බැරි කමක් නෑ.මගේ මොනාද අඩුපාඩු....ඇන්ඩ් ඕල්සෝ මම අප්පච්චීට වචනයක් දුන්නොත් එයා ඔයාව ඉවර කරන්න දෙපාරක් හිතන්නෙත් නෑ."
මම කිව්වේ ඇගිල්ලෙන් බෙල්ල කපන විදිහ පෙන්නලා.මට ඕනි උනේ මේ නපුරගේ ගෑස් බස්සන්න විතරයි.
කොල්ලා ඒකෙන්ම නිහඩ උනේ මට අවනත වෙලා මට හෙල්ප් කරන ගමන්.
ඊට පස්සෙ එයා වොශ් එකක් දාගෙන රූම් එකෙ තිබ්බ සෝෆා එකේ නිදාගත්තේ ඩිනර් ගන්නෙ වත් නැතුව.
මම නම් හෙමීට වොශ් එකක් දාගෙන කාලා සැපට ඇදේ නිදාගත්තේ කවදහරි මේ නපුරව මගේ පැත්තට හරවගන්නවා කියලා හිතාගෙන.
මම නම් හෙමීට වොශ් එකක් දාගෙන කාලා සැපට ඇදේ නිදාගත්තේ කවදහරි මේ නපුරව මගේ පැත්තට හරවගන්නවා කියලා හිතාගෙන.
හොටෙල් එකේ දවස් කීපය ගෙවිලා ගියේ විශේශයක් නැතුවම.මේ දවස් ටිකේම තෙහාශ් මට කතාකලේ උවමනාවක් උනොත් විතරයි.මම ලග නිදාගන්න වත් ආවෙ නෑ.
හනිමූන් එක ඉවරවෙලා අපි ආවෙ අප්පච්චී මට දුන්නු ගෙදරට.පැනිහදේ ගිහින් ආවත් මම නම් තාම හිටපු විදියමයි.🤭🤭
තෙහාශ් වැඩ කලේ අපේ අප්පච්චීගේ කම්පැනි එකක අකවුන්ටන්ට් කෙනෙක් විදියට.මම ඉදලා හිටලා කම්පැනි එකට ගිය අතරෙදි එයාව දැකලා තමයි එයාට මගෙ හිත ගියේ..😁😁
මැරේජ් එකෙන් පස්සේ අප්පච්චී එයාව ඩිරෙක්ටර් කෙනෙක් දක්වා පෝස්ට් එක වැඩි කලා.
මැරේජ් එකෙන් පස්සේ අප්පච්චී එයාව ඩිරෙක්ටර් කෙනෙක් දක්වා පෝස්ට් එක වැඩි කලා.
"තෙහාශ් මේ කෑම එක අරන් යන්න.
මම කිව්වේ තෙහාශ් ටයි එක හද හදාම කාර් එකට දවේගෙන් වේගෙන් යනවා බලාන.මම ඉක්මනට දුවගෙන ගිහින් කා එක ඇතුලට කෑම එක දැම්මෙ එයා කා එක ස්ටාර්ට් කරද්දිමයි.
මම කිව්වේ තෙහාශ් ටයි එක හද හදාම කාර් එකට දවේගෙන් වේගෙන් යනවා බලාන.මම ඉක්මනට දුවගෙන ගිහින් කා එක ඇතුලට කෑම එක දැම්මෙ එයා කා එක ස්ටාර්ට් කරද්දිමයි.
අම්මගෙ කුකරි කෝස් එකට පින් සිද්ධ වෙන්න මට කන්න පුලුවන් විදියට කෑම ටිකක් හදාගන්න පුලුවන් උනා.😂😂 ඉතින් මට සර්වන්ට් කෙනෙක්ගේ උවමනාවක් තිබ්බේ නැ.ඒ නිසා තෙහාශ් උදේ ඉදන් ඔෆිස් ගිහින් එනකල්ම මට තට්ට තනියම ගෙදරට වෙලා ඉන්න උනේ.
"තෙහාශ්,ලන්ච් ගත්තද...
"ඔව් ඔව්.ගත්තා ගත්තා.මම ලන්ච් ගත්තත් නැතත් තමුන්ට මොකද."
තෙහාශ් පුරුදු විදිහට මගේ හිත රිදවනවා.
තෙහාශ් පුරුදු විදිහට මගේ හිත රිදවනවා.
"මම තමුසෙට ආදරේ නිසානෙ තමුසෙ ගැන හොයලා බලන්නේ.මම යමක් ඇහුවම උත්තර දෙන එක තමුන්ගෙ වැඩේ හරිද.අනෙක තමුන් මගෙ හස්බන්ඩ්.මම කෑවද බීවද ඇහුවේ පිට මනුස්සයෙක්ගෙන් නෙවෙයි මගේ හස්බන්ඩ් ගෙන් මම ඇහුවෙ...😠😠
මම එහෙම කියලාම කෝල් එක කට් කලා.
මාසයක් ගෙවිලා ගියා.ඒත් මේ නපුරා තාම එහෙමමයි.පොඩ්ඩක් වත් වෙනස් වෙලා නෑ.මන් ගැන පොඩ්ඩක් වත් හිතන්නෙ නෑ තාමත් මගේ හිත රිද්දන එකමයි වැඩේ.
ඒත් මේ ටික කාලෙට මම තව තවත් එයාට ලන් උනා.එයා මාව ගනන් ගත්තේ නැතත් මට එයාව දකින්නැතුව ඉන්නම බැරි උනා දවස වත්.ඒ නිසාම මම කවදාවත් අප්පච්චීලා බලන්න ගියාම එහෙ නතර නොවී ඉක්මනට ආයෙ අපේ ගෙදරට ආවා.
තෙහාශ් නම් කවදාවත් මාත් එක්ක අපේ ගෙදර ආවෙ නෑ.හැබැයි මම නම් එයා එක්ක අම්මලාව බලන්න ගියා.
තෙහාශ් නම් කවදාවත් මාත් එක්ක අපේ ගෙදර ආවෙ නෑ.හැබැයි මම නම් එයා එක්ක අම්මලාව බලන්න ගියා.
ඒ අම්මයි අප්පච්චීයි මට මාරම ආදරෙයි.ඒ දෙන්නා හිතාගෙන ඉන්නේ තෙහාශ් මාව කැමැත්තෙන් මැරි කලේ කියලා.ඒත් එයාලගෙ නපුරු පුතා මේ අහින්සක සයුමිව ගනන් ගන්නෙවත් නෑ කියලා දන්නවා නම් එයාලගෙ පපුව පැලෙයි.ඒ තරම් මට ආදරෙයි 😁😁
"උඩ බලාගෙනද ඕයි යන්නේ."
තෙහාශ් මට කෑ ගහන්න ගත්තේ මම එයාගෙ ඇගේ හැප්පුන නිසා.
මම උඩ බලාගෙන ගියේ නෑ මනුස්සයෝ. තමුසෙනෙ උඩ බලාගෙන ගියේ."
මමත් එයාට දෙවෙනි නොවී කෑගැහුවේ වැරැද්ද දෙන්නගෙම නිසා.මම 4න් එකට මුන ඔබන් ගියාට එයා හොද සිහියෙන් ආවානම් හැප්පෙන්නෙ නෑනේ.ඒ නිසා වැරැද්ද දෙන්නගෙම.🤭🤭😁😁
මමත් එයාට දෙවෙනි නොවී කෑගැහුවේ වැරැද්ද දෙන්නගෙම නිසා.මම 4න් එකට මුන ඔබන් ගියාට එයා හොද සිහියෙන් ආවානම් හැප්පෙන්නෙ නෑනේ.ඒ නිසා වැරැද්ද දෙන්නගෙම.🤭🤭😁😁
"ඔව් ඔව්.උඩ බලන් ආවෙ නෑ ඇස් කටේ දාගෙනනෙ ආවේ.මාත් යනවනෙ මෝඩයෝ එක්ක කතාවට".තෙහාශ් මට මොඩයා කිව්ව එහෙනම් ඔයා.මාත් ඒක නම් ලේසියෙන් අත හරින්නැහැ හරිද.
"ඇගේ හැප්පුනා මදිවට මට මෝඩයා කියන්නත් එනවා.මාත් මගෙ මෝඩකමට බැදගත්තනෙ මේ උන හපුලුවව."
"ආ දැන් මගේ උවමනාවටද මාව බැදගත්තෙ ආ.එහෙනම් මේ උනහපුලුවාම බැදගන්න ඕනි නොකියා හොද හැන්ඩ්සම් කොල්ලෙක් බැදගන්න තිබ්බනේ."
හොද හැන්ඩ්සම් කොල්ලෙක් බැදගන්න තිබ්බ මටත් මේ ඌරු මූනට රැවටුනේ නැත්තම්.
"එතකොට මගේ මූන ඌරු මූනක්ද. තමුසෙගෙ මූන හරි ලස්සන හා පැටියෙක්ගේ වගෙ කියලා හිතන් ඇත්තේ."
"ඔව් ඔව්.තමුසෙට වඩා මම කොහොමත් ලස්සනයි තමා.ඒක ඕනි කෙනෙක් දන්නවා හරිද.
"පව් ඉතින් අහින්සක ජීවිත.කන්නඩියක් දැකලා නැතුවැති හරියට."
"මම තමුසෙගෙ වයිෆ් හරිද.ඒක මතක තියාගන්න."
"වයිෆ් හින්ද තමා මෙහෙම හරි ඉවසන්නෙ නැත්තම් මම දනී කරන්න ඕනි දේ"
"ඇයි ඇයි මොනා කරන්නද ආ.කියනවා අප්පච්චිට කතා කරනවා හරිද."
"නෑ නෑ මුකුත් නෑ.ගිහින් වැඩක් බලාගන්නවා දැන්."
තෙහාශ් මගෙ ලගින් ඉවත් වෙලා ගියේ මවත් තල්ලු කරගෙනම.
🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️
"තෙහාශ්...
මම කතාකලේ අපි ඩිනර් අරන් ඉවර වෙලා එයා එයාගෙ රූම් එකට යද්දී.අපි දෙන්නා මෙච්චර දවසක් තිස්සේ ඉන්නේ රූම් 2ක.
"ඇයි."
එයා ඇහුවේ මාව ගානකට නොගෙනම එයාගෙ රූම් එකට යන ගමන්.මමත් එයාගෙ පස්සෙන්ම එයාගෙ රූම් එකට ගියා.
එයා ඇහුවේ මාව ගානකට නොගෙනම එයාගෙ රූම් එකට යන ගමන්.මමත් එයාගෙ පස්සෙන්ම එයාගෙ රූම් එකට ගියා.
"හෙට මගේ යාලුවෙක්ගේ ගෙදර බර්ත් ඩේ පාර්ටි එකක් තියෙනවා.මට යන්න ඕනි."
"ඉතින් යන එකයි ඇත්තේ මට කියන්නෙ මොකටද."
මගෙ නපුරු කොල්ලා මගේ හිත රිදෙන විදියට මයි කතා කරන්නේ.
මගෙ නපුරු කොල්ලා මගේ හිත රිදෙන විදියට මයි කතා කරන්නේ.
"යන්න තිබුනා තනියම මම මැරි කරලා නොහිටියානම්."මමත් දෙවෙනි උනේ නෑ.
"හෙට මාත් එක්ක පාර්ටි එකට ඔයත් යන්න එන්න ඕනි එච්චරයි."
මම කිව්වේ ඇගිල්ලක් දික් කරලා.කොච්චර මම එයාට කෑගැහුවත් මම එයාට ගොඩාරියක් ආදරෙයිනේ...😍😍
පහුවෙනිදා එයා මාත් එක්කම පාර්ටි එකට ආවෙ මරන්න ගෙනියන හරකෙක් වගේ.ඒ තරම් අකමැත්තෙන්.එයා හිතන් ඇත්තේ මම එයාව බලහත්කාර කමක් කරන්න ගෙනියනවා කියලා වෙන්නැති 😂😂
"සයූ මයි ඩියර්.ඔයාව දකින්න තියෙන අමාරුව.කෙල්ල තවත් හැඩ වෙලාවගේ මැරි කලාට පස්සේ."
මාව දැක්ක ගමන් මගේ යාලුවා කිව්වේ මගේ කම්මුල් මිරිකලා.මම එයාව හග් කරලා පැත්තකට උනේ එයාට විශ් කරලා මගේ අතේ තිබ්බ ගිෆ්ට් එක දෙන එයාගෙ අතට දීලාම.
ඒත් මේ නපුරු කුමාරය නම් ගල් ගිල්ලා වගේ එහෙමම ඉන්නව.මම හෙමිට වැලමිටෙන් ඇන්නම තමයි පියවි සිහියට ඇවිත් එයාට විශ් කලේ.
ඒත් මේ නපුරු කුමාරය නම් ගල් ගිල්ලා වගේ එහෙමම ඉන්නව.මම හෙමිට වැලමිටෙන් ඇන්නම තමයි පියවි සිහියට ඇවිත් එයාට විශ් කලේ.
"නයිස් කපල් සයූ.ඔය දෙන්නා නම් ඇත්තටම මැචින්."
ඔව් ඔව් මැචින් තමා දෙන්නා ගෙදර ලෝක යුද්දෙ කරන කොට දෙන්නම මැචින් තමයි.තකට තක එතකොට නම්.මට තනියම හිනා ඉතින්.😁😁
තෙහාශ් බයටම වගේ පාර්ටි එක ඉවර වෙනකල්ම මගේ ලග හිටියා.මොකද නැත්තම් මම අප්පච්චීට කියයි කියලා එයා බයයි.මට චන්ඩි පාර්ට් දැම්මට කොල්ල අප්පච්චිට නම් පන බයයි.😱😱
එත් මම බය කරන්න අප්පච්චිට කියනව කිව්වට මම කවදාවත් එයා ගැන අප්පච්චීට වැරැද්දක් කියන්න යන්නෙ නෑ.
එත් මම බය කරන්න අප්පච්චිට කියනව කිව්වට මම කවදාවත් එයා ගැන අප්පච්චීට වැරැද්දක් කියන්න යන්නෙ නෑ.
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
තෙහාශ් ඔෆිස් ගිය අතරේ මම තනියම බීච් එකට ආවේ ගෙදර ඉන්න කම්මැලි නිසා.ලග පොඩි කඩේකින් අඹ අච්චාරු මල්ලකුත් අරගෙනම බන්කුවක් උඩ වාඩි උනේ මුහුද දිහා බලාගෙනම අච්චාරු මල්ල හිස් කරන්න හිතාගෙන.පැයක් විතර එතන ඉදලා මම බන්කුවෙන් නැගිටලා ගෙදර යන්න හැරෙන කොටම දැක්ක දෙයින් මගේ මුලු ඇගම සීතල වෙලා ගියා.
ඒ තෙහාශ්.ඔව් ඒ එයාමයි.උදේ ඔෆිස් යනව කියලා ගියපු එයාම තමයි.කෙල්ලෙකුත් තුරුලු කරගෙන බීච් එකේ ඇවිදන් යන්නෙ ඒ එයාමයි.
මම කිසි දෙයක් හිතාගන්න බැරි උනා.දෙයියනේ තෙහාශ් මට ආදරේ නොකරත් වෙන කෙනෙක්ට ආදරේ කරනව ඇති කියලා මම කවදාවත් හිතුවෙ නෑ.මගේ කකුල් දෙකත් එක්ක පන නැති උනා.
ටික වෙලාවක් ගල් ගැහිලා වගේ බලන් ඉදපු මම හිමින් සීරුවේ දෙන්නාගෙ පස්සෙන්ම ගියා.තෙහාශ් ඒ කෙල්ලව තනියම යවලා එයා එයාගේ කා එකේ නැගලා.මට වෙන කිසිම දෙයක් මතක් උනේ නෑ.මට හිතුනෙම ඒ වෙලාවෙම කෙල්ලව බෙල්ලන්ම අල්ලගෙන හොද පාරවල් ටිකක් දීලා එන්න.
ආයෙ අනුන්ගේ කොල්ලන් දිහා ඇහැක් ඇරලා බැරි වෙන්නම.
මම තෙහාශ් පේන මානයෙන් ඉවත් උනාම ගියේ ඒ කෙල්ල ලගට.
මම තෙහාශ් පේන මානයෙන් ඉවත් උනාම ගියේ ඒ කෙල්ල ලගට.
"එක්ස්කියුස් මී.
"ඔව් මොකද "
හොදින් කතා කරාමත් ඒකිගේ ගහන්න වගේනෙ කතාව.ඒ අතින් නම් ගැලපෙනවා.
හොදින් කතා කරාමත් ඒකිගේ ගහන්න වගේනෙ කතාව.ඒ අතින් නම් ගැලපෙනවා.
"අර ඔයා ලග ඉදලා ගියේ ඔයාගෙ බෝයි ෆ්රෙන්ඩ්ද."
"ඔව් බෝයි ෆ්රෙන්ඩ් කෙනෙක් තමයි.මොකක්ද ඔයාට තියෙන ප්රශ්නේ"
මම මාවම පාලනය කරගෙන හිටියේ බොහොම අමාරුවෙන්.මොකක්ද ඒ කතාවෙ තේරුම.,ඒ කියන්නෙ මේකිට තව බෝයි ෆ්රෙන්ඩ්ලා ඉන්නවාදා?
මම මාවම පාලනය කරගෙන හිටියේ බොහොම අමාරුවෙන්.මොකක්ද ඒ කතාවෙ තේරුම.,ඒ කියන්නෙ මේකිට තව බෝයි ෆ්රෙන්ඩ්ලා ඉන්නවාදා?
"එහෙමද.එහෙනම් මේකත් මතක තියාගන්නවා.මම එයාගෙ වයිෆ්.ආයෙ මගේ හස්බන්ඩ් එක්ක රවුන් ගහනව දැක්කොත් මම තමුන්ට සලකන විදිහ මීට වඩා ගොඩක් වෙනස් වෙයි"
මම කිව්වේ මට පුලුවන් උපරිමයෙන් කේන්තිය පාලනය කරගෙන.
එහෙමම ගස්සාගෙනම මම ආපස්සට හැරිලා ආවේ ඒ කෙල්ල ආයෙ මට වචනයක් වත් කියන්න කලින් මගේ ඇස් වලට පිරුන කදුලු ඒ කෙල්ලගෙන් හන්ගගන්න.
එහෙමම ගස්සාගෙනම මම ආපස්සට හැරිලා ආවේ ඒ කෙල්ල ආයෙ මට වචනයක් වත් කියන්න කලින් මගේ ඇස් වලට පිරුන කදුලු ඒ කෙල්ලගෙන් හන්ගගන්න.
මම ගෙදර ආවත් මම හිටියේ මැරුණු මිනියක් ගානට.ඇස් වලින් වැටෙන කදුළු වලට සීමාවක් නැති උනත් මේ ඇස් වලට උනන කදුළු වලට වත් මේ හිතේ තියෙන ආදරේට වත් තේහාශ් වටිනාකමක් දීල තිබුනෙ නෑ.
සයුමී...සයුමී...
තෙහාශ් වෙනදටත් කලින් ගෙදර ඇවිත් මට අඩගහනවා.ඒ හඩේ තිබ්බේ කේන්තියක්.තෙහාශ්ට උදේ තුරුලු වෙලාහිටපු කෙල්ල මන් කිව්ව දේවල් කියන්නැති.
මම බයෙන් වගේ තෙහාශ් ඉස්සරහට ආවෙ.ඒ මට බනී කියලා.
මම බයෙන් වගේ තෙහාශ් ඉස්සරහට ආවෙ.ඒ මට බනී කියලා.
ඒත් උනේ මම හිතුවෙ වත් නැති විදිහට තෙහාශ් මගේ කම්මුලට අත දිගහැරලා පාරක් ගහපු එක.
මගේ කම්මුල පුපුර ගහන්න තරම් වේදනයි.
"තමුසෙට ලැජ්ජාවක් නැද්ද ගෑනියේ.මගේ අහින්සකීට අත ඉස්සුවේ.තමුසේට මගේ ආදරේ ලැබුනේ නැති තරහටද ඒ කෙල්ලට ගැහුවේ.ඒ කෙල්ල කරපු වැරැද්ද මොකක්ද ගුටි කන්න තරම්."
මොනාද දෙයියනේ මේ කියන්නේ.මම ඒ කෙල්ලට අත උස්සන්න ගියේ නෑනේ.එ කෙල්ල තෙහාශ්ට අතිනුත් දාලාම කියල තියෙන්නේ.අනික ඒ කෙල්ල කියපු කතාව.මගේ බෝයි ෆ්රෙන්ඩ් කෙනෙක් තමයි කියලා.එත් මම වචනයක් කියන්න ගියේ නෑ ඒ ගැන.කිව්වත් තේරුම් ගන්න පුලුවන් මානසිකත්වයක නෙවෙයි එයා හිටියේ.
ඒත් එයා මගෙන් කිසි දෙයක් අහන්නෙ නැතුව මට අත උස්සපු එකට නම් මට ගොඩක් හිත රිදුනා.
"ඔව් ඔව්.මට ලැජ්ජවක් නෑ.ඒකනේ මට පොඩ්ඩක්වත් ආදරේ නැති කෙනෙක්ව බලන්ම බැදගෙන ආදරේ හෙව්වේ.ඒ කෙල්ලගේ නෙවෙයි මගෙයි වැරැද්ද මට ආදරේ නැති ඔයාගෙන් ආදරේ බලාපොරොත්තු වෙච්ච එක.ඔයා එක්ක සතුටින් ජීවත්වෙන්න හීන මවපු මගෙයි වැරැද්ද තෙහාශ් මගෙයි වැරැද්ද.
"ඔයාගෙ ආදරේ ලබන්න හිතපු,නිවාඩු දවසට ඔයාගෙ අතේ එල්ලිලා ඇවිදින්න යන්න හිතපු හැමදාම ඔයාගෙ තුරුලට වෙලා නිදගන්න හිතපු මගෙයි වැරැද්ද.කවදාහරි ඔයාගෙම ලෙයින් මගේ බඩ ඇතුලේ අපේ පැටියෙක් තියාගන්න හිතපු මගෙයි වැරැද්ද.ඔයා මෙච්චර මාව ඉග්නෝ කරද්දී ඔයා ගැනම හිතපු මගෙයි වැරැද්ද."
"ඕනවටත් වඩා ජීවීතේ ගැන හීන මවපු මගෙයි වැරැද්ද තෙහාශ්.කොටින්ම ඔයා මට ගැලපෙන්නෙ නෑ කියලා අප්පච්චීලා කියද්දී ඒ දෙවල් වත් අහන්නැතුව ඔයාටම ආදරේ කරපු මගෙයි වැරැද්ද.ඔයාගෙවත් ඔයාගෙ කෙල්ලගෙ වත් නෙවෙයි.ආයෙත් මගෙන් මින් මතුවට වැරැද්ද වෙන එකක් නෑ කවදාවත් ඔයාට වත්,ඔයාගෙ කෙල්ලට වත්."
මම වියරුවෙන් වගේ මගේ හිතේ තිබ්බ හැමදේම වචන වලට හැරෙව්වේ ඇස් වලින් නොනැවතීම කදුලු ගලන් යද්දී.
මම කාමරේට දිව්වේ තව දුරටත් මට එතන රැදිලා ඉන්න හිතට දුන්නෙ නැති නිසා.මට තවත් එයාට කියන්න කිසිවක් තිබ්බෙ නෑ.
"සයුමී දොර අරින්න ලමයො."
මට පැය කීපයක් නින්ද යන්න ඇති තෙහාශ්ගෙ කටහඩට ඇහැරෙන කොට රෑ වෙලා.උයන්න ඕනි කියලා මතක් උන නිසාම මම ඉක්මනට ඇදෙන් පැනලා දොර ඇරියේ.එතකොටම තෙහාශ්
බත් එකක්ද අතේ තියාගෙන දොර ලග.
බත් එකක්ද අතේ තියාගෙන දොර ලග.
ඒ කියන්නෙ තෙහාශ් අද උයලා.
ඇතුලට යන් කියාගෙනම තෙහාශ් මගේ කාමරේ ඇතුලට ඇවිත් ඇදෙන් ඉදගත්තේ මම පුදුමෙන් බලන් ඉද්දී.
ඇතුලට යන් කියාගෙනම තෙහාශ් මගේ කාමරේ ඇතුලට ඇවිත් ඇදෙන් ඉදගත්තේ මම පුදුමෙන් බලන් ඉද්දී.
"ඉදගන්න."
මමත් එහෙමම ඉදගත්තේ එයා වෙනදට වඩා හොදින් මට කතා කරපු නිසා.
බත් කටක් අනලා තෙහාශ් මට කවන්න හැදුවේ මම ඇස් දෙකත් ලොකු කරන් බලන් ඉන්නකොට.
"කට අරින්න ලමයෝ."
මම හෙමීට කට ඇරියෙ එයාගෙ හිත රිදවන්න බැරි කමට.එයා හෙමින් පොඩි පොඩි බත් ගුලි අනලා කැව්වේ පොඩි එකෙක්ට කවනවා.වගේ.ඒත් ඒ මන් ගැන අනුක්ම්පාවට මිසක් ආදරේකට නෙවෙයි කියලා මම මගෙ හිතටම කියා ගත්තේ මගේ හිත ආයෙත් එයාට රැවටෙන්න කලින්.මොකද මන් මේ වෙනකොට එයාට ඩිවෝර්ස් එක දෙන්න තිරණය කරලා තිබුනේ.
මම හෙමීට කට ඇරියෙ එයාගෙ හිත රිදවන්න බැරි කමට.එයා හෙමින් පොඩි පොඩි බත් ගුලි අනලා කැව්වේ පොඩි එකෙක්ට කවනවා.වගේ.ඒත් ඒ මන් ගැන අනුක්ම්පාවට මිසක් ආදරේකට නෙවෙයි කියලා මම මගෙ හිතටම කියා ගත්තේ මගේ හිත ආයෙත් එයාට රැවටෙන්න කලින්.මොකද මන් මේ වෙනකොට එයාට ඩිවෝර්ස් එක දෙන්න තිරණය කරලා තිබුනේ.
පස්සේ දවසේ උදේම මම ගියේ ලෝයර් හම්බෙන්න.ඩිවෝර්ස් පේපර්ස් සයින් කරලම මම ඒකත් අරන් ඔෆිස් එකට ගියේ ඒක තෙහාශ්ගෙ අතට ඉක්මනටම දීලා එන්න ඕනි උන නිසා.
"සයුමි ඇයි මෙහේ...
තෙහාශ් ඇහුවේ මම එයාගෙ රූම් එකට එනකොටම.
තෙහාශ් ඇහුවේ මම එයාගෙ රූම් එකට එනකොටම.
"මගේ කම්පැනි එකට එන්න මට තහනමක් නෑනෙ තෙහාශ්.මම කිව්වේ බිදිච්ච කටහඩකින්.
"ඔව් ඒකත් ඇත්තනේ.ඉතින් කියන්නකෝ.ගෙදර ඉන්න කම්මැලිද ඔයාට"
තෙහාශ් මට හොදින් කතා කරන්න උනා.ඒ මන් ගැන තියන අනුකම්පාවට විතරයි කියලා මම ආයෙ ආයෙත් මගේ හිතට දැනුම් දුන්නා.
"මම ඔයාට ගිෆ්ට් එකක් දෙන්න ආවේ."
"ගිෆ්ට් එකක් මේ මට."තෙහාශ් අහද්දිම මම අතේ තිබ්බ ෆයිල් එක එයාට දුන්නා.ඒකේ තිබුනේ ඩිවෝර්ස් පේපර්ස් වගේම මේ කම්පැනි එකත් එයාගෙ නමට හරවපු ඩොකියුමන්ට්ස්.
ඒවා දැකලා එයාගෙ ඇස් ගැස්සුනා.ඒ හිතත් ඒ වගේම ගැස්සෙන්න ඇති.
"ඩිවෝර්ස් පේපර්ස්.තෙහාශ් කිව්වේ පුදුමෙන් වගේ.
ඔව් දැන් ඔයාට පුලුවන් මගෙන් ගැලවිලා ඔයා කැමති කෙනෙක් ලගට යන්න.මම කිව්වේ චෙයා එකෙන් නැගිටින ගමන්ම.එහෙමම මම ආපහු හැරිල බලන්නෙවත් නැතුව ඔෆිස් එකෙන් එලියට ආවා.
මම කා එකත් ඩ්රයිව් කරගෙන කෙලින්ම ආවෙ බීච් එක ලගට.මගේ සැප වගේම දුකත් බෙදා ගන්න තියෙන එකම තැන ඒ.මම හවස් වෙනකල්ම බීච් එකට වෙලා හිටියා.හිතේ තියෙම හැම දුකක්ම තුනී වෙලා යන්න ඇතිතරම් ඇඩුවා.අවසසානෙ මම ගෙදර ආවෙ කලුවර වැටෙන්න ඔන්න මෙන්න තියෙද්දී.
මගේ ඇස් වලින් වැටෙන කදුලු කැට වගේම බර වැහිබිදු අහසෙන් වැටෙන්න ගත්තේ මම ගෙදරට එනවත් එක්කමයි.මගේ හිත වගේම අහසත් අද අඩා වැලපෙනවා වගේ මට දැනුනේ.
එන්න එන්න රෑ වෙනකොට මට මතක් උනේ තෙහාශ්ව.වෙනදට 6 වෙද්දී ගෙදර ඉන්න තෙහාශ් අද 8 පහුවීත් ගෙදර ආවෙ නෑ.
මම තෙහාශ්ට කෝල් එකක් ගත්තෙ කොහේ ඉන්නවද කියලා දැනගන්නයි.
"තෙහාශ් කොහෙද ඉන්නේ."මම ඇහුවේ තෙහාශ් කෝල් එක ආන්ස්වර් කලත් වචනයක් වත් නොකිවු නිසා.
"තෙහාශ් මම ඇහුවේ ඔයාගෙන්.කොහෙද ඉන්නේ...
ස...සයුමී..
තෙහාශ් කිව්වේ බිදුනු හඩකින්.
තෙහාශ් කිව්වේ බිදුනු හඩකින්.
"මම රැවටුනා සයුමී මම රැවටුනා.අවුරුදු 3ක් ආදරේ කරලත් අරකිට මාව තේරුම් ගන්න බැරි උනා සයු..ඒකී මාව රැවැට්ටුවා....."
"ඔයා කොහෙද ඉන්නේ තෙහාශ්....මම ඇහුවේ මට තෙහාශ් ලගට යන්න ඕනි උනු නිසා.
කොච්චර නපුරෙක් උනත් දුක කියන දේ ඒ හිතට දරාගන්න අමාරුයි කියලා මම හොදටම දැනන් හිටියා.
කොච්චර නපුරෙක් උනත් දුක කියන දේ ඒ හිතට දරාගන්න අමාරුයි කියලා මම හොදටම දැනන් හිටියා.
"ම..මම ඉන්නේ බීච් එකේ....
"මට හීල්ලුනා...මේ අනෝරා වැස්සේ එයා බීච් එකේ.
මම ඉක්මනටම කා එකත් ඩ්රයිව් කරගෙන ආවෙ බීච් එකට.
ඒ වෙනකොටත් තෙහාශ් මහ වැස්සෙම තෙමි තෙමී බෝතලයක් කටේ ගහන් හිස් කරමින් හිටියා.
ඒ වෙනකොටත් තෙහාශ් මහ වැස්සෙම තෙමි තෙමී බෝතලයක් කටේ ගහන් හිස් කරමින් හිටියා.
"ඕක නවත්තන්න.මම කිව්වේ එයා එක හුස්මට කටේ තියන් බිබි හිටපු බෝතලය ඇදලා විසික් කරලාම.
මමත් එයා ලගම බිමින් ඉදගත්තේ වැස්සට මුලු ඇගම තෙමිලා සීතල වෙලා යද්දී.
තෙහාශ් එසැනින් මාව බදාගෙන අඩන්න උනේ පොඩි දරුවෙක් වගේ.
"මම මහ පව් කාරයෙක් සයූ...මම මහ පව් කාරයෙක්.ඔයාට දුන්නු දුකට තමා මට මේ දඩුවම් ලැබුනේ.
"මොකක්ද උනේ කියන්නකෝ ලමයෝ අඩන්නැතිව."
මම ඇහුවේ ඒ වැස්සට තෙත බරිත උනු ඒ කෙස් අතරින් ඇගිලි තුඩු යවමින්.
මම ඇහුවේ ඒ වැස්සට තෙත බරිත උනු ඒ කෙස් අතරින් ඇගිලි තුඩු යවමින්.
"එයා මට ආදරෙ කරලා නෑ සයූ කවදාවත්.එයා මාව බොරුවට ටයිම් පාස් කරන්න විතරයි යූස් කරලා තියෙන්නේ.මම ඩිවෝර්ස් පේපර්ස් පෙන්නලා අපි දෙන්නට ඉක්මනට මැරි කරන්න පුලුවන් කිව්වම එයා මට හොදටම බැන්නා සයූ.එයාට බදින්න මට වඩා හොද කෙනෙක් ඉන්නවලු.
"මම වගේ බැදපු මිනිහෙක්ට ආදරේ කරන්න තරම් පිස්සුවක් නෑ කිව්වා මගෙ මූනටම.මම ඔයාව කසාද බැන්ද දවසෙමලු එයා මාව හිතින් අතහැරලා තියෙන්නේ.මට ඒක කියාගන්න අමාරුවෙන් එයා ඉදලා තියෙන්නේ සයු..එයා කවදාවත් මගේ ආදරෙ තේරුම් අරන් නෑ...
"මට වැරදුනා හැමදේම වැරදුනා...මට එයාව නැති උනා වගේම මම ඔයාවත් නැති කර ගත්තා .මම පරාජිතයෙක් සයු..මම පරාදයි..
මට ඔයාගේ ආදරේ තේරුම් ගන්න බැරිඋනා.මට ඔයාගෙ ආදරේ රැකගන්න බැරිඋනා.මම මහම මහ පව්කාරයෙක්.
තෙහාශ් කියද්දී මට දැනුනේ මගේ හිතත් එයාගෙ හිත වගේම ගොඩක් බිදිලා කියලා.එයාගෙ හිත රිදෙනකොට මටත් ඒක දරාගන්න හයියක් තිබුනේ නෑ.
"ඔයා තාමත් හිතනවද තෙහාශ් මාවත් ඔයාට නැතිඋනා කියලා.මම ඇහුවේ ඒ මූනම මගේ අත් දෙකට ගන්න ගමන්."
මම ආසම කරන ඒ අහින්සක බැල්මෙන් මගේ දිහා බලන් හිටි තෙහාශ් මාව තුරුල් කර ඒ පපුවට බදාගත්තේ "ඒ කියන්නේ ඔයා මේ කාලකණ්ණියට සමාව දෙනවද මැණික කියමින්.ඔව් තෙහාශ් කියලා මම තව තවත් සීතලේ ඒ උනුහුමට ගුලි උනේ අදින් පසුව ජීවීත කාලෙම ඒ උනුහුම මට විතරක් අයිති බව හිතමින්ම.
......................................................
නිමි.
No comments:
Post a Comment