Saturday, April 25, 2020

නොපැතූ ආදරය

මාළු.......මාළු........මින්....මාලෝ......මාළු......
අද ත් අරූ ...ගෙ කටහඬ.ඇහෙනවා ....
හැම දාම වගේ මායි සමන්ති යි පංති යන කොට මේක සුපුරුදු කරදරයක් වෙලා .....
දැන් නම් පුදුම මළ කරදරයක් වෙලා තියෙන්නේ ....සමන්ති........මූ ......කී දවසක් පස්සේ න් එනවා ද ....
ඌ.....උබ ගැන අදහසකින් .....ඉන්නේ ....අරුණි....උබ යන වෙලා ව අල්ලලා ඒක තමයි හැම දාම .....එන්නේ ...සමන්ත යා ..... .....
අනේ.....බං ...ඔය .පිළිගඳ තියෙන එකාට ...මට කැමති වෙන්න ද ...උබ කියන්නේ ....මට පෙන්න බෑ ඕකව......
ඇයි බං .....උගේ....මොනාද තියෙන අඩුපාඩු ව....හොරකන් නොකර දෑතේ රක්ෂාවක් කරන එක කොයිතරම් දෙයක් ද ......අපි ට කියලා ඒ හැටි දෙයක් තියෙන අය නොවෙයි නේ ...බං....
මට බෑ .......බං.....කොහොම ටත් මම අද හෙටම ක්ලාස් එකේ .... සුදන්ත....අයියා ට වචනයක් දෙනවා....මාළු..කාරයා වගේ ද ...සුදන්ත අයියා .....කොයිතරම් හැන්සම් ද ....ලස්සනින් අඩුවක් ද .....මෝටබයික් එකේ....ක්ලාස් එක ට එන්නෙත්.....
අහස් ..මාලිගා..හදන්න එපා..මෝඩි.....ඒ අයට ..අපි බෝනික්කෝ වගේ....
අන්න.....සමන්ත අයියා .....එනවා.....
නෙදැක්කා ...වගේ යමන්.....සමන්ති .....
ආ........සමන්ති නංගී ......යාළුවා එක්ක ක්ලාස් යනාවා ද ......
ඔව් .....සමන්ත ......අයියේ ......
අරුණි නංගී ....මට පොඩ්ඩක් කතා ..කරන්න පුලුවන් ද .....දැන් .....
තමුසේ මං ..කවුරු කියා හිතා ගෙනද ඔහොම අහන්නේ .......අරුණි කේන්තියෙන්ම ..සමන්ත ගෙන් විමසනවා....
අනේ...නංගී තරහ ගන්න එපා......මට පොඩි වෙලාවක් දෙන්න.....දෙයක් කියන්න තියෙනවා ......
සමන්ත ...මාළු පෙට්ටිය ත් බැඳ ගත්ත තැපල් නයින්ටියේ..ඉඳලා ම .... අරුණි ට උත්තර බඳිනවා......
සමන්ත තැපල් නයින්ටිය ...නවත්වලා......අරුණි යි සමන්ති යි ඉන්න තැනටම ආවා......
පොඩ්ඩක් මම කියන දේ අහන්න අරුණි නංගී ........
මොකක්ද බල්ලෝ ...උබ කියන්නේ ......උබ කියන්නේ ගෙදර ක් ගෙදර ක් ගානේ මාළු විකුණන උබට කැමති වෙන්න කියලා ද ....බලපන් උබ ගාව කොච්චර පිළී ගඳයි ද කියලා .....එහෙව් උබට ද මට කැමති වෙන්න කියන්නේ .....
අරුණි .....හෙමින් බං.....වටපිටාවට ඇහෙනවා නේ.......සමන්ති කියවනවා...
අනේ.....නංගී .....ඇයි ඔහොම කතා කරන්නේ .....අපි නොදන්නා අය නොවෙයි නේ ..නංගී ....
අපි දන්නවා උනාට.......
උබ කියන්නේ ......මට උබට කැමති වෙන්න කියලා ....ද ......අපි එක ඉස්කෝලේ එක ගමේ තමයි .....ඒ කියලා ....මට තමුසේ වගේ කෙනෙක් ට කැමති වෙන්න බෑ .....
හිතේ...තියෙන කෝපයටම.....මම ගලවලා ගත්තේ කකුලේ තිබුන සෙරෙප්පු ව.....
තමුසේ ආය ...මගේ...පස්සෙන් ආවෝත් .....මම මේකෙන්...ගහනවා....මම සෙරෙප්පු ව උරුක් කරමින් ඔහුට මගේ කේන්ති ය පිට කරා.....
සමන්ත .....අයියේ යන්න .......අනේ ...යන්න සමන්ත අයියේ .....සමන්ති පින්සෙඬු..වෙනවා......සමන්ත ඉස්සරහ....
සමන්ත ගේ ඇස් බොඳ වෙලා ....කඳුළු වැටෙන්න.....ඔන්න මෙන්න .....
මම ඔයා ට වැරැද්ද ක් කරේ නෑ ...සුදු නංගී ....හිතේ තියෙන දේ කියන්න ආවේ ....
සමන්ත එසේ කියමින් නැවත් බයිසිකලය ට නැඟ පිටත්වුනා.....
ඇයි බං......එහෙම කතා කරේ.....පව්..බං....හොඳින් කියලා දෙන්න තිබුනා නේ......සමන්ති ..කියවනවා....
මේ......හොඳින් කීවා..නම් අහන්නේ නෑ ..ඕකා.....මාළු කාරයානේ.....අද මම ගැන දැන ගන්න ඇතිනේ......ඕකා......
======================================
මම ....අරුණි වත්සලා රත්නායක .....මගේ තාත්තා අඳ ගොවියෙක් .....තාත්තා හම්බ කරන දෙයින් තමයි ....අපි හැමෝම බඩ කට පුරවා ගත්තේ .....තාත්තා හේනකුත් වගා කරා . එළවළු හදලා පොළට ගෙනිහින් විකුණලා තමයි මායි මල්ලී උස් මහත් කරේ....අම්මා පොල් අතු වියලා තාත්තා ට කීයක් හරි එකතු කරලා දෙන්න උත්සාහ කරා....අපිට තිබුනේ....පොඩි මෝඩ ගඩොල් වලින් හදපු ගෙදර ක්.....තාත්තා ට ලැබෙන සොච්චමත් එක්ක ......අපි ට කනවා බොනවා ඇරෙන්න වෙන දේවල් වලට වියදම් කරන්න ඉතුරු වක් වුනේ නෑ ....මේ නරාවලෙන් ගොඩ එන්න ඕනෑ නිසා මයි මම බාහිර උපාධිය කරන්න පටන් ගත්තේ ....A/L කරත් කැම්පස් යන්න තරම් මට ලකුණු තිබුන් නෑ .....
සමන්ත කියන්නේ අපේ ගමේම අයියා කෙනෙක් ....මට වඩා අවුරුදු දෙකක් වැඩිමහල් ඔහු.....ත් මම වගේම දරිද්‍රතාවයෙ පතුලේ ම ඉඳපු කෙනෙක් ....ඔහුත් ගෙදර ආර්ථික ප්‍රශ්න නිසා ම O/ L පස්සේ පාසල් ජීවිතේ ට සමු දෙනවා....ඔහුගේ තාත්තා තමයි වැවේ මාළු අල්ලන රස්සාව,කරන්නේ ....ඉස්සර ඔහුගේ තාත්තා මාලු කඳක් බැඳගෙන .....අපේ ගෙදර ට පවා....මාළු විකුණන්ට ඇරන් ආවා.....දැන් ඒ දේ කරන්නේ සමන්ත .....දහ අතේ නය වෙලා තමයි ඔහු.....තැපල් නයින්ටිය ඇරන් තියෙන්නේ කියලා තමයි ගමේ මින්ස්සු කීවේ ..
මුලු ගමේම යි අවට ගම් වලයි ඔහුගේ තාත්තා නෙලා ගත්ත මාළු අස්වැන්න ....අලෙවි කරන ඔහු........ඉතුරු වෙන මාළු ටික හවස කඩමණ්ඩියේ මාළු තට්ටුව ට දාලා විකුණන වා ...මම හැම දාම දකිනවා ....පංති ගිහින් එද්දී....
කට...පුරා....මම දැක්කාම හිනා වෙන ඔහු ...පිළිබඳව කෙදිනකවත් මට පැහැදීමක් තිබුන් නෑ ....
එදා ඔහුට බැන්නා ට....පස්සේ ඔහු ඉන් පස්සේ කවදාවත් මගේ පස්සේ න් ආවේ නෑ ....අඩුම ගානේ මගේ දිහා බැලුවේ වත් නෑ .....මට ඒක මහත් සහනයක් වුනා ......ඒ අවසරයෙන් මම ,සුදන්ත අයියා එක්ක ආදරේ න් බැඳුණ ....දැන් අපෙ ආදරේ ට අවුරුදු එක හමාරක් වෙනවා....ඇත්ත ටම අපි ආදරේ ට සිමා මායිම් තිබුන් නෑ .....සුදන්තට ඕනි වෙලා වක මගේ පහස,විඳින්න මම ඉඩ සලසා දුන්නේ ....ඔහු මගෙන් ඈත් වෙලා යයි කියලා බයටමයි...මට ඒක ට නිදහසත් තිබුනේ.....නගරයට ..පංති යන නිසා .....ඔහු යමක් කමක් ඇති පවුලක එක ම ළමයා....මම ගොඩක් ඔහු ගැන බලාපොරොත්තු වෙන් හිටියේ.....ඔහුගේ පිහිටෙන් මට අපි ට මේ නරාවලෙන් ගොඩ එන්න ඕනි නිසා .....ඔහුට ඕනි කුමක් ද ඒ සෑම වෙලා වකම මම සැදි පැහැදී හිටියා....ඒ මගේ උණුසුම දෙන්න .....
ජීවිතේ කියන්නේ මහ පුදුම දෙයක් මගේ ජීවිතේ අභාග්‍යසම්පන්න කාලය ආවේ....ඒ දවස් වල....
අම්මේ .......ටික දවසක ඉඳලා මගේ ඇඟපත රිදෙනවා අම්මේ .....කකුල් ඉඳිමිලා.....ඇඟ හරීම තෙහෙට්ටු යි.....
ඩිස්පෙන්සරි එක ටවත් ගිහින් බැලුවොත් නරකද මගෙ සුදු දුවේ.....
ඔව් .....අම්මේ ....පංති යන්න ත් බෑ මෙහෙම ....උණ ගන්න වගේ ඇග දනවා.....
ඩිස්පෙන්සරි යෙන් මගේ රෝග ලක්ෂණ බලලා කෙලින්ම මාව යොමු කරේ....අනුරාධපුර මහ රෝහලට......එතනදී මගේ වෛද්‍ය වාර්තාව බැලූ වෛද්‍යවරුන් තීරණය කරනවා මගේ වකුගඩු දෙකම නරක් වී.....ඇති බව.....මගේ ජිවිතේ කඩා වැටිලා පය පාමුල කැඩීබිඳී ගියේ එදා .......
එදායින් පස්සේ මම ගෙදර හිරකාරියක් වුනා ...මරණය ලං වෙනවා ඇරෙන්න මට බලා ඉන්න වෙන දෙයක් තිබුන් නෑ ....මගේ අසනීප ය දැන ගත්ත සුදන්ත අයියා සමන්ති අතේ පණිවිඩය ක් එවලා තිබුනා .....එයා වෙන අතක් බලා ගන්නවා කියලා ....ලෙඩ කෙල්ලෙක් ට ආදරේ කරන්න බෑ කියලා .....එදා මම ජීවිතේ හොඳ ටම අඬපු දවස,.....මම හිතා හිටියේ ...මගේ අසනීප යත් එක්ක මගේ මරණය එනකම් හරි ඔහු රැඳෙයි කියලා .....ඔහු...ඈත් වෙලා ගිය එක මගේ හිතට වද දුන්නාත් ඊට වඩා වද වේදනා වින්න්දේ....මගේ අසනීප ය නිසා .....තාත්තා අම්මා .....බලා ගත් අත බලා හිටියේ....මට වුන විස්සෝපය දැකලා .....වෛද්‍යවරුන් කීවේ ගැලපෙන එක වකුගඩු වක් හරි ලැබුනොත් ජීවිතේ ගැන බලාපොරොත්තු තියා ගන්න පුලුවන් කියලා ....
අපිට කොයින්දැ ...හාමිනේ....ලක්ෂ ගණන් තියෙන්නේ ......එකක් හරි හොයා ගන්න පුලුවන් .....ඒත් ලක්ෂ ගණන් ඉල්ලනවා නේ හාමිනේ ....කවුරු හරි කැමැත්තෙන් දුන්නොත් තමයි .......ඒත් ඉතින් අපි ට කවුද ඉන්නේ එහෙම කරන්න ....කෙල්ලට මැරෙන්න දෙන්න බෑ ගුණවතියේ.....අපේ වයසත් එක්ක අපි දෙන්න ගේ ගන්න ත් බෑ කීවා නේ ....මට මැරෙන්න හිතෙනවා ගුණවතියේ ....
තාත්තා ගේ ...ඒ සුපුරුදු වේදනාව හැම දාම මට ඇහෙනවා .....රෑ ට.....ඒ වෙලා වට පපුව පිච්චිලා යනවා.....ඒ දෙන්න මම දිහා බලලා විඳින දුකට....
මගේ ජීවිතේ ගෙවුනේ සතියට එක සැරයක් අනුරාධපුර මහ රෝහලේ තියෙන වකුගඩු සායනත් එක්ක ....සහියකට එක වතාවක් මගේ රුධිර ය....පිරිසිදු කරනවා ඒක කොච්චර වේදනා බර අත් දැකීමක් ද කීවොත් දවස් දෙකක් වත් මට නැගිට ගන්න බැරි වෙනවා.....
වෙනදා වගේම සමන්ත අයියා ....මාළු මාළු කියමින් යනවා ඇහෙනවා මම ඇඳේ ඉන්න කොට .....ජීවිත ය කොච්චර නිස්කාරණ ද කියලා හිතෙනවා ....
මැරෙන්න කලින් සමාව ගන්න ඕනි අයියේ ....ඔයාගෙන් ...ජීවිතේ ගැන ගොඩක් දේවල් තේරුනා මේ ටික කාලෙට.....මට එහෙම හිතෙනවා ....අම්මා ට කියන්න ඕනි ඉක්මනටම ආය සමන්ත අයියා අපේ ගෙදර ට මාළු ඇරන් ආවාම මට පොඩ්ඩක් කතා කරන්න ඕනි කියලා ...එදා එයා පිං සෙන්ඬු වුනා මම ඉස්සරහ .....අද මට පිං සෙන්ඬු වෙන්න වෙලා .....ජීවිතේ හැටි......
මේ......විදිහට සති කීපයක් ගෙවිලා.....ගියා ....එදා රෝහලට ....ගියා ම මට සතුටු දායකම ......පණිවිඩය රෝහලේ න් අහන්න ලැබුන ........
ඔයා ට හරි යන වකුගඩු වක් ලැබිලා තියෙන්නේ .....හැබැයි ඒක පරිත්‍යාග කරන්නේ නම් ඔයා දන්න කියන කෙනෙක් නොවෙයි .....ඔයා මේ සෙනසුරාදා නවතින්න ඇවිල්ලා ....අපි ඔපරේෂන් එක බදාදා කරමුකෝ .......වෛද්‍යවරයා කාරුණිකව එහෙම කියනකොට මගේ ජීවිතේ ගැන ආය බලාපොරොත්තු ඇති වුනා .....
මම බැලුවේ තාත්තා ගේ..මූණ දිහා.....ජීවිතේ පළවෙනි පාරට ඒ ඇස් දිලිසෙනවා දැක්කා එදා මම .....
බුදුසරණයි සුදු දුවේ......තාත්තා මුමුණන වා...
මගේ ඔපරේෂන් එක සාර්ථක වුනා කියලා වෛද්‍යවරුන් තීරණය කරා....සති කීපයක් හොස්පිටල් එකේ නැවතිලා ඉන්න කීවේ ...බද්ධ කෙරුනු වකුගඩු ව මගේ ශරීරය ප්‍රතික්ෂේප කරනවා ද කියලා බලන්න යි.....
අම්මා තාත්තා ඇරෙන්න..අසනීප වුන වෙලා වේ ඉඳලා මේ වෙනකම් මම ගාව හිටියේ මගේ යෙහෙළිය සමන්ති විතරයි ...ජීවිතේ ගොඩක් පාඩම් කියලා දුන්නා .....දවසක් ඇර දවසක් සමන්ති එනවා මාව බලන්න ....මට ඇත්ත ටම ඇය ගැන දැනෙන්නේ කිව නොහැකි ආදරයක් ලොකු බත් ගෙඩියක් බැඳ ගෙන එන්නේ හිතත් පුරවලා යන්න වාසනාවන් එහෙම යාලුවො ....මට හිතෙනවා ....
දන්නවා ද වැඩක් .......උබ..
මොකක්ද ......
සමන්ත අයියා මාළු කඩයක් ඇරලා....හන්දියේ.....දැන් බිස්නස් සරු යි ලු..දැන් ඉස්සර වගේ එයා යන්නේ නෑ මාළු විකුණන්න ....සේවකයොත් ඉන්නවා කියන්නේ දැන් ඒ වැඩ වලට......
මට ත් ආරංචි වුනා ..බං.....තාත්තා ආපු වෙලා වක කීවා ......
කවදා ද ටිකට්.....කපනවා කීවේ ..
තව දවස් තුනකින් ගෙදර යන්න පුලුවන් කීවා ....බං......උබ එනවා නේද එදාට ....
ඔව් ...බං මම නෑවිත් කොහොම ද ....
මම ඉක්මනටම සමන්ති ගේ අත් ඇරගෙන දෙතොලෙන් සිප ගත්තා ....මගේ කළණ මිතුරිය .....
ඒයි......පිස්සී.....මොකෝ කරන්නේ ....මේක හොස්පිටල් එක .....
උබ ඇත්තටම මගේ සහෝදරිය ක් වගේ බං...මට පිං තිබුනා උබ...ව ඇසුර ලබන්න .....
මම රෝහලෙන් නික්මෙන දවස උදා වුනා....වෛද්‍යවරුන් ගෙන් මම ඉල්ලුවේ එක ම දෙයයි...මම වෙනුවෙන් වකුගඩු වක් දුන්නේ කවුද කියලා හෙලි කරන්න කියලා විතරයි ....
ඇයි ළමයෝ.....ඔයා ගේ යාළුවා දන්නවා නේ....ඒ ගැන .....
කෝ...කීවේ නැද්ද ......තාත්තා අම්මා පවා දන්නවා ......නේ.... ඩොක්ටර් කියනවා සමන්ති ගේ මුහුණ දිහා බලමින් ....
ඇයි ඔයාලා මට ඒක කීවේ නැත්තේ .....මම කොයිතරම් ආසවෙන් ද හිටියේ ඒ උත්තමයා කවුද කියලා දැන ගන්න ....ඇයි බං උබත් එහෙම කරේ....උබ ගෙන් මම කී සැරයක් ඇහැව්වා ද ....
උබට......වකුගඩු වක් දුන්නේ සමන්ත අයියා බං......හැබැයි ඒක උබට ගැලපුනේ නෑ .....ඒත් වෙන කෙනෙක් ට ඒක ගැලපුනා ....එයා ට වකුගඩු වක් දෙන්න හිටපු කෙනාගේ එක උබට ගැලපුනා ....බං...ඉතින් ඒ විඳින්න මාරු කරගෙන තමයි උබේ ඔපරේෂන් එක කරේ....
සමන්ත අයියේ .........මට කෑ ගහලා අඬන්න හිතුනා.....ඉතින් මම ඇඬුවා .....හොඳ ටම සුදන්ත මාව දාල ගිය දවසටත් වැඩියෙන් ......
තාත්තේ .....මට යන ගමන් යන්න ඕනි අයියා බලන්න ......
යනකොට යමු පුතේ.....ඒ දරුවා තමයි උබව බේරා ගන්න වියහියදම් පවා දැරුවේ......උබට නොකීවාට.....
මට ඒ මුහුණ දකිනකම් ඉවසිල්ලක් තිබුන් ..නෑ ..අනේ කොහොම ඉන්නවා ද දන්නේ නෑ . ....
වාභනේ.....නවත්වපු හැටිය ම ......
අම්මේ තාත්තේ .....ඔහොම ඉන්න .....මට තනියෙන් කතා කරන්න ඕනි අයියා එක්ක .......සමන්ති ...මාව එක්කම් පලයන් එතන ට....
මම යනකොට සමන්ත අයියා හිටියේ ඉඳගෙන ....මම හැමදාම දැක්කේ එයා කොට කලිසමක් ඇඳලා ඉන්නවා ...අද ජීවිතේ පළවෙනි පාරට දැක්ක සරමක් ඇඳන් ඉන්නවා ...
මාව දැක්ක හැටියම සමන්ත අයියා නැගිට්ටා....
මම ගිය ගමන් ම බැලුවේ ෂර්ට් එක උස්සලා ඔහුගේ බඩ දිහා.....දෙයියනේ තාම තුවාලේට පැලස්තර් අලවලා......
අයියා .....මේ තරම් කැපවීමක් කරාද මම වෙනුවෙන් .....මට සමාවෙන්න දෙයියෝ.....
මම එහෙම ම එදා පිළීගඳයි කීව ඒ ශරීරය අල්ලා ගෙන ඔහුගේ දෙපා මුල වැඳවැටිලා ඒ දෙකුල් සිප සිප සමාව ඉල්ලුවා ..........
නැගිටින්න සුදු නංගී .....
ඔහු මාව උරහිසෙන් ඔසවා කීව ....නැවත නැගිට ලා මගේ සමන්ත අයියා වැලඳ ගත්තා කිටි කිටියේ.....මම එදා පීළී ගඳයි කීව ඒ ඇග මම සිප ගත්තා ....වටපිටාවේ අය පුදුමෙන් බලා හිටියා ත් මට ඒ ගැන නිනව්වක් නෑ ....එදා මම පිළිකෙව් කර ඒ ඇග මට මහා උණුසුම ක් ගෙනවා...
සමාව දෙනවාදා .....අයියේ මේ අසරණ කෙල්ල ට........
සුදු නංගී ඔයා මාව අතාරියාට...මම ඔයා ව අත ඇරියේ නෑ නංගී ....ඔයා ආදරේ කියලා වෙන දෙයක් පස්සේ ගියාට මගේ ආදරේ එහෙම වුනේ නෑ ..නංගී ...මම එදා ඉස්කෝලේ දැක්ක එකට සෙල්ලම් කරපු...ඔය හිතට තමයි ආදරේ කරේ නංගී.....ඔයා වෙනුවෙන් මට කරන්න බැරි දෙයක් තිබ්බේ නෑ ඒක ඊයේ ත් අදත් හෙට ත් මතුවට ත් ඒ විදිහමයි.......මට වටින්නේ ඔයා ව විතරයි නංගී .......
ඔව් ...අයියේ........
මම මොනාද ආදරේ ගැන දන්නේ ඔයා එක්ක බලනකොට ....හැබෑ ආදරේ තියෙන්නේ කා ගාවද කියලා මට අඳුනා ගන්න බැරි වුනා අයියේ ......
මොනාද නංගී උබ ලෝකේ ගැන දන්නේ ....ඔයා තාම පොඩි කෙල්ලෙක් නේ.....කවුරු කොහොම කීවාත් හොඳ ගෙඩි කන්නේ පණුවෝ කියලා අහලා තියෙනවා ද ....ඔයාලා දැන ගන්න ඕනි පණුවන්ට අහු නොවී ඉන්න ....මගේ නංගියේ .....
මම කිසිම වටිනා කමක් නෑ ..අයියේ දැන් .....
වටිනාකම් තියෙන්න ඕනි ශරීරයේ නොවෙයි .....හිතේ...නංගී .....
ඉතින් සබඳ මම මගේ වටිනාකම හඳුනාගතිමි.....මට වටිනා කමක් දුන් ඔහු අත් නොහැර යන්න මම මටම සපථ කර ගත්තෙමි......මම නැවතත් එදා මා ප්‍රතික්ෂේප කරපු පිළී ගඳ යැයි කියූ....ශරීරය තදින් වැලඳ ගත්තෙමි......
සමාප්තයි .....


No comments:

Post a Comment

UNIVOTEC එක ගැන

UNIVOTEC එකේ පාඨමාලා සහ වැඩි විස්තර සදහා පහත ඇති PDF ෆයිල් එක භාවිතා කරන්න. https://drive.google.com/open?id=1zbMNZ14FNiYV2f34K91x1KqpKmid...