Saturday, April 25, 2020

ප්‍රේමය නම් නුබයි

මම බුද්ධික සේනාරත්න...
වාහන සේල් එකක හිමි කරුවෙක්....
කෙටියෙන්ම නම් පෞද්ගලික ව්යාපාරිකයෙක්...
👱🏻‍♀️"බුද්ධි මේ කෑම එක..."
නමින් ඉන්දු තාරුණි විජේසිංහ වන ඇය මාගේ බිරිඳයි...
මගේ දෙමව්පියන් ඉන්දුගෙ නිවසට ගෙන ගිය මංගල යෝජනාවක ප්රතිඵලයක් වශයෙන් අපේ විවාහය සිද්ධ වුණේ.....
කොයි තරම් වත් පොහොසත්කම් තිබුණමුත් ඉන්දු යනු මහ පොළව මත සිට ගත් ගැහැණියක් කිව්වොත් මං නිවැරදියි..
මං උදේට නිවසින් පිටත් වන විට,,
මං කෑවත් නැතත් ඇය මා වෙත කෑම එකක් පිළියෙළ කර දීමට පුරුදුව සිටියා....
මං කෑවත් නැතත් කියලා මං කිව්වෙ බොහෝ දින වල මං කෑම එක කන්නෙ නැති නිසයි...
ඒ මං කවදාවත් ඇයට ආදරේ කලේ නෑ...
ඇය මගේ වූ මුත්,මං ඇයගේ වුණේ නෑ...
කඩදාසි කොළයකට පමණක් සීමා බැඳීමක් විතරයි අපි අතරෙ තිබුණෙ ....නමුත් ඇය මට බෙහෙවින් ප්රේම කලා...
නමුත් ,,ඇයට ප්රේම කරන්නට කිසි දින මට සිත දුන්නෙ නෑ...
ඒ මං මගේ ජීවිතේ හුස්ම තරමටම කෙනෙකුට ආදරය කරපු නිසා..
සිව් වසරක ප්රේම කතාවක් මා වෙන කෙනෙකු සමඟ ලියා තිබුණු නිසා....
නමින් පියුමි සුලෝචනා වූ ඇය මගේ කුළුඳුල් පෙම්වතියයි....👩
ඒ තරම් අහිංසකකමක් මං දැක තිබුණේම නැති තරම්...
ඇය ඒ තරම් හොඳ කෙනෙක්...
වචනයකවත් වරදක් මට ඇයගෙ තිබුණෙ නෑ...
සිව් වසරක් මගෙ ලඟ පෙමින් දැවටුණු ඒ කෙල්ල විදෙස් ගත වුණේ වැඩි දුර අධ්යාපනයට....
කිසි දිනයක වෙනස් නොවන බවට පන්සල් භූමියේදි මට දිවු රූ ඇය රටින් පිටව තුන් මසක් ගත වෙන්නටත් කලියෙන් වෙනස් වුණා...
වෙන හිතක් ලඟ ඇය නැවතුණා...💔
වෙනස් නොවන එකම දෙය වෙනස් වීම කියලා මං හරියටම තේරුම් ගත්තෙත් ඇයගෙන්මයි...
පියුමි මාත් සමඟ ලියූ ආදර කතාවෙ පෙරවදනත් සොරකම් කරගෙනම මගේ ජීවිතෙන් අතුරුදන් වුණේ උහුලන්නට බැරි තරම් දුක් කන්දක් මට දීලයි..... 😭
මං තනිවම කඩාගෙන වැටුණු තරම් දන්නෙ මගෙ රත්තරන් අම්මායි තාත්තයි ලඟම යාලුවයි විතරයි...
ඒ බිදුණු හදවතට පණ ගන්න උවමනාවක් මට තිබුණෙම නෑ.....
කවදාවත් පියුමිගෙ අයිතිය වෙන කෙනෙකුට දෙන්න මගේ හිත ඉඩක් දුන්නෙම නෑ....💔
මං හිතන්නෙ මිනිස්සු මැරීගෙන,නැහීගෙන ආදරේ කරන්නෙ ජීවිතේටම එක පාරයි...
එතනින් එහාට මිනිස්සු ලැබෙන දේට ප්රතිචාර දක්වනවා විතරයි...
ඒ සිදු වීමෙන් පසු වසර දෙකක් ගත වෙත්ම මගේ දෙමව්පියො මට මනමාලියො හොයන්න ගත්තා..
ඒ අතර හිටපු කෙනෙක් තමයි ඉන්දු...👰
අම්මයි තාත්තායි ගොඩාක්ම ඉන්දුට කැමති නිසයි මං ඉන්දුව බඳින්න කැමති වුණේ...
ඒත් ආදරයක් කවදාවත් කරන් නෑ කියලා හිතා ගෙනයි...
ඒ හැමදේම ඉන්දු දැනගෙන හිටියා...
ඇයගෙත් මගෙත් විවාහයත් මහා ඉහළින් ජයටම ගත්තා...👰🤵
නොකිලිටි මලක් ව හිටපු ඉන්දුගෙ ජීවිතේ ගැහැණියක් බවට පත් කලෙත් මං..
නමුදු ඒ කිසිම තැනක ආදරය නම් තිබුණෙ නෑ...
කායිකව පමණයි ඉන්දුට මාව අයිති වුණේ...
සයනය මත වුවද මගෙ හැඟීම් විතරයි ඇයට අවනත වුණේ...
දිනක්...
👱🏻‍♀️"ඔයා අද කලින් ගෙදර එනවද..."
👨🏻‍🦱"ඒ මොකටද..."
👱🏻‍♀️"එන්නකො..මං කියන්නම්...හවසට..."
👨🏻‍🦱"හ්ම්..හ්ම්..බලමු..මං යනවා..."
👱🏻‍♀️"පරිස්සමින්..."
උදෑසනම ආයතනය වෙත පිටත් වීමට පෙර ඇති වූයේ එවන් කතා බහකි....
ඉන්දුට අවශ්ය මා සමඟ කාලය ගත කිරීමටයි...නමුත් මට එහෙම කිසිම උවමනාවක්වත් තිබුණෙ නෑ..මට ඕන වුණේම ඇයව මග හරින්න..
මොකද මං ආදරයට වෛර කරනවා...
මං කැමති වුණේ නෑ ඇය මට ආදරය කරනවට...
එදින මං වෙනදාටත් වඩා රෑ බෝ වෙනකල් රෙස්ටුරන්ට් එකට වෙලා බිව්වා....
ඒ ගෙදර ගියොත් ඉන්දුගෙ විකාර අහන්න වෙයි කියලාමයි...
එහෙම ඉඳලා ගෙදර යනකොට පාන්දර 2ට වගේ ඇති....
මම නිවසෙහි විදුලි සීනුව නාද කලේ ඉන්දු නිදි ඇති කියලා හිතලයි...
දොර අරිනවත් සමඟම,,
👱🏻‍♀️"හැපි ඇනිවසරි බුද්ධි..."
එක වරම ඉන්දු මගේ පපුව බදා ගත්තෙ අපේ විවාහ සංවත්සරය පෙර දිනට යෙදී තිබුණු නිසා බව මට වැටහුණේ එවිටයි...
👨🏻‍🦱"හ්ම්...හ්ම් විශ් යූ ද සේම්"
මට ඒත් මහා ලොකූ දෙයක් එහි දැනුණෙ නෑ.....
නිවස ඇතුළත තද කළුවරය..
ඉටි පන්දම් එළි විතරක්ම මැද්දෙ,
💕"Happy 2nd Anniversary" 🎂 💕
කියලා ඒ මැදින් ඉටි පන්දම් ගහපු කේක් එකක් විතරක්ම මට පෙනුණා...
ඇත්තමයි...ඒක හරිම ලස්සනයි...
නමුදු ඒ හැම තැනකම මට මතක් වූයේම පියුමිව විතරයි...
මට ඉන්දු ගැන තිබුණේම අනුකම්පාවක්...
ඇයට මං රිදවන්න රිදවන්න ඇය මට ආදරය කරනවා...
ඒත් මං නම් ආදරය කියන්නෙ බොරුවක් කියලයි කිව්වෙම...
මොකද පණ දෙන්න හිටපු පියුමිත් එහෙ බලලා මෙහෙ බලනකොට වෙනස් වුණා..
ඒ සිදුවීම් ඇත්තටම පුදුම තරම් දුකයි...
නමුත් මං නිසා කොයි තරම් රිදුණත් ඉන්දු කිසිම දිනයක වචනෙකින්වත් මට රිදෙව්වෙ නෑ...
මගේ වේදනාව කොයි තරම් විශාලද ඇයගෙ ඉවසීම ඊට වඩා දස දහස් ගුණයකින් විශාලයි කියලා මටම තේරුම් ගිහින් තිබුණෙ....
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
හැම අවුරුද්දකම වගේ මේ අවුරුද්දෙත් මං පියුමි උපන්දිනය වෙනුවෙන් ලමා නිවාසෙට දානෙ දුන්නා...
ඒ පියුමි මගෙ ලඟ හිටිය කාලෙ ඉඳන්ම
හැම අවුරුද්දක් ගානෙම ඇයගෙ උපන්දිනය සිහි කරලා දානයක් දීම මගේ පුරුද්දක් වූ නිසයි...
ඒ දේවල් පවා ඉන්දු හොඳින් දැනගෙනයි හිටියෙ...
ඇයයි මටත් කලියෙන් ඒ වෙනුවෙන් කැප වුණේ...
👨🏻‍🦱"ඉන්දු..."
👱🏻‍♀️"බුද්ධි...කියන්න..."
👨🏻‍🦱"ඇයි ඔයා මේ දේවල් වලට හවුල් වෙන්නෙ....පියුමි කියන්නෙ මගේ හිටපු ගර්ල් ෆ්රෙන්ඩ්නෙ.."
👱🏻‍♀️"ම්ම්...හ්ම්...ඉතිං බුද්ධි මේ වගේ දෙයක් කරන්නෙ ඔයා ඒ කරපු ආදරය වෙනුවෙන් වුණත් මේක පිනක්නෙ...
හේතුව මොකක් වුණත් මං කැමතියි මේ දේවල් වලට සම්බන්ධ වෙන්න..."
👨🏻‍🦱"හ්ම්..."
ඇය පුදුම තරම් පුදුමයි...
තමන්ගෙ ස්වාමියා වෙන ගැහැණු කෙනෙක්ගෙ උපන් දිනයක් සිහි කරන එක කොහොමද ඒ හිත දරා ගත්තෙ කියන එක මට අදටත් ප්රශ්නයක් ....
****************************************
කාලය ගත වෙලා...
ඉන්දු දරුවෙකුට බොහෝ සෙයින් ආසා කළා...
මටත් දරුවෙක් නම් අවශ්ය යි...
ඒත් ...
මගේ දරුවගෙ අම්මා වෙන්න මං පැතුවෙ වෙන කෙනෙක්...
මං ආදරයට කොයි තරම් වෛර කලත් පියුමි ගැන තරහක් මගේ හිතේ නෑ...
ඒ නිසාම මං පුදුම තරම් අසරණ වුණා ඉන්දුගෙ හැඟීම් ලඟ...
කාලයේ ඇවෑමෙන්.., කෙසේ වුවත් ඉන්දුගෙ දැඩි උවමනාවත් මගේ තිබුණු පුංචි උවමනාවත් මත ඉන්දු ගැබිණියක් වුණා...
👱🏻‍♀️"අනේ බුද්ධි..මං අම්මා කෙනෙක් වෙන්න යනවා ....ඒ කියන්නෙ ඔයා තාත්තා කෙනෙක්..ඔයාට ගොඩාක් පිං මහත්තයො ..."🤰
තමන් ගැබ්බර බව දැන ගත් ඉන්දු සතුටෙන් ඉපිල ගියේ එලෙසයි..
ඇය එය දැන ගත් අවස්තාවෙදි මාව බදාගෙන ඇඬුවෙ සතුටට...
ඔව් මට ඒක හොඳින් දැනුණා ....
ඇය මවක් වෙන්න යන බව කීව තැනටත් වඩා මට දැනුණේ,,
'ඔයත් තාත්තා කෙනෙක්' 🤗
කියපු වචන තුනයි..
ඔව් ඇත්තටම ඇයව අම්මා කෙනෙක් කරපු පිනටත් වඩා මං තාත්තා කෙනෙක් වෙන්න තරම් පිං කරගෙන කියලා මට දැනුණම නම් පුදුම සතුටක් දැනුණා කියන්න බැරි තරම්..
නමුත් එතැනත් මට ඉන්දු තුළින් පෙනුණෙ පියුමිව...😑
මං ඒ තරම් ඇයට ඇබ්බැහි වෙලා...
එදින පටන් ඉන්දු ගෙ කුස තුල මගේ ලේ කැටියක් වැඩෙන්න ගත්තා...
බලන් ඉද්දි ඉන්දුගෙ ශරීරය වෙනස් වෙනවා ..
කකුල් ලී කොටන් වගේ ඉදිමෙනවා...
පුදුමයි...
කන කෑම ටිකත් අනිත් පැත්තට වමනෙ කරනවා..
මහ රෑ නැඟිටගෙනත් ඉන්දු වමනෙ කරනවා...
එක විදිහකට නින්දක් නෑ...
එන්න එන්නම බඩත් ලොකු වෙනවා...
ඇත්තමයි මට ඇය සජීවීව පෙන්නුවෙ මගෙ අම්මාව කියලා හිතුණා...🤱
ඒත් කිසිම තැනක ආදරයක් ඉන්දු ගැන මට තිබුණෙ නෑ ...
අනුකම්පාවක් විතරයි තිබුණෙ....
හැබැයි මං දරුවට ආදරේ කලා...
ඉන්දුට ආදරේ නොකලත් මං ඉන්දුට ගැබිණියක් වෙන්න කලින්වත් අඩුපාඩුවක් කලේ නෑ...
පස්සෙ,,
දරුවා නිසාම මං ඉන්දු ගැන හොයන්න ගත්තා..
දවසින් දවස ගත වුණා...
එක එක දේවල් සැරින් සැරේට කන්න ඇයට හිතුණත් සමහර තැන්වල ඇය ඒවා මට කිව්වෙ නෑ...
මං ඒ බව තේරුම් අරන් තිබුණු නිසාම ඉන්දුට සහ බබාට හොඳ හැමදේම ගිහින් දුන්නා ...
මොකද ඉන්දු දන්නවා මං ඇයට ආදරයක් නොමැති බව....
විටින් විට මට බාධාවක් වන්නට ඇය එතරම් කැමැත්තක් දැක්වුවෙ නෑ...
මං ඉන්දු ගැන හොයනකොට ඉන්දුට සතුට වැඩියි කියලා මට තේරුණ අවස්තා බොහොමයි...
👨🏻‍🦱"ඔයාට ටිකක් නිදහසේ හෙමින් ඇවිදින්න කියලා ඩොක්ටර් කිව්වා නේද..."
👱🏻‍♀️"ඔව්නෙ බුද්ධි..."
👨🏻‍🦱"කොහෙද යන්නෙ අපි..."
👱🏻‍♀️"අනේ අපි යනවද බුද්ධි..."
👨🏻‍🦱"හ්ම්ම්ම්.."
👱🏻‍♀️"එහෙනම් බීච් යමුද......දිගටම ඇවිදින්න පුලුවන් නෙ...හවස් වෙලා ලස්සනයිනෙ..."
👨🏻‍🦱"හරි යමු..."
එදා මං දැන ගත්තා හරියටම ඉන්දුගෙ හිත ඇතුළෙ මට නොකියන වේදනාවන්,ආශාවන් ගොඩාක් තියෙනවා කියලා...
නමුත් මං ඒ ගමනටත් සූදානම් වුණේ පෙර දිනක වෛද්යවරයා ඇය ගැන දුන් උපදෙස් නිසා මිසක් ආදරයක් මුල් කරගෙන නෙමෙයි කියලා කියන්නම ඕන....
කාලය ගෙවී ගියා...
ඉන්දුගෙ දරු ප්රසූත දිනය නියමිත දිනයට සතියකට කලින් පැමිණියා....
ඉන්දුට අමාරු නිසාම මං ඇයව රෝහල් ගත කලා..
පෞද්ගලික රෝහලක් හෙයින් ප්රසූතියෙදි ලඟින් ඉන්නට හැකියාවක් දරුවාගෙ පියාට ඇති නිසා පළමු වතාවට මං ඉන්දු ලඟින් ඉන්න හිතුවා...
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මගේ දරුවා මේ ලෝකෙට එන්න හදන්නෙ කියලා මට දැනුණාම කියා ගන්න බැරි තරම් සතුටක් දැනුණේ...😍
නමුත් ඉන්දුට හොඳටම අමාරුයි...
ඇය අධි රුධිර පීඩනයට ලක්ව තිබුණා...
එදා තමයි මට ජීවිතේ බය,දුක සහ ආදරය කියන හැමදේම කැටිව තදින්ම දැනුණු පළමු වතාව...
නෑ...මං ඉන්දුට ආදරේ කලේ නෑ...
ඒත් ඉන්දු අද මෙහෙම ඉන්නෙ මගෙ දරුවාව මට දෙන්න ගිහින්...
ඉන්දු මහ හයියෙන් කෑ ගහනවා...
ඇත්තමයි ඒක ඒ තරම් වේදනයි...
මගෙ අත තද කරලා අල්ලගෙන ඉන්දු වේදනාව දරා ගන්නට වීර්යය පැතුවා කියලා මට තේරුණා...
ඒ හැඟීම ඒ තරම් ලස්සනයි...
වචන වලින් විස්තර කරන්න බැරි තරම් ලස්සනයි...💕
මගේ මූණ දිහාම බලාගෙන,මගේ අත තදින් අල්ලගෙන,කෑ ගහන ඉන්දුගෙ ඇස් කඳුලු වලින්ම පිරිලා ඉතිරෙනවා...
ඒත් සමඟින් අපේ දරු පැටියා මේ ලෝකෙට ආවා මහ හයියෙන් අඬාගෙන... 🚼
පුදුමයි....
දරුවා දිහා බලනවටත් වඩා මට බැලුණෙ ඉන්දු දිහා..
ඇය ඊට පෙර වේදනාවෙන් කෑ ගගහා සිටිය මුත් දරුවගෙ හඬට ඇය නිහඬ වුණා...🤱
ලස්සන පොඩි දූ පැටියෙක්...👶👧
ඉන්දුගෙ ඇස්...,,
හරි ලස්සනට ඔප දමාගෙන මගේ දූ ගෙනත් තිබුණා...
මගේ ජීවිතේ කවදාවත් නැති තරමෙ සම්පූර්ණ බවක් එදා මට දැනුණා...
ජීවිතේ කවදාවත් ආදරයක් නොහිතුණු ඉන්දුට මං එදා ඉඳන් මටත් වඩා ආදරය කරන්න ගත්තා...
ඇය තරම් හයිය,ඇය තරම් වටින ගැහැණියක් මට නෑ තවත්...👸
මගේ පුංචි දූ පැටියයි ,ඉන්දුයි කියන්නෙ අද මගේ මුළු ලෝකෙම...💖👨‍👩‍👧💖

🙏🙏🙏🙏🙏🙏නිමි.🙏🙏🙏🙏🙏🙏

-✍🏻නදීශානි විතානගේ(අනූ)




No comments:

Post a Comment

UNIVOTEC එක ගැන

UNIVOTEC එකේ පාඨමාලා සහ වැඩි විස්තර සදහා පහත ඇති PDF ෆයිල් එක භාවිතා කරන්න. https://drive.google.com/open?id=1zbMNZ14FNiYV2f34K91x1KqpKmid...