Saturday, April 25, 2020

අරලියා

අරලියා කියන්නේ පුංචි පවුලක එකම දරුවා.accident එකකින පවුලේ ඔක්කොමලා මැරුන නිසා මේ කෙල්ලව අම්මා තාත්තා වගේම බලාගත්තේ සීයා.යොවුන් වියේ ඉන්න අරලියාගේ එකම සිහිනය වුනේ විද්යා අංශයෙන් විශ්ව විද්යාල වරම් ලබා ගැනීමයි.උසස් පෙල ඉවර වුනාම අරලියාගේ එකම බලාපොරොත්තුව වූනෙත් ඒකම විතරයි .දවසක වෛද්යවරියක් 👩‍⚕️වෙලා අරලියා උස්මහත් කල සීයා ව 🧓ජීවිතකාලයට බලගන්න අරලියා මතකේ තියාගත්තා.
(දැන් හවස් වෙලානේ ඇයි සීයා තාම නැත්තේ.කමක් නෑ තව ටිකක් බලමුකෝ😌)
" සී......යේ..සීයේ...
(හේනේ අරලියා දුටු සීයා අරලියා වෙත නෙත් යොමු කලා)
"සීයේ මං සීයා පරක්කු නිසා බලන්න කියලයි ආවේ.😌
"ඉන්න දුවේ මන් අත පය සෝදන් එන්නම්.
"ඇයි සීයේ මෙච්චර වෙලා.. ඔච්චර මහන්සි වෙන්න එපා.🙁
"මහන්සි නෑ දුවේ...ඊයෙ මුලු දවසම අනුහස් කොල්ලා හේන කොටලා තිබුන නිසා අද සේරම අහවරක් කරලා දැම්මා.
(අනුහස් කාත් කවුරුවත් නැති හේනේ වැඩක් කරන් මුදලක් හොයාගෙන අනාගතේ ගැන හීන මවන අහින්සක කොල්ලෙක්)
"හේනේ මා....මා හේනේ මා මා.....🙄
(පිරිමි කටහඩක් සමග දොර ලගට ආ අරලියා දොර හිමින් ඇරියා)
"ආහ්....අනුහස් අයියේ අද සීයා නැහැනේ.බෙහෙත් වගයක් ගේන්න ටවුමට ගියා උදේම.🙂
"ආ.....එහෙමද නංගි මං ඇවිත් බැලුවේ අද ආවේ නැති නිසයි.🙁
"මං කියන්නම් සීයට අයියා ඇවිත් ගියා කියලා 😊
(අනුහස් සහ අරලියා මුන ගැසුනු පලමු වතාව එයයි🧑👩‍)
(සීයා ගෙදර ආ සැනින් විස්තරය කියූ අරලියා සීයාගේ කතාව දෙසට නෙත් යොමු කලා🙄)
"ඒ කොලුවාට සල්ලිත් නැහැ කත් කවුරුත් නැති නිසානේ හේනේ වැඩට අවේ.මොන උනත් උත්සහවන්තයා.යහගුණපත් කොල්ලා.මාව හොයාගෙන එන්න ඇත්තේ කරදරයක් ද කියලා වෙන්න ඇතී මයේහිතේ.
(සීයාගේ කතාව ඇසූ අරලියාගේ සිතේ කවදාකවත් නොහැගුනු හැගුමක් මුලු රෑම ඇගේ සිත තෙරපුවා)
"පසු දින උදෑසනම පොලට යාමට පිටත් වුනු අරලියා පිටුපස කවුරුන්දෝ එනවා දැනුනත් ඇය මදකටවත් හිස ඔසවා බැලීමට තීරණය කෙරුවේ නැත.
"🧑අරලියා නංගී.... අරලියා නංංගීගී......
"👩‍ආහ්.මේ අනුහස් අයියනේ
"🧑කොහෙද යන්නෙ උදේම?
"👩‍එලවලු වගයක් ගන්න කියලා පොලට යනවා අයියේ.අයියා කොහෙද මෙහේ...
අද හේනට යන්නැද්ද?
"🧑මම...මම නම් ...මම නංගී මන් මේ නංගියේ පස්සෙන් තමයි ආවේ.😔
"👩‍අනේ ඇයි ඒ අයියේ....🙄
"🧑මට ටිකක් කතා කරන්න ඕනේ.ඒත්....නංගිට පුලුවන් නම් විතරයි.
ඒත් නංගි මං මේ කියන්න යන දේ වැරැද්දක්ද කියලා හිතෙන වාර අනන්තයි.😔
ඒත් හුගක් දවස් මන් මේ දේ ගැන හිතුවා නංගී.
"👩‍මොනාද අනුහස් අයියේ හේනේ ප්රශ්නයක් ද? නැත්නම් අපෙන් වැරැද්දක් වත් උනාද ?🙄
"🧑අනේ නැහැ නංගී🙁
"👩‍‍ඒනම් 🙄
"🧑මට සමාවෙන්න නංගී මං මෙහෙම කතා කරනවට ඒත් මට තවනම් මේක හංගගන්න බැහැ.
ඔයාට ඇති තරමක් මට බනින්න.ඒත් කමක් නැහැ. මේක අහන් ඉන්න එකම මට ලොකු සැනසීමක්😌
"🧑මම ඔයාට ආදරෙයි නංගී 
"👩‍මොකක් ඔයා...මට....🙄
"🧑ඔව් නංගී..ඔයාව දැක්ක පලවෙනි දවස මට අදවගේ මතකයි.මම ඔයාට ආදරෙයි කියන්න සුදුසු නැතුව ඇති.😔ඔයා තරන් මන් උගත් නැහැ.මට කාත් කවුරුත් නැහැ.
"👩‍මටත් සීයා ඇරෙන්න කාත් කවුරුත් නැහැ තමයි අයියේ😔.accident එකෙන් පස්සේ අම්මා තාත්තා නැති මාව බලගත්තේ මගේ සීයා.
ඒත් මට ඕනේ වුනේ හොදට ඉගන ගන්න .doctor කෙනෙක් වෙන්න.👩‍⚕️
"🧑මං දන්නවා නංගී අපි ගැලපෙන්නැහැ.😕ඒත් හිතේ තිබ්බ දේ හිරකරගන්න බැරි කමට කිව්වේ.මට සමාවෙන්න😌මං යන්නම්.
ඒත් මම ඔයාට ගොඩක් අදරෙයි.😘
(හිතේ තිබ්බ හැමදේම කියලා හිත නිදහස් කරගත්ත අනුහස් ගෙදර යන්න හිතුවා)
"👩‍අනුහස් අයියේ...අහන්න.😌
(අරලියා සහ අනුහස් ඔවුනොවුන් දෙස නෙත් යොමු කල සිටි අතර අරලියාගේ ඇහිපිල්ලම් අගින් කදුලු බින්දුවක් කම්මුල තෙත් කරා)
"👩‍මටත් කාත් කවුරුත් නැහැ අයියේ.මට මෙච්චර කාලෙකට කවුරුත් ආදරෙයි කියලත් නැහැ.😐
එහෙම හැගීමක් අම්මා තාත්තාගෙන් ලැබුවට එයාලා නැති වුනාම මට මං ජීවත් වෙනවා කියල දැනුනෙත් දවසක සීයව බලගන්න ඕන කියලා දැනුනම විතරයි.
ඒකයි හිතේ හීන පුරෝගත්තේ.👩‍⚕️
"👩‍ඔයාව දැකපු මුල්ම දවස..😑එදා රෑ සීයා ඔයා ගැන කියවද්දී දැනුන හැගීමට මම නමක් හෙව්වා .
මට හිතෙන්නේ ඒ තමයි ආදරේ 💕
"මම ඔයාට ආදරෙයි අයියේ.
"🧑අනේ මැණික ඔයා..ඇත්තමද ...ඒ වචනේ මට හිතා ගන්න බැහැ නංගී...😊
"👩‍නැහැ අයියේ... මං ඔයාට ගොඩක් ආදරෙයි..💕
"🧑දැන් පරක්කු වුනොත් සීයා ඔයාව හොයන්න ගනී.මගේ මැණික පරිස්සමෙන් ගෙදර යන්න.
(දෙන්නගෙම හිතේ ඇතිවෙච්ච සතුට බලාපොරොත්තු පුරෝගෙන අරලියා නොපෙනී යන තුරු අනුහස් බලන් හිටියා)
(හිතට බරක් වෙච්ච සොදුරු හැගීම නිදහස් කරගත්ත අනුහස් ජීවිතේ ගැන සුන්දර බලාපොරොත්තු ඇතිකරගත්තා)
#* 😊💕වසර 8ට පසු💕😊*#
"🧔Docter plzz කියන්න මගේ අරලියා හොදින් නේද?එතකොට මගේ දරුවා...👶?🙄
"👩‍⚕️පුතා පොඩ්ඩක් කලබල නොවී ඉන්න.
(මගේ මුලු ජීවිත්ම අරලියා වෙද්දී අපේ කැදැල්ලට 🤵👰කිරි සිහිනේ එද්දී අපි දෙන්නම හිතුවේ අපි ලෝකයක් දිනුවා කියලා.🌍අපි ආපු ගමන් මග දුක සතුට එක්ක ගෙවපු කාලය ලැබීම නොලැබීම එක්ක ගෙවපු දුෂ්කර ජීවිතේ අපේ අරමුණු වෙනුවෙන් කැප කරපු කාලෙත් එක්ක අරලියත් මමත් රටේ ඉහලම තැනක ඉන්න එක ගැන අපේ ආදරේට පින් දෙන්න ඕනේ 🙏
මොකද අරලියා නොහිටින්න අද මම මෙතන නැහැ)
😑ඒත් මගේ අරලියා අපේ කිරි සිහිනේ🤰 වෙනුවෙන් විදවන තරම් දැක්කාම මම මොනාද කරන්න ඕනේ කියලවත් මට තේරෙන්නෑ දෙවියන් මතක් කරනා ඇරෙන්න.🙏
"🧔Doctor....doctor .....
"👩‍⚕️කියන්න පුතා
"🧔මගේ අරලියා....🙄
"👩‍⚕️ඔක්කොමලා හොදින් පුතා..😊
"🧔 ඔක්කොමලා....කිව්..වේ...🙄
"👩‍⚕️ඔව් පුතා ඔයාලට එක්කෙනෙක් වෙනුවට දුවෙකුයි පුතෙකුයි දෙන්නෙක්ම ලැබිලා.👶👶
"🧔Doctor මට.....
මට කියාගන්න දෙයක් නැහෑ.ඒ සතුට තරම් ජීවිතේ තවට් සතුටක් මැහැ මට.දැන් මන් තාත්තෙක්
"🧔ඉක්මනින් අරලියා ලගට ගිහින් අරලියයි අපේ පුංචි පැටව් දෙන්නවයි තුරුල්.කරගන්න කම් මට ඉවසිල්ලක් නැහැ👶👶🙏
(දුප්පත් කමින් පටන් ගත්ත අපේ මේ ආදර කතාව අද මගෙත් අරලියගෙත් හීන හැබෑ වෙන්න තරම් මට හයියක් වුනේ මගේ අරලියා.දැන් ඔයත් මමත් වගකීම් ගොඩක ඉන්න අම්මෙක් තාත්තෙක්.අපිට නොලැබුනු හැමදේම එයාලට දෙමු.පන වගේ රැක ගමු.ඇත්තමයි.....ඔබයි මගේ වාසනාව😌 ඔබයි මගේ සතුට😊ඔබයි මගේ සැනසීම🤗ඔබයි මගේ මුලු ජීවිතේම මගේ අරලියා...............💏 )
😊කතාව😊
කේෂාණි කවින්ද්


No comments:

Post a Comment

UNIVOTEC එක ගැන

UNIVOTEC එකේ පාඨමාලා සහ වැඩි විස්තර සදහා පහත ඇති PDF ෆයිල් එක භාවිතා කරන්න. https://drive.google.com/open?id=1zbMNZ14FNiYV2f34K91x1KqpKmid...