Tuesday, April 28, 2020

මන්ත්‍රී කෙල්ල - නවවන කොටස

"හෙලෝ...අබිමන්...ඕ මයි ගෝඩ්..කොච්චර කාලෙකින්ද...."
කොල්ල ඔලුව උස්සල බලනකොට ඉදියෙ වෙන කව්රුත් නෙමෙයි කොල්ලගෙ ස්කූල් යන කාලෙ කොල්ලගෙ ක්රශ් එකක්....
"නතාශා....!!!!"
"ඕ මයි ගෝස් අබිමන්..ඔයා ගොඩක් වෙනස් කලා.....මාර හෑන්ඩ්සම් වෙලානි....ඉතින් අබිමන් හව් ආ යූ.....??? මං නම් හිතුවෙ නෑ අපි මෙහෙම මීට් වෙයි කියල..."
"අයිම් ෆයින්......නතාශා එහෙනම් මම යන්නම්...බායි ටේක් කෙයාර්..."
"අයියෝ පොඩ්ඩක් ඉන්න අබිමන්..හම්බුනා විතරනෙ..."
නතාශා රනුක්ගෙන් එක එක ප්රශ්න ඇහුවා...කොල්ලටනම් මේක හිසරදයක් වෙලා තිබ්බෙ.....බිල් පේ කරන්න ගිය යුරාශි තාමත් ආවෙ නැති එකට කොල්ලට මේ වෙලාවෙ මල පැනල ඉදියෙ........

ඒත් එක්කමයි කෙල්ල ඇතුලෙ ඉදන් එලියට ආවෙ ...කෙල්ල දැක්ක කොල්ල කව්දෝ කෙල්ලෙක් එක්ක කතා කර කර ඉන්නව......කෙල්ලට පොඩි ඉරිසියාවක් නොදැනුනාමත් නෙමෙයි...
"නතාශා එහෙනම් මං යන්නද....."
කොල්ල කිව්වෙ කෙල්ල එලියට එනව දැකල
ඒත් එක්කමයි එතනට කෙල්ල ආවෙ..
"රනුක්..හරි යමු..."
"ඔහ්..අබිමන්..හූ ඉස් දිස්.අනික ඇයි මෙයා ඔයාට රනුක් කියන්නෙ....මං හිතන්නෙ වැරදිලා මෙයාට...".
ඒකටනම් කෙල්ලට තරහ යන්න ආවා...
"මේ මිස් මට වැරදිලා නෑ.....අනික මේ මගෙ හස්බන්ඩ් ....ඔයාට වැරදීමක් වෙලානම් වෙලා තියෙන්නෙ ඕකෙ...අපි යමු රනුක්..."
බගෙට ඇදුම් ඇදල ඉන්න නතාශව දැක්කාම යුරාශිට දැනුනෙ අපුලක්....කෙල්ල කොල්ලගෙ බාහුවක් වටා අත් යවා රවාගෙනම බැලුවෙ නතාශා දිහා......
කොල්ල බැලුවෙ මේ මොකක්ද යුරාශිට වෙලා තියෙන්නෙ කියල....කෙල්ල කොල්ලටත් රවනව හෝ ගාලා....නතාශාගෙ මූණ දොඩම් ලෙල්ලක් වගේ ඇබුල් වෙනකොට කෙල්ලට හිතයටින් උඩපනින්න තරම් සතුටක් දැනුනා...
"ඔහ් මයි ගෝඩ්...රනුක්...ඔයා මැරි කලාද............"
"නෑ...නතා ..ශා..මං..."
කොල්ල කියන්න යන දේ වලක්වමින් කෙල්ල ඉස්සර උනා...
"ඔව්....මැරි කලා දැන් හරිනෙ මිස් දැනගත්තනෙ....එහෙනම් අපි යන්නද....බායි..."
"රනුක්...වේට්...ආ මගෙ කාර්ඩ් එක....නම්බර් එක ඇති..ඕකෙ.."
"නෑ...මිස් එයාට ඕක ඕන වෙන එකක් නෑ...ඔයා ඕක වෙන කාටහරි දෙන්න...ඕකෙ..."
කෙල්ල නතාශාටත් ගස්සගෙන ගියේ කොල්ලගෙ අත අල්ලගෙනම....
"පුහ්...මේකිගෙ ගනන්...."
නතාශා ගියෙ මූණ එක දෙක කරගෙන....
කොල්ල කෙල්ලගෙ අත අතෑරියෙ කාර් එකට ගිහිල්ලා....කෙල්ල තාමත් ඉදියෙ රවාගෙනම.....
"මොකක්ද තමුසෙ ඒ කලේ යුරාශි...අහ්..පිස්සුද..."
"ඔව් ...ඔව් මට පිස්සු...කව්ද ඒ සක්කරවට්ටම ආ.....මං බලන් ඉදියෙ ඔක්කොම...."
"තමුසෙට මොකද කව්රුඋනාම අහ්...විකාරද.."
"ඔව්..විකාර මට....පාරෙ ඉන්න සක්කරවට්ටම් නලවන්න
හොදයි මෙයාට..."
"මොකක්ද ඔඊ තමුසෙට මේ වෙලා තියෙන්නෙ ආ...."
"මට මුකුත් වෙලා නෑ....ප්ලීස් අපි යමුද...??"
"හ්ම්.."
කොල්ල කරබාගෙනම පිටත් උනා...කොල්ලට හිතාගන්න බෑ කෙල්ලට මෙච්චර තරහ යන්න හේතුව...
"යකෝ...මං හරියට ඒකිව බදාගෙන ඉදිය වගේනෙ..."
කොල්ල හිතුවෙ එහෙම....
කෙල්ලගෙ නිවස අසලයට යනකම්ම දෙන්න එක්ක කිසි කතාවක් නෑ.......
--------------------------------------------------------------------------
"බහිනව...මං යනව..."
"හ්ම් ..."
කෙල්ල බහින්න කලින් අතට ගත්තෙ කොල්ලට ගත්තු ඇදුම් පාර්සලය
"ආ....මේක ඔයාට..."
"මොනාද මේ..."
"ගෙදර ගිහිල්ලම බලන්න..."
කොල්ල දැක්කා ඒ ඇදුම් වගයක් කියල.....
"බායි පරිස්සමින් යන්න බුදුසරණයි..."
කෙල්ල එහෙම කියල දොරත් ඇරන් බහින්න හදනකොටම කොල්ල කෙල්ලගෙ අතින් ඇදල ගත්තෙ තමන් ලගට....
එක්වරම වෙච්ච දෙයින් කෙල්ල කොල්ලගෙ මූණ දිහා බැලුවෙ ප්රශ්නාර්ථ බැල්මකින්...
"ඇ..යි...."
"යුරාශි...ඇයි මේවා කරන්නෙ...අහ්..."
"මොනා...ද..."
"මං ඇහුවෙ ඇයි මේ දේවල්....මේවා කරල මොනාද බලාපොරොත්තු වෙන්නෙ අහ්...."
"රනුක්..මං.."
"කියනව යුරාශි ඇයි මේ දේවල්....කරන්නෙ..තමුසෙ මොනාද මගෙන් බලාපොරොත්තු වෙන්නෙ අහ්..කියනව යුරාශි...""??
"මු..කුත්..නෑ.රනු..ක්...ඇයි..මේ..ඔයා.."
"ඇති නවත්තනව යුරාශි....තමුසෙ මේව කරන්නෙ මොනව බලාපොරොත්තු උනත් මතක තියාගන්නව ඒ කිසි දෙයක් වෙන්නෑ ..ඕකෙ...ඇත්ත මගෙ අතින් තමුසෙට වැරද්දක් උනා තමයි .....මං සමාව ගත්තා ඒකට......ඒ කියල තමුසෙව..."
"ඇති ඇති රනුක්...හොදටම..ඇති..."
කෙල්ල ආවේගෙන්ම කියාගෙන ගියේ ඇස් වලින් කදුලු කැට එක දෙක වැටෙද්දි...
"මං ඔයාගෙන් කිසි දෙයක් බලාපොරොත්තු උන්නෑ..රනුක්....එහෙම හිතන් ඉන්නවනම් ඒක වැරදීමක්.....අනික මං මේ ඇදුම් ටික ගත්තෙ මගෙ යාලුවෙක් විදිහට ඔයාට දෙන්න... එකක් මතක තියාගන්න....ගෑනු කියන්නෙ සෙල්ලම් බඩු නෙමෙයි කියන එක.....මං යන්නම්...බායි වැරද්දක් උනානම් සොරි ..."
කෙල්ල බෑග් එකත් අරන් අත් දෙකෙන්ම කදුලු පිසදාගෙන පිටව ගියේ කොල්ල ඒ දිහා බලන් ඉද්දිම...කොල්ල කෙල්ල යන දිහා බලන් ඉදියෙ හිස් බවකින්....
"ඔහ් ශිට්..."
කොල්ල ඒ ආවේගෙන්ම ස්ටයරීන් වීල් එකට වේගවත් පහරක් එල්ල කරලා ආපහු කාර් එක ස්ටාර්ට් කරගෙන ගියේ අධික වේගෙන්ම........
-----------------------------------------------------------------------
තම කාමරේට ආපු විගසම කෙල්ල කලේ අත ඇති බෑග් එක විසික් කරල ඇදන් ඉන්න ඇදුම් පිටින්ම බාත්රූම් එකට ගිය එක.......
කෙල්ල අඩමින්ම ශවර් එක යටට උනේ ඒ හිතේ කීරී ගැහෙන තරම් වේදනාවක් දැනෙද්දි...
"ඔව් ..ම..මයි වැරදි ...රනුක්...මම..යි වැරදි..ඉහි ඉහි....ඕනවට...වඩා ලං වෙච්ච මං වැරදී.....අදි..න් පස්සෙ...මං ..ඔයා..ගෙ ජීවී..තේට එන්නෑ ආ..පහු....ඔව්..මං එන්නෑ.....ඉහි ඉහි.."
කෙල්ල හයියෙන් හඩමින්ම බිත්තිය දිගේ රූරා වැටෙමින් ටයිල් පොලොවෙ ඉදගත්තෙ දෑතින්ම හිස බදාගෙන ........
--------------------------------------------------------------------------
ගෙදර ගිහින් වොශ් එකක් දාගෙන ඇදට වැටුනු කොල්ලට මැවි මැවි පෙනුන තමන් කෙල්ලට කතා කරපු විදිහට....එවෙලෙ එක්වරම හටගත්ත ආවෙගෙට කියෙව්වට කොල්ල දැන්නම් ගොඩක් පසුතැවිලි උනා ඒ කියපු දේවල් වලට..ඒ හිතට නිවනක් නෑ ආපු වෙලේ ඉදන්.....
"ඔහ් ශිට්...මාත් මොන රෙද්දක් කියෙව්වද මංද .....කට තියන් ඉන්න බෑනෙ...මගුල..."
කොල්ලගෙ නෙත් ගියේ තම දුරකතනය වෙත....
"ඔබ ඇමතූ දුරකතනයෙන් ප්රතිචාරයක් නොමැත..."
කොල්ල දහ දොලොස් වතාවක්ම කෝල් කලත් කෙල්ලගෙ දුරකතනයෙන් කිසිම ප්රතිචාරයක් නෑ.....
"ශිට්...මොන මගුලක් කරනවද මේකි ෆෝන් එක ඕෆ් කරන්....අම්මප ගහනව ඕක පොලේ ආපහු දැක්කොත්..."
කොල්ල ඇදෙන් බිමට පැන්නෙ හිතේ නොසන්සුන් කම දෙගුන් තෙගුන වෙලා තියෙද්දි ......ඒත් එක්කමයි කොල්ලගෙ නෙත් ඉබේටම කාර් එකේ යතුර වෙත ගියේ...
--------------------------------------------------------------------------
මධ්යම රාත්රිය ලගා උනත් තවමත් කෙල්ලට නින්දක් නෑ ..ඇදේ ඒ මේ අත පෙරලෙමින් කෙල්ල කොට්ටෙත් බදාගෙන තාම ඉකිගහනව......
ඒත් එක්කමයි එකවරම...

ඒත් එක්කම කෙල්ලට ඇහුනා ජනේලය ලග කර කරස් ගාල සද්දයක්....කෙල්ල ඇදෙන් බිමට බැහැල බැලුවාම දැක්කා කාගෙ හරි හෙවනැල්ලක් තියෙනවා බැල්කනි එකේ..........කෙල්ලගෙ හදවත හැගෙනව හයියෙන් ලබ් ඩබ් ගගා....කෙල්ලට ලොකු බියක් දැනෙන්න ගත්තා දැන්නම්.......
"ක්ක්.....ව්ද..."
කෙල්ල ඇදෙන් බැහැල හිමින් හිමින් ගියේ ජනෙලේ ලගට.....
කෙල්ල බැල්කනි එක දිහා බලනවත් එක්කම කව්රුන් හෝ කෙල්ලව ඇදල අරන් ඇගේ මුවත් තද කරන් හේත්තු කරගත්තෙ අසල බිත්තියට.....
"ම්ම්ම්හ්...අතා...අරි..නවා....කව්ද...ත..මුසෙ...අප්ප.ච්..."
"ශ්...කෑ ගහන්නෙපා යෝදියෙ ...."
එතකොටයි කෙල්ල ඒ මූණ හරියටම දැක්කෙ...හද එලිය නිසා කෙල්ලට මූණ අදුනගන්න අපහසු උනේ නෑ....
"ර...නුක්...!!"
"ශ්..කෑගහන්නෙපා...."
"ඔයා....ඇයි..ඇයි..මොකක්ද මේ...කරන්නෙ අහ්...මහ රෑ කෙල්ලන්ගෙ ගෙවල් වලට ඇවිල්ලා ...ලැජ්ජ නැද්ද හොරෙක් වගේ...මං බය උන තරමක්..."
කෙල්ලට දැනුයි ලේ පොදක් ඉනුවෙ....ඒත් රනුක් මේ විදිහට එන්න හේතුව කෙල්ලට හිතාගන්න බැරි උනා...
"තමුසෙට කෝල් වලට ආන්ස්වර් කරන්න බැරිද..අහ්..ගන්නව ෆෝන් එක..."
"ඇ...යි.."
"ඇයි නෙමෙයි ගන්නව ෆෝන් එක...."
කෙල්ල ෆෝන් එක ගෙනත් දුන්නට පස්සෙ කොල්ල ඒක ඔන් කරා...
"බලනව මිස් කෝල් 57ක්.......ගහනව පොලේ මේ මගුල මන්..."
කොල්ල ෆෝන් එක පොලේ ගහන්න හදලත් ආපහු ඇදට විසික් කලේ කෙල්ලටත් රවල...
"රනුක්...ඇයි මේ...ප්ලීස් යන්න....ඇයි මෙහෙ ආවෙ...."
"මට බෑ . ...මං ආවෙ තමුසෙව බලන්න...."
"රනුක්...ප්ලීස් යන්න..නැත්නම් මං අප්පච්චිට කතා කරනව......අප්පච්...."
කෙල්ලට කියන්න හම්බුනේ එච්චරයි ...කොල්ල කෙල්ලගෙ බදවටාඅත් යවා තමන් ලගට ඇදල අරන් කෙලින්ම පාත් උනේ කෙල්ලගෙ දොතොල් වලට.......
සිදුවූ දේ අදහාගන්න බැරිව කෙල්ලගෙ ඇස් බෝල උනේ ඉබේටම.....කෙල්ල හැකි වෙරා යොදා කොල්ලව තල්ලු කලා...
"තමුසෙට පිස්සුද රනුක්...අහ්...මොකක්ද මේකේ තේරුම...අහ්..අමතකද එවෙලෙ කියපුවා....තමුසෙට මාව පේන්නෙ සල්ලි වලට විකිනෙන ගෑනියෙක් වගේද රනුක්....අහ්..කියනව..රනුක්.."
"රශි.....මං දන්නව...මගෙ අතින් ගොඩක් දේවල් කියවුනා එවෙලෙ....ඒවා නොදැනුනවත්වම"
කියවුනේ අයිම් සොරි .... රශී...."
"ඔයා අතින් හැමදේම නොදැනුවත්වම නේද උනේ රනුක්..ඔහ්...හරි හරි ඔන්න මං ඔක්කොම අමතක කලා..ප්ලීස් අදින් පස්සෙ ආපහු මාව හම්බෙන්න එන්නෙපා......ප්ලීස් දැන් යන්න..."
"රශී මං...."
"ප්ලීස් රනු...ක් මට ඔයා..ගෙ කිසි දෙයක්...අහන්...න...ඕනි නෑ...ප්ලීස් ගෝ.."
"හරි.. මං යන්නම්.....ඕකෙ මං යන්නම්....."
කොල්ල එහෙම කියල කෙල්ල දිහාවත් නොබල ආපහු යන්න හදල එසැනින් ආපහු හැරිල පාත් උනේ කෙල්ලගෙ නැවත සැරයක් දොතොල් වලට ..... එ සැනින් කොල්ල කෙල්ලව අතෑරල බැල්කනියෙ බැහැල පිට උනේ කෙල්ල දිහා බලන්නෙවත් නැතිව....
කෙල්ලට වෙච්ච දේ හිතාගන්න බැරිව තම ඇගිලි තුඩු ගෙනගියේ තම දෙතොල් මතට......
-----------------------------------------------------------------------
උදේ පාන්දර කෙල්ල ඇහැරුනේ දුරකතන නාදයත් සමග.....කෙල්ල ෆෝන් එක අතට අරන් බලනකොට දැක්කා කොල්ල කෝල් කරන්නෙ කියල...කෙල්ල ෆෝන් එක කට් කලේ හැරෙන තත්පරේට.......එ සැනින් තවත් ඇමතුම් කිහිපයක් ම ආවත් ඒ හැම එකක්ම කෙල්ල කට් කලා.....
ටික වේලාවකින් කෙල්ලගෙ ෆෝන් එකට ආවෙ කොල්ලගෙන් මැසේජ් එකක්...
"yurashi mage yaka ussaganna hdnnepa.....😠🤬🤬😡.."
"Mokada..."
"Ai 4n ek answer krnntte ah...."
"Mata oni hind ...😒 ai mokada.."
"Ah ehemada madam...hitahn mn ennam dan...😠.."
"na na..onna...mokd cl kle..?."
"Nikan..🙄"
"Ane wikara...bye..."
"Ee ohoma innawa oiii...gm manika 😆😍😘😘😘 "
"Pissuda ..😒"
"Oh....hoda karanna barid mm...."
"Ba...."
"Hako ....dukai dukai dukai...😫😫😪😅🔫"
"mala wikara behet tikak ganna apita wada nodi..."
"Ha manika....s dand nagitte mage sudu nona mm...."
"Ko...🙄"
"Manika.."
"Ko giyd mage manik kate...🙄🙄😪😕💔💔"
"Manika..
Sudu nona???..ko yakoo"
"Ane redda hitahnko.."
කොල්ල එක දිහට තව මැසේජ් ඒව්වත් කෙල්ල නම් රිප්ලයි කලේ නෑ....වෙලාවකට කොල්ලගෙ මේ විකාර වලට කෙල්ලට තනියම හිනා....ඒත් ඔනවට වඩා ඕන්නැ කියල කෙල්ල තමන්ගෙ හිතටම තරවටු කරගත්තා....
------------------------------------------------------------------------
"විල්සන් බොස් ...අපි මොකක්ද කරන්නෙ...දැන්..."
"කොහොමහරි අර රාජතේජගේ කෙල්ලව අපි ලගට ගන්න ඕනි රනේ.....ඒකි තමයි තුරුම්පුව...රාජතේජයවයි අර බල්ලා අබිමන්වයි නටවන්න නම් ඒකිව ඕනෙමයි....ඒකිව උස්සන්න ඕනේ කොහොමහරි ..."
විල්සන් පැවසුවෙ හිතේ වැඩ කරන ප්ලෑන් එකින් එක මනසින් සකස් කරමින්....ඒත් එක්කම ඇතුලට ආවෙ විල්සන්ගෙ ගෝලයෙක්..
"බොස්....කොල්ල අවිල්ලා "
"හ්ම් එන්න කියපන්...."
ඒ සමගම ඇතුලට ආවෙ තරුණයෙක්....
"හ්ම් වාඩිවෙයන් කොල්ලො...ඉතින්..ඉතින්..කොහොමද .."
"වරදක් නෑ ඇමතිතුමා....ඇමතිතුමා මට එන්න කිව්වෙ??"
"හ්ම් හ්ම්....උබට මං ඒ කාලෙ කරපු උදව් මතක ඇතිනෙ නේද කොල්ලො...??"
"අපොයි ඔව් ඇමතිතුමා ...ඇමතිතුමා නැත්නම් මට ජොබ් එකත් නෑ....මට අමතක නෑ ඇමතිතුමා ..."
"හ්ම් එහෙනම් උබ මං වෙනුවෙන් උදව්වක් කරන්න ඕනි කොල්ලො...."
"කියන්න ඇමතිතුමා ...ඇමතිතුමා වෙනුවෙන් ඕන දෙයක් මේ රිවිහාන් කරනව..."
"මේකයි.....උබ අදුරනව ඇතිනෙ රාජතේජ ගේ දුවව..."
"කව්ද මේ යුරාශි මිස්වද....ඔව් ඇමතිතුමා අපේ නගර සභාවෙ එකම කාන්තා නියෝජනයනෙ.....මාත් එක්ක අව්රුදු 2ක් වැඩ කලා.....මං නොදන්නවද යුරාශි මිස් ගැන...."
"අහ්...එහෙනම් හොදයි......මේකයි වෙන්න ඕනෙ.....මට ඒකිව රාගම පල්ලිය ගාවට අද අරන් එන්න ඕනි..උබට පුලුවන්ද ??"
"බැරි වෙන එකක් නෑ ඇමතිතුමා ......මං ෆුල් ට්රයි කරන්නම්ම්ම්ම්..."
"හ්ම්..ඉදා මේක ගනින්.."
විල්සන් රිවිහන් අතට දුන්නෙ සල්ලි මිටියක්...
"හරි ඇමතිතුමා වැඩේ උනා කියල හිතාගන්නකො...."
රිවිහාන් පිටව ගියේ සල්ලි මිටිය දිහා කෙල හලමින්ම.....
විල්සන් ඉදියෙ සතුටින් උන්මාද වෙලා..
"අපි බලමු දැන් කව්ද මේ ගේම් එක දිනන්නෙ කියල ..."
එහෙම කියල විල්සන් මහ හඩින් සිනාසුනේ වියරුවෙන් වගේ...
---------------------------------------------------------------------
"මැඩම්..."
"කියන්න සේපාල..."
"මැඩම් හම්වෙන්න කව්දෝ මහත්මයෙක් ඇවිල්ලා...."
"කව්ද සේපාල අදුරන කෙනෙක්ද...."
"නෑ මැඩම් මීට් කලින්නම් දැකල නෑ..."
"හ්ම්...එන්න කියන්නකො ...ගාර්ඩ්න් එකේ ඉන්න කියන්න මං එන්නම්"
යුරාශි බැලුවෙ කව්ද කියල.....
"යුරාශි මිස්....."
"රිවිහාන්....ඕ මයි ගෝඩ්....මොකෝ මෙහෙ.."
"නෑ මැඩම් ......අත්යවශ්ය කාරනේකට ආවෙ..."
"කියන්න රිවිහාන්....."
"මිස් ...අර බිල්ඩින් ප්රජෙක්ට් එක ඇපෲ උනා මිස්..... හෙට ෆයිල් එක බාරදෙනව....ඒකට මිස්ගෙ සයින් එක ඕනි...ෆයිල් එක ගෙන්න දෙන්නැති හින්ද මිස්ට එන්න වෙනව...මිස්ට පුලුවන්ද දැන් එන්න..."
"ඔහ්....දැන්ද..ම්ම්ම්ම්..ඕකෙ මං එන්නම්..."
"මිස් මාත් එක්කම යමු මිස් .....මං කාර් එකේ ආවෙ...මං ආපහු මිස්ව ඩ්රොප් කරන්නම් ගෙදරට..."
"ඔහ්...ම්ම්..හරි වේට් මං එන්නම් විනාඩි 5ක් දෙන්න..."
කෙල්ල පිට උනේ වෙන්න යන දේ ගැන කිසිම හැගීමක් නැතුව....
රිවිහාන් විල්සන්ට කෝල් එකක් අරන් කිව්වා වැඩේ හරි කියල.......
කෙල්ල ආවට පස්සෙ රිවිහාන්ගෙ කාර් එකේම දෙන්නත් එක්ක පිට උනා....
--------------------------------------------------------------------------
කොල්ල කොච්චර කෙල්ලට කෝල් කලත් කෙල්ල ෆෝන් එක දාල ගිහින් තිබුන නිසා නෝ ආන්ස්වර් ....බැරිම තැන කොල්ල කෝල් කලේ කෙල්ලගෙ ගෙදර ගේට්ටුවෙ මුරකාරයට...
"හෙලෝ සේපාල ...."
"රනුක් මහත්තය ..."
"කෝ යුරාශි මැඩම්...ගිහින්ෆෝන් එක ආන්ස්වර් කරන්න කියන්න ......"
"අනේ මහත්තය ...නෝනා මේ දැන් ගියානෙ..."
"මොකක්..ගියා කොහෙද..."
"දන්නෑ මහත්තය ...කව්ද මංද මහත්තයෙක් ආවා එයත් එක්ක ගියා රාජකාරී වැඩකට කියල...."
"ආපු කෙනා කව්ද කියල අදුරනවද......"
"නෑ මහත්තය ..මීට කලින්නම් දැකල නෑ..."
කොල්ල ෆෝන් එක කට් කලේ අධික කෝපයකින් ..
"ඔහ්...ශිට්..මං කිව්වනෙ ඕකිට මට කියන්නැතුව එලියට බහින්න එපා කියල..."
කොල්ල අසල බිත්තියට වේගවත් පහරක් එල්ල කලේ නොසන්සුන් හිත සංසුන් කරගන්නට වෙර දරමින්....
---------------------------------------------------------------------
"මිස් පහුගිය ටිකේ මොකෝ ආවෙ නැත්තෙ.."
"කරදර වගයක් උනා රිවිහාන් අප්පච්චිට..."
"අහ්..ආරංචි උනා....දැන් කොහොමද ඇමතිතුමාට..."
"දැන් ටිකක් හොදයි රිවිහාන්..."
කෙල්ලට දැනුයි මතක් උනේ කොල්ලට කියන්නැතුව නේද ආවෙ කියල ...මොකද කොල්ල කිව්වනෙ එලියට බහිනවනම් තමන්ට කියල බහින්න කියල...
"එක අතකට මං මොකටද එයාට කියන්නෙ....මං කරන්නෙ මට ඕනි දේ...."
කෙල්ල එහෙම හිතල ඉවරවෙනකොටම ඔවුන්ගෙ කාර් එක ඉස්සරහින් වේගයන් ඇවිත් කාර් එකක් නැවැත්තුව......
ඒත් එක්කමයි....

ඒත් එක්කම කාර් එකෙන් බහින කෙනා දැකල කෙල්ලගෙ ඇස් උඩ ගියේ ඒ කෙනා වේගයෙන් කෙල්ල ඉන්න කාර් එක දෙසට එද්දි..
"ඉඩියඩ් පිස්සෙක්ද කොහෙද මිස්.......මැරෙන්න යනවද මංද මුන්..."
රිවිහාන් කෑගහන්න ගහන්නෙ කෝපයෙන්...
"ර...නුක්...!!."
ඔව් ඒ වෙන කව්රුත් නෙමෙයි රනුක් තමයි කාර් එක හරස් කලේ....කොල්ල ගිනි පිටවන දෑසින් කෙල්ල ලගට ආවෙ.....
"යුරා..ශි...බැහැපන් එලියට...දැන්ම...."
"රනුක්...මං.."
"ඇහුන්නැද්ද මං කිව්වෙ දේ බැහැපන් දැන්ම මගෙ යකා උස්සගන්න හදන්නැතුව......"
"රනුක්....මට යන්න දෙන්න....මං යන්නෙ වැදගත් වැඩකට....ප්ලීස්..."
"උබට මෙහෙම කියල හරියන්නෑ ...."
කොල්ල එහෙම කියල කාර් එකේ දොර ඇරල කෙල්ලව ඇදල ගත්තෙ තමන් ලගට......
"ර..නුක්..අතාඅරිනව...පිස්සුද තමුසෙට...මොකක්ද මේකෙ තේරුම...අහ්..."
"කට ...කට වහපන්...පලයන් දැන් ගිහින් මගෙ කාර් එකෙන් නැගපන් මාව කේන්ති ගස්සන්නැත්තුව......"
"රනුක්...මොකක්ද ..මේ කරන්නෙ...අනික මං.."
"මිස්ට තමුන්ට යන්න පුලුවන්...මෙයා මාත් එක්ක යයි.....එනව යන්න.."
කොල්ල රිවිහාන්ට එහෙම කියල කෙල්ලව අරන් යන්න හැදුවම රිවිහාන් කාර් එකෙන් එලියට බැහැල ආවෙ කොල්ල ලගට...මොකද වැඩේ ගැස්සෙන්න යන්නෙ කියල රිවිහාන්ට තේරුනා...
"මේ මිස්ට කරුණාකරල මෙයාව අතෑරල ඔහේ යන තැනක යනවද...අහ්...."
"මේ ඔඊ...එකපාරක් කිව්වනෙ....තමුසෙ යන තැනක යනව....මං මෙයා ගැන බලාගන්නම්....ඕකෙ..."
"රිවිහාන්...ඔයා යන්න....මං ඩිරෙක්ටර් ට කෝල් කරල කියන්නම්..."
කෙල්ල කිව්වෙ දැන්නම් කොල්ලට විරුද්ධ වෙන එක නුවනට හුරු නැති නිසා...
"ඒත්..."
"මං ඒ ගැන බලාගන්නම් රිවිහාන්......ඔයා යන්නකො..ඕකෙ..රියලි සොරි ....."
කෙල්ල එහෙම කියල නැග්ගෙ කොල්ලගෙ කාර් එකට.....කොල්ල රිවිහාන් දිහාත් දවා අලු කරන් බැල්මක් හෙලල කාර් එකට නැගල පිටත් උනේ හිතේ කෝපෙටම අධික වේගයකින්.....
කෙල්ල නම් කලේ ගෙදර යනකම්ම ඇස් වහගෙන ඉදිය එක....මොකද වේගයෙන් යනකොට කෙල්ල ගොඩක් බයයි....
--------------------------------------------------------------------------
කොල්ල ඇවිත් කාමරේ දොරත් වහල කෙල්ලව අතෑරියෙ කෙල්ලගෙ කාමරේ ඇද මතට......
කොල්ල ඉදියෙ නිවාගත නොහැකි කෝපයකින්....ඒ ඇස් බලන්න බැරි තරමට රතු වෙලා....කෙල්ල ඇදට වෙලා බියෙක් යුතුව බලන් ඉදියෙ කොල්ල දිහා...කොල්ල කෙල්ල ලගට ලංවෙලා කෙලින්ම අල්ලගත්තෙ කෙල්ලගෙ නිකටින්.....
"ආ...ව් රි..දෙ...නව ..ර..නු..ක්..අ..තා..රින්...න..."
"උබට රිදෙනවද අහ්...කියපන්....රිදෙනවද...ඔයිට වඩා මට රිදෙන්න තිබ්බා යකෝ උබට මොනාහරි උනානම්....."
කෙල්ල කොල්ල ඒ කියපු දේට ඔහු දිහා බැලුවෙ තුෂ්නිම්භූත වෙලා වගේ...
"කියපන්...උබ මට නොකිය ගියේ ඇයි අහ්..මං උබට කිව්වා නේද සිංහලෙන්..අහ්..උබට මං කියන දේ අහන්න බැරිද අහ්....එච්චරටම උබේ මුරණ්ඩුකම ද..කියපන්..
..."
රනුක් කිව්වෙ කෙල්ලගෙ නිකට අතෑරල ...කොල්ලගෙ මේ දේවල් තවත් නම් ඉවසන් ඉන්න බැරි උනා කෙල්ලට...
"ඇයි මං ඔයාට කියනනෙ .....අහ්..ඔයා මගෙ කව්ද....අහ්....මං කරන කියන හැම එකම ඔයාට කියන්න ඕනිද....රනුක්....අනික අමතක කරන්නෙපා ඔයයි මගෙ ජීවිතේ විනාස...."
කෙල්ලට කියන්න හම්බුනේ එච්චරයි ....ඒ සමගම වැදුනු කම්මුල් පහරෙන් කෙල්ලව විසික් වෙලා ගොස් වැටුනෙ ඇද මතට...
"ඇති නවතතපන්...හොදටම ඇති.....ඔව් මං උබේ කවුරුත් නෙමෙයි.....මමයි උබේ ජීවිතෙ විනාස කරේ....ඔව් මං හින්දයි මේ ඔක්කොම හරි...හරි..මං යන්නම්...උබට මං හින්දනෙ මේ ඔක්කොම... එහෙමනෙ....ඕකෙ...අයිම් රියලි සොරි මිස් යුරාශි......ආපහු මං එන්නෑ....මං මං..යන්නම යන්නම්....උබට කවදාවත් වදයක් වෙන්නෑ..."
කොල්ල එහෙම කියල අත් දෙක එකතු කරල කෙල්ලට වැන්දෙ හීනියට ඇහෙන් කදුලක් මෝදු වෙද්දි.....කෙල්ලට තවත් මේ දිහා බලන් ඉන්න බැරි උනා.....
කොල්ල හැරිල යන්න හදනවත් එක්කම කෙල්ල ඇදෙන් බිමට පැන දිවවිත් පිටිපස්සෙන් කොල්ලව බදාගෙන ඒ පිටට තම මූණ තියන් හඩන්න ගත්තෙ කොල්ලගෙ කමිසයත් තෙත් කරමින්...
"මා..ව දා..ලා යන්නෙපා...ර..නුක්....සො...රි..මං...වැර...දි මං..ඔයා...කි..යන...දේ..ඇහු..වෙ නෑ මං......අනේ...ර..නුක්..ඉන්න..මා..ව ත..නික..රනෙපා....මට...ස..මාවෙන්න...දෙ..යියනෙ..."
කෙල්ල තව තවත් කොල්ලව බදාගනිමින් හඩන්න ගත්තෙ කොල්ල කෙල්ලගෙන් මිදෙන්න දගලද්දි...බැරිම තැන කොල්ල කෙල්ලව තල්ලු කලා...
කොල්ල කෙල්ලව තල්ලු කරපු පාර කෙල්ලගෙ නලල ගිහින් වැදුනෙ ඇදේ විට්ටමේ.....කෙල්ල නලලත් අල්ලගෙන ඇදෙහි දිගා උනේ නලල එහි වැදිල තඩිස්සි වෙද්දි....
කොල්ල අඩියට දෙකට ලංඋනේ නලලත් අල්ලගෙන හඩමින් ඉන්න කෙල්ල ලගට...
"රශී....#මැනික...රශී.....මොකද උනේ..කතා කරපන්..රශී...මාව පිස්සෙක් නොකර කියපන්....ඔහ් ශිට්.."
එතකොටයි කොල්ල දැක්කෙ තමන් තල්ලු කරපු පාර කෙල්ලගෙ නලළ වැදිල කියල...
"රනු..ක්..මට..ස..මා..වෙන්න..මා..ව දා...ලා යන්..නෙපා......"
කෙල්ලට නලලෙ වේදනාවට වඩා තිබ්බෙ හිතේ වේදනාව ...කොල්ලට කෙල්ල අඩන දිහා බලන් ඉන්න බෑ තවත්....
"මට..ස..මාවෙ..යන් රශී..මං මං මග කෙල්ලට රිද්..දුවා නේද...මං මහා..පව්කාරයෙක්.මං මහ පව්කාරයෙක් ...ශිට් .."
කොල්ල කෑගහන්න ගත්තෙ දෑතින්ම හිස බදන්.....ඉන්පසුව කොල්ල කෙල්ලව තම ලයට හේත්තු කරන් කෙල්ලගෙ නලල වෙත නැඹුරු වෙලා ඉදිමිලා තියෙන තැන දෙතොල් තවරන්න ගත්තෙ උමතුවෙන් වගේ....
කොල්ල ඇගේ හිස තියාගත්තෙ තම උකුලෙන්...
"රශී....රි..දෙනවද මැනික...මං...ගොඩක් රිද්දනව නේද මගෙ කෙලල්ට..ශිට්....කෝ එන්න...අපි මොනාහ...රි ගාමු ඔතන..."
"එ...පා...මෙ..හෙම...ඉ..න්න...දෙ..න්න..."
කෙල්ල අමාරුවෙන් කෙදිරි ගෑවෙ කොල්ලට තවත් තුරුලු වී....කොල්ල හිමීට කෙල්ලගෙ ඔලුව අරන් කොට්ටෙන් තියල ෆස්ට් ඒඩ් බොක්ස් එකත් හොයාගෙන ඒකෙන් බාම් එකක් අරන් කෙල්ලගෙ නලලෙ ගෑවෙ කෙල්ල අමාරුවෙන් කෙදිරි ගාද්දිම.....
කොල්ල කෙල්ලගෙ කෙදිරිල්ල නවතිනතෙක්ම නලලට පිඹ පිඹ කෙල්ලව සනසන්න උත්සහ කලා.....කවදාවත් කිසිම දේකට කදුලු හලපු නැති කොල්ලගෙ ඇස් වලත් අද කදුලු....
"මා..ව..දා..ල..යන්...නෙපා..රනු...ක්..."
"නෑ නෑ....මං කොහෙවත් යන්නෑ මැනික ම්ම්.....දැන් නිදාගන්න..මං යන්නෑ මගෙ කෙල්ලව දාල කොහෙවත්.....මං ඉන්නව ම්ම්..."
කොල්ල කිව්වෙ ඒ හිස නොනවත්වාම සිඹමින්...
ටික වෙලාවක් යද්දි කෙල්ලට නින්ද ගියේ කොල්ලගෙ තුරුලෙම...
කොල්ලට ගොඩක් දුකයි කෙල්ල මෙහෙම ඉන්දි...
"මට සමාවෙයන් රශී..මං මං කලේ හැමදාම උබට රිද්දුව ..එක..මට..මට මන් දන්නෑ..බන්...ඒත් මං එක දෙයක් දන්නව.....මේ හිත ගැහෙන්නෙ උබේ නමින් විතරයි කියල....මං දන්නෑ කොහොම එහෙම්ස් උනාද් කියල ...ඒත් ...ඒත් මට උබව නැති කරගන්න බෑ බන්...."
කොල්ල කෙල්ලගෙ හිසට දෙතොල් තිය තිය කියවන්නෙ ගත්තෙ කෙල්ල නමින් උපන්න අසීමිත කැක්කුමකින්...
කොල්ල මැනිකගෙ උදව්ත් ඇතිව කෙල්ලගෙ නලලත් තවල රෑ වෙනකම්ම ඉදලයි ආපහු ගෙදර ආවෙ.....ගෙදර ඇවිල්ලත් ඒ හිත නොසන්සුන්.....


No comments:

Post a Comment

UNIVOTEC එක ගැන

UNIVOTEC එකේ පාඨමාලා සහ වැඩි විස්තර සදහා පහත ඇති PDF ෆයිල් එක භාවිතා කරන්න. https://drive.google.com/open?id=1zbMNZ14FNiYV2f34K91x1KqpKmid...