Tuesday, April 28, 2020

මන්ත්‍රී කෙල්ල - දසවන (අවසාන) කොටස

පහුවදා කෙල්ල ඇහැරුනේ හිසේ බර ගතියත් එක්ක.....රැයේ සිදු වූ සිදුවීම් එකින් එක මතක් වෙද්දි කෙල්ලට ඉබේම සුසුමක් .........
ඒ නිතැනින් කෙල්ල ෆෝන් එක ගත්තෙ අනිවාරෙන් කොල්ල කෝල් කර ඇතියි කියල හිතුන නිසා......
"Rashi....dan kohomd ..ridenwd tm ??😢😰😞........?? Aharunama msg ekak dnn ...mm..??ok..mtk krl dnna..plz😕🧡"
කොල්ලගෙන් පාන්දර ඉදන්ම දිගට හරහට මැසේජ් තිබ්බා....කෙල්ලට මතකයි ඊයේ තමන්ගෙ නලල වැදිච්ච වෙලාවෙ කොල්ල පිස්සුවෙන් වගේ හැසිරුනු හැටි...
කෙල්ලට කොල්ල ගැන දැනුනෙ කියාගන්න බැරි දුකක් වගේම ලොකු අනුකම්පාවක් ....තමන් ඒ විදිහට කොල්ලට ඊයේ කතා කරපු විදිහ ගොඩක් වැරදි කියල කෙල්ල දන්නව...කෙල්ල ඒ ගැන තාමත් පසුතැවෙනවා...
කෙල්ල ෆෝන් එක අරන් කෝල් එකක් ගන්න හදල ඒ වැඩෙ නැවැත්තුවෙ කොල්ල තාම නිදි කියල හිතල...මොකද මේ උදේ කොල්ලට කෝල් කරල කරදර කරන්න කෙල්ල කැමති උන් නෑ...ඒක නිසා කෙල්ල මැසේජ් එකක් තිබ්බා..
"Gm ..dan adui tikk ..."
එසැනින් කොල්ලගෙන් රිප්ලයි ආවා....කොල්ල ඇහැරිල ඉදියෙ ...
"Dand ahrune gm..hm mn manikata kiwwa blnn kiyl.....hm adunm kmk na..rashi im sry rashi mn oyt ridduwa neda???im sry sry very sry 😞😞😞😞😞"
"Hm kmk na amtk krmu..mat waradi...sry godaaaaak.😟.."
"Nalala amarud godak kiyanna...mn ennada..??"
"Pissud..😒.....epa"
"ba mt blnn oni...."
"Pissud ane mehe minissu monwa hitaid..😒😒😒"
"Mt moko mn enne mage kellawa blnna...katawat baye inne.moktd...??🤨😚"
"Ane me...mn ynwa bye..."
කෙල්ලගෙ මුවේ සීන් සිනාවක් ඇදුනෙ ඉබේටම......
"Poddk innwa..mt deyk dngnn oni...kawd ara eeye thamusewa ekkn giya kolla...ah..???😏"
කෙල්ලට හිතුනා පොඩ්ඩක් කොල්ලව අව්ස්සන්න.....
"Eyada.......ai ahnne ah..."
"U moka unt kmk na aphu u ekka kisi ganudennuwak thiyagnn ba hri...😒😒😡"
"E moko bri...me dnnwad eya magen kamatta ahuwane...mn tm uttryk dunna....onna ohe kmti kiynawa matat kollek nti eke...handsome ne.??.mara smart 😍😍😍"
කොල්ලට කේන්ති යන්න වැඩි වෙලාවක් ගියේ නෑ....
"Ah ub kmtt deela blpnko ...edata uge malaminiyawat hoyagnn bri wei....ubwat mrl mn uwat maranawa..danagnin..😡😡😡😡😡😡😡...."
කෙල්ලට හයියෙන් හිනා ගියේ කොල්ල එවපු මැසජ් එකට....
"ඉරිසියාකරයා.."
කෙල්ල තමන්ටම කියාගත්තා.... දෙන්නත් එක්ක ඔහේ මැසේජ් කර කර ඉදිය විනා වෙලාව යනවත් තේරුන්නෑ.......
ඉඩෝරයට පස්සෙ වසන්තය එනව කියනවනෙ...දැනුයි ඒ හිත්වල සැනසුම් සුසුමන් දලු ලන්නෙ....
------------------------------------------------------------------------
"ශිට් බලපන්...ප්ලෑන් එක ඔක්කොම වතුරෙනෙ...."
"බොස්...."
"පලයව් අහකට...."
තම සැලසුම් හරි ගුය නැති නිසා විල්සන් ඉදියෙ කුපිත වෙලා.....අහුවෙන අහුවෙන බඩුමුට්ටුව කෑලි කරලයි ඔහු කෝපය නිවාගත්තෙ...
"අබිමන්..උබ ගැන මං බලාගන්නම්...තො හිතුව මදි මාත් එක්ක හැප්පෙන්න යකෝ....තෝ දන්නෑ මේ විල්සන්ගෙ හැටි...."
විල්සන් කියවන්න ගත්තෙ වියරුවෙන් වගේ හැසිරෙමින්...
"ඒකිව උස්සන්න ඕනි...කොහොමහරි උස්සන්න ඕනි......."
"බොස්...මොකක්ද ප්ලෑන් එක..."
"ඒකිව එලියට ගන්න ඕනි කොහොමහරි...ඒත් අර අබිමන් බල්ලා ඉන්නකම් ඒක කරන්න අමාරුයි ටිකක්....ඒකට මං ගාව තියෙනව හොද මාස්ටර් ප්ලෑන් එකක්....අපි බලමුකො...මේ පාර නම් කිසි දෙයක් වරදින්න බෑ....උබලට තේරුණාද..."
"ඔව් බොස්...බොස් කියන්න අපි මොනාද කරන්න ඕනි කියල..."
විල්සන් මෙවර සැලසුනේ කූට උපක්රමයකින් කෙල්ලව එලියට ගන්න......
--------------------------------------------------------------------------
සවස් යාමයේ කෙල්ල ඉදියෙ මල් පැල වලට සාත්තු කරමින්...ඒත් එක්කම නිවසේ..?
ලැන්ඩ් ෆෝන් එක නාද වෙන්න ගද්දි කෙල්ල ගියේ ගේ ඇතුලට ගිහින් එය ආන්ස්වර් කලා...
"හෙලෝ....මිස් යුරාශි??..."
"ඔව් කියන්න...."
ඒත් සමගම ඇහුන දෙයින් කෙල්ලට දැනුනෙ කලන්තයක් වගේ....
"මිස් යුරාශි....මේක අහක කලබල වෙන්නෙපා......රනුක් ඇක්සිඩන්ඩ් වෙලා...මං මේ කතා කරන්නෙ එයාගෙ ලගම යාලුවෙක්....රාගම හොස්පිටල් එකේ දැන් ඉන්නෙ...."
"මොනව....අනේ දෙයි..යනේ....ර ..නුක්....එයා...ට කො..හො..මද...කියන්න.....හො..දින්...නේද....අනේ .ර...නුක්....අනේ දෙ..විය.නේ...එයා..ට මු..කුත් ..කරදරයක් ක..රන්නෙපා...."
කෙල්ල අඩන්න ගත්තෙ බිම වැටිලා...කෙල්ල අඩන සද්දෙට මැනිකත් ආවා...
"අනේ නෝනා...මොකද දෙයියනෙ මෙ....."
"මැ..නික...මං යන...ව....රනු..ක් ඇක්..සිඩන්ට්...වෙලා...අප්..පච්චිව බලාගන්න ..."
"නෝ..නා....අනේ..."
කෙල්ල කිසිවක් කතා නොකර එහෙම්මම එලියට බැස්සෙ මැනිකා පස්සෙන් එද්දි...
කෙල්ල පිස්සුවෙන් වගේ පාරට බැහැල දුව දුව අඩමින්ම හෙව්වෙ ටැක්සියක් ........
ඒත් එක්කම .....

ඒත් එක්කම කෙල්ල ලගින් නතර කලේ කලු පැහැති වෑන් රථයක්....ඉන්බැස්සෙ වෙන කව්රුත් නෙමෙයි විල්සන් හැඩිදැඩි ගෝලයෝ හතර දෙනෙක්....!!..උන් ඔක්කොම ඉදියෙ මූනූ පෙන්නෙ නැති වෙන්න ආවරණය කරගෙන....
"ආ..හ්..අතෑ..ර..පන් කව්ද..උබල.......අනේ....ම..ට..යන්න...දීප..න්..".
කෙල්ල කෑගහන්න ගත්තෙ උන් කෙල්ලව ඇදල වාහනේට දාගන්නවාත් සමගම......
"ඉක්මනට යමන්...."
කෙල්ල කෑගහන නිසා එකෙක් කෙල්ලගෙ මූනට ලේන්සුවක් තිබ්බ සැනින් කෙල්ලව සිහි නැති වෙන්න.........
"බොස්...වැඩේ හරි..."
" - - - - - - - - - -"
"හරි බොස්...."
රනුක් ඇක්සිඩන්ඩ් උන්නෑ.....ඒක විල්සන්ගෙ ප්ලෑන් එකක් කෙල්ලව එලියට ගන්න...අන්තිමට විල්සන් කෝමහරි ප්ලෑන් එකේ මුල් අදියරය සාර්ථකව නිම කලා..
---------------------------------------------------------------
කොල්ල කොච්චර ඇමතුම් ගත්තත් කෙල්ලගෙ දුරකතනය රින්ස් යනව විතරයි...කිසිම ප්රතිචාරයක් නෑ......
"ශිට්...මේකිට මක් වෙලාද...."
කොල්ල මැසේජ් දැම්මත් කෝල් කරත් කිසිදු ප්රතිචාරයක් ඒ එකකටවත් ලැබුනෙ නෑ......
බැරිම තැන කොල්ලො ලෑන්ඩ් ලයින් එකට ගත්තා....එතකොට ආන්ස්වර් කලේ මැනිකා..
"හෙලෝ....."
"හෙලෝ මැනිකා මං රනුක් කතා කරන්නෙ......"
"අනේ මහත්තය ...මහත්තයට දැන් කොහොමද මහත්තයො..කරදරයක් නෑ නේද....නෝනා හොදටම කලබල වෙලා ගියේ...."
"මොකක්.....මොන..මොන...මට..තේරෙන්නෑ...යුරාශි...කොහේ ගියා..."??
කොල්ලගෙ හිතත් දැන් හොදටම ගැහෙනව ....කොල්ලට හිතාගන්න බැරි උනා මැනික මේ කියන්නෙ මොනවද කියල......
"ඇයි මහත්තය ..මහත්තය ඇක්සිඩන්ඩ් උනා කියල ආරංචිය ආපු ගමන් නෝනා ආව නෙව කලබලෙන් මහත්තය හොයන්....දැන් ටිකක් වෙලා....."
"......මොකක්....මැනිකා...යුරාශි ආවා තනියම ...???"
"ඔව් මහත්තය ...ඇයි..."
කොල්ල ෆෝන් එක කට් කරල දෑතින්ම හිස බදාගත්තෙ කිසි දෙයක් හිතාගන්න බැරිව....කොල්ලගෙ ඇග පවා ගැහෙනව දැන්නම්...කොල්ලට තේරුනා මේක විල්සන් ගෙ වැඩක් කියල...
"ඔහ් ශිට්...යුරාශි..උබ කොහෙද මැනික.....මං මං පිස්සෙක් වෙයි බන් උබ නැති උනොත්....."
.
කොල්ලගෙ ඇස් වල කදුලු....
"මට මීට වඩා උබ ගැන බලන්න තිබ්බා....මගෙ වැරද්ද ....අනේ මගෙ කෙල්ලට කරදරයක් වෙන්න එපා දෙයියනේ....කෙල්ලව ආරක්ශා කරන්න..."
කොල්ල මේ වෙලාවෙ දෙවියන්වත් යැද්දෙ කෙල්ලව ආරක්ෂා කරන්න කියල.....
"විල්සන් ...උබ මගෙ කෙල්ලට මොනාහරි කරල තිබ්බොත් තෝව තියන්නෑ..යකෝ...පර බල්ලා....තෝව ඉවරයක් කරනව මං පාහරයා......"
කොල්ල වියරුවෙන් කෑගැහුවෙ කොන්ඩය ගැලවෙන්න තරම් හයියෙන් අදිමින්.
....
කොල්ලට හිතාගන්න බැරි උනා දැන් මොකක්ද කරන්නෙ කියල.....කොල්ල හිතුවෙ දැන් කෙල්ලව හොයාගන්නෙ කොහොමද කියල....

කොල්ල මොහොතක් කල්පන කරල දුරකතනය අරන් කෝල් කලේ අදිතට....
අදිත කියන්නෙ කොල්ලගෙ යටතේ වැඩ කරන සී.අයි.ඩී හැකින් ටෙක්නොලජි බාරව කටයුතු කරන නිලදාරියෙක් ..
"සර් කියන්න..."
"අදිත ..අදිත දැන්මම එන්න අපේ ගෙදර මේ දැන්ම...ප්ලීස්...අයි නීඩ් යුවර් හෙල්ප්....."
කොල්ල රුවන්ට වෙච්ච දේ කෙටියෙන් කිව්වා.......
"සර් කලබල වෙන්නෙපා...අපිට මැඩම් ඉන්න තැන හොයාගන්න අමාරු වෙන එකක් නෑ..."
--------------------------------------------------------------------
කෙල්ලට ටික ටික සිහිය එනකොට කෙල්ල වටපිට බැලුවෙ තමන් කොහෙද ඉන්නෙ කියල.... විශාල කාමරේක ඇදක් මත ඉන්න බව කෙල්ලට තේරුනේ මේ කොහෙද කියල හිතාගන්න බැරිව...
කෙල්ලට අන්තිමට මතක කව්රුහරි කට්ටියක් තමන්ව වෑන් එකකට දාගෙන අරන් යනව ...
"අනේ..මං..මේ..කො.
හෙ..ද ඉන්නෙ......"
එතකොටයි යුරාශිට රනුක්ව සිහි උනේ...
"ර..නුක්..දෙයිය..නේ...එයා..එයාට....කොහොමද ...අනේ දෙ..යියනෙ..මගෙ..ර..නුක්...එයා..ට කර..දරයක්..නෑ නේද....."
කෙල්ල හඩා වැටුනේ කොල්ල ගැන සිහි වී.....
කෙල්ල ඇදෙන් බිමට බැහැල කාමරේ දොර අරින්න උත්සහ කලත් එය නිශ්ඵල වූ තැන කෙල්ලට කරන්න පුලුවන් උනේ ඇදමතට වී හඩන්න පමණයි..
---------------------------------------------------------------------
"සර් ලොකේශන් ෆවුන්ඩ්....!!!"
අදිත කිව්වෙ සතුටින්....අදිත විල්සන්ගෙ දුරකතන අංකය මගින් ඔවුන් ගිය තැන ට්රැක් කලා...
"ගුඩ් ජොබ් අදිත ...ටෑන්කු වෙරි මච්...කොහෙද තැන...."
"සර්...මේකේ හැටියට නම් මේ ලග...වයිට් හෝල් කියල හොටෙල් එකක් පෙන්නන්නෙ..."
කොල්ලට මතක් උනේ ඒක විල්සන්ට අයිති අතෑරල දාපු හොටෙල් එකක් කියල...
"මං දන්නව අදිත තැන..මං යනව බන්..මට තවත් බලන් ඉන්න බෑ...මගෙ කෙල්ල හොදටම බය වෙලා ඇති බන්...."
අදිතටත් අදහගන්න බෑ කොල්ල මේ හැසිරෙන විදිහ...මොකද මීට කලින් කවදාවත් තමන්ගෙ ප්රධානියා මේ ලෙස හැසිරිල තිබ්බෙ නෑ...අදිතට කොල්ල ගැන දැනුනෙ ලොකු අනුකම්පාවක්...
"සර් කලබල වෙලා බෑ ...සර්..දැන් තැන හොයාගත්තනේ...අපි කොහොමහරි මැඩම්ව බේරගමු..."
"කලබල නොවී කොහොමද යකෝ ...ඒ ඉන්නෙ මගෙ පණ ටික...."
"හරි සර් යමු...අපිත් එනව......."
"අදිත....?"
"යමු සර් ....ඉක්මනට ..."
අදිත ඇවිල්ලා ඉදියෙ තවත් සී අයි ඩී නිලදාරින් දෙන්නෙක් එක්ක නිසා ඔවුන්ගෙ පැමිණීම කොල්ලට හයියක් උනා....
ඉක්මනින් කට්ටිය පිටත්ව ගියේ වයිට් හෝල් වෙත.....
-------------------------------------------------------------------------
"අහ් ...මැඩම්...ඇහැරුනාද...."
අඩල අඩල හෙම්බත් වෙලා සිටි නිසා කෙල්ලට නින්ද ගිහිල්ල තිබ්බෙ...කෙල්ල ඇහැරුනේ කව්රුන් හෝ කතා කරන ශබ්දයක් ඇසී...
"ඉතින් කොහොමද මන්ත්රී නෝනේ..ඔන්න අපි ආපහු හම්බුනා....."
කෙල්ල ඔලුව උස්සල බලනකොට ඉදියෙ .....

"මැඩම්.....ඉතින් කොහොමද ...ඔන්න එහෙනම් අපි ආපහු හම්බුනා....හිතුවෙ නෑ නේද මෙහෙම මුණගැහෙයි කියල........."
විල්සන් ව දැක්ක ගමන් කෙල්ල පුදුම උනා වගේම ඔහු ගැන් දැනුනෙ අසීමාන්තික තරහක්...
"උබ...උබද...එත..කොට.....මාව...කිඩ්..නැප් කලේ...ජරා මිනිහා.....උබට හොදක්..වෙන්නෑ... මගෙ අප්ප..ච්චිවව..ත් මරන්න හැදුව.......උබ...උබ මහ නැහැදිච්ච් මිනිහෙක්......"
කෙල්ල කියවන්න ගත්තෙ විල්සන් ගැන වෛරයකින්........
"හෝ..හෝ..හෝ..පුංචි..නෝනා....ටිකක් කටේ සැර අඩුකරගත්තොත් හොදයි......අනික තාම හොදම හරිය උන්...නෑ...ඉස්සරහට තමයි මේ ගේම් එකේ හොදම ටික යන්නෙ....බලන් ඉන්න නෝනගෙ අර මහලොකු අප්පච්චියයි අර අබිමන් කාරයයි මේ සැරේ තමා මේ විල්සන් කව්ද කියල හරියටම දැනගන්නෙ...."
"විල්සන් .. ...මං ඒ දෙන්නට අතක්වත් තියන්න ඉඩතියන්නෑ තමුසෙට...ඒක දැනගන්නවා..."
කෙල්ල කිව්වෙ ඇගිල්ලත් දික් කරමින්...විල්සන් ඒක අහල හිනා උනේ උමතුවෙන් වගේ.....
"නෝනගෙ කටනම් තියෙනව නේද හරියට....ඉන්නකො..මං එහෙනම් මුලින්ම නෝනගෙ ඔය කටපොඩ්ඩක් බස්සල ඉන්නම්...."
විල්සන් කටකොනකින් සිනාවී යුරාශි දිහා හෙලුවෙ කෑදර බැල්මක්....යුරාශිගෙ තියෙන අංග සම්පූර්ණ රූමත් බවට විල්සන් වහ වැටිල ඉදියෙ...
විල්සන්ගෙ රාගික හැගීම් පිබිදෙන්න ගත්තෙ ඔහුටත් නොදැනිම...විල්සන් තම කමිසයේ බොත්තම් පන්නන ගමන් ලං උනේ කෙල්ල ඉන්න දිහාවට......
"එපා...මට...ඉන්න දි...පන්.....ලග..ට එන්නෙපා...."
"මෙච්චර ලස්සන ඇගක් තියෙනෙ එකේ අපි පොඩි සෙල්ලමක් කරමු...එහෙම හොදයිද පුංචි නෝනා..."
"එපා...අහකට...ප..ලය..න්....වනච..රයා..එන්න....එපා....ලග..ට...මං කෑ ..ගහනව...අනෙ...ර..නුක්...."
කෙල්ලගෙ නෙත් ක්ෂනිකව ගියේ අසල මල් බදුනට....
කෙල්ල ලග තිබ්බ මල්පෝච්චිය අරන් ගැහුවෙ විල්සන්ගෙ ඔලුවට...ගහපු පාර විල්සන්ගෙ ඔලුව පැලුනා.....විල්සන්.ඔලුවත් අල්ලගෙන මරහඩ දී කෑගහමින් උපරිම වෙර දා කෙල්ලගෙ කම්මුලට ගැහුවෙ කෙල්ලව විසිවෙලා වැටෙන්න...
"පට්ට බැල්ලි.....තො..ට කො..හෙන්...ආපු හ..යියක්ද....පරට්ටි..මට ගහන්..න..දැනගනින්...තෝව අද මං මරං කනව..."
විල්සන් ලේ වැක්කෙරෙන ඔලුව අල්ලන් ලං
උනේ යුරාශි වෙත.....
------------------------------------------------------------------------
"උබල හිටපන්...මං තනියෙන් හරි යනව..මට බෑ යකෝ..බලන් ඉන්න...ඇතුලෙ මගෙ කෙල්ල ඉන්නෙ...ඒ මගෙ පණ ටික....මැරුනත් කමක් නෑ මං යනව...මරාගෙන මැරෙනව..."
"සර්..කල..බල...වෙන්නෙපා..සර්...ඉන්න..."
අදිතගෙ කීම නොහා කොල්ල වයිට් හෝල් හොටෙල් එකට ඇතුලු උනා..අදිත ඇතුලු අනෙක් දෙදෙනාත් ඒ පසුපසම ආවෙ තම ප්රධානියව තනි කිරීම කල නොහැකි නිසා....
තෙමහල් නවීන පන්නයේ හොටෙල් එකක් වෙච්ච වයිට් හෝල් හොටෙල් එක තවම ඉදිවෙමින් පවතින එකක්.......
"සර් ...නවතින්න...අර බලන්න..."
අදිත පුලුවන් තරම් අඩු සද්දෙන් කොල්ලව අමතල කිව්වෙ කොල්ලට නවතින ලෙස.....කොල්ල දැක්කෙ එතන ආයූධත් අතැතිව ඉන්න මැරයන් 3දෙනෙක්....
කොල්ල ඇතුලු පිරිස ඔවුනට නොපෙනෙන්න මුවා උනේ අසල බිත්තියට....කොල්ලනම් ඉදියෙ කෙල්ල ගැන සිහියෙන් මිස දැන් කරන්න ඔනි කිසි දෙයක් ගැන වගේ වගක් නැතිව.....
රනුක්ට දැන් කෙල්ල ලගට යනකම් සිහියක් නෑ.. ඒ හිත අප්රමාණ ව බිය වී තිබුනා...
"සර් තව කට්ටිය ඉන්න පුලුවන් ඇතුලෙ......අපි මෙහෙම කරමු......මායි නුවනුයි මුන් ටික ගැන බලාගන්නම්.....සර් රවීන් එක්ක යන්න ...ගිහින් මැඩම්ව කොහොමහරි හොයාගන්න.....අපි මෙතන ෆිනිශ් කරල එන්නම් ආපහු...."
අදිත කිව්ව විදිහට කට්ටිය විසුරුණා.....
කොල්ල රවීන් එක්ක දෙවෙනි මහලට නැග්ගා....ඒකේත් විල්සන් ගෙ ගෝලබාලයෝ ඉදිය ....කොල්ලයි රවීනුයි සද්දයක් නොනැගෙන පරිදි උන් පිටිපස්සෙන් ගිහින් උන්ට ගහල සිහිය නැති කරල ...
.පස්සෙ එතනින් පිට උනේ දෙවෙනි මහලේ හැම කාමරයක් තුලම කෙල්ලව හොයමින්.....ඒ හැමතැනම කෙල්ල ඉදියෙ නැති නිසා කොල්ල හිතුවා කෙල්ල අනිවාරෙන් තුන්වන මහලෙ ඇති කියල....රවීන් එක්ක කොල්ල තුන්වෙනි මහලෙ පඩිපෙල නැග්ගා....ඒත් ඒ එක්කම දැක්කෙ විල්සන්ගෙ ගෝලයෝ ඉන්නව....
"සර්.....මෙතන කට්ටිය වැඩි සර්.....අනිත් එක උන් ලග gun ඉදන් තියෙනව....."
"මැරෙන්න හරි මං යනව බන්....මට මොනා උනත් එකයි දැන්...."
"සර් ඉන්න..."
රවීන් ගෙ කීම නොහා කොල්ල පැන්නෙ උන් ඉන්න තැනට......උන් දැක්කා කොල්ල එනව...ඒ සමගම විල්සන් ගෙ ගෝලයෝ කොල්ලට වෙඩි තියන්න ගත්තෙ අතොරක් නැතිව....කොල්ල බිත්ති වලට මුවා වෙමින් වෙඩි වලින් බේරෙන්න හැදුවා......
"ආ සර් මේක ගන්න...."
රවීන් කොල්ල දෙසට එව්වෙ පිස්ටල් එකක්...කොල්ල ඒක අල්ලගෙන පැනපු ගමන් දෙන්නෙක්ට තිබ්බෙ උන් දෙන්නව එතනම ඇදන් බිම වැටෙන්න....
ඊලගට ආපු උන් දෙන්නට කොල්ල බිම දිගේ ලිස්සල ඇවිත් උන්ගෙ කකුල් වලට ගැහුවෙ බිම ඇදගෙන වැටෙන්න.......
"සර්..සර් යන්න...මැඩම්ව හොයාගන්න...අපි මුන් ගැන බලාගන්නම්..."
ඒ සමගම එතනට ආවෙ අදිතයි නුවනුයි.....
"අදිත....ඒත්"
"සර් යන්න කිව්වම අහල......යන්න අපි මෙතන හැඩ්ල් කරන්නම්.."
අදිත විල්සන්ගෙ ගෝලයින්ගෙ අවධානෙ තමන් වෙතට ගත්තා......
"ඔක්කොම යටත් වෙයල්ලා....නැත්නම් මැරුම් කන්න වෙන්නෙ....කියන දේ කරපල්ලා..."
ඒ සැනින් කොල්ල විල්සන් ගෙ ගෝලයන් මගහරිමින් කොරිඩෝව දිගේ ගියේ හැම කාමරයකම කෙල්ල ඉන්නවදැයි බලමින්.....
"මගෙ මැ...නික උබ කොහෙද රශී...උබ කොහෙද..."
කොල්ල වියරුවෙන් වගේ කෙල්ලව හොයමින් ඉදිරියටම ඇදුනා....
ඉදිරියට යනකොට කොල්ලගෙ නෙත් ගියේ බාගෙට ඇරල දාපු දොරක් සහිත කාමරයක්.....කොල්ලට ඒක ඇතුලින් කව්රුහරි කෑගහන සද්දයක් ඇහුනා...
"ර....ශි..."
කොල්ල වේගයෙන් කාමරයේ දොරත් තල්ලු කරන් යනවාත් එක්කම දුටු දෙයින්.....

කොල්ල යනකොට දැක්ක දෙයින් කොල්ලගෙ ඇගම වෙව්ලන්න ගත්තා වගේම දෑත් ඉබේම මිට මෙල වෙලා ඒ ඇස් කෝපයෙක් රතූඋනා........
විල්සන් ඉදියෙ කෙල්ලව තම ඇගට යට කරන් කෙල්ලගෙ ඇදුම් වියරුවෙන් වගේ ගලවන ගමම්.....
කෙල්ල කොච්චර ගැලවෙන්න හැදුවත් තෙහෙට්ටුවෙන් හෙම්බත් වී සිටි කෙල්ලට විල්සන්ගෙන් ගැලවෙන්න තියා හෙල්ලෙන්නවත් නොහැකි තත්වෙක ඉදියෙ...කෙල්ල ඉකිගගහ ඇඩුවෙ තම ඇදුම් එකින් එක ඉරී ගතින් ඉවත් වී ගෙන යන ගමන්....
"වි..ල්ස.න්..!!"
කොල්ල මහ හයියෙන් කෑගහගෙනම කාමරයට ඇතුලු උනා... කෙල්ලගෙ ඇග උඩ නැගන් උන් විල්සන්ව ඇදල අරන් වැරෙන් පාරක් ගැහුවෙ විල්සන්ව ගිහින් බිත්තියෙ වැදී වැටෙන්න තරම් ප්රබලව....
"ර..නුක්..මගෙ..ම..හත්..තයෝ..මා..ව බේර..ගන්න..ඉහි ඉහි"
"මැණික...මං..මං ආවා....රනුක්..ආවා...මගෙ කෙල්ලව බේර ග..න්න..."
කොල්ල කෙල්ලව තම පපුවෙ හොවන් උමතුවෙන් වගේ අතොරක් නැතිව කෙල්ලව සිපගත්තා......කොල්ලට දැනුනෙ කෙල්ල මේ ඉන්න විදිහට විල්සන්ව මරන් කන්න තරම් කේන්තියක්.....
"ර..නු..ක්..ඌ..මට..කර..දර ...කර..න්න හැ..දුව..මහ..ත්තයෝ ...ඌ ..ම...ට ගැ..හුව..."
"මැනික.....කෝ මෙහෙ...බලන්න..රශී....විල්සන් තෝව මං මරං කනව..යකෝ...මගෙ කෙල්ලට අත තියන්න පාහරයා......තෝ දන්නෑ මේ අබිමන්ගෙ හැටි ....පො@$$ බල්ලා..."
කොල්ල කෙල්ලව ඇදෙන් තියල හැරුනෙ විල්සන්ගෙ පැත්තට.......
"පාහර බල්ලා........තෝ කරපු ඔක්කොටම අද උබට දඩුවම් ලැබෙයි විල්සන්....තෝ මගෙ තාත්තව මැරුව...නංගිව ලෙඩෙක් කලා...මගෙ කෙල්ලට අත තිබ්බා ......ඒ ඔක්කොටම අද විදවන්න ලෑස්ති වෙයන්..."
කොල්ල එහෙම කියනකොට විල්සන් හිනාඋනේ මහ හයියෙන්...
"උබට බෑ අබිමන් මේ විල්සන්ව පරද්දන්න......කවදාවත් බෑ..ලෑස්ති වෙයන් මැරෙන්න...."
විල්සන් එහෙම කියල තම ඉනෙහි සගවාගෙන් හුන් පිස්තෝලය අරන් එල්ල කලේ කොල්ල දිහාවට.....
එසැනින් ක්රියාත්මක උනු කොල්ල උඩ පැන විල්සන්ගෙ අතට පහරක් එල්ල කලේ පිස්ටල් එක විල්සන්ගෙ අතින් ගිලිහිලා බිම වැටෙන්නට...පසුව එයට පැන ඇහිද ගත් කොල්ල පිස්ටල් එක එල්ල කලේ විල්සන්ගෙ දිහාවට.....
"ලෑස්ති වෙයන් දැන් උබ මැරෙන්න ...."
කොල්ල පිට පිට වෙඩි පහරවල් කිහිපයක් එල්ල කලේ විල්සන්ගෙ පපුව පසාරු කරගෙන වැටෙන්න....විල්සන් ලේ විලක් මැද එතනම ඇද වැටුනෙ තමන් සියලු වැරදි වලට ජීවිතයෙන් වන්දි ගෙවමින්...
කොල්ල පිස්ටල් එක විසික් කරලා ආවෙ කෙල්ල ලගට..
"රශී...මැනික.....නැගිටින්න..."
"ර.නු....ක්..ඔයා..ට කරදරයක් නෑ..නේද....මහත්තයෝ....කිය .න්න.."
"නෑ..මැනික මං හොදින්....මගෙ කෙල්ලට ගොඩක් වද දුන්නද...ඌ...මට මට සමාවෙයන් රශී.....මට උබව මීට වඩා පරිස්සම් කරන්න...තිබ්බා....."
"සමාව...ඉල්ලන්නෙපා..මහත්තයෝ..මගෙයි වැ .රැද්...ද.මං ඔයා..කියන...දේ අහන්නැතුව....."
"ශ්.ශ්...තව මුකුත් කියන්නෙපා.......මං දන්නව....රශී...උබ මට පණටත් වඩා ආදරෙයි කියල....මට කරදරයක් කියල දැනගද්දි උබ හැසිරුනු විදිහ වැරදි නෑ..."
"මහත්තයෝ...."
"මාත් ආදරෙයි..බන් මගෙ පණටත් වඩා මට උබව වටිනව රශී...මට උබව ඕනි මැනික...උබ නැතිව ජීවිතයක් නෑ.....පොරොන්දු වෙනව...මීට පස්සෙ පණ වගේ රකිනව කියල උබව......."
කොල්ල එහෙම කියල කෙල්ලගෙ දොතොල් වලට පාත් වෙලා ඒ දෙතොල් සිපගත්තෙ හරිම ආදරණීයව.....කෙල්ලත් ඒ උනුහුමට නතු උනේ හිත පුරා ඒ හැගීම විදගනිමින්....
--------------------------------------------------------------------
වසර දෙකකට පසුව...
😍😍😍😍😍😍😍😍
එදා සිදුවීමෙන් මසකට පසු සියල්ලන්ගෙම ආශීර්වාදය මැද කොල්ලයි කෙල්ලයි යුග දිවියට එළබුනේ සියල්ලන්ගෙම ආශීර්වාදය මැද...කොල්ල තම රස්සාව පවා අතෑරියා...
ඒ වගේම විදේශ ගතව සිටි රනුක්ගෙ නැගණිය නෙතුශී පූර්ණ සුවය ලබා යලි ලංකාවට ආවෙ බෲස් ,මැගී සමගින්..
වසර දෙකක් ගෙවුනු තැන අද වන විට රනුක් ආදරනීය සැමියෙක් වගේම ආදරනීය පියෙක්........යුරාශී මේ ලොව ලබන්න තියෙන උතුම් මව් පදවිය ලැබූ මවක මෙන්ම ආදරනීය සැමියෙක්......
#අභිරූ යුරාශ් කාවින්ද්‍ය
ඒ තමයි රනුක්ගෙයි යුරාශිගෙයි පණටික...තවම අවුරුද්දක් වෙච්ච පොඩ්ඩා රනුක් වගේම හරිම දගයෙක්.....
ඒ අතර තවත් ආදරනීය යුවලකගේ අපූරු ආදර කතාවක් ගලාගෙන ගියා.....
ඒ බෲස් + නෙතුශි ආදර කතාව.....ඔවුනුත් සියල්ලන්ගෙම ආශීර්වාදය මැද යුග දිවියට එලබුනා.....අද වන විට නෙතුශො තුන්මස් හැවිරිදි පුංචි දූ පැටියෙක්ගෙ මවක්.....බෲස් වගකීම් සහිත ආදරනීය පියෙක් වගේ දයාබර සැමියෙක්..
--------------------------------------------------------------------
"සීතලයි.."
"ම්ම්...."
"කෝ ඇතුලට යමු....මෙහෙම ඉන්න බෑනෙ...."
"බෑ...මෙහෙම ඉන්න දෙන්න...."
කෙල්ල කොල්ලගෙ ගතට තුරුලු වී දෙන්නත් එක්කම බැල්කනි එකට වෙලා ඈත අහස දෙස බලා සිටියා....
"රශී.....ඔයාට මතකද අද දවස...."
"ම්ම්..."
"අද වගේ දවසක තමයි මං ඔයාගෙ..හැමදේම..."
"ශ්...මොනාද මහත්තයෝ මේ කියන්නෙ....."
"රශී..මට සමාවෙන්න....මං.."
"ඇති..දෙයියනේ....මං කිව්වනෙ ඒ. දේවල් අමතක කරන්න......ඒක වෙන්න තිබිච්ච දෙයක්...ආපහු ඕක මතක් කරන්නෙපා"
කෙල්ල කිව්වෙ කොල්ලගෙ ගෙල පාමුල දෙතොල් තවරන ගමන්.....
"ඔයාට පොඩ්ඩක්වත් දුක නැද්ද...පොඩි හරි පසුතැවීමක් ..."
කොල්ල ඇහුව ඒ ඇස් වලට එබෙන ගමන්....
"නැහැ පොඩ්ඩක්වත් නෑ මහත්තයෝ ....මොකද මේ ලෝකෙ වාසනාවන්ත ම ගැහැනිය මං .කියල හිතෙනව..... ඔයයි පුතයි විතරයි දැන් මගෙ හැමදේම...ඒක නිසා ආපහු ඕක මතක් කරන්නෙපා......"
"මැනික..."
කොල්ල කෙල්ලව තවත් තම පපුවට තුරුලු කරගනිමින් ඒ නලලත් දෙතොල් තද කරමින්....
"පුතා නිදිද..."
"හ්ම්...ඔව්..."
"එහෙනම් අද වැඩේ ලේසි වෙයි..."
"මොන වැඩේද..."
"මොන වැඩේද අහන්නෙ...ඇයි අපේ පුතාට මල්ලි බබෙක් හරි නංගි බබෙක් ගේන වැඩෙ...පව් නැත්නම් කොල්ල...අඩු ගානේ සෙල්ලංකරන්නවත් කව්රුත් නැති වෙයි ලොකු උනාම...."
කොල්ල කිව්වෙ කෙල්ලට ඇහැක් ගහල.....
"අනේ මෙයා හරියට නරක් වෙලා..."
"යකෝ තමන්ගෙ ගෑනි ලග නරක් වෙන්නැතිව එහා ගෙදර ගෑනි ලග නරක් වෙන්නද..."
"නෑ නෑ...ඒ ගෑනි ඕන්නෑ..."
කෙල්ල බොරු කෝපයක් මවාගෙනම බර උනේ කොල්ලගෙ දෙතොල් වලට......
කොල්ල කෙල්ලව උස්සන් ගිහින් පරිස්සමට යහන මතින් තියා බර උනේ කෙල්ලගෙ වතට....
"මගෙ #මන්ත්රී කෙල්ල....ආදරෙයි මැනික..."
"පිස්සා..."
කෙල්ල කිව්වෙ කොල්ලගෙ නහය මිරිකල..
කොල්ල ඒ අවසරයෙන් නැවත බර උනේ කෙල්ලගෙ දෙතොල් වලට.....කෙල්ලත් ඉබේම ඒ පහසට නතු උනේ ආත්ම ගානකට මේ ආදරය , ස්පර්ශයන් තමන්ගෙම වේවායි පතමින්...!!!!!!!! 🌹🌹🌹🌹🌹🧡🧡🧡🧡
නික්ම යන්නට අවසර.....🌹🌹🌹    

No comments:

Post a Comment

UNIVOTEC එක ගැන

UNIVOTEC එකේ පාඨමාලා සහ වැඩි විස්තර සදහා පහත ඇති PDF ෆයිල් එක භාවිතා කරන්න. https://drive.google.com/open?id=1zbMNZ14FNiYV2f34K91x1KqpKmid...