Tuesday, April 28, 2020

මන්ත්‍රී කෙල්ල - අටවන කොටස

ඒත් එක්කම කොල්ල දැක්කා අයි සී යූ එකේ ඉදන් පිටට එන කෙල්ලව..කොල්ල තදින් ඇස් පියාගත්තෙ කෙල්ල ලගට එද්දිම....කොල්ල දිහා මොහොතක් බලන් ඉදල යුරාශි කෙලින්ම ගියේ කොල්ල ලගට...
"ර..නුක්...."
කෙල්ල කිව්වෙ උගුර කට පවා වේලි ගිය ස්වභාවයකින් ...මොකද කොල්ලට කියපු දේවල් එක්ක කෙල්ල ඉදියෙ රනුක්ට හරිහැටි මුහුණ දෙන්න බැරිව.....කෙල්ලට ඕනි උනේ කොල්ලගෙන් සමාව ගන්න....
"ර..නුක්..මට..."
"ඇමතිතුමාට කොහොමද ....ප්රශ්නයක් නෑ නේ.."
"නැහැ...අප්ප...ච්චි හොදි..න් දැන්..."
එතකොටයි කොල්ලට සැනසුමක් දැනුනෙ...මොකද මේ උන දේවල් වලට තමනුත් වගකියන්න ඕනි කියල කොල්ල දන්නව
"රනුක් මට කතා කරන්න ඕනි....රනුක් මං දන්නව ඔයා නෙමෙයි මේක කලේ කියල...."
"හ්ම්..."
"ර..නුක්...මට ..මට සමාවෙන්න රනු..ක්..
මං...කිසි දෙයක්....දන්නැතිව...ඔයාට අරම කිව්වෙ..ඒකයි...මං.."
"හ්ම්....."
කොල්ල එපමණක් කියා කෙල්ල දිහා බලන්නෙවත් නැතිව පිටඋනා.....
"රනු..ක්.."
කොල්ලට කතා කලත් කොල්ල හැරිලවත් බලන්නැතිව පිට උනා ...කෙල්ලට දැනුනෙ හිතේ අමුතු දුකක්..කොල්ල බැන්නත් දුක නෑ ඒත් මෙහෙම තමන්ව ගනන් ගන්නැතිව ඉන්නකොට යුරාශිට දැනුනෙ කීරි ගැහෙන තරම් දුකක්.....
කොල්ල ගිහින් හනිකආපහු ආවෙ රෑට කන්න කෑම අරන්.....කොල්ල කෙල්ලව හොයාගෙන ගියේ අයි සී යූ එක ඇතුලට...කොල්ල යනකොට කෙල්ල ඉදිය පුටුවෙම නින්ද ගිහින්...
මේ ටික කාලෙට කෙල්ල විදපු දුක කොල්ලට නොතේරෙනව නෙමෙයි....රනුක්..කෙල්ල ලගට කිට්ටු වෙලා ඒ උරහිසෙන් අල්ලල කෙල්ලව ඇහැරවන්න ගත්තා....
"යුරාශි...යුරාශි.....නැගිටිනව....යුරාශි.."

කෙල්ල ඇහැරිල වටපිට බලනකොට දැක්කෙ තම්ස්න් ඉස්සරහ ඉන්න කොල්ලව..
"ර..නුක්..ඔයා..කොහෙද ගියේ..."
"තමුසෙට වැඩක් නෑනේ ඒක...එනව කාලා ඉන්නවා...."
"එපා...."
කෙල්ල කිව්වෙ ටිකක් මුරණ්ඩු වෙලා...
"මේ මට තමුසෙව හුරතල් කරන්න වෙලාවක් නෑ.......ඉක්මනට එනව කනව..."
"ඔව්..ඔව්...ඇති නෙ වෙන අය හුරතල් කරන්න..."
කෙල්ල ඔරෝගෙනම කිව්වෙ කොල්ලට ඇහෙන නොහෑහෙන ගානට..
"ඉක්මනට එනව මටත් බඩගිනියි ....."
"මට එපා..ඔයා කන්න...."
"තමුසෙ කන්නැතුව කොහොමද මං කන්......"
කොල්ල කියන්න ගිය දේ ආපහු ගිලගත්තෙ කෙල්ල ඇස් ලොකු කරගෙන බලන් ඉදිද්දි...
"හරි තමුසෙට එපානෙ.....එහෙනම් මං මේක විසික් කරන්නම්..."
එහෙම කියල කොල්ල හැදුවෙ කෑම එක අසල ඩස්පින් එකට දාන්න...ඒත් කෙල්ල ඉක්මනින් නැවැත්තුව කොල්ලව...මොකද යුරාශි කැමති උනෙ නෑ කොල්ල බඩගින්නෙ ඉන්නවට....නොකීවට කෙල්ල දන්නව තමන් කන්නැති නිසයි කොල්ලත් කන්නෙ නැත්තෙ කියල.....
"එපා විසි කරන්න...එන්න යමු කන්න.."
"ලොකුකම නම් තාම බැහැල නෑ.."
කොල්ල කිව්වෙ හිත යටින් මුමුණමින්..
දෙන්නත් එක්කම කිසිම කතාවක් නැතිව කෑම කෑව.....
"රනුක්..ඔයා යන්න රෑවෙලා මං ඉන්නම් අප්පච්චි ගාව..."
"තමුසෙට පිස්සු ද....නෑ නෑ මං යන්නෑ මාත් ඉන්නම්...තමුසෙ තනියෙන් ඉන්නෙ කොහොමද ..."
කොල්ල එහෙම කිව්වෙ මොනා උනත් කෙල්ලව තනි කරන්න අකමැති නිසා...
"ඔයා යන්න රනුක්..මට ඉදතහැකි....ඔයා මං නිසා කරදර වෙන්න එපා.."
ඒ කිව්ව දේට කොල්ලට තරහ ඇවිස්සුනා...
"හරි මැඩම් ඕකෙ එහෙමද...මන් ඉන්න එකත් වදයක් නේද එතකොට..ඕකෙ වෙරි සොරි .."
කොල්ල දෑත් මිට මොලෝගෙනම එතනින් පිට උනේ කෙල්ල ඔහුව පිට මිනිහෙක් ගානට දාල කතා කරපු එකට...එක අතකින් ඒකෙ වැරද්ද ක් නෑ කියල කොල්ලට තේරුණා ...
මොකද කෙල්ල තමන්ගෙ කව්ද ...තමන් පිට මිනිහෙක් විතරයි නේද යන හැගීම කොල්ලව අත්පත් කරගත්තා....ඒ ජීවිතේ විනාස කරපු එකාව වදයක්,කරදරයක්,එපාවීමක් නොවී තියේද...යන හැගීම කොල්ලගෙ හිතේ තිබ්බා....
කොල්ල යන දිහා කෙල්ල බලන් ඉදියෙ තමන් ගැනම ඇතිවූ තරහකින්..
"අයියෝ..මටත් කටපියන් ඉන්න බෑනෙ.....දැන් ඉතින් ආපහු තරහින්නෙ...මොනාහරි කරල යාලුකරගන්න ඕනි...නපුරා ...පොඩි දෙයක් අල්ලගෙන නටනව හැම තිස්සෙම..."
කෙල්ල කල්පනා කරමින්ම වාඩිඋනේ අසල යකඩ බංකුවෙහි...
-------------------------------------------------------------------------
කොල්ල කෙල්ල යන්න කිව්වත් ගියේ නෑ.....හොස්පිටල් එකේම පැත්තකට වෙලා ඉදියෙ කෙල්ලව දාල යන්න බැරි නිසා........
කොල්ල ටිකක් රෑ වෙනකන් ඉදල ආපහු කෙල්ලව හොයන් ආවා.....කොල්ල යනකොට කොරිඩෝ එකේ යකඩ බංකුවෙම කෙල්ලට නින්ද ගිහින් තිබ්බෙ....මොහොතක් කෙල්ල දිහා බලන් ඉදල දිගු සුසුමක් පිටකරල කොල්ලත් බංකුවෙන් වාඩි වෙලා කෙල්ලව ගත්තෙ හේත්තු කරගත්තෙ තම පපුවට...
කෙල්ලත් නින්දෙන්ම ඒ උනුහුම සොයා ඇදිල කොල්ලට තුරුලු උනේ හා පැටියෙක් වගේ...කෙල්ල ඉන්න විදිහ දැක්කාම කොල්ලටත් හිනා ...කොල්ල මොහොතක් ඒ වතෙහි සුන්දරත්වය විදගත්තා......
මේ දින කීපයට යුරාශිට තමන් දීපු වද මතක් වෙලා කොල්ලට ඉබේම තම ඇස් අගට කදුලක් ඉනුවා.....
කොල්ලගෙ හිතට ආපු ක්ෂණික හැගීමක් නුසා කොල්ල සීරුවෙන් පහත් වෙලා කෙල්ලගෙ නලල් තලය සිපගත්තෙ හරිම ආදරනීයව......

කෙල්ල උදේ ඇහැරෙනකොට කෙල්ලට තේරුණා තමන් මොකකට හරි මැදි වෙලා ඉන්නෙ කියල ....කෙල්ල ඔලුව උස්ස්ල බලනකොටයි දැක්කෙ කොල්ලව..ඒවගේම තමන් ඉන්නෙ ඒ පපුවට තුරුලු වෙලා කියල.....
"ර..නුක්...දෙයියනේ....ඊයේ ගිහිල්ල නැද්ද... එතකොට මං රෑ ඉදන්ම මෙහෙමද ඉදල තියෙන්නෙ..."
කෙල්ල හිතුවෙ නලලත් රැලි කරගෙන......ටිකක් වෙලා කොල්ල දිහා බලන් ඉදල කෙල්ලට නැගුනේ හීන් සිනාවක්...
"නපුරා...ඉන්න හැටි විතරක්..නිදාගත්තාම නම් බලු පැටියෙක් වගේ....ඒකට බලන්නෙපෑ ඇහැරුනාම.."
"තමුසෙ මටද බල්ලා කිව්වෙ .."
කොල්ල එක්වරම ඇස් ඇරල කිව්ව දෙයින් කෙල්ල ඉබේම කොල්ලගෙ ලයෙන් මෑත් උනා.....
කොල්ල කෙල්ල ඇහැරෙනවත් එක්කමයි ඇහැරුනේ...ඒත් නිදාගෙන ඉදිය වගේ හොරාට ඉදිය...
"නෑ..මං..මං..මේ.."
කෙල්ලට වචනත් ගොත ගැහෙනව...
"ඒක නෙමෙයි තමුසෙ මොකද මගෙ අස්සට වෙලා කරන්නෙ......."
"මං..මං මු..කු..ත් කලේ නෑ.."
"එහෙනම් තමුසෙ ඉදියෙ හොදට සැපට මගෙ පපුවට හේත්තු වෙලා ...."
"පුහ්..හරියට මං බලෙන් ඉදිය වගේනේ..."
කෙල්ල කිව්වෙ පොලොවට රවමින් ඇහෙන නොහෑහෙන ගානට.....
"මොනාද තමුසෙ කුටු කුටු ගාන්නෙ...යනව දැන් අප්පච්චි ව බලල එනව ගිහින් .ආපහු එන්නත් ඕනිනෙ ගිහින්...."
"කොහෙද..."
"කොහෙද අහන්නෙ....තමුසෙ කන්නැද්ද...ඔය ඇදුමෙන්මද ඉන්නෙ අහ්...ඉක්මනට යනව අප්පච්චි ව බලල එනව..."
"ඔයත් එන්න.."
"ම්ම්ම්..ත..මුසෙ..යනව..මං..මං ඩොක්ටර් ව හම්බෙලා එන්නම්.."
"හ්ම්.."
කෙල්ල කිව්වෙ සුසුමක් හෙලමින්ම..
කොල්ලට රාජතේජ ව බලන්න යන්න හිත
දුන්නෑ..මොකද රාජතේජට මුහුණ දෙන්න බැරි නිසා.....ඔහු ඉන්න තත්වෙට තමන් ඍජුවම වගකිවයුතු නිසා..
කෙල්ල කොල්ලට එන්න කීවත් කොල්ල ප්රතික්ශේප කල නිසා කෙල්ල රූම් එක තුලට ගියා....
--------------------------------------------------------------------------
දින තුනකට පසු....
🧡🧡🧡🧡🧡🧡
ගත වූ දින තුල රාජතේජට යම් තාක් දුරට සුවය ලැබුනා....කෙල්ලගෙ බලවත් ඉල්ලීම පරිදි ඇගේ නිවසේ සිටම රාජතේජ ඇමතිතුමාට ප්රතිකාර කරන්න ගත්තා...
විල්සන්ව උසාවි දැම්මත් ඔහුගේ ඇමති බලය පාවිච්චි කරල වගේම ප්රමාණවත් ශාක්ෂි නොමැති තැන ඔහු ශරීර ඇපමත නිදහස් උනා......
කොල්ල ලග ඔහුට විරුද්ධව ප්රබල ශාක්ෂි තිබ්බත් කොල්ලට ඕනි උනේ ඔහුව සිර දඩුමකට යටත් කිරීම නෙමෙයි.....මොකද කොල්ල දන්නව එහෙම කලත් දේශපාලන බලය නිසා විල්සන් ආපහු එලියට එනව කියල.....
ඒක නිසා කොල්ල විල්සන්ට මේ ලෝකෙ තියෙන ලොකුම දඩුවම දෙන්න අදිටන් කරගත්තා....
කොල්ල මුලින්ම කලේ විල්සන් ව කොටු කරගන්න ප්ලෑන් කරපු එක.....ඒ වගේම විල්සන් ගෙ කුඩු ව්යාපාරය විනාස කරන්නත් කොල්ල සැලසුම් දියත් කලා..
--------------------------------------------------------------------------
"බෲස් මට උබෙන් උදව්වක් ඕනි...බං..උබ බෑ කියන්නෑ කියල මං දන්නව....මං වෙනුවෙන් මේ දේ කරපන්...."
"බොස්..බොස් වෙනුවෙන් පණ උනත් දෙන මේ බෲස්ට කරන්න බැරි දෙයක් නෑ බොස් වෙනුවෙන්...කියන්න බොස්....."
"බෲස්....උබ නංගියි මැගි අම්මයි එක්ක ඉන්ග්ලන්ඩ් යන්න ඕනි..."
"බොස්..!!..."
"ඔව්...බන් උබ යන්න ඕනි....මට මගෙ ටාර්ගට් එකට යන්න නම් ඒකෙන් මගෙ ලගම අයව ටික කාලෙකට ඈත් කරගන්න ඕනි....අනික මං එහෙ නංගිව එහෙ යවන්නෙ නෙතුශිගෙ අසනීපෙ හොද කරගන්නත් එක්ක...මං ඔක්කොම රෙඩි කරල තියෙන්නෙ...."
"ඒත්..බොස්..බොස්ට මාව.."
"මං දන්නව..මට උබව මගෙ ටාර්ගට් එකට යන්න ගොඩක් ඕනි වෙනව... ඒත් මට උබව ඊට වඩා මේකට ඕනි වෙනව.. මං උබෙන් ඉල්ලන්නෙ මේ දේ විතරයි..උබට පුලුවන් නේද මගෙ නංගිව ඇහැක් වගේ බලාගන්න..........මට විශ්වාස වෙන කව්රුත් නෑ බ්න් උබ තරම්...ඒක මට වඩා හොදට උබ දන්නව..."
බෲස්ට හිතාගන්න බැරි උනා දෙන්න උත්තරයක්....ඒත් කොල්ල වෙනුවෙන් ඒ හිතේ රනුක් වෙනුවෙන් නොකල හැකි දෙයක් තිබ්බෙ නෑ....
බෲස් දන්නව මේක ලොකු වගකීමක් කියල...ඒත් බෲස් තමන්ට පුලුවන් උපරිමයෙන් මේ දේ කරනව කියල හිතාගත්තා..
"ඕකෙ බොස්..මං මැඩම්ව මගෙ පණ වගේ බලාගන්නම්....මටමොනා උනත් කමක් නෑ....බොස් වෙනුවෙන් මං මේ දේ කරන්නම්....."
බෲස් එහෙම කියනකොට කොල්ලට ලොකු සතුටක් දැනුනා...කොල්ල ඒ සතුටින්ම බෲස්ව වැලදගත්තෙ ලේ නෑ කමක් නොතිබුනත් මේ තමන්ගෙ සහෝදරයා කියන හැහීමෙන්.....
----------------------------------------------------------------------
"අබිමන්...උබ නයාට ගහල පොල්ල වරද්දගත්තා...හිටපන් උබවත් මං යවන්නම් උබෙ තාත්තා යවපු තැනටම....ඌට මං පෙන්නනම් මේ විල්සන් කව්ද කියල.."
විල්සන් කිව්වෙ මත්පැන් තොලගාමින්ම....විල්සන් ඉදියෙ දැඩි තරහකින් රනුක් ගැන....
"බොස්...කියන්න අපි මොකද කරන්න ඕනෙ.."
"හිටපන්...ඉවසල හිටපන් තව ටිකක්.....මං ඕකගෙ හැමදේම ඉවර කරන්නම්.....උබට තේරෙයි අභිමන් මේ විල්සන්ගෙ තරම..ඔව් උබට තේරෙයි...."
විල්සන් කෝපයෙන් වියරු වැටී බිබී හිටපු මත්පැන් බෝතලය පොලේ ගැහුවෙ බිදිල සීසී කඩ විසිවෙන්න....

කොල්ල බෲස් ,මැගි අම්ම එක්ක නෙතුශිව පිට රට යැව්වෙ මොනා උනත් හිතේ ගින්දර තියාගෙන....ඒත් එක් පැත්තකින් ලොකු සැනසීමක් දැනුන ඒ හිතට......
ඒ අතර කොල්ල හැම ඇත්තමක්ම කෙල්ලට කිව්වා.. ඒ දේවල් අහල කෙල්ලට කොල්ල ගැන දැනුනෙ ලොකු දුකක්.....ඒත් තමන්ට රනුක්ගෙ අතින් වෙච්ච දේවල් ගැන පසුතැවීමක් නොතිබ්බමත් නෙමෙයි.....
ගත වූ දින කිහිපය තුල රාජතේජ ඇමතිතුමාට ගොඩක් දුරට සුවය ලැබුනා...කෙල්ල තමන්ගෙ අප්පච්චිව ගොඩක් හොදින් බලාගත්ත නිසා තමයි රාජතේජට ඉක්මනට සනීප වෙන්න පුලුවන් උනේ...කෙල්ලගෙ අතින් තමයි හැමදේම උනේ......
කොල්ල කෙල්ලගෙ ගේ වටාම ආරක්ෂකයින් දාල තිබ්බෙ....මොකද විල්සන්ගෙන් රාජතේජ ඇමතිතුමාට වගේම යුරාශිට තියෙන ජීවිත තර්ජනේ නිසා...ඒ නිසාම කොල්ල කෙල්ලට නියෝග කරල තිබුනෙ ගෙයින් එලියටවත් බහින්න එපා කියල.....කොහෙහරි යන්න ඕනි නම් තමන්ව දැනුවත් කරන්න කියල...
කෙල්ල ගෙදර ආවත් කෙල්ලගෙ හිත අමුතු
හිස් බවකින් පිරිල තිබ්බා.....සැරින් සැරේ මතක් උනේ කොල්ලව....කොල්ලව අන්තිමට දැක්කෙ දින තුනකට පෙර...ඒ රුව නොදැක සිටීම කෙල්ලට නිකන් සාංකාව වගේ.......
කෙල්ලට දුරකතන ඇමතුමක් දෙන්න හිතුනත් කෙල්ලගෙ හිතේ තියෙන අහංකාරකමට ඉතින් එහෙම්මම ඉදිය...
"නපුරා....අඩුගානෙ හොදින්ද කියලවත් අහන්න තිබ්බනෙ..හුම්..."
කෙල්ල ඇදේ වැතිරී ඒ මේ අත පෙරලෙමින් නෝක්කාඩු කියවන්න ගත්තෙ තමන්ටම....ඉබේම කෙල්ලගෙ අත ගියේ පසෙක තිබූ දුරකතනය වෙත...
"ඔන්න ඔහේ දීලම බලනව......ඇහුවොත් මොකක් හරි බොරුවක් කියන්න බැරියෑ...."
කෙල්ල දුරකතනය අරන් කෝල් කලේ රනුක්ට....
"හෙලෝ...."
"හෙ...ලෝ ර.."
කෙල්ලට ගොතත් ගැහෙනව... හදගැස්මත් ඕනවට වඩා වැඩිවෙලා දැන්නම්...
"හෙලෝ කියන්න කව්ද මේ..."
කොල්ල දන්නව මේ කතා කරන්නෙ යුරාශි කියල...ඒත් කෙල්ලව ටිකක් අව්ස්සගන්න ඕනි උනා කොල්ලට....
"හෙලෝ..රනුක්..මං.."
"මං කියන්නෙ..නමක් නැද්ද....කව්ද මේ..."
"නෑ නමක් නෑ..සොරි ව්රෝන්ග් නම්බර්.."
කෙල්ල දුරකතනයටත් රවල ෆෝන් එක කට් කරන්න හැදුවෙ...
"හෝ..හෝ...ඉන්නවා ඔඊ..මොකද හදිස්සි ඔච්චර..."
"එහෙනම් අදුරන්නෑ වගේ කතා කලේ..."
"මුලින්නම් අදුරගන්න බැරි උනා..පස්සෙ තමුසෙගෙ ඔය බෙලෙක් කටේ සද්දෙ නිසා අදුරගන්න පුලුවන් උනා..."
කොල්ල කිව්වෙ යන්නට එන හිනාව ආයාසයෙන් මැඩ ගනිමින්...
"අනේ...මේ යනව යන්න..මං තියනව බායි..."
"ඉන්නව...ඇයි දැන් කතා කලේ අහ්..."
"නි...කන්.."
"මේ මට තමුසෙට වගේ නාස්ති කරන්න කාලයක් නෑ...ඉක්මනට කියනව ඇයි කතා කලේ..."
"මේ...මට..මට ඇදුම් ගන්න යන්න ඕනි..."
"මොකක්..මොන ඇදුම්ද.....තියන ඒවා මදිද ...අහ්.."
"මදි..මට යන්න ඕනි..."
"තමුසෙගෙන් වදේ...මට බෑ...මට වැඩ....."
"හා කමක් නෑ..මං යන්නම්...ඔයා එන්න ඕනි නෑ..."
එහෙම කියල කෙල්ල ෆෝන් එක කට් කලා..
"හෙ..ලෝ..හෙලෝ..යුරාශි..ඔහ් ශිට් කට් කලානෙ..."
කොල්ල කල්පනා කලේ මොකක්ද කරන්නෙ කියල...නොකීවට කොල්ලටත් ඕනි උනා කෙල්ලව බලන්න.....
"මේකි හිතුවක්කාරකමට ගියොත් එහෙම තනියෙන්..."
කොල්ල තීරණය කලා අන්තිමට එහෙ යන්න...කොල්ල ඉක්මනින් ලෑස්ති වෙලා පිටත් උනේ කෙල්ලගෙ නිවසට....
-------------------------------------------------------------------------
කොල්ල කාර් එක වත්තට දාල පාර්ක් කරල බහිනකොටම දැක්කා කෙල්ලවයි රෝදපුටුවෙ ඉන්න රාජතේජ ඇමතිවයි....කෙල්ල අප්පච්චිට සුප් එකක් පොවන ගමන් හිටියෙ....කොල්ල එනව දැකල යුරාශි ගොඩක් සතුටු උනා රනුක් ආපු එකට... ..ඒ කඩවසම් රුව දකිද්දි ඇතිවෙන හැගීම් කෙල්ලව අපහසුවට පත් කලා....
"නපුරා...ඔය ආවෙ....මං දන්නවනෙ එනව කියල."
කෙල්ල කියාගත්තෙ තමන්ටම.....ඒ හිත අමුතු කෝල බවකින් පිරිල
"ආ..පුතා එන්න...ඉතින් කොහොමද ....කොල්ලො...".
"වරදක්..නෑ අංකල්.."
කොල්ල කිව්වෙ තාමත් රාජතේජ ට හරිහැටි මුහුණ දෙන්න අපහසුවෙන්...කෙල්ලට නම් ඒ බව තේරුණා....
"දුව මැණිකට කියන්න බොන්න මොනාහරි ගේන්න කියල ..."
"අනේ එපා අන්කල්..පරක්කු වෙනව....මං මේ ආවෙ යුරාශිට එලියට යන්න ඕනි කිව්ව හින්ද ඒකයි...."
"අහ්..එහෙම බෑ කොල්ලො අදනම් මොනාහරි බීලම යන්න ඕනි...දුව කියන්න ගිහින්.."
"හා අප්පච්චි .."
කෙල්ල කිව්වෙ රනුක් දිහා හොරෙන් බලමින්ම... ආපු වෙලාවෙ ඉදන් රනුක් නම් කෙල්ල දිහා නිකමටවත් බැලුවෙ නෑ ...කෙල්ල ඒකට චුට්ටක් විතර තරහින් ඉදියෙ...කෙල්ල පිටව ගියේ කොල්ලට හොදහැටි රවලම

"ඉතින් පුතා වැඩ කටයුතු කොහොමද ....විල්සන් නිදහස් උනා නේද නඩුවෙන්...කොහොමත් මිනිහව ඇතුලෙ තියන්න අමාරුයි ...මට මං ගැන බය නෑ පුතා මට බය මගෙ කෙල්ල ගැන.."
"අංකල් බයවෙන්නෙපා ඌට මුකුත් කරන්න බෑ ...."
"විල්සන් කියන්නෙ මහා ජරා මිනිහෙක් පුතා....ඌට නීතියෙන් දඩුවම් කරන්න අමාරුයි...."
"මේ පාර නම් විල්සන්ට බේරෙන්න බෑ අංකල්..."
"කරන දෙයක් පරිස්සමින් පුතා....මං පුලුවන් උපරිම සහයෝගෙ දෙනව..."
කොල්ලට මොහොතකට හිතුනා තමන් පලිගන්න හැදුවෙ මෙතරම් හොද මනුස්සයෙක්ගෙන් නේද කියල.......
කොල්ලට හිතුනා කෙල්ලව ඉස්සුවෙ තමනුයි කියල කියන්න ...ඒ වගේම හැම ඇත්තක්ම කියන්න...රාජතේජ ගෙන් සමාව ගන්න....ඒත් කොල්ල දන්නව කෙල්ලට කරපු දේවල් වල හැටියට කවදාවත් රාජතේජ තමන්ට සමාව දෙන්නෑ කියල...ඒත මොන දේ උනත් කමක් නෑ කියල කොල්ල හැදුවෙ රාජතේජ ට ඔක්කොම කියන්න.....
"අංකල් මට අංකල් එක්ක ටිකක් කතා කරන්න ඕනි .."
"කියන්න පුතා..."
"අංකල්..."
ඒත් එක්කම එතනට ආවෙ යුරාශිට...යුරාශි එනකොට ඇහුනා කලින් කොල්ල කියපු දේ...කෙල්ලට ඉවෙන් වගේ තේරුනා කොල්ල මේ කියන්න යන දේවල්..
"රනුක් අපි යමු නේද...පරක්කු වෙනවනෙ..."
"ඒත්..."
"පුතා යන්න අපිට පස්සෙ කතා කරන්න බැරියැ..."
"අං..කල්..."
"රනුක්..යමු නේද...අප්පච්චි පරිස්සමින් ඉන්න...අපි යනව ..."
කෙල්ල කොල්ලගෙ අතින් ඇදන් ගිහින් කාර් එකට නැග්ගට පස්සෙයි අත අතෑරියෙ..
"තමුසෙට පිස්සුද යුරාශි...."
"මට නෙමෙයි ඔයාට පිස්සු ද අහ්..මොනවද අර කියන්න ගියේ...අහ්
."
"මන් කියන්න ගියේ ඇත්ත ..මට ඕනි අංකල්ගෙන් සමාව ගන්න..."
"ඔයාට ඕනි ඒකද...අහ්..ඔයා හිතනවද අප්පච්චි සමාව දෙයි කියල අහ්..."
"මං දන්නව සමාව දෙන්නෑ කියල ...ඒත් මට හිතේ බර තියාගෙන ඉන්න බෑ තවනම්...මට ඔක්කොම කියන්න ඕනි.....මට කියන්න ඕනි මං එහෙම කලේ වැරදි වැටහීමකින් කියල...."
"ප්ලීස් රනුක්..ඔයා ඔය කියන්න යන දේවල් වලින් වෙන්නෙ අප්පච්චි තවත් වැටෙන එක...ප්ලීස් මං වෙනුවෙන් එපා..වැදල ඉල්ලන්නෙ.....ඔයා ඒ කරන්න ගිය දෙයින් වෙන්නෙ අප්පච්චි හිතිනුත් දුර්වල වෙන එක.....ප්ලීස්...එපා එහෙම කරන්න....."
කොල්ල කරබාගෙනම කාර් එක ස්ටාට් කරගෙනම පිටත් උනේ යුරාශි කියපු දේ ඇත්ත නිසා..තව ටිකක් ඉවසන්න ඕනි කියල රනුක්ට තේරුනා...
යන මගදිගටම කොල්ල නම් කල්පනා සාගරයේ ගිලිල ඉදියෙ ...කෙල්ල නම් කලේ වරින්වර කොල්ල දිහා බලන එක.....
-------------------------------------------------------------------------
"ඉක්මනට ගන්න තියෙන දෙයක් අරන් එනව....."
කොල්ල වාහනෙ නැවැත්තුවෙ ලොකු ශොපින් මෝල් එකක් ලග.....
"හ්ම්...."
කෙල්ල කොල්ලට කතා කලේ නැත්තෙ මේ වෙලාවෙ රනුක් ඉන්නෙ අව්ලෙන් කියල දැනුන නිසා...කෙල්ලට ඕනි උන් නෑ කොල්ලට වද දීල තවත් ඒ හිත අව්ල් කරන්න...
"කොහෙද යන්නෙ...දැන්...තනියම අහ්..ඉන්නව මාත් එන්නම්..."
කොල්ල කාර් එකෙන් බැහැල කෙල්ල එක්ක ඇතුලට ගියේ ඇයව තනිව යවන්න හිත නොදුන් නිසා...කෙල්ලනම් කොල්ලත් එනවට හිත යටින් සතුටු උනා.....
පැයකට අධික වෙලාවක් ගියත් කෙල්ල ඇදුම් තෝරල ඉවරයක් නෑ...දැන්නම් කොල්ලටත් යකා නැගල ඉදියෙ....
"ඉක්මනට ගන්න මගුලක් අරන් එනව ඔඊ..මොන කරුමයක්ද මංද.දැන් පැය කීයක්ද....."
කෙල්ල ඔරෝගත්තෙ කොල්ල බයින්න ගත්තු හින්ද.....
"හරි යං...".
කෙල්ල කිව්වෙ රවාගෙනම...
"තමුසෙ ඔය ඇදුම් දෙක තුන ගන්නද මෙච්චර වෙලා ඉදියෙ අහ්..බලනව පැය කීයක්ද ...තමුසෙ නම් මහා කරුමයක්...."
"එහෙම් තමයි.....හරියන එක එපැයි ගන්න..."
කෙල්ල නෝක්කාඩුවෙන් වගේ කිව්වෙ කොල්ල දිහා හොරැහින් බලමින්....කෙල්ල අරන් තිබ්බෙ ඇදුම් දෙක තුනක් විතරයි....කොල්ලටත් ඇදුම් කිහිපයක් අරගෙන තිබ්බා....
කොල්ල දොරත් ඇරගෙන එන විට එක්වරම ගැස්සුනේ තමන්ගෙ ඇගේ කව්රුහරි හැප්පුන නිසා....


No comments:

Post a Comment

UNIVOTEC එක ගැන

UNIVOTEC එකේ පාඨමාලා සහ වැඩි විස්තර සදහා පහත ඇති PDF ෆයිල් එක භාවිතා කරන්න. https://drive.google.com/open?id=1zbMNZ14FNiYV2f34K91x1KqpKmid...