කොල්ල හැරිල බලනකොට දැක්ක දෙයින් කොල්ලට දැනුනෙ නිකන් ලෝකෙම කඩන් වැටුන වගේ....
"බෲස්ස්ස්!!!!!..."
"...සො...රි...රනු..ක් ..බොස්...."
"බෲස් එත...කොට එතකොට උබ...."
"ඔව්..මං විල්සන් ගෙ මිනිහෙක්....මෙච්චර කල් මං වැඩකලේ විල්සන් ට......ඒකයි ඇත්ත බොස්.."
මේ දේවල් අහන් ඉන්න කොල්ලට දැනුනෙ බෲස් ගැන වෛරයක් කෝපයක් නෙමෙයි ලොකු දුකක් කලකිරීමක්....
එදා කිසිම හව්හරණක් නැතිව තමන් ලගට ආපු ඒ කොල්ලට සහෝදරයෙක්ට වගේ සලකපු තමාට අද මෙලෙස බෲස් කරාවි යැයි කොල්ල හීනෙකින්වත් හිතුවෙ...ඒ ඇරත් මෙච්චර දවස් ලගින්ම ඉදල රවට්ටපු එකට කොල්ල ගොඩක් කලකිරිල ඉදියෙ.........
"මොනාද...බලන් ඉන්නෙ...තියපන්...මිනිහො...මරපන් ඉතින්...ඕකෙන් තියපන්...මට......උබට සහෝදරයෙක්ට වගේ සලකපු මාව මරල මදි බෲස්...මරපන්......ඉතින්...."
කොල්ල කිව්වෙ වියරුවෙන් වගේ කෑගහමින් පිස්ටල් එකෙන් අල්ලගෙන් තම ලුවට තද කරගන්න ගමන්........
"බො...ස්..."
"මරපන් ...මිනිහො තවත් බලන් ඉන්නෙ ඇයි........තියපන්....."
"බො...ස්......."
බෲස් අඩමින්ම පිස්ටල් එක අතෑරලා දණ ගහ ගත්තෙ කොල්ල ඉස්සරහ දෑතින්ම හිස බදන්...
"බෲ..ස්..."
"මට සමාවෙ...න්න...බොස්...මේ පව්කාරයට සමාවෙන්න බොස්....මං මං මහ ද්‍රෝහියෙක්....මට තවත් ජීවත් වෙන්න...බැහැ....බොස්...මෙන්න ගන්න...මාව මරන්න....."
බෲස් පිස්ටල් අරන් දුන්නෙ කොල්ලගෙ අතට....ඒ අතර විල්සන් ඉදියෙ ඔහුට බේරන්න තිබ්බ එකම මගත් අහිමි වීමෙ කෝපයෙන්.....
පොලිස් නිලධාරීන් පැමිණ බෲස් අතඅඩංගුවට ගන්න හැදුවෙ.......
ඒත් කොල්ල ඒක නැවැත්තුවා....
ඒත් කොල්ල ඒක නැවැත්තුවා....
"එපා කව්රුත් මෙයාව ඇරෙස්ට් කරන්න...මං බලාගන්නම්.....ඔය කට්ටියව අරන් යන්න...."
කොල්ලගෙ අණ පරිදි විල්සන් ඇතුලු සියලු දෙනාවම පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන රැගෙන ගියා...
"බෲස්...නැගිටපන්....."
"බෑ..බොස්....මාව මරන්න බොස්.....මං මග කලගුණ දන්නැති තිරිසන් ද්‍රෝහියෙක් බොස්......මාව මරන්න බොස්...මට තවත් ජීවත් වෙන්න බැහැ..බොස්..."
"බෲ...ස්..."
ඒත් එක්කම බෲස් පිස්ටල් එක අරන් තියාගත්තෙ තමන්ගෙම හිසට...
"පරිස්සමින් ඉන්න බොස්....පුලුවන්නම් මේ පව්කාරයට සමාවෙ දෙන්න...."
ඒත් එක්කමයි කොල්ල බෲස්ගෙ අතේ තිබ්බ පිස්ටල් එක උදුරල ගත්තෙ............
"උබට පිස්සුද මිනිහො...අහ්...."
කොල්ල කිව්වෙ බෲස්ට පහර දෙන ගමන්....
"මට මැරෙන්න දෙන්න බොස්...මට මට ..."
"කට වහපන් බෲස් .....මේ අහපන් මට ඇත්ත කියපන්....ඇයි එහෙම කලේ..."
"බොස්......"
"කියපන් ..මට ඔක්කොම කියපන්..එකක් නෑර ඇයි උබ එහෙම කලේ.."
"මට සමාවෙන්න බොස්...මේ තිරිසනාට සමාවෙන්න ...මං කියන්නම් බොස්...ඔක්කොම කියන්නම්......මේව බොස්ට හැංගුව එකට මට හේතුවක් තිබ්බ බොස්...."
"මොකක්ද..."
"බොස් විල්සන් ඌ මගෙ අහිංසක අම්මව ප්‍රාණ ඇපේට තියන් ඉන්නෙ බොස්....අම්ම ලෙඩ වෙලා හොස්පිටල් ඉන්නෙ බො....විල්සන් උට ඕනි විදිහට වැඩ කලේ නැත්නම් අම්මව...අම්මව....මරනව කිව්ව බොස්..."
බෲස් කිව්වෙ අඩ අඩ....කොච්චර රළු උනත් කොල්ල දැක්කමයි මේ විදිහට බෲස් අඩනව....කොල්ලටත් බෲස් ගැන දැනුනෙ ලොකු අනුකම්පා වක් දුකක්.....
"බෲස්....තොට මට කියන්න තිබ්බ නේද හරකෝ...ඈ යකෝ තෝ මගෙන් හැංගුවෙ ඇයි...."
"ඌ කිව්ව බොස් බොස්ට කියල තිබ්බොත් අම්මට කරදරයක් කරනව කියල......මට බෑ බොස් මගෙ අහිංසක අම්මට කරදරයක් වෙනව බලන්න....ඒකයි එහෙම කලේ....."
"තෝව මරන්න එපෑ .....හරි හරි දැන් ඕක අමතක කරපන්...ඔන්න මාත් අමතක කරා...උබ මගෙ සහෝදරයා වගේ එකා....මීට පස්සෙ තෝ මට නොකිය මුකුත් කරන්න බෑ තේරුණානෙ..."
"බොස්.."
එහෙම කියල බෲස් තදින් කොල්ලව වැලදගත්තා..........
"මං දැනගෙන ඉදියෙ උබ පිස්ටල් එක මට ශූට් කරන් ඉදියට ඕකෙන් මට තියන්නෑ කියල...මං දන්නව උබට මට මුකුත් කරන්න බෑ කියල...."
"බො..ස් මට මට සමාවෙන්න මගෙ බොස්......"
"හරි හරි ඕක නවත්තපන් ...ලැජ්ජ නැද්ද මිනිහො අඩන්නෙ...මැරයෙක් වගේ හිටපන්කො ටිකක්....මැරයන්ටත් ලැජ්ජාවක් තෝ නම්..."
කොල්ල කිව්වෙ බෲස්ගෙ බඩට එකක් ගහන ගමන්...බෲස් හිනා උනේ කදුලු අතරින්ම....
"බොස් මට තව දෙයක් කියන්න තියෙනව...."
"කියපන් බෲස්..."
"බොස් මෙච්චර හිතන් ඉන්න දේවල් නෙමෙයි බොස් වෙලා තියෙන්නෙ.....බොස් මේක අහල කලබල වෙන්නෙපා.......මං හිතන්නෑ බොස් මේක පිලිගනී කියලා ඒත් මේක තමයි ඇත්ත ......"
"මොකක්ද බෲස් කියපන්....."
"බො...ස්..."
"කියපන්...බෲස්..මොකක්ද ..කියපන් මාව අව්ල් කරන්නෙ නැතිව..."
කොල්ල ඉදියෙ දැඩි නොසන්සුන් තාවෙකින්....මොකද බෲස් කියන්න යන දේ මොන දේ උනත් එය තමාට ලොකු බලපෑමක් වෙයි කියල කොල්ලගෙ හිත කිව්වා...
බෲස් කල්පනා කලේ රනුක්ට මේක කියන්නෙ කොහොමද කියල....මොකද ඔහුගෙන් මොන වගේ හැසිරීමක් ප්‍රතිචාරයක් දක්වයිද කියල....
ඒ සමගම.......
"බොස් රාජතේජගෙ කිසි සම්බන්ධයක් නෑ මේවට...."
"මොකක් මොකක්...ගැනද උබ කියන්නෙ....කියපන් බෲස්..කියපන්..."
"බොස් කලබල වෙන්නෙපා බොස්...මේ හැම දේකම ඇත්ත දැනගෙනයි බොස් මං මේ කියන්නෙ..."
"මොකක්ද බෲස් උබ කියන්නෙ කියපන් යකෝ.....මාව අව්ල් නොකර..."
"බොස්...විල්සන්..."
"විල්...සන්.."
"විල්සන් තමා බොස් දයාරත්න ඇමතිතුමාව ඇක්සිඩන්ඩ් කෙරෙව්වෙ...නෙතුශි මැඩමටත් මෙහෙම වෙන්න හේතුව විල්සන්ම තමා...."
"ඩැ..ඩී..මොකක්...උබ..උබ මොනාද බෲස් මේ කියවන්නෙ...අහ්..උබට විකාරද...."
"ආ බොස්...මේකෙ තියෙනව බොස්ට ඕනි හැම ශාක්ෂියක්ම...රාජතේජ මේ කිසි දේකට සම්බන්ධ නෑ බොස්...."
බෲස් කොල්ලගෙ අතට දුන්නෙ චිප් එකක්....කොල්ල ඒක ඉක්මනින් තමන්ගෙ ෆෝන් එකට දාගෙන බැලුවාම ඒකෙ තිබ්බෙ තමන්ගෙ තාත්තව විල්සන් විසින් ඇක්සිඩන්ඩ් එකකින් මරණයණට පත් කරන සීසීටීවි වීඩියෝ පටයක්....
ඒ වගේම ඒ අසල නෙතුශිත් වැටිල ඉදිය..වාසනාවකට වගේ නෙතුශිට ජීවිතේ ගලවගන්න හැකි උනා....කොල්ලට දැනුනෙ දරාගන්න බැරි දුකක්...විල්සන් තමන්ගෙ නංගිව හා පියාව කිසිම හිතක් පපුවක් නැතිව කන්ටේනර් එකකට යට කරන විදිහ දැකල කොල්ලට කදුලු එන්න වැඩිවෙලාවක් ගියේ නෑ.....
කොල්ල ඉදියෙ අන්දුන් කුන්දුන් වෙලා...කොල්ලගෙ අත් දෙකත් ගැහෙනව හොදටම..කොල්ල හිතාගන්න බෑ කිසි දෙයක්....කොල්ලට විල්සන් ගැන දැනුනෙ මරන් කන්න තරම් කේන්තියක්...
"විල්සන්....උබ..උබ..මගෙ පව්ල විනාස කලා..අවජාතක බල්ලා..තෝව මං පණපිටින් වලලනව දැනගනින්....කාලකන්නියා...හිටපන් මං එනව..ඔව් උබේ ගමන ඉතා කෙටියි විල්සන්...බලන් හිටපන් උබේ මාරය එනව......"
"බොස්..කලබල වෙන්නෙපා බොස්...මං බොස්ට මේ දේවල් හැංගුවට සමාවෙන්න බොස්.....මට සමාවෙන්න..මට වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ බොස්......".
"එතකොට මෙච්චර කල්....මං..මං පලි....ගන්න..හදල තිබ්බෙ අහිං ..සක මනුස්සයෙක් ගෙන්ද බෲස්....කියපන් බෲස්..කියපන්..."
කොල්ල කෑගැහුවෙ දෑතින්ම හිස බදන්....ඒ හිත කෝපයෙන් වියරු වැටිල තිබ්බෙ....කොල්ලට ඉබේම බැලුනෙ යුරාශ් දිහා......
"අනේ ර..නු..ක් ඔයා..ට කරදරයක් නෑ නේද..රනුක්.."
කෙල්ල කොල්ල ලගට දිව ඇවිත් කොල්ලව වැලදගෙන හඩන්න ගත්තෙ ඒ පපුවට හිස තියන්....
කොල්ලට දැනුනෙ දැඩි වරදකාරී හැගීමක්...නිකරුනේ බොරුවෙන් රැවටිලා අහිංසක මිනිහෙක්ගෙන් පලිගන්න ගිය එක ගැන කොල්ලට දැනුනෙ තමන් ගැනම වෛරයක්...
ඒ වගේම අහිංසක කෙල්ලෙක්ගෙ ජීවිතේ නිකරුණේ විනාස කලා නේද යන හැගීමෙන් කොල්ලගෙ මුලු හිතම දවාලුවා.....තමන් ගැනම පිලිකුලක් ඇතිවෙන්න තරම් මානසික මට්ටමකටයි කොල්ලව ඇද වැටුනෙ..
"ර..නුක්...කතා කරන්න රනුක්..ඔයා හොදින් නේද.."
යුරාශි ඇහුවෙ කොල්ලගෙ ගෙල බදාගෙනම...මලකදක් ගානට කිසිවක් නොකියා තමා දෙස බලා සිටින කෙල්ලට ඇතිඋනේ නොසන්සුන්තාවක්...
"ඇයි..මේ..."
"ඇයි..මේ..."
"මුකුත්..මුකුත්..නැ...අපි....ය..මු...."
කොල්ල ඉදියෙ කෙල්ලට මුහුණ දෙන්න බැරිව...ඒ නෙත් තමා වෙත ගැටෙන හැම විටම කොල්ල මගෑරියා......
කියාගන්න බැරි කෝපයක් වගේම දුකක් අසරණ කමකින් කොල්ල වෙලීල තිබ්බෙ....තම පියාව ඝාතනය කරන වීඩියෝ පටය එක සිහිවන හැම විටම කොල්ල ඉදියෙ වියරු වැටුනු ස්වභාවකින්...
"විල්සන්...උබ උබ..උබව අද ඉදන් මං නොමරා මරනව බල්ලො...මෙච්චර දවසක් ඇත්ත නොදැන කරපු හැමදේටම උබෙන් පලිගන්නව...ඔව්....මං ඉන්නකම්.උබෙන් පලිගන්නව..."
ඒ හිත තුල විල්සන් කෙරෙහි තියෙන වෛරය කැකෑරෙන කැකෑරෙන වාරයක් පසා රනුක් ගෙ හිත දෝංකාර දුන්න....
--------------------------------------------------------------------------
"මෙන්න දැන් ලැබුනු විශේෂ ප්‍රවෘත්තියක් .....මීට සුලු වෙලාවකට පෙර ස්වදේශ කටයුතු අමාත්‍ය රාජතේජ බස්නායක මහතා මැර ප්‍රහාරයකට ගොදුරු වීම හේතුවෙන් හොරණ මූලික රෝහලට ඇතුලත් කර තිබෙනව...ආරංචි මාර්ග පවසන්නෙ මෙය දේශපාලන පලීගැනීමක් හේතුවෙන් සිදුකරන ලද්දක් බවයි....."
නිවසට පැමිණි විටම ප්රවෘත්ති ලෙස ඇහුන දෙයින් කෙල්ලට දැනුනෙ කලන්තෙ හැදුන වගේ...ඒක ඇහුන කොල්ලයි බෲසුයි දෙන්නම ඉදියෙ වෙච්ච දේ හිතාගන්න බැරිව....
"අ..ප්පච්චී...අනේ...අප්පච්චි ...රනු..ක් අප්පච්චි..රනුක්...අනෙ...මගෙ..අප්ප..ච්චි..."
කෙල්ල පිස්සුවෙන් වගේ කියෝගෙන කියෝගෙන ගිහින් කෑගහල හැඩුවෙ තමන්ගෙ අප්පචිචිට වෙච්ච දේ නිසා...
"ප්ලී.ස් යුරාශ්..කලබල වෙන්නෙපා..ප්ලීස්...අපි..බල..මු.."
කෙල්ල එක්වරම ඇඩිල්ල නවත්තල කොල්ල දිහා බැලුවෙ කෝපයෙන් යුතුව...
"ර..නුක්..තමුසෙ.නේද.මගෙ අප්පච්චිට ..මෙහෙම කලේ...කියනව...ඇයි මගෙ අහිංසක අප්පච්චිට එහෙම කලේ..කියපන්
..රනුක්..ඇයි...එහෙම...කලේ.."
..රනුක්..ඇයි...එහෙම...කලේ.."
කොල්ල කිව්වෙ කොල්ලගෙ පපුවට ගහ ගහ අඩමින්...
"යුරා..ශි..මොනාද..මේ කියන්නෙ....ප්ලීස් කල..බල වෙන්නෙපා..."
රනුක් කිව්වෙ කෙල්ලගෙ උරහිසෙන් අල්ලගන්න ගමන්....
"අල්ලන්නෙපා ...මාව...ඔය ..ජ..රා...අත් වලි...න්..උබ මහ තිරි..සනෙක්..රනුක්..තිරිසනෙක්...මාව විනාස කලා මදිවට..මගෙ අහිංසක අප්පච්චිවත් කෑවා...බලු මිනිහා...තුහ්....ඇයි එහෙම...කලේ කියපන්..මිනිහො...ඇයි එහෙම කලේ..."
"යුරාශි...මං.."
"ඇති .....මට උබේ මූණ බලන්නත් අප්පි..රියයි...තිරිසනා ...ඇයි කියපන් අපිට මෙහෙම කලේ...රනුක්..ඇයි.."
කෙල්ල එහෙම කියල ඉවරවෙන කොටම කොල්ලගෙන් ලැබුනෙ අත පුරෝලා කනේ පාරක්...
"කට කට වහපන් නවත්තපන් ඕක......ද වරෙන් යන්න...බෲස් උබ ඉදපන් නංගිව බලාගෙන අපි එනකම්.."
කොල්ල කෙල්ලගෙ ඇඩීම් ,කෑගැසීම් මැද්දෙම කෙල්ලව ඇදගෙන් ගිහින් ගිහින් දාගත්තෙ කාර් එකට.....හැකි උපරිම වේගයෙන් කොල්ල පිටත් උනේ රෝහල වෙත....කොල්ලට නොතේරෙනව නෙමෙයි කෙල්ලගෙ දුක......
"ඩොක්ටර් මගෙ අප්පච්චි...අනේ ඩොක්ටර්... එයාට කො...හොමද ....ප්ලීස්..කියන්න..."
කෙල්ල අයි.සී.යූ එකෙන් පිටට පැමිණි ඩොක්ටර්ගෙන් ඇහුවෙ අඩමින්ම.......
"කාම් ඩවුන් මිස්...කාම් ඩවුන්....දැන් ඩැඩීට ප්‍රශ්නයක් නෑ...හී ඊස් ඕකෙ නව්......අපි ඔපරේශන් කරල බුලට් එක අයින් කලා.......හොද වෙලාවට ශෝල්ඩර් එකට වෙඩි වැදිල තිබ්බෙ.....ඒක හින්ද එයාට එච්චර ප්‍රොබ්ලම් එකක් නෑ..."
"අනේ..ඇත්ත ද ඩොක්ටර් ....ගොඩක් පිං ඩොක්ටර් ...."
"ඒක අපේ ඩියුටි එක...."
"ඩොක්ටර් මට අප්පච්චි ව බලන්න ඕනි ...ප්ලීස් ඩොක්ටර් .."
"ඕකේ යූ කැන් ගෝ..."
"තෑන්කියු ඩොක්ටර් ..."
කෙල්ල ඩොක්ටර් ටට වගේම දෙවියන්ටත් දහස් වාරයක් පින් දුන්නා...කෙල්ල අයි සී යූ රූම් එකට ඇතුලත් යනකොට කොල්ලත් ඒ පස්සෙන් ආවා....
"තමුසෙ කොහෙද යන්නෙ...අහ්..."
"යුරාශි..මං..."
"තමුසෙට ඕනි මගෙ..තා..ත්තව මරාගන්නද...අහ්...කියනව....රනු..ක් ඇයි අපි.ට මෙහෙම කරන්නෙ..මොන වැරද්දක් කලා...ටද..අ.ප්පච්චට මෙහෙම කලේ...ඇයි...කියනව....."
කෙල්ල කිව්වෙ කොල්ලගෙ කොලර් එකෙන් අල්ලගන්න ගමන්...
"තමුසෙ ඇතුලට එන්න හිතන්නවත් එපා.....මිනීමරුවා..."
කෙල්ල තමන්ට මිනීමරුව කිව්ව එකට නම් කොල්ලට දැනුනෙ ලොකු කලකිරීමක් දුකක්... ඇත්ත තමන් රාජතේජ ගෙන් පලිගන්න ඉදිය තමයි...ඒත් ඒ ඇත්ත නොදැන.....
නමුත් දැන් තමන් නොකල වරදකට මෙසේ
තමන්ට අව කැපීම කොල්ලගෙ හිතේ තරහක් ඇති කලා....කොල්ල අසල බිත්තියට වේගයෙන් පහරක් ගැසුවෙ නොසන්සුන් වූ සිත සන්සුන් කරගන්නට.....
තමන්ට අව කැපීම කොල්ලගෙ හිතේ තරහක් ඇති කලා....කොල්ල අසල බිත්තියට වේගයෙන් පහරක් ගැසුවෙ නොසන්සුන් වූ සිත සන්සුන් කරගන්නට.....
"යුරාශි උබ ඇත්ත නොදැනයි මට චෝදනා කරන්නෙ...ඔහ් ශිට්...විල්සන් උබ මාව කෑවා....උබ නිසා තමයි මේ ඔක්කොම උබට යහතින් ඉන්න දෙන්නෑ ..මං.."
මේ වෙන දේවල් වලින් කොල්ලගෙ හිතේ විල්සන් ගැන වෛරය තව වැඩි උන එක විතරයි උනේ......
ඒත් එක්කමයි එතැනට පොලිසිය පැමිණියෙ...රනුක්ව දැකපු හැමෝම කොල්ලට ආචාර කලා.....
"ඉන්ස්පෙක්ටර්......ඇමතිතුමාට ශූට් කරපු උන්ව අල්ලගත්තද
..???"
..???"
"ඔව් ...සර්....මේ ඉන්නෙ ඌ...."
පොලිස් නිලධාරියෙක් කොල්ල දෙසට දික් කලේ පුද්ගල චායාරූපයක්...කොල්ල ඒ දෙස සුපරික්ෂාකාරී බැල්මක් හෙලුවා...
"සර්...ශූට් කරපු එකාව අල්ලගෙන අපි උගෙන් කොහොමහරි ඔක්කොම එලියට ගත්තා.....ඌ විල්සන් ඇමතිගෙ කෙනෙක්....."
"මන් තේරුනා ඕක විල්සන්ගෙ වැඩක් කියල......උගෙන් දිගටම ප්‍රශ්න කරන්න..."
"ඕකෙ සර්...සර් අපිට රාජතේජ ඇමතිතුමාගෙ දුව යුරාශි මැඩම්ගෙන් කටඋත්තරයක් ගන්න ඕනි....."
කොල්ල අනිවාරෙන් දන්නව කෙල්ල කියන්නෙ
තමන් ගැන කියල......ඒ නිසා ඒගැන සියලු කරණු කොල්ල ඒ පොලිස් නිලදාරීන්ට කල් තියාම වටහා දුන්නා.....
තමන් ගැන කියල......ඒ නිසා ඒගැන සියලු කරණු කොල්ල ඒ පොලිස් නිලදාරීන්ට කල් තියාම වටහා දුන්නා.....
--------------------------------------------------------------------------
සේලයින් බට ගහල ප්ලාස්ටර් වලින් වෙලා තිබෙන තම පියාගෙ සිරුර දකිනවිට කෙල්ලට දැනුනෙ දරාගන්න බැරි දුකක්..
කෙල්ලට බලන් ඉන්න බෑ කෙල්ලගෙ තාත්තා මෙහෙම ඉන්නකොට....
කෙල්ලට බලන් ඉන්න බෑ කෙල්ලගෙ තාත්තා මෙහෙම ඉන්නකොට....
"අනේ..අප්පච්චි ...නැගි..ටින්න...අප්පච්චි මං..ආවා..ඔයාගෙ දෝනි ආවා ...ඉක්මනට නැගිට්..ඉන්න අප්පච්චි.. ... මට පා..ලුයි ඔයා නැතිව....ඉහි ඉහි...."
කෙල්ල ඒ අතක් තම අතකට මැදි කරගෙන හඩා වැටුනෙ හදවත සිරකරන්නාක් මෙන් වේදනාවක් දැනී...කෙල්ලට මතක් උනේ රනුක්ව...යුරාශිගෙ මූණ කෝපයෙන් රතුවෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ....
"අප්ප..ච්චි..මං දන්නව අප්පච්චි....ට මෙහෙම කලේ කව්ද..කියල....මං මං..උන් ඔක්කොටම යහතින් ඉන්න දෙන්නෑ..අප්පච්චි....ඔව්.....ඔයාට දීපු දුකම මන් උන්ට..ත දෙනව..."
කෙල්ල කිව්වෙ දැඩි කෝපයකින්....ඒ හිතේ දැන්නම් රනුක් ගැන ලොකු තරහක් තිබ්බා...ඒ එක්කම ඇතුලට ආවෙ පොලිස් නිලදාරීන්....
"යර්ස්..??..ඇයි.."
"මැඩම්...අපිට ඇමතිතුමාට උන දේ සම්බන්ධයෙන් කටඋත්තරයක් ගන්න ඕනි..."
"මොන කටඋත්තරද ඉන්ස්පෙක්ටර්..මං දන්නව මේක කරපු එකාව....අර එලියෙ ඉන්නෙ ඉන්ස්පෙක්ටර් ..ඇයි ඇරෙස්ට් කලේ නැත්තෙ....ඉන්ස්පෙක්ටර් දන්නවද..ඌ මාවත් කිඩ්නැප් කරගෙන තියන් ඉන්නෙ.....මහලොකුවට සී අයි ඩී ලූ...
.වූ මහා අපරාධකාරයෙක් ඉන්ස්පෙක්ටර් ...ඇරෙස්ට් කරන්න...ඌ තමා අප්පච්චට මෙහෙම කලේ..."
.වූ මහා අපරාධකාරයෙක් ඉන්ස්පෙක්ටර් ...ඇරෙස්ට් කරන්න...ඌ තමා අප්පච්චට මෙහෙම කලේ..."
කෙල්ල කියෝගෙන කොයෝගෙන ගියේ පිස්සුවෙන් වගේ...
"ප්ලීස් මැඩම් ප්ලීස් කාම් ඩවුන්.....මැඩම්...මැඩම් සර් ගැන වැරදි වැටහීමක ඉන්නෙ මැඩම්.....අපි අපරාධකාරයව ඇරෙස්ට් කරල තියෙන්නෙ....."
"ක..ව්..ද...."
" මැඩම්..ඒ විල්සන් ඇමතිතුමාගෙ කෙනෙක්...........අපි ඔක්කොම හොයන් ඉන්නෙ මැඩම්...මැඩම්ට තියෙන්නෙ නඩුවක් ෆයිල් කරන්න විතරයි .."
පොලිස් නිලදාරීන් පිටව ගිය පසු කෙල්ල කල්පනා කරේ ඔවුන් කියපු එක ගැන...
"දෙවියනේ...එතකොට...එතකොට...මං බොරුවට ද රනුක්...ට චෝදනා..කලේ..විල්සන්ද මගෙ අප්පච්චි ට මෙහෙම කලේ ...ඒ..ත් රනු..ක් එයා අප්ප..ච්චිගෙන්..පලිග..න්නවා කිව්වා..ඒත් ශූට් කරල තියෙන්නෙ විල්සන්ගෙ කෙනෙක්.....විල්සන් නම් මේ දේ කලේ රනු..ක්ට මං චෝද..නා කලේ බොරුවටද...."
කෙල්ලට තේරුණා රනුක් නිර්දෝශි බව...කෙල්ල රූම් එකෙන් පිටවී හොයන් ගියේ කොල්ලව......
කෙල්ල යනකොට කොල්ල ඉදියෙ අසල යකට බංකුවෙ වාඩි වී බිත්තියට පිට දී ඇස් අඩවන් කරේ....
ඒත් එක්කම...
No comments:
Post a Comment