බට්ටි ......මෙහේ...එනවා මේ කුස්සිය අස් කරලා දානවා....මෙතන නිකන් ගිල ගිල ඉන්නවා .....මට තියෙන වැඩ මදිවාට....මෙතන ගෙනල්ලා දා ගත්තා නේ.....
මනෝරී නැන්දා කියවනවා ...බට්ටි ට ඇහෙනවා ...වෙනදා වගේම බට්ටි ගේ පුංචි ඇස් වලට කඳුළු පිරුනා....
ඇයි අම්මේ තාත්තේ මම තනිකරලා ගියේ....මට කවුරුත් ආදරේ නෑ .....අම්මේ ....මාමා විතරයි ආදරේ කරන්නේ ..අම්මේ .....ඒත් නැන්දා එයාටත් බනිනවා අම්මේ ......
පුංචි බට්ටි එහෙම හිතන ගමන්....හිතින් මැරිච්ච අම්මා ටයි තාත්තා ටයි කියනවා....
පුංචි බට්ටි එහෙම හිතන ගමන්....හිතින් මැරිච්ච අම්මා ටයි තාත්තා ටයි කියනවා....
බට්ටි ....කියන්නේ අට හැවිරිදි හුරුබුහුටි සුන්දර ළැඳරියක් ....මනෝරී ගේ සැමියා වන සෙනරත් ගේ එක ම අක්කා ගේ දුවණිය...
හදිසියේම ...සෙනරත් ගේ අක්කා යි මහත්තයා යි....රිය අනතුරකට ලක් වෙනවා....සෙනරත් මේක දැන ගත්ත ගමන් දුවන්නේ තමන්ගේ එක බඩ වැල කඩා ගෙන ආපු අක්කා ට මොකද වුනේ බලන්න ....රිය අනතුරින් අක්කා ගේ සැමියා එම ස්ථානයේම මිය ගිහින් ...අක්කා ජීවතුන් අතර හිටියා ත් පණ යන්න ඔන්න මෙන්න ...
හදිසියේම ...සෙනරත් ගේ අක්කා යි මහත්තයා යි....රිය අනතුරකට ලක් වෙනවා....සෙනරත් මේක දැන ගත්ත ගමන් දුවන්නේ තමන්ගේ එක බඩ වැල කඩා ගෙන ආපු අක්කා ට මොකද වුනේ බලන්න ....රිය අනතුරින් අක්කා ගේ සැමියා එම ස්ථානයේම මිය ගිහින් ...අක්කා ජීවතුන් අතර හිටියා ත් පණ යන්න ඔන්න මෙන්න ...
මගේ ...මල්ලී යේ......මගේ...බට්ටි දෝණිව.....බ.......ල............ග.......න්........න.....
ඒ තමයි තම එක ම අක්කා ....අවසාන වතාවට තමන්ගේ මල්ලී ට කියපු දේ....අක්කා ඒ මොහොතේම ජීවිතේ අත ඇරලා යනවා....
ඒ තමයි තම එක ම අක්කා ....අවසාන වතාවට තමන්ගේ මල්ලී ට කියපු දේ....අක්කා ඒ මොහොතේම ජීවිතේ අත ඇරලා යනවා....
සෙනරත් ගේ හිත කඩා හැලෙන වා කොහොම හරි මළගෙදරක් කටයුතු කරන සෙනරත් හැම මොහොතේම බට්ටි දෝණිව ළගට ඇරන් සිප වැලඳ ගන්නවා .. බට්ටි ට මේ සියල්ල හීනයක් වගේ....අඬන්න ද කෑ ගහලා අඬන්න ද දුක කියන්න වත් ඇය ට තේරුමක් නෑ ....ඈ කලේ බලා ගත් අත බලා සිටීමයි.....
මළ ගෙදර කටයුතු අවසන් වුනා ම බට්ටි දෝණිගේ භාරකාරත්වය හැමෝම පවරව්වේ...සෙනරත් ට...නෑදෑයන් හිමීට ලිස්සලා ගියේ එහෙම ....
මනෝරී ......අක්කා ගේ අවසාන ඉල්ලීම .....මම ඒක කරන්න ඕනි ....මනෝරී .....
ඔයා ට පිස්සු ද ...සෙනරත්.....මට බෑ තවත් කෙනෙක් ගේ .....වැඩ කරන්න .....ඔයා දන්නවා නේ....අපේ පුතා එක්ක අල්ලන සුමේ.....මං....මනෝරී කියන්නේ ...හිතේ නොරිස්සුම් කමකින් ......
කාළකණ්නි කෙල්ලෙක් නේ.....අම්මෝ අපි ට මොනා වෙයිද දන්නේ නෑ .....
කාළකණ්නි කෙල්ලෙක් නේ.....අම්මෝ අපි ට මොනා වෙයිද දන්නේ නෑ .....
මේ.....කටවහගන්නවා..මනෝරී ....මගේ යකා අවුස්සන්නේ නැති ව මහ එවුන් ගේ දුක් කරදර වලට අහිංසක පොඩි එවුන් ..පලි නෑ .......
ඉතින් ඔයාගේ අම්මා තාත්තා ඉන්නවා නේ....ඒ අය ට බලා ගන්න කියන්න කෝ....මනෝරී ත් අතාරින්නේ නෑ කියවනවා....
මේ..මනෝරී .....එයාලා වයසයි....අනික කොහොම ද බලාගන්නේ....
ඉතින් සෙනරත් .....අපි කොහොම ද බලා ගන්නේ ....අපි ටත් කොයිතරම් කරදර තියෙනවා ද .....
මට අක්කා ගේ ......වචන ය අහක දාන්න බෑ .....මම බට්ටි ව මගේ දුවෙක් වගේ හදා ගන්නවා ....ඒක තමයි මගේ අවසාන තීරණය ...
එතනින් එහාට මනෝරී කිසිම දෙයක් කියන්න ගියේ නෑ ....සෙනරත් ට තරහ ගියොත් ....මනෝරී දන්නවා වෙන දේ...ඇය නොරිස්සුම් සහගත මුහුණින් එතනින් නික්මෙනවා....
එතනින් එහාට මනෝරී කිසිම දෙයක් කියන්න ගියේ නෑ ....සෙනරත් ට තරහ ගියොත් ....මනෝරී දන්නවා වෙන දේ...ඇය නොරිස්සුම් සහගත මුහුණින් එතනින් නික්මෙනවා....
අක්කා ලාට ලමයි හම්බ වුනාම මාමාලාට කිරි එරෙනවා කියන්නේ මේක තමයි .....මනෝරී ට..එහෙම ත් හිතෙනවා .....
ඔන්න ඔහොම යි බට්ටි දෝණි.....තමන්ගේ මාමා ගේ ගෙදර ට එන්නේ....
සෙනරත් ඉන්න වෙලාවට...මනෝරී බට්ටි දෝණිට වෙනසක් පෙන්නුවේ නැතත් සෙනරත් නැති වෙලා වට මනෝරී ...තමන්ගේ හිතේ තියෙන නොරිස්සුම....තරහා...වේදනාව පීඩනය මේ පුංචි ළැඳරිය පිටින් ගහ බැණලා යැව්වා......
සෙනරත් ඉන්න වෙලාවට...මනෝරී බට්ටි දෝණිට වෙනසක් පෙන්නුවේ නැතත් සෙනරත් නැති වෙලා වට මනෝරී ...තමන්ගේ හිතේ තියෙන නොරිස්සුම....තරහා...වේදනාව පීඩනය මේ පුංචි ළැඳරිය පිටින් ගහ බැණලා යැව්වා......
මේ .....හැම දෙයක් ම විඳගෙන ....බට්ටි ජීවිතේ ට මුහුණ දුන්නා .....ඇය හැම දෙයක් ම තම මාමා වෙනුවෙන් ඉවසා සිටියා....ඇත්තටම සෙනරත් බට්ටි ට තාත්තා වුනා....ඇය හොඳ පාසලකට ඇතුල් කරලා...ඇයගේ සියළු වියහියදම් සෙනරත් විසින් දැරුවා....මේ ගැන ත් මනෝරී හිටියේ ගොඩක් කේන්තියෙන් ...හැකි සෑම මොහොතකම බට්ටි තමන්ගේ තුරුලට ඇරන් ඇය සමඟ කාලය ගෙවන්න සෙනරත් අමතක කරේ නෑ ....සෙනරත් දැන ගෙන හිටියා මනෝරී ....බට්ටි ව.....අසරණ කරනවා කියලා . ඒත් ඔහුට කරන්න දෙයක් තිබුන් නෑ තමන්ගේ පවුල් ජීවිතේ සමාජයෙන් ගැරහුම් නොලබා ගෙනියන්න ඕනි නිසා .....
මේ....එක්තරා දවසක තමයි මනෝරී ගේ ජීවිතේ උඩුයටිකුරු වෙන්නේ .....
බට්ටි .......මෙහේ එනවා...ඇවිල්ලා මේ කොස් ඇට ටික සුද්ද කරනවා........ කාළකණ්නි කෙල්ල ....සුද්ද කරනවා මේ ටික .....මනෝරී තරහෙන් කෑ මොර දෙනවා අහිංසකීට....
හැමදාමත් වගේ බියපත් මුහුණින් ඇය ඇස් වල කඳුළු පුරාවා ගෙන ඒ නැන්දා කියපු දේ කරන්න ගන්න වා.......පුංචි බට්ටි ට නැන්දා කියන හැම දේම කරන්න බෑ ...ඒත් ඇය කරන්න උත්සාහ කරනවා...බැණුම් අහන්න බැරි නිසා .....
මේ වෙලා වේ තමයි ...මනෝරී ....වතුර එකක් උණු කරන්න හීටරය ප්ලග් එක ට ගහන්නේ....
බුදුඅම්මෝ...........
බට්ටි දෝණිට ......හිතා ගන්න බැරි වෙනවා....නැන්දා කෑ ගැහැව්වේ ඇයි කියලා ....ඇය ට සුලබ සුලු තප්පර ගනනකින් වැටහෙන වා....නැන්දා ට කරන්ට් එක වැඳුනා කියලා .....නැන්දා තාමත් ප්ලග් එකට ඇලිලා වෙව්ලා වෙව්ලා ඉන්නවා දකින බට්ටි ට මතක් වෙනවා කතා කර කර ඉන්න කොට මාමා කියුපු දෙයක් .....වේලිච්ච ලී කෑල්ලකින් අයින් කරන්න ඕනි කියලා එහෙම දෙයක් වුනාම ......
පුංචි බට්ටි දෙසැරයක් නොහිතා කුස්සියේ දොරට අඳින දොර පොල්ලෙන්....නැන්දා ගේ බඩ ට දොර පොල්ල තියලා පුලුවන් තරමින් තල්ලු කරලා දානවා.....ඒ එක්කම මනෝරී ..විසික් වෙලා ගිහින් බිම වැටෙන්නේ.....පිට පැත්තට...වැටුන පාර කොච්චර සැරද කියනවා නම් මනෝරී ගේ....ඔලුව ත් පැලිලා ලේ එනවා....
අනේ..මාමා ත් නෑ අයියා ත් නෑ ගෙදර ......මම මොනාද කරන්නේ .....මෙහෙම හිතමින් බට්ටි ඉක්මනටම පාරට දුවලා යනවා.....
ගමේ..... නිතරම දකින මාමා ලා දෙන්නෙක් දකින්නේමේ වෙලා වේ......
ගමේ..... නිතරම දකින මාමා ලා දෙන්නෙක් දකින්නේමේ වෙලා වේ......
මාමේ.....ඇනේ නැන්දා ට කරන්ට් වැදුනා ....දැන් වැටිලා ඉන්නවා කුස්සියේ....බලන්න පොඩ්ඩක් ...මාමේ....
ගම් වල තියෙන සබැඳියාව මොනවාට විඳාහා පාමින් ඉක්මනටම ඒ අයගේ මූලිකත්වයෙන් මනෝරී ව,රෝහල් ගත කරනවා....
ඇත්තටම මනෝරී ගේ තත්වය අයහපත් වුනේ....නෑ නිසි වෙලාවට විදුලි මේනුවෙන් ගැලවුන නිසා ත් ඉක්මනටම රෝහල් ගත කළ නිසාත්....ඇයගේ ජීවිත ය බේරා ගැනීමට හැකි වුනා...ඔලුව පැලිලා තිබුන් නිසා මැහුම් දෙකක් ගහලා බෙහෙත් දැමීම ......වෛද්‍යවරුන් හෙදියන් පවා බට්ටි ගේ ඉක්මනින් වීම හා තැනට සුදුසු නුවණ අනුව ක්‍රියා කරපු නීසා ජීවිත ය බේරුණු බව...මනෝරී ට පැහැදිලි කර දුන්නා .......
මනෝරී ට තමන් බට්ටි ට ද දුන්න වද වේදනා මතක් වෙලා ඇස් වලට කඳුළු පිරුණ ....
මනෝරී සෙනරත් එනකම් හිටියේ නොවිසිල්ලෙන්......
සෙනරත් එක්ක බට්ටි දෝණිව දැක ගන්න ඇය ට නොනිම් ආශාවක් ආවා....
සෙනරත් ලගට එනකම් මනෝරී දැක්කේ නෑ ....
අනේ .. සෙනරත් කෝ.....බට්ටි දෝණි.......
ඒ වෙනකොට ත් අහිංසක මුවැත්තියක් වගේ බට්ටි බය වෙලා හිටියේ නැන්දා තල්ලු කරපු පාරට ඔලුව පැලුනේ මම නිසායි කියලා බැනුම් අහන්න වෙයි කියලා බට්ටි සෙනරත් ගේ ඇගට මුවා වෙලා හිටියේ.....
සෙනරත් .....බට්ටි ....ව උස්සලා තියන්න ඇඳ උඩින් .....
අනේ.....මගේ රත්තරං .....ආය මගේ අතින් මගේ දූට කිසිම දවසක වරදක් වෙන්නේ නෑ රත්තරං ....මම අද ඉඳලා ඔයාගේ අම්මා .....කියමින් අතොරක් නැති ව බට්ටි ව සිප වැලඳ ගත්තා ....පළවෙනි පාරට තමයි බට්ටි ව නැන්දා ඉම්බේ.....
මේ සියල්ල දිහා සැනසුම් සුසුමින්...සෙනරත් බලා හිටියා.....අද ඉඳලා මගේ දූගේ කරදර ඔක්කොම ඉවරයි දුවේ......ඔයා දිනුම්.....
No comments:
Post a Comment