Friday, April 24, 2020

සාස්තරේ

නෝන කෙනෙක් බර ගානක් වියදම් කරල සැත්කමක් කරව ගත්තලු ලස්සන වෙන්න. සැත්කම අති සාර්ථක වෙලා මෙයා දැන් බොහොම ලාබාල පෙනුමයිලු.
Pharmacy එකට බෙහෙත් ගන්න ගිහින් කවුන්ටර් එකේ හිටපු කෙනාගෙන් නෝන ඇහුවලු. මේ මගෙ වයස කීයක් වගේ පෙනෙනවද කියල. ඒ හාදය කීවලු නෝනට ඇති 35ක්? කියල. නෑ මගෙ වයස 47ක් කියල නෝන සතුටින් කීවලු.
ඊළඟට මෙයා ගියාලු මැක්ඩොනල්ඩ්ස් එකට. එතන කවුන්ටරේ ඉන්න කෙනාගෙනුත් ඇහුවලු මගෙ වයස කීයක් කියන්න පුලුවන්ද? කියල, ඒ හාදය කීවලු නෝනට ඕන්නං 29ක් ඇති කියල. නෑ මට දැන් 47 ක් කියල එයා බොහොම සතුටෙන් කීවලු.
ඊට පස්සෙ එයා ගියාලු බස් හෝල්ට් එකට. එතන හිටියෙ වයස 65ක විතර මහත්තයෙක් විතරලු. නෝන එයාගෙනුත් ඇහුවලු මගෙ වයස කීයක් ඇති කියල ඔය මහත්මය හිතනවද කියල.
ඒ මහත්මය කීවලු මට දැන් කෙලින්ම මූන දිහා බලල වයස කියන්ඩ පේනව මදි. හැබැයි මම සවුදියෙ ඉන්න කාලෙ ඉගෙන ගත්ත එක්තරා ගුරුකමක් තියනවා. ගැහැනුන්ගෙ වයස හරියටම කියන්න පුලුවන්, මට ඔය නෝනගෙ බ්ලවුස් එක ඇතුලට අත දාන්න දෙනව නම් විනාඩියකින් කියන්නම් කිව්වලු.
නෝනට ඉතින් දැන් මේ ගුරුකම හරිද කියල බලන්නත් ආසයිලු. එයා වටපිට බලල වෙන කවුරුවත් පෙනෙන්ට නොසිටි නිසා මහත්මයට අවසර දුන්නලු බ්ලවුස් එක ඇතුලට අත දාන්න.
මහත්මයත් එයා දන්න ගුරුකමේ විදියට නෝනගෙ පියයුරු දෙකම අතින් බොහොම සැලකිල්ලෙන් පරීක්ෂා කරල අවසානයේ කිව්වලු නෝනගෙ වයස හරියටම 47 යි කියලා.
නෝන ඇහුවලු හරියට හරි මහත්මයාගේ උත්තරේ ,කොහොමද එහෙම කිව්වෙ ආ? කියල.
...... මහත්මය කීවලු මැක්ඩොනල්ඩ්ස් එකේදි මම හිටියෙ නෝනට පිටි පස්සෙන් කියල.....
පරිවර්තනයක් ..............

No comments:

Post a Comment

UNIVOTEC එක ගැන

UNIVOTEC එකේ පාඨමාලා සහ වැඩි විස්තර සදහා පහත ඇති PDF ෆයිල් එක භාවිතා කරන්න. https://drive.google.com/open?id=1zbMNZ14FNiYV2f34K91x1KqpKmid...