Friday, April 24, 2020

රත්තරනේ නුඹ මගේ

"මා...මාව..අමතක කරන්න මහත්තයෝ..."
තවමත් වෙළුම් පටි දලා තිබුන මුහුණට අත තියාගෙන ඉන්න එෂාන්ගෙ අතට අත තියලා දරාගන්න බැරි දුකකින් මම කිව්වා.
" ඇයි උඹට මාව මරාගන්න ඕනෙද.."
ඒෂාන් උඹ කියලා කියන්නේ ගොඩක් තරහා ගියාම කියලා මම හොදටම දැනගෙන හිටියා.එත් මගෙ මුහුණ මොන තත්ත්වයක ඇතිද කියලා මටම හිතාගන්න බැරි නිසාම මම දරාගෙන කිව්වා.
" එහෙම නෙවෙයි.."
" එහෙම නෙවෙයි නම් කට වහගෙන හිටපන්...තේරුනාද ..මැට්ටියේ..මම ඩොක්ට හම්බ වෙලා එන්නම්.."
ඒෂාන් වෙළුම් පටි අතරින් මගෙ නලල සිපගෙන කාමරයෙන් දොර වහගෙන එලියට ගියා.
මම දුල්මි නේත්රා සතරසිංහ.සල්ලිකාර සතරසිංහ ව්යාපාරිකයගෙ එකම දුව.එ වගේම හිතුවක්කාර චරිතයක්.සල්ලි කියන්නේ මට ඇත්තටම වැඩකට නැති දෙයක්.එ තරමටම මම සල්ලි නාස්ති කලා.වානිජ අංශයෙන් උසස් පෙල කරන මට ඉගනීමේ වැදගත්කමක් දැනුවේම නෑ.අම්මා තාත්තා එවපු නිසා මම ඉස්කොලේට ආවා.
" මොනවද කරන්නෙ කියලා හිතාගන්න බෑ බං...අම්මගේ අසනීපේ හොදටම වැඩි බං..එයාට දැන් මහන්සි වෙන්න බෑ...මම නැවතිලා රස්සාවක් කරනවා බං.."
උදෑසන මගෙ පන්තියට යන්න හදන විට ජීව විද්ය පන්තියෙන් ඇසුන එ කටහඩ නිසා මම එහෙමම නැවතුනා.
" කියන්න දෙයක් මටත් තේරෙන්නේ නැ..බං..ඉස්සරහට උඹට තව සල්ලි ඕනෙ නේ...එත්..විසදුමක් පේන හරියක නෑ...ඇත්තටම උඹ මෙඩිකල් කොලේජ් ෂුවර්..එත්..."
එ වචන ටික මගෙ හිත පතුලටම කිදා බහිනවිට මම පන්තියට ආවා.
" හායි...මොකද බං..අද කවදාවත් නැතිව අමුතු වෙලා..."
මා දැක්ක ගමන් මිතුරිය සදුනි හයියෙන් අහන විට මම බෑගය තියලා ඇයගෙ අතින් අල්ලාගෙන පිට්ටනියට ආවා.
" මේ මොකද බං..අද ඇදේ නැගිට්ට පැත්ත වැරදුනාද.."
" අර කොල්ලා කවුද.."
මම සදුනි කියපු⁣ දේ නෑහුනා වගෙ පිට්ටනියට පේන පන්තියේ ඉදගෙන ඉන්න කොල්ලා පෙන්නලා ඇහුවා.
" එ.. එ්ෂාන්..."
පන්තිය දිහා බලලා සදුනි කිව්වා.
" කාගෙ කවුද..."
" යකූ..තෝ මොකද අද මේ පොලීසියෙන් වගේ...එ මානෙල් නැන්දාගෙ පුතා.ඉදිආප්ප තම්බලා කටවල් වලට දානවා වගේම..දවල්ට කෑම උයලා පාරෙ තියාගෙන විකුනලා එ්ෂාන්ට උගන්වන්න මහන්සි වෙන පුංචි කටු මැටි ගෙදරක ඉන්න..අපේ ගෙවල් වලට ගෙවල් දෙකකට එහා තමයි ඉන්නේ.."
සදුනි කියපු කතාව මම පුදුමයෙන් අහගෙන හිටියා.
" මට එයාට උදව් කරන්න ඕනෙ.."
මම එකපාරටම කිව්වා.
" මොකද බං තොට වෙලා තියෙන්නේ මගුල..ඔළුව කොහේ හරි වැදුනාද.."
" නෑ..එයාට නොදැනි මට එයාට උදව් කරන්න ඕනෙ..'
" දුල්මි .."
" මම සීරියස් කියන්නේ බං මට එයාට උදව් කරන්න ඕනේ හැබැයි එයාට නොදැනෙන්න .."
මම ඇත්තටම පහන් හැගිමෙන් කිව්වා .
" අනේ මන්දා හිටපු ගමන් උඹට එක එක විකාර හිතෙනවා හරි මම හොයලා බලන්න චුට්ටං .."
සඳුනි ගේ උදව් වෙන්න මට ඒෂාන් ගේ අම්මට මුදල් දෙන්න පුළුවන් වුනා.මොන හේතුවක් නිසා මට එහෙම හිතුනද කියන්න මම දන්නේ මගේ හිතට අමුතුම හැගීමක් දැනුනා .හැබැයි ටික කාලයක් ගෙවිලා යන විට මටත් නොදනිම ඒ හැඟීම ආදරයක් වුණා.
" සඳුනි මම ඉෂාන්ට ආදරය කරනවා බං .."
" අනේ අම්මාපා තොට පයිත්තියන් ඇත්තටම ..හිතපන් උඹලගෙ පරම්පරාව... උඹලගෙ ගෙදර තත්වෙ ..."
"ඒව මට හිතෙන්නෙ නෑ බං ඒත් මම ඉෂාන්ට ආදරෙයි "
😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆
ඒෂාන්ගේ ආදරේ හිතේ තුරුළු තුරුලු කරගෙන මම මාස ගානක් දුක් වින්ද .මං මගේ පවුල් පසුබිමත් එක්ක එයාට ආදරේ කියන්න මට පුළුවන් කමක් නැහැ .ඒකෙන් මට වඩා දුක් විඳින්න වෙන්නේ ඒෂාන්ට කියලා මම දන්නවා.අපේ ගෙදර අය එ අහිංසකයව ගමෙනුත් එළවලා දායි කියලා මගෙ හිත කිව්වා.
' දුලා..."
සඳුනි එකපාරටම බය වෙලා වගේ මල් ළඟට දුවගෙන ආවා .
" වරෙන් බං ටිකක් එහාට..."
රසායන විද්යා පන්තියේ හිටපු මාව සඳුනි එළියට ඇදගෙන ආවා.
" මොකද බං මේ තෝ හොල්මනක් දැක්ක වගේ.."
" හොල්මන් තමයි අන්න මුල්ම එනවා උඹ උගෙන් ම අහ ගනින් ..මට බෑ ඕවට උත්තර දෙන්න උඹ විසඳ ගනිං..."
එහෙම කියලා සචිනි ආයෙත් පන්තිය ඇතුලට ගියා .ළමයි එක්කෙනා දෙන්න පන්තිය ඇතුලට යනකොට ඈතින් ආපු ඒෂාන් මගෙ ළඟ නැවතුනා .මොකුත් හිතාගන්න බැරි වුණු මම සුපුරුදු සිනාව ඔහුට පෑවා .
" පුංචි නෝනා..."
ජීවිතේ පළමුවෙනි වතාවට කේෂාන් මට එහෙම කතා කළා.
" ඒෂාන් .."
" පුංචි නෝනා ඇයි එහෙම කළේ.."
" මොනවද.."
මොනවත් නොදන්නා නිසා මම ඇහුවා.
" ඔයා අපේ අම්මට සල්ලි දුන්නේ ඇයි ..අම්මා මට හැමදේම කිව්වා..මට සැක හිතිලා මම අහපු නිසා.."
දෙවියනේ මට මොනවත් හිතාගන්න බැරුව ගියා .කේෂාන් කොහොමද ඒක දැනගත්තේ..
" සමාවෙන්න ඒෂාන් ඔයාට නොකියා දේවල් කලාට ..ඒත් මම කැමතියි ඔයා ඉගෙන ඉගෙන ගන්නවට ඉස්සරහට යනවට ..ඒකයි මම ඒ වගේ දෙයක් කළේ .."
හිතේ තියෙන ආදරය හංගගෙන මම එහෙම කිව්වා.
" එහෙත් පුංචි නෝනා මේවා ලොකු මහත්තයා දැන ගත්තා මොකද වෙන්නේ ..."
" එයාලා දැනගන්න කවුරුහරි කියන්න එපෑ... දන්නේ ඔයයි මමයි අම්මයි සඳුනි විතරයි නේද .."
එ්ෂාන්ට උදව් කරලා මම අහිංසක සතුටක් ලබපු නිසා එහෙම කිව්වා.
" මට ආදරේ කරනවද.."
එහෙම එකපාරටම ඒෂාන් එහෙම අහනකොට මට මොකුත් හිතා ගන්න බැරිව ගියා .මුව ගොලු වෙලා හීන් දාඩියත් දැම්මා .
" නැහැ කවුද ඔයාට එහෙම කිව්වේ ඔයාට වැරදිලා .."
මම මගේ මගේ හිත සගවලා කිව්වා..
" මට කිව්ව කෙනා ද දැනගන්න ඕන .."
" ඔව් ..මොකද එහෙම දෙයක් නැහැ..."
ඇත්තටම මට සඳුනි ගැන තරහක් ආවා. මම හිතුවේ ඇය කියන්න ඇති කියලා .
" වරෙන්කෝ තෝ...අද.. මං බෙල්ල ගලවල අතට දෙන්න ."
මම හිතින් සඳුනිට බැන්නා
" මට කිව්වේ ඔයාගේ ඇස් .."
කියාගන්න වචන නැතුව මම අහක බලා ගත්තා ..
" මම හරි නේද ..."
ඒෂාන් ආයෙත් මගෙන් ඇහුවා ..මොනවත් නොකියපු මම අහපු පන්ති කාමරේට ආවා .
😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆
කාලයේ ගිලෙන විට මගේ ආදරේටත් අත්තටු ලැබුණා .ඇත්තටම අපි දෙන්නා අපි දෙන්නට ගොඩක් ආදරය කළා .ගෙදරට හොරා ආදරය කරා. එත් එක දවසක් නොහිතපු විදියට හැමදේම වෙනස් වුණා .
" දුල්මි.. "
කවදාවත් මට නම කියල කතා නොකර අම්මා එදා උදේ පන්ති යන හදනකොට හයියෙන් කතා කරලා.වෙනද චූටි දුව කියන කතා කරන අම්මාට අද එයාට දුල්මි වෙලා .
" අම්මේ ..."
" උඹ අද ඉඳන් පන්ති යන්නේ නැහැ "
" ඒ මොකද අම්මා...."
" මොකද කියලා දන්නවා ඇතිනේ තාත්ත දැනගන්න කලින් මේවා නවත්තපන් ..හිඟන්නකු මගුල් නටන්න මම කෙල්ලො හදලා නැහැ .."
" අනේ අම්මා එහෙම දෙයක් නැහැ .."
" එහෙම දෙයක් ඇතා නැතා හෝ පන්ති යන්නේ නැහැ නැත්තම් මමනම් මම තාත්තට කියනවා දන්නවනේ තාත්තගේ හැටි .."
" අනේ අම්මා අදට විතරක් මට යන්න දෙන්න...සදුනිගේ පොතක් තියනවා එක දෙන්න ඕනේ .."
" සඳුනිට එන්න කියන්න..."
" අම්මා ඒක අද ඕන පොතක් එහෙම මම පන්ති යන්නේ නැතුව පොත දීලා එන්නම් .."
බොහොම අමාරුවෙන් අම්මව කැමති කරගෙන මම පන්තිය ලඟට ආවා .ඈතදීම සඳුනි ඉන්නකොට මම දුවලා ගිහින් ඇගේ අතේ එල්ලුණා .අද ගෙදර වුණ හැම දේම ඇයි ට මම කිව්වා .
" මොකක්ද බං මේ පාත්ති හෙණ ගෙඩිය..."
" මටත් හිතාගන්න බැහැ මට ක්ලාස් එන්න එකම ඉන්න පුළුවන් ඒත් ඒෂාන් නොදැක ඉන්න කොහොමද .."
" විභාගෙටත් තව මාස දෙකක් වත් නැහැ ..මටත් පිස්සු හැදුනා ඒක ඇහුවම .."
අඬනවා හැර මට වෙන විකල්පයක් තිබුණේ නැහැ .ඒෂාන් එනකම් බලාගෙන හිටියත් ඔහු පන්ති ආවෙ නැහැ .සඳුනිට හැමදේම කියලා මං ගෙදර එන්න ආවා.හිත පුරාම ඒෂාන් ලැගුම් අරගෙන එද්දී මට පාරේ යන විදිහ වත් මතක් වුණේ නැහැ .
" දඩාස්..."
මට මතක එපමණයි
😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆
සිහිය එනකොට මුළු මූණම බැන්ඩේජ් කරලා .ඇඟ පුරහම තැලුම් තුවාල.ටිපර් රථය හැප්පුණු මාව උඩින් විසිවෙලා අනිත් පැත්තෙන් ආපු මෝටර් සයිකලේ වැදිලා බිම වැටී ලා.මෝටර් සයිකල් පෙරළුණු නිසා ඒකෙ සයිලාන්සර් එක මගේ මූනට හේතු වෙලා මූනේ පැත්තක්ම පිච්චිලා.බිම වැටුණු ගමන් මට සිහි නැතිව ගිය නිසා ඒ මොනවත් මට දැනිලා නැහැ .හම ඇතුලටම පිච්චිලා නිසා මගෙ කලවා ප්රදේශයෙන් මස් අරගෙන මුහුණ හදලා.
" පුංචි නෝනා .."
තාමත් ආදරයට ඒෂාන් මට පුංචි නෝනා කියලා කතා කලා..ගෙදර අයට හොරෙන් ඒෂාන් මාව බලන්න රෝහලට ආවා .සුපුරුදු පෙනුම මගින් මූණ නැහැ කියලා මම හොඳටම දැනගෙන හිටියා .ඒ නිසාම දොස්තර මහත්තයෙක් වෙන්න ඉගෙන ගන්නේ ඒෂාන් ගේ ජීවිතය අඳුරු කරන්න මට ඕන වුණේ නැහැ .
" මාව බලන් ආයෙ එන්න එපා .."
" උඹ හදන්නෙ මාව නොමරා මරාගන්න ද .."
" දෙවියනේ මගේ මූණ කැත වෙලා තියෙන්නෙ තේරුම් ගන්න .."
" මම ඔය මුහුණට ආදරේ කලේ නෑ.. මේ පුංචි නෝනා..."
ඒෂාන් ඇස්වල කඳුළු පුරවගෙන කියද්දි මටත් වාවගන්න බැරිව ගියා
" ඒත් මගේ මහත්තයෝ.."
" ලොකු මහත්තයා මට ඔයාව දෙනවා නම්... මං ඔයාව හැමදාම මගේ කරගන්න කැමති.."
" බෑ.. බෑ.. මට එක කරන්න බැහැ.."
" මං ඔය මූණට නෙමෙයි හිතට ආදරේ කලේ පුංචි නෝනා..මම ලොකු මහත්තයාගේ ඔයාව ඉල්ලගන්න ..යනවා.."
" මොනවද ඉල්ලන්න හදන්නේ ...."
එකපාරට පාරටම දොර දිහායින් ඇහෙනකොට මාව ගැස්සිලා ගියා .
" තාත්තා ..."
" ලොකු මහත්තයා..."
ඒෂාන් බය නැතුව කතා කළා ඔහුගේ ධෛර්යය ගැන ඇත්තටම මට පුදුම හිතුනා .මෙච්චර ලොකු ආදරයක් මං වෙනුවෙන් එ හිතේ ඇති කියලා මට හිතුණේ නැහැ.
" මොනවත් කියන්න ඕනේ නෑ ඒශාන් ...මගේ කෙල්ල එයාට දෙන්න මම කැමැතියි..ඒකෙ ට මීට වඩා හොද කෙනෙක් හම්බ වෙන්නේ නැහැ.."
" තා..තාත්තා.."
මම පුදුම වුනා.
" ලො..ලොකු මහත්තයා..ම.මගේ මැනික මටම දුන්නාට පින්..."
එ්ෂාන් මගේ තාත්තගෙ දෙපා මුල වැටුන.
" එ මගේ පන ටික මහත්තයෝ.."
" නැගිටින්නට දරුවෝ..මට ඔනේ සල්ලිකාර බෑනෙක් නෙවෙයි මගෙ කෙල්ලට ආදරය කරන බෑනා කෙනෙක්..සල්ලි අද අපි ලග..හෙට තව කෙනෙක් ලග..එත් මනුස්සකම හැමදාම තියෙනවා.."
😆😆😆😆 අවසානයි 😆😆😆    

No comments:

Post a Comment

UNIVOTEC එක ගැන

UNIVOTEC එකේ පාඨමාලා සහ වැඩි විස්තර සදහා පහත ඇති PDF ෆයිල් එක භාවිතා කරන්න. https://drive.google.com/open?id=1zbMNZ14FNiYV2f34K91x1KqpKmid...