Friday, April 24, 2020

ඇසිඩ්

මිස් මේක කරන්නම ඕනිද පේන විදියට එයා ගොඩක් අහිංසක කෙල්ලෙක් වගෙ..මම තමුසෙට සල්ලි දුන්නා නේද..මගුලක් කියවන්නෙ නැතුව වැඩේ කරනවා..බැරිනම් කියනවා..මට හොයා ගන්න පුළුවන් ඕනී තරම් කට්ටිය.." ඇසිඩ් වදින්න ඕනි ඒකිගෙ මූණටම මට ඒකිව පේන්න බෑ"
🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
පන්තියට අලුතින් ආපු ටික නැගිටිමු බලන්න..
"නැත මේ සිදුවිය නොහැක"
මගේ පාසල ඉතා ප්රසිද්ධ බාලිකාවකී ..මෙහි සිටින බොහෝ ළමුන් සල්ලිකාර පවුල් වල ළමුන් වේ..අතරින් පතර ඉගෙන ගැනීමට දක්ෂ දුප්පත් ළමයෙකු සිටියද ඔවුන් පාසලේ කොන් වූ චරිත වී ඉගෙනීමද අතහැර ගෙදර යති..
මට පළමු තැන නොදෙන ඕනෑම කෙනෙකුට වෛර කිරීම මාගේ පුරුද්දකි.. මට ඕනි කියන හැම දෙයක්ම මගේ තාත්ති මට ලබාදේ..
මා ඉගෙනීමට වඩා ප්රිය කළේ නර්තනයටයි නර්තනය යනු මාගේ ජීවිතයයි..එම නිසාම උසස් පෙළ මා කලා අංශය තෝරා ගතිමි ..
මේ අපගේ පළමු වාරයයි අලුතෙන් ළමයි විසි දෙනෙකු පමණ කලා පන්තියට පැමිණ තිබේ.. ඒ අතරින් මගේ දිනුම දෙවරක් මට අහිමි කර කෙල්ල ද වුනි..
ඇය බෙහෙවින් කෙට්ටුය නමුදු එය අමුතු හැඩයකි.. පිටු පසින් පහළට වන්නට දිග කොන්ඩයක් පැවති අතර මා මෙන් ඈ සුදු නැත නමුත් ඇයගේ හම රන්වන් පාටය..
මා එකොළොස් වන ශ්රේණියේ දී නර්තන තරගයකට ඉදිරිපත් වූයෙමි එහිදී ඇය මට වඩා දක්ෂ ලෙස රංගනයේ යෙදී මට දෙවන ස්ථානය ලබා දුනි..
නර්තන තරගයකින් මා දෙවන ස්ථානය ලැබූ ප්රථම අවස්ථාව එයයි .. ඇගේ තරමක් දිග මුහුණ දිගු ඇස් පිහාටු මගේ මනසේ සිතුවමක් මෙන් ඇදී ඇත.. එම සිතුවම මතකයට එන සෑම විටම හදවතේදීම එය පුළුස්සා දැමුවෙමි ..
මගේ මිතුරියන් හා නර්තන තරගයකට යාමට පෙර ඔට්ටු ඇල්ලීම මාගේ පුරුද්දකි ඒ මන්ද යත් මා දනිමි සෑම විටම මා දිනනා බව ..
එය මාගේ පාසලේම පැවැති උත්කර්ෂවත් නැටුම් තරගාවලියකි මම මනා ලෙස ඉහළින් මගේ නැටුම ඉදිරිපත් කළද ඇය මගේ තැන උදුරා ගත්තේය..
"අද දහනවයෙන් පහළ නර්තන අංශයේ ප්රථම ස්ථානය ලබා ගන්නේ ===සමාධි භාවනා ය..
එම තරගයෙන් දෙවන ස්ථානය ලබා ගන්නා මෙම පාසලේම ඉගෙනුම ලබන ==සෙහන්සි ආදිත්ය වර්ණකුලසූරිය විසිනි...
මම මාගේ මිතුරියන් අතර විහිළුවක් බවට පත් වූයේමි.. ඉතින් තව තවත් මා ඇයට වෛර කෙරුවෙමි ....
මේ ඔය කොන්ඩේ දිග කෙල්ලො ඇය බිම බලාගෙනම මා වෙත ආවාය..
මම මේ වයිට් බෝර්ඩ් එකේ අඳින අයිස්ක්රීම් එක දැන් ඔයා කන්න ඕනේ ..
ඇයගේ දෑසේ කඳුළු පිරී ඇත..
ගුරුවරුන් බාගෙට මැකූ marker pen පාරවල් උඩින් මං ඇදි අයිස් ක්රීම් එක ඇය ලෙව කෑවේය ..ඉතින් මට හරි සතුටුය ...
මා තෝරාගත් විෂයන් වූයේ වූයේ සිංහල, නර්තනය ,රංඟකලාවයි.භාවනා ද එම විෂයයන් ම තෝරා ගෙන තිබුණි ...
ඇයට කිසිම මිතුරියක් නැති වෙන ලෙස මම කටයුතු කෙරුවෙමි ...ඇය හා කවුරුන් හෝ කතා කලොත් අපි ඔවුන්ට දඩුවම් දෙන්නෙමු..
වරක් ඇය හා මගේ පන්තියේ ළමයෙකු කතා කරනවා මා දුටුවෙමි.. ඉතින් උදේ සිට හවස් වනතුරු ඇයව වොෂ් රූම් එක ඇතුලට දමා දොර වසා තැබුවෙමි..
ඇය අපගේ ගුරුවරුන් දැනුවත් කර තිබුණද පාසලට මගේ පියාගෙන් ලැබෙන donation නිසා මට කිසිවක් කියව්වේද නැත..මෙම පාසල භාණ්ඩාගාරික ලෙස කටයුතු කලේ මගේ තාත්තාය..
කාලය ගෙවෙන ඇය හුදෙකලා චරිතයක් විය.. කෙතරම් රිද්දුවද ඇයගේ ඉගෙනීම කඩාකප්පල් කළ නොහැකි විය ..හැම විෂයට ම ඇය වැඩිම ලකුණු ගන්නීය නමුත් පාසලට පැමිණි පසු ඇය කිසිම නැටුම් තරගයකට ඉදිරිපත් නොවුනි..
නමුත් මා දිනා එන හැම තරඟයකදීම මා කෙතරම් වෙනස්කම් කලත් ඇය මට හදවතින්ම සුභ පතන්නන්ගේ එක්කෙනෙක් බව මම දනිමි ...
අපගේ නැටුම් ගුරුතුමිය ඉතා සැර පරුෂය.. ඇයගේ වෙලාවෙදි මට වුවද කිසිම සමාවක් නැත..
දිනක් පන්තියේ කෑ ගැසුවා කියා දඬුවම වශයෙන් නැටුම් කාමරය සෝදා මිදුලේ වල් ගලවන ලෙස අණ කළේය ..භාවනා කිසිදු කතාවක් නොමැතිව වැඩ පටන් ගත් අතර සෙස්සන්ඳ ඇයට එක් වී එක් එක් වැඩ කළහ.. මම මිදුලේ වල් පැල ගැලවීමට තැත් කරත් එය මට බෙහෙවින් අප්පිරියා සහගත දෙයක් විය ..
ආදිත්යා ඔයා ඇතුලට යන්න ඔයාට අවුවේ ඉන්න බැහැ.. ඇතුලෙ වැඩ කරා කියන්න නැටුම් මිස්ට.. ඇතුලෙ වැඩ ඉවරයි..
මට පුදුම සිතුනි ඇය මා හා මිතුරු වීමට එනවා කියා සිතුවද අනිත් ළමයින්ට එහෙයින් ඇය වල්පැල ගැලවීම සිදු කළේය ..
කාලය මහත් වේගයෙන් ගලා ගියේය.. නැටුම් විෂය හැර අනිත් විශයන්ට මම ඒ තරම් ඇල්මක් නොදැක්වූවෙමි..
අපේ පාසල සම්මන්ත්රණ පැවැත්වෙන ප්රධාන ස්ථානයකි....එදිනට පිට පාසල් පහක් හයක්වත් අනිවාර්යෙන් පැමිණේ ..අප පාසලේ ගැහැණු ළමුන් එදාට විශේෂයෙන් ලෑස්ති වී පැමිණෙන්නේ පිරිමි ළමුන්ද මෙහි පැමිණෙන නිසාය ...
මේ එවන් දිනයකි.. උසස් පෙළ සිංහල විෂය සදහා පැවති සම්මන්ත්රණයකි..
භාවනා ගේ එවන් වෙනසක් මා දුටුවේ නැත පරණ පාට වුණු ගවුම ..නූල් ගැලවිලා මහපු සපත්තු දෙක ,ඇය නම් නියම හිඟන්නියකි..
සම්මන්ත්රණය උදේ නමය වන විට පටන් ගත් අතර එය ඉතා කම්මැලි විය..අපේ පාසලේ සිසුවියන් ඉදිරිපෙළ අසුන්වල ඉදගෙන සිටි අතර අහම්බෙන් භාවනා මා අසලට එනු දුටුවෙමි ..දෙවරක් නොසිතා මා කකුල දික් කෙරුවෙමි.. එහි පැටලී ඇය විසි වී ගොස් බිම වැටුණි ..
ශික් ආදි මොකක්ද ඒ කරපු බලු වැඩේ?ඇයට නැගිටීමට උදව් කළේ මගේ හොඳම මිතුරිය යි ..මගෙ පන්තියෙ අනිත් ළමුන්ද නැගිට යනවිට මගේ කෝපය නිම්හිම් නැති විය ...
ළමුන් හිනා වුණද ඇයගේ වේදනාබර මුහුණ ඉදිරියේ සියල්ලටම අනුකම්පාවක් ඇති වන්නට ඇත..
එවෙලෙහිම විවේකය සඳහා බෙල් එක නාද විය ..නමුත් සම්මන්ත්රණය පැවැත් වූ දේශකයා මට ඉන්නා ලෙස අතින් සන්කර කීවේය ..ඔහු මා කළ වැඩේ දකින්නට ඇත..
පියාගේ බළය නිසා මම බය නොවී සිටියෙමි..
භාවනා ඔලුව තියාගෙන සිටි අතර ඇයගෙ උරහිස් ගැසෙන ආකාරය අනුව ඇය අඬනවා විය හැක ..
සම්මන්ත්රණය පැවැත්වූ දේශකයා හා අපගේ සිංහල විෂය භාර ගුරුතුමිය අතර සිදු වූ සාකච්ඡාවෙන් පසු ඇය මා ළඟට පැමිණි අතර
"සෙහන්සි තමුන්ගේ තාත්තා මේකට donation දුන්න එක ඇත්ත ඒත් ඒ ළමයාටත් ඉගෙන ගන්න අයිතියක් තියෙනවා ...අනික මෙහෙම තැනක ඒ ළමයට මේ විදියට සලකනවා නම් වෙන තැන් වලදී මොනා කරනව ඇද්ද දවස් දෙක තුනක් මං බැලුවා team work වලදීත් ඒ ළමයව කවුරුත් ගණන් ගන්නේ නෑ ...
අනික පන්තියේ කොනක ඒ ළමයා ඉන්නේ දවසක් මං ඇහුවා මොකක්ද ප්රශ්නේ කියල ඒත් සමාධි කිසිම දෙයක් කිව්වේ නෑ...
මිස්ගෙ සද්දෙ වැඩි වෙන්න වෙන්න අසල්වාසී පාසැල් වල ළමුන් එකා දෙන්නා ඇතුලට එබෙනු මා දුටුවෙමි ...
විහාර සමාධි එක්කං යන්න වැදිච්ච පාර නිසා දනිස් තුවාල වෙලා ඇත්තේ..
මේක හොඳට මතක තියා ගන්නවා සෙහන්සි මේක තමුන්ගේ තාත්තගේ ඉස්කෝලෙ නෙමෙයි..
මට හැඩුනි දුකට වඩා මට ලැජ්ජා සිතුණි.. තව මොන මොනවද මිස් කිව්වත් මම පන්තියේ දුවගෙන ආවෙමි.. ඒ එන විටත් "හොඳ පාඩම මිස් කියල දුන්නෙ ක්ලාස් එකෙත් හරි ඔලුවෙන් හිටියේ එයාගේ තාත්තාගේ තැන වගේ "ඒ මගේ උපකාරක පන්තියට පැමිණි සිසුවියකි..
මට කේන්තියෙන් මට උණු ලැජ්ජාවට වඩා දෙයක් ඇයට කළ යුතුය...භාවනා උඹ වැරදි කෙනා එක්ක හැප්පුනෙ...
එම සිද්ධියෙන් පසු මා සමඟ මාගේ මිතුරියක්ද උරණ වූවේය ..කිහිප දෙනෙකු හැර අනිත් අය මා සමග කතා නොකර සිටි අතර ,භාවනාව කිසිදු ළමයකු සමඟ මිතුරු කමක් ඇති කර ගත්තේ ද නැත..
උසස් පෙළ විභාගයට තව මාස අටක් පමණ තිබුණද පාසල් ඒමට ඇත්තේ මාස පහකටත් අඩු කාලයකි ..
ලබන මාසයේ සමස්ත ලංකා නර්තන තරගාවලිය පැවැත්වෙන නිසා මා ඉතා මහන්සි වී මගේ අංගය පුරුදු පුහුණු වුණේමි.. මම දනිමි එයට භාවනා අනිවාර්යෙන් එන බව..
කාලය ගෙවී ගොස් තරග දිනය පැමිණියද එදා භාවනා පැමිණ තිබුණේ නැත.. එය මට වාසියකි ..නමුත් ඇය වෙනුවෙන් උපන් තරහ තවම මසිතේන් බින්දුවක් හෝ හිදි ගොස් නැත ..
භාවනා ගේ දෙමාපියන් පිළිබඳ මා සොයා බැලුවද කිසිවක් සොයා ගත නොහැකි විය ..අප පාසලේ වාර ආරම්භ සහ අවසානයේදී දෙමාපිය රැස්වීම් තිබුණද ඇයගේ මව හෝ පියා කිසිදිනක එනු මම දැක නැත ..පුදුමයට කරුණනම් ඒ පිළිබඳව ගුරුවරුන් ගේ ප්රශ්නයක් මතු නොවීමයි ..
ඇතැම් විට ඇය අනාත කෙල්ලෙක් විය හැක ..
විභාගයට තව මාස තුනක කාලයක් පවතින නිසා පාසලෙන් study live හිමි විය..
භාවනා රිදවීමට මම මඟක් සොයමින් සිටියෙමි ..සියල්ල ඉදිරියේ ඇය නිසා මට අවනම්බු විඳින්නට සිදුවිය.. ඉතින් මම ඇයව අත් හරින්නේ නැත..
ඇයගේ රූපය විකෘති කරෙනම් ඇයට කවදාවත් නැවත සමාජයට මුහුණ දිය නොහැකිය..මා විවිධ කරුණු සොයා බැලුවෙමු බැලූවෙමු බෙහෙත් දෙහෙකින් බෙහෙත්,විවිධ ක්රීම් වර්ග විවිධ එන්නත් නැත ඒවායේ ප්රතිඵල ලැබෙන්නේ බොහෝ ප්රමාද වීයා..මට ඕනි ඉක්මන් දෙයක්ය..
අවසානයේ මට හමුවිය..
""ඇසිඩ් ""
සොයා ගැනීමට ඉතා පහසුය ,භාවිතය ඉතා පහසුය,ප්රතිඵල ඉක්මන් දායකයි..ඉතින් මීට වඩා හොඳ යමක් කොහෙන් සොයා ගන්නද..
කාවද මේකට පාවිච්චි කරන්නේ..
මට කෙනෙක් මතක් විය..
අපේ තාත්තිගෙ ඩ්රයිවර් ගේ පුතා... දිනක් මට ක්ලාස් එකේදි කොල්ලෙක් ලියුමක් දීලා මම ඒක ඇවිත් තාත්තිට කිව්වට පස්සේ බිංගෝ තමයි ඒ කොල්ලගෙ දතක් කැඩෙන්න ගැහුවෙ...
හරි එහෙනම්
සෙනරත්
පුංචි නෝනා
බිංගො ගෙදරද ඉන්නෙ
අපේ කොල්ල ගෙදර ද දන්නේ නෑනේ නෝනේ
මට ක්ලාස් එකේ පොඩි ප්රශ්නයක් තාත්තට කියන්න ඕනි නෑ එයාට අද එන්න කියන්නකො ...
හරි නෝනා
හිතට හරිම නිදහස් මාස දෙකක් සතුටින් ඉන්නකො භාවනා ...
මම පරණ ඇල්බම් එක බැලුවේමි.. මා කුඩා කල ම අම්මා හා තාත්තා වෙන්වී තිබුණේය.. එයට හේතුව ලෙස තාත්තා කිසිවක් කියා නැත ... අම්මා හා තාත්තා ඉන්න ඡායාරූප ගොඩක් එහි විය ..අම්මා ගැන ඇසූ විට තාත්තා පැවසන්නෙ ඇය ඉතා අහිංසක කාන්තාවක් බවයි ..කිසිම දිනක දැක නොමැති වුවත් මම ඇයට ආදරේ කරමි.. තාත්තා පැවසූ ආකාරයට ඇය ජීවත් වන්නේ පිටරට ය ..
පුංචි නෝනා බිංගෙ ඇවිත්..
බිංගො පොඩි වැඩකට කතා කළේ ..
කියන්න නෝනා
කෙල්ලෙක්ට ඇසිඩ් ගහන්න ඕන හැබැයි මූණට වදින්න ඕනි යන ගානක් මම දෙන්නම්..
සුළු දේවල් කීයටද ,කොහෙද, කාටද,
මම තැන ,වෙලාව ,කෙනාව, කියන්නම් මට නම්බර් එක දීලා යන්න තාත්ත දැනගන්න බෑ..
හරි නෝනා එහෙනම් අපි කැපුනා..
සුපුරුදු පරිදි කාලය ගෙවී ගියේය නමුත් මම එක අමතර පන්තියකට වත් සහභාගි නොවුනි..එයට හේතුව උනේ මාගේ හොදම මිතුරියට මා හා අමනාප වීමයි..
හෙට පලවෙනි දවස ...සිංහල තියෙන්නේ මුලින්ම ..මම රෑ බිංගොට දුරකථන ඇමතුමක් ගත්තෙමි..
ඔයා කියපු ගාන මම ඔයාගේ account එකට දැම්මා ..ඔයා හෙට 7.30 වෙද්දි රෝසි ඇන්ටිගෙ කඩේ ගාව ඉන්න ..මම කෙල්ලව පෙන්නන්නම්...
ඉතින් භාවනාවෙ අවසානය සිහිකරමින් මා සුවසේ සැතපුනෙමි...
උදෑසන 7.30 වන විට මා මෙන්ම බිංගොද පැමිණ තිබූනි..8 වනවිට විභාගය පටන් ගැනීමට නියමිතයි .7.45 පමණ වන විට භාවනා පැමිණි අතර ඇයව මම බිංගොට පෙන්වූවෙමි ..
මිස් මේක කරන්නම ඕනිද පේන විදියට එයා ගොඩක් අහිංසක කෙල්ලෙක් වගෙ..මම තමුසෙට සල්ලි දුන්නා නේද..මගුලක් කියවන්නෙ නැතුව වැඩේ කරනවා..බැරිනම් කියනවා..මට හොයා ගන්න පුළුවන් ඕනී තරම් කට්ටිය.." ඇසිඩ් වදින්න ඕනි ඒකිගෙ මූණටම මට ඒකිව පේන්න බෑ"
මම ඔහුට සැර වූයේමි..අවසානයේ ඔහු මා හා එකඟ විය.. නමුත් ඔහුට උදය උදයවරුවේ එය කිරීමට නොහැකි වූ අතර භාවනාවට යහතින් සිටීමට පැය කිහිපයක් ඉතිරි විය ...
සියල්ලන්ටම පෙර මා විභාග ශාලාවෙන් එළියට දුව ආවෙමි.. ඒ වන වනවිටත් බිංගො සූදානමින් සිටියේය..
මා ගෙන යාමට පැමිණි මෝටර් රථය බිංගොට ආසන්න තැනක මා නවතා ගත්තේ ෆිල්ම් එක හොඳ හැටි බලා ගැනීමට සිතා ගෙනය...
ඇය එන මාර්ගය ඉදිරියේ බොහෝ දෙමාපියන් රැඳී සිටි අතර මට හුරු මෙතෙක් නොදුටු රුවක් සිටින්නීය....
ඇය තරමක් කෙට්ටු ,දුර්වර්ණවූ සාරියක් ඇඳ සිටින්නියකි ..
ඇය පිළිබඳ මට උනන්දුවක් ඇතිවූයේ භාවනා ගේ කොණ්ඩයට සමාන කොන්ඩයක් ඇයට පිහිටා තිබීම හේතුවෙනි මා පැමින විනාඩි පහළොවකට විතර පසු භාවනා පැමිණි අතර අර කාන්තාවට දෙදන නමා වැන්දේ ය ..
ඇය මෙතරම් වෙලා මට පිටුපා සිටියේය.. භාවනාවේ වැඳීමෙන් පසුව ඇය මා දෙසට හැරුනි ..ඇයව මට හොඳින් දැක පුරුදුය.. නමුත් මතක නැත.. ඇය මාගේ අම්මා වගේය..වගෙ නොවේ ඇය මගේ අම්මාය..ඇයගෙ මුහුනේ වම් පස තරමක් ලොකු උපන් ලපයක් පිහිටා තිබුනු අතර එය මගේ අම්මාගෙද ඡායාරූප වල මම දැක තිබුණෙමි..
එසේනම් භාවනා යනු මගේ කවුරුන්ද..ඇය මට එතරම් අනුකම්පා කළේ කුමක් නිසා ද..මා ඉක්මන් විය යුතුයි..ඇය බේරා ගත යුතුයි ...
නමුත් මා පරක්කුයි බිංගෝ වාහනයෙන් බැස ඉදිරියට යමින් සිටී..
මාද වාහන වාහනයෙන් බැස ඔහු පසුපස දිව ගිය ද ඔහුගේ hand free හේතුවෙන් මා කෑ ගසනා දෙය ඇසෙන්නෙ නැත...බිංගෝ හා මා අතර පරතරය අඩි දහයක් වගේ වුවත් භාවනා සහ අම්මා අතර පරතරය අඩි පහකටත් අඩු ය ...
ඔහු එවේලෙහිම බෑගයෙන් ඇදගත් බෝතලය මූඩිය ඇර විසි කරනවාත් සමගම මම අම්මා හා භාවනා තල්ලු කරගෙන වැටුනෙමි.. භාවනා ගේ මුහුණට එල්ල කර ද මාගේ හදිසි තල්ලුව හේතුවෙන් ඇයගේ අතට මෙන්ම මාගේ අතටද එය වැටී තිබුණේය..
එහි වේදනාව කියා නිම කළ නොහැකිය..බය උනු පාර බිංගො පේන තෙක් මානයක නොසිටියේය..
දෙවියනේ ආදිත්යා ඔයාට අමාරුද ඔයාට රිදෙනවද ?
අම්මා ගලක් මෙන් මා දෙස බලා හිඳියි ..
භාවනා කඳුළු පෙරමින් මගේ වගතුග සොයන්නේය ..මට වඩා ඇයට පිලිස්සුම් තුවාල ඇත ..නමුත් ඇය මගේ වේදනාව ගැනම අසයි මැය කවුද ?
ළමුන් සහ දෙමව්පියන් කිහිපදෙනෙකු අප වටා රොක් වන විටම මා ගෙන යාමට පැමිණි මෝටර් රථයේ රියදුරු එතැනට පැමිණියේය...
දෙවියනේ නෝනා මේ මොකද වුනේ යමුකෝ හොස්පිට්ල් එකට...
අපි නවලෝක රෝහලට පැමිණ තාත්තිගේ යාළුවෙක් මාර්ගයෙන් වගේ තුවාල වලට බෙහෙත් දා ගත්තෙමි. නමුත් භාවනාගේ තුවාල ගැඹුරට ඇති නිසා ඇයව නැවත්වීමට සිදුවිය ..
මා ඒ වෙලාවේදී තාත්තට දුරකථන ඇමතුමක් ලබාදී පැමිණෙන ලෙස දන්වා සිටියෙමි..
ආදිත්ය මොකද උනේ මේ? අනේ තාත්ති කියමින් මා ඔහු බදා ගත්තෙමි..මගෙ තුවාල වලට වඩා හදවත බොහො සේ රිදී ඇත්තෙමි..
තාත්ති අම්මා..
ඔහුගේ මුහුණේ කුඩාම වෙනසක් හෝ සිදු උනේ නැත...
මට අම්මා කතා කරා දුව..
ඒ කියන්නෙ ඔයාලා කතා කරනවද?
ඔයාට කියන්න දෙයක් තියනවා ආදිත්යා...
මොකක්ද ?
වාඩි වෙමු...
ඒ ඉන්නෙ ඔයාගෙ නංගි..
එහෙම වෙන්න බෑනේ...
මට කතාව කියන්න..
අනේ මගේ නංගිටද මම මෙහෙම කරලා තියෙන්නෙ..
මේක කිව්වා කියලා දුව මා එක්කවත් අම්මා එක්කවත් තරහ වෙන්න එපා..
කෙතරම් නී රස උවද මට එය ඇසීමට ඇවැසිය..
ඔයා ඉන්න කමල් මම කියන්නම්...
ඒ මගේ අම්මාය...
ඇය මා සමග තරහින් ඉන්නවා විය යුතුය..
ආදිත්යා ඔයා කමල්ගේයි මගේයි දරුවෙක් නෙවෙයි..
කමල්ට නංගි කෙනෙක් හිටියා එයා ගොඩක් හිතුවක්කාරයි ..ඒයාට නොගැලපෙන කෙනෙක් අඩු වයසින් බැඳලා ඔයාව එයාට හම්බුනා ඒත් පොඩි වයස නිසා එයා හොස්පිට්ල් එකේදිම නැති වුණා ...
ඒ වෙන කොට භාවනා මගේ බඩේ ..ඔයාව හදාගන්න කැමතිවුනා කමල්..මම ඔයාට ආදරේ කලා..ඒත් ඔයාලා වයසින් ටික ටික වැඩි වෙන්න වැඩි වෙන්න ඔයා හරියට වෙනස් වුණා ...යන්තම් ඔයාට අවුරුදු පහ වගේ වෙනකොට..කමල්ට ඔයා බොරු කිව්වා..මම ඔයාට කමල් වැඩට ගියාම ගහනවා කියලා කිව්වා...ඔයා පුංචි දරුවා නිසා මං ඒක එච්චර ගණන් ගත්තේ නැහැ..
ඒත් ඔයා භාවනාවට ගොඩක් කරදර කරන්න ගත්තා..කමල් වුනත් ඔයා නිසා වෙනස් වුණා..ගෙදර ප්රශ්න ගොඩක් වැඩි වුණා..මං කොච්චර කිව්වත් එයා තේරුම් ගත්තේ නැහැ...කමල් එන්න එන්නම බොන්න ගත්තා ..මම කවදාවත් ඔයාට ගහලා නෑ..ඒත් කමල් හිතුවෙ මම ඔයාට වෙනස් කම් කරනවා කියලා..
භාවනාට අවුරුදු 6 වෙද්දි ගෙදර ලොකු ප්රශ්නයක් ඇති වුණා...ඒ ඔයා සෙල්ලම් කරද්දි වැටිලා කකුල් දෙක තුවාල වුණා..ඒත් ඔයා කමල් ගෙදර ආවම කිව්වේ මම තල්ලු කරලා තුවාල කරා කියලා..එදා පලවෙනි පාරට කමල් මට ගැහුවා...ඒ වගේම ගෙදරින් එළියට දැම්මා...එයාගේ නංගිගේ දරුවාට වෙනස්කම් කරා කියලා භාවනාවයි මාවයි ගෙදරින් යැව්වා ..
එදා ඉදලා මම භාවනා ට අවුරුදු දහඅටක් වෙනකල් කමල්ට කතා කලේ නෑ... ඒත් ඔයාගේ ඉස්කෝලෙට දාගන්න ඕන නිසා කමල්ට කතා කරා...
මම ගොඩක් දුක් විදලා භාවනාව හැදුවේ...
ඔයා එක්ක තරහක් නෑ මේ අම්මා...
අනේ මට සමාවෙන්න අම්මා....
දැන් එවා හරි..නංගි මේ හැම දේම දන්නවා..ඔයා එයාට ගොඩක් ආදරේන් ඉස්කෝලෙදි සැලකුවා කිව්වා..ඔයා නිසාමයි නංගි අසාවෙන් ඉස්කෝලේ ආවෙ පුතේ..ඔයාලා දෙන්නා දැන් සතුටින් ආදරේන් ඉන්න නිසයි මේ දේ කිව්වෙ...
තවමත් ඔයා මගෙම දුව..
මට මා ගැනම කළකිරීමක් පමණක් ඉතුරු විය....ඒ ගැසූ ඇසිඩ් පහර මගෙ හදවතෙ ගැඹුරුම තැනක් තුවාල කර අවසානය..
නිමි!


No comments:

Post a Comment

UNIVOTEC එක ගැන

UNIVOTEC එකේ පාඨමාලා සහ වැඩි විස්තර සදහා පහත ඇති PDF ෆයිල් එක භාවිතා කරන්න. https://drive.google.com/open?id=1zbMNZ14FNiYV2f34K91x1KqpKmid...