අනේ.......ග...හ...න්......න.......එපා .....මම ගත්තේ ..නෑ ...අයියේ.........මම දෙන්න ආවේ.......මම හොරකන් කර්ව්වේ ...නෑ අයියේ ....මැඩම්.....මම ඇත්ත ටම පර්ස් එක දෙන්න ආවේ බිම වැටුන එක අහුලාගෙන.....
පොදු වෙළෙඳ පොලේ එකම කාලගෝට්ටියක්.....තරුණයෙක් ට තවත් තරුණ යන් පිරිසක් පහර දෙනවා...තරුණයා අත් දෙකින් වැඳ වැඳ ගහන්න එපා යයි පහර දෙන තරුණ යන් පිරිසට කියනවා .....ඔවුන් නොවෙයි එය ගණනකට ගන්නේ ....පිරිස අතර එක එකා තමන්ගේ ඇඟේ හිරි ඇර ගන්න හිතේ හැටියට අර තරුණයා ට පහර දෙනවා ...
මේ දිහා සිනා මුසු මුහුණින් බලා සිටින්නේ නව යෞවන වියේ සිටින රූමත් පියකරු දහනම හැවිරිදි සුන්දර යුවතිය ක්.....ඇය නමින් සසංකා විජේවර්ධන .....ධනවත් පවුලක එක ම දූ සිඟිත්ත.....ඇඟලුම් කර්මාන්ත ශාලා කීපයක ම හිමි කාරිත්වය දැරූ ඇගේ පියා කොලඹ ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයෙක්...සසංකා පොළට ආවේ ගෙදර ට අවශ්‍ය බඩු ටිකක් ගන්න .....මේ වෙලා වේ තමයි ...සසංකා ගේ මුදල් පසුම්බිය නැති වෙන්නේ......එය කොට කලිසමකින් හා සුදු ටී ෂර්ට් එකක් ඇඟලා ගත් දාඩිය පෙරා ගෙන අපිරිසිදු යැයි සිතිය හැකි තරුණයෙක් ගේ අතේ තියෙනවා දුටු...සසංකා ....කෑ මොර දුන්නා තමන්ගේ මුදල් පසුම්බිය අර තරුණයා හොරා ගත්තා යැයි කියමින් ....
ඒ මොහෙතේම ....ඇයගේ හඬට ප්‍රතිචාර දැක්වූ ....පොළ ට ඇවිත් හිටපු හා වෙලඳාමේ නිරතව සිටි වෙලඳුන් පවා මේ තරුණයා ට පහර පිට පහර දෙන්න පෙලඹුනා...කිසිවක් සොයා බලන්නේ නැති වම.....මේ සුන්දර යුවතිය ගේ අවධානය තමන් වෙන ට ලබා ගැනීමට මෙන් ......නිර්ධන පංතියේ තරුණයක්ට...තවත් එම නිර්ධන පංතියේ ම තරුණයන් පිරිසක් පහර පිට පහර එල්ල කරනවා..අහෝ......ධනපති.....පංතියට කත් අඳින .....නිර්ධනයින්......
ගහන්න එපා.....අයියේ අම්මා ....දිවුරලා කියන්න ම්....අයියේ ....මම ගත්තේ නෑ ....මම මේක වැටෙනවා දැකලා පස්සේ න් ආවේ මේ මැඩම් ට දෙන්න.....
මේ ......කිසිවක් අර තරුණ පිරිස අහන්නේ නෑ .....එකෙක් පහර දී අහවර වූ පසු ....තවත් කෙනෙක් පැමින අර තරුණායාට පහර දෙනවා...පහරක් එල්ල වන සෑම විටම අර තරුණයා වැඳ වැටෙනවා ...ගහන්න එපා යැයි කියමින් ......ඔහුගේ ඇස් වලින් කඳුළු කැට කඩා හැලෙනවා....නහයෙන් සහ...මුහුණේ කීප තැනකින් ම රක්ත රුධිරය වෑහෙනවා....ලද පහරවල් වල .....බලවත් කම හේතු කොට ගෙන ......

දණ ගහපිය .....වල් පරයා........එකෙක් නියෝග දෙනවා.....
මේ විදිහට පහර කන්නේ...දිමුතු කරුණාරත්න ........සැබවින්ම අහිංසක තරුණයෙක්.....දිමුතු .....ගේ තාත්තා නෑ ....තම එක ම නැගණිය සමග මවත් සමග කල් ගෙවන්නේ...ලැවරියා වත්ත මුඩුක්කු......ගෙවල් පේලියේ....කුලී නිවසක.....දිමුතු ගේ අම්මා කරේ.....ලග කඩවල් වලට....ලැවරි ආප්ප ...පුස්නාම්බු ....හැලප හදලා දාන එක .....පොඩි කාලේම දිමුතු ට වැටහෙනවා අම්මා තමනුත් නංගී වෙනුවෙන් විඳින දුක .....ඔහු මොන බාධක මැද වුනාත් ඉගනීම කරන්නේ ඒ නිසා...අම්මා ත් කීවේ මේ නරාවරෙන් ගොඩ එන්න නම් ....උඹ හොඳ ට ඉගෙනගනින් පුතේ....කියලා .....ඒ කීම ඒ විදිහට ම අකුරට ඉටු කරමින් ....ඔහු උසස් පෙළ විභාගයෙන් ඉහලින් ම සමත් වෙලා විශ්වවිද්‍යාලයට තේරෙනවා වානිජ අංශයෙන්....
දිමුතු ....විශ්වවිද්‍යාලයට සුදුසුකම් සපුරා ....යන්න සුදානම් වෙන කොට තමයි ....දිමුතු ගේ ජීවිතේ කණපිට හැරෙන්නේ......දිමුතු ගේ අම්මා එක සැරේම අංශභාග රෝගයට ගොදුරු වෙනවා....ගෙදර ආර්ථිකය කඩා වැටෙනවා .....දිමුතු ට තීරණය කරන්න වෙනවා කැම්පස් යනවා ද නැත්නම් අම්මා යි නංගී යි බලා ගන්නවා ද කියලා .....කොහොම ටත් දිමුතු ට තේරෙනවා කැම්පස් යන්න බඩුටික ගන්න වත් ඒ වගේම ගිහින් වියදම් කරන්න ත් සල්ලි නෑ කියලා .....
දිමුතු තෝරා ගන්නේ...තමන්ගේ අම්මා ගේ සහ නංගී ව බලා ගන්න එක නංගී තාම පාසල් යන නිසාත් ඇගේ වියදම් මෙන්ම අම්මා ගේ බෙහෙත් වලට යන වියදම් තුන් දෙනෙක් බඩ පුරවා ගන්න නම් මොනා හරි රක්ශාවක් කරන්න ඕනි කියන මතේට දිමුතු එනවා....
මවගේ ලෙඩේ සනීප කර ගන්න එකයි නංගී ට උගන්වන එක යි තමයි දිමුතු ට තියෙන ලොකු ම බලාපොරොත්තු ව........
රැකියාව ල් සොය සොයා....යාමට කාලයක් නොමැති නිසා දිමුතු කරන්නේ ....හතරවන හරස් වීදියේ වැඩකරන මුඩුක්කුවේම ඉන්න සිරිපාලා මාමාගෙන් උදව් ඉල්ලන එක ....සිරිපාල මාමා දන්නවා දිමුතු ගේ ගෙදර තත්වේ ....ඒ නිසා දිමුතු ට පොඩි පොඩි බඩු බාන පටවන රැකියාවක් හොයලා දෙන්නේ ඒ නිසා මයි ...දිමුතු ඔහොම තමයි බජාර් එක ට වැටුනේ.....බජාර් එක ට වැටුනා කියලා දිමුතු කවදාවත් වැරැදි වැඩ වත් වැරැදි දෙවල් කරන්න වත් උත්සාහ කරේ නෑ ඔහු හැම සතයක්ම වියදම් කරේ අම්මා ටයි නංගී යි බලා ගන්න .......

දිමුතු ඉන්නේ දැන් දණ ගහගෙන ......තාමත් තරුණයන් පහර එල්ල කරද්දී ඔහු වැඳ වැටෙනවා ....අත් දෙක එකතු කරමින් ..මේ සියල්ල දිහා සසංකා බලා ඉන්නවා අරමුණක් නැති ව....පසුම්බිය ත් අල්ලා ගෙන ...
තෝ.....වැඳිලා සමාව ගනින් මේ මිස් ගෙන්....
ගන්න ම්.....අයියේ .....ගහන්න එපා.....දිමුතු ගේ ඇස් වලින් කඳුළු බේරෙනවා සුදු ටී ෂර්ට් එක ලේ වලින් තෙත් වෙලා ....නයයෙන් තාම ලේ එනවා.....
සමාවෙන්න ..මැඩම් ......වරදක් වුනා නම් ....මම පර්ස් එක ගත්තේ නෑ ..මැඩම් ......බිමවැටුන එක අහුලා ගෙන ආවේ පර්ස් එක දෙන්න ....මම හොරකම් කරා නම් මැඩම් ගේ පස්සෙන් එන්නේ නෑ නේ මැඩම් ....සමාවෙන්න දිමුතු කියා ගෙන යනවා සසංකා ගේ දෙපාමුල දණ ගහගෙන .....
මේ වලාවේ .....තමයි ...දිමුතු ගේ මුඩුක්කු පේලියේ ම ඉන්න වඩිවේල් ....මාමා අවේ..ඔහු.....කරන්නේ ත් පොළ භූමිය ට ඈතින් ....බුලත් විට විකුණන එක ......
අඩා.......සාමී........උබලා මොකක්ද මේ දරුවා ට කරා....
වඩිවේල් මාමා දැක්ක හැටිය ඉක්මනටම දිමුතු නැගිටලා වඩිවේල් මාමා බදා ගත්තා ....
වඩිවේල් මාමා දැක්ක හැටිය ඉක්මනටම දිමුතු නැගිටලා වඩිවේල් මාමා බදා ගත්තා ....
මාමා ......මම ගත්තේ නෑ ....මාමා .....මම පර්ස් එක දෙන්න ආවේ......මාමා .....මට හොඳ ටම මේ මිස් කියලා ගැස්සුවා මාමා ......
සමී......ආඩවනේ.....සාමී.....මේක ට ඇයි මේ තරම් ගැහැව්වේ ....උබලා.....මූ හොරෙක් නොවෙයි අඩා.....උබලාගේ ජාතියේ එකෙක් නේද ....මේක කියන දේ උබලාට අහන්න තිබ්බ නේද ......බලපන්.....මේක ට හොඳ ටම ගහලා නේ ...උබලා ....බලපන් මේ මූණ ගන්න දෙයක් නෑ .....අඩා.....අරලෙඩ ගෑනි පොලොවේ පස් කයි අඩා මේ මූණ දැක්කොත් ....වඩිවේල් මාමා එහෙම කීවේ දිමුතු ගේ අම්මා මතක් කරමින්....වඩිවේල් මාමා දිමුතු ගේ මුහුණේ ලේ පිහදමින් කියනවා... ...
නෑ .....වඩිවේල් ....මේ මැඩම් තමයි කීවේ පර්ස් එක ගත්තා කියලා මූ........එකෙක් කියනව...
අඩා.......එහෙම කියලා මෙහෙම ගහනවා ද ....අහන්න තිබ්බා නේ මොකද වුනා කියලා ....
මැඩම් .....දැන් මැඩම් ගේ පර්ස් එක හම්බ වුනා නේ බලන්න ඔක්කොම තියෙනවා ද කියලා දැන් මැඩම් යන්න .....
ඔව්..ඔක්කොම තියෙනවා ......
හරි මැඩම් යන්න දැන් පවු නොදී....
කොල්ලෝ වරෙන් යන්න බෙහෙත් ටිකක් දා ගන්න .....
කොල්ලෝ වරෙන් යන්න බෙහෙත් ටිකක් දා ගන්න .....
ඇයි යකෝ....ඔහොම තිරිසන් වෙන්නේ....ගෑනියෙක් ඉස්සර හ....වඩිවේල් කෑ ගහලා කියනවා වටවෙලා ගහපු උන්ට.....
======================================
එදා රෑ සසංකා ට නිදි නැති රැයක් වුනා ....ඇය කල්පනා කරේම ...අර තරුණයා ගැන ....ඇය ට හිතුන ඇයට වැරදීම ක් ඇති වුනා ද කියලා .....අර තරුණ යන් පිරිස වටවෙලා පහර දෙද්දී ඔහු වැඳ වැටෙන අයුරු කඳුළු වැටි වැටී ලේ පිහිදන අයුරු ඇය ට මතක් වුනා තමාගේ දෙපා මුල වැඳ වැටී සමාව ගත්ත අයුරු හිත ට වද දුන්නා මුලු රෑ පුරාම....
හොඳ ම දේ එයා බේරා ගත්ත කෙනා හම්බ වෙන එක .....ලෙඩ ගෑනි පොලොවේ පස් කයි කියලා කීවේ ඇයි එහෙම කීවේ .....මගේ අතින් වරදක් වුනා නම් ඒක හදා ගන්න ඕනි ....ෂීහ්......මට ටිකක් ඇහුම්කන් දෙන්න තිබ්බා....
පසුදා උදේන්ම සසංකා .....අර දෙමල මනුස්ස යා හොයන්න ගත්තා ...පොලේ....හා අවට අයගෙන් දැනගෙන සසංකා වඩිවේල් බුලත් විට විකුණන තැනට හොයා ගෙන ආවා....
වඩිවේල් දුර තියාම ඇය අඳුනා ගත්තේ ....ඊයේ ඒ රුව හොඳ ටම හිතේ ඇඳුන නිසායි...
නෝනා...ඊයේ කරපු වැඩේ නම් කැතයි නෝනේ....ඇය දුටු විටම වඩිවේල් මුව විවර කරා...
අද ඌට නැගිට ගන්න වත් පණ නෑ .....අද ඔක්කෝම ලා බඩ ගින්නේ ..කොයිතරම් මහන්සි වුනා ද අර ගෑනිගේයි නංගී ගෙයි බඩ කට පුරවන්න ......
සසංකා ට කියන්න දෙයක් තිබුන් නෑ ....සසංකා කරේ වඩිවේල් ගෙන් දිමුතු ගේ ගෙදර ඔක්කොම විස්තර අහ ගත්ත එක ....
සසංකා ට කියන්න දෙයක් තිබුන් නෑ ....සසංකා කරේ වඩිවේල් ගෙන් දිමුතු ගේ ගෙදර ඔක්කොම විස්තර අහ ගත්ත එක ....
අපි ලේන් එකේ C,C,T,V බැලුවා ගිහින් නෝනා.....නෝනා ගේ පර්ස් එක වැටෙන්නේ...ඊයේ නෝනා ගිය සෙරෙප්පු බලන්න ගිය කඩෙන් පිට වෙනකොට ...කුඩේ ගන්න කොට .....කොල්ලා එතන කඩේට පෙට්ටි වගයක් බා ගෙන හිටියේ....එතන ම එහා පැත්තේ පොළ නිසා තමයි ....කොල්ලා ඒක දෙන්න පස්සේ න් ඇවිත් තියෙන්නේ පර්ස් එක ඇරන් ....අනිත් කඩවල් වල C,C,T,V වලත් රෙකෝඩ් තියෙනවා ....නෝනා ට කොල්ලා කතා කරනවා .....ඒත් නෝනා බලන් නැති ව යනවා....ඕනි නම් අපි ආය බලමු ගිහින් ඒ රොකෝඩ් වෙලා තියෙන ඒවා....
සසංකා ට මතක් වෙනවා ඒ අවස්ථාව ....ඔව් හොඳ ටම විස්වාස යි ඒක එහෙම තමයි වුනේ කියලා නැත්නම් මේ මනුස්ස යා දන්නේ කොහොම ද මම ඒ සපත්තු කඩේට ගියා කියලා කුඩේ ගන්න කොට වැටෙන්න ඇති ...
සසංකා ට කොයිතරම් අසරණ වුනා ද කීවොත් ඇය ට කතා කර ගන්න පුලුවන් වුනේ නෑ .....මගේ අතින් කොයිතරම් ලොකු වැරදක් ද වෙලා තියෙන්නේ ....සසංකා ට එවලේම හිතෙනවා ඒ තරුණයා බලන්න යන්න ....
නෝනා යනවාද රොකෝඩින් බලන්න ....
නෑ නෑ අවශ්‍ය නෑ ......එහෙ යන්න ඕනි නෑ පුලුවන් නම් මාව එක්කම් යන්න මෙතනට...
ඔයා ට,.....බැරි ද ඒ boy ගේ ගෙදර පෙන්නන මට ....
පුලුවන් නෝනා යමු ඉන්න මේ ටික මම අතන කඩෙන් තියලා එන්න ම්....වඩිවේල් ඉක්මනටම බුලත් තට්ටුව කඩේ ලග තියලා ආවා....
අපි ත්‍රීවීලර් එක ක යමු......වාහනේ ..ඈත තියෙන්නේ ....
පුලුවන් නම් උදව්වක් කරන්න ඒ කොල්ලාට...ඉගෙන ගෙනනේ ඉන්නේ මෙහෙම කරන්න ඕනි කොල්ලෙක් නොවෙයි ඔය අම්මා නංගී දාලා යන්න බැරි නිසා කුලී වැඩ කරන්නේ
කොහොම ටත් සසංකා ට ලොකු පීඩනය ක් දැනුන .....ඔහු ගැන විස්තර දැන ගත්තා ම ...තාත්තා ගේ ෆැක්ටරි එකෙන් ජොබ් එක ක් ඉල්ලා දෙන්න ඕනි ....මේ වැරදෙන් මට ගැලවීම ක් ඇත්තේම නෑ ...සසංකා ට හිතෙනවා ..එහෙම
දිමුතු ගේ නිවසට ....එබුන සසංකා ගේ හදවත කඩා වැටුනා දුටු දෙයින්.....දෙයියනේ .....
ඇය ට දකින්නට ලැබුනේ....මුහුණ පුරා පැලැස්තර් අලවා ගත්ත තරුණයෙක් ....සහ අත් වල වෙලුම් පටි බැඳ ගත්ත තරුණයෙක් ඔහුගේ නැගණිය යැයි කිය හැකි පුංචි දැරියක් සමග තුරුල් වී ගේ හරියටම තියෙන එක ම පටු කඩමාල්ලේ ඉඳගෙන සිටින අන්දමයි...පුංචි ළැදැරිය ඉකි ගසා අඬන බව ඇය ට වැටහුණේ උස් පහත් වෙන ශරීරයෙන් ඇගේ....

දිමුතු ....කොලූ.....මෙන්න අර නෝනා ඇවිල්ලා .....වඩිවේල් හයියෙන් කෑ ගහලා කතා කරා .... වත්තේ එහෙම වෙන්න ඇති ....කතා කරන්නේ ....
ඔහු ඒ ආමන්ත්‍රණයෙන් කොයිතරම් කලබල උනා ද කීවොත් ...ඉක්මනටම නැගී සිටියා සිය සහෝදරිය පසෙක ලා.....
ඔහු ඒ ආමන්ත්‍රණයෙන් කොයිතරම් කලබල උනා ද කීවොත් ...ඉක්මනටම නැගී සිටියා සිය සහෝදරිය පසෙක ලා.....
දෙන්න ගේ මුහුණ ට මුහුණ ඇස් යා වුනා ..දෙදෙනා ම මොහොතකට බලා ගත් අතම සිටියා...
සහෝදරිය ට යමක් තේරුනා මෙන්....
ඇයි නෝනා මගේ අයියා ට මෙහෙම කරේ....ඇය ඇඬුම් අතරින් කියනවා....බලන්න අයියා ට කොයිතරම් ගහලා ද ...මොකක්ද අයියා කරපු වරද ....එයා කවදාවත් හොරකන් කරන කෙනෙක් නොවෙයි කොයිතරම් දුක් විඳිනවාද මායි අම්මා යි බලා ගන්න ....මගේ අයියා හොරකන් කරලා අපේ බඩ කටබ්පුරවන්නේ නෑ නෝනා ..... ඇයි එහෙම කරේ......ඊයේ මුලු රෑ ම අම්මා ඇඬුවා....අයියා ගේ මූණ දිහා බලාගෙන අත ගගා ....මට ඉස්කෝලේ යන්න වත් හිතුන් නෑ අයියා ගේ මූණ දක්ද්දී......
සමාවෙන්න නංගී ..........සසංකා කොඳුරනවා....
චුට්ටී.........දැන් ඇති ඔයා යන්න අම්මා ගාවට.......ගෙදර ට ආපු කෙනෙක් ට ඔහොම ද කතා කරන්නේ .......යන්න ගෙට...
හොඳ ක් වෙන්නේ නෑ නෝනා ....ඔයා ට නම් ...
එසේ කියමින් සොහොයුරිය ගේ ඇතුලට ගියා....
සසංකා ට කියන්න දෙයක් නෑ .....
එසේ කියමින් සොහොයුරිය ගේ ඇතුලට ගියා....
සසංකා ට කියන්න දෙයක් නෑ .....
මම ඔයා ට ජොබ් එකක් දෙන්න ම්....ඔයා එන්න අපි ගාව වැඩ කරන්න වැරදීමක් වුනේ ඊයේ ....සමාවෙන්න .....මේ දවස් ටිකේ...ජොබ් එක ට යන්න විදිහකුත් නෑ නේද ....ආ....මේ සල්ලි ටික ගන්න ....සනීප වුනාම මේ අංකය ට කතා කරන්න ...තාත්තිගේ ෆැක්ටරි එකේ ජොබ් එකක් දෙන්නම් ඔයා ගේ තියෙන සුදුසු කම් වලට.....මේක ගන්න ....සසංකා කියා ගෙන යනවා....
අවශ්‍ය නෑ ....මැඩම් ......හොරකන් කරලා නිකන් ඉඳලා සල්ලි ඇරන් නෑ මම කවදාවත් ....මම දාඩිය මහන්සියෙන් හම්බ කරේ....මේ දවස් දෙක තුනට ජීවත් වෙන්න ඉතුරු කරපු මුදල් මා ලග තියෙනවා ...ඊයේ සිද්දිය බලා හිටපු නෝනා කෙනෙක් ....මම බෙහෙත් දාන තැනට හොයා ගෙන ඇවිල්ලා විස්තර අහලා මට එයා හම්බ වෙන්න එන්න කීවා නොම්බරයත් දුන්නා ....සනීප වුනා ම කෝල් කරලා එන්න කියලා ඇයි ...වඩිවේල් මාමා කිව්වේ නැද්ද මේ නෝනා ට....
අනේ....ඔව් නේ නිච්චියක් වුනේ නෑ සාමී....
මැඩම් බොහොම ස්තුතියි මාව බලන්න ආවට....මැඩම් සල්ලි දෙන්න ජොබ් දෙන්න යන්නේ මැඩම් ගේ හිත නිදහස් කර ගන්න නේද කරපු වැරද්දෙන්....මැඩම් මේක ට දඩුවම් විඳින්න ම ඕනි කොයිතරම් ඊයේ වැඳ වැඳ කීවා ද මම කරේ නෑ කියලා ....මැඩම් .....හැමෝම කතා කරන්නේ ජීවත් වෙන මින්ස්සු ගැන යි මැරුණ මින්ස්සු ගැනයි විතරයි මැඩම් .....මැරි මැරී ජීවත් වෙන මින්ස්සු ගැන කවුරුත් කතා කරන්නේ නෑ ......
plz ......මම කියන දේ පොඩ්ඩක් අහන්න ....
අවශ්‍ය නෑ මැඩම් ......මගේ තීරණය කීවා නේ....මැඩම් යන්න දැන් ....
වඩිවේල් මාමා ......මැඩම් ව ගත්ත තැනටම ගිහින් බස්සන්න.....
සසංකා ට එක ම දෙයයි හිතුනේ.....ජීවිතේ කවදාවත් මේ කරපු වැරැද්දෙන් තමාට කිසිම සමාවක් ලැබෙන්නේ නෑ කියලා ....
No comments:
Post a Comment