Friday, April 24, 2020

සරණි

සරෝජනී යි නිමලචන්දා යි කසාද බැඳලා අවුරුදු දහයක් ....වෙනවා...මේ...දෙන්න ට තිබුන ලොකුම දුක තමයි ....එයාලටම කියලා දරුවෙක් නැති එක ....
වෛද්‍ය පරීක්ෂණ ගණනාවකට යොමු වෙලා බලව්වාත් ඒ හැම තැනින් ම කීවේ දෙන්න ගේම කිසිම ප්‍රශ්න යක් නෑ ළමයි හදන්න පුලුවන් ..කියලා ...ඉතින් මේ දෙන්න එකඟතාවකට එනවා ළමා නිවාසෙකින් දරුවෙක් ඇරන් හදා ගන්න ....මොකද ඔවුන් තව තවත් බලාපොරොත්තු පොඳි බැඳගත්තාට ඒ දෙන්න වයසට...යන එක නවත්වන්න බැරි නිසා ....
ළමා නිවාස කීපයකට ගිහින් .... ඔවුන් දෙපල හොයන්නේ පුංචි හුරුබුහුටි හුරතල් ළැඳරියක් .....
සරෝජනී ටත් නිමලචන්දා ටත් සතුට ක් ගෙන දෙමින් ඔවුන් බලාපොරොත්තු වුන ඒ ළැඳරිය..හමු වුනා....සුජාතා ළමා නිවාසෙන්...
ඇය තමයි අසරණ වෙලා හිටපු සරණි....සරණි බබාගේ අම්මා තාත්තා ගැන කිසිම සඳහනක් ළමා නිවාසේ නෑ ...ඒක ම තමයි ඔවුන් දෙදෙනා සරණි දරකමට හදා ගන්න ගන්නේ.... මතුවට ප්‍රශ්න ඇති නොවන නිසා....ඇය සරෝජනී ලාගේ නිවසට එනකොට සරණි බබාගේ වයස අවුරුදු පහයි....
නිමලචන්දා යි සරෝජනී යි ඇත්ත ටම මේ දරුවාට ගොඩක් ආදරේ කරා....ඔවුන් නපුරු අය නොවේ මෘදු මානුෂික ගුණාංග තියෙන කුළුණු බර සෙනෙහෙබර යුවලක්...මුලදී මුලදී සරණි දැරිය ගොඩක් බියක් දැක්වූ වත් කාලයක් ගත වෙන කොට ...ඇගේ සැක සංකා දුරු වී....ඔවුන් ගේ දියණිය ක් ලෙසින් හැදී වැඩෙනවා....
සරෝජනී ට ගොඩක් අමාරූ වුනේ....නිමලචන්දා ටත් තමාටත් අම්මා තාත්තා කියලා කතා කරන්න සරණි ට පුරුදු කරන එක තමා....සරණි ත් ඔවුන් ගේ බලාපොරොත්තු ඉටු කරමින් ....කාලයක් යනකොට ඔවුන් දෙපලට අම්මා තාත්තා යැයි කියා ආමන්ත්‍රණය කරනවා....සරෝජනී ටත් නිමලචන්දා ටත්...එය මහත් සතුට ක් ගෙන දෙනවා....ළමා නිවාසෙක හැදී වැඩුණු නිසා දෝ සරණි පුරුදු වෙලා හිටියා තමන්ගේ වැඩ ටික තමන් ට හැකි අයුරින් කර ගන්න ට....
සරෝජනී නම් ආස වුනේ සරණි දියණිය ගේ වැඩ කටයුතු ඇගේ දෑතින්ම කිරීමට යි...ඉතින් පුලුවන් හැම වෙලේම ඇය සරණි දියණිය ගේ කටයුතු හොයා බලමින් මවකගේ යුතුකම් මනාව පෙන්නුවා .....
සරණි දියණිය ට..අවුරුදු අවුරුදු අටක් පිරෙද්දී ....සරෝජනී හැබෑවටම ගැබ් ගන්නවා ..මේ ...සිදුවීමත් එක්ක සරෝජනී ගේත් නිමලචන්දා ගේත් සතුට පිරී ඉතිරි යනවා....අවුරුදු දොලහක් තිස්සේ බලාපොරොත්තු වුන දරුවෙක් ගේ සිහිනය...ඉටු වෙන එක ඔවුන් දෙපලට මහා සොම්නසක් ගෙන ආවා..හැබැයි ඔවුන් කිසිලෙසකත් සරණි දියණිය ට වෙනස්කමක් කරේ නෑ ..ඔවුන් දෙපලම හිතුන හිතුවේ ....සරණි දියණිය ගේ වාසනාවට එහෙම වුනා කියලා.....ඇත්ත ටම ඔවුන් ට එහෙම හිතන්න ඕනි තරම් උදාහරණ තිබුනා .....සරණි දියණිය මේ නිවසට පය තියපු මොහොතේ සිට....ඔවුන් ගේ සිතුම් පැතුම් ඉටුවෙන අයුරු ප්‍රශ්න නිරාකරණය වෙන අයුරු ..ඔවුන් දුටුවා....මේ නිසා තව තවත්...කුසින් වැදුවේ නැති වූනාත්...සරෝජනී ත් නිමලචන්දා ත් සිය එක ම දියණිය වන සරණි දියණිය ට ආදර ය සෙනෙහස ඇය ගේ නියම අම්මා තාත්තා වත් නොදෙන තරමට දුන්නා ....
සරෝජනී ..කුළුඳුලේම වැදුවේ පුතෙක්....හමෝටම වඩා සතුටු වුනේ සරණි ....සරණි දැන් පුංචි මල්ලී යෙක්ගේ අක්කා කෙනෙක් ....සරෝජනී ත් නිමලචන්දා ත් ගිවස ගන්න වා තව දුරටත් ලමයි හදන්න පුලුවන් කම තිබුනා ත් තවත් දරුවෝ නොහදන්න....ඒ ඔවුන් දෙපලට දියණිය කගේ හා පුතෙකුගේ සෙනෙහස නොවඩුව ලැබෙන නිසා ....
සරණි දැන් පාසල් ගියේ ඉක්මනටම එන්නේ මල්ලී බලන්න ...මල්ලී ගේ නම මනහර ...සරණි ට මල්ලී ගෙන් තොර ලෝකය ක් නෑ දැන් ....සරෝජනී මේ බැඳීම දිහා බලා හිටියේ කඳුළු පිරි දෑසින්....මොකක්ද සරණි..තම එක ම පුතුට දක්වන ආදරේ ඇය දැනන් හිටියා .....
දැන් සරණි ගේ මල්ලී ට අවුරුදු හතර යි....අක්කා යි මල්ලී යි හරි එකතු යි ලොකු වයස් පරතරයක් තිබුනා ත්...දෙන්න සෙල්ලම් කරේ කෑවේ බිවෙ එක ටම තමයි ....
..
දූ......මම කඩේට ගිහින් ඉක්මනටම ..එන්න ම්....මල්ලී බලාගන්න ....
හා...අම්මේ ......
අම්මා ගියා ට පස්සේ ......මල්ලී අඬන්න ගන්නවා ....සරණි ට තේරෙන්නේ නෑ මොනවා කරන්න ද කියලා .....සරණි දැකලා තියෙනවා ....මල්ලී අඩන වෙලා වට අම්මා කිරි දෙනවා....සරණි ත් කරන්නේ....මල්ලී නලවා ගන්න ....ගවුමේ උඩ කොටස ගලවලා...අම්මා මල්ලී ට කිරී දෙන විදිහට ....මල්ලී ට තමන්ගේ පුඬුව උරන්න දෙන එක ...
සරෝජනී කඩේට ගිහින් ඉක්මනටම එන්නේ දරුවෝ දෙන්න තනියෙන් නිසා...
සරෝජනී ..දකින දසුනින්...ඇය ගල් වෙලා යනවා......
දුවේ......මයේ අම්මා මොනාද ඔය කරන්නේ ....
අම්මා ....මල්ලී අඬන්න ගත්තා නැලවුනේම නෑ ..මම ඉතින් අම්මා කරන විදිහට කිරි දුන්නා මල්ලී ට...ඊට පස්සේ ඇඩුවේ නෑ මල්ලී . ..සරණි කටඋල් කරලා කියනවා....
ඇත්ත ටම සරෝජනී ට මේ දේ දරා ගන්න බැරි වුනා ඇය ට ඇඬුනා...ඇය ඉක්මනටම ගිහින් සරණි දූව කිටි කිටියේ තුරුල් කරගත්තා.....
අනේ ...රත්තරනේ.....වචන එන්නේ නෑ සරෝජනී ට.......මගේ දූ......ඔයා අපේ..විතරයි ....
======================================
වසර කීපයකට පසු....
මනහර .....දැන් ජොබ් එකක් කරනවා.....ඒ සෙල්ස්රෙෆ් කෙනෙක් හැටිය ට....සරණි අක්කා ත් දැන් හොඳ ට ඉගෙන ගෙන ....කැම්පස් අවුට් වෙලා ගුරු පත්වීමක් ලැබිලා වැඩ....සරෝජනී යි නිමලචන්දා යි.පුලුවන් හැකි අයුරින් ම සරණි දුවට උගන්වන්න වියදම් කරා...ඇය ත් අම්මා ගේ තාත්තා ගේ පැතුම් ඉටු කරමින් ..හොඳ ට ඉගෙන ගත්තා ....කොහොමත් සරණි දූ ඉගෙන ගන්න දක්ශයි පොඩි කාලේ ඉඳලා ම....
අම්මා ගමෙ මින්ස්සු කියන කතා ඇත්ත ද .....හිටි ගමන් මනහර ...අම්මා ගෙන් අහනවා....
ඒ..මොනාද ...පුතේ....
අක්කා ගැන ......
සරෝජනී දැනගෙන හිටියා දරුවා කවදා හරි මේ දේ අහනවා කියලා ....සරෝජනී හැම දෙයක් ම පැහැදිලි කරලා කියනවා මනහර ට....ඒ වගේම ඔයා වෙනුවෙන් කරපු කැපවීම් ඔයා බලා ගත්ත විදිහ ගැන හැම දෙයක් ම පැහැදිලි කරලා දෙනවා......
මනහර ඉස්සෙල්ලා ම පුදුම වෙනවා මේ දේවල් දැන ගත්තා ම..අක්කා තම න්ට දක්වපු සෙනෙහස ගැන ඔහුට නිතරම මතක් වෙනවා....පාසලේ පාඩම් කියලා දුන්න හැටි
A/L කරනකොට කැම්පස් නොයා ඔහු ත් එක්ක නිදි වරාගෙන තේ හද හදා දීපු හැටි අමාරූ විශය කරුණු පහදලා දුන් හැටි වගේම අදටත් පඩි ගත්තා ම නොරදවාම කඩචෝරු වගේම ඇඳුම ක් ඇරන් එන හැටි ඔහුට මැවිලා පේනවා...සරණි අක්කා....කොයිතරම් ආදරයක් දුන්නා ද කියලා ඔහුට මතක් වෙනවා....මම අක්කා වෙනුවෙන් මට මොනාද කරලා තියෙන්නේ කියලා ඉතින් මනහර ට හිතෙනවා ....අම්මා කියපු දේවල් එක්ක අක්කා ගැන කීයා ගන්න බැරි ආදරයක් හිතට දැනෙනවා .....
අද ගෙදර එකම කලබල යක්.....ඒ අද ....මනහර ....merry කරන්න ඉන්න ගෙදර අය එනවා.....සරණි අක්කා හැම දාම කියන්නේ මල්ලී ගේ කටයුතු පිළියෙල ක් වුනාට පස්සේ එයා ගැන බලන්න කියලා .....අන්තිම ට සරෝජනී යි නිමලචන්දා යි තීරණය කරනවා පුතාගේ කටයුත්ත් තීන්දු කරලා තියන්න...මනහර merry කර්න්නේ තම රාජකාරි ජීවිතේ දී මුණ ගැහුණු ව්‍යාපාරික කටයුතු කරන මුදලාලි කෙනෙක් ගේ දුවෙක් ව....නිතර නිතර එම කඩයට ගිහින් තමයි දෙන්න දැන ඇඳුනා ගන්නේ....ඇගේ නම ප්‍රියංවදා...
.ඇය ටිකක් බටහිර පන්නෙට නැබුරුයි.....
කියලා සරණි ට හිතුනේ ඇය අද පලමු වතාවට දැක්කාම තමයි ....
තේ ..මේසය සුදානම් කරලා සරෝජනී ත් සරණි ත් ප්‍රියංවදා ගේ අම්මා ටත් තාත්තා ටත් කතා කරා.....
අම්මේ .....මල්ලී කෝ.....
අර.....දූත් එක්ක කතා ව ..එලියේ.....
යන්න දූ.....නංගී ටත් එන්න කියන්න ....තේ බොන්න.....
සරණි ..මල්ලී ඉන්න තැනට ගිහින් ....ප්‍රියංවදා ට කතා කරා....
නංගී යමු තේ බොන්න .....අම්මා ලා බලා ඉන්නවා ......
නංගී ......ඔයා කොහොමද මගේ අක්කා වුනේ....ඔයා ට බෑ මනහර ගේ අක්කා වෙන්න .....ඔයා ඇරන් හදා ගත්ත එක්කෙනෙක් නේ....අනික ඔයා කියන්න ඕනි නෑ ..මනහර ඉන්නවා නේ.....
සරණි ට මහා අසරණ කමක දැනෙනවා ....ප්‍රියංවදා නංගී ගේ කීම හමුවේ....
ඇය ඉක්මනටම බලන්නේ ..මල්ලී දිහා.....
ඔහු ත් අසරණ වෙලා කියලා ඇය ට දැනෙනවා .........සරණි ට කඳුළු එනවා ඇය ඉක්මනටම දුව ගෙන එනවා...ගේ ඇතුලට....
එතනින් පස්සේ සරණි ....ඒ අයට මුහුණ දුන්නේ නෑ ඉස්සරහට ආවේත් නෑ කුස්සිය පැත්තට වෙලා ...කඳුළු සල සලා ඉන්නවා ...
සරෝජනී ට තේරෙනවා මොකක් නමුත් වෙලා කියලා ....ඒත් ඇය අහන්න ගියේ නෑ ...මේ වෙලා වෙ...
කෑම වෙලාවෙන් පසු....ඔක්කොම සතුටු සාමිචියේ ....මනහර ගේ විවාහය ගැන තීන්දු තීරණය ගන්න යි සුදානම .....
මනහර ඉක්මනටම ...අක්කා එක්කම් එන්න කුස්සිය ට ගියා....
අක්කේ ....පොඩ්ඩක් එන්න මම එක්ක ....
ඇයි මල්ලී .....ආය අරයට තරහ යයි...මම මෙහෙන් ඉන්න ම්....
මෙහෙ...
.එන්න කීවාම ..මේක අපේ ගෙදර ......
මනහර අක්කා ව ඇඳ ගෙන සාලෙට ආවා....
ප්‍රියංවදා බලනවා මේ මොකද වෙන්නේ කි....
ඇන්ටි...අංකල්......මේ මගුල වෙන්නේ නෑ ....මම මෙච්චර වෙලා ඉවසා ගෙන හිටියේ....දුරඉඳන් ඇවිල්ලා කෑම ටිකක් නොකවා යවන්න බැරි නිසා..මම වතුර උගුරක් හරි බීලා තියෙනවා නේ එහෙන්.....ප්‍රියංවදා ...මේ මගේ අක්කා ...එක කුසක ඉපදුනේ නැති වුනාට මේ මගේම අක්කා ..ඔයා ඉස්සෙල්ලා එහෙම කතා කරේ මගේ අක්කා ට.....ඔයා දන්නවා ද මේ...මගේ අම්මා ....මාව මේ තත්වෙට ගෙනාවේ මගේ අක්කා ....අම්මා ට වඩා ..මම ගැන බැලුවේ මගේ අක්කා ...මගේ දෙවැනි අම්මා වගේ ...ඒ නිසා ....ප්‍රියංවදා අපි නවතිමු....මෙතනින් ....මට අක්කා වෙනුවෙන් ඕනෑ දෙයක් අතාරින්න පුලුවන් .....
මල්ලී ........
හැම දේම තේරුම් ගියා අක්කේ ...සමාවෙන්න ....මෙච්චර දවසක්....ඔයා ගැන හිතන් නැති ව හිටියා ට.....මට හැම දේම තේරුනේ පස්සේ.....අක්කේ ....මට පින තිබුනා ...ඔයා ගේ මල්ලී වෙන්න ......
සරණි ට..මේ කිසිම දෙයක් හිතා ගන්න බෑ.....ඇය ට මල්ලී ගැන ..කිව නොහැකි ආදරයක් ඇති වුනා.....
මේ වෙනකොට ප්‍රියංවදා ඇතුළු තාත්තා අම්මා ...කේන්තියෙන් පිටව ගිහින් ....
නිමලචන්දා පුතා ගේ පිටට තට්ටුවක් දාලා පුතා කරපුව දේ අනුමත කරා....
සරෝජනී ....තම දියණිය ත් පුතු ගැන ත් සෙනෙහසින් බලා ඔවුන් දෙදෙනා ම තුරුල් කර ගත්තා තමගේ පපුවට ....
අපි නැති කාලෙකත් ඔය බැඳීම ඔහොම ම තියෙන්න ඕනි ....හොඳ ද ..මගේ දරුවනේ.....
සමාප්ත යි....


No comments:

Post a Comment

UNIVOTEC එක ගැන

UNIVOTEC එකේ පාඨමාලා සහ වැඩි විස්තර සදහා පහත ඇති PDF ෆයිල් එක භාවිතා කරන්න. https://drive.google.com/open?id=1zbMNZ14FNiYV2f34K91x1KqpKmid...