මම = රුවන් .
මගේ වයස = අවුරුදු 20 යී
මගේ ගම = උස්වැටකෙයියාව .
මගේ වයස = අවුරුදු 20 යී
මගේ ගම = උස්වැටකෙයියාව .
මම කවමාදාවත්ම හොල්මන් කියන මිත්යා කොහොමටවත්ම කවමදාවත්ම විස්වාස කරෙත් නෑ කරන්නෙත් නෑ ........
අපේ අම්මනම් කෑ ගගහා කියන්නෙම ...
තෙල් කෑම කලා හැන්දෑ 6 න් පස්සේ කොහෙවත් යන්න එපාලූ යනවනම් වතුර බිලා යන්නලූ ...............
මලගෙදරක ගියොත් මුන කට හෝදන් මිසක් ගෙට ඇතුල් වෙන්න දෙන්නේ නෑ ..........
පන්සලකට ගියොත් පිරිත් නූලක් බැදගෙන අවේ නැත්තම් එදාට බැනුම් කෝටියයී ........
බොක්කූ උඩ ඉදන් ඉන්න එපාලූ හවස .........
හරියට නිකන් අපේ අම්මලාට හොල්මන් මම මෙතන ඉන්නේ මේවා කාපුවම මම එයලා ලගට එන්නේ කියලා කියලා තියනවා වගේ ..........
ඒ ජර මර අස්සේ අපේ ගෙට එහා පැත්තේ ගෙදර ලොකු පිරිතක් ...
අම්මගේ බර බරේ ඒකට යන්න එයා එක්ක එන්න කියලා ... මගේ වයසේ අනිත් උන් වෙන වෙන දේවල් කරද්දී මම අපේ අම්මා එක්ක සුදු ඇදගෙන ඉස්සරහටම වෙලා පිරිත් අහනවා කෙල්ලෙක් ඇක්කනම් වස ලැජ්ජාවේ බෑ ..................
වෙන වුන්ගේ අත් වල ලස්සන පටි තිබුනට ..මගේ අතේ තිබුනෙම පිරිත් නූල් ..
අම්මේ මට චූ බරයී මම එලියට ගිහින් එන්නද ..
පිස්සුද දැන් යන්නේ නෑ මේ පිරිත ඉවර වෙනකම් කොහෙවත් යන්නේ නෑ ......
අයෙත් මම ඉද ගත්තේ ...
කරන්න දෙයක් නැතී කමට .. අම්මෝ එහා ගෙදර ඇන්ටී වෙනිදට ගෙදරට එන බල්ලන්ට ගල් ගහලා එලවනවා අද බලපන්කෝ අත් දෙකත් වැදන් බන අහන හැටී ...
කරන්න දෙයක් නැතී කමට .. අම්මෝ එහා ගෙදර ඇන්ටී වෙනිදට ගෙදරට එන බල්ලන්ට ගල් ගහලා එලවනවා අද බලපන්කෝ අත් දෙකත් වැදන් බන අහන හැටී ...
ඒක දැකලා මට තනියම හිනා ........
හූ................ හූ................. හූ..............
එක පාරට වැදගෙන හිටිය එහා ගෙදර ඇන්ටී එක පාරට බිම දගල දගල හූ කියන්න ගත්තා ...
මගේ චූ බර වැඩී වුනේ බයට නම් නෙවේ හිතාව තද කරන් ඉදලම ....
මේක තමා චන්ස් එක හොල්මන් කියන දේ ඇත්ත්ද බොරුද කියකා බලා ගන්න ...
මෙන්න අපේ ගමේ කට්ටඩී රාල මාමාත් එතනට ආවා ....
එයත් බෙර ගගහා නටනවා ඇන්ටියී කට්ටඩියා අංකලුයී නිකන් එතන හිටිය කට්ටියට ස්පයිසී ඩාන්ස් එකක් පෙන්නන්වා වගේ මර මැරෙන්න තරම් හිනා ......
කියපන් උබ කවුද කියලා ..
මම තමා මේ දැරිවිගේ අම්මා ...
එහෙනම් තමුන් මොකද මේ දැරිවිට කරදර කරන්නේ ........
මේකී ඉන්නකම් මට දුන්නේ වද මේකී හැමදාම මට ගහනවා සතෙක්ට වගේ සලකන්නේ .....
මෙහෙම ඒ කට්ටඩී මාමයී මේ ඇන්ටී කතා කරන්න ගත්තා ........ හරියට ෆිල්ම් එකක් වගේ
හොදම වැඩේ කියන්නේ ..
ගමේ හිටිය අහිංසකම කෙනා තමා මේ ඇන්ටී හැමෝම එහෙම හිතන් හිටියත් ඇන්ටිගේ අම්මා අද ඇන්ටිගේ රෙදී ගලෝනවා මම අයිනකට වෙලා වෙන්නෙ මොකක්ද කියලා බලන් හිටියා ...
උබ යන්නේ නැද්ද මේ දැරිවිගේ ශරීරයෙන් ....
මට බෑ මම යන්නේ නෑ ..මට බිල්ලක් ඔනේ ..
මෙන්න බොලේ කුකුලෙක්ව ගෙනලා දුනා
කුකුලව අතට අරන් බෙල්ල හපලා ලේ බිවුවා ...
මම මෙච්චර වෙලා හිතුවේ ඇන්ටී කට්ටාඩියා අංකල් එක්ක හොද නාට්යක් පෙන්නවා කියලා ....
මේවා විස් වාස නොකරපු මම ඒ වෙලේ ටිකක් බය උනා ......
ජර බරාස් ............
තන තිබුන කොස් ගහේ අත්ත කාඩාගෙන බිම වැඩුනා ...
තන තිබුන කොස් ගහේ අත්ත කාඩාගෙන බිම වැඩුනා ...
දැන් බය වෙන්න දෙයක් නෑ එයා ගියා ඔයලා බනක් තියකා අම්මට දානයක් දෙන්න ........
බෑ මට මේක විස්වාස කරන්න බෑ මේ කොස් ගහා මට වඩා වයසයී මේකේ අතු දිරලා තියන්නේ මේක නිකන් මේ කඩන් වැටිලා තියන්නේ ...........
මම අයිනක් අල්ලලා චූ කරන ගමන් එහෙම හිතුවා ..
ඉස්සලා මැරෙන්න හැදුව ගෑනී මේ ඉන්නේ හොදට කතා කර කර .......
පුතා යමූ එන්න .....
ගෙදර ගිහිල්ලත් මම හිතුවේ මේක ඇත්තක්ද බොරුවක්ද කියලා මේවා නිකම් අහමු සිදිවීම් වගේ
ඒත් අර කුකුලගේ ලේ බීපූ එක 🙄🙄🙄 ......
..............................................
සතියකට පසූ
පුතා ලැස්තී වෙන්න පන්සල් යන්න අද ..
අම්මා යන්න මම උදේෂ් . මහෙශ් එක්ක එන්නම් .
ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධො
විජ්ජා චරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිද විදූ
අනුත්තරෝ පුරිසදම්ම සාරථි සත්ථා දේව මනුස්සානං බුද්ධො භගවාති ....................
විජ්ජා චරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිද විදූ
අනුත්තරෝ පුරිසදම්ම සාරථි සත්ථා දේව මනුස්සානං බුද්ධො භගවාති ....................
සාදූ ....සාදූ ..... සාදූ ..........
පන්සලේ ලොකූ හාමුදුරුවෝ ගාථා කියලා ඉවර වෙලා ලස්සන බණ කතාවක් ගිය ආත්මයේ කරපූ පවු වලට ලැබෙන දඩුවම් තමා ඒ කතාවෙ සදහන් උනේ .
බෝධි පූජාව ඉවරයී
වරෙන් පිරිත් නූලක් ගැට ගහා ගන්න අනේ මේ මට බෑ බන් ඔවා ගැට ගහා ගත්තා කියලා මොනා වෙනවද ...
අම්මගෙන් බැනුම් අහන්න බැරී කමටම මම ගිහින් පිරිත් නූලක් බැද ගෙන ආවා හොද වෙල්ලවට අම්මා ගෙදර ගිහින් ...
අපි තුන් දෙනා පයින්ම ඇවිදගෙන යන්න ගත්තේ කයියක් දාගෙනමයී ...
ඉදපන් ඔහොම මම ලග රුපියල් 30 ක් තියනවා මම අර බැදපූ රට කජූ අරන් එන්නම් ..
එකකත් කකා අපි තුන් දෙනා යද්දී අමුතූ සීතලක් දැනුනා කවුරු හරී නිකන් පිටි පස්සට අදිනවා වගේ ඉස්සරහට යන්නම අමාරුයී
මොකද බන් මේ වෙන්නේ පාරෙත් එක වාහනයක් වත් නෑ ...
සුදුපාට හෙව නැල්ලක් අපී වටේ කැර කෙනවා ...
එදා තමා මම මගේ ජීවිතේ හොදටම බය වුනේ හොල්මන් විස්වාස කරන්න ගත්තෙත් .....
අතේ තුබ්බ රට කජූ එක එක උඩ පාවෙන්න ගත්තා අපිට දුවා ගන්න බෑ ඇයී කකුල් පන නෑ ඒ මදිවට කෑ ගහන්නත් බෑ සද්දේ එන්නේ නෑ .......
මට මතක් උනේ අම්මා කියලා තියන්වා තෙල් කෑම කලා පාරේ යන්න එපා කියලා කියලා තියනව නේ
මගේ ඇගේ එක එක සෙවනැලී වදිනවා වගේ තේරෙන්නේ මිනිස්සුන්ට වඩා හොල්මන් සෙවනැලී බලන බලන පැත්තේ ...
අරුන්දෙන්නා අඩනවා ....
මටත් බයටම ඇඩෙන්න වගේ ....
මටත් බයටම ඇඩෙන්න වගේ ....
අනික අපි තුන්දෙනා ඉන්නේඑත් බෝකූවක් ලග
අපේ අම්මා කියලා තියන දේවල් මතක් උනේ මර බයෙන් ඉද්දිමයී ...
එක සෙව නැල්ලක් මහේශ්ගේ ඇගට රිංගුවේ මම බලාගෙන ඉද්දිමයී ...
මහේශයා හූ කියාගෙන දුවන්න ගත්තා ..
මහේශයා හූ කියාගෙන දුවන්න ගත්තා ..
උදේශයගේ ඇගටත් කවුද යනවා මම දැක්කා ....
ඌත් හූ කියාගෙන දිවන්න ගත්තා .....
ඌත් හූ කියාගෙන දිවන්න ගත්තා .....
මගේ ලගටත් කවුද එනවා මට ලං වෙනවා ඒත් මගේ ඇගට රිංගන්න එයාට බෑ ..
මම කෑ ගගහා අඩනනා ගත්තා මගේ වටේ සෙවනැලී 20 විතර පොර කනවා ඒත් ඒ එකෙක්ටවත් මගේ ඇගට රින්ගන්න බෑ ..
වාහන එලියක් එනවා දකිනවත් එක්කම මම එයාලව තල්ලූ කරලා වාහන එලියත් එක්කම පන්සලට දිවුවා ...
මම දන්නවා පන්සලට එයාලට එන්න බෑ කියලා ...මම කිය්වපු පොත් ගොඩක එහෙම ලියලා තිබුනා ...
මොකද මේ දරුවා මේ අඩන්නේ හතීදාගෙන ..
අනේ ලොකූ සාදූ ....
මම වෙචිචී හැම දේම අකිරක් නෑර ලොකු සාදුට කිවුවා ...මම එලිය බලදී මට පේනවා මම එනකම් එයලා මග බලන් ඉන්නවා ...
අනේ හාමුදුරුවනේ එයාලා එලියේ ඉන්නවා මට යන්න බෑ ...
පිරිත් කලයෙන් වතුර ටිකක් අරගෙන මට බොන්න දුන්නා ....
තිබහට මම ඔක්කොම ටික බිවුවා ....
තිබහට මම ඔක්කොම ටික බිවුවා ....
හාමුදුරුවෝ හිටිය නිසා මගේ බය නැතී වුනා
නගින්න වාහනවට මහත්තයා අපී යමූ කනත්ත ලගට ටග්ගලා ...
මොකටද හාමුදුරුවනේ ඒ .
මම අයේ එලිය බැලුවත් කාවවත් මට පෙනුනේ නෑ ...
මම අයේ එලිය බැලුවත් කාවවත් මට පෙනුනේ නෑ ...
කනත්තට ගියම තමා දැක්කේ මශේෂයයී උදේෂයයී මිනී වලක් ගාව නිදියන් ඉන්නවා ..
මම විවාස නොකරපූ හැම දේම මගේ ඇස් ඉස්සරහම ඇත්ත වෙන්න ගත්තේ හොල්මන් ගැන මගේ තිබිච්ච මිත්යා මතය ඇත්තක් බවට හරවමින් ...
එයාලටත් පිරිත් පැන් බොන්න දීලා වාහනේ දාගෙ පන්සලට ගියා ...
මම සිහිය නැතිව හිටපූ මහේශයා ට හිමිට තට්ටුවක් දලා බැලුවේ අපේ මහේශයමද කියලා තිබුන සැකේට ...
හාමුදුරුවනේ මට හිතා ගන්න බැරී මේ දෙන්නගේ ඇගට විතරක් ඇයී ඒ ආත්ම ඇතුලු උනේ මම දැක්කනේ මගේ ඇගටත් ඇතුලු වෙන්න හදනවා ..
හොද ප්රශ්නයක් ඇහුවේ
අර දෙන්නගේ අතයී ඔයාගේ අත දිහායී බලන්න හොදට .
මට ඒවෙලේ තේරුම් ගියේ ..
පිරිත් වලත් අපිට නොපෙනෙන බලයක් තියනවා කියලා මොකද මම ඒවෙලේ අතේ පිරිත් නූලක් බැදන් හිටියේ ...
අනික අම්මා කිවුව කතා මම බොරූ මාව බය කරන්න කියන දේවල් කිවුවට ඒවගෙත් ඇත්තක් නැත්තේමත් නෑ කියලා එදා වෙච්චී සිදුවීමෙන් මම තේරුම් ගත්තා
ඒත් මට තමාහිතා ගන්න බැරී
පිංකරපූ අය දිව්ය ලොකේ යනවවා පවූ කරපූ අය හොල්මන් ප්රෙත ආත්ම වෙලා හැම තැනම සැරී සරනවා කියලා තමා ලොකූ හමුදුරුව අර බණ කියන වෙලේ කිවුවේ ...
එහෙම බලද්දී පිංවලට වඩා පවූ කරන මිනිස්සූ වැඩී කියලා මට තේරුනේ මම එදා ඇක්ක ඒ අදුරු සෙවනැලි ගොඩ මතක් වෙද්දී ..................
ඔයාලට පෙන්නෙ නැති උනාට .. එයලා මේ හැම තැනම ඉන්නවා ඔයා හුස්ම ගද්දී එයා ඇදිලාඑනවා ඇතී ඔයාගේ ඇගේ මේවෙලේ හැප්පෙනවා ඇතී ඔයා කන කෑම එක දිහා බලන් ඇතී ..
එක වීනාඩියක් ඇස් දෙක වහගෙන වට පිටාවේ සද්දෙට ඇහුම් කන් දෙන්න සීතල සුලගක් දැනෙනවද කවුරු හරී ඇගේ ඇතිල්ලෙනවා වගේ හරියට කරලා බලන්න ඔයාට ඒ හැගීම දැනෙයී
ආවසානයට කියන්න තියන්නේ රත්තරං බෙස්ලට් වලට නෑ කියලා ලැජ්ජ වෙන්න එපා පිරිත් නුලක් අතේ බැදගන්න රත්තරං වලට වඩා වටිනවා ඒක ...
කවුරූ මොනා කිවුවත් ඒක ලැජ්ජවට කාරනාවක් නෙවේ අනිත් එක අම්මලා තාත්තලා දෙයක් කියපුවම ඒකට ඇහුම් කන් දෙන්න ...
හැමෝටම බුදුසරණයී .
No comments:
Post a Comment