Saturday, April 25, 2020

මා ඔහුව මැරුවෙමි

අනේ තාත්ති මාව අත් අරින්න කියන්නකෝ..මට සංගීත් ගාවට යන්න දෙන්නකො..අනේ මම එයාව මැරුවෙ නෑ තාත්ති මේ ඇත්තමයි..මට සංගීත් නැති උනා මම මැරුවා එයාව...
ඩොක්ට එයාගේ මානසික තත්ත්වයෙ කිසිම හොඳක් නැද්ද ?
එයා පිරිමි කෙනෙක් දකින හැම වෙලේම ඔහොම කෑගහනවා මිස්ට සුදීර මට පේන විදිහට සංගීත්ට යශ්මිණි ගොඩක් ආදරේ කරලා වගේ ...
නෑ ඩොක්ට යශ්මිණි කවමදාවත් සංගීත්ට ආදරේ කරෙ නෑ ..මමත් රැවටුනා ඩොක්ට ..එයාලා දෙන්නම හොඳට රඟපාලා..
මිස්ට සුදීර ඔයා යශ්මිණිගෙ තාත්තා.. යශ්මිණීගේ අතීතය අපිට දැනගන්න වෙනවා.. මොකද එහෙම නොදැන බෙහෙත් කරන්න අමාරුයි ..අනික තමයි මට තේරෙන විදියට මිස්ට සුදීරත් ලොකු මානසික පීඩනයකින් ඉන්නේ ..
යශ්මිණි මගෙ දුව තමයි doctor ඒත් කවමදාවත් එයාව සනීප වෙන්නේ නැහැ..
මාස තුනක් යනකල් මම මේ හැමදේම වසන් කරලා තිබ්බේ... යශ්මිණීට හොඳ වෙයි කියලා හිතලා..මොකද මට ඉන්නේ එකම දුවයි ..මගේ ෆැක්ට්‍රි හැම එකක්ම බලාගන්න වෙන්නේ එයාට ..ඒත් මේ දේ හන්ගන් ඉඳලා දැන් වැඩක් නැහැ ..
සංගීත් කියන්නේ මගේ ගාමන්ට් එකක හිටිය දක්ෂම අවංකම manager කෙනෙක්.. සංගීත් දක්ශයි ඒ නිසාමයි මං සංගීත්ට යශ්මිණිව යෝජනා කළේ...
සංගීත්ගෙ ගම හැටන්..තාත්තා විතරයි හිටියේ එයත් ගොඩක් වයසයි..
සංගීත්ගෙ වගේම යශ්මිණිගෙත් කසාදෙට අකමැත්තක් තිබුනෙ නෑ..හොඳම විදියට වෙඩින් එක අර ගත්තා ..මම එයාලටම කියලා බම්බලපිටයෙ ගෙයක් අරන් දුන්නා...
අපේ පාටි වලට හැම දේකටම දුවයි සංගීතුයි ආවා..ඇත්තටම හැමොම වගෙ කිව්වෙ ඒ දෙන්නා සතුටින් ඉන්නවා කියලා..මම එයාලගෙ පවුල් ජිවිතෙට අත දාන්න ගියෙ නෑ..
ඔෆිස් එකෙදි උනත් මම දුව ගැන ඇහුවම සංගීත් කියන්නේ එයා හොඳින් ඉන්නවා කියලා....මට සංගීත්ගෙ කිසිම වෙනසක් පෙනුනෙ නැහැ..අපෙ ෆැක්ට්‍ර් වල ගෑනු ළමයි ගොඩක් ඉන්නවා ..මම දැකලා නෑ සංගීත් කිසිම දවස ඒ ළමයි එක්ක වැරදියට ඉන්නවා..ළමයි ළඟ වුණත් සංගීත්ට ලොකු ගෞරවයක් තිබුණා..සංගීත් බඳින්න කළිනුත් එහෙම‍යි...
මම දන්න විදියට යශ්මිණිට බදින්න කලින් බෝයි ෆ්‍රෙන්ඩ්ස්ලා කිහිප දෙනෙක් හිටියා..තරුණ වයස කියලා මම ඒ දේවල් ගනන් ගත්තෙ නෑ ..බැන්දට පස්සේ හැම දේම වෙනස් වෙයි කියලා හිතුවේ.. ඒතනත් මට වැරදුනා..
ඒ දෙන්නා බැදලා මාස 7ක් විතර ගියා..දුව වෙන පිරිමි ළමයෙක් එක්ක යනවා මම දැක්කා..එයාලා කැෆෙ එකකට ගියෙ..මම හිතුවෙ ඒයාලා යාළුවෝ කියලා .ඒ වගේම මම හිතුවා සංගීත් මේ දේවල් දන්නවා ඇති කියලා..
දවසක් සංගීත් ෆෝන් එක දාල ඇවිත් කිව්වා.. වෙලාව 12:00 ට නෑ ..මොකද මම දවල්ට කාලා හිටියේ නෑ.. සංගීත් ගෙදර ගියා වැඩත් එක්ක මට එයාව අමතක වෙලා තිබුනේ..
ඔෆිස් එකෙ වැඩකටම මම සංගීත් හොයද්දී සංගීත ආවෙ නෑ කිව්වා. සංගීත් කියන්නේ අකුරටම වැඩ කරන ළමයෙක්..
මම කෝල් එකක් ගත්තා මොකද මට නිකමට සැක හිතුන නිසා.. ඒත් ෆෝන් වැඩි කරේ නෑ ..මම දුවට ගත්තා එයාගෙ phone එක වැඩ ආන්සර් කරේ නෑ..
මම ඒ වෙලාවෙ දුවගෙ ගෙදර ගියා..ඒ වෙද්දි 4.30 ට වගේ ඇති..
ඉස්සරහා දොර ඇරලා දාලා ...මම කෙලින්ම ගියෙ කාමරෙට ...දැක්ක දෙයින් මට කලන්තෙට වගෙ ආවා..
සංගීත් බෙල්ල වැල දාගෙන..දුවව පුටුවකට ගැට ගහලා..දුව ඇදන් හිටියෙ බෙඩ් ශීට් එකක්..එයාට සිහිය නැති වෙලා..මට හිතා ගන්න බැරි උනා මොකද උනෙ කියලා..
දුවව ලිහලා වතුර ගහලා සිහිය ගත්තා..ඒත් කිව්ව එකම දේ තාත්ති මම සංගීත්ව මැරුවා ..මම සංගීත්ව මරා ගත්තා කියලා විතරමයි...මම කොච්චර උත්සහ කලත් කිසිම දෙයක් හොයා අහ ගන්න බැරි උනා ...
දුවට ආයෙ සිහිය නැතිවුණා.. තාමත් සංගීතගෙ ප්‍රාණය නිරුද්ධ සිරුර පැද්දෙනවා..ඇස් ඇරිලා රතු වෙලා ..දිව ටිකක් එළියට ඇවිත් ..මූණ නිල් පාටට හුරුයි..
නිකමට බලද්දි මන් දැක්කා සංගීත්ගෙ ෆෝන් එකේ වීඩියෝ වෙනවා කියලා ..flight mode දාලා වීඩියෝ කරල තියෙන්නෙ ..ඒ නිසයි මගේ කෝල් එක ආවේ නැත්තේ..මට ඕනි උනේ මොකද උනේ කියලා බලන්න ..
සංගීත් වීඩියෝ කරන් එනවා සාලෙ ඉදන් කාමරෙට ..දුව ඇදෙ වාඩි වෙලා ඉන්නවා..
ඊට පස්සෙ ෆෝන් එක වැටෙනවා ..මම හිතන්නෙ දෙන්නා පොර බදිනවා..ආය විනාඩි 10ට විතර පස්සෙ සංගීත් ෆෝන් එක අරන් පෙන්වද්දී දුවව ගැට ගහලා..දුව කෑ ගහනවා යන්න දෙන්න කියලා..
දුවගෙ කොන්දත් සංගීත්ගෙ මූණත් පේන විදියට ෆෝන් එක තියෙන්නෙ..දුව ඉන්න පුටුව ඇදටම තියලා ගැට ගහලා..
මම කියන දේ හොඳට අහ ගන්න යශ්මිණි ..මේවා කියන්න මම ආය ඉන්නෙ නෑ..මම මම සංගීත් අඩනවා ..දන්නවද යශ්මිණි මගේ ජිවිතේ පලවෙනියට ලන්වෙච්ච ගෑනි ඔයා..ඔයාව නොදැක තිබුනත් සුදීර සර් වගෙ උතුම් මනුස්සයෙක්ගෙ දුවෙක් ඒ වගෙම හොඳ ඇති කියලා හිතුවා..ඒකයි මම කසාදයට හා කිව්වෙ..මගෙ මුළු හදවතින්ම මම ඔයාට ආදරේ කරා..
මතකද මතකද අපේ පලවෙනි රෑ..ඔයාට මන් ඉස්සරහා පෙන්නන්න පිරිසිදු කමවත් තිබ්බෙ නෑ..මම ඔයාට වචනයක්වත් කිව්වෙ නෑ ..අඩුම ගානේ ඔයාට මට පොඩ්ඩක් වත් ආදරේ කරන්න තිබුණා..
යශ්මිණි මම ඔයාට ආදරේ කරා.. එදායින් පස්සේ හැම රෑකම ඔයා මට ලන් උනා..පුදුමෙ කියන්නෙ ඔයා උදෙ වෙද්දි වෙනස් වෙනවා...
අපි බැඳලා මාස අටයි ඔයා මට ඔයාගෙ අතින් එක තේ උගුරක් අඩුම ගානේ වතුර ටිකක්වත් දීලා නෑ..
දන්නවද යශ්මිණි මම උදේට කඩෙන් කිරි පැකට් එකක් බොනවා.. දවල්ට සුදීර සර්ගෙ බත් එකෙන් කනවා ..රෑට බඩගින්නෙ නිදා ගන්න එන්නෙ..ඔයා මම වැඩට ගිහින් එද්දි මොනා හරි ගෙනත් කාලා මම එනකල් ඇදට වෙලා බලන් ඉන්නවා වෙන දේකට නෙමෙයි ඉදුරන් පිනව ගන්න ...මට සල්ලි නැතුව නෙමෙයි ඒත් යශ්මිණි හිත හැමදාම කියනවා ඔයා මටත් එක්ක මොනා හරි හදලා තියයි කියලා..
දන්නවද හැම රෑකම මම ඔයා ලගට ඇවිත් හිටියෙ අඩු ගානේ ඔයා මට දරුවෙක් හරි දෙයි කියලා..මට එතනත් වැරදුනා යශ්මිණි ..
සති දෙකකට විතර උඩදි ඉදන් මම ඔයා ලග නිදා ගත්තෙ නෑ.ඒ ඇයි දන්නවද? මට හම්බ උනා ඔයා බිපූ බර්ත් කන්ට්‍රොල් පෙති..
කොහොම උනත් මට ඔයාගෙන් වෙන් වෙන්න හේතුවක් තිබුනෙ නෑ..මොකද මගේ පලවෙනි ආදරේ ඔයා..
දවස් දෙකකට කලින් ඔයා ප්‍රසිද්ධ මොඩ්ල් කෙනෙක් වෙච්ච පහන් එක්ක යනවා දැක්කා..මම පහන්ව දන්නෙ කොහොමද කියලද හිතුවෙ?..පහන් තමයි ඔයාගේ තාත්තගේ වැඩ වලට ඉන්න ප්‍රදාන මොඩල් ..
මට හොයා කරන්න ඕනි වුනා යශ්මිණි ..මම අද ෆෝන් එක අමතක කරලා ගියේ ඒකමයි.. මට සුදීර සර්ට මේවා කියන්න බැහැ ..
අනේ සංගීත් මට යන්න ඕනි..මට ඔයාගෙ බන වලින් වැඩක් නෑ..
අහන්න අහන්න යශ්මිණි අද විතරයි..මෙච්චර දවසක් කිව්වෙත් නෑ ආයෙ කියන්න ඉන්නෙත් නෑ...
මගේ තාත්තා අද උදේ නැති උනා..මම මෙහෙ ආවට පස්සෙ ඒක දැන ගත්තෙ ..මේ ලොකෙ දැන් මට කවුරුත්ම නෑ..
මගේ ගෑනි වෙන මිනිහෙක් එක්ක ඉන්නවා දැක්කා ..මම පවු කාරයෙක් ඒ තරම් ...දන්නවද යශ්මිණි මම උබව මරන්නෙ නෑ...
සංගීත් කොහෙට හරි ඇවිදන් ගියා..විනාඩ් 15කට විතර පස්සෙ යශ්මිණිට ඉස්සරහින් ලණුවක් පෙනුනා හරියට තොණ්ඩුවක් වගේ..සංගීත් එල්ලිලා හිටිය කොටසෙ සිවිලිම් කෑල්ලක් අයින් කරලා තිබුනෙ..සිවිලිම ඇතුලින් ගිහින් මැද ලීයට ලණුව ගැට ගහලා තිබුනෙ ...
ටික වෙලාවකින් සංගීත් පුටුවට්ස් නගිනවා පෙනුනා.. ෆෝන් එකට පේන්නේ නැති නිසා වෙන්න ඇති ඇඳ විට්ටමේ බාගෙට නමල ෆෝන් එක තියලා, යශ්මිණිව පොඩ්ඩක් වත් පේන්නේ නැති වෙන්න දොරත් එක්ක ම සංගීත පේන විදියට හැදුවා..
සුදීර සර් මම දන්නවා ඔයා යශ්මිණිව බේර ගන්නවා කියලා ..ඒත් තව කොල්ලෙක්ට මෙහෙම නොකර ඉන්නයි විඩියෝ කරෙ..මට සමාවෙන්න සුදීර සර් ..මම මගෙ තාත්තා ගාවට ගිහින් දාන්න..
බෙල්ලට තොන්ඩුව දා ගද්දිම..යශ්මිණි කෑ ගහන්න පටන් ගත්තා ..
අනේ සංගීත් එපා මට සමාවෙන්න ..මම ආය එහෙම කරන්නෙ නෑ..
මට සමාවෙන්න යශ්මිණි ..පහන් එක්ක සතුටින් ඉන්න ..මට තව ඉවසන්න බෑ..
එපා සංගීත් ...
සංගීත් පුටුව තල්ලු කරා..අතනින් එහාට සංගීත් මරු විකලෙන් දගලන එකයි යශ්මිණිගෙ කෑ ගැහිල්ලයි විතරයි ඇහුනෙ..
මම ගෙදරට යනකල්ම පැය ගානක් විඩියෝ වෙලා..
ඒත් මිස්ට සුදීර සංගීත්ගෙ මිනිය තිබුණේ එයාගේ හැටන් ගෙදරනේ..ඔයාගෙ දුවගේ ගෙදර බෙල්ලෙ වැල දාගත්තනම් කොහොමද එහෙම වුණේ ??
මම කියන්නම් ඩොක්ට..මගේ ගෙදර වැඩට ඉන්න විරේ කියලා මනුස්සයෙක් ..මම මනුස්සයාට එන්න කියලා සංගීත්ගෙ මිනිය බිමට ගත්තා..දුව ඒ වෙද්දිත් එක එක දේවල් කියනවා..සංගීත්ගෙ මිනිය කාර් එකෙ දාගෙන මම මගේ ගෙදරට ආවා..දුවව කාමරෙට දාලා ඇදෙ ගැට ගහලා ගෙදර වැඩට ඉන්න ගෑනු කෙනාට බලා ගන්න කිව්වා..
එදා උදේ සංගීත්ගෙ තාත්තා නැති වෙලා තිබුනා..එයාලගෙ ගේ තිබුනෙ සෑහෙන පාලු තැනක.ගස් කොළ සැහෙන්න..රෑ මමයි විරෙයි කුලියට ගත්ත දෙන්නෙකුයි ගියා..මිනිය හීරෙන්න ඕනි නිසා පල්ලැහැ ඉදලා උඩට ඇද්දා..උඩ ඉදලා පහලට අත ඇරියා..සංගීත්ගෙ මිනිය එල්ලද්දි රෑ 12හ පහු වෙලා..
උදේ 7 ට වගේ තමයි මට බම්බලපිටියට එන්න හම්බඋනේ ..මම කෙලින්ම දුවගෙ ගෙදර ගිහින් CCTV රෙකෝඩ් බැලුවා..
පහන් ගෙදර එනවා සංගීත් ගිහින් ටික වෙලාවකින්..මම ඒ රෙකෝඩ් එක ඩිලීට් කරා ..මම ආපු එක සංගීත් ආපු එක මම දුවව අරන් යන එක මිනිය අරන් යන එක හැම දේම ඩිලීට් කරා..
මම දන්න පොලිසියෙ ලොක්කෙක්ට කතා කරල විස්තරේ කිවුව .. හැටන් පොලීසිය පරීක්ෂණ පවත්වන්න කලින් මට ඒ වැඩේ කරගන්න පුලුවන් උනා..තාත්තා නැති වෙච්ච දුක දරා ගන්න බැරුව සංගීත් බෙල්ල වැල දාගත්තා කියලා කියන්න මට පුළුවන් වුණා..
මරණ පරීක්ෂණයේදී මොකක් හරි දෙයක් එලියට එයි කියල හිතිලා සල්ලි දීලා ඒ වැඩෙත් ෂේප් කරා..
පහන් දන්නෙ නෑ යශ්මිණි මගේ දුව කියලා ..
මම පහන්ගෙන් අහන්න ගියෙත් නෑ..හැමදේම වහන්න ඕනි නිසා මම පහන්ව රට ඇරියා..ලොකු ගානක් වියදම් කරලා පහනව රට යැව්වේ එදා සිද්ධිය පහන්ගෙ කටින් එලියට එයි කියලා..
මමමයි පහන්ව එයාපෝර්ට් අරන් ගියෙ..ඒ යද්දි මම යශ්මිණිගෙ ෆොටෝ එකක් පෙන්නලා ඇහැව්වා දන්නවද කියලා ...පහන් හිනාවෙලා මගෙන් ඇහුව දේට මට කට උත්තර නැති වුණා..
සර් මට මෙච්චර ලොකු GIFT එකක් දුන්නෙ මෙයාව සෙට් කර ගන්නද?අපරාදෙ සර්ගෙ සල්ලි ..මෙයාව මටත් සෙට් කරෙ මගෙ යාළුවෙක්..අපේ සෙට් එකම මෙයාව දන්නවා..ඒත් සර් පොඩ්ඩක් පරිස්සමෙන් මොන මොන ලෙඩ තියනවද දන්නෙ නෑනෙ..
දුව ගැන ලොකු කලකිරීමක් වගේම සංගීතට මම කරපු දේට දස දහස් වාරයක් හිතින් පසුතැවුනා..
දුවගෙ තත්ත්වය එන්න එන්නම නරක අතට ආව නිසයි මානසික රෝහලකට ඇතුළත් කරන්න උනෙ..මිනිස්සු හිතුවෙ සංගීත්ගෙ මරනෙ දරා ගන්න බැරුව ආදරෙ නිසා දුවට පිස්සු හැදුනා කියලා..ඒත ඇත්ත කතාව දැනන් හිටියෙ මම විතරයි...
යශ්මිණි මැරෙනකල්ම විදවයි.. මගේ හෘද සාක්ෂියෙන් මට ගැලවීමක් නෑ..
මගෙ දරුවා නිසාම මට පවු කරන්න උනා..සංගීත්ගෙ වටිනා ජිවිතේ නැති උනා..
යශ්මිණි උමතු උනෙ ආදරේ නිසා නෙමෙයි..එයාගෙ වැරදිම දරා ගන්න බැරුව..
ඉතින් මුළු ජිවිත කාලය පුරාම සංගීත්ට කරපු දේ යශ්මිණිගෙ හිත අස්සෙ තියෙයි..ඒ වරදත් එක්කම ඇය මිය යයි..
සංගීත්ව මට නැති උනා..මම සංගීත්ව මැරුවා.
නිමි


No comments:

Post a Comment

UNIVOTEC එක ගැන

UNIVOTEC එකේ පාඨමාලා සහ වැඩි විස්තර සදහා පහත ඇති PDF ෆයිල් එක භාවිතා කරන්න. https://drive.google.com/open?id=1zbMNZ14FNiYV2f34K91x1KqpKmid...