Saturday, April 25, 2020

වෛශයාවකගේ දියණියකි ඈ

තාරිකා please පුළුවන් තරම් ඉක්මනින් එනවද ?මම එන ගමන් බන් ඉන්නෙ අද ක්ලාස් යන්න ඕනිනෙ...
ටාලියා ඇය මගේ හොඳම මිතුරියක්.. මා මෙන් ඇය ද පවුලේ එකම දරුවා ය.. මාගේ මව හා පියා දෙදෙනාම පාසල් ගුරුවරුන්ය.. ටාලියාගෙ මවට පිය උරුමයෙන් ලැබූ දේපළ ඉඩකඩම් බොහොමයක් ඇති බව මා හා පවසා ඇත..ඔවුන් ජීවත් වෙන්නේ ඒවායෙන් ලැබෙන ආදායමෙනි..
ටාලියා මේ මොකද උදේ පාන්දර උඹ අඬලා? අනේ තාරිකා මගේ අම්මා...
ඇයි මොකද උනේ කෝ ආන්ටී ?
ඊයේ රෑ ගෙදර ආවේ නෑ තාරිකා සමහර වෙලාවට එහෙම පරක්කු වෙනවා ඒත් ඊය රෑ ආවෙ නැහැ..
අඬන එක නවත්තන්නකෝ ඉතිං ඔයා කෝල් කරල බැලුවද ?
ඔව් තාරිකා අම්මා පොලීසියෙලු.
මොකක් ඒ ඇයි ?
දන්නෙ නැහැ ඒත් අම්මා නෙවෙයි කතා කරේ 9යට කලින් මට පොලිසියට එන්න කිව්වා ..
යමන් ඉතින්...
අනේ තාරිකා මට බයයි .
බයවෙන්න එපා මොකක් හරි කාර් එකේ ප්රශ්නයක් වෙන්න ඇති ලැයිස්ති වෙලා එන්නකෝ...
☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️
සර් උදේ මම අම්මගේ ෆෝන් එකට ගත්තා.. අම්මා පොලිසියේ කියලා කිව්වා...
නම මොකක්ද ?
රොශෙල් ක්රිස්ටිනා ...
හ්ම්ම්ම් ඔය ළමයගේ අම්මාද ඒ ??
ඉතා බැරෑරුම් මුහුණක් මවා ගෙන පොලිස් නිලධාරියා ටාලියාගෙන් විමසුවේය ..
මගේ අම්මා සර් .. එයා ඇයි පොලිසිය ඉන්නේ ?
අම්මගේ ජොබ් එක ගැන දන්නෙ නැද්ද?
අම්මා ජොබ් එකක් කරන්නෙ නැහැ..
වයස කීයද ඔය ළමයාගෙ
විසි එකයි..
ඔයාගෙ අම්මා වෛශ්යාවක් ...
නැත එය එසේ විය නොහැකිය..ටාලියාගෙ මව ශිෂ්ඨ සම්පන්න කාන්තාවකි ..
අනේ සර් එහෙම වෙන්න විදියක් නැහැ.. මගේ අම්මා එහෙම නෑ..
මම දන්නේ නෑ ළමයො ඒක. අපේ උපාය දූතයෙක් මාර්ගයෙන් තමයි අම්මව අල්ලගෙන තියෙන්නේ..
අතන ඉන්නවා ගිහින් විස්තර අහගන්නකො...
ටානියා අඩමින් ඉදිරියට යද්දී මා ද ඇයගේ අතකින් අල්ලා ගියෙමි..
රොශෙල් ආන්ටී කූඩුවට දමා නොතිබුණු අතර ඇය මේසයක් අසල බිම ඉඳගෙන සිටියේය..
"අම්මා "
ටාලියාගෙ හඬින් ඇය තිගැස්සී අප දෙස බැලුවේය..ඇය බොහෝ සේ කඳුලු සැලූ නිසා ඇස් ඉදිමී රතු වී ඇත...මේකප් තැවරූ මුහුණේ සිත්තමක් මෙන් කඳුළු පේලි සටහන්ව ඇත.
ටාලියා ඇයගේ ළඟට යෑමට ගියත් කාන්තා පොලිස් නිලධාරිනිය එය වැළැක්විය....
බඩගිනිද අම්මා..
මට ටාලියා පිළිබඳ පුදුම සිතුනි ..ඇය අම්මට බොහෝ සේ ආදරේ කරන නමුත් ඇයගේ අම්මට හෝ ඇයගෙන් සමාවක් නැති බව මම සිතමි..
දිනක් අප පාසලේ දී වෛශ්යාවන් පිළිබඳ කථා කරමින් සිටියෙමු.. එහිදී බොහෝ දෙනා පැවසුවේ ඔවුන්ට රැකියාවක් නොමැති නිසා හෝ ආර්ථික දුෂ්කරතා නිසා එම රැකියාවේ නිරත වන බවයි..
නමුත් ටාලියා කියා සිටියේ එවැනි ගැහැනුන්ට උල තබා මරා දැමිය යුතු බවයි..ඇය තද සිතක් ඇත්තියකි ...
තාරිකා කන්න මොනවා හරි අරන් එමු..
සර්
අම්මට කතා කරාද?
අම්මට කන්න දෙයක් ගෙනත් දෙන්නද සර් ..
ඔව් ඔව් ඊය ඉදලා වතුරවත් නෑ මම හිතන්නෙ...
ටාලියා ඉක්මණින් ගොස් වතුර බෝතලයක් කිරි පැකට් එකක් සහ කෑම වර්ග කිහිපයක් ගන්නවා මා දුටුවෙමි...
එය පොලිසිය විසින් හොඳින් පරික්ෂා කළ පසු රොශෙල් ආන්ටී අතට දුන්නෙය...ඇය හැඩුවා මිස වචනයක් හෝ කතා කළේ නැත..
අම්මට ඇප ගන්න පුළුවන්ද ?
මට ටාලියා ගැන පුදුම සිතුනි...
මේකයි ලමයා අද සෙනසුරාදානෙ සඳුදා තමයි ඇප ගන්න වෙන්නේ ...
හෙට අම්මා කොහෙද ඉන්නේ..?
තව ටිකකින් බන්ධනාගාරයෙන් බස් එකක් එනවා ..අදයි හෙටයි එහෙ තමයි ඉන්න වෙන්නෙ...
අද ඇප ගන්නම බැරිද සර්?
මේකයි ඔය ළමයිව බොරුවට මෙතන රස්තියාදු කරන්න ඕන නැහැනේ අද ඇප ගන්න බෑ..
තාරිකා යමු...
☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️
මම ඇය සමඟ නිවසට ආවෙමි...ඇයගේ නිවස ඉතා අලංකාරය ඇයගේ නිදන කාමරය පවා ඉතා උසස් අන්දමින් සකසා තිබණි..
ටාලියා දුකෙන් ඉන්න එපා අම්මව සඳුදට කොහොම හරි බේරගමු ...
ඇය ඉකි ගසමින් හඬයි ..😭😭😭😭
තාරිකා මට තේරෙන්නෑ කරන්න ඕනි දේ..
ටාලියා මට මේක අපේ අම්මටයි තාත්තටයි කියන්න බැහැ...
ඔව් ඔයාව මාව ආශ්රය කරන්න දෙන එකක් නැහැ ..මම ගනිකාවක්ගෙ දුවක් කියලා...😢😢😢😢
මේ අහන්න මම දැන් ඔයාට එහෙම දෙයක් කිව්වද..?
තාරිකා මම ඔයාට බොරු කිව්වේ.. අපිට හම්බ උනේ පොල් ඉඩමක් විතරයි.. ඒක විකුණල තමයි අපි මේ ගේ ගත්තේ..
මම මේ ස්කෝලෙට ආවේ හය වසරෙදි ඔයා දන්නවද තාරිකා මට ඕනි උනේ ඔයා වගේ වෙන්න..අම්මා ළඟ සල්ලි නෑ කියලා දැන ගත්තත් මට ඕනි උනේ හොඳම දේවල්..
ඇය කියන්නේ ඇත්ත.. ඇය අපේ පන්තියේ සිටි පෝසත්ම ළමයාය.. පොත් පත්, සපත්තු, ඇඳුම් ,බෑග් ,ඇයගේ සියලු දේවල් මිල අධික ඒවා විය..
ඔයාට අම්මයි තාත්තයි දෙන්නම ඉඳල ඒව කරද්දි මට තේරුම් ගන්න බැරි වුණා අම්මට සල්ලි කොහෙන්ද කියලා..මම ඉල්ලන ඉල්ලන දේ අරන් දුන්නා අනේ මගේ අම්මා...😭😭😭😭
දන්නවද දවසක් අම්මගෙ ඇහැ ලග නිල් වෙලා තිබුණා මම අහද්දි කිව්වේ වැටිලා කියලා..ඒත් ඒක වැටිලා තැලුනු පාරක් නෙමෙයි කවුරු හරි ගහපු පාරක්..
තාරිකා මගෙ අම්මාට මෙහෙම උනෙ මං නිසා...
අනේ තාරිකා මම මහ පවුකාර දුවෙක්..
අඩන්න එපා ටාලියා...
අහන් ඉන්න ඔයා විතරයි මේක දන්නේ මගේ අම්මට මෙහෙම වුණේ මං නිසා..
ඔයා දන්නවද මේ කාමරෙ හදන්න ලක්ශ දෙකක් විතර ගියා..
එය සැබෑවක් වන්නට ඇත මෙහි සිටිද්දී සුරංගනා ලොවක සිටිනවා බඳුය..
ඒ සල්ලි ලැබුණු විදිය මම දන්නෙ නෑ..ඒත් කාමරෙ හදලා ඉවර වෙද්දි අම්මට කාමරේට එන්න පණක් තිබුන් නැහැ..බඩේ අමාරුවක් හැදිලා උණ අරන් තිබුනේ..
මම මොන දරුවෙක්ද තාරිකා උබට බැරිද මාව මරන්න..මට බෑ බන් අම්මා එහෙම ඉන්නවා බලන්න...
ඇය ආවේගය නිසා කුමක් හෝ කරගනින් කියා මට බයි සිතුනි..
දැන් උඹ මැරුණාම අම්මට මොකද වෙන්නෙ?..
අම්මට ඇප දෙන්න කියමු විහාන් අයියට..
එයා ඒ ටික කරයි..විහාන් යනු මගෙ පෙම්වතාය..ඔහු මට නිවසින් කතා කර තිබුනත් ඔහු විශ්වාසවන්ත පුද්ගලයෙකි..
අම්මට බොරුවක් කියා මම ටාලියගෙ නිවසේ නතර වූයේ ඇය ගැන තිබූ බය නිසාමයි ..
සාමාන්යයෙන් පාඩම් කිරීමට මා මෙහි නතර වෙන නිසා අම්මට හෝ තාත්තාට මා ගැන සැකයක් තිබුණේ නැත...
ටාලියාගෙ හැඬීමේ වෙනසක් සිදු නොවීය..අප උසාවියට ගෙන යාමට විහාන් අයියා කැමති නොවූ අතර සදුදා දිනයේ ද අප දෙදෙනාට නිවසේ සිටීමට සිදුවිය..
මම ටාලියාව මෙහි නවතා ගත්තේ බොහොම අමාරුවෙනි..විහාන් අයියා පවසන ආකාරයට ටාලියාගෙ මවට තිබෙන චෝදනාව හැටියට අප එහි යාම සුදුසු නොවේ..
තාරිකා අම්මා තාම නෑනෙ... අනේ අදත් ඉන්න වෙයිද 😢😢😢
නෑ විහාන් අයියා කොහොම හරි ඇප ගයි..
දෙක පමන වන විට ඔවුන් පැමිණි අතර රොශෙල් ආන්ටී ටාලියාව බදාගෙන කදුලු වගුරුවන්නට විය..මාද විහාන් අයියාද ඔවුන්ට නිදහසෙ ඉන්නට ඉඩ හැරියෙමු...
බොහෝ වේලාවකට පසු..
ටාලියා මට සමාව දෙන්න දුව..
අම්මෙ මම නිසයි මේ හැම දෙම උනෙ..මට සමාවෙන්න ..
දුවෙ මම මෙහෙන් යන්නම් මට තව ඔයාට ලැජ්ජා කරන්න බෑ...
තාරිකා දුව ඔයාටයි පුතාටයි ගොඩක් ස්තූති ..අපෙ දුවගෙ වාසනාවට ඔයා වගෙ යාළුවෙක් හම්බ උනේ...මම ගියාම ටාලියාව ටිකක් බලන්න..
අනෙ මේ අහන්න අම්මෙ..
මට කවුරු "වෛශ්යාවගෙ දුව "කිව්වත් මම දන්නවා අම්මට එහෙම වුණේ මං නිසා කියලා..
මට ඒක ප්රශ්නයක් නැහැ..මට හොඳ ජොබ් job එකක් හොයාගන්න පුළුවන්..
අද ඉඳලා මගේ අම්මාව මම බලාගන්නවා...
මම වගේ අම්මා ලොකු ලොකු දේවල් ඉල්ලන්නෙ නැති නිසා මට අම්මව බලා ගන්න ලේසියි..
අපි ගොඩක් පින් කරමු අම්මා ආය ආත්මයක මෙහෙම නොවෙන්න කියලා..
ඉතින් මෙය විය යුතුයි සෙනෙහස කියන්නෙ.


No comments:

Post a Comment

UNIVOTEC එක ගැන

UNIVOTEC එකේ පාඨමාලා සහ වැඩි විස්තර සදහා පහත ඇති PDF ෆයිල් එක භාවිතා කරන්න. https://drive.google.com/open?id=1zbMNZ14FNiYV2f34K91x1KqpKmid...