රාධා.........ඇයි.....ඇයි මොකක්ද උණේ....කෝ මහත්තයා......
මන් පහළට දුවගෙන ගියේ කලබලෙන්...ඒත් යශ් නෑ.........
අනේ පුංචී නෝනා මේ බලන්නකෝ.........ගේ ඇතුලේ හැමතැනම මඩ පාරවල්.....ආඩවනේ මන් දන්නේ නෑ මේ මොකවත්.........මට නම් බනින්න එපා......
එන්නකෝ කිචන් එක පෙන්නන්න.........
මන් කිචන් එකට ගියා.......දෙවියනේ පිටි බෝතලේ,හැම එකක්ම ඇදලා......කිරිත් හලලා........උදේ පාන්දරම කවුද මෙච්චර අවුල් කලේ.......
චුටී නෝනා...මන් නම් නෙවෙයි..........
මොකක්ද උණේ කියනවා රාධා........අර පුසා වෙන්න ඇති මෙච්චර ගේ හැදි කරලා තියෙන්නේ......පිටි බෝතලේ බිම වැට්ටුවේ කවුද........ඔක්කම ඇදලා.......
අනේ නෝනා මාත්තයා මන් කිචන් එකට ගියාම අද මාත්තයා උයන්නම් කියන්නම්.....බලන්නකො කරලා තියෙන දේ........
මන් කෑම මේසේට ගිහිම් බැලුවා......පරිප්පුයි,සම්බෝලයි,බිත්තර ඔම්ලට්....😂😂
කෝ දැන් සුරංගනාවී....ඇදේ හිටියේ නෑනේ......යශ් සුරංගනාවී එක්ක එළියෙද......
යශ් මහත්තයා නම් ඉන්නවා.ඒත් බබා නම් නෑ නෝනා.............
අ.....ම්මා..............අම්....මා............
සුරංගනාවී මට කතා කරනවා වගේ ඇහුණ නිසා මන් එහෙමම එළියට දුවගෙන ගියා..මේ දරුවා කොහේ ගියාද.......
මන් එළියට දුවගෙන ගියේ බයෙන්.යශ් සුරංගනාවීත් වඩාගෙන ගේ ඇතුළට එනකොට මන් ගැස්සුනා.......දෙයියනේ මේ දරුවගේ හැටි.............
චුට්ටී සොරී.............මේ හැමදේම කලේ අපි දෙන්නා...සොරි.මන් අස් කරලා දාන්නම්.....
මෙයා මේ මොකද යශ්.........මෙයාගේ ඇගේ මඩ මොකද...මොකක්ද දෙන්නත් එක්ක නටපු නාඩගම.........
ඔයාට රාධා ගෙනත් දීපු මල් පැල මෙයා ගලවලා.ඒවාගේ තිබ්බ පස් වලින් කෝම්පිට්ටු හදලා...මන් බලද්දි ටැප් එකත් ඇරලා දාලා.......
මන් අමරුවෙන් ලොකු හුස්මක් ගත්තා......කාට බනින්නද කියලා මට හිතාගන්න බෑ.......මන් එහෙමම සාලේ පුටුවකින් වාඩී උණා.........
අම්...මා.......කු....ක්කූ....ටික...ක්.........
මන් සුරංගනාවීව උස්සලා ගත්තා.අරගෙන මන් උඩට ගියේ වචනයක් වත් කතා නොකර.........මන් උදේ කියලා බලන්නේ නැතිව සුරංගනාවී නෑව්වා.........
අම්මී අපා..සීතයි...........
තාත්තටයි දුවටයි දෙන්නටම දෙන්න ඔනී ගුටි.....ඔයාට ලෙඩ වෙන්නද ඔනී....මන් කිව්වා මැණික.දග කරන්න එපා....ඔයාට වතුර අල්ලන්න හොද නෑ.ඇයි ඔයා පොන්ඩ් එකට බැස්සේ.........ම්ම්ම්..........
මන් සුරංගනාවීව ටවල් එකෙන් ඔතාගෙන අරගෙන ගිහිම් ඇදුමක් ඇන්දුවා.......මුණත් එල්ලගෙන ඉන්නවා......
අම්මා......කු....ක්කූ..........ඕනා...............
යන් පිටි කුක්කු එකක් බොමු..බඩ පිරෙන්න.ඊට පස්සේ බත් කමු.....එන්න......
යශ් මගේ දිහා නොබලා ඔලුව කස කසම වොශ් රූම් එකට යද්දී මට හිනා ගියේ තාත්තගෙයි දුවගෙයි කෝලමට......
මන් යශ් එනකම්ම ඔහේ ඇදට වෙලා හිටියා......යශ් වොශ් එකක් දාගෙන ඇවිත් ඇස් වලින් මගේන් ඇයි කියලා අහනවා......
මන් ඔලුව වනලා මොකුත් නෑ කිව්වාම යශ් මගේ ලගින්ම වාඩී උණා.......මන් යශ්ගේ උරහිසෙන් මගේ හිස හේත්තු කර ගත්තා........
යන්ද බත් කන්න.අද මමයි සුරංගනාවීයි ඉව්වේ.......අම්මී කන්නේ නැද්ද තාත්ති උයපුවා.............
මන් යශ්ගේ කම්බුලක් මිරිකුවා.......උම්මා එකක් දෙන්න හිතුණත් බෑ වගේ....හී.හී.ලැජ්ජයි........😘😘
මොකෝ කට උල් කරගෙන ඉන්නේ.දෙනවා නම් උම්මා එකක් දීපන් නැත්තන් නිකා හිටපන්..........
අම්....මේ.අපා........බ...බාත දෙන්න........තාත්..තා නෝටී.......
මන් සුරංගනාවී යශ්ට දීලා ගිහින් කෑම මේසේන් වාඩී උණා............
රාධා අසමෝදගම් එක රෙඩිද.නැත්ත අර ලග කඩේට ගිහිම් ගේනවද......හදිස්සියේ හරි මන් මැරුණොත් ඔයා කියන්න මන් මැරුණේ යශ් උයපුවා කාලා විස වෙලා කියලා.............
චුට්ටී ........ඉක්මනට කනවා.කෝලම්.නැතුව...😂😂😂
ඔයා අපි දෙන්නට කවන්න...
මන් සුරංගනාවී මගේ ඔඩෙක්කෙන් තියාගෙන යශ්ගේ ඉස්සරහින් වාඩී උණා.....
යශ් බත් බෙදාගෙන සුරංගනාවීට කටක් කවන්න හැදුවත් සුරංගනාවී අතින් එයාගේ කට වහ ගත්තා........ඒ කෝලමටත් ඔනී මට කවන්න ඉස්සරලම....😡😡
ආ කියනවා.......කෝ................
ඇත්තටම රසයි....මගේ ඇස් වලට කදුළු පිරුණේ තප්පරේට.......මන් එහෙමම යශ්ගේ දිහා බලලා මගේ ඇස් වල කදුළු පිහ ගත්තා........
මොකක්ද අනේ....අම්මා අඩනවනේ මැණික.ඇයි කියලා අහන්නකෝ........අඩන්නේ........තාත්තීගේ කෑම රස නෑලු.....ඒකයි...........
නෑ.....රසයි අයියේ..කවදාවත් මන් මෙච්චර රසට කාලා නෑ.......
බොරු නොකියා හිටපන් මැණික....මන් දන්නවා මන් උඹට වහා ගෙනත් දුන්නත් උඹ රසයි රසයි කිය කිය කනවා කියලා.......මන් ගොඩක් පිං කරලා චුට්ටී.......මන් වාසනාවන්තයි උඹව ලබන්න.........
මගේ හුස්ම ටික යනවා නේද මේ ලෝකේන්......එදා වෙනකම් හිටපන්....මගේ ලගම..........ඉළග ආත්මේ පිං තිබ්බොත් උඹලා දෙන්නම මට ලැබෙයි...........
එත.....කොට........සුරං..ග.....නා.........
යශ් හීල්ලුවා......මන් දන්නවා යශ් කියන්න අකමැති කතාවක් තියෙනවා කියලා...ඒත් මට ඒ කතා වලින් වැඩක් නෑ කියලා...
දන්නවද චුට්ටී.මට ඔනී මට ආදරේ කරන කෙනෙක්.මන් ආදරේ කරලා විතරක් මදිනේ.....තේරුණාද......ම්ම්ම්ම්ම්
මන් කාලා ඉවර වෙලා කිචන් එකට ගියේ රාධාට උදව් කරන්න.....ඒත් රාධා මගේ දිහා බලලා කුචු කුචු ගාලා හිනාවෙනවා......මන් රාධාගේ දිහා බැලුවේ පුදුමෙන්....
නෝනා වොශ් රූම් ද යන්නේ.......මාත්තයා උයපුවා කාලා....ලුණු පොඩ්ඩක් වත් දාලා නෑ පරිප්පු එකට.මන් දැම්මේ.හී.හී.
රාධා අනිනවා ටොක්කක්..........ඒ මගේ හස්බන්ඩ්.ලුණු තිබ්බත් නැතත් මන් කනවා....😁😁😂😂😂
දවල් යශ් සුරංගනාවීත් අරගෙන පන්සලට ගියේ හෙට දවල් දානේ අපිට නිසා.මට ටිකක් ඇගට මහන්සී වෙනදට වඩා..මේ සුරංගනාවී එක්ක නටලම මගේ ඇගත් මහන්සී......
මන් මිදුලට වෙලා ඔහේ ඉදගෙන හිටියේ කම්මැලිකමෙන්.....අපරාදේ මට මටත් යන්න තිබ්බේ.......
පුංචී නෝනා කෝල් එකක් ඉක්මනට එන්න...........මන් එහෙන කියද්දී ගේ ඇතුළට දුවගෙන ගියේ කලබලෙන්......
යශ් තේමීක දිසානායක කියන්නේ මිස්ගේ හස්බන්ඩ්ද............
ඔව්.ඔව්...........මොකක් හරි ප්රශ්නයක්ද............
මිස් පොඩ්ඩක් හොස්පිටල් එකට එන්න පුලුවන්ද.......පොඩි හදිස්සියක්........ඉක්මනට.....
මො....මො..කක්ද් වෙලා තියෙන්නේ සර්.....ම....ම.ගේ හස්බන්ඩ්...මොකක්ද .........
අනේ මිස් ප්ලීස්.අපිට විස්තර කියන්න වෙලාවක් නෑ.ඉක්මනට හොස්පිටල් එකට එන්න.පේරාදෙණියට එන්න.......
රාධා ඇදුමක් දා ගන්නවා.ඉක්මනට..........මන් එනකම්..............
ඇයි නෝනා මොකක්ද ප්රශ්නේ...මොකක් වෙලාද.........
ප්රශ්න අහන්නේ නැතිව ලෑස්තී වෙනවා.මන් යන ගමන් කියන්නම්.....ඉක්මනට.....
මන් අතට අහුවෙන ඇදුමක් දාගෙන පහළට දුවගෙන ආවේ කලබලෙන්.......මොනා කරන්නද කියලා හිතාගන්න බැරිව......
සෙල්වම් මාමා ගේ එක වහගන්න.රාධා එනවා ඉක්මනට........
වාහනයක් ඩ්රයිවින් කරගෙන යන්න තරම් මන් හොද මානසිකත්වයක නෑ.මන් රාධාවත් ඇදගෙන පාරට දිව්වේ ත්රී වීල් එකක් නතර කරගන්න.........මන් රාධාගේ උරහිසට හිස තියාගෙන ඉකි ගැහුවා......රාධා මගෙන් කිසිම දෙයක් ඇහුවේ නෑ.............
අනේ චූටී නෝනා නාඩා ඉන්නකෝ.අපි ගිහිම් බලමුකෝ...අඩන්න එපා චුටී නෝනා..........
මගේ යශ්...ටයි..සුරං...ග..නාවී....ටයි මොනා හරි උණො..ත් මන් මැරෙ..නවා..රාධා.....මට.මේ ජීවී..තෙ..න් ඇති වැඩ..ක් නෑ....
පේරාදෙණිය හොස්පිටල් එකේ සෙනග පීරගෙන මන් ඕපීඩ් එක පැත්තට දිව්වේ......කොණ්ඩේ බූල් එක ගැලවිලා මන් පිස්සියෙක් වගේ වෙලයි හිටියේ.........
මහා හයියෙන් ඉකි ගහන දෝණීව දැක්කේ අහම්බෙන්.මන් දුවගෙන ගිහිම් දෝණීව උදුරලා මගේ අතට ගත්තා...
මිස් මිස්ද අර යශ් මහත්තයාගේ වයිෆ්ද.මිස් පොඩ්ඩක් එන්නකෝ.කලබල කරන්න එපා.....
අම්.....මා...................තා.ත්තා..............
මන් අඩ අඩම දෝණීව තුරුල් කර ගත්තා........මට මේ වෙන දේවල් තවත් දරාගන්න තරම් හයියක් තිබ්බේ නෑ........
අනේ.....මගේ යශ්.....එයාට මොකක්ද උණේ...........මොකක්ද එයාට උණේ............සුරංගනාවී කෝ මැණික තාත්තා...........එයා කෝ..........
මිස් කලබල කරන්න එපා.මේ දරුවත් බය වෙලා ඉන්නේ...පොඩ්ඩක් ඉන්න මන් විස්තරේ කියන්නම්......
මිස් මහත්තයාව පන්සල ලග වාහනේ නතර කරලා කඩේට යද්දී කවුරු හරි හප්පලා ගිහිම්....දරුවට මොනා හරි ගන්න ගිහින් තියෙන්නේ...........ටිකක් අමාරුයි.......මෙහෙට ගේනකොටත් අමාරුවෙන් හිටියේ.............
මො.මො..කක්ද..............යශ්ව හප්පලා දාලා.........දෙයියනේ........
මිස් එයාව ඇතුළට ගත්තා.....මිස් පොඩ්ඩක් සන්සුන් වෙන්න.මහා ලොකු ඩැමේජ් එකක් නෑ හස්බන්ඩ්ට...ඔහොම ඉන්නකෝ.....තව ටිකකින් ඩොක්ටර් එයි...........
සර්ගේ වාහනේ පොලීසියේ........මේ සර්ගේ ෆෝන් එකයි,පර්ස් එකයි..මිස් ටිකක් ඔහොම ඉන්නකෝ...........ඩොක්ටර් එනකම්........
මන් එහෙමම එතන ගල් උණා.උදේ හිනා වෙවී මාත් එක්කම හිටපු මගේ දඩබ්බරයා....මොකක්ද උණේ.......ඇයි යශ්ටම මෙහෙම උණේ.මගේ යශ්.නෑහ්.එයාට මොකුත් වෙන්නේ නෑ......මොකුත්ම.............
අනේ චුටී නෝනා අඩන්න එපා........චුට්ටක් ඉන්නකෝ.......සුරංගනාවී මන් වඩා ගන්නම්.කෝ දෙන්නකෝ.......ඉදගන්නකෝ ටිකක්..........
රාධා මහත්තයාට මොකුත් කරදරයක් වෙන්නේ නෑ නේද.මගේ යශ්ට මොකුත් වෙන්නේ නෑ නේද........මොකුත්ම........
අනේ නෑ චුටී නෝනා මහත්තයාට මොකුත්ම වෙන්නේ.සාමී උඩ ඉදලා මහත්තයා දිහා බලාගෙන ඉන්නේ.........නෝනා බය වෙන්න එපා......
❤❤❤🖤❤❤🖤🖤❤❤🖤🖤
දයා හිටියේ පුදුම සතුටකිම්....ඒක සෙහන්සාට හොදටම පෙනුනා.......
මොකක්ද තාත්තේ උදේ ඉදලා මෙච්චර සතුටින් ඉන්නේ....ආහ්.බාප්පා ඇවිත් මරනවා කියලා කිව්වා ඔයාට ඒකේ ගාණක් නැද්ද...............
තාත්තේ මන් මේ ගෙදරත් කුලියට ඉන්න හොයා ගත්තේ පුදුම කට්ටක් කාලා.ප්ලීස් මෙතනත් නාඩගම් නටලා නැති කරන්න එපා..............
අනේ උඹ කටවහන් හිටපන් සෙහන්සා.කොළඹ කියන්නේ කොළඹට.ආයේ උඹලගේ බාප්පාට මාව හොයාගන්න වෙන්නේ නෑ...😁😁
තාත්තේ ඒ උණාට ඔයාට බාප්පාට දෙව්ලි ගැන කියන්න තිබ්බා......
ඔව් ඔව්..දැනටමත් දෙව්ලි කනමැන්දුම් වෙලා ඇති.සුනිල් ගාණට ඌව ඉවරයක් කරානේ............ආහ් මේ සුනිල් ෆෝන් එක ආන්ස්වර් කරන්නේ නෑනේ.......ශිට්.
මොකක්ද කිව්වේ.ඔයා යශ්ව ඇක්සිඩන්ට් කලා................
ඔව් ඇයි උඹට දුකද.පලයන් ගිහිම් අම්මට කියපන් උගේ මලගෙදරට ඇදගෙන යන්න මට ඇදුමක් බලන්න කියලා.......
තාත්තේ ඒත් ඔයා ඉක්මන් වෙලා වැඩි.යශ් පවු.දෙව්ලිට මොනා උණත් කමක් නෑ.ඒත් යශ්........
කටවහගෙන හිටපන්.යකෝ මගේ දේවල්.උදුර ගත්ත එකෙක්ට වත් මන් යහතින් ඉන්න දෙන්නේ නෑ........එකෙක්ටවත් ඉන්න දෙන්නේ නෑ........
ඒක ඇත්ත තාත්තේ.දැන් යශ් නෑ කියන්නේ උන්ගේ බිස්නස් ඉවරේටම ඉවර වෙයි..මන් අර කොල්ලව දැන් දැලේ දාගෙන ඉවරයි...දේශ්............පවු ඌ මගේ මත්තේම නැහෙනවා....
උඹ ඌට කියපන් යශ් නැති නිසා යශ්ගේ කම්පැනි එකට රිංගන්න කියලා..මල්ලි ඉවරයි.උඹ අයියව බැදපන්........තේරූණාද.........
ඇත්තටම දයා හිටියේ සතුටෙන්.සුනිල්ට අද ඇවිත් පාර්ටි එකක් දාන්න කියන්න ඔනී.......මන්ම ගිහින් බොතල් දෙකක් විතර ගේනවා........අද බොනවා වැටෙන්න.හෙට මලගෙදර යන්නත් එපැයි......😂😂
සාක්කුවේ තිබ්බ ෆෝන් එක රින්ග්ස් යනකොට දයා ආන්ස්වර් කලේ කලබලෙන්.....
සර්...........වැඩේ හරි.මන් හිතන්නේ උගේ කෑල්ලක් වත් ඉතුරු නැතිව ඇති......
ඌ මැරුණා කියලා විශ්වාසද..........
ඌ මැරුණා සර්.............උගේ සෙල්ලම් අදින් ඉවරයි............
එහෙනම් උඹ ඔහොමම වරෙන්.මන් ගානේ පාර්ට් එකක් තියෙනවා........ඉක්මනට වරෙන්........
හරි හරි සර්........එන්නම්..............
❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️❤️🖤
වෙලාව රෑ එකොලහත් පහු වෙලා.මන් දෝණීවට්බ් තුරුල් කරගෙන හිටියේ යශ් ගැන මොකක් හරි තොරතුරක් එනකම්......දහම් අයියා ඉන්න නිසා මට බයක් තිබ්බේ නෑ.
පුංචී නෝනා උදේට කාපු පාර නේද.මොනා හරි චුට්ටක් කන්නකෝ.......අනේ.........
බෑ රාධා.මට එපා..........අයියාත් බඩගින්නේ එපා............
මන් නැන්දට කිව්වා නේද මෙන්න මේකීව ගෙදරින් එලවන්න කියලා.....මේකීගේ කරුමේ නිසා තමා ඔක්කම උණේ.........මගේ අයියට මොනා හරි උනොත් මන් තමුසෙව ඉතුරු කරන්නේ නෑ.
ශාලු කටවහනවා.........මේ දරුවා මොනා කරන්නද...........
ශාලුගේ අම්මා ශාලුගේ හිස පිරිමැද්දේ ආදරෙන්....
නෑ නංගී.ශාලු හරි.මට හිතන්න තිබ්බා.මේ කෙල්ල නිසා ඔක්කම....මගේ දරුවා පාඩුවේ හිටියේ.මන් තමා මේ කෙල්ලව බන්දලා දීලා මේ හැමදේම කලේ...........මගේ මනුස්සයා මරාගත්තේ මේ කෙල්ලගේ තාත්තා.....ඒක මට අමතක උණා.......
නැන්දේ අයියට තාම සිහියක් නෑ......මොකක්ද කරන්නේ..........මේ කාලකණ්නී කෙල්ල නිසා හැමදේම......තමුසේ අයියගේ ජීවීතෙන් යනවා...........
මගේ කොල්ලයි දරුවයි මට වැඩි නෑ..ඔය ලමයා හෙට උදේම ගියොත් හොදයි.මන් පුතාට තේරූම් කරලා දෙන්නම්.මෙහෙම ගිහින් මගේ කොල්ලත් මට නැතිවෙයි......
මට ඉකිගැහුණා.....මේ මොනාද වෙන්නේ......මගේ යශ්ට මොකුත් වෙන්නේ නෑ.......මොකුත්ම වෙන්නේ නෑ......මොකුත්ම....
ඔය දරුවා මට දෙනවා දෙව්ලි....මන් දරුවා ගන්නම්..අපි අයියා ගැන බලා ගන්නම්......තමුසේ යනවා........ඉවරනේ.......
මන් අම්මගේ අතේ හිටපු සුරංගනාවී ඇදලා අරන් වඩා ගත්තා.....මගේ හිතට ආවේ පුදුම කේන්තියක්........
මේ අහන්න කාටවත් ඔනී නිසා මන් යශ්ව දාලා අඩියක් වත් තියන්නේ නෑ........මන් යශ්ගේ ජීවීතෙන් ආවේ යශ්ට ඔනී නිසා.ඔයාලා කවුරු මොනා කිව්වත් මන් යශ්ගේ ජීවීතෙන් යන්නේ නෑ.අනිත් එක මගේ යශ්ට මොකුත් වෙන්නේ නෑ..........
දරුවා අපිට දෙනවා දෙව්ලි.....තමුසේ මේ දරුවගේ අම්මා නේවේනේ.........නැන්දේ ඔය දරුවව ගන්න...........
මේ අහන්න.....මන් නීතියෙන් යශ්ගේ වයිෆ්.....ඒක නිසා දරුවා මගේ.....ඔයාලා දරුවට අතක් තිබ්බොත් මන් නිකම් අත අරින්නේ නෑ..........
මිස් මිස්ට ඩොක්ටර් එන්නලු.............ඉක්මනට එන්න......
මන් සුරංගනාවීත් වඩාගෙන ඩොක්ටර්ගේ රූම් එකට ගියා......මන් යනකොට දහම් අයියා ඩොක්ටර්ගේ රූම් එකේ ඉදගෙන ඉන්නවා......
ඉදගන්නකෝ නංගී....දහම් අයියාව මාව එතන තිබ්බ පුටුවෙන් වාඩී කලා..........
කලබල වෙන්නේ එපා මන් කියන දේට......යශ්ගේ කකුල් දෙකට තමා ඩැමේජ්......ඇවිදින්න කාලයක් යනවා නංගී.ඒත් අද හෙටම කියලා අපිට කියන්න බෑ..........
මො...මො....කක්ද කියන්නේ........එතකොට.......මගේ යශ්ට ඇවිදින්න බැරිද...............
ඔව්.නංගී............ තව කාලයක් යනකම්.....අපි බලමුකෝ.........
මන් සුරංගනාවීව තුරුල් කරන් ඉකි ගැහුවා...දෙයියනේ මගේ යශ්....එයාට ඇවිදින්න බෑ............මේ මොන ශාපයක්ද...උණේ...........😥😥
දෙව්ලි යන්න ගිහිම් කොල්ලව බලපන්.උඹව අහනවා..........
අ.....යි.........යේ...ම.න්..............කො.හොමද.යන්නේ................
කොහොම හරි පලයන් බන්.....ඌ උඹව අහනවා.සිහිය ආපු වෙලේ ඉදන්....කෙල්ලව මට දිලා පලයන්..........
මන් නිදාගෙන හිටපු සුරංගනාවී දහම් අයියගේ අතට දුන්නා.ඉකිගැහෙන මුවත් අතින් වහගෙන මන් නර්ස්ගේ පස්සෙන් වෝර්ඩ් එකට ගියා...........
මාව දැකලා මුණේ අමාරුවෙන් හිනාවක් තියාගෙන ඉන්න යශ්ව දැක්කාම මගේ හදවත පුපුරන්න තරම් දුකක් ආවා.........
අ....යියේ............මන් යශ් ලග තිබ්බ පුටුවෙන් වාඩී උණා......ඇදට ඔළුව තියාගෙන ඉකිගහද්දී යශ්ගේ ඇගිලි මගේ හිස මත්තෙන් එහෙට මෙහෙට ගියා........
මන් හොදින් මැණික.කෝ අඩන්න එපා.....නිකම් තුවාලයක් විතරයි......අඩන්න එපා........සුරංගනාවී කෝ.......ඉන්නවා නේද.......
ඔව්.........ඉන්නවා.ඔයාට මොනා හරි උණානම්............
මොකුත් වෙන්නේ නෑ.උඹ වෙනුවෙන් මගේ සුරංගනාවී වෙනුවෙන් ඉන්නවා කියලා මන් කිව්වනේ.....මගේ පන හයියයි බන්.....ලේසියෙන් මැරෙන්නේ නැ.......
අයි.........යේ.....මන් යශ්ගේ ඇගිලි මගේ මුවට තද කරගෙන ඉකි ගැහුවා.......
මගේ යශ්ට.......මොකුත් වෙන්නේ නෑ....මොකුත්ම............
මැණික අඩන්න එපා මන් හොදින්.............කෝ මගේ මැණිකගේ මුණ බලන්න.......ම්ම්ම්...........
මන් ඔලුව උස්සලා යශ්ගේ මුණෙන් මගේ අත තිබ්බා.ඒ මුණේ තැනින් තැන හිරිලා......මන් හිමින් අත ගෑවා.........
යශ්ගේ තොල් පට පිපිරිලා ඉදිමිලා.මන් මගේ ඇගිල්ල හෙමින් යශ්ගේ තොල්පට උඩින් තිබ්බා.....
රිදෙනවා දරුවෝ..........මට මොකුත් උණේ නෑනේ....කෝ දැන් යන්න මැණික....ගෙදර යන්න.....
යශ් මගේ අත උඩින් යශ්ගේ අත තිබ්බා............
යශ් දන්නවා නම් යශ්ට ඇවිදින්න බෑ කියලා.......එයා නොමැරි මැරෙයි......ඒත් මේ දේ එයා දැන ගන්නම ඔනී.......ඒත් මන් කොහොමද යශ්ගේ මුණ බලාගෙන මේ දේවල් යශ්ට කියන්නේ.........
ගෙදර ගිහින් අඩන්න එපා මැණික........මට අවුලක් නෑ..මට ආදරේ නම් අඩන්න එපා.......කෝ.......ප්රොමිස් නේද...........
අනේ අයියේ.............😥😥මට පොරොන්දු වෙන්න බෑ.මට අඩන්න ඔනී....ඔයා නැතිව මන් ජීවත් වෙන්න දන්නේ නෑ.........මාව දාලා යන්න එපා.......
මැට්ටී පිස්සු කියවනවනේ.දහමා මෙන්න මේ කෙල්ලව එක්කන් පලයන්.....නැත්තන් මාව බදාගෙන අඩයි..........
මචන් මන් එන්නම්.......මන් වාහනයක් ගෙන්නලා නංගිවයි,දෝණීවයි යවන්නම්......
පිං මචන්..........උඹ හයියක් මට..............
යශ් එහෙම කිව්වේ අමාරුවෙන්.කොල්ලා නොකීවට ඉණෙන් පහළ කිසිම දෙයක් දැනුනේ නෑ.හිරිවැටිලා වගේ කොල්ලට දැණුනේ.......දහම්ට ඒ දේ කියන්න ඔනී උණත් යශ් නිහඩ උණේ කෙල්ල බයවෙයි කියලා........
මන් යශ්ව බලලා එළියට ආවේ පුදුමකාර වේදනාවකින්.මට දරාගන්නවත් බෑ මේ වෙච්චී දේ.කොහොමද මන් හිතන්නේ මගේ යශ් අසනීපෙන් කියලා........කොහොමටවත් බෑ................
ඔය එන්නේ මහ රැජිණ ලෙඩ බලලා.දැන් මගේ කොල්ලට හොදවෙයි.........මගේ කොල්ලගේ ජීවීතේ කාබාසිනා කරලා දාලා දැන් මේකීගේ ලොකුකම් අප්පච්චී බලන්න ඔනී.........
මන් රාධාගේ අතේ හිටපු සුරංගනාවීව මගේ අතට ගත්තා.දහම් අයියා කතා කරලා දුන්න ත්රිවීල් එකට මන් නැග්ගේ යශ්ගේ අම්මගේ මුණවත් නොබලා..........
අයියේ යශ්ව බලාගන්න.වදින්නම්......මට හෙට උදේම එන්නම්......
ඒත් එක්කම මගේ ලගට ආවේ යශ්ගේ අම්මා........ඒ මුණවත් බලන්න මට කිසිම උවමනාවක් තිබ්බ් නෑ.....
දෙව්ලි මගේ දරුවට මොකද....කතා නොකර යන්න තරම් මන් මොකුත් කිව්වේ නෑනේ....මගේ දරුවා හොදින්ද.....
එයා හොදින් ඉන්නවා.බය වෙන්න එපා......ඩොක්ටර් කිව්වා ලොකු ඩැමේජ් එකක් නෑ කියලා.මන් යනවා..........
මන් ඔනාවට එපාවට එහෙම කියලා ත්රීවිල් එකේ මල්ලිට යන් කියලා කිව්වේ ඉක්මනට මට කිසිම කෙනෙක් එක්ක කතා කරන්න ඔනී කමක් නැති නිසා.......
ගෙදර ආවාට පස්සේ මන් එහෙමම දෝණීව සේදුවා......කෙල්ලට අමාරූ ඇති.සෙල්වම් මාමා උයලා තිබ්බ නිසා මන් ඒවාගෙන් ටිකක් දෝණිට කැව්වේ ඒ දරුවා මොන දේ උණත් බඩගින්නේ තියන්න බැරි නිසා...............
මන් සුරංගනාවී නිදි කරවලා ඇදෙන් තිබ්බා.....වෙලාව රෑ දොළහත් පහුවෙලා.නපුරා නැතිව ගෙවෙන පලවෙනි රාත්රිය..හිතන්න කාලය ගෙවන්න කොච්චර අමාරුද............
කන්නවත් පිරියක් තිබ්බේ නෑ මට.හංග ගත්ත දුක එහෙමම පිටට පැන්නේ මහ හයියෙන්.........කෑ ගහලා අඩන්න ඔනී උණත් සුරංගනාවී ඇහැරෙයි කියලා මන් අතින් මගේ කට වහ ගත්තා............
අනේ පුංචී නෝනා.........අඩන්න එපා දෙයියනේ........මාත්තයාට මොකුත් වෙන්නේ නැ.අඩන්න එපා මගේ චුටී නෝනා..........යන් බත් ටිකක් කන්න........
එපා මට කන්න බෑ රාධා......මට කන්න බෑ............
මන් රාධාගේ අත් දෙක අල්ලගෙන ඉකිගැහුවා.මට දුක කියන්න ඉන්නෙත් මෙච්චරයි.......අන්තිමට ඉතුරු උණේ රාධා විතරයි.😥😥
අනේ චුටී නෝනා.අඩන්න එපා.මහත්තයාට අඩුවෙයි.........කෝ නෝනා එන්නකෝ.....මේ වෙන කරදර අනේ මන්දා චුටී නෝනා....මට තේරේන්නේ නෑ කඩවුලේ........
අපිට මේ මො..කක්ද උ..ණේ රා..ධා..අද උදේ මාත් එක්....ක පිස්.සු නැටුවා......ම......න් කේ..න්තී ගි..හින් .හිටි..යා රා..ධා....උදේ එයත් එක්ක...ඇයි මේ..හෙම වෙන්නේ දෙවියනේ.......මගේ පවුකා.රකම..ට යශ්..ටත් දඩු...වම් විදි.න්න වෙලා......
නෑ.නෑ.නෝනා කවදාවත් මහත්තයාට කරදර ගෙනාවේ නෑ...චුටී නෝනා තමා මහත්තයාගේ ජීවීතේ මේ තරම් පිළිවෙලක් කලේ............
නෑ......රාධා...නෑ........ම....න්.කරදර......ගෙනාවා විත.........ර.......යි......
අනේ චුටී නෝනා කෑම ටිකක් කාලා නිදාගමුකෝ.කෝ යන්......නෝනා මෙහෙම විදවනකොට මහත්තයාටත් දුක හිතෙයි.............එන්නකෝ අප්පා උයලානේ තියෙන්නේ අපි කමු............
කන්න පිරියක් මට තිබ්බේ නෑ....දෙවියනේ යශ්ට ඇවිදින්න බැරි උණොත්.යශ් ඒ පීඩනේට මොනා කරයිද කියලා මට හිතාගන්න බෑ..............😥😥😥
මන් බත් එක එහෙන් මෙහෙන් අනලා ඉතුරු කලා.කනවා තියා කෑම දකිත්දිත් මට ආවේ පුදුම තරහක්..........මන් එහෙමම කාමරේට ඇවිත් ඇදට වැටුණා...........
චුට්ටී................
ලාවට නින්ද ගියපු මන් ගැස්සුනේ යශ්ගේ කටහඩට...........මන් එහෙමම ඇහැරිලා ඔර්ලෝසුව දිහා බැලුවා.........
වෙලාව දෙකයි..........😥😥මන් යශ් නිදාගන්න පුංචී ඉඩ දිහා බැලුවා.මගේ ඇස් වල කදුළු පිරුණේ තප්පරේට........
එහාට වෙනවකෝ චුට්ටී....මට ඉඩ නෑ නිදාගන්න.........තමුසේ ඇදෙන් බාගයක්ම අරගෙන ඉඩ.ග්ර්ර්ර්ර්ර්ර්.😡😡😡
මන් නිදාගෙන ඉන්නේ කොච්චර පොඩි ඉඩකද.....සුරංගනාවී නිදාගෙන ඉන්නේ අත පය දිගඇරගෙන.😁😁.මට බනිනවා බොරුවට...........
මන් නෙවෙයි සුරංගනාවීට කියන්න.මන් ඉන්නේත් අත පය අකුලවගෙන.......මේ බලන්න..........
මට පේනවා..........මට පේනවා....අම්මයි දුවයි දෙන්නම මාව කොහොමත් අයින් කරලා දාලා ඉන්නේ..සුරංගනාවී තමයි මගේ හදවත.........
මන් කවුද නේද.........මන් අනික් පැත්තට හැරිලා හීල්ලුවා...
චුට්ටී.....කෝ මගේ කෙල්ල.........අයියෝ අඩනවද චුටී කෙල්ල....යකූ සුරංගනාවීට වඩා කෝලම්නේ මෙන්න මේකීගේ........
මන් මොකුත් නොකියා නිශ්ශබ්ද උණා...මොනාවත් කියන්නත් කලින් යශ්ගේ මාව ඇදලා ගත්තේ යශ්ගේ පපුව උඩට.මන් ඇස් තදකරගෙන හිටියේ මට දුක හිතුණු නිසා.........
මැට්ටී සුරංගනාවී හදවත කිව්වා නේද.උඹ හුස්ම ටික.......හදවතින් වැඩක් නෑ හුස්ම නැත්තන් උඹ මගේ හුස්ම...උඹලා දෙන්නා නැත්තන් යශ් කෙනෙක් නෑ...........
මන් එහෙමම යශ්ගේ තොල් මගේ තොල් වලට තද කර ගත්තා............ඒ උණුසුමට මන් ලෝභයි...😌😌
චුට්ටී උඹ මාවත් අවුස්සනවා.....ඉන්න දීපන් යකූ.......මගේ මෝඩී............😁😁
වැඩේමයි.......😡😡...මන් සුරංගනාවීගේ පැත්තට හැරිලා සුරංගනාවීව මගේ තුරුලට ගත්තේ ඒ චුටී මුණට හාදුවක් තවරන ගමන්...........යශ්ගේ අත මගේ බදවටෙන් තද වෙනකොට මන් ඇස් තද කරලා පියා ගත්තේ මේ තමා මගේ ලෝකේ කියලා හිතන ගමන්...........
යශ් ඉක්මනට එන්න......ඔහොම නෙවෙයි ඔයා රොඩ්ඩක් වෙලා ඇදක වැටිලා හිටියත් මායි සුරංගනාවීයි ඔයා වෙනුවෙන් පේ වෙලා ඉන්නවා...😥😥මන් ඔයා වෙනුවෙන් ඉන්නවා අයියේ.............ඉක්මනට සනීප වෙන්න.......
මගේ ෆෝන් එක රින්ස්ග් යනවා...මේ මහා රෑ.😮😮මන් බැලුවේ කවුද කියලා...දහම් අයියා..........ඒත් රෑ මොකටද එයා මට ගන්නේ..........හදිස්සියක් වත්ද දන්නේ නෑ............
මන් ෆෝන් එක ආන්ස්වර් කලා.............
අයියේ මගේ යශ්ට මොකද...............😥
කොල්ලා ගැස්සිලා ගියේ කෙල්ලගේ බිදුනු කටහඩට.නිදාගන්න නැතිව ඇති.......ඇහරගෙන කල්පනා කරනවා ඇති.......
මැ.ණික......ම.....න්......ම.ගේ..රත්තරං නින්..ද යන්..නේ නැ..ද්ද......
මන් ගැස්සුනා..දෙවියනේ යශ්...........
මන්.නිදගෙන හිටියේ........දැන් ඇහරුණේ.........ඔයා අසනීපෙන් නේද ඉන්නේ.නිදාගන්නකෝ අයියේ....මන් උදේම එනවනේ..........
නෑ මැණික.කකුල් දෙක හිරිවැටිලා....නින්ද යන්නේ නෑ......ඔයා අසනිප වෙයි මැණික.........
මන් සනීපෙන් මහත්තයෝ.ඔයා නිදාගන්න.ඇහැරලා ඉන්න එක ඔයාට හොද නෑනේ...මොකුත්ම වෙන්නේ නෑ........බුදු සරණයි .........❤️
හ්ම්ම් නිදා ගන්නම්කෝ............
යශ් එහෙම කියලා ෆෝන් එක කට් කලාම මන් ආයේම පිස්සියෙක් වගේ කොට්ටේ මුණ ඔබාගෙන ඇඩුවේ හිතේ තිබ්බ හැම දුකක්ම නැත්තටම ඉවරවෙලා යන්න.......
පහුවදා උදේම මන් හොස්පිටල් එකට යද්දී යශ්ගේ අම්මා එක්ක ශාලු ඇවිත් යශ් ලග.....මන් එහෙමම යශ්ගේ ලොකර් එක උඩින් බඩු ටික අස් කලා.........
අපි බඩු ගෙනාවා........ඔයා ගෙනාපුවා ගෙනියන්න............
ශාලු එහෙම කියද්දී මන් ශාලු දිහා බැලුවේ ගිනි ගන්න කේන්තියෙන්.ශාලු ගැස්සිලා හිමින් පස්සට වෙනකොට මන් අයියගේ ලගට ගියා............
මැණික.....වාහනේද ආවේ.......ම්ම්....සුරංගනාවී නිදිද එනකොට......
මන් ඔලුව වැනුවා.හදාගෙන ආපු සුප් එක අයියට හිමීට පෙව්වා.......
එයාව ගේන්න එපා මැණික......මෙහේ එක එක ලෙඩ්ඩු ඉන්නවනේ.කෙල්ලට හොද නෑ......
ඔව් දරුවා එහෙම උස්සන් එන්න එපා.ඒ ළමයා තාම පොඩීනේ........
යශ්ගේ අම්මා මට කතාකලත් මන් මගේ කටින් වචනයක් පිට කලේ නෑ.......මන් යශ්ගේ ඔලුව හිමින් පිරිමැද්දා.......
ඔන්න පේනවද.....නැන්දට සලකන හැටි.එයා එක්ක වචනයක් කතා කරන්නේ නෑ.එයා ඉයේ රෑම අඩනවා මේ ඔයාගේ වයිෆ් හින්දා.........නපුරුකම.......
අම්මලා එළියට යන්නකෝ මට චුට්ටී එක්ක කතාවක් තියෙනවා...
උඹට උඹගේ අම්මට වඩා මෙන්න මේකීනේ ලොකු උඹ මේකීවම ලොකු කරගෙන හිටපන්.......මන් යනවා.එනවා යන්න ශාලු.........
මන් ඒ දෙන්නා දිහා බලාගෙන හිටියේ වේදනාවෙන්.........මන් යශ්ගේ කැනියුලාව ගහලා තිබ්බ අත හිමින් පිරිමැද්දා......
චුට්ටී..........ම......ම......න්.........
යශ් මගේ අත අල්ලගෙන මොනා හරි කියන්න හදනවා.මන් යශ්ගේ දිහා බැලුවේ පුදුමෙන්.....
මොකක්ද කියන්න තියෙන්නේ යශ්......ඇයි මේ ඔයාගේ ඇස් වල කදුළු....ම්ම්ම්.....
මට ආයේ ඇවිදින්න බැරිවෙයිලු.....ඩොක්ටර් රිපොර්ට් එක තියලා ගියාම මන් බැලුවා....😥ඒත් කොහොමද එහෙම වෙන්නේ.මට එහෙම ඉන්න බෑ දෙවියනේ..කොහොමද එහෙම ඉන්නේ.........
ආහ් ඒකද ඔයා ඔය කියන්න දගලන්නේ.ඕක මොකක්ද අනේ.........
මන් හිනා උණා.......යශ් මගේ දිහා බැලුවේ පුදුමෙන්.....ඒ විඩාබර මුණෙන් ජීවීතේ කලකිරිම මන් හොදටම දැක්කා....
උඹ මොකක්ද කියන්නේ චුක්කී.........ආහ්....යකෝ මන් සිරියස් කතා කරන්නේ....උඹ මාව විහිලුවට ගන්නවද
ආ...............
ආ...............
නෑ.මන් විහිලුවට ගන්නේ නෑ...ඔයාව........ඒක ඔයා දන්නවනේ අයියේ.....
යශ් වෙනස් වෙලා ඉස්සර වගේම කේන්ති ගන්නවා....මට තේරේන්නේ නෑ දෙවියනේ...
❤❤🖤🖤🖤❤🖤🖤❤🖤❤🖤
මොකක්ද යකෝ උඹ කරපු වැඩේ.....ආහ්....යකෝ පාර්ටි එකක් දැම්මා ඌ මැරුණා කියලා......
සුනිල් දයා දිජා බැලුවේ ඔලුව කස කස.........
මන් හිතුවේ දයා මහත්තයා ඌ එතනම චකබ්ලාස්ට් කියලා.ඒත් පොඩ්ඩ කිව්වා ඌ පේරාදෙණිය හොස්පිටල් එකේ කියලා............
තොපිට වැඩක් දුන්නොත් කවදාවත් ඒක හරියට කරගන්න බෑ.කවදාවත්.........ඌට කලින් මට උඹව මරලා දාන්නයි තිබ්බේ.උඹව..........
දයා මහත්තයා පොඩ්ඩා කිව්වා ඌ සදාකාලික අබ්බගාතයෙක් වෙයි කියලා.ඌගේ කකුල් දෙකක පන නෑලූ.......
හහ් හහ් නියමයි බ.න්........ඕකා මැරෙන් නැතිව මැරි මැරි ඉපදෙන එක තමයි මට බලන්න ඔනී.............මට ඕකගේ පන්ඩිත මුණ ටිකක් බලන්න බෑනේ.........
යසෝමා සුනිල්ට තේ එකක් ගේන්න..........
මහත්තයාට කියන්න.පුංචී නෝනා මට පලුයන්න බැන්නා ඒ මිනිහව හැප්පුව කියලා.නෝනාගේ මොකක් හරි ජිංගී බරස් එකක් තියෙනවා ඒ මනුස්සයා එක්ක......
මොකක්ද බන් ඒ...............
සම්බන්ධයක් බොස්.සම්බන්ධයක්..........
නෑ බන්.අපේ ලොකු එකීනේ ඕකාව බදින්ම හිටියේ.ඕකා අරකීව බදින්න ඔනේ කිව්වනේ...........ඕකා මගේ බිස්නස් වැට්ටුවා.........මන් ඒකා දෙපයින් වැට්ටුවා............
සෙහන්සා එළියට බැස්සේ දේශ්ව හම්බෙන්න යන්න.අද සෙහන්සා ගැන දේශ් අම්මට කියනවා...සෙහන්සාට ඔනී උණේ කොහොම හරි ඒ පවුලට රිංගන්න.........
අද මන් කොහොම හරි දේශ්ගේ අම්මගේ හිත දිනා ගන්නවා.අරකිට මන් ආයේමත් යන එන මන් නැති කරලයි පස්ස බලන්නේ..........
මොනාද තනියම කියවන්නේ සෙහන්සා........
නෑ අම්මා.......අද දේශ් මට එන්න කිව්වා.යශ් අසනීපෙන් නිසා දේශ්ගේ අම්මා කිව්වලු කම්පැනි එකේ වැඩ දේශ්ට කරන්න කියලා.........මන් උන්ට යන එන මන් නැති කරනවා අම්මේ...........
කවදාවත් ඒ මනුස්සයා උඹට කැමති වෙන්නේ නෑ සෙහන්සා.........ඒ මනුස්සයා ඉන්නේ අපි ගැන තරහෙන්............
අනේ මේ අම්මේ.....මන් දේශ්ව බදිනවා.මට ඔනී යශ්ගේ කම්පැනි එකේ මුල් පුටුවේ වාඩී වෙන්න......ඔන්න බලන්නකෝ අම්මේ......මේ සෙහන්සා ඔකූන්ගේ පවුලම නැත්තටම නැති කරනවා...😥😥😥
උඹ ඔහොම ඉවරයක් නැතිව රගපාන්න ගිහිම් මොකක් හරි ගැලවෙන්න බැරි කරදරෙක වැටෙනවා පුතේ......ඔන්න බලපන්කෝ..........
මේ අම්මා කට වහගෙන යනවද.......ප්ලීස්......
කට උල් කරගත්ත සෙහන්සා ලිප්ස්ටික් එක අරගෙන ඒ රෝස පාට තොල් පටේ තවත් රතු පාටින් ලිප්ස්ටික් උලා ගත්තා...😌😌😌😌
❤🖤❤🖤🖤❤🖤❤🖤🖤❤🖤❤🖤❤
සති දෙකක් යශ් හිටියේ හොස්පිටල් එකේ.මන් උදේ හවස යශ් බලන්න වරද්දනේ නැතිව ගියා..අම්මා ශාලු විරාජ් අයියා යශ්ව බලන්න ආවත් යශ් කාත් එක්කවත් කතා කලේ නෑ.එයා හිටියේ නිකම් කවුරුත් අදුරන්නේ නෑ වගේ.........
නංගී ඌ මානසිකව වැටිලා ඉන්නේ.අද ඩ්ස්චාර්ජ් කලාම උගේ හිත ටික ටික හදපන් දෙව්ලි......ඔයාට ඒක කරන්න පුලුවන් නංගී...............
අයියේ.......මගේ යශ්.......😥😥😥😥
මේ අහන්න........යශ්ට ඇවිදින්න පුලුවන් වෙයි......මන් දන්න ස්පෙලිශ්ට්ලා තුන් හතර දෙනෙක්ම ඉන්නවා...එයාලාව චැනල් කරලා බලමු...........
හ්ම්ම්ම්.............
මන් උඩ කාමරේ අස් කරලා දැම්මා...ඒකේ තිබ්බ යශ්ගේ හැම දෙයක්ම පහළ රූම් එකට ගෙනත් දැම්මා.....අපි දැන් උඩ කාමරේ නෑ.........අපි ඉන්නේ පහළ...........😥
මේ අහන්න යශ් වීල් චෙයාර් එකෙන් ඉදගන්න එන්න..........
දහම් අයියා යශ්ව අල්ලගෙන වීල් චෙයාර් එකෙන් ඉන්දුවා.......මන් බෑග් ටික අරගෙන යශ්ගේ පස්සෙන් ගියා.ඒත් යශ්ගේ කිසිම කතාවක් නෑ.😥😥
දහම් අයියා යශ්ව වාහෙන් ඉන්දුවට පස්සේ මන් යශ් ලගින් වාඩී උණා.ඒත් යශ් මාත් එක්ක වචනයක් වත් කතා කලේ නෑ..........මන් හිටියේ පුදුම ගින්දරකින්.....යශ්ට මොනා වෙලාද.......
මචන් උඹ උත්සහා කරලා බලපන් බෑයි කියලා දෙයක් මේ ලෝකේ නෑ.තේරූණාද.........
යශ්ව සාලේන් වාඩී කරපු දහම් අයියා එහෙම කියද්දී යශ් හිනා උණා.ඒත් ඒ හිනාවේ තිබ්බේ අසරණකමක්.....
මන් ට්රයි කරන්නම් මචන්.....උඹට තැනක්ස්.......උඹ කරපු උදව් වලට මන් උඹට ඔනී උදව්වක් කරන්නම්......
මේ අහපන් යශ්.යාලුවො කියන්නේ උදව්වක් බලාපොරුත්තුවෙන් උදව් කරන අය නෙවෙයි.........තේරුණාද.........
මන් දහම් අයියා ගියාට පස්සේ යශ් ලගින් ඇවිත් ඉද ගත්තා.ඒත් එයා මාත් එක්ක වචනයක් වත් කතා කලේ නෑ....
තා......ත්....තා.................
නිදාගෙන හිටපු සුරංගනාවී රාධාගේ අතේ ඉදලා යශ්ට කතා කරද්දී යශ් මගේ දිහා බැලුවේ තරහෙන් වගේ.......
මේ දරුවා දැන්ම මගේ ලගට ගේන්න එපා......මන් දැන් හොස්පිටල් එකේ ඉදලා ආවේ.ගෙනියන්න කියනවා දරුවව........
රාධා සුරංගනාවීව එළියට ගෙනියන්නකෝ.මන් යශ් මහත්තයාව නාවන්න ලෑස්තී කරන්නම්.......
යශ් කතා නොකර ඉන්නකොට මට දරාගන්න බැරි උණත් මන් නිහඩවම දරා ගත්තා.......යශ් මේ පීඩනෙන් ඉන්නේ......ඒකයි මේ හැමදේම...
චුටි නෝනා මන් වතුර රත් කරලා තියෙන්නේ.මහත්තයා එක්කන් එනවද.......
අනේ හරි සෙල්වම් මාමේ මන් එක්කන් එන්නම්......
මන් රූම් එකට ගිහිම් යශ්ගේ ටවල් එකයි ,සරමකුයි අරගෙන ආවේ යශ්ව නාවන්න එක්කන් යන්න....
යශ් නාන්න යමු......එන්නකෝ......ඔයාගේ ඇගටත් දාඩීය ඇතිනේ......එන්න..........
මන් වීල් චෙයාර් එක තල්ලු කරගෙන කිචන් එකෙන් පිටිපස්සට........සෙල්වම් මාමා එක්ක එකතු වෙලා මන් යශ්ව පුටුවකට බර කලා..........
යශ්ගේ කකුල් දෙකේ පිටින් බලනකොට කිසිම තුවාලයක් නෑ...ඒත් උරහිසේයි ඔළුවෙයි තුවාල දෙකක් තිබ්බා..ඒ හැම එකක්ම හොද වෙලයි තිබ්බේ.නාවද්දී හොදටම වෙයි...............
මන් යශ්ව නෑව්වා.............සෙල්වම් මාමාට කියලා යශ්ගේ සරම මාරූ කරලා මන් යශ්ව ආයේම රූම් එකට අරගෙන ආවා.....
අයියේ මන් තේ එකක් අරන් එන්නම්......
එපා.................
අයියා එහෙම කියද්දි මන් ඒ පැත්තට හැරුණේ පුදුමෙන්....යශ්ට මොනා වෙලාද............මන් මේ එයා වෙනුවෙන් දුක් වෙනවා.........
මන් කිචන් එකට ගිහිම් යශ්ට තේ එකක් හැදුවා.සුරංගනාවීත් වඩාගෙනම මන් ආවාට පස්සේ රාධා තේ එක අරගෙන ඇවිත් යශ්ට දුන්නත් යශ් එහෙමම තේ එක අරගෙන පොලේ ගැහුවේ මහ හයියෙන් කෑ ගහන ගමන්..................
උඹලා ඔක්කම පලයන්.මට පාඩුවේ ඉන්න ඕනී.......උඹලගේ අනුකම්පාව ගන්න මන් හිගන්නෙක් අබ්බගාතයෙක් නෙවෙයි.පලයන් යන්න...........
ආහ්................
මගේ කකුලට විසී වෙච්චී උණුවතුර නිසා මට කෑ ගැස්සුනා....මන් පස්සට පැන්නත් මගේ කකුල ඉරාගෙන වීදුරු කට්ටක් යද්දී මන් යශ්ගේ දිහා බැලුවේ තොල්පටත් හපාගෙන................
පුංචී නෝනා............
රාධා එහෙම කෑ ගහගෙන මගේ ලගට එද්දී මන් රාධාට සුරංගනාවීව දුන්නා.සුරංගනාවී මගේ බෙල්ල බදාගෙන අඩන්න පටන් ගත්තේ යශ්ට බයේ............
මගේ ලේ බහින කකුල දැක්කාම යශ් ගැස්සුනා.......
නෝනා එන්න යමු......ගිහින් මොකක් හරි කරමු..............
මන් රාධාගේ පස්සෙන්ම ගියා........සෙල්වම් මාමා මගේ දිහා බැලුවේ පුදුමෙන් වගේ.
මාමා ගිහිම් කාමරේ අස් කරලා දානවද.මන් කකුලට බේත් ටිකක් දාගන්නකම්.......
පැයකට විතර පස්සේ මන් හිමින් හිමින් යශ්ගේ රූම් එකට ගියා.දෝණී මගේ බෙල්ල බදාගෙන හිටියේ යශ්ට බයේ වෙන්න ඇති.......ඒත් මන් රූම් එකට එද්දී දෝණී අනික් පැත්තට හැරිලා යශ් දිහා බැලුවා........
තා.........ත්.තා..දොයිද....අම්මා..........
ඔව්නේ....අපි යන්.......පස්සේ එමු...........
මන් එහෙම කිව්වත් යශ් හිමින් ඇස් ඇරලා අපි දෙන්නා දිහා බලද්දී දෝණී මගේ දිහා බැලුවේ බයෙන්..............
ඇදෙන් ඉදගන්න.......මේ කොට්ටේ උඩට කරලා තියනවද.මට හේත්තූ වෙන්න ඔනී........
යශ් එහෙම කියද්දී මන් යශ් ලගින්ම වාඩී උණා.....යශ්ට උදව් කලාට පස්සේ යශ් දෝණීව අරන් එයාගේ බඩ උඩින් තියා ගත්තා........
සුරංගනාවී ........තාත්තී එක්ක තරහද රත්තරං.............ම්ම්ම්........
සුරංගනාවී නෑ කියලා ඔළුව වනද්දී යශ් මගේ අතත් අල්ල ගත්තා.............
අම්මී තරහද.........තාත්තී එක්ක...........
මන් ඔළුව වැනුවේ නෑ කියන්න...මන් යශ්ගේ අත අල්ල ගත්තා.........
අයියේ.මගේ මායි දෝණී..ටයි මේ ලෝකේ වෙන කවුරුත් නෑ.කිසිම කෙ .නෙක් නෑ.ඔයා විතරයි ඉන්...නේ.ඔයා මෙහෙම නෙවෙයි රොඩ්ඩක් උණත් මායි දොනීයි ඔයා එක්කම ඉන්නවා......ඔයා හිතාගෙ..න ඉන්නේ කොහොමද...........අපිට ඔයා..ව ..වදයක් කියලද........ඔයා මෙහෙම නපුරු වෙන්නේ.........එහෙම එපා මගේ අයියේ.වදින්නම්...............
යශ් කෙල්ලගේ අත් දෙක අල්ල ගත්තා.ඒ ඇස් වලත් කදුළු පිරුණේ තප්පරේට.......
මැණික...මන් පිස්සෙක් වෙලා ඉන්නේ.කම්පැනි එක වැටුණොත් අපි ජීවත් වෙන්නේ කොහොමද.මන් ඇවිදගන්නකම් කවුද බලාගන්නේ..........කොහොමද අපි ජීවිතේට මුණ දෙන්නේ මැණික.මන් ඒකමයි මෙච්චර හිතන්නේ..........
මන් ඔෆිස් යන්නම් යශ්.......අපි ඇවිදිමු..ඉක්මනට........ඔයා සනීප වෙන්න...........
උඹට පුලුවන්ද චුට්ටී................
ඔයා වෙනුවෙන් මන් ඔනීම දෙයක් කරනවා අයියේ.......මට කරන්න දෙන්න.......මට ඔයා වෙනුවෙන් දෙයක් කරන්න දෙන්න.............
ඔව් මන් ඒක කරනවා.මගේ යශ් වෙනුවෙන්.......සත්තයි..වැටෙන්න දෙන්න නෑ මන් කොහොමටවත්...........
සතියක් මන් ඔහේ ගෙවෙන්න දුන්නා.මන් ඉන්ටර්නෙට් එකේ හැමතැනම හෙව්වේ යශ්ව සනීප කරන විදියක්......හැමදේම කාලය විසදාවී.මන් බලන් ඉන්නවා ඒ දවස එනකම්.....❤️❤️❤️
එදා උදේම මන් නැගිට්ටා......රාධා අයන් කරලා තිබ්බ සාරිය මන් රාධාට කියලම ඇද ගත්තා......ටිකක් අදින්න පුලුවන් උණාට මට මහ ලොකුවට අදින්න බෑ............
මැණික............යශ්ගේ ඇස් දෙක ලොකු උණේ කෙල්ලව දැකලා....ඒ.තරම් ලස්සනයි කෙල්ල............
මන් යන්නම් අයියේ.ඔයා අමාරුවෙන් හම්බ කරපු දේවල් ඔයාට නැති වෙනකම් මට බලන් ඉන්න බෑ..........ඔයා ඇවිදිනකම් මන් යන්නම්..............
පරිස්සමින් මැණික.............තුන වෙද්දි ඔයා එන්න.විරාජ්ට මන් කියන්නම්.......
මන් යශ්ගේ කකුල් දෙක අල්ලලා වැන්දා.......රාධා ඇස් වලින් කදුළු පිහිනවා.පවු..........මන් ගිහිම් රාධාව බදා ගත්තේ සෙනෙහසිම්.....
මහත්තයාව බලාගන්න රාධා........සෙල්වම් මාමාටත් කියන්න රාධා..දෝණි බලාගන්න...................
මන් වාහනේ පාරට දැම්මෙ බයෙන්..මොනා වෙයිද කියලා හිතාගන්න බෑ.....ඒත් එන ඔනීම දේකට මන් මුණ දෙනවා..............මගේ හිත හයියයි........❤..
මන් කා පාර්ක් එකේ කා එක දැම්මා.දාලා මන් ඔෆිස් එක ඇතුළට ගියේ හිත එකසිය ගණකට ගැහෙද්දී......
මැඩම් ගුඩ් මෝනින්ග්....මැඩම් මේ........
ඔව් මන් අද ඉදන් මෙහේ වැඩ...........ඇයි මොකද.............
නෑ.මිස්....මේ...දැන්...දේශ් සර්..මැඩම්..කෙනෙක්....එක්ක...ආවානේ.......
මොක.ක්.ද.....මන් ගල් ගැහුණා........
මතුසම්බන්ධයි
No comments:
Post a Comment