දේශ් ආවා......😮😮😮😮
මන් එහෙමම යශ්ගේ කැබින් එකට ගියේ ඇත්තටම මොකක්ද වෙලා තියෙන්නේ බලන්න..........
ඒත් යශ්ගේ කැබින් එකේ කවුරුත් හිටියේ නෑ.....දේශ් එන්න ඇත්තේ අම්මගේ කීමට වෙන්න ඔනී.එයා කපටි ඔක්කටම වඩා......
මන් කඩාගෙන ආපු පිච්ච මල් ටික බුදු පහන ලගින් පිළිවෙලට අස් කලා........මොහොතක් වැදගෙන ඉදලා මන් ප්රාර්ථනා ක්ලේ යශ් ඉක්මනට හොද වෙන්න කියලා.........
අයියේ මේක තමා යශ් අයියගේ කැබින් එක.ඔයා මේකේ ඉන්න.අක්කේ ඔයත් එන්න......දැන් සේරම අවුල් වෙලා තියෙන්නේ.......අයියට පුලුවන් වෙයි යශ් අයියට උදව් කරන්න......
ශාලු පන්ඩිතයෙක් වගේ ඇවිත් දේශ්ට යශ්ගේ කැබින් එක ඇරලා දුන්නා.ඒත් දේශ් ඉස්සරහට ගත්ත අඩිය ආයේම පස්සට ගත්තේ වැදගෙන හිටපු කෙල්ලව දැකලා...........
තමුසේ මොකද මෙහේ........මන් අද එනවා කියලා මල්ලීට කෝල් කරලා කිව්වා........
මන් හිනාවීගෙනම පස්සට හැරුණේ ආවේ කවුද කියලා හොදටම දැනගෙන.........
ගුඩ් මොනින්ග් අයියේ........මන් ආවේ කම්පැනි එකේ යශ්ගේ වැඩ ටික බලාගන්න.....ඔයා නැති උණට ප්රශ්නයක් නෑ.ඔයා ඔයාගේ වැඩ බලාගන්න........තැන්ක්ස් උදව් කරන්න හිතාගෙන ආවාට............
මොකක්ද බැල්ලියේ උඹ කියන්නේ.......උඹට කොහෙන්ද හයියක් මට එහෙම කතා කරන්න.........ආහ්.........
මේ දෙව්ලි තමුසේ ලොකු අයියට හරියට කතා කරනවා..එයා එයාගේ වැඩ දාලා මෙහෙට ආවේ එයාගේ මල්ලි.වෙනුවෙන්...........තමුසේ ඔය චෙයාර් එක අයියට දීලා නැගිටලා යනවා.......මේවා අයියටත් අයිතියි...............
මේ ශාලු...මන් දැන් මේ කම්පැනි එකේ ඕනර්...........තේරූණාද.මට පුලුවන් තමුසෙවත් මෙහෙන් ඔනී නම් යවන්න.........ඒක නිසා දැන් එළියට යනවා.....
ශාලු මට ගස්සගෙන එළියට යද්දී මන් දේශ් දිහා බැලුවා......ඒ ඇගිල්ල මගේ පැත්තට දික් වෙද්දී මන් ෆොන් එක අතට ගත්තා............
හෙලේ සිකියුරිටි ප්ලීස් යශ් සර්ගේ කැබින් එකට එන්න.මෙන්න මේ මනුස්සයාට මන් කියන දේ තේරේන්නේ නෑ.ප්ලීස්.......
අනේ දේශ්.........මෙහෙ නම් වාව්.....ආආආසයි මන්......කෝ අනේ ශාලු...........
සෙහන්සා ගැස්සුනේ සාරියක් ඇදලා ඉස්සරහා හිටගෙන ඉන්න දෙව්ලිව දැකලා......ඒ ඇස් පුපුරු ගැහුවේ කේන්තියට............
දේශ්.......මේ මේ මෙයා............😮😮
ඔව් මෙන්න මෙයා ඔයාගේ නංගීනේ....එයා තමා මේ කම්පැනි එකේ ඕනර්ගේ වයිෆ්...අපිට මොකුත් කරන්න බෑනේ.ඒත් මන් ලේසීයෙන් අත අරින්නේ නෑ........
ඔව්..ප්ලීස් දැන් යන්න....මට මගේ හස්බන්ගේ වැඩ බලාන්න පුලුවන්......මාත් ඉගනගෙන ඉන්නේ.......එයා මට හෙල්ප් කරයි......
යමු දේශ්....මට මේකීගේ මුණත් බලන්න අප්පිරියයි.....තමුසේ ගැන මන් බලාගන්නම්...........පස්සේ.......
සෙහන්සා....................
මට පිටු පාපු සෙහන්සාට මන් ආයේම කතා කලා.සෙහන්සා මගේ පැත්තට හැරුණේ කේන්තියෙන්.......මන් කවදාවත් ආස කරන ඒ සුන්දර මුණ රතු වෙලා ගියා.........
ඔයාලා හැමදේම කරන්නේ කියලා මන් දන්නවා....ඔයාගේ තාත්තට කියනවා මගේ යශ්ගේ කකුල් දෙකෙන් ඇවිදින්න බැරි තැනට ගෙනාවට යශ්ගේ හිත වට්ටන්න බැරි උණා කියලා..........අනිත් මන් කිසිම කෙනෙක්ට ශාප කරන්නේ නෑ.ඒත් දවසක ඒ හැම දෙයක්ම ඔයාලගේ පැත්තට කැරකිලා එයි.එදාට බලාගමු............
හහ්.............😌😌😌😌
සෙහන්සා මට ගස්සලා යද්දී මන් මගේ සීට් එකෙන් වාඩී උණේ ලොකු හුස්මකුත් අරගෙන............
මන් දන්නවා මේ කන්ට්රෑක් එක හරියට සක්සස් උණොත් මගේ යශ් වැටෙන්නේ නෑ.විරාජ් අයියා ඉන්නවනේ........
නංගා මොකක්ද උණේ..................මන් බය උණා බන්.....දේශ් ගියාද.ඌ ලොක්කා වගේ ඇවිත් උදේම මටත් ඇඩ්වයිස් කලා......😂ඔකා මේ ෆිල්ඩ් එකට තාම කිරිසප්පයා.......
විරාජ් අයියා ඇවිත් මගේ ඉස්සරහා හිට ගන්නකොට මන් මොකුත් නෑ කියන්න ඔලුව වැනුවා........
මේ යශ් මට කෝල් කරලා උදේ ඉදලම උඹව බලාගන්න කියනවා........මොනා හරි අවුලක් තියෙනවා නම් මට කෝල් කරන්න මන් එන්නම්............
හරි අයියේ පිං................
විරාජ් අයියා ගියාට පස්සේ මන් යශ්ට විඩීයෝ කොල් එකක් ගත්තේ දන්නේ නැති දේවල් ගුරාගෙන් අහගන්න එපැයි..ඉති.ම්..🙂
මගේ නෝනා වැඩද.............
ඔව්නේ තාත්තී බයිද.............
නෑ මැණික දෝණී ඇග උඩ නටනවා....මන් ක්ලචස් නැතිව අඩියක් දෙකක් ගියා අද....😊
නෑහ්.....මන් ඇස් වල උණපු කදුළු පිහිගෙන යශ් දිහා බැලුවේ ආදරෙන්.....
කෝ සුරංගනාවී ........ම්ම්..........
මේ ඉන්නේ දොයි..........අනේ මැණික මන් වැඩට යන්නම්..උඹ ගෙදරම හිටහන්....මෙන්න මේකී කුක්කූ කිය කිය මාව කන්න හදනවා......
ඉතින් පිටි කුක්කු දෙන්න එපැයි......ඔය පුරොලා තියෙන්නේ......
ඒවා නෙවේ බන්.....මට කොහෙන්ද ඒවා.........මොකක් හරි අවුලක්ද මැණික...
අයියේ ශාලු...............
මන් විස්තරේ කියන්න කට හදනකොටම යශ් හිනා උණා.......ලග හිටියා නම් දෙනවා උම්මා ගොඩාක්...ඒ තරම් හැන්ඩී මගේ කොල්ලා.......😂😂
මේ අහපන්කෝ චුට්ටී ඕකීව මකවලා හදපන් මුල ඉදලා..බැරි නම් යන්න එච්චරයි...නැදැකම උඩ තියාගෙන ඉන්න බෑනේ හැමදාම..........මන් අසනීප උණා අම්මා වත් ආවේ නෑ...........ඉතින් උන්ගෙන් ඇති වැඩේ මොකක්ද බන් අපිට.......
මන් පුලුවන් විදියට හැමදේම කලා........ඒත් එකවුන්ට් පැත්ත මන් උවමනාවෙන්ම බැලුවේ ශාලු නිසා...........
මන් කෝල් එකක් අරගෙන ශාලුට එන්න කිව්වේ ෆයිල් එකේ කිසිම ගාණක් සිස්ටම් එකත් එක්ක බැලන්ස් නැති නිසා....
දෙව්ලි...........ඇයි එන්න කිව්වේ...........
ශාලු රෙස්පට් එකේ මගෙන් අහද්දී මටත් කේන්තී ගියා......
මේ අහන්න ශාලු.මට අයියා කියලා තියෙන්නේ බිසනස් වලට නෑදෑකම් නෑ කියලා.ඒක නිසා ඔයා හරියට වැඩ කරන්න.....ඔයා පොඩි ළමයෙක් වගේනේ වැඩකරන්නේ................ඇයි හරියට වැඩ කරන්න බැරි............ආහ්...........
මන් ලබන මාසේ රට යනවා.මට මේ රස්සාව තිබ්බත් එකයි නැතත් එකයි..........
ඇයි යශ්ට වද දෙන්න ඉන්නේ නැද්ද.......දැන් කිව්වේ මාව පන්නලා ඔයාගේ අයියව බලාගන්නවා කියලා.......
අප්පෝ නෑ.අපිට උවමනාවක් නෑ කාටවත් උදව් කරන්න.නැන්දා කිව්වා ඔනාවට අයියට උණත් උදව් කරන්න එපා කියලා.එයාගේ නල්ල මලේ වයිෆ්ටම හැමදේම කරන්න දෙන්න කිව්වා.........
ඔව් මන් දන්නවා කට්ටියම යශ්ගේ වටේ හිටියේ එයාට පුලුවන් කාලේ විතරයි කියලා.එයාට බැරි උණ දාට ඔයාලා ඔක්කම එයාගෙන් ඈත් වෙනවා නියමයි ශාලු........
අපි අයියා බලන්න එන්නේ නැත්තේ තමුසේ නිසා.තමුසේ ඔය ගෙදරින් යනවකෝ.අපි අයියට සලකන හැටි බලන්න......😡😡
මන් ගෙදරින් යනකම් බලාගෙන ඉන්න එපා ඔයාලා අයියට සලකන්න........
මට හීල්ලුනා.මන් නළල අතින් මිරික ගත්තා.යශ්ට ඇවිදගන්න පුලුවන් වෙනකම් මන් මේ හැමදේම බලගන්නවා.....
දැන් තමුසේ කිව්වේ මල්ලි අසනිප නිසා එයාගේ බිස්නස් තමුසෙට බලාගන්න දෙනවා කියලා.කෝ අර දෙව්ලි එතන මුල් පුටුවේ......
මේ අහන්න සෙහන්සා අපි පාඩුවේ ඉන්න තැනකට ගිහිම් කතා කරමුද.........මගේ ඔළුවත් එක්ක අවුල් වෙලා තියෙන්නේ.
මේ අහන්න දේශ්..අර දෙව්ලිව මේ හැම එකකින්ම අයින් කරලා දානකම් ඔයාට කවදාවත් මනුස්සයෙක් වගේ නැගිටින්න බෑ.....
ඔයා මාව මැරි කරන්න එතකොට මන් මේ හැමදේම වෙනස් කරගන්නම්......ඔකේනේ..........
දේශ් කියද්දී සෙහන්සා ගැස්සුනා.විවාහය කියන බැම්මට ඒ තරම් මනාපයක් නැ සෙහන්සාගේ..........
මට දැන්ම කරදරේ වැටෙන්න බෑ දේශ්.ඔයාට මට කොහොමත් බල කරන්න බෑ...........
ඇයි බැරි මිසිස්.......මන් ලග ඔනී තරම් තුරුම්පු තියෙනවා.ඔයාට මගෙන් බේරේන්න තියා ඒ ගැන හිතා ගන්නවත් බෑ...........හරිද.............
මො..කක්ද කියන්නේ දන්නවද.......ඔයාට කවාදාවත් මගෙන් ගැලවිලා නම් යන්න් බෑ.මොකද ඔයාගේ සෙල්ලම් මගේ ලග වානා......එහෙම උණොත් සෙහන්සා උඹට වෙන්නේ මහ පාරේ හිගන්නියෙක් වගේ වෙලී වෙලී අඩන්න..............
මේ දේශ් හොදට හොදයි වගේම නරකටත් ඊටත් වඩා නරකයි තේරුණාද...
හරි දේශ්.මට තේරූණා........අපි දැන් යන්ද..මට කොළඹට යන්නත් තියෙනවනේ..............
නෑ උඹ අද අපේ ගෙදර යනවා.මන් අම්මට කෝල් කරලා විස්තරේම කියනවා.යමන්..........
සෙහන්සාව බලෙන්ම කා එකට දා ගත්ත දේශ් වාහනේ ස්ටාට් කරගත්තේ සෙහන්සාට හිතන්න වත් වෙලාවක් නොතියා......
දෙයියනේ මේ මිනිහා එක්ක නම් සෙල්ලම් කරලා ඉවරයි මන්.....මේකා නම් යශ්ට හපන් වගේ....දෙයියනේ මන් මොකක්ද කරන්නේ..........
දේශ් ප්ලීස්.මට මේ පාර මිස් ශ්රී ලංකා පැජන්ට් එකටවත් යනකම් ඉන්න දෙන්නකෝ.........ඊට පස්සේ ඔනී දෙයක්.......මට ඒකටවත් යන්න දෙන්න දේශ්...........
නෑ උඹට චාන්ස් නෑ.....උඹ නැටුවා වැඩි.යමන්..............
දේශ් ඔයාගේ අම්මා මට කැමති වෙන එකක් නෑ.ඔයාගේ තාත්තා නැති උණේ අපේ තාත්තා නිසා.ඉතින් එහෙම එකේ.......
බැහැපන් කා එකෙන්........දේශ් කේන්තියෙන් වාහනේ හොටෙල් එකක් ලග නතර කලේ සෙහන්සාගේ නිරාවරණය උණ දෙපා දිහා බලන ගමන්...........
කොහෙද මේ යන්නේ දේශ්..........
යන්න ටිකක් කතා කරන්න.....අපි ටිකක් අපි කත කර කර ඉමුකෝ......එනවා යන්න.....
සෙහන්සා තෝන්තුවෙන් වගේ වාහනේන් බැස්සා.දැන් කොහොමත් දේශ්ගෙන් බේරීල්ලක් නෑ සෙහන්සාට..........
සෙහන්සා සෙහන්සාගේ හැට හතර මායම් වලින් දේශ්ව නම්මගන්නයි යන්නේ......ඒත් සෙහන්සාට වඩා දේශ් සූත්තරකාරයෙක්..😁😁
කතා කරන්න ආව දේවල් කතා කරගෙන ඉක්මනට යමු දේශ්.......මට යන්න ඔනී.......
දේශ් එහෙමම සෙහන්සාව ඇදට තල්ලු කලා....සෙහන්සාව තද කරලා දේශ් දේශ්ගේ ලගටම ගන්න කොට සෙහන්සා දේශ්ට තව තව ලන් උණා..සෙහන්සාගේ රත් වෙච්චී ඇගට මොහොතක සහනයක් දේශ්......දේශ්ටත් එහෙමයි...........
සෙහන්සාට දේශ්ගෙන් මිදෙන්න උවමනාවක් වත් හදිස්සියක් වත් තිබ්බේ නෑ.සෙහන්සා කාලේකට පස්සේ නුරාගික හැගීමක් උතුරලා යනකොට එහෙමම ඒ හැගීම් වලට ඉඩ දුන්නා.......
ඒත් මේ හැමදේකම තියෙන්නේ පලිගැනීමක් විතරයි...........දෙන්නගෙම හිත් වල තිබ්බේ දෙව්ලිගෙන් පලිගන්න එක විතරමයි...........
❤️❤️❤️❤️🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤
මාස තුනක්ම ගෙවුණා....ඒත් යශ්ගේ අම්මවත් ශාලුවත් අයියාවත් කිසිම කෙනෙක්.පැත්ත පලාතේ ආවේ නෑ.එහෙම ඉන්න පුලුවන්ද අම්මා කෙනෙක්ට..
චුටී පුතා.............
යශ් බැලුවේ අම්මා මොකද මේ හදිස්සියේ කියලා......ඒත් ඒ මුණේ තිබ්බේ මොකක්ද මන්දා ලොකු ප්රශ්නයක්........
චුටී පුතා මන් ආවේ මන් මැරෙන්න කලින් මේ හැමදේම එකලාසයක් කරලා දාන්න...ම අයියටත් මේවගෙන් බාගයක් දෙන්න ඔනී.......
අම්මා කියන්නේ කම්පැනි එක අයියා එක්ක හවුලේ කරන්න කියලද........
ඔව් ඒකේ අයිතියක් ඌටත් තියෙනවා.අනික උඹට අර කලු කෙල්ල වටිනවා උණාට ඒකීට තියෙන්නේ තන්හාව මේ දේපල ගැන....ඒකී මේවා අයිති කරගන්න කලින් මට මගේ ලොකු එකාට දෙයක් දෙන්න ඔනී........
අම්මේ අයියාට තාත්තා දේපළ දුන්නනේ.එයා ඒවාගෙන් සුදු ගහල අන්තිමට කම්පැනි එකත් උකස් කරලා දැම්මා....අන්තිමට තාත්තත් නැති උණා...මන් මගේ මහන්සියෙන් මේවා දියුණු කලේ..........එයට ඔනී නම් කම්පැනි එකේ වැඩ කරන්න කියන්න.......
උණ දියුණු කලාට ඒක මගේ මනුස්සයාගේ.......අනිත් එක උඹට මන් කම්පැනි එක ලියන්නේ උඹ අර ගෑනීව ඩිවෝස් කරලා දැම්මොත්.මට ඒකීව පේන්නෙ බෑ.........
අම්මා අම්මා කෙනෙක්ද අම්මේ....ඒ කෙල්ල හින්දා මන් අද දෙපයින් නැගිටලා ඉන්නේ.අම්මට මුල මතක නැද්ද........
යශ් කේන්තියෙන් පිපිරුවා......අම්මා උණට්න් කරන මේ දේ යශ් අනුමත කලේම නෑ.කෙල්ලට කොහොමද මේවා මන් කියන්නේ දෙවියනේ ....
මට මුල නෙවෙයි පොඩි පුතේ ඔක්කම මතකයි.ඒ කෙල්ලගේ ලේ වල තියෙන්නේ උඹගේ තාත්තගේ මිනීමරුවොන්ගෙ ලේ......ඒක උඹ අමතක කරන්න එපා.......
යශ්ට දැන් දැන් චූට්ටක් සනීපයි.ක්ලචස් නැතිව එහෙට මෙහෙට යන්න පුලුවන්.....
මන් එදා උදේම නැගිට්ටා...ඒත් මට කලින් යශ් නැගිටලා.........මන් ගැස්සිලා ගියේ මේ යශ් කොහෙද කියලා........
මැණික..........මන් අද ඔෆිස් යන්නම්..........
ඒත්...............
ඒත් නෙවෙයි මට සනීපයි.මන් විරාජ්ට කියන්නම් මාව ගෙනත් දන්නයි ගෙනියන්නයි එන්න කියලා........
අයියේ ඒත් ඔයාට අමාරූනේ වැඩ කරන එක..........අපි අමාරුවෙන් ඔයාව මෙහෙම සනීප කර ගත්තේ...ඒක නිසා ඔයා ටිකක් මෙහෙම පාඩුවේ ඉන්නකෝ අයියේ....
නෑ මැණික මට අමාරූ නෑ......ඔයා සුරංගනාවී එක්කම ගෙදර ඉන්නකෝ.......මට පුලුවන්............
ඒ.......ත්....
චුට්ටී මට පුලුවන්.දැන් ඔයා මහන්සී උණා ඇති.ඔයා පඩුවේ ඉන්නවද.මන් බලාගන්නම්........දැන් යන්න.මාව කේන්තී ගස්ස වන්නේ නැතිව........ප්ලීස්...........
හාකෝ.කේන්තී ගියොත් හොදයි එන්නේ නැතිව.නපුරුකමට බෙරිහන් දෙනවා.......දැන් ඉතිම් සද්දේ දානවා......ඔක්කටම මන් තමයි වැරදී.......
චුට්ටී තමුසේ මොනාද කුටු කුටු ගාලා කියවන්නේ....😡😡ආහ්..........කියන්න තියෙන දෙයක් තියෙනවා නම් මගේ මුණට කියනවා.............
යශ්ට හිනා ගියා........මේකී නම් ඇට්ටර වෙලා මේ මාස දෙක තුනට.....මගේ චුටී කෙල්ල...මේකී මහත් වෙලාද මන්දා චූට්ටක්.............
චුට්ටී මෙහේ එනවා..................
යන්න ගියපු මන් ආයේම හැරිලා යශ් ලගට ආවා.............
ඇයි මොකෝ.........ම්ම්ම්ම්............
උම්මා එකක් දෙන්න...............
මන් යශ්ගේ පපුවට තුරුල් උණා......ඒ උණුහුම තමයි මගේ ලෝකේම......ඉතිම් ජිවත් වෙන්න වෙන අරමුනක් තවත් ඔනේද.......
යශ් යනකම් ඉදලා මන් වෙනදා වගේ සුරංගනාවී එක්ක යුද්දේ පටන් ගත්තා.......එයාට මන් ඉන්න නිසා ජොලි ඉතිම්........
පුංචී නෝනා.............මන් දෙයක් කියන්නද.........
රාධා හරි බරි ගැහිලා මන් ලග වාඩී උණේ මොනා හරි දෙයක් අහන්න කියලා මට හිතුණා........
පෙරේදා ලොකු නෝනා ආවා...........
ඉතිම්...........
ලොකු නෝනා මහත්තයාව බදාගෙන ඇඩුවා.......පුංචී නෝනා මහත්තයාව ලොකු නෝනාගෙන් ඈත් කරලා කියලා..පුංචී නෝනා තමා මහත්තයාගේ අවාසනාව කියලා මහත්තයාට හැම තිස්සේම කිව්වා.........
ඒක ඇත්තද රාධා.....අම්මා කියපු දේවල්...........
අම්මා කෙනෙක් දුකට කියන දේවල් වෙන්න ඇති පුංචි නෝනා.සුරංගනා නෝනා ඉද්දිත් ලොකු නෝනා ඔහොමම කලා........මන් හිතන්නේ ඔය හැම දේපළක්ම දෙකට බෙදන්න ඔනී කියලා මහත්තයාට කිව්වා........නෝනාට ඒවා ගැන ආසාවක් නෑ කියලා මන් නම් දන්නවා.....ඒත් යශ් මහත්තයාගේ අම්මා කිව්වා නෝනාව අත ඇරියේ නැත්තන් මේ හැමදේම දේශ් මහත්තයාට ලියලා දෙනවා කියලා......
මො....මො.කක්ද රාධා.........
ලොකු නෝනා මහත්තයාට කිව්වා නෝනා හදන්නේ මහත්තයාගේ දේවල් අයිති කරගන්න කියලා........ඒත් නෝනාට එහෙම තන්හාවක් නෑ කියලා මහත්තයා කෑ ගහලා කිව්වා..............
මට හිතෙනවා පුංචී නෝනාගේ ජීවීතේට මොකක් හරි කරදරයක්ද කියලා වෙලාවකට.........නෝනා පරිස්සමින් ඉන්න......
කමක් නෑ රාධා.........මට වෙන දෙයක් උණ දෙම්.........යශ් වෙනුවෙන් මට ඔනී දෙයක් විදගන්න පුලුවන්.........
රාධා ගියාට පස්සේ මගේ හිතේ ඉතුරු උණේ මහම මහ කලකිරිමක් විතරයි.හැමදේම හොදට සිද්ධ වෙනවා කිව්වට අද වෙනකම් සිද්ධ උණ හැමදේම උණේ මගේ ජීවීතේට හතුරුකම්මයි.........මොනා කරන්නද.........
එදා දවසම මන් කලේ කල්පනා කරන එක.....මොනා උණත් මගේ කිසිම වෙනසක් යශ්ට පෙන්නේ නැතිව තියාගන්න උපරිම ට්රයි එකක් දුන්නේ යශ්ට මගේ හුස්මක වෙනසක් දැණෙන නිසා..............
මන් කාටත් නොකියා මගේ ඇදුම් බෑග් එකක් හදා ගත්තා.......මන් මෙහෙන් යනවා.....දැන් මන් ඇවිත් අවුරුද්දක් වෙනවා.ඉතිම් මගේ වැඩ ටික මන් කරලා ඉවරයි.........මන් යනවා............
යශ්ගේ අම්මා.මන් මේ හැමේගෙම ජීවීත වල අතරමැදියෙක් වෙලා ඉන්නේ....මට තවත් ජීවත් වෙන්න අමාරුයි......
මට යන්න දෙන්න යශ්.මන් මේ හැම දේකින්ම ගැලවිලා යන්නම්..සදහටම යන්නම්......
තමුසේ කොහේ යන්නද අර බෑග් ලෑස්ති කරන්නේ.........අර තමුසේගේ කාමරේ ඇද යට තියෙන්නේ......
මන් ගැස්සුනා.......
මන් යශ් දිහා බැලුවේ පුදුමෙන්.......යශ් මාව බිත්තියට තියලා තද කරගෙන මගේ කම්බුලට පාරක් ගැහුවේ පුදුම වේගේකින්.........
මන් එහෙමම කම්බුල අල්ලගෙන යශ්ගේ මුණ දිහා බලන්න හැදුවත් ඒ මුණ බලන්න තරම් මට හයියක් තිබ්බේ නෑ.මන් බිම බලාගෙන ඉකි ගැහුවා...
උඹ කොහේද යන්නේ කියපන්......මට ඒකයි දැන ගන්න ඔනී.....උඹ මොන මගුලේද යන්නේ.......කොහේ යන්නද මෙර් උඹ ඇදුම් ලෑස්තී කරන්නේ...
මන් ඇදෙන් වාඩී වෙලා අත් දෙකෙන් මුණ වහ ගත්තා.......
ම.....ට ....මේ.හැමදේම දාලා...යන්න....ඔනී.........
හහ්.....උඹට හැමදේම දාලා යන්න ලේසී.උඹට අමතක උණාද මේ හැමදේම ගොඩගන්න අපි කොච්චර දුක් වින්දද......උඹට ඒවා මතකම නැද්ද.....උඹ මැරිලද ඉපදුණේ කියපම්.........
චුට්ටී මට උඹගෙන් උත්තර ඔනී....කතා කරපන් යකෝ...........
මන් මේ පිස්සෙක් වෙලා ඉන්නවා...උඹ සෙල්ලම් කරනවද.අම්මා කියනවා උඹව අත අරින්නලු...උඹව අත ඇරියේ නැත්තන් මේ හැමදේම අයියට ලියනවලු...උන් ඔක්කම මගේ ජීවීතෙත් එක්ක සෙල්ලම් කරනවා........අම්මා වෙලත්.........දැන් උඹත් මාත් එක්ක සෙල්ලම් කරනවද........
යශ්.........ඔයා අම්මලව අත අරින්න ඔනී නෑ.........ඔයා මාව බේ බැදිමෙන් අත අරින්න....එතකොට අම්මා මේ හැමදේම සාමාන්ය විදියට විසදයි.....
මන් ඉන්න තැනින් නැගිට්ටා......යශ් ග්රීල් වලින් අල්ලගෙන එළිය බලාගෙන ඉන්නවා........
ඔව් මන් අත අරින්නම්...උඹ දැන්ම මෙහෙන් පලයන් කතාව ඉවරනේ.........මගේ ජීවීතෙ සදහටම යන්නම පලයන්.......එතකොට මන් සැනසීමේ ජීවත් වෙනවා.හරිනේ.......සුරංගනාවී එක්ක මන් කලින් හිටියා වගේම තනියම ඉන්නම්.........
මන් යශ්ගේ පිටට තුරුල් උණා.......මන් දන්නවා මට මේ ලෝකෙන් ඈත් වෙලා යන්න බෑ කියලා......යශ්ට වගේම මටත් යශ් ලගම ඉන්න ඔනී...............
අයින් වෙනවා මගේ ලගින්.....යනවා.........ඉතිම් දැන්ම යනවා.යන්න ඕණනේ.........
මට යන්න බෑ..............මට ඉන්නයි ඔනී ඔයා එක්කම..........යන්න කියන්න එපා........
එහෙනම් තමුසේ මොකටද අර රෙදි බෑග් අරගෙන ඇදවල් අස්සේ තියාගෙන ඉන්නේ.......මොකා එක්ක පැනලා යන්නද......ආහ්...........
කාත් එක්කවත් නෑ................
මෙහේන් යන්න හදන්නේ මට මේ දේපල දෙන්න ඔනී නිසාද මැණික......ම්ම්ම්.මට මේ දේපල වලින් වැඩක් නෑ......උඹ යන ඔනීම තැනකට මන් එනවා සුරංගනාවිත් එක්ක.......
මන් යශ්ගේ දිහා බැලුවේ පුදුමෙන්........යශ් හැමදේම අත ඇරලා දාලා මාත් එක්ක එනවා.ඒ මොන විකාරයක්ද...
ඔයා මන් නිසා මේ දේවල් අත අරින්න එපා.....ඔයාට සුරංගනාවී වෙනුවෙන් ජීවත් වෙන්න යශ්..මාව අත අරින්න........
නෑ මන් එදත් කිව්වනේ උඹ හුස්ම වගේම සුරංගනාවීත් මගේ හදවත........මට හුස්ම ටිකයි හදවතයි නැතිව ජීවත් වෙන්න බෑ.සුරංගනාවීගේ අම්මව නැති කරගන්න බෑ මට...........
අපි මෙහෙන් යන්.......අපි තුන් දෙනා මෙහෙන් යමු..........දේපළ ඔනී එකෙක්ට දීගන්න කියමු....අපි යමු............
දන්නවද යශ්ට මේ කලු කෙල්ලව අත අරින්න හිතක් නෑ.........දේපල නම් දවසක හම්බ කරගන්න පුලුවන්.....ඒත් අපිට පන වගේ තියෙන ආදරයක් හොයාගන්න පුලුවන්ද.............
මැණික අපිට උවමනා කරන දේවල් ගන්න..ඔයාටයි අපේ පැටියටයි........
මන් නිසා යශ් මේ හැමදේම අත අරිනවද........දෙවියනේ යශ් මොනා කියනවද කියලා මට තාම හිතාගන්න බෑ......මේ හැමදේම නැති වෙලා ගියොත් සුරංගනාවීට අනාගතයක් කෝ.........
අපි අපේම කියලා තැනකින් නැගිටිමු මැණික....අපිට පුලුවන් ඒක.......තේරූණාද..........
යශ් එක්ක මන් හැමදේම ලෑස්තී කලා.....හැමදේම ගෙනියන්න තරම් වෙලාවක් තිබ්බේ නෑ.....යශ් තීරණයක් ගත්තාම ඒ තීරණේ වෙනස් කරන්න සක්කරයටවත් කොහොමත් බෑ.......
මැණික නිදා ගමුද...........එන්නකෝ....හෙට උදේම යමු.......
යශ් ඇදට වැටුණේ හිතේ දාහක් බලාපොරොත්තු පුරවගෙන.....හෙට ඉදලා මේ හැමදේම දාලා යන්න වෙනවනේ.......අම්මට පුලුවන් මේ හැමදේම අයියට දෙන්න.......කමක් නෑ එයාලා හරි සතුටින් ඉන්නවනේ.........
උදේම මන් ලෑස්තී වෙලා සුරංගනාවීත් ලෑස්තී කර ගත්තා.රාධා ඉකි ගහා ගහා අඩනකොට මට දැණුනේ වේදනාවක්.......ඒත් යශ් එක්ක කිසිම දෙයක් නෑනේ.......
අනේ චුටී නෝනා මාවත් එක්කන් යන්නකෝ අප්පා එක්ක......අප්පායි මායි දෙන්නම එක්කන් යන්නකෝ.අනේ පුංචී මහත්තයා.මට සුරංගනාවී එක්ක ඉන්නයි ඔනී..........
මේ අහන්න රාධා.ඔයාලා දෙන්නා ගමේ යන්න.......මන් සල්ලි දාලා තියෙන්නේ එකවුන්ට් වලට..........
ඒත් එක්කම වගේ ආවේ විරාජ් අයියයි අක්කයි දෙන්නා.අක්කා ආවේ අඩාගෙන....
අනේ මැණික අපේ ගෙදර යන්......ප්ලීස්....උඹලා තුන් දෙනාට අපේ ගෙදර ඉන්න පුලුවන්.....යමන් යශ් මල්ලී.......අපේ ගෙදර යමන්..........අපි ඔය මගුල් කම්පැනිය අත ඇරලා දාලා අපි වෙන මොකක් හරි බලමු................
අක්කේ.......මේ අහ..න්න.......අපි යන්නම්...ඔයාලා සතුටින් ඉන්න.......කෝල් කරන්නම්.......යශ් තිරණයක් ගත්තාම ඒක වෙනස් කරන්නේ නෑ ලේසියෙන්.......
මචන් මන් තනියෙන් නැගිටින්නම්......උඹට දරුවෝ දෙන්නෙක් ඉන්නවා උඹට මන් වගේ යන්න බෑ හදිස්සියෙන්.මන් කෝල් කරන්නම්....පරිස්සමින් හිටපල්ලා.....බුදු සරණයි................
මචන් උඹලා දෙන්නව නුවරටවත් දාන්න මන් එන්නම්......හිටපන්.......
විරාජ් චමිලා එක්ක නුවරට ගියෙ කෙල්ලවයි දාලා එන්න......බස් ස්ටෑන්ඩ් එකෙන් බැහැපු යශ් කෙල්ලගේ අතින් අල්ලගෙන හිමින් යද්දී විරාජ් නළල මිරික ගත්තේ වේදනාවෙන්.......
කොහේ යනවද කියලා කියන්නේවත් නෑ යශ්.....උන් දෙන්නා මොන විදියට ජීවත් වෙන්නද......අර පුංචී කෙල්ලත් එක්ක....
දෙවියනේ මොන වෙයිද විරාජ්........මේ කතාව මොන විදියට ලියන්නේ ඔබ වහන්සේ දෙවියනේ.........මට තාම හිතාගන්න බෑ.හොද විදියකට ලිව්වොත් දෙවියෝ ඉන්නවා කියලා විශ්වාස කරන්නම් අපි................
බය වෙන්න එපා මැණික......දෙවියෝ උන් දෙන්නා දිහා බලාවී
මහත්තයෝ අපි මේ කොහේද යන්නේ😮
මන් යශ්ගෙන් ඇහුවේ ඉවසලා බැරිම තැන...ඒත් යශ් කිසිම උත්තරයක් මට දුන්නේ නෑ.......
යන්නේ කොහෙද අහන්න එපා බන්......යන තැනකට උඹත් වරෙන්....එච්චරයි..
මන් තවත් අහන්න ගියේ නෑ යශ්ගෙන් කොහේද යන්න කියලා..මන් දෝණීවත් තුරුල් කරගෙන යශ්ගේ උරහිසෙන් හිස තියා ගත්තා........
මට නින්ද යන්න ඇති..මන් ඇහැරුණේ බස් එක අටබාගේ පහු කරනකොට....
මන් ලොකුවට තිබ්බ බෝඩ් එක කියෙව්වා........
අටබාගේ..😮..මේ නුවරඑළිය පාරද.අපි එහේ යන්නේ මොකටද.....මේ යශ් ඇයි එහේ යන්නේ......යශ්ගේ කවුද නුවර එළියේ ඉන්නේ.....😮😮
අපි නුවර එළියේ යනවා මැණික...
මන් ඇස් දෙක ලොකු කරගත්තේ පුදුමෙන්.නුවර එළියේ..😮නුවර එළියේ අපේ කවුරුත් නෑනේ.අඩුම තරමේ අදුරන කෙනෙක්ගේ නමක් වත් මන් දන්නේ නෑ....එහෙම වෙලාත් කොහොමද අපි නුවර එළියේ යන්නේ.........
මන් ප්රශ්න අහන නතර කලා.මෙහෙම දුර ගමන් මට ගිහිම් පුරුදුත් නෑ.ඒත් මොනා කරන්නද.ඉවසන්න වෙනවා......යශ් කවදාවත් හිතන්නේ නැතිව කිසිම දෙයක් හදිස්සියේ කරන්නේ නෑ.එයා දෙයක් කරන්නේ සෑහෙන්න ප්ලෑන් කරලා......
අ........ම්....මා.......බස්..........අර ක..දු නේ.....
සුරංගනාවී පුදුමෙන් වගේ මගේ කකුල් දෙක උඩ හිටෙගෙන ජනේලෙන් ඈත බලලා අත් පුඩි ගහ ගහා හිනා උණා......ජීවීතේට මෙහෙම ගමනක් ගිහිම් නැති නිසා සුරංගනාවීට පුදුමයක්....
ඔව් රත්තරං අපි බස් එකේ යන්නේ......අර බලන්නකෝ කදු....ශෝක් නේද.......ලස්සනයි...මගේ දෝණී ආසයි නේද........
ආත....යි...........අම්මාත්......ආතයිද............
ඔව් මැණික අම්මී ආසයි....අපි එහේ යමුකෝ........එහේ ශෝක්...........මගේ පුතාට සීතලේ ඉන්න පුලුවන්........
සුරංගනාවී අහන දාහක් ප්රශ්න වලට උත්තර දීලා මගේ දිව උලුක් උණා වගේ.😂බැරිම තැන මන් සුරංගනාවී යශ්ගේ අතට දීලා ඇස් දෙක පියා ගත්තා.....
යකෝ මන් විතරක් දුක් විදින්නේ.තාත්තී බෝලේත් ටිකක් දුක් විදපු දෙන්.එතකොට තමයි හරියන්නේ.....
තාත්තී අපි මේ කෝ යන්නේ...........
සුරංගනාවී යශ්ගෙන් අහනවා..........
අර ගශ් අපි දැක්කාම දුවනෝද.ඇයි ඒ.....
මැණිකගේ තාත්ති සැරයිනේ.ඒකයි දුවන්නේ.......මගේ මැණික දෝ ගන්නකෝ.........හොදයිනේ....
බෑ..බෑ.බබා දෝ ගන් නෑ.අම්මීයා දොයිනේ.....අම්මීයා ඈලුනොත්....
ඒත් යශ් මගේ අත මිරිකලා අල්ලනකොට මන් ඇස් ඇරියේ හිනා වෙවී..........
මැණික මේ.......මේ සුරංගනාවී කට උල් කර කර මගෙන් ප්රශ්න අහනවා.අම්මා වගේම වෙලා ඉන්නේ දෝණීත්.....කියෝනවා...කියෝනවා ඉවරයක් නෑ.......හොට කැඩිච්ච ගිරවියෙක් මේ මගේ කෙල්ල.........
චුට්ටී...............
මන් යශ්ගේ දිහා බැලුවේ පුදුමෙන්......කටත් හදාගෙන ඔය මොකක් හරි කියන්න යන්නේ කියලා මට නිකමට හිතුණා....
කවදා හරි අම්මයි,දුවයි දෙන්නම එකතු මගේ කන් දෙක ඇහෙන්නේ නැති කරලා දායිද දන්නේ නෑ...😂😂😂
නුවරඑළියෙන් බැහැලා යශ් අපේ බෑග් ටික ගත්තා...මන් සුරංගනාවීත් වඩාගෙන යශ්ගේ පස්සෙන් ගියේ කොහේට යනවද කියලා හිතාගන්න බැරිව.ඇත්තටම කොහේටද යන්නේ.........
මේ පරිසරය ඇගට නුහුරුයි.ඒත් කවදාවත් නැතිව මගේ හිතට දැණුනේ පුදුම නිදහසක්.....
මැණික යමු එන්න.............
යශ් කෑම බෑග් දෙක තුනක් අරගෙන ඇවිත් මගේ අතට දුන්නා.....දීලා බෑග් ටිකත් අරන් ත්රීවීල් එකකට නැග්ගා.කනවට වඩා මට තිබ්බේ ගමන් මහන්සියක්......
නුවර එළියේ ටවුන් එකේ සීතාඑළිය පැත්තට ත්රීවීල් එක යනවා.....ඈතින් දැක්ක සීතා අම්මාන් කෝවීල දැක්කාම හිතට ආවේ පුදුම භක්තියක්......
මැණික සීතා අම්මාන් කෝවීල ඒ..අපි පස්සේ එමු...........හෙට අනිද්දා........අපිට හදිස්සියක් නෑනේ........
බහින්න චුට්ටී...........අපි ආවා................
මන් ත්රීවීල් එකේන් සුරංගනාවීත් තුරුල් කරගෙන බැස්සා.. සුරංගනාවී මගේ උරහිසේ ඔළුව තියාගෙන හිටියේ මේ කිසිම දෙයක් නුහුරු නිසා වෙන්න ඇතී........
මහත්තයා ආවද.......මන් මේ පිටිපස්ස අස් කර කර හිටියේ..කෝ අපේ සෙල්වම්........ආවේ නැද්ද........
නෑනේ පියදාස මාමා......එයාලා තියලා ආවා.....එයාලා අම්මා යන්න කිව්වොත් ඒවී.මට එයාලට ගෙදරින් යමු කියන්න බෑනේ............
මහත්තයා එනවා කියපු හින්දා මන් දෙතුන් දෙනෙක් දම්මවලා වත්ත සුද්ද කලා..බය වෙන්න කාරියක් නෑ....මේ අක්කර දෙකම මන් හරි පරිස්සමින් තමා බලාගත්තේ.......
මන් දන්නවා පියදාස මාමා මේ හැමදේම පරිස්සමින් බලා ගන්නවා කියලා...පිං මාමාට....
මේ නෝනායි,දරුවයිද...මන් බයේ හිටියේ මැරෙන්න කලින් මගේ දෑහෑට බලාගන්න මැරිවෙයි කියලා.....මහත්තයා යන් ඇතුළට මන් තේ උණු කරලා.......උයලා තියෙන්නේ....කාලා බීලා කතා කරමු........
ගේ ඇතුළට ආවාට පස්සේ මන් ආසාවෙන් හැමතැනම ඇස් යැව්වා.පුංචී උණත් සිරියාවන්ත පෙනුමක් තිබ්බේ........සුරංගනාවී මගේ අතින් බැහැලා ගේ පුරාම ඇවිදිනකොට මන් පියදාස මාමාගේ පස්සෙන් කුස්සියට ගියා............
පුංචී උණත් කුස්සිය පුදුම පිළිවෙලක් තිබ්බේ...ගෙටම අල්ලලා මැටි ගහලා හදපු කුස්සිය දැක්කාම මට ආවේ පුදුම ආසාවක්.........
සුරංගනාවීව ඇග සෝදවලා නිදි කෙරෙව්වා......යශ්ත් සුරංගනාවී ලගින්ම නිදාගෙන හිටපු නිසා මන් කුස්සිය පැත්තට එබිකම් කලේ පියදාස මාමාව බලන්න.........
මොකෝ පුංචී නෝනා...........බඩගිනිද..........
අනේ මේ නෑ මාමේ.......නාගන්න තිබ්බා නම් හොදයි......ඒකයි...........
මේ අඩි පාරේ චුට්ටක් දුර ගියාම තියෙනවා පිහිල්ලක්....වතුර අයිස් වගේ.....නෝනා ගිහින් නාගෙන එන්ඩ.........
මන් බෑග් එක ඇදලා ඇදුම් ටිකත් අරගෙන තනියම අඩිපාර දිගේම ගියේ ආසාවෙන්.....මන් දිය රෙද්ද පටලගෙන නාන්නේ කාලේකින්..මන් රෙදි ටික පැත්තකින් තියලා දිය රෙද්ද නහයට ලන් කර ගත්තේ ආසාවෙන්..........
මම්මාගේ සුවද ඒ තීත්තෙන් මට සත්තකින්ම ආවා...ඒ කපුරු බෝල සුවද මම්මගේ සුවද...........මේ තීත්තේ මගේ මම්මගේ.....මම්මා නැති උණාට පස්සේ මම්මාව මතක් වෙන්න තියා ගත්ත එකම එක මතකයක්........😥
මන් පිහිල්ලට ඔලුව අල්ලලා හිතේ හැටියට නා ගත්තා..........ඒ වතුර මගේ ඇගට ගෙනාවේ පුදුම සනීපයක්..........
මන් නාලා මගේ තෙත කොණ්ඩේ ගසා ගත්තා.......ඒත් ගල උඩට වෙලා වාඩී වෙලා ඉන්න යශ් දැක්කාම මන් ගැස්සීලා ගියා........
තමුසේ මටත් හොරෙන් නාන්න ආවද.....යකෝ පුදුම ගෑණීයෙක්නේ මේකී......තමන්ගේ මනුස්සයා අරහේ නිදී.මේකී නාන්නත් ඇවිත්........
මන් යශ්ට විරිත්තුවා...........මරු හස්බන්ඩ්...යකෝ බනින හැටි විතරක්.........
ඇයි මට නොකියා ආවේ............කියලා එන්න තිබ්බනේ නේද.......
යශ් ඇගිල්ල දික් කරගෙන කියවද්දී මන් යශ්ගේ ඇගිල්ල හපන්න වගේ කට ඇරියා...
නෝනා දන්නවා මහත්තයා නාන්න හොරයි කියලා.ඒකයි හොරෙන්ම ආවේ......කාලේකින් නෑවේත් නෑනේ.....අද විතරක් නාන්න හදන්නේ මොකද.....ආහ්....
කෝ සුරංගනාවී.ඇහැරුණොත් අඩයි අපි දෙන්නම නැතිව....
කෝ සුරංගනාවී.ඇහැරුණොත් අඩයි අපි දෙන්නම නැතිව....
ඇත්තට චුටී නෝනා......ඕවාට මගෙන් දරුණු රිටන් හම්බ වෙයි..ඒවට ඔට්ටුයි නම් ඉතිම් මට හඩ්ඩා කිව්වට කමක් නෑ......
මන් යන්නම් ඔයා නාලා එන්න.සුරංගනාවී ඇහැරුණොත් අඩයි යශ්....එයාට මෙහේ හුරුත් නෑ...මන් යන්නම්.........
එපා මැණික........පියදාස මාමාගේ නැන්දා ආවා.එයා බලාගනී.......ඔයා ඔහොම ඉන්න......මන් නාගන්නකම්.........
මන් යශ් නානකම් ඉදගෙන හිටියේ ආසාවෙන්.......මේ වගේ දේවල් හීනයක්....මේකයි විදින්න ඔනී ජීවීතේ.ස්භාව ධර්මය එක්කයි ජීවත් වෙන්න ඔනී.......ස්භාව ධර්මය වෙනස් කරන්න හදනවට .ඒකත් එක්ක ජීවත් වෙන එක ලේසීයි........
යශ් ඉස්සරහින් යන පුංචී කෙල්ල දිහා බැලුවේ ආදරෙන්.ඉණටත් දිග පහළ කොණ්ඩේන් වතුර බේරේනවා........යශ් කෙල්ලගේ උරහිසෙන් අල්ලලා එහෙමම නවත්ත ගත්තා..........
චුට්ටී ඔහොම හිටු...........😡😡තමුසේගේ කොණ්ඩේන් වතුර බේරේනවා..මෙහේ සීතළයි.......තමුසේට උණවත් හැදෙයි........
යශ් මගෙ මගෙන් කොණ්ඩේ පිහිද්දී මන් ආසාවෙන් යශ්ගේ පැත්තට හැරුණා......මන් ඇගිලි වලින් ඉස්සීලා යශ්ගේ කල්බුල් මගේ අත් වලින් අල්ල ගත්තා..........
අනේ මේ අඩන්නේ නැතිව හිටු......මන් ආදරෙයි මගේ කෙල්ලට..මෙහේ ජීවත් වෙන්න අමාරුයි මගේ චුට්ටී........ඒත් අපො ඒකට හුරු වෙමු....ඔයාටයි,මටයි,සුරංගනාවීටයි සතුටින් පාඩුවේ ඉන්න තියෙනවා නම්.එතනින් එහාට මට කිසිම දෙයක් ඔනී නෑ..............ඔයා මොකුත්ම කරන්න එපා.....මගේ ලගම හෙවනැල්ල වගේ ඉදහම්.............
මන් ඉන්නවා.........මන් යශ්ගේ පපුවට මගේ තොල් පට තද කර ගත්තේ හිතේ වාන් දාන සෙනේහස කොයි තරම්ද කියලා හිතාගන්නවත් බැරි....ඔව් අනන්තයි ඒ ආදරේ......
යශ් කෙල්ලගේ මුණට වැටුණු තෙත කෙහෙරැළි අයින් ඒ පුළුල් නළල් තලයෙන් ඇගිලි තුඩකින් අයින් කලා.....හිමින් ඒ නළලට හාදුවක් තවරපු යශ් ඈත පේන කදු වළලු දිහා බලලා ලොකු හුස්මක් ගත්තා.........
අපි මොකක්ද කරන්නේ චුට්ටී.............ම්ම්ම්......මොකක් හරි ජොබ් එකක් හොයාගන්න ඔනී.......තේරූණාද......මේක අමාරූ කාලයක් කියලා හිතමු..........උඹයි සුරංගනාවීයි ඉන්නවනේ..ඒ ඇතී..............
දවස් දෙකක් ගෙවිලා ගියේ හදිස්සියේ වගේ......ඇත්තම කිව්වෝත් යශ් හැමදේම අතඇරලයි ආවේ....කිසිම දෙයක් නෑ...අඩුම ගානේ යශ් මෙච්චර කල් හම්බ කරපු දේවල් වලින් සතයක් වත්...........
මට යශ්ට කිසිම දෙයක් කියන්න බෑ.මන් නිසා යශ්ට හැමදේම නැති උණා...යශ් ගෙදරින් එළියට බැස්සේ මන් නිසා.මන් වෙනුවෙන්........
මන් බත් එකත් අරන් යශ් ලගට ගියා...කන්නවත් ගාණක් නෑ මගේ හැන්ඩ්සම්ට........ඔහේ ඈත බලාගෙන හූල්ලනවා..........මගේ පපුවත් එක්ක මොකක්ද වෙලා ගියේ යශ් කවදාවත් මෙහෙම ඉදලා නැති නිසා...........
නුවරඑළියේ සීතළ වෙලාවකට දරාගන්න අමාරුයි.මන් හැමතිස්සේම ජර්සී එකක් දාගෙන ඉන්නේ ඒ නිසා.ඒත් යශ්ට ගාණක් වත් නෑ...........මේ රෑ සීතළේ මොනා හිතනවද මන්දා......
ඔයා ඔහොම මුණ එල්ලගෙන ඉන්න එපා..........මොකක් හරි ජොබ් එකක් හම්බ වෙයි........අපි බලමුකෝ.........
ආවා වගේ නෙවෙයි බන්.පත්තරේවත් දෙයක් නෑනේ...........මොනාද කරන්නේ කියලා මට හිතාගන්න බෑ..........
අපරාදේ ඔයා සුරංගනාවීත් එක්ක ආවේ යශ්...ඔයාට ඉන්නයි තිබ්බේ......ඔයාට දුක් විදලා පුරුදු නෑනේ.......
නෑ මැණික මන් මේ කල්පනා කරන්නේ තව ඉස්සරහට සුරංගනාවීට පිටි පැකට් එකක් වත් ගන්නේ කොහොමද කියලා.....අනේ මන්දා මට හිතාගන්න බෑ.....මට එයාලගේ සල්ලි සතපහක් එපා........මට ඔනී නෑ...........
ඒත් අයියේ ඒ ඔයාගේ අම්මා......ඔයා එහෙන කියන්න එපා......එයා පොඩි කාලේ ඉදලම දුක් වින්දනේ ඔයාලව හදාගන්න.......ඒක ගැන හිතන්න........
නෑ මැනික.අපේ අම්මා හරි ආත්මාර්ථකාමි........මන් හැමදේම ලස්සනට ගොඩගන්නකම් ඉදලා අයියට හැම දෙයක්ම ලියලා දෙන්න යනවා....ඌ සුදු ගහා ගහා පැත්තක හිටපු එකා............
මට ඌට මගේ දේවල් වලින් භාගයක් නෙවෙයි හැමදේම දෙන්න පුලුවන් චුට්ටී.ඒත් අම්මා කියනවා උඹව ඩ්වොස් කරන්නලු.....අම්මා.කොහොමද මගේ ජීවීතේ ගැන තීරණ ගන්නේ...එයා මගේ අම්මා තමා ඒත්.............
හරි ඔයා බත් කන්නකෝ...........මට ටිකක් හිතන්න ඔනී.........මන් කන්නම්............
මන් ගේ ඇතුළට ගිහිම් බෑග් එකේ තිබ්බ මගේ රත්තරං බඩු ටිකයි,මම්මා අමාරුවෙන් මන් වෙනුවෙන් ආරක්ෂා කරපු ඉඩම් වල ඔප්පුයි අරගෙන ඇවිත් යශ්ගේ ඔඩෙක්කෙන් තිබ්බා........මට කියලා සන්තකේට තිබ්බේ ඕවා ටික විතරයි.........
ඉන්නකෝ................මන් මගේ බෙල්ලේ දාගෙන හිටපු චේන් එකයි,කණේ දාගෙන හිටපු කරාබු දෙකයි ගැලෙව්වා.මන් දන්නවා මේ දේවල් සෑහෙන්න වටිනවා.........
මොනාද මැණික මේ.ඇයි මේහ්.............
අපි මේ ටික බෑන්ක් එකේ තියමු.මන් හිතන්නේ ලොකු ගානක් ගන්න පුලුවන් වෙයි...........අපි මොකක් හරි දෙයක් කරමු...........
මොනා කරන්නද.............මොනා කරන්නද ආහ්............මොකුත්ම කරන්න බෑ.........මේවා අරන් මෙතනින් පලයන්......මගේ යකා අවුස්සන්නේ නැතිව.........
මන් නිහඩ උණා.යශ් කේන්තියෙන් ඉන්නේ.පීඩනේ වැඩී............දැන් කතා කරනවා තියා හිතන්න වත් බෑ......
නෝනා මන් ගිහින් එන්නම්......අරයා බලාගෙන ඇති.පොලොස් මාලුව දීලා එන්න මන් ආවේ.......එහෙනම් මන් යනවා නෝනා.........
හා මාමේ.......මන් දීපු මාලුවත් නැන්දට දෙන්නකෝ......නැන්දා උයන තරම් නම් රස නෑ............පලවෙනි පාරනේ........
මන් අලකොළ මාලු කන්න කොහොමත් මනාපයි.රොටියක් හදාගන්නවා රෑට.............
මන් එලවලු පොඩි කරලා සුරංගනාවීට කැව්වා......වදයක් නෑ කවදාවත්.......මන් කුස්සිය අස් කරනකම් එයා පුංචී පිල් කණ්ඩිය උඩ වාඩී වෙලා බලාගෙන ඉන්නවා..............
මැණික මගේ දෝණීටත් දුක් විදින්න උණානේ........සමාවෙන්න මගේ සුරංගනාවී.අම්මී නිසා ඔයයි තාත්තියි දෙන්නම දුක් විදිනවා..........
සුරංගනාවී පිල් කොටේ උඩ ඉදගෙන බිස්කට් එකක් ගන ගමන් බෙල්ලත් ඇද කරගෙන මගේ දිහා බලන් ඉන්නවා...යශ්ගේ වගේම සුදු බෝල මුණ....මගේ වගේ ක්රේල් කොණ්ඩේ......❤❤❤ආදරෙයි මගේ වස්තුවට.....
අම්මා............ආදලේද...........😮😮
මන් ගැස්සුනා.සුරංගනාවී මගෙන් එහෙම අහපු පලවෙනි පාර........කතා කරන්න ගත්තට පස්සේ සුරංගනාවී තවත් හුරතල් වෙලා.......
මන් අත් දෙක සෝදගෙන සුරංගනාවී උස්සලා අර ගත්තා.බිස්කට් මුණේ හැමතැනම.....
සුරංගනාවීට තමයි අම්මී ආදරේම..........ගොඩාක් ආදරෙයි....දැන් දෝ ගන්නකෝ මගේ සුරංගනාවී.අම්මීට වැඩ ගොඩාක් තියෙනවා........
මන් සුරංගනාවීව නිදි කරවලා ඇදෙන් තිබ්බා........මගේ වැඩ ටික ඉවර වෙලා එළිය බලද්දිත් යශ් කල්පනා කරනවා.......මාත් සාලේ පුටුවක වාඩී වෙලා බලන් හිටියේ යශ් කීය වෙනකම් එහෙමම ඉදීද කියලා..ඒත් යශ් හදිස්සියේ නැගිට්ටා......
චුට්ටී මට බත් එක කවනවකෝ..............
මට බැනලා මාව පන්නලා දැන් එනවා බත් කවන්න කියන්න.මන් නිහඩවම බත් එක අරගෙන යශ්ට කටක් කැව්වා...ඒත් යශ් කෑවේ නෑ.........
තමුසේ බඩගින්නේ ඉද්දී මන් කන්නේ කොහොමද.කෝ බත් කටක් කනවා.........පිස්සී..........
මට බඩගිනි නෑ.ඔයා කන්නකෝ.මන් පස්සේ කන්නම්............
මේ චුට්ටී..මට හිරවෙනවා.බත් කනවකෝ.......අනිත් එක අර හැටක් විතර මාලු ජාතී උයාගෙන කනවට වඩා පොලොසුයි පොල් සම්බෝලයි,.අල කොළ මාලුයි.සූඩයෝ බැදලයි පට්ට රහයි බන්..........
රහයිද...........
ඔව් මගේ කෙල්ලගේ අත් ගුණේ නේහ්............
එහෙනම් හෙට වතුරයි බතුයි දෙන්නම්කො මගේ මහත්තයාට..........😂😂😂😂
මන් එහෙම කියලා යශ්ට බත් කටක් කැව්වා.....යශ් මගේ කණ මිරිකද්දී මන් යශ් දිහා බැලුවේ බයෙන්......
ඔව්.......ඔව්.....උඹ ඒකත් කරයි.මන් දන්නවා........පිස්සී මගේ....කෝ සුරංගනාවී නිදිද..කෙල්ලට මේ සීතල හින්දා අසනීප වෙයිද මන්දා.හුරුත් නෑනේ.......
නෑ මන් එදා එනකොට බාර උණා සීතා අම්මාන් කෝවීලට.අපිට මේ ටිකේ කරදර දෙන්න එපා කියලා.ඒක හරියයි යශ්.අපේ සුරංගනාවී අසනීප වෙන්නේ නෑ.තාත්තී වගේම ෆිට් කෙල්ලෙක්.......
❤❤❤❤❤❤❤🖤🖤🖤🖤
අම්මා..............
මොකක්ද දේශ් උඹට වෙලා තියෙන්නේ....ඇයි මොකක්ද වෙලා තියෙන්නේ...
යශ්ගේ අම්මා රෝහීනී පහළට ආවේ දේශ්ගේ කෑ ගැහිල්ලට.........
අරූ ගෙවල් අතඇරලා ගිහිල්ලා.කම්පැනි එකත් දාලා ගිහින්.....ඌට අර ගෑණීව ලොකු උණානේ.........
මොකක්ද ...............රෝහීණී පපුවත් අල්ලගෙන බිමින් වාඩී උණේ අඩ අඩ.......ඒත් මොහොතකින් ආයේම නැගිටලා ගෙදර ෆෝන් එකේන් යශ්ගේ ෆෝන් එකට කෝල් එකක් ගත්තේ දේශ් කියන දේවල් ඇත්තටම විශ්වාස කරන්න අමාරු නිසා...........
ෆොන් ආන්වසර් නෑනේ.ඌ අර කලු කෙල්ල එක්ක ගිහිම්.....ඌට අම්මව වටින් නෑ.....ඌට වටින්නේ අර කලු ගෑණී.........
ඔව්....උඹ කියන්නේ ඇත්ත...ඒ ගෑණී හින්දා තමයි මගේ දරුවට මෙච්චර කරදර උණේ......මන් මොකට මේ කසාදෙට කැමති උණාද දන්නේ නෑ........මන් දේපළ දෙන්නේ නෑ කියපු නිසා වෙන්න ඇති.....අනේ මගේ යශ්.....
ඌට මේවා එපා නම් මට ලියලා දෙන්න අම්මේ.....මන් බලාගන්නම්.........අම්මා බය වෙන්න එපා....
ඔව්...ඔව්.....උඹ තාත්තාගේ කොච්චර දේවල් නැති නාස්ති කරාද.අන්තිමට අර අහිංසක කොල්ලා අමාරුවෙන් හම්බ කර ගත්ත දේවල් උඹ උදුරලා ගන්නවා......
හරි අම්මා කියන්න මන් අසාධාරණයක් කලාද.ඌ කම්පැනි එක ගොඩ ගන්නකම් තමයි හිටියේ ගොඩ යන්න.....ඒත් ඌ ලොකු සීන් පෙන්නුව.........
කටවහගෙන මල්ලි කොහෙද කියලා හොයපන් දේශ්.මොනා උණත් ඒ මගේ දරුවා.............
මට වැඩක් නෑ....අම්මට ඔනී නම් ඌව හොයාගන්න........ඌ මකබෑඋණත් මට කමක් නෑ.....හැබැයි මන් අර කලු ගෑණීට නම් හොද පාඩමක් උගන්නනවා..........
මේ අහපන් දේශ්....උඹ ඒ කෙල්ලටත් මොනා හරි කලොත් මන් හැමදේම යශ්ට කියනවා.ඒ කෙල්ලට මොනා හරි උණොත් උඹේ මල්ලි පිස්සෙක් වෙයි.උඹට හදවතක් නැද්ද............ආ..............
අම්මට හදවතක් තියෙන හින්දද අර මල්ලි අච්චර ආදරේ කරන,මෙච්චර කල් සුරංගනාවීව බලාගත්ත,මල්ලීගේ කම්පැනි එක ගොඩදාපු අර කෙල්ලව ඩිවෝස් කරන්න කිව්වේ.........දේපළ බෙදලා මට දෙන්න ඔනීයි කිව්වේ..................අම්මට හදාවතක් තියෙන හින්දද.....😂😂😂
එනවා මෙතන හදවත ගැන කතා කරන්න....😂😂😂යන්න අම්මේ ගිහින් මට තේ එකක් ගේන්න........
ඔව්.ඔව්.................උඹ හරි... මගේම දරුවෙක් කියලා හිතලා උඹට හොද කරන්න ගියා.මට හදවතක් නෑ...........හදවතක් නෑ.උඹලව මීට වඩා හොදට මට හදාගන්න තිබ්බා.මගේ වැරද්ද.
අනේ අම්මා මට තියෙන ආදරේට නෙවෙයි මල්ලිට අර කෙල්ලව ඩිවොස් කරන්න කිව්වේ ඒ කෙල්ලත් එක්ක තියෙන තරහට........
රෝහීණී කිචන් එකට යන්න ගියේ හිතත් එක්ක දවාගෙන.දරු සෙනෙහස උඩු දුවනවා ඒ හිතෙත්......පොඩි පුතා කොහේද ගියේ.ඒ හිතේ තිබ්බේ ඒ ප්රශ්නේ විතරයි..........
අම්මා තේ දෙකක් හදන්න......
රෝහීණී ආයේම සාලේට ආවේ ඒ හරුපේ මොකක්ද බලන්න....ඒත් රෝහිණී එහෙමම බිත්තිය අල්ල ගත්තේ වැටෙන්න වගේ යද්දී.......
අම්මේ මන් මෙයාව ඉයේ රෑ මෙහේ එක්කන් ආවේ.......මල්ලිට නංගීව ගේන්න හොදනම්....මට අක්කව ගේන්න අවුලක් නෑනේ........😊
ඔව් ඔව් ප්රශ්නයක් නෑ.මහා මනුස්සයාව මරා ගත්තේ වගේ උඹලා දෙන්නවත් මරා ගනීවී........ඔනී දෙයක් කර ගනින් .....මන් දන්නේ නෑ............
අම්මේ අද සෙහන්සාගේ ගෙදරින් එනවා.අම්මා පොඩ්ඩක් හිනාවෙලා ඉන්න.නැත්තන් ඉතිම් ඒ මිනිස්සුන්ටත් අවු යයි............
සෙහන්සා හිටියේ තිගැස්මෙන්....මොනා උණාද කියලා සෙහන්සාට හිතාගන්න බෑ.........ඊයේ දේශ්ගේ බල කිරිල්ලටම වගේ කසාදය කියන බැදිල්ලෙන් සෙහන්සාට බැදෙන්න උණා...........
දේශ් මේ..ඔයා අද ඔෆිස් යන්න එපා.......අද ඉන්න..............
ඇයි ඒ.............ආහ්....අරූ ආගිය අතක් නෑ.විරාජ්ට රගන්න දෙන්න බෑ.මන් යන්න ඔනී..........
අනේ මේ ඔයාගේ මල්ලිගෙන් මට වැඩක් නෑ.අම්මලා එද්දී ඔයා ඉන්න......ඒ මිනිස්සුන්ට මන් දුක් විදිනවා කියලා හිතෙයි..........
මොනාද දුක බන්.......යකෝ මාලිගාවල් දෙකක් තියෙනවා.ඔනී නම් යශ්ගේ ගෙදර නැත්තන් මෙහේ,බිස්නස් එකක් තියෙනවා.මොනාද මැඩම් අඩුපාඩු.....ආහ්.....
දේශ් මහ හයියෙන් හිනා උණා........කොහොම හරි ස්වීප් ටිකට් වගේ හැමදේම අයිති උණාම දැනෙන සතුට කියලා නිම කරගන්න පුලුවන්ද.........
සුදත් වාහනෙන් ඇවිත් බැස්සේ අද නම් කොහොම හරි දයාගෙන් දරුවා ගැන විස්තරයක් දැන ගන්නවා කියලා හිතාගෙන.........ඒ පීතෘ සෙනෙහස කොච්චරක්ද කියලා කියලා නිම කරන්නත් අමාරුයි.......
ගමේ කෙනෙක්ගෙන් අහගෙන අම්මගේ සොහොන ගාවට ගියපු සුදත් පැය ගාණක් ඉකි බින්දා...........
අම්මේ.......කෝ මගේ දුව අම්මේ......මට එන්ම පරක්කු උණා තමයි......ඒත් ඒ අහිංසකීගේ මුණවත් බලන්න මට පිං නැති උණානේ..😥😥ඇයි අම්මේ එහෙම........
කාලේකින් ගමේ ගියපු දහම් පාරෙන් ඇවිදගෙන ගියේ ඔයෙන් නාලා.......තාරූ ගැන සම්බන්දේ ගෙදරට කියන්න ඔනී.......ඒ දවසට යශ්ටයි කෙල්ලටයි මෙහේ එන්න කියනවා......
දෙව්ලිත් ආස වෙයි.ගමේ ආවේත් නැනේ කාලෙකින්......මම්මගේ සොහොන ගාවට ගිහිම් යනවා..........
කොල්ලා එහෙම හිතලා මම්මගේ සොහොන පැත්තට ගියේ අහම්බෙන්.......ඒත් කොල්ලා දැක්ක දෙයින් ගැස්සුනා........
දෙයියනේ මේ නම් දයා මාමා නෙවෙයි......කවුද මේ..........ඇයි අඩන්නේ.......
ක...........ක..වුද......ඔ.ය..........
සුදත් එහෙමම පිටිපස්සට හැරුණා...ඒත් ඒ ඇස් වලට පුරුද්දක් තිබ්බේ නෑ........
ආහ්..මේ....පුතා.....මේ.....අපේ....අම්මා........ඒකයි.මන් ගමේ නෙවේ හිටියේ...පුතා මන් දන්නේ නෑ.....පුතා කාගේ කවුද..
ඒක තමයි අංකල්.......මන් මම්මාගේ නංගීගේ පුතාගේ පුතා.......
ක.වුද.....මේ..ශාන්තගේ කොලු පැටියද...........මන් යනකොට නර්සරි වත් නෑ.......
මාමේ මන් දහම්........මේ.මේ.සුදත් මාමාද...........
ඔව් පුතේ...සුදත් මාමා තමා......උඹලගේ සුදත් මාමා....😥😥මගේ කෙල්ල දැන් කොහේද පුතේ........මට ඒක හොයාගන්නයි ඔනී.මගේ කෙල්ල දැන් කොහෙද.......
දහම් සුදත්ව එක්කන් ගියේ දහම්ලගේ ගෙදර.........ඒ යනගමන් හැම විස්තරයක්ම සුදත් දහම් එක්ක කිව්වේ ඇඩු කදුලින්....
මමේ.අද අපේ ගෙදර ඉන්න.මන් හෙට ආයේම නුවර යනවා.මන් දෙව්ලිට හැමදේම කියන්නම්......කෙල්ල සතුටු වෙයි.....මේ දේ ඇහුවාම.........අම්මෝහ් මට හිතාගන්න බෑ.........
දහම් කෙල්ලගෙයි යශ්ගේයි ෆොටෝ එකක් සුදත්ට පෙන්නුවා.....සුදත් ඇස් වල පිරුණු කදුළු පිස්සේ වේදනාවෙන්.........
මේ මගේ චුටී කලු කෙල්ලද පුතේ....වෙනස් වෙලා.........අනේ දෙවියනේ.......මට හෙට වෙනකම් ඉවසිල්ලක් නෑ පුතේ.හෙට වෙනකම් හදිස්සී........මගේ කෙල්ලව බලන්න ඔනී..........
පහුවදා උදේම දහම් එක්ක සුදත් නුවර එන්න පිටත් උණේ පාන්දර.....ඔව් ඒ තාත්තාගෙ හිතට නිවනක් තිබ්බේ නෑ.....තිබ්බේ කලබලයක් විතරයි.......හදිස්සියක්..............
තව දුරද පුතේ................මගේ කෙල්ලගේ ගෙදරට.............
නෑ මාමේ.මෙන්න ගෙදර............එන්න යමු.......
මගේ කෙල්ල සැප විදිනවද.දෙයියනේ මන් මැරුණත් මට සැපයි......මගේ දරුවා දුකක් නැති තැනක ඉන්නේ.........
දහම් ගෙදර බෙල් එක ගහද්දී දොර ඇරගෙන එළියට ආවේ රාධා.කවදාවත් නැතිව එ මුණ අඩලම ඉදිමිලා........
රාධා කෝ නෝනා එහෙම.........මහත්තයා නැද්ද...............
අනේ කඩවුලේ දහම් මාත්තයා......අනේහ්......බලන්නකෝ....
රාධා ඇයි.කෝ යශ්.කෝ නංගී.........ඇයි අඩන්නේ............
ලොකු නෝනා ඉඩම් ප්රශ්නෙකට මහත්තයාට නෝනාව ඩ්වොස් කරන්න කිව්වා.මහත්තයායි නෝනායි සුරංගනාවීත් අරන් මෙහෙන් යන්න ගියා............කෝල් එකක් වත් දුන්නේ නෑ..........විරාජ් මාත්තයාටත් කෝල් කරේ නැලු........ෆෝන් එකක්වත් වැඩ නෑ මහත්තයා........
දහම් එහෙමම බිමින් ඉද ගත්තා......ඒත් එක්කම හිනාවෙලා හිටපු සුදත් ඇදගෙන බිමට වැටුණේ හිතාගන්නවත් බැරි විදියට.........
පුතේ මගේ දරුවා මෙහෙන් යන්න ගිහින්ද.........මගේ දරුවා නැද්ද එතකොට......
මාමේ.....මාමේ...අපි බලමු........කෝ නැගිටින්න........යමු........
හ්ම්ම්ම්ම් මන් මොකුත් කියන්නේ නෑ.පිරිමියෙක් උණත් ඒ තියෙන්නෙත් ලාමක දරු සෙනෙහස පිරිලා උතුරලා යන හදවතක්.ඉතිම් බලාපොරොත්තු සුන් උණාම කොයි තරම් දුකක් ඇත්ද.......
❤❤❤🖤🖤🖤🖤🖤🖤🖤🖤
යශ් මගේ ෆෝන් එකේ සිම් එක ගලවලා විසී කලා.එයාගේ ෆෝන් එකේත්..........අනාගතේ ගැන කිසිම ප්ලෑන් එකක් තිබ්බේ නෑ අපිට......
චුට්ටී................
ම්ම්ම්ම්................
මේ ලග පොඩි දිය ඇල්ලක් තියෙනවලු.අපි යමු.....චේන්ජ් එකකටත් එක්ක........හාද............ඔලුව හිරවෙලා වගේ බන්............
යමු...................
මන් සුරංගනාවීටත් ඇදුමක් අන්දවලා මොට්ටුවක් තියලා...කෝකටත් කියලා අපි තුන් දෙනාටම ඇදුම් දා ගත්තා.........දුවටත් වතුර කිව්වොත් ඉතිම්.......සාරී ගප්පියෙක් වගේ..😂😂😂😂
අපි තුන් දෙනා යද්දීත් පුංචී පැටව් ටිකක් හොදට නානවා.........අව්ව යහමින් වැටිලා තිබ්බාට මොකද තිබ්බේ සීතළක්........
අම්මා........සෝයි බෝ..........නේ..............
ඔව්.ඔව්.සෝයි බෝ..........නටන්න බෑ.ඔඩෙක්කුවේ ඉන්න....ඔයාටත් වතුර කිව්වොත් ඉතිම්.....
යශ් දෝණීත් වඩාගෙන පහළට ගියාම මන් කලේ කකුලේ එල්ලිච්ච කූඩැල්ලෝ ගලවපු එක...🙃🙃🙃🙃අම්මෝහ්...........
පුංචී උන් ටික නටලා නටලා ඉවර උණේ අපේ සුරංගනාවීව හොදටම යාලු කරගෙන.ටැමිල් උණත් රාධා වගේම හරිම සමීපයි............
අයියා මේ..එන්න......බබා.ලගත එන්න..........තෝයී තාත්තී....තෝයි........
සුරංගනාවී කෑ ගහනවා..........ඒත් පැටව් ටික නාලා යන්න ගියා.....මාත් ඔන්න ඔහේ එහෙමම වතුරට කකුල් දෙක ඔබාගෙන හිටියේ නාන්න කම්මැලි නිසා....😂😂
අප්පෝ මෙන්න සුරංගනාවී අම්මී කකුල් දෙක බොරුවට පොගෝ පොගෝ ඉන්නෝ..........කෙල්ලෝ නාන්න හොරයි කියන්නේ බොරුවටද.
තාත්තී බෝ ගාමු.එතොට නායි...........
මාත් නාගත්තා.සුරංගනාවී අරන් මන් ගිහිම් පිහලා ඇදුම් ඇන්දුවා......ඒත් එක්කම ගල්ගොඩ උඩින් ආපු පොඩි උන් ටික සුරංගනාවීට මල් පොකුරක් දෙද්දී මන් ආසාවෙන් මල් ටික මගේ අතට ගත්තා.....
ප්රින්සස්ට ගේනාවේ.....💝💝...ගන්න නෝනා........
අනේ හරි ලස්සනයි නේද සුරංගනාවී.කෝ යාලුවොන්ට උම්මා දෙන්න...........
සුරංගනාවී ෆල්යින් කිස් දීලා මගේ අතේ තිබ්බ මල් පොකුර බදා ගත්තා..........
ගෙදර ආවාට පස්සේ මට නිකමට පොඩි දෙයක් හිතුණා..එළියේ මහ හයියෙන් වැස්ස...මන් ඇදේ නිදාගෙන ඉන යශ්ගේ ලගින් ඇලඋණා.........
මොකෝ අම්මීට උම්මා එකක් වත් ඔනී වෙලාද..............සුරංගනාවීත් දොයි අතරේ ආවේ..........ම්ම්ම්.....මොකෝ........
යකෝ මන් ආදරේට ලගට ආවත් හිතන්නේ ඔනී නැති විදියට.....මන් යශ්ගේ පපුව උඩින් මගේ ඔලුව තියා ගත්තා..........
මොනාද දැන් මේ කියන්න හදන්නේ ම්ම්ම්............
මන් එහෙමම ඔලුව ඉස්සුවා..උස්සලා යශ් දිහා බැලුවේ පුදුමෙන්...යකෝ මේ යකා මගේ හිතත් කියවනවනේ දැන්.......
ඔයා කෝමද දන්නේ මන් මොනා හරි කියන්න ආවා කියලා...........
දන්නෙද.ඇස් දෙක උඩ යනවා.ආයේ ලොකු වෙනවා....😂😂හයියෙන් හුස්ම ගන්නවා.....ඒ උඹට මට මොනා හරි කියන්න ඔනී උණාමනේ...........
යශ්.......මට පොඩි දෙයක් හිතුණා.........
මොකක්ද..................
මෙහේ ගොඩාක් ඉඩ තියෙනවනේ........මන් කියන්නේ ඉඩමත් ලොකුයිනේ........
ඔව් ඉතිම්...........
අපි මෙහෙම කරමුද යශ්..............
යශ් ඇදෙන් නැගිටලා මාවත් ඇදලා ගත්තා.යශ් මගේ අත අල්ල ගත්තේ හරි පරිස්සමින්............
මටත් කියන්න දෙයක් තියෙනවා මැණික.....උඹ කියාහන්කො කලින්ම........
අපි මල් හදමු........අපිට ඒක කරන්න පුලුවන්....මෙහේ හැමෝම එළවලු හදනවා......ඒත් මල් හදනවා අඩුයි.....මෙහේ මල් හදන්න අමාරු නෑ.බිම වැටුණත් පැල වෙනවා........ඉතිම් ඔයාට කට්ටිය දාල ඒක කරන්න පුලුවන්............
මෙහෙමයි............අපිට මේ වැඩේ හරි ගියාට පස්සේ පොඩි පොඩි ෆන්ශන් වලට ෆ්ලවර් ඩෙකරේට් වගේ කරන්න පුලුවන්නේ........මෙහේ ඩේලියා,කපුරු නිකන් බිමත් හැදෙනවා..........අපිට ඉක්මනය නැගිටින්න පුලුවන් යශ්....
මේ අහන්න.ඔයාට කරන්න බැරි නෑ.ඔයා තමයි මගෙයි සුරංගනාවීගෙයි වීරයා .....ඔයාට බැරි නම් කාටවත් බෑ....අනේ මට බනින්න එපා යශ්.......
මන් වැරදි දෙයක් කිව්වා නම් සමාවෙන්න....
මන් වැරදි දෙයක් කිව්වා නම් සමාවෙන්න....
යශ් ඇස් දෙක පියා ගත්තා.ඒ ඇස් වලට ආවේ කදුලු.....ඇත්තටම යශ්ට ආවේ හීනයක්..කෙල්ල කියනවා වගේම නැගිටින්න පුලුවන්...ඒත් උත්සහායයු කැපවීමයි අධිෂ්ඨානයයි ඔනී............
යශ් එහෙම අනික් පැත්තට හැරිලා කෙල්ලව තුරුල් කරගෙන ඒ නිල් මානේල් පෙත්තක් වගේ පුංචී මුණ දෝතට ගත්තා.........
පිං මගේ චුට්ටී..........උඹට ගොඩාක් පිං...............
යශ් අර............මන් පෙන්නපු දේට යශ්ගේ දඩබ්බර මුණේ හිනාවක් ඇදුණා.........
🖤❤❤මතුසම්බන්ධයි.
No comments:
Post a Comment