Thursday, April 30, 2020

කලු මනමාලි - 11

තා...ත්.....තා........අම්මට උම්මා දෙන්න එපා....අයින්.......
අම්මා මගේ.......අයින්....😡😡
සුරංගනාවී නිදි මත බේරීන මුණ රතු කරගෙන මගේ බෙල්ල බදාගෙන උරහිසෙන් මුණ තියා ගද්දී මන් සුරංගනාවීව වඩාගෙන ඇදෙන් නැගිට්ටා.........
යශ්ගේ මුණ ඇදඋණා....හොද වැඩේ මැටි තාත්තට.......
පේනවා නේද.යකූ මගේ වයිෆ් මේ....උම්මා එකක් දෙන්නත් මේ පොඩි බට්ටිගෙන් අවසර ගන්න ඔනී......අනේ කොහොම හිටපු යශ්ද.............
මන් යශ්ගේ අතට සුරංගනාවීව දුන්නා....ඇස් පියාගෙන හිනාවෙන මැණික දැක්කාම මට පුදුම ලෝභකමක් හිතෙන්නේ......
තා.....ත්තී කුක්කූ ඔනී..........බදගිනි..............
මන් කුස්සියට ගිහින් හීටරේ ගැහුවා.ගහලා සුරංගනාවීගේ බෝතලේට කිරි එකල් හදලා දාලා නිමෙන්න තිබ්බා.........දැන් හැදෙන වයසනේ සුරංගනාවීට බඩගිනි ඇති....අම්මගේ සෙනෙහස දරුවෙක්ට කොච්චර ඔනීද......මාත් පුංචී කාලේ මම්මත් එක්ක මේ වගේ ඉන්න ඇති...........
අම්මේ සුරංගනාවීගේ කුක්කූ එක හරිද...........ම්ම්ම්ම්.............මෙන්න අඩන්න ඔන්න මෙන්න...........
ඔව් හරිනේ........යමු............මන් අරගෙන එන්නම්..........
මන් සුරංගනාවීට කිරි එක පෙව්වා..කඩියෙක් වගේ ඇහරගෙන සෙල්ලම් කරන සුරංගනාවීට නිදාගන්න වත් ගානක් නෑ.........මායි යශ් පුටුවකට වෙලා බලන් හිටියේ සුරංගනාවී නිදි මතයි කියනකම්............
චුට්ටී..................
මන් යශ් දිහා බැලුවේ හිනා වෙවී.......ඒ මුණ නාලු වෙලා.............
තාත්තා.....අස්සයා ටික් කරමු........අම්මී මාව තීන්නකෝ.කලෙන්.....අනේ......
මන් සුරංගනාවී යශ්ගේ පිටෙන් තියලා සුරංගනාවීගේ උරහිසෙන් අල්ල ගත්තා......දෙවියනේ මහ සද්දෙන් හිනා වෙනවා.......නිදි මත ගෑවීලාවත් නෑ කෙල්ලට.......
යශ්ව හති වැටෙනකම් යශ්ගේ පිටේ ගියපු සුරංගනාවීව මබ් බලෙන්ම උස්ස ගත්තා.........
මේ අහන්නකෝ පුතේ.........මෙන්න මෙහේ හප්පෙක් ඉන්නවලු.....ඒ හප්පා ඇවිත් අපිව අල්ලගෙන යන්න කලින් අපි දෝ ගමු...........
මගේ පපුව උඩ නිදාගෙන ඉන්න සුරංගනාවී රහසින් කියෝනවා.....ගුටියක් දෙන්න හිතෙනවා වෙලාවකට...........
කෝ හප්පා.........තාම ආවේ නෑ.......නේ.........අම්මී........කෝ හප්පා......
ඔන්න දැන් එයි......ඇවිත් සුරංගනාවීව උස්සගෙන යයි...ඊට කලින් දෝගමු....කෝ කෝ............
මට එහෙමම නින්ද ගියා....ඒත් මගේ මුණ කවුරු හරි පහුරු ගානවා වගේ දැනෙනකොට මන් ගැස්සිලා ඇස් ඇරියා....
යශ්....මේ.මේ....😳😳😳😳
මේ කෙල්ල නිදාගන්නේ නෑ චුට්ටී.......බලන්නකෝ දාංගලේට ඉන්න හැටි.....ඔයා නිදාගන්න.මන් මෙයාව බලාගන්නම්.............
අම්මා........කුක්කූ..........බබා දෝ ගන්නම්............
මන් එහෙමම සුරංගනාවීව අරගෙන මගේ ටිශර්ට් එක එහාට කරලා පපුවට තුරුල් කා ගත්තා........සුරංගනාවීගේ ඇස් වලින් කදුලුත් ඇවිත්.මන් ඒ කදුළු පිස්සා..පුංචී කෙල්ලට පවු හිතෙනවා...අම්මා නැති වෙන්න එපා මේ ලෝකේ කිසිම දරුවෙක්ට දෙවියනේ........
යශ් කෙල්ලගේ හිස හිමින් පිරිමැද්දා.......මේ සෙනෙහස සංසාරේ පුරාවට යශ්ට තනි නොතනියට යශ්ට ඔනී........හැමදාම....එක අතකට කෙල්ල හයියක් යශ්ගේ ජීවීතේට......යශ්ව ජීවත් කරන්නේ මේ පුංචී කෙල්ලගේ අත් වලින්.........ලේසී නෑ...........
මේ ලෝකේ මිනිස්සුන්ට කාලේකට හරියනවා.ඒත් කාලේකට තඹ සතයක් නැතිවෙන්න හිදිලා යනවා.....හිගන්නෙක් වගේ ඉන්න කෙනෙක් රජෙක් වෙලා ඉන්නවා......රජෙක් වගේ හිටපු මනුස්සයෝ හිගන්නු උණ රටාවකුත් තියෙනවා......
ඒත් මිනිස්සු වැටිච්ච තැන එහෙමම ඉන්නවා නම් කවදාවත් ගොඩ ඒමනක් නෑ.එතනමයි...............
ආදරේ මහ පුදුමාකරයි කිව්වාම ඉස්සර යශ් හිනා උණා.....ඔය සෙල්ලං කරන පොඩි බච්ච කොල්ලොත් ආදරේ කරන්නේ.මොකක්ද බන් ආදරේට කරන්න පුලුව කියලා...............
ඒත් දවසක් විරාජ් කියපු දෙයක් කොල්ලට මතක් උණේ තප්පරේට.......ඔව් ඒ පුතු පැටියා ඉපදෙන්නත් කලින්.මීට අවුරුදු පහකට විතර කලින්....
මචන් පොඩ්ඩක් වෙලා ඉදලා පලයන්කෝ........
බෑ බන් චමි බලාගෙන ඉන්නවා.මෙ දවස්වල ඒකී මන් මොනා හරි ගේනකම් කට උල් කරගෙන ඉන්නේ....
පවු නේද මචන්...........පලයන් එහෙනම්.....
මේ අහපන් යශ්.චමී තමා මගේ අම්මා.මන් හුස්මක් ගත්තත් ඒකීට මොකක්ද අවුල කියලා දැනෙනවා.උඹට කියන්න මන් සාර්ථක මනුස්සයෙක් නම් චමී තමයි මගේ පස්සෙන් ඉන්නේ.........මේ ලෝකයක්ම මට ලැබුණේ චමී නිසා...........
උඹ වාසනාවන්තයි විරාජ්.............
උඹත් වාසනාවන්තයි..........උඹටත් ලස්සන කෙල්ලෙක් ඉන්නවා.ඒත් ඒකී හරි ආත්මාර්ථකාමි යශ්........උඹ වඩා සුරංගනාට ඔනී සල්ලී.........
මන් ඒක දන්නවා මචන්....සුරංගනා ආත්මාර්ථකාමි.ඒත් මට ආදරෙයි.ඒ ඇති මචන්.............
මචන් මන් ආවේ පොඩි තැනක ඉදලා.අපේ අම්මලාට සල්ලි තිබ්බේ නෑ.......චමී තමයි මාව මෙහෙමවත් මනුස්සයෙක් කලේ..අත් දෙක එකතු කරලා වදින්න කිව්වොත් මන් ඒකටත් අඩිය පස්සට ගන්නේ නෑ..........ඒ තරම් වටිනවා.........
අහපන් යශ් මන් ඒකීට පෙට්ටී කඩේකින් කන්න ගෙනිච්චත් දෝතට අරන් කනවා.....සල්ලි කියන්නේ එක දෙයක් විතරයි යශ්.....ආදරේ ජීවීතේ විදිනවා කියන්නේ වෙනම දෙයක්.....😥😥උඹට තේරේයී දවසක........බලපන්කෝ.......
දැන් මට තේරේනවා විරාජ්......උඹ කිව්වා හරි....මේක තමයි ඇත්ත ආදරේ........මන් චුට්ටීට ආදරේ කරනවා වගේ...........
මගේ ආදරේ කෙල්ලගේ ආදරේ ලගින් තිබ්බොත් හරි පොඩියි.කෙල්ලගේ ආදරේට සමාන කරන්න කවදාවත් බෑ.කවම කවදාවත්........
#මගේ_නිල්_මානේල්_මල උඹට අදරෙයි මැණික මන්..........
පහුවදා උදේම යශ් ටවුන් ගියේ බෑන්ක් එකට.අපේ ඉඩම් වල ඔප්පු ටික තියලායි,රත්තරං බඩු ටික තියලා සල්ලි ටිකක් ගන්න ඔනී.ටිකක් කිව්වට අපිට සෑහෙන්න ලොකු ගාණක් යනවා........
යශ්ගේ වැඩේ හරි ගියොත් අපි ගොඩ යනවා.ඒක අහන්න දෙයක් නෑ........මන් සුරංගනාවීත් තියාගෙන මිදුලට වෙලා බලාගෙන හිටියේ යශ් එනකම්..........
මන් දවල් වෙනකම් බලාගෙන හිටියේ ඉවසිල්ලක් නැතිව......යශ් තාමත් නෑ.....මාන් බැරිම තැන දෝණිත් වඩාගෙන දොරවල් වහලා දාලා පියදාස මාමාලාගේ ගෙදර ගියේ කම්මැලිකමට.........
පියදාස මාමේ......පියදාස මාමේ......කවුරුත් නෑ වගේ සුරංගනාවී.අපි යන්...
අනේ චූටී නෝනා.....එන්ඩ.එන්ඩ......මන් එළුවෝ බැලුවා.......
ආත්තම්මා.........
සුරංගනාවී මගේ අතින් බැහැලා පුරුදු කාරියෙක් වගේ ඔහේ නිදහසේ ඇවිදගෙන යද්දී මන් පිල් කණ්ඩිය උඩින් වාඩී උණා.....
මහත්තයාට පිං සිද්ධ වෙන්න අපි මොනවා හරි ටිකක් වවාගෙන කන්නේ පුංචී නෝනා.....මේ එළුවෝ ටිකත් මහත්තයා තමා අරන් දුන්නේ.........මහත්තයාට පිං සිද්ධ වෙනවා නෝනා.........
ඉන්ඩකො මන් එළකිරි ටිකක් හදලා දෙන්න......චුටී නෝනාත් ආසා වෙයි.....
සුරංගනාවී ඇවිදගෙන එළියට යද්දී මාත් සුරංගනාවීගේ පස්සෙන් එළියට ගියා.....මෙහේ කොච්චර සනීපද.නිදහස්.......
චුටී එළු පැටියෙක් මිදුලේ කෙලවරක ඉදගෙන සුරංගනාවී දිහාම බලාගෙන ඉන්නවා.සුදු පාට වලාකුලු බෝලයක් වගේ...........
අම්මී අල..........තෝක්.......නේද..........
ඔව් මැණික.......එන්න එන්න.ඔයා වැටෙයි.....
අප්පේ පුංචී නෝනා ආ බොන්න.....කෝ චුටී නෝනාට මොට්ටුවක් තියලා නෑනේ.ඇස් වහක් වැදෙයි......
මන් හිනා උණා......ඇත්තටම සුරංගනාවී පුදුම හුරතල්...ඒ වල ගැහෙන බෝල මුණ දිහා මට ඔනී වෙලාවක් බලාගෙන ඉන්න පුලුවන්......
පුතේ එන්න කුක්කු ටිකක් දෙන්න.කෝ බොන්න.රසායි................
පිටි කුක්කූ ද.අපා.......බත් ඔනී.මට අපා...............
අනේ මැණික මේ පිටි කුක්කු නෙවෙයි.වෙන කුක්කු වගයක් බොන්නකෝ....රසායි.......
අපි දෙන්නා ගෙදර යද්දී දවල් දෙකත් පහුවෙලා.......ගෙදර ගිහින් යශ් එනකම් බලන් ඉන්නවා ඇරෙන්න වෙන වැඩක් තිබ්බේ නෑ............
අම්මී අර තාත්තා...........එනවා......
පල්ලෙහා වංගුවෙන් කන්ද නගින යශ්ව දැක්කාම මගේ හුස්මත් නතර උණා වගේ......ත්රී වීල් එකක එන්න කිව්වා මම..ඒත් පයින් එනවා.........
මන් ඉන්න තැනින් නැගිට්ටා.යශ්ට මේ තරම් කට්ට කාලා පුරුදු නැ.පවු.......ඒත් මොනා කරන්නද......මගේ යශ්ට වරදින්න එපා දෙවියනේ........කවදාවත්ම........
චුට්ටී..........වතුර එකක් ගේනවද......
මන් සුරංගනාවීව බිමින් තියලා ගේ ඇතුළට දුවගෙන ගියා......යශ් වතුර එක බීගේන බීගෙන ගිහිම් ආයේම පාරක් මට විදුරුව දුන්නා........බඩගිනි ඇති උදේත් ටිකයිනේ කෑවේ........
අද බැංකුවේ සෙනග මැණික......පුදුම සෙනගක් හිටියේ.මැනේජර්ව හම්බෙන්න ගියා මන් කට්ට කාගෙන.........
හම්බුණාද..............
ඔව් චුට්ටී.......ඌ මේ මන් දන්න අපිත් එක්කම ස්කූල් එකේ හිටපු කෙනෙක්...දැන් බැංකුවේ මැනේජර්.......
මට කියන්න තියෙන්නේ...ඔයාලගෙ ස්කූල් කට්ටිය ඔයා යන යන තැන ඉන්නවා නේද.ඒක මාරයි...😳😳😳හිතාගන්න බෑ.....මොකක්ද උණේ සුදු මහත්තයෝ.අපේ වැඩේ සක්සස්ද....ම්ම්.....
බැරි උණා මැණික........මොනා කරන්නද.අපේ වෙලාව.වෙන මොකක් හරි බලමු..........
මට ඇඩුණා....මෙච්චර වෙලා බලාගෙන හිටියේ හොද ආරංචියක් අහන්න ඒත්.......වැඩක් නෑ.........මන් යශ්ගේ අත අල්ල ගත්තා........
චුට්ටී.....අඩන්න එපා කෝ......බඩගිනි බන්.......බත් බෙදාගෙන එනවද.......ඉක්මනට.........
මන් ඇස් වල කදුළු පිහගෙන නැගිට්ටා.ඒත් යශ් මගේ අතින් අල්ලගෙන මාව ඒ පැත්තට හරව ගද්දී මන් යශ්ගේ දිහා බැලුවේ පුදුමෙන්.....
වැඩේ හරි වස්තූ..........අපි ගොඩ ගියා..........අපිට ලෝන් එකක් දෙන්න බෑන්ක් එක කැමති උණා........ඔප්පු ටික නිසා තමයි හැමදේම........අද මන් ඔක්කම ඩීටේල්ස් ෆිල් කරලා ආවේ............
මන් එහෙමම යශ්ව බදා ගත්තා....ඒ තරම් සතුටුයි මටත්........අපි නැගිටින්නයි යන්නේ.......අපිට පුලුවන්...........
චුට්ටී කෝ පියදාස මාමා එක්ක ටිකක් හවස කතා කරගන්න ඔනී.දෙතුන් දෙනෙක් ඔනී මේ වැඩේට........අපිට තනියම බෑ....අනිත් එක ඇට වර්ග පැල හොයාගන්නත් ඔනීනේ......ඒක කරන්න පුලුවන් පියදාස මාමාට.එයා ඒක ගාණට කරලා දෙයි........
ඔව් හිතේ හීන කෝටීයක් තියෙනවා.කොහොම හරි හැබෑ කරගන්නවා........
හැබෑ කරගන්න......ඒ හීනේ හැබෑ කරගන්නකම් මායි සුරංගනාවීයි ඔයගේ ලග ඉන්නවා......ඔයා මගේයි සුරංගනාවීගෙයි වීරයානේ......ඉතිම් ඔයාට කරන්න බැරි දෙවල් නෑ............
ඔව්.ඔව්.මේ බලන්නකෝ සුරංගනාවී අම්මීගේ කපටිකතා.......තාත්තිත් අහු උණානේ ඒ කපටි කෙල්ලට.අයියෝ හොදට තිබ්බ ජීවීතේ........
මන් මොනාද කලේ...😥😥😥.
මොනාද කලේ දන්නවද.....මෙච්චර හොදට හිටපු මාව හැට හතර මායම් දාලා අල්ල ගත්තා...ඒකම මදිද.......කපටි බටකොළ ආච්චී...😂😂🙃🙃🧑ගිහිම් බත් ටිකක් ගේනවද චුට්ටී..........
මතත් ගේන්න චුත්තී........බයියන් ටිකක්..........
මොකක්ද කිව්වේ.....මන් සුරංගනාවීව උස්සලා ගත්තා.....පැහිච්ච ආච්චී මගේ.....
චුත්තී එපා චුත්තී..........කුතු අනේ..බබාත කුතු.......අපා අනේ.....අපා......
තාත්තී ගීහිම් ඇග සෝදගෙන එන්න.අපි බත් බෙදාගෙන එන්නම්.......
චුට්ටී මේහ්............
මොකද.මන් පස්සට හැරුණේ පුදුමෙන්.....
ආදරේ හැදි දෙකක් බත් එකට කලවම් කරන්න හොදේ.....මට හොදටම බඩගිනි.......එතකොට ගොඩාක් කන්න පුලුවන්..........
මන් කුස්සියට ගිහිම් යශ්ට බත් එක බෙදුවා.සුරංගනාවීටත් පුංචී පිගානකට බත් ටිකක් දාලා දුන්නත් සුරංගනාවී බත් එපාලු.......
අපා අම්මේ.අපා.......පාප්පු එපා......එවා තත නෑ.........
එහෙනම් මොනාද ඔනී මගේ සුරංගනාවීට....ම්ම්......
චුට්ටී බට්බ් බෙදුවද.ආදරේ හැදි දෙකක් බෙදුවද...........කෝ දෙන්න........
අම්මේ මතත් දාන්න.......ආදලේ.....කෝ....
මය මහ හයියෙන් හිනා ගියා.මන් බොරුවට අතේ මිටි මොලවගෙන බත් එකට දානවා වගේ පෙන්නුවාම සුරංගනාවී ඒ චුටී අතින් බත් කන්න පටන් ගත්තා..........
යශ් ඔයා එක එක දේවල් කියලා මේ දරුවා අවුස්සන්න එපා..........මන් දරුණුයි.......තේරූණාද..............😂😂😂
❤️❤️❤️❤️❤️❤️❤️
අම්මේ මොනාද ඉව්වේ..............
දේශ් ඇහුවේ කෑම මේසේන් ඉද ගන්න ගමන්.....
මොකුත් ඉව්වේ නෑ.ඇයි උඹේ ගෑණීගේ හන්දි බිදිලද.........උදේම නැගිටලා උයන්න....එදා මහ උන් ආවාට පස්සේ උයලා පිහලා දුන්නේ.......
මේ දේශ්.කිරි එක බිව්වද.........
සෙහන්සා ඇනූම් ඇර ඇර කෑම මේසේ පුටුවක් ඇදලා ඉදගන්නකොට රෝහිණි ඒ දිහා බැලුවේ පුදුමෙන්.......
කිරි එක බිව්වද අහන්නේ උඹට බැරිද කිරි එකක් හදලා උඹගේ මිනිහට ගෙනත් දෙන්න.......අනික ගෑණියෙක් නැගිටින වෙලාවක්ද උදේ නමය දහය කියන්නේ.......
අනේ මොනාද දේශ්.ඔයාගේ අම්මට මන් කෑවත් වැරදි නිදා ගත්තත් වැරදි.මෙහෙම නම් බෑ..........මන් ගෙදර යනවා.
ඔයා ගිහිම් අපි දෙන්නට තේ එකක් හදාගෙන එන්නකෝ සෙහන්සා.......අම්මට බැරි නම් මොනා කරන්නද.....
මොන වදයක්ද මේ.මන් ආවේ මේ ගෙදර වැඩකාරයෙක් වෙන්න නෙවෙයි....මට පාඩුවේ ඉන්න දෙන්න.....
මේකයි ලොකු පුතේ.මට විතරක් මන් බත් ටිකක් උයාගෙන කෑවා....උඹලට ඔනී නම් කුස්සියේ බඩු තියෙනවා.නැත්තන් වැඩකාරයෙක් ගනින්...ඉවරනේ.......😂
අම්මේ මේහ්..මන් ගෙදර ඉද්දිත් හිටියේ මෙහෙම තමයි.මන් යනවා ගෙදර.මට අපේ අම්මා හොදට සලකනවා.යන් දේශ් අපේ ගෙදර........මට තිත්ත වෙලා.........
ඔව් ඔව්.....උඹගේ අම්මා අතට පයට කරලා දෙන්න ඇති.සල්ලිකාරයෝනේ.....ඒ උණාට අතයි පයයි විතරයි හොල්ල හොල්ල ලොකුවට අරගෙන ආවේ.මහ ලොකු දෑවෑද්දක් ගෙනාපු එකියෙක් නම් කමක් නෑ........
රෝහීණී ආවේගෙන්ම කියවගෙන ගියා......ඒ හිතේ තිබ්බේ පුදුම කේන්තියක්......
ඔව් ගෙනාවා..අනේ අම්මේ වදින්නම්.....පාඩුවේ කටවහගෙන ඉන්න.නැත්තන් මන් දේශ්ට කියලා............
බලපන්කෝ ලොකු පුතේ මේකීගේ කට......ඉන්නවා නම් කටවහගෙන හිටපන්....නැත්තන් එළියට බැහැලා යන්න පුලුවන්........
සෙහන්සා......උඹ ගෑණියෙක්නේ.....උඹගේ අම්මා උඹට හොද දේවල් උගන්නලාඅ නැද්ද.....ගිහින් උයපන්...ලොකුකම නැතිව....උඹ ගෙනාවේ දරුකමට හදාගන්න නෙවෙයි..............අම්මත් එක්ක රණ්ඩු කරන්න ආවෝත් මන් උඹව....😡😡
අනිත් එක ආයේ අම්මා එක්ක එකට එකට කිව්වොත් මන් උඹගේ ඔය කටේ ලස්සන දත් ටික ගලවලා දෙනවා අතට බල බල ඉන්න.......
සෙහන්සා ගැස්සුනා..ඉන්න තැනින් නැගිටපු සෙහන්සා ගස්සගෙන කිචන් එකට ගිහිම් උයන්න පටන් ගත්තේ ඩාං ඩෝං ගාලා සද්දේට....😂😂
ඕකීව හදන්න ඇත්තේ හුරතලේට.අර යසෝමා ඔලුව උඩ තියාගෙන හිටියේ.ඒකට අර කෙල්ල දාහෙන් සම්පතක්.......දෙයියනේ මගේ කොල්ලා කොහේ ඉන්නව ඇතිද දන්නේ නෑ.............පවු.......මන් ඇයි එහෙම කලේ.......ඒත් මගේ දරුවෙක්.......
කල්පනා කර කර හිටපු අම්මගේ ලගට ගියපු අම්මගේ අතින් අල්ල ගත්තා....
අනේ අම්මා ඔයා සෙහන්සා එක්ක රණ්ඩුට යන්න එපා.ඔයා දැන් ඔප්පු ලියන වැඩේ මොකක්ද කරන්නේ.ඒක කරලා දාමු...
හහ් මන් මැරෙනකම් මේ කිසිම දෙයක් උඹලට ලියන්නේ නෑ...ලිව්වොත් එහෙම මට ඉන්න වෙන්නේ මහ පාරේ.........උඹ මට අණ දෙන්න ආවොත් මන් මල්ලීගේ පොඩි එකීට මේ හැමදේම ලියලා යනවා ඔලුව හැරුණ අතේ.........
අනේ.....අම්මේ.............
අනේ අම්මේ නෙවෙයි......මෙහේ කොට්ටේට තියාගන්න විතරක් ගෑණු ගෙනාවේ නෑ...මල්ලිගේ කෙල්ල රැජිණක්........මේකී කොහෙන්ද අහසින් පාත් වෙච්චී එකියෙක්.....
රජිණක් නිසා වෙන්න ඇති අම්මා මල්ලිට ඒ කෙල්ලව ඩිවෝස් කරන්න කිව්වේ.අම්මා නිසා තමයි මොනා හරි උණොත්.....
උයලා රූම් එකට ගියපු සෙහන්සා ඇද උඩ තිබ්බ රෙදි ටික වොශින් මැශින් එකට දැම්මා.....
සෙහන්සා හිටියේ කේන්තියෙන්......ඒත් ඒ කේන්තිය පිට කරගන්න විදියක් සෙහන්සට මතක් උණේ නෑ.........
ශිට් දුම් වැදිලා කලු වෙයිද මන්දා.මදැයි සුරංගනා ලෝකේකට කියලා අපායකට ආවා.......හොද වැඩේ උඹට සෙහන්සා..........
මේ නාකීච්චී ඉන්නකම් මට මෙතන කිසිම දෙයක් කරගන්න හම්බෙන් නෑ......මේ ගෑනී මේ හැමදේම දේශ්ට ලිව්වොත් හොදයි.මට රැජිණ වගේ ඉන්න පුලුවන්.....
සෙහන්සා මගේ ඇදුම අයන් කරලා දෙනවකෝ.........වෙලා යනවා.........
මාත් එනවා ඔෆිස් යන්න...මට මේ ගෙදර හිරකාරියෙක් වෙලා ඉන්න බෑ........අනිත් එක ඔයාගේ අම්මා එක්ක මට කොහොමත් ඉන්න බෑ..........
අනේ මේ මගුලක්.ඉන්න බැරි නම් දොර ඇරලා තියෙන්නේ......යනවා ඉතිම්.මහ ලොකුවට උඩ දාගෙන ගිහින් අර කුලී ගෙදර වෙලා ඉන්න පුලුවන්නේ........
මේ අහන්න දේශ් එහෙම කියලා මන් දුක් විදපු කෙල්ලෙක් නෙවෙයි......මන් සැපටයි හැදුණේ......
අනේ මේ මගේ කුණුහරුප දෙකක් අහන්නේ නැතිව ගෑණියෙක් වගේ හිටපන්..යකෝ සැපට හැදිච්ච කෙල්ලොත් ගෙවල් දොරවල් වල වැඩ කරනවා.උඹගේ ලොකුකම් පැත්තක දාපන්.........අඩුම තරමේ ගෑණීයෙක්ගේ තියෙන්න ඔනී වටිනම දේවත් උඹ ලග තිබ්බද ලොකුකම් කියවන්න එන්නේ...........
දේශ්ට මතක් උණේ කඩියෙක් වගේ වැඩ කරන දෙව්ලිව....මොහොතකට හිතට ආවේ කෙන්තියක්......
මේකී මේ කොට්ටේට හැදිච්ච එකියෙක්......මහ උන් දෙන්නගේ කනෙන් රිංගන්න විතරයි ඉගනගෙන තියෙන්නේ......
ඇත්තටම සෙහන්සා නිහඩ උණා.ආඩ්ම්බරකම රින වෙලයි තිබ්බේ....මහා ආඩම්බරකම පැත්තක දාලා සෙහන්සා ගෙදර වැඩ කරන්න පටන් ගත්තා..............
ඇත්තටම ගෑනු දරුවෙක් උණාම ගෙයක් දොරක් පිළිවෙලට තියාගන්න...උයන්න ඒ දෙවල් දැනගෙන ඉන්න ඔනී.මොකද නැත්තන් දවසක නැන්දම්මාගෙන් කන්න වෙන්නේ කොහු පාර තමයි......ඒක නිසා ඒ හැමදේම පුරුදු වෙලා යන්න ඔනී.......නැත්තන් බැනුම් අහන්න වෙන්නේ අම්මටයි තාත්තටයි.........
දහම් රූම් එකේ හිටපු සුදත්ව අල්ලගෙන එළියට එක්කන් ආවේ සතියකිම්.........සුදත් හිටියේ කල්පනා කර කර........
මාමේ......පොඩ්ඩක් එළියට යන්කෝ......අපි එළියට ගිහිම් එමු......නැත්තන් ඔයා මෙහෙම ඉදලා මොකක් හරි ලෙඩක් හැදෙයි...එන්න යන්....
බෑ පුතේ.මගේ කෙල්ල කොහේද ඉන්නේ තාම මන් දන්නේ නෑ....මන් කොහොමද හිත හදාගන්නේ.
මාමේ උන් දෙන්නා උන් දෙන්නගේ කැමැත්තෙන් නෙවෙයි මේ හැමදේම දාලා ගිහිම් තියෙන්නේ.....අනිත් එක යශ් ඉන්නකම් මාමා කොහොමවත් කෙල්ල ගැන බයවෙන්න එපා........
හා පුතේ..අයියා මාත් එක්ක තරහෙන් ඉන්නේ.....උන් එකතු වෙලා මගේ ජීවීතේම කාලකන්නී කරලා දැම්මා...උන්ට සහාගහනවා......
මාමේ......අපිට පේන්නේ නැති උණාට මේ ලෝකේ දෙයියෝ කියලත් ඉන්නවා.....තව දිට්ට ධම්මවේදනීය කර්ම පටිසන් දෙනවා......මේ ආත්මේම පටිසන් දෙයි මාමේ........ඔන්න බලන්නකෝ..........
අපි බලාගමුකෝ පුතේ......මන් හෙට අසපුවකට යනවා.මට මේ ලෝකේ දැන් කලකිරිලා ගියපු දෙයක් විතරයි......
මාමාට හිත හදාගන්න පුලුවන් ඔනීම දෙයක් කරන්න මාමේ......මන් මොකුත්ම කියන්නේ නෑ.
මන් ඩොක්ටර් කෙනෙක් අංකල්....මන් දන්නවා ඔයා ඉන්නේ පීඩනේක....ලොකු පීඩනේක....ඔයා හිත හදාගන්න..........මන් ඒ ගොල්ලෝ ගැන විස්තරයක් හම්බුණ ගමන් මාමාට කියන්නම්.........
හරි පුතා.........පිං.....
මගේ කෙල්ලව දකින්නේ නැතිව මන් අන්තිම හුස්ම ගන්නේ නෑ......මගේ හිතේ තියෙන ලොකුම ලොකු අධිෂ්ඨානයක්............
ඔයාට ඒක කරන්න පුලුවන් මාමේ.....මන් උදව් කරනවා.........
❤️❤️❤️❤️🖤🖤🖤🖤
උදේ පාන්දරම නැගිටලා මන් කිරිබත් හැදුවා........අද තමයි අපි වැඩ පටන් ගන්න පලවෙනි දවස............
මන් බුදු පහන පත්තු කරලා බුද්ධ පුජාව තිබ්බා.එළියේ මල් පැලත් පත්තු කලා......
වෙලාව හරි මන් සුරංගනාවීත් අරන් එළියට බැස්සා.යශ් හරිම වෙලාවට උදැල්ලෙන් පස් පිඩක් කැපුවා..........
අපිට හරියනවා මැණික......බයවෙන්න එපා....අපි නැගිටිමු......
නැකතට පටන් ගත්ත අපේ වැඩේට මාසයක්......තාම පාත්තී හදන වැඩේයි.මල් පැල හිටවන්න පැල හොයන වැඩෙයි විතරයි..........සෑහෙන්න මල් පැල අපි සල්ලි දීලා ගත්තා....ඒ හැමදේම දැක්කාම මගේ හිතේ තිබ්බේ පුදුම සතුටක්.......
සුරංගනාවී බලාගෙන මාත් පුලු පුලුවන් වැඩ කලා.....ඒත් සුරංගනාවී එක්ක වැඩ කරන්න ලේසී උණේ නෑ........
මන් නැන්දට සුරංගනාවීව බලාගන්න දීලා යශ් එක්ක හරි හරියට වැඩ කලා.....මන් ආසාවෙන් හැදුවේ රෝස..........මන් ආසයි.....
කපුරු,ඩේලියා,ඇන්තුරියම්,ඕකීඩ් ...වගේ සෑහෙන්න මල් පැල හොයාගන්න අපිට පුලුවන් උනා...
පියදාස මාමාත් එක්ක තුන් දෙනෙක් පැල තවානේ වැඩ කලේ එක වගේම මහන්සී වෙලා....
උදේ ඉදලා මහන්සී වෙලා සුරංගනාවී එක්කත් ඔට්ටු උණාම හිතට වගෙම ඇගටත් පුදුම මහන්සියක් තිබ්බේ.....
යශ් හොදටම නින්ද ගිහිම්....මන් හිමින් යශ්ගේ අත දිගඇරලා බැලුවේ නිකමට වගේ.........
දෙයියනේ කරගැට ගොඩ....අත තුවල වෙලා......වෙනදට වඩා කෙට්ටු වෙලා ගිහිල්ලා.......ඇදිලා ගිහිම්......
මන් ඒ අත මගෙන් මුණෙන් තියාගෙන ඉකි ගැහුවේ වේදනාවෙන්......දෙයියනේ මෙච්චට දුක් විදින්න උණේ ඇයි යශ්ට......මගේ යශ් මෙච්චට දුක් විදින්න ඔනී කෙනෙක් නෙවෙයි...............
චුට්ටී...............ඇයි මහන්සීද..........
නෑහ්.........මන් මුණ ඉවතට ගත්තේ මම් අඩපු එක යශ්ට පෙනෙයි කියලා.....
අඩන්නේ මොකද.....ම්ම්ම්.....මගේ අත දැක්කද....ඕක මොකක්ද චුට්ටී.....ඔයා දන්නවද.....ඔයාගේ වගේම මගෙත් හීනයක් තියෙනවා.......අපි හිටවපු ඒවා දලු දානකොට හිත හිරිවැටෙනවා......තව මාස පහකින් හයකින් අපිට ඒවා බලන්න පුලුවන්................එදාට ඔයා අඩන්නේ දුකට නෙවෙයි මැණික.........සතුටට...........
අපි මහන්සී වෙනවනේ.......ඒවා කවදා හරි ලස්සන මල් වෙලා පිපෙනවා මැණික......එදාට ඔයා ගොඩාක් සතුටු වෙයි......
මන් යශ්ගේ පපුවෙන් හිස තදකරගෙන ඉකිගැහුවා...........
ඔයා....ට.හුරු නෑ..මේ.දේවල්..........ම..න්.නි..සා.මේ.හැමදේම..........ඔයා..මගේ හිත හදන්න බොරු කියනවා...😥
නෑ.රත්තරං.උඹ නිසා නෙවෙයි.......මේ අපේ දෛවය.......අපි නැගිටිමු......නැගිටලා පෙන්නමු...අඩන්නේ නැතිව ඉන්නවා.....ඇඩුවොත් මන් සෑහෙන්න දරුණු වෙයි චුට්ටී.......
හ්ම්ම්ම්..........ඇයි මොනා කරන්නද මට...........
චුට්ටී........මට තව එක චුටී කොල්ලෙක් ඔනී........මන් වගේ......මගේ හයියට ලග ඉන්න........
ය...ශ්......මො.......නාද...කිය..න්නේ...
මන් ඇස් දෙක ලොකු කරගෙන යශ්ගේ දිහා බැලුවා...ඇත්තටම මාත් ආසයි...ඒත් දැන්ම එයා ආවෝත් එයාටත් දුක් විදින්න වෙයි......
දන්නවද මැණික පුතෙක් කියන්නේ තාත්තා කෙනෙක්ට ලොකු හයියක්......ඔයාට සුරංගනාවී මැණික වගේ නේද......තාත්තා කෙනෙක් සම්පුර්ණ වෙන්න පුතෙකුත් ඕනී චුට්ටී.............හදිස්සියක් නෑ ඒත් මගේ සුරංගනාවීට මල්ලි කෙනෙක් ඔනී...........
මන් මොකුත් නොකියා නිහඩ වෙලා යශ්ගේ මුණ දිහා බලාගෙන හිටියේ හිතාගන්න බැරිව....

මෙන්න මෙහෙට වරෙන් බන් නිදාගන්න..මොනා හිත හිත ඉන්නවද මන් දන්නෙ නෑ..........
යශ් එහෙම කියලා මගේ ඇතින් ඇද්දා.....මාත් සුරංගනාවීව තුරුල් කරගෙන ඇස් දෙක පියා ගත්තේ හිත මොකක්ද මන්දා පෙරලියක් කරනකොට........
තව දරුවෙක් කියන්නේ...........😮සුරංගනාවීට මොකක් හරි අඩුවක් උණොත්.....මන් එහෙම කරන්නේ නෑ.ඒත් යශ්ට එහෙම හිතුණොත්.........
සුරංගනාවී හිතයි මන් එයාට ආදරේ නෑ කියලා........එහෙම හිතනවට මන් කොහොමත් කැමති නෑ......මොන දේ මන් එයාගේ අම්මා......
එයා මගේ පලවෙනි දරුවා.එයා නිසා මන් ජිවත් වෙන්නේ.මට මේ ලෝකේ දෙයක් ලැබුණා නම් ඒ හැමදේම ලැබුණේ සුරංගනාවී නිසා............
මන් ඒ රෝස මුණ මගේ මුණට ලන් කර ගත්තා.........ඒ කිරි සුවද තමයි මගේ ජීවීතේ මන් ආසම සුවද.......
අ..........ම්ම්..........මා...........අම්මා.........
සුරංගනාවී හීනේන් වගේ මුමුණන කොට මන් තවත් සුරංගනාවීව මගේ ලගට ගත්තේ අපමණ වෙච්චී දරු සෙනෙහසින්.......
ඇයි මැණික..හීනයක් දැක්කද.අම්මා ඉන්නවා පුතේ.හ්ම්ම්.දොයියා ගන්න.......මගේ චුටී සුරංගනාවී........
යශ්ගේ අතත් මගේ බද වටේට එතෙද්දී ඒ උණුසුම් සුසුම් මගේ බෙල්ල පාමුලින් මට දැණුනා........මන් යශ්ගේ හිස හිමින් පිරිමැද්දා.......මේ තාත්තයි දුවගෙයි ජීවීත වල මන් හිරවෙලා........මේ දෙන්නාගෙන් තොර ජීවීතයක් මට තවත් නෑ...........
මන් යශ්ගේ ලැප් එකෙන් සෑහෙන්න දේවල් මල් ගැන ඉගන ගත්තා.......ඒ දේවල් හැම එකක්ම මන් අපේ වැඩ වලට යොදා ගත්තේ මොකක් හරි ප්රයෝජනයක් වෙයි කියලා හිතාගෙන.........
මන් යශ්ගේ තේ එක අරගෙන වත්තේ උඩට ගොඩ උණා.........මන් හදපු ලැවරියත් එක්ක ඉගුරු දාපු ප්ලේන්ටියක් මේ වෙලාවට මැචින්..............
නුවර එළියේ සීතළට දැන් මන් වගේම සුරංගනාවීත් යශ්ත් හුරු වෙලයි හිටියේ......මේ සීතළ දැන් අපේ ජීවීත වල එකම එක කොටසක් වගේ.සාමාන්ය දෙයක්........
මන් ලැවරිය හදලා නෑ.ඔන්න ඔහේ කියලා හැදුවා...මන් බෝතලෙයි පිගානයි බිමින් තියලා යශ්ගේ දිහා බැලුවේ සුරංගනාවී පේන්න නැති නිසා...............
අම්මා තේ බෝ ගෙනාවා.......😮😮
සුරංගනාවී මඩ ගාගෙන මගේ ලගට එද්දී මන් යශ් දිහා බැලුවේ කේන්තියෙන්.....යකෝ ඌරූ පැටියෙක් වගේනේ මේ දරුවා.තාත්තා මොනා කලාද දරුවා මඩ නානකම්.........
ඔයා දරුවව බලාගන්න බෑ කිව්ව නම් මන් ගෙනියනවනේ.බලන්නකෝ මෙයාගේ හැටි.....අනේ සුරංගනාවී පුතේ ඔයානම්.......
කමක් නෑ චුට්ටී....ඔය දරුවා ටිකක් මඩේ නටපු දෙන්......වැස්සට අව්වට ඔනී එකකට ඔරොත්තු දෙන්න අපි දරුවෝ හදන්න ඔනී.........ඔයා ඇති වෙනකම් නටන්න පුතේ........තාත්තිනෙ කියන්නේ........
සුරංගනාවී.......ඔයා තාත්ති කියන නිසා මඩේ නටන්න..හැබැයි අසනිප උණාට පස්සේ බේත් බොන්න බෑ කියලා අඩන්න එපා.........තාත්තයි දුවයි ඒක බලාගන්න........
අම්මා කේන්තී ගත්තොත් තව කෙට්ටු වෙයි සුරංගනාවී.අනේ මන්දා....
.........නේද මගේ සුරංගනාවී...
කෝ............කෝ.........හිනා වෙන්නකෝ චුට්ටී.අම්මේ මෙකීගේ මුණේ හැටී........නපුරුකම බේරේනවා.........
මන් වැඩ කරන අයට තේ දුන්නා..දීලා සුරංගනාවීව අරගෙන පල්ලේහාට බැස්සේ සුරංගනාවීව හොදවන්න.....මගේ ඇගේත් හැම තැනම මඩ.........
අම්මී බදගිනි........
ඔහොම මඩ නාගෙන කෑවෝත් හොදට තියෙයි.බත් කාලා ටිකක් අත්තම්මා එක්ක ඉන්න......අම්මා තාත්තිට උදව් කරනකම්......හාද......
හා අම්මී.ඉක්මනත එනවද................
ඔව් මැණික.අම්මා ඉක්මනට එනවා.....මගේ මැණික අත්තම්මා එක්ක සෙල්ලම් කර කර ඉන්න.......අම්මී ඉක්මනට එන්නම්.........
හා............ආවාම කුක්කු ටිකක් දෙනෝද............
හා.......😘මන් සුරංගනාවීගේ නහය හිමින් හැපුවා.........
මේ කෝලම් මල්ලට සත්තයි ආදරේ හිතෙනවා.....මඩ නාගෙන හිටපු මගේ කෙල්ල දුඹුරු පාට වෙලා.....
සුරංගනාවීට කවලා මන් නැන්දට ගිහිම් දුන්නා.දීලා මාත් යශ් එක්ක වත්තේ වැඩ කරන්න ගත්තේ තව කෙනෙක් ඉද්දී වැඩ කරන්න ලේසී නිසා.........
ඔයා ගෙදරට වෙලා ඉන්න චුට්ටී..යන්න.මට පුලුවන්.........යනවකෝ කිව්වාම ගෙදර...මගුල..........
මට බෑ......ඔයාට ඔනී නම් යන්න...........මට පුලුවන්.............
මාත් හිතුවක්කාරේට යශ් එක්ක කියෙව්වා........මට වැඩ කරන්න පුලුවන්......ඒත් කොහෙද මේ යශ්ට ඒක තේරේන්නේ නෑනේ.........
කිව්වාම ගෙදර යනවකෝ...තමුසේ නම් චුට්ටී කියන දෙයක් අහන්නේ නෑ.රෑට එනවකෝ කෙදිරි ගගා අතන මෙතන රිදෙනවා කියන්න....පයින් එකක් ගහලා එළියට දානවා...........
මන් යශ්ට විරිත්තුවා......🙃
එළියට දායි කියලා තමයි බය.........එනවා මෙතන........මමනේ වැඩ කරන්නේ හරියට එයාගේ අත පය හොල්ලනවා වගේ කියවන්නේ..මන් වැඩ කරන්නේ මගේ අත පය හොල්ලලා....😡
ආහ්.............මන් එහෙමම ඇදගෙන වැටුණේ පය පැටලිලා.....කවුරුත් බලන් ඉන්නවද කියලා බලලා මන් ටක් ගාලා නැගිට්ටා.....
මේ කෙහෙල් මල් සෙරෙප්පු දෙක නිසා වැටුණේ.......
මගේ කකුලේ මහපටගිල්ල නිකන් කැඩිලා ගියා වගේ.........කකුල නිකම් කැඩිලා ගියා වගේ...........ආව් රිදෙනවා......
මන් බිම ඇනුන පස්සත් අත ගගා මන් ආයේම වැඩ පටන් ගත්තේ මන් වැටුණා කියලා යශ් දැක්කොත් කෙලින්ම ගෙදරටම වැටෙන්න පයින් එකක් ගහයි.කෙලින් ඉන්න පන නැතිව වැඩ කරන්නත් එනෝ කියලා....😂😂😂
මන් වැඩ කලා යශ් එක්කම හරි හරියට........හවස යශ් එක්කම ගිහින් නාගේන ඇවිත් මන් උයන්න හැදුවත් නැන්දා අපිටත් එක්ක උයලා............
පුංචී නෝනා ඉව්වද...........මන් මේ තකහනියේම දුවගෙන ආවේ උයන්න කලින්..........
නෑ නැන්දේ...උයන්න කියලා හාල් ටික හොදන්න ගත්තේ...........
අනේ පුංචී නෝනා උයන්න එපා......මන් ඉව්වා.......දෙල් ගෙඩියක් හම්බ උණා........
දෙල් මාලුවක් හදලා,අගුණ කොළ සම්බෝලයි,හාල්මැස්සෝ බැදුමයි හැදුවා............
අනේ නැන්දට පිං.යශ් හරිම ආසයි දෙල් මාලු එක්ක අගුණකොළ සම්බෝල කන්න.........නැන්දලා ඉන්න එක අපිට පුදුම හයියක්.........පිං නැන්දේ........
මන් පිං දුන්නා.කාත් කවුරුවත් නැති නොදන්න පළාතක හුදකලාවේ ඉන්න අපිට මේ සෙනෙහස මහ මෙරක් වගේ........
මන් ඇස් වල උණපු කදුලුත් පිහගෙන මන් පුංචී පීරීසියත් අරගෙන පඩිපෙළ බැස්සේ මල් ටිකක් කඩාගන්න......
යන්තම් අදුර වැටිගෙන මීදුම ගලාගෙන එනවා.සීතළයි......මන් ඉද්ද මල් ටික කඩාගෙන බුදු පහනෙන් තිබ්බා......තාත්තයි දුවයි ටීවී බලනවා.......කිසිම සද්දයක් නෑ......
මන් සාලේ බිමින් ඉදෙගෙන ගාථා කිව්වා......සුරංගනාවීත් යශ්ගේ ඔඩෙක්කෙන් බැහැලා ඇවිත් මගේ ඉස්සරහින් වාඩී වෙලා මන් කියනකොට කැඩි කැඩි ගිරවියෙක් වගේ ගාථා කියද්දී දැණුනේ ලොකු සැනසීමක්..........
යශ් ටීවී එක වහලා එයත් ඇවිත් වැදගෙන මගේ ලගින් වාඩී වෙද්දී මන් ඒ දිහා බැලුවේ පුදුමෙන්.......
බුදු හාමුදුරුවනේ.මන් ඔබ වහන්සේගේ පිහිට තමයි මේ.......මේ හැමදේම පටන් ගන්න කලින් මන් පිරිත් කිව්වා.....මහා බලයක් තියෙනවා....ඒක සත්තයි...අපේ සතුටක් තියෙනවා නම් අපි මේ හැමදේම කරන්නේ ඔබ වහන්සේ කියලා දීපු අඩි පාරේ.......අපි කාටවත් වරදක් කරලා නෑ.මේ යන ගමන අපිට හොදින් යන්න ආශීර්වාද කරන්න ඒ ඇති............
මන් යශ්ගේ අතේ එල්ලිලා නැගිට්ටා.........ඒ මුණ පිං පාටයි..............
අම්මා හිතන් ඇති අද වැටිච්ච එක මන් දැක්කේ නෑ කියලා..........මන් දැක්කා.......
මොනාද මන් අර බිම ඉදගෙන හිටපු එකට.මන් වැටුන් නෑ අනේ.......නිකම් බිම ඉන්ද උණා.....
පලයන් බන් යන්න.උඹ එනවා මට උගන්නන්න....යකෝ මගේ ඇස් දෙකෙන්ම දැක්කා උඹ වැටෙනවා........එනවා මෙතන...........මන් චීනේක් වගේද පේන්නේ.......
අප්පෝ නෑ.ඔයා චීනේක් වගේ දැක්කා නම් මන් මේ වෙලාවේ මෙතන ඉන්නේ නෑ.දුවනවා....😂😂
චුට්ටී...........
ම්ම්ම්ම්...........මන් යශ්ගේ පැත්තට හැරුණා..........
චුට්ටී......අතේ සල්ලිත් ඉවරයි.............මොකද කරන්නේ.තව ටිකයි තියෙන්නේ..........
මාසයක් දෙකක් ඉවසමු අයියේ....හැමදේම හරියයි.ඒ තියෙන ටික සුරුවමට පාවීච්චී කරමු............
ඇත්තටම මට දැණුනේ පුදුම බයක්....තව ඉස්සරහට මේ ගමන හරිම අමාරුයි.ඒත් අමාරුයි කියලා කන්දෙ බාගයක් නැගලා බහින්න බෑ....තව ටිකයි තියෙන්නේ.......
හ්ම්ම් ඒක තමයි.අපි දෙන්නා ඔනී දෙයක්.සුරංගනාවීට දුක් විදින්න දෙන්න බෑනේ චුට්ටී........ඒ දරුවා පවු........
මන් හීල්ලුවා.මේ තරම් දුක් විදින්නේ අම්මා යන්න් කියපු ගමන් එළියට බැස්ස නිසා.....ඒකයි මේ හැමදේම උණේ.......
ඔයා කම්පැනි එක බලාගෙන ඉන්නයි තිබ්බේ අයියේ........ඔයා දුක් විදිනවා......මන් නිසයි මේ හැමදේම......ඔයාත් හදිස්සි උණානේ........
උඹට මන් කිව්ව නේද ඔය මගුල් ගැන මට කියන්න එපා කියලා..කොච්චර කිව්වත් උඹ කරන්නේ මගේ පපුවේ තියෙන තුවාල පාරන එකද.......ඇයි ඒ.........ඇයි උඹට මාව දාලා යන්න ඔනී උණාද...........මොකක්ද මේ නාඩගම..............ආහ්............
මන් ගැස්සුනා.සුරංගනාවී මගේ උරහිසට ඔලුව තද කර ගත්තේ යශ්ට බයේ.....මන් සුරංගනාවීව තුරුල් කර ගත්තේ යශ්ගෙන් ගුටි කන්න වෙයි කියලා බයට........
අයියේ........මන්.....මේ.....
ඇති කට වහගනින්....මට උඹව ඔනී හින්දා ආවේ...උඹට ආදරේ හින්දා.......ඒත් උඹ හැමතිස්සේම උඹ කියන්නේ සල්ලි ලොකු කරගෙන ඉන්න තිබ්බා කියලද ආහ්.........
සල්ලි වලට මේ හැමදේම කරන්න පුලුවන්ද.............සල්ලි වලට කරන්න පුලුවන්ද හැමදේම..........සුරංගනාවීට අම්මා කෙනෙක් ගේන්න පුලුවන්ද මට සල්ලි වලට...........
ගෑණියෙක් ගේන්න පුලුවන්.ඒත් ඒ හැම ගෑණීටම මගේ හිතේ ඉඩක් ගන්න බෑ.උඹට විතරයි ඉඩක් තියෙන්නේ......මන් මෙච්චර නැහෙන්නේ ඒක නිසා............
අයියේ....ඇති..........අනේ..........
මන් යශ්ගේ අත අල්ල ගත්තා.ඒත් යශ් මගේ අත ගසා දාලා යශ් යන්න ගියා එළියට....
උඹ චුට්ටී......ශිට්.......... 😡😡😡😡
🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤
දහම් සුදත්ව පන්සලට දාලා ආවේ එහෙමම විරාජ්ලගේ ගෙදරත් යන්නම බලාගෙන......
මචන් දහමා......වරෙන් වරෙ..න්.........කාලේකින් දැක්කේ.........මම් හිතනවා උඹ සුබ ආරංචියක් අරන් ආවේ කියලා............
දහම් හිනා වෙලා විරාජ්ගේ පිටට තට්ටුවක් දැම්මා.........
පිස්සුද විරාජ්....උන් ගැන ආරංචියක් වත් නෑ.......අඩුම ගානේ කෝල් එක දිපන් ඉන්න තැනකින්.........එහෙමවත් නෑ......අඩුම ගානේ උඹටයි මටයි වත්..........
උන් දෙන්නාට දෙන්නා ඉන්නවනේ ඒක විතරයි මට සතුටකට තියෙන්නේ...යශ් කැමති නෑ බන් ඔය දේශ්ගේ වැඩ වලට.......ඒක තමා යන්න ඇත්තේ.....අනේ මන්දා දහමා.......
ඔව් බන් ඇන්ටි කිව්වනේ යශ් කෙල්ලව ඩිවෝස් කරනවා නම් විතරක් කම්පැනි එක යශ්ට දෙනවා කියලා.කොල්ලා නොකා නොබී බන් රැයක් දවාලක් නැතිව ඔය කම්පැනි එක ගොඩ ගත්තේ දහමා...........
උන් දෙන්නා පවු විරාජ්.........මේ අංකල් නම් මානසිකව වැටිලා ඉන්නේ.මන් උඹට කිව්වේ...........
දෙව්ලි ඉන්නේ යශ්ගේ මතේට දහමා.කෙල්ල හරි ලාමකයි......අඩුම ගානේ අපේ ගෑණීට කොල් කරපන්කෝ.......යකෝ දැන් දේශ් අර අටමගුල් ගෑණීව බැදගෙන ඌ එකීවත් දක්කන් එනවා ඔෆිස් එකට....මට පේන්න බෑ............
කවුද සෙහන්සාද...........දහම් ඇහුවේ සමච්චලෙන් වගේ....
ඔව් ඔව් බන්....දෙව්ලි ගාවීන් තියන්නවත් බෑ.ඒකී ඇදන් එන ඇදුම් දැක්කාම පිස්සු හැදෙනවා දහමා.ඒකී ගෑණියෙක්ද කියලත් හිතෙනවා බන්.......
මගේ වගේ ගැණියෙක් නම් මන් කණ පැලෙන්න දෙකක් ගහනවා බන්...දේශ්ට පන නෑ............
මොනා කරන්නද විරාජයා.......ඒකී හැදිච්ච හැටි....මාමාලා ඔකීට හැදෙන්න දුන්නේ ඔකීට ඔනී විදිය......ට.දෙව්ලි හැදුණේ මම්මගේ විදියට.ඒකයි වෙනස............
වෙනස නම් මන් දන්නේ නෑ දහමා.ලගදීම දේශ් ඔය කෙල්ල නිසා හොද දෙයක් කර ගන්නවා....බලපන්කෝ...........
😂😂😂😂😂
දොර ඇරප..න් අමල් ..බිශෝ.....
දේශ් දොරට තඩි බාද්දී හොද නින්දක හිටපු සෙහන්සා තව තවත් බෙඩ් ශීට් එක පොරව ගත්තා.....අඩුම ගානේ මේ අම්මවත් දොර අරින්නේ නෑනේ.....එයත් මාව කන්න බලන් ඉන්නවනේ..........ශිට්......
සෙහන්සා ගිහිම් දොර ඇරියේ දේශ්ට බැන බැන......
මොකක්ද බන් දොර අරින්න වෙලා යන්නේ.......ඇරපන් දොර......
එනවා...එනවා...තමුසේ ඉතිම් බේබද්දානේ....තමුසේ ගෙදර එන වෙලාවට මන් දොර ඇරගෙන ඉන්න ඔනී කර ඇරගෙන..........
උයලා තියෙන්නේ.කනවා..........වොශ් එකක් දාගෙන........
මන් කාලා ඉන්නේ..උඹ උයන ඒවා කන්නවත් පුලුවන්ද බන්.අඩුම ගාණේ බල්ලවත් කන්නේ නෑ......බල්ලවත්........
කට වහගෙන එනවා.එළියට දාලා දොර වහන්න කලින්...........
දේශ් වැනි වැනි උඩට යද්දී සෙහන්සා හීල්ලුවා...ඒ හිතට කවදාවත් නැතිව ආවේ දුකක්........
අච්චර හොදට හිටපු මගේ කොල්ලාට බල්ලෙක් වගේ කතා කරානේ.......උඹ හිතුවද මගේ කොල්ල එළියට දාලා වහන්න..ආහ්..........උඹගේ බූදලේද......
අනේ අම්මේ වදින්නම්.යන්නකෝ ගිහින් නිදාගන්නකෝ.මාත් එක්ක පැටලෙන් නැතිව ඉන්න බැරිද........
උඹ මගේ කොල්ලව එළියට දාලා වැහුවොත් මන් උඹවයි මේ ගෙදරින් පන්නලා දාන්නේ......තේරූනාද..උඹ මේ ගෙදරට ආවාට පස්සේ තමා මේ කොල්ලා බොන්න පටන් ගත්තේ...ජාතකයක් නැති උන්නේ අක්කත් එකයි නංගිත් එකයි............
අම්මේ මේහ්....නිකම් කැත කතා කියන්න එපා........😡😡😡
අනේ ලොකු පුතේ..........මෙන්න මේකී මාව වැට්ටුවා.........අනේ දෙවියනේ......මේකී මාව මරනවා.අනේ එන්නකෝ ලොකු පුතේ.........
රූම් එකේ හිටපු දේශ් යක්ශාවේශෙන් පහළට ඇවිත් බිම වැටිලා හිටපු අම්මා දිහා බලලා සෙහන්සාගේ කොන්ඩේන් ඇදලා කේන්තියෙන්......
අනේ දේශ් මන් අම්මට මොකුත් කලේ නෑ...එයා බොරු කියන්නේ.ගහන්න එපා දෙවියනේ........ගහන්න එපා.........
දේශ් කේන්තිය නිමෙනකම් සෙහන්සාට ගැහුවා...සෙහන්සා ඉකි ගැහුවේ වේදනාවේන්.........එපා කියන්නවත් වෙලාවක් දේශ් ඉඩ දුන්නේ නෑ..........
එහෙමම බිම වැට්ලා නිදා ගත්ත සෙහන්සා ගෙදර මතක් කර කර ඉකිගැහුවා......මොනා කරන්නද.......මේක තමයි ජීවීතේ........
උදේම නැගිටපු සෙහන්සා කිචන් එකට ගිහින් තේ එක හැදුවා....හදලා කාමරෙන් ගිහින් තිබ්බේ දේශ්ට........ඩ්රින්ක්ස් වල පවර් එක හිදුන දේශ් සෙහන්සාගේ මුණ දැකලා ගැස්සුනා..........
සෙ.......හ.....න්..සා..ඇ......යි..........
මොකුත් නෑ දේශ්.........ඇයි
ඔ...ඔ.යාගේ...මු.ණේ..........මේ.මේ...........
සෙහන්සාහගේ ඇස් වලින් කදුළු බේරීලා වැටුණා.......සෙහන්සා එහෙමම දේශ්ගේ පපුවට තුරුල් උණේ වේදනාවෙන්......
මැණික..මන්....ගැහුවද.ඉයේ.රෑ...........දෙයියනේ............
ගැණියෙක්ට ආදරෙන් වචනයක් කතා කරන්න නොදන්න දේශ් වේදනාවෙන් එහෙම අහද්දී සෙහන්සාගේ ඉකිගැහිලා තවත් වැඩි උණා.......
මට සමාවෙයන්.....ආයේ කවදාවත් මෙහෙම වෙන්නේ නෑ.කවදාවත්ම.........අපි බේත් ගන්න යමු.....බේත් ටිකක් ගන්න යමු.....එන්න..........
එපා දේශ්.........එපා......බේත් එපා...........ඔයා මට ආදරෙන් වචනයක් කතා කලානේ.ඒ ඇති....මන් මෙහෙම ඉන්නම් දේශ් ඔයා වැඩට යන්න......
දේශ් ගැස්සුනේ හිතේ වේදනාවෙන්....කවදාවත්ම අම්මට ඇරෙන්න මේ ලෝකේ කිසිම ගෑණු කෙනෙක් දිහා හොද ඇහෙන් බලපු නැති දේශ් මොකක්ද මන්දා නොතේරෙන සෙනෙහසකින් සෙහන්සාගේ හිස අතගෑවා.........
පරිස්සමින් ඉන්න........ම්ම්ම්.........මන් අද ඩ්රින්ක්ස් ගන්නේ.....නෑ.......
🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤
යශ් මාත් එක්ක තරහා වෙලා සතියක්....එයා මාත් එක්කම තරහා වෙලා.......බත් කටක් කවාගන්න වත් කවුරුත් නැති හැටි...මන් පිහියට කැපිච්ච අතට පිඹ පිඹ බත් එක දිහා බැලුවා......
අයියේ බත් කන්න.............
යශ් බත් එක අරගෙන යද්දී මන් ඒ දිහා බැලුවේ හුල්ලලා.........
මන් අතට පිඹ පිඹ බත් කටක් කටට දා ගත්තා.ඒත් අත දැවිල්ලයි......😥😥
එනවා බත් කවන්න.....කට නැද්ද බත් කවන්න කියලා කියන්න.....
ඔයා මාත් එක්ක තරහා වෙලානේ.ඒකයි.........
ඉතිම් මන්ද කතා නොකර හිටියේ තමුසේද.........ආහ්............
ඔයානේ.මාව සතපහකට ගණන් ගත්තේ නැත්තේ..මට කතා කරානම් මාත් කතා කරනවා........එනවා බත් කවන්න.මගේ සුරංගනාවීගෙන් වත් මට මෙච්චර වදයක් නෑ........
සුරංගනාවී දොයි..........මන් කටත් ඇරගෙන යශ් ලගින් වාඩී උණා......යශ්ගෙ කකුල කුනිත්ත කුනිත්ත මන් බත් කටවල් පහක් හයක් විතර කෑවා............
තව කන්න.ඇගේ හැටි බලනවකෝ......මොකද මේ.......ආහ්......
කන්න බෑ.ඇති.............
මොකක්ද වෙලා තියෙන්නේ.මේ ටිකේම තමුසේ කෑම කන්නේ නෑ හරියට.මොකක්ද වෙලා තියෙන්නේ......සුරංගනාවීත් එහෙමයි.....හෙට උදේම ගිහින් බේත් ටිකක් ගේමු.......එතකොට හරිනේ.......
මොකක් හරි පෙරළියක් කියලා හිතුණත් මොකක්ද කියලා මට හිතාගන්න බෑ.......ඇත්තටම මොකක්ද..........උදේ ඉදලම තෙහෙට්ටුයි........සුරංගනාවීත් එක්ක ඔට්ටු වෙන හින්දා වෙන්න ඇති.............
උදේ මට නැගිට ගන්නවත් හරියට පනක් තිබ්බේ නෑ....මන් හිටියේ තෙහෙට්ටුවෙන්.....මන් ඔලුව උස්ස ගන්න බැරිව යශ්ගේ දිහා බැලුවේ අසරණකමෙන්.....
ඇයි මැණික.............මොකද...............
මට කලන්තේ වගේ අයියේ.......නැගිටින්න බෑ........
උදෙම මන් යශ් එක්ක හොස්පිටල් එකට ගියේ බේත් ගන්න......මට සුරංගනාවී වඩාගෙන යන්නවත් ඇගට පනක් තිබ්බේ නෑ.......
බ්ලඩ්,යූරින් හැම ටෙස්ට් එකක්ම කලා.....මන් සුරංගනාවීත් තුරුල් කරගෙන පුටුවකට බරවෙලා හිටියේ යශ් ඩොක්ටර් හම්බෙලා එනක...ම්.......
ඩොක්ටර් මන්.............
එන්නකෝ තාත්තේ......ඉදගන්න..........
ඩොක්ටර් මගේ වයිෆ්ට............😮😮😮
බය වෙන්න දෙයක් නෑ.........සතුටු වෙන්න ආරංචියක් මිස්ටර් යශ්.............ඔයාගේ වයිෆ් ප්රෙග්නට්.............
මො....මො.....කක්ද........ඩොක්ටර්..............
මතුසම්බන්ධයි .......


No comments:

Post a Comment

UNIVOTEC එක ගැන

UNIVOTEC එකේ පාඨමාලා සහ වැඩි විස්තර සදහා පහත ඇති PDF ෆයිල් එක භාවිතා කරන්න. https://drive.google.com/open?id=1zbMNZ14FNiYV2f34K91x1KqpKmid...