Thursday, April 30, 2020

කලු මනමාලි - 12

ඔයාගේ වයිෆ් ප්රෙග්නට්.........
යශ් එහෙමම නැගිට්ටා..ඒ හිත සතුටින් පිරිලයි තිබ්බේ...වාන් දාන සතුටත් එක්ක යශ් අත් දෙකෙන් මුණ වහගත්තා.......
දෙවියනේ........මගේ චුට්ටී ප්රෙග්නට්ද...😳මන් ආයේම තාත්තා කෙනෙක් වෙලාද.ඒ තරම් සතුටක් මේ හදිස්සියේම මට......ස්තූතීයි දෙවියනේ....ඔබ වහන්සේ මට හැමදේම අඩු නැතිව දෙනවට.......
යශ් කෙල්ලව ඉන්න තැනින් නැගිට්ටව ගත්තා.....සුරංගනාවීත් වඩාගෙන චුට්ටීගේ අතිනුත් අල්ලගෙන යශ් ආවේ පාරට......
ඩොක්ටර් මොනා කිව්වද මන්දා.මෙයා ගොලු වෙලා වගේනේ..කතා කරන්නේවත් නෑ........මන් යශ්ගේ අතින් අල්ලගෙන නතර කරගත්තා.....
මොනා...ද.....ඩොක්....ටර්...කිව්..වේ....ඇ..යි.ඔයා....කතා නොක...රන්නේ.
කතා කරන්න තරම් අමුතු දෙයක් ඩොක්ටර් කිව්වෙ නෑ චුට්ටී.ඇගේ විටමින් මදි කිව්වා.ඔයා පරිස්සමින් තියාගන්න කිව්වා...ඩොක්ටර් ෆාමසි එකෙන් ගන්න බේත් වගයක් දුන්නා.මන් ඒ ටික අරන් එනකම් ඉන්න..........
ඇති යාන්තම්..මට ලෙඩක් තියෙනවා කිව්වා නම් බැනුම් කෝටීයක් අහගන්න වෙයි....විටමින් අඩු ඇති තමා මට අමාරු ඒකයි.......ගෙදර ගියාම නිදාගන්න ඔනී.....මහන්සී.......
යශ් ත්රීවීල් එකට මාව නග්ග ගන්න කලින් මොන මොනවද පිරුණ බෑග් එකක් මගේ ඔඩෙක්කෙන් තිබ්බා.......මන් යශ් දිහා බැලුවේ පුදුමෙන්.........
අයියේ මොනාද මේහ්..............
පලතුරු ටිකක්...ඔයාටයි සුරංගනාවීටයි........අයියේ ත්රීවීල් එක වැඩිය ගස්සන එපා.හිමීට යන්.......
මන් හිමින් ත්රීවීල් එකෙන් බැස්සා......සුරංගනාවී මන් ගන්න හැදුවත් කන්ද ටික ගොඩ වෙද්දී යශ් සුරංගනාවීව අරගෙන ගොඩ උණේ බලෙන්ම වගේමයි........
පරිස්සමින් යන්න චුට්ටී..බලාගෙන.........
මන් ගෙදර ගියපු ගමන් මුණ සෝදගෙන උයන්න පටන් ගත්තා. මට කන්න පිරියක් නැතත් මගේ කෙල්ලව බඩගින්නේ තියන්න බෑනේ.......ඒක නිසා.........
යශ් වත්තේ වැඩට ගියාට පස්සේ මාත් සුරංගනාවී නැන්දා ලග තියලා උඩට ගොඩ උණා....හවස හතරත් පහුවෙලා වෙලාව......මල් පැල හරි හරියට ඔළුව උස්සගෙන නැගිටිනවා....තව මාස තුනකින් මේ හැම එකකම ලස්සනට මල් පිපේවී............හරියට අපේ ජීවීත වගේ ලස්සනට..........
ඇයි ආවේ චුට්ටී................
මන් වතුර දාන්න ආවේ..........මගේ රෝස පැල වලට........ඒවාගෙන් මල් පිපෙනකම් මට ඉවසිල්ලක් නෑ යශ්.........ආසයි.......
යශ් ඈත බලාගෙන කල්පනා කර කර තනියම හිනාවෙනවා.මන් යශ්ගේ අත කිනිත්තුවා.....යශ් මගේ උරහිසෙන් අල්ලගෙන මගේ දිහා බලලා මගේ මුණට හාදුවක් තැවරූවා...........
මාත් බලාගෙන ඉන්නේ ඒ පුංචී පොහොට්ටුව පිපෙනකම්........ඉක්මනට පිපෙයි..........
මේ යශ්ට පිස්සු......මොනා කියවනවද මන්දා..වෙලාවකට පිස්සුත් වගේ.....
මල් වලට වතුර දාලා මන් ගෙදර ගියේ ඇගත් හොදගෙන සුරංගනාවීත් අරගෙන....උයලා තිබ්බ නිසා මට කරන්න වෙන වැඩක් තිබ්බේ නෑ......
අම්මා දෝ මතයි.බබා ගන්නකෝ...........
නිදා ගන්නේ බත් කාලා පැටියෝ........සෙල්ලම් කරන්න බෑ.....යන් කන්න......
අම්මා..ආත්තම්මා බා කව්වා...අපා......බයියන්..........අපා.....
ඒ කිව්වේ ඔයා බත් කෑවද මැණික..අත්තම්මා බත් කැව්වද මගේ පුතාට......හරි මගේ සං කෙල්ලට තලා ගීම්ද........
සුරංගනාවී මගේ ඔඩෙක්කෙන් ඔලුව තියා ගද්දී මන් සුරංගනාවීව අරගෙන මගේ ඔඩෙක්කෙන් තියා ගත්තා...එයාට නිදි මත තද උණාම තරා යනවා යශ්ට වගේ..යශ්ත් එහෙමයි............
මන් සුරංගනාවී කකුල් දෙකේ තියලා නිදි කලා......චුට්ටක් උස ගිහින්ද මන්දා.......දැන් අවුරුදු තුනක් මගේ චන්ඩී කෙල්ලට....
මන් සුරංගනාවීව එහෙමම තියලා කුස්සියට ඇවිත් බත් බෙදලා යශ්ට ගිහින් දුන්නා......මන් ඉගුරු කෑල්ලක් දාලා තේ එකක් හදාගෙන කඩෙන් ගෙනාපු බුන්දී කෑල්ලක් කටේ දා ගත්තා...........
ඇයි මැණික බත් කන්නේ නැද්ද..........ආහ්..
එපා ඔයා කන්නකෝ මට බඩගිනි නෑ...මන් එහෙම කියලා නිහඩ උණා...
යශ් පියදාස මාමා එක්ක මොකක් හරි කතාවක්..මන් ඒ කතාවට ඇහුම්කම් දිදීම බත් කටවල් දෙකක් විතර අනලා මුවෙන් තියා ගත්තා...
කිරිබත් කන්න තිබ්බා නම්.......කන්න තිබ්බා අප්පිරියා නැතුව.හෙට නැන්දට කියලා හදාගෙන කනවා...නැන්දා හදලා දුන්නොත් කන්න පුලුවන් මට.......
මන් බෙහෙත් පෙති ටික උගුරට දාගෙන වතුර ටිකක් බීලා ඇදට වැටුණේ මහන්සීය නිසා....මොකක්ද මෙච්චර අමාරු......මට හිතාගන්න බෑ.....
සුරංගනාවී අම්මීට මොකක්ද වෙනසක් දැනෙනවා......ඒක මට කියන්න තේරේන්නේ නෑ..
උගුරත් කලත්තගෙන මට ඕක්කාරේට එනකොට මන් එහෙමම එළියට දිව්වා.....කෙලින් හිටගෙන ඉන්න බැරි තරම් ඇගට අමාරුවක් දැනෙද්දී මන් බිත්තියට අත තියා ගත්තා..........
යශ් කුස්සිය පැත්තට ආවේ කෙල්ල නැත්තේ ඇයි කියලා බලන්න.ඒත් බිත්තිය අල්ලගෙන වැනෙන කෙල්ලව දැක්කාම යශ් ගැස්සුනා.......
චුට්ටී........අමාරුද.............ආහ්........ම්.....ම්ම්.
මොකද.......
මට වමනේ යනවා යශ්.ඇගට පන නෑ......මාව ගේ ඇතුළට එක්කන් යනවද.කකුල් පන නෑ වගේ........
යශ් මාව වත්තම් කරගෙන ගේ ඇතුළට එක්කන් ගිහින් පුටුවකින් මාව ඉන්දුවා....ඇත්තටම මගේ ඇගට පනක් තිබ්බේ නෑ..........
ම...ට........බත්......අප්පිරි...යයි..........
මන් උයපුවා කන්න බැරිද මැණික......ඇයි හදිස්සියේම.....ම්ම්..මොකක් උණේ ඔයාට...
දන්නේ නෑ........මට අප්පිරි..යයි........
මන් යශ්ගේ පපුවෙන් ඔලුව තියාගෙන ඔකි ගැහුවා......ඇත්තටම මන් හිටියේ මොකක්ද මන්දා ලොකූ පීඩනේකින්.....
පරිස්සමින් ඉන්න මැණික...මොකක්ද ඔයාට උණේ ම්ම්ම්....ඔයාට ඔයා උයපුවා අප්පිරියයි ද....ම්ම්ම්.....ඔයාට කන්න ඔනී දෙයක් කියන්න මන් හදලා දෙන්නම්......
යශ් එහෙම කියලා මාව නැගිට්ටවගෙන කුස්සියට එක්කන් ගියා........වෙලාව රෑ දහයටත් ලග ඇති....මන් කුස්සියේ තිබ්බ පුංචී ප්ලාස්ටික් පුටුවේ වාඩී උණා......
හරි හොද මැණික වගේ කියන්න අයියට මොනාද කන්න ඔනී........ම්ම්ම්.........කියන්න......
අයියෝ කිව්වා කියලා වැඩක් නෑනේ.යශ්ට උයන්න බෑනේ.හෙට උදේම ඒක නැන්දට කියලා හදාගෙන කනවා.ඒත් දැන් මන් බොරුවක් කිව්වොත් යශ්ගේ හිත රිදෙයි........ඔන්න ඔහේ ඇත්තම කියලා දානවා......
මට කිරිබත් කන්න ඔනී......දවල් ඉදලම මට එහෙම හිතෙනවා........ඇයි මන්දා......හවස මන් හදන්නත් ගිහිම් මේ සීතළට කිරිබත් කන්න හොද නෑනේ...ඒක නිසා හදන්නේ නැතිව හිටියා...........
හ්ම්ම්ම්ම් ඉන්න මන් හදන්නම්.......ඔයා ඔහොමම ඉන්න......
ඔ..ඔ..යාට.........පුලුව...න්ද....ය.....ශ්.....
ඔව් පුලුවන්.......ඔහොම ඉන්නකෝ චූටී නෝනා....මන් හදන්නම්.මෙහෙම හිටියට මාත් හොද කුක් කෙනෙක් තමයි........හැබැයි චුටීයෝ ටොයිලට් එකේ ඉන්න උණොත් එහෙම මන් නම් නෑ ............
යශ් කිරිබත් හදනකම් මන් බලාගෙන හිටියා..........හාල් ටික ලිපේ තියලා යශ් පොල් ගානවා............
මගේ ඇස් වලින් කදුළු ගලාගෙන ගියේ වේදනාවට.....මන් ඒ කදුළු යශ්ට පේන්නේ නැති වෙන්න මන් පිහ ගත්තා........
මොකක්ද අඩන්නේ මැණික.මන් උයන නිසාද.........අයියෝහ් ඔයා එක්කන් ආවාට පස්සේ මන් උයන එක නැවැත්තුවා...නැත්තන් මන් උයනවා උදේට රාධාට සුරංගනාවී එක්ක උයන්න අමාරුයි සමහර දාට............කෝ කදුළු පිහ ගන්නවා..........
මන් කදුළු පිහ ගත්තා.......යශ් ලුණු මිරිසක් කොටද්දී මන් ඒ දිහා බලන් හිටියේ ආසාවෙන්............
පැයක් යන්නත් කලින් යශ් කිරිබත් බෙදලා මගේ අතින් අල්ලගෙන සාලේන් ඉන්දව ගත්තා.............
මන් කන්නම්...........
මන් එහෙම කියලා යශ්ගෙන් පිගාන මගේ ඔඩෙක්කෙන් තියා ගත්තා......රස්නේ පිටම මන් කිරිබත් කෑවේ ආසාවෙන්.......යශ් මගේ දිහා බලාගෙන ඉද්දී මන් යශ්ගේ දිහා බලලා හිනා උණා.........
කාපන් චුට්ටී.අපේ පැටියගේ ආසාවල් කිරිබත් වලින් පටන් අරගෙන තියෙන්නේ.......තියෙන දෙයක් නම් තාත්තී මොන ලෝකෙන් හරි ගෙනත් දෙන්නම්.......ඒත් මහත්තයෝ බැරි දේවල් නම් අම්මිගෙන් ඉල්ලන්න එපා............
මන් කාලා පිගාන හොදලා තිබ්බා.....යශ් කෑවේ නෑ.....රෑ එකොලහත් පහු වෙලයි තිබ්බේ.........
මන් යශ්ගේ ඔඩෙක්කෙන් වාඩී උණා.....අනේ මන්දා චුට්ටී කෙල්ලත් නරක් වෙලාද මන්දා දැන්...........
ර.........ස......යි...............ගොඩාක්.............
මන් එහෙම කියලා යශ්ගේ කම්බුල් දෙක මිරිකුවා..........
මන් මේ ලෝකේ වැඩිපුරම සතුටු වෙන්නේ ඔයා මගේ උණ නිසා......සුරංගනාවී මගේ දෝණී උන නිසා.........මගේ ලගම ඉන්න අයියේ..........මට ඔයාලා දෙන්නව නැතිව ඉන්න බෑ..............
චුට්ටී..............
යශ් මගේ නළලට හාදුවක් තැවරුවා.මන් යශ් මොකක්ද කියන්න යන්නේ කියලා බලන්න යශ්ගේ මුණ දිහා බැලුවා.ඒ ඇස් මගේ ඇස් වල ගැටුණා..........
රහසක් කියන්නද ආහ්.................
යශ් එහෙම කියද්දි මන් යශ්ගේ ඔඩෙක්කෙන් නැගිට්ටේ පුදුමෙන්...යශ් රහසක් කියන්නද අහනවා......මොකක්ද රහස.............
යශ් මගේ පිටිපස්සෙන් ඇවිත් මෘදුව මගේ කුස දෙපැත්තෙන් අත දාලා මාව යශ් ලගට තුරුල් කර ගත්තා......
මොකක්ද රහස තාත්තී ම්ම්ම්..............
ඒක කිව්වාම මගේ චුට්ටී උඩ පනින්න බෑ.දුවන්න බෑ.......තේරූණාද......එහෙනම් කියනවා ඈ........කෝ කන මෙහෙට හරවනවා.......
අගේ කරන්න නැතිව කියන්නකෝ......මට දොයි මතයිත් එක්ක......
ඔන්න එහෙනම් කියනවා.හොදට අහගන්න......
අම්මීට කියන්න අපේ සුරංගනාවීගේ චුටී මල්ලී බෝලේ අපේ අම්මීගේ චූටී බණ්ඩියට ඇවිත්ලු......ඒකලු අම්මීට අමාරූ මේ ටිකේ............
සුද්දෝ..........ඇත්තමද.......ආහ්.....ඇත්තද.....ම.....න්......මේ..........මේ.......ප්රෙග්නට්..😳😳😳
ඔව් මැණික....අද බේත් ගන්න ගියාම ඩොක්ටර් කිව්වේ.මට ඔනී උණේ ඔයාව සප්රයිස් කරන්න.......මගේ මැනික සතුටු වෙනවා බලන්න......
මන් යශ්ගේ පපුවට මුණ තද කරගෙන ඉකි ගැහුවා........මන් යශ්ගේ අත අරගෙන මගේ කුස මත්තෙන් තියා ගත්තේ හිතාගන්න බැරි තරම් සතුටකින්..........
ඒත් මට මතක් උණේ සුරංගනාවීව.දෙයියනේ මගේ සුරංගනාවී...........
අයියේ..........මන් පොරොන්දු වෙනවා...මට දරුවෙක් ඉන්නවා.මගේ සුරංගනාවී..මෙයා නිසා හුස්මකින්වත් මගේ දරුවට කිසිම අසාධාරණයක් වෙන්නේ නෑ.ඔයා බය වෙන්න එපා.......මගේ සුරංගනාවී තමා මගේ ජීවීතේ.............මගේ හුස්ම ටික........
මන් නිදාගෙන ඉන්න සුරංගනාවීගේ මුණ හිමින් අතගෑවා....හීනෙන් හුල්ලනවා....මගේ රෝස මැනික......
මන් දන්නවා මගේ චුට්ටී.කවදාවත් අපේ සුරංගනාවීට ඔයාගේ අතින් වෙනසක් වෙන්නේ නෑ කියලා.......මගේ දරුවෝ දෙන්නම පරිස්සමින් බලා ගනින්.......මන් ණයයි මැණික...........
මගේ දරුවෝ දෙන්නායි උඹයි තමයි මගේ පන ටික.......මගේන් ඈතකට යන්න හිතනවත් එපා........අපි කොහොම හරො නැගිටිමු.....අපේ දරුවෝ දෙන්නා අපිට වාසනාව ගේනවා මැණික.........ඒක ඉරහද වගේ ........
ඒත් මට බයයි චුට්ටී........තාම අවුරුදු විසිතුනක පුංචී කෙල්ලෙක් උඹ තම..මට බයයි.............
යශ් පුංචී දරුවෙක් වගේ මගේ ඔඩෙක්කෙන් හිස තියාගෙන ඉකි ගහද්දී මන් හිමින් ඒ හිස පිරිමැද්දා........යශ්ට දැන් අවුරුදු විසිඅටක්......මට විසි තුනක්.......
අයියේ නිදාගන්නකෝ..මේන්න අපේ චන්ඩී තාත්තා අඩනවා........දැන් ඇති අයියේ....මන් පරිස්සමින් ඉන්නම්........කෝ මට මොකුත් වෙන්නේ නෑ.......මොකුත්ම....ඔයා ඉන්නකම් මන් ශක්තිමත් අයියේ..හුගාක්.............
යශ් දෑතින් ඇස් දෙක පිහ ගත්තා....තාත්තා කෙනෙක් දරුවෙක් කුසේ තියාගෙන ඉන්නේ නෑ.ඒත් තාත්තා දරුවා ලැබෙනකම්ම ඒ දරුවා හිතේ දරාගෙන ඉන්නවා.....ඒ හිත හැම තිස්සේම තියෙන්නේ ඒ හදවත් දෙක ලග..............බිරිදයි,ඒ කුසේ පන ගැහෙන කිරිකැටියාගෙයි............
යශ් සතුටු උණා...ඒත් එක පැත්තකින් යශ් අසරණ උණා වගේ.........මේ පුංචී කෙල්ලට දරුවෝ දෙන්නෙක් බලාගන්න........පරිස්සම් වෙන්න...යශ් යාන්තම් නින්ද යන අම්මගෙයි දූගේයි හිස් හිමින් අතගෑවා...........
මගේ මැණික සුරංගනාවී..............තාත්තීගේ හදවතේ හුස්ම ටික ඔයා........මගේ පන ටික ඔයා රත්තරන්........ඔයා විතරයි...........
යශ් කෙල්ලගේ කුස මත්තෙන් සීරූවට අතක් තිබ්බා..........
තාත්තී ඔයාටත් ආදරෙයි පුතේ......පුතු පැටියෙක් ඉල්ලනවා තමයි....ඒත් දෝණීයෙක් උණත් ප්රශ්නයක් නෑ......
❤️❤️❤️❤️❤️🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤
අනේ මේ ගෙදර තියෙන්නේ පුදුම විනාශයක්නේ..ඇයි යකෝ මේ හැමදේම මටම කරන්න වෙලානේ.........
උදේ පාන්දරම රෝහීණී බෙරිහන් දෙනකොට සෙහන්සා පහලට ගියේ ගිනි කාපු මකරියෙක් වගේ..😡😡😡...
මොකක්ද අම්මේ....ඔයාට මොකක්ද වෙලා තියෙන්නේ ආහ්.......බෙරිහන් දෙන්න එපා උදේ පාන්දරම.මූසලකමට........
රෝහීණී ගැස්සුනේ සෙහන්සාගේ කතාවට.......
මොකක්ද මූසලකමට කියනවා කිව්වේ.......යකෝ ගෑණියෙක් නේදඅම් අසනීපෙන් හිටපු දවස් ටිකේ මේ බුදු පහන පත්තු කරලා නෑනේ.........ඇයි උඹගේ අත පන නැද්ද...........
අම්මේ මේ.........මගෙන් මොකුත් අහගන්න එපා.........පාඩුවේ ඉන්නවද....ප්ලීස්.......
යකෝ මගේ තැනම ඉදගෙන මගෙන්ම කකා මේකී බලපන්කෝ.......උඹගේ මහා උන් ගෙනත් දෙනවනේ කන්න බොන්න කියලා.........සහගහනවා උන්ට.......හොදක් වෙන්න එපා..මගේ අහිංසක මිනිහාවත් මරාගත්තා...ඔකූන් ජීවත් වෙද්දීමයි මැරි මැරි ඉපදෙන්න ඔනී..............
අර මගේ හොදට හිටපු කොල්ලවත් උඹ නිසා ගෙදර ගියා...අර කෙල්ලත් එක්ක නැත්තටම යන්න ගියා.මගේ සුරංගනාවීත් යන්න ගියා....උඹටයි මහ උන්ටයි සා ගහනවා.....දැන් මගේ ලොකු පුතාවත් බොරු කේලම් කියලා වෙනස් කරලා......
සෙහන්සා ගැස්සුනා....ගැස්සුනේ අම්මා ශාප කරන්නේ තමන්ගේ තාත්තට නේද කියලා හිතෙද්දි.ඒත් සෙහන්සා ගස්සගෙන උඩට ගියේ දේශ්ට කතා කරන්න.........
මේ ගෑණීගේ කට වහන්න ඔනී නම් මට දේශ්ව ශේප් එකේ තියාගන්න වෙනවා.ඒක තමා හොදම විදිය.....මන් අහිංසකයි වගේ රගපාන එක හොදයි..😂😂එදත් දේශ් අහු උණා මගේ ඇක්ටින් එකට...........
බලන්නකෝ අනේ අම්මා කෑගහනවා.මන් ආවා...එයාට ඇතිවෙයිනේ කෑ ගහලා.........
ඔයා ගනන් ගන්න එපා සෙහන්සා.වයසට යද්දී ඔහොම තමා......අපි එයාලට අනුකම්පා කරන්න ඔනී........
ඒක නෙවෙයි දේශ්.ඔයාගේ මල්ලි ගැන ආරංචියක් වත් නෑ නේද.කොහේ ගිහින්ද දන්නේ නෑ........
උන් ගිය නිසා මට බිස්නස් එකේ ඔක්කම ලාබේ ලැබෙනවා.කවදාවත් මල්ලි එපා කියපු දෙයක් ආයේ ගන්නේ නෑ.......ඒක උගේ හැටි...........ඌ ආයේ එන්නේ නෑ.මට හොදටම විශ්වාසයි.........
අපි බලමුකෝ....වෙන්නේ මොකක්ද කියලා.......ඊට පස්සේ මොකක්ද කරන්නේ කියලා..........
දයා එළියේ පුටුවකට බර උණා..යසෝමා ගෙනත් දීපු තේ එක බීපු දයා නිදහසේ හුස්මක් ගත්තා.......කවදාවත් නැතිව......
මොකක්ද අපේ මහත්තයා ඔච්චර සතුටින් ඉන්නේ.......කවදාවත් නැතිව.......
නෑ අපේ සෙහන්සා දුව කතා කලා.....රෝහීණී බැනලා පොඩි එකාව ගෙදරින් එලවගෙන.ඌ ආගිය අතක් නෑලු......ඉතිම් දේශ්ලු කම්පැනි එකම රන් කරන්නේ.....
ඔව් දයා....ඔය කොල්ලට ඔහොම වෙලා මදී.ආඩම්බරකමට අර කෙල්ලත් එක්ක පාරේ හිගා කනවා ඇති.අනේ මට බලන්න නෑනේ..........😂😂
ඔව් අර පොඩි කෙල්ලත් අරන් උන් ගිහින්......කොහේ හරි බෝඩීම් කාමරේක ලුණුයි බතුයි කකා ඇති ඒයි.....කෙල්ල මට මේ ගේ ගන්න කියලා සල්ලි හෙට දාන්නම් කිව්වා............
අපේ සෙහන්සාගේ වාසනාව මහත්තයා......
ඔව් ඔව්..නැත්තන්...රෝහීණීගේන් ලු බේරේන්න බැරි...ඒ ගෑණී කොහොමත් එහෙමනේ.......බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා.......
ඔව් හදිස්සී වෙන්න එපා.....ඔය රෝහීණී අපිත් එක්ක නයි වයිරයි.ඒකයි..අපේ සෙහන්සා නටවලා ගනියි ඔය ගෑනීව......
එහෙම කියපු යසෝමා සාලේ තියෙන මම්මගේ ෆොටෝ එක දිහා බලලා හිනා උණා.......
අම්මේ කිව්වා නේද මගේ කෙල්ලට වැරදෙනවා කියලා.නෑ අන්න මගේ කෙල්ලට හොදට හරි ගිහිල්ලා...අම්මට පේනවා නේද...අම්මා ඔලුව උඩ තියාගෙන හදපු එකිට යන එන මන් නැතිව අතුරුදහන් වෙලාලු....
ඒත් එක්කම යසෝමාව සීත කරගෙන අමුතු හුලගක් ගේ මැද්දෙන් එළියට යද්දී යසෝම ගැස්සුනා...........
නිකම් හුළගක්.......මොකටද බයවෙන්නේ............මටත් පිස්සු.............
හොස්පිටල් එකෙන් ඩිස්චාර්ජ් උණ රන්දීර් මාස ගාණකට පස්සේ මහ පොළොවේ අඩිය තිබ්බා....
මචන් ඔය සෙහන්සා දැන් ලොකු සල්ලිකාරයෙක් බැදලා කෑගල්ලේ පදිංචී වෙලාලු ඉන්නේ....
ඔකීව මන් අහු උණොත් මරනවා මචන්..ඔකී එදා මාව පාරට තල්ලු කලා.ඒ කරලා ඔකී දිව්වා....මන් ඇක්සිඩන්ට් උණේ ඔකී හින්දා.........
අතඇරපන් රන්දීර්........ඒකීට ඉන්න දීපන්.......උඹ ඒකී එක්ක සෙල්ලම් කලා ඇති.නවත්තපන්.........
බෑ.රෝශ්.......ඒකීගෙන් පලිගන්නකම් මට නින්දක් නෑ...බැල්ලිහ්........මාව කෑවා.......දැන් වෙන එකෙක් බැදලා ආතල් එකේ ඉන්නවා...පරිස්සමින් හිටපන් සෙහන්සා........කොහේ හිටියත් උඹට මගෙන් නම් ගැලවෙන්න............බෑ...........
🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤
අම්මී.............එන්නකෝ.........සමනලයෙක්..
මන් සුරංගනාවීව වඩා ගත්තා.....මාස තුනක් දැම්....දැන් නම් ගාණක් නෑ.අමාරුවක් නෑ..........යශ් ඉන්න නිසා ශේප්...........
මණික..........දග කරන්න එපා....අම්මීට මහන්සීනේ.......පුතා හොදයිනේ.......නේද.......
ඔව්...මල්ලි එනකම් දග කරන්නේ නෑ.......
හොද සුරංගනාවී.........යන් ඇග සෝදන්න.ඒ කරලා ආත්තම්මා එක්ක ඉන්න.අම්මී මල් පැල වලට වතුර දාන්න ඔනීනේ පුතේ....ම්ම්......
හලී ඉන්නම්...................
සුරංගනාවීගේ ඇග සෝදලා මන් නැන්දා ගාව තිබ්බා......නැන්දා මගේ ඔළුව අතගෑවේ ආදරෙන්......මොනා හරි කන්න ඔනී උණාම මන් දුවගෙන එන්නේ නැන්දා ගාවට.........
පරිස්සමින් පුංචී නෝනා........වැඩිය මහන්සී වෙන්න එපා.වතුර දාලා ඉක්මනට එන්න.........වැඩිය ඉන්න එපා.........
අයියෝ හරි හරි නැන්දේ......මන් පරිස්සමින් ඉන්නම්........ඔයා බය වෙන්න එපා........
යශ් කොච්චර බැන්නත් මන් වැඩ කරන එක නැවැත්තුවේ නෑ......අපි නැගිටින්න හදන වෙලාවේ අපේ චුට්ටගේ පිට දාලා පැත්තකට වෙලා ඉන්න මට බෑ...........
අනේ පුංචී නෝනා....යශ් මහත්තයා මේ ඇයි නෝනා ඇවිත්.......
අනේ පියදාස මාමේ මන් ගස් බැදලා තියන්නද.කියන දෙයක් කනකට අහන්නේ නෑ......මට එපා වෙලා....පරිස්සම් කරලාම........
තාත්තී මන් හොදින් මන් මිමිනුවා.....මට මේ පුංචී වැඩේවත් කරන්න දෙන්න යශ්.ප්ලීස්.........මන් පොහොට්ටු දාපු මල් පැල දිහා බැලුවේ ආසාවෙන්........ලගදිම මල්.පිපෙවී........
ඒ මල් අපේ ජීවීතත් එළිය කරගෙනම පිපෙයි.මගේ,සුරංගනාවීගේ,යශ්ගේ,අපේ අලුත් පැටියගේ...........
මැණික......මන් පියදාස මාමාට කියලා අනිත් පොඩි පොඩි තැන්වල පිපෙන මල් සල්ලි වලට ගන්න වැඩක් ප්ලෑන් කලා......අපි පොඩිවට පටන් ගමු.........බැරි වෙන්නෙ නෑ...........මන් ලැප් එකේන් ගාණට ප්ලෑන් කලා.........
ඔයා කියලා විරාජ් අයියට හරි දහම් අයියට හරි එහෙම අහු උනොත් අපිව හොයාගෙන ඇවිත් අපිව හම ගහයි.....පරිස්සමින්.........
මැණික....මන් අපිට වෙනම ලොගෝ එකක් හැදුවා..........ඒකට පොඩි පොඩි ෆ්ලවර් ඩෙකරේශන් ටිකක් හදන්න ඔනී.මෙහේ එහෙම කවුරුත් ඉන්නවද දන්නේ නෑ.......
මේකයි අයියේ...අපිට පොඩි පොඩි වෙඩින්ග් වගේ දේවල් ඉස්සරලම ඩෙකරේශන් කරන්න ගන්න වෙනවා.....මන් කරන්නම්......මට පුලුවන්............
ඔයාට ඩෙකරේශන් කරන්න පුලුවන්.........
අයියා එහෙම අහද්දී මන් එයාගේ අත් දෙක අල්ල ගත්තා.........
අපි අඩු ගාණකට ෆ්ලවර් ඩෙකරේශන් කරනවා කියලා දාමු....තේරූණාද.......ඔයාගේ පේජ් එකේ.....එහෙම උණාම කට්ටිය කැමති....ටිකක් කස්ටමර්ලා හැදෙනකම් ඉදලා නැගිටින්න බලමු.........
හරි මැණික අපිට පුලුවන්.....ඔයා කියන දේ ඇත්ත.....අපේ පැටව් දෙන්නා වාසානාවන්තයි මැණික.....ඔයා වගේ අම්මියෙක් ලබන්න..........
ඇයි ඔයා වගේ නෝටී මැටි තාත්තියෙක් ලබන්නත් පිං කරලා...........😂😂😂
අපී දෙන්නා ඉන්නවා නම් කරන්න බැරි දෙයක් නෑ.අපිට නැගිටින්න පුලුවන්......පේජ් එක හදලා දවස් දෙකක්......මන් බලාගෙන හිටියේ කවුරු හරි වෙඩින්ග් ඩෙකරේශන් එකක් අපිට බාර දෙන්න කතා කරනකල්.........
අම්මා ඇයි මේ...........අපි මෙතන ඉල්ලේ.......
කෝල් එකක් එනකම් මැණික......අපේ අනාගතෙන්........ටිකක් ඉමුකෝ හාද.............ම්ම්ම්.............
ඒත් එක්කම වගේ.....

හෙ......ලෝ.....😳😳
මන් ෆෝන් එක ආන්ස්වර් කලා...සිම් එකත් අලුතෙන්ම ගත්තේ.......
මෙම ගීතය ඔබගේ කෝල් ටියුන් එක ලෙස සක්රිය කර ගැනීමට.......😡😡😡
කෙහෙල් මල.....ඔනී නැති කෝල් ටියුන් එකක් නෑ.....විකාරයක්...මදැයි පැය ගාණක් මෙතන ඉදගෙන හිටියා කෝල් එකක් එනකම්........
අම්මී ඇයි....අපිත නෙවේද කෝල්........
නෑ අපිට නෙවෙයි මැණික.....යමු යන්න....මගේ සුරංගනාවීට අම්මා කුක්කූ එකක් හදලා දෙන්නද...........ම්ම්ම්.......
අපේ චුටී මල්ලී බබා ලගදී එනවද අම්මේ......හෙත..........
සුරංගනාවී අහද්දී මන් සුරංගනාවීව වඩා ගත්තා......මගේ පණ්ඩිත ආච්චී.......දැම් අක්කී කෙනෙක්නේ ලොකූ...............
හෙට නම් මල්ලි බබා එන්නේ නෑ.....ටික දවසක් යනවා...එතකොට සුරංගනාවී මල්ලිව බලාගන්න ඔනී හරිද පරිස්සමින්.....සුරංගනාවී මල්ලිව බලා ගන්නවා නේද..........ම්ම්ම්.......
ඕ.අම්මී.............මන්.......ආදලේයි.........
මන් සුරංගනාවීවත් වඩාගෙන ගියා...යශ් වැඩ ඇරිලා ඇවිත් නාගෙන එද්දී මන් උයලා වැඩ ඉවර කරලා බුදු පහන පත්තු කලා.........
මැණික.......මේ අහන්නකෝ..............
මන් යශ්ගේ ලගට ගිගින් ඉද ගත්තා....යශ් ලැප් එකෙන් ඕරඩර්ස් ඇවිත්ද බලනවා.......
ඒත් එකක් වත් තිබ්බේ නෑ......ඒ මුණත් ඇද වෙලා ගියා......මන් යශ්ගේ අත අල්ල ගත්තා....
මන් ටවුන් එකේ පොඩි ශොප් එකක් අඩු ගාණකට ගත්තා කුලියට..අපි එකේ මල් ටික තියමු........මගේ යාලුවෙක් ඉන්නවා ඌ මේ ෆිල්ඩ් එක ගැන දන්නවා.....අපිට කරගන පුලුවන්...............
හ්ම්ම්ම්.........පියදාස මාමලාට පඩිය ගෙවන්න ඇතිද සල්ලි........
ඇති මැණික.මේ ටිකේ හම්බෙච්ච මල් විකුණපු සල්ලි වලින් සෑහෙන්න ගාණක් තියෙනවා.ශොප් එක දැම්මට පස්සේත් අපිට ලොකු ගාණක් ඉතුරු කරගන්න පුලුවන්.............
යශ්ගේ අතේ තිබ්බ පොඩි ෆෝන් එක රින්ග්ස් යන්න පටන් ගත්තාම යශ් ෆෝන් එක ආන්ස්වර් කරලා එළියට ගියා.....මන් සුරංගනාවීත් වඩාගෙන යශ්ගේ පස්සෙන්ම ගියේ කුහුලෙන්.............
හරි හරි මිස්......වෙඩින්ග් එක කැන්ඩි වල තියෙන්නේ නේද.
අපි දාලා තියෙන ගානමයි මිස්..ආයේ ගෙවන්න උවමනාවක් නෑ.හරි තැන්ක්ස් මිස්...මට ලොකේශන් එක එවන්න........
මැණික........වෙඩින්ට් ඩෙකරේශන් ඕර්ඩර් එක සක්සස්..........අපි දිනුම්.......මැණික.......පාර්ටී එකක් දාන්න වටිනවා...අද නම් වැටෙන්න බොනවා.........
ඩ්රින්ක්ස් ගන්නවා නම් තාත්තා එළියේ ඉන්නේ.ගේ ඇතුළට එන්න තහනම්........
මන් යශ්ගේ කණ මිරිකුවා.කලාතුරකින් කම්බුල් වක ගැහෙන්න හිනා වෙනව මගේ දඩබ්බරයා දැක්කාම සත්තයි මගේ හිතත් මොකක්ද උණා.......
ඇත්තටම යශ් උඩ පැන්නා.යශ් කෙල්ලෝ දෙන්නවම බදාගත්තේ පුදුම සතුටකින්........හීනේකින් වගේ බලාපොරොත්තු ඉශ්ට වෙද්දී ඒ හිතට දරාගන්නත් අමාරුයි..........
මැණික ලබන විස්ස වෙඩින්ග් එක.කැන්ඩි වල තමයි වෙඩින්ග් එක තියෙන්නේ.......අපි එක හොදටම කරන්න ඔනී.......එයා මට විස්තර කියලා මැසේජ් එකක් දාන්නම් කිව්වා.......
යශ්......ලබන විස්ස..........ලබන සතියට පස්සේ සතියනේ.......
ඔව් මැණික.......ඒ ගර්ල් ඇන්ඩ්වාන්ස් එක දාන්න මගේන් බෑන්ක් නම්බර් එකක් ඉල්ලුවා.......අපිට වරදින් නෑ මැණික........කවදාවත්...........
ඇත්තටම මට මහ ලොකු ඇගට අමාරුවක් තිබ්බේ නෑ.......ගොඩාක් කන්න බැරි උණත් මට ගෙදර වැඩ කරගෙන සුරංගනාවීත් බලාගෙන යශ් එක්ක ශොප් එකේ වැඩ කරගන්න පුලුවන් උණා...ඒත් මන් බයේ හිටියේ කොහොමද මේ හැමදේම කරන්නේ කියලා.............ලබන සතිය වෙද්දී හැමදේම ප්ලෑන් කර ගන්න ඔනී........
ෆල්වර් ඩෙකරේශන් එකක් කරනවා කියන්නේ පොඩි දෙයක් නෙවෙයි........ඒක ලොකු වැඩක්..........වෙඩින්ග් එක දවස උදේ වෙද්දී හැමදේම ලස්සනට වෙන්න ඔනී.......
මැණික මන් ටැමිල් කොල්ලෝ දෙන්නෙකුයි කෙල්ලෙකුයි ගත්තා වැඩේට.....ෆීල්ඩ් එකේ පොඩි එක්ස්පිරියන්ස් එකක් තියෙනවා....ඒත් ඔයා ඔනී.....නැත්තන් මොකුත්ම කරගන්න බෑ..............
මට පුලුවන් යශ්.....බය වෙන්න එපා...අම්මීට පුලුවන්.....
මන් යශ්ගේ හිස හිමින් පිරිමැද්දා........යශ් ඇස් දෙක පියාගෙන කතා කරනවා.....ඒ හිතේ ලොකු බලාපොරොත්තු තියෙනවා කියලා මන් දන්නවා..ඒත් මට සුරංගනාවීයි මගේ කුසේ ඉන්න පැටියයි පරිස්සම් කරගන්න වෙනවා.....මේ හැමදේම එක්කම මට යශ්ට උදව් කරන්නත් වෙනවා..........
මැණික.........ඔයා ඉන්න...........මන් පුලුවන් විදියට කරන්නම්...අපේ පැටව් දෙන්නා එක්ක ඔයා ඉන්න.....
මන් යශ්ගේ කම්බුලෙන් අත තියා ගත්තා.....මට කොහොමටවත් යශ්ව අත අරින්න බෑ...........
එපා යශ්.....මන් එන්නම්...මේ දේවල් මන් කරන්න ඔනි.අපි දෙන්නා ප්ලෑන් කලේ හැමදේම එකතු වෙලා කරන්න.....ඉතිම් අපේ පැටව් දෙන්නා හිටියාම මොකද..........
හ්ම්ම්ම්.................
දවස් ගෙවුණේ පුදුම ඉක්මනට.සුරංගනාවී නිදි කරවලා අපි වැඩ පටන් ගත්තා.....වෙලාව පාන්දර හතරයි......කපුරු,ලිලී,රෝස වලින් හැඩවෙම හෝල් එක දැක්කාම මන් හිරිවැටිලා ගියා................
අපේ වෙඩින්ග් එකත් මේ වගේ සුරංගනා ලෝකේක ගන්න තිබ්බා නම්............
පොරූවේ ඉදලා හැම එකක්ම ෆ්රෙශ් ෆ්ලවර්ස් වලින්.........කපුරු මල් වල සුවදට මන් ඉස්සර වගේම අදත් ආසයි...........
හැමදේම ඉවර වෙද්දී උදේ හතත් පහුවෙලා.........මන් යශ් ඉන්න තැනට යන්න හැදුවත් මට යශ්ව පෙනුන් නෑ........මන් බිත්තියත් අල්ලගෙන එහෙමම බිමින් වාඩී උණා...............
මැණික....මොකක්ද වෙන්නේ ම්ම්ම්...........යශ් එහෙමම පැනලා කෙල්ලව අල්ල ගත්තා.........
මට අමාරුයි යශ්..........ඇගට පන නෑ වගේ.......ටිකක් හිටියාම හරි යයි.....ඔය වැඩ ටික කරගන්නකෝ.....මන් මෙහෙම ඉන්නම්..
උදේට කෑවාම හරි යයි..යශ් කඩෙන් ගෙනාපු ඉදියාප්ප පාර්සලේ පරිප්පුයි සම්බෝලයි එක්ක මන් සුරංගනාවීට කැව්වා..සුරංගනාවීටත් ගමන් මහන්සිය ඇති.ඊටත් වඩා මට මහන්සී.........ඒත් මේ හැමදේම අපේ අනාගතේ වෙනුවෙන්..........
ඒත් එක්කම ආවේ මනමාලිගේ තාත්තා.......ආපු ගමන් යශ්ව බදා ගත්ත විදියට මට සත්තකින්ම පුදුම හිතුණා.....
මිස්ටර් යශ්..........පුදුම ලස්සනයි.....ඔයාලා නම් ෆර්ෆෙක්ට්.මගේ දුව සෑහෙන්න හොයලා හොයලා තමා ඔයාලට මේ වැඩේ බාර දුන්නේ.........මගේ දුව ගොඩාක් සතුටු වෙයි.............
එයාගේ හිත සතුටු උණාම ඒක තමා අපේත් සතුට අංකල්..හරි අපි යන්නම්......නංගීට කියන්න මට ෆොටෝස් ටිකක් එවන්න කියලා වෙඩින්ග් එකේ..........
හරි පුතා හරි........මෙන්න ඔයාලගේ ගාන.......ඔතන ලොකු ගානක් වැඩියෙන් තියෙනවා....ඒක ඔයාලගේ මහන්සියට..........
තැන්ස්ක් අංකල්.අපි යනවා..............
යශ් මගේ අතින් අල්ලලා නැගිට්ටව ගත්තා....ඔව් හිතන්න සෑහෙන්න ලොකු ගාණක් හම්බුණා......පරවෙලා යන මලකට මේ තරම් දෙයක් කරන්න පුලුවන්....සත්තකින්ම..........
මන් යශ්ගේ උරහිසෙන් ඔළුව තියා ගත්තා.දරුවෙක් ලැබෙන්න ඉන්න මේ කාලේට දුර ගමන් යන්න හොද නෑලු...ඒත් දෙවියන්ගේ පිහිටෙන් අපිට කරදරයක් වෙන්න එපා.........ඒත් අපි මේ හැමදේම කරන්නේ ජිවත් වෙන්න........
මන් මගේ ඔඩෙක්කේ නිදාගෙන ඉන්න සුරංගනාවීගේ චුටී මුණ අතගෑවා........
අම්මායි තාත්තයි දෙන්නා මෙච්චර මහන්සී වෙන්නේ මගේ පැටව් දෙන්නට ජීවීතයක් හදන්න...මටයි ඔයාගේ අප්පච්චීටයි පැලක හරි ජීවත් වෙන්න පුලුවන්.ඒත් ඔයාලට බෑනේ........
චුටීයෝ.......
ඔයාට මහන්සීද........ගනන් ගන්න එපා....අපි තව ටිකකින් ගෙදර යනවනේ...එතකොට හරි........අක්කී වගේ වෙන්න ඔයත් දවසක........අක්කී නම් අම්මී කියන දේ අහනවා.ඔයාත් එහෙම වෙන්න.......හරිද ම්ම්ම්ම්..........
කෙල්ල කුසට අත තියාගෙන මොන මොනාද හිතනවා......ඒ වෙහසකාරී මුණේන් හසරැල්ලකුත් ඇදෙනවා.......යශ් ඒ අත උඩින් අත තියා ගත්තේ ආදරෙන්.........
යශ් සෑහෙන්න බීසී..........වෙඩින්ග් දෙක තුනකම ඩෙකරේශන් බාර ගත්ත නිසා යශ් හිටියේ ටිකක් කලබලෙන්........මාස පහක බන්ඩියකුත් උස්සගෙන මාත් පුලුවන් තරම් වැඩ කලා......යශ් කැමති නැති උණත් මට කරන්න දෙයක් තිබ්බේ නෑ.....මගේ උදව් නැතිව යශ්ට කරගන්න අමාරුයි........
මන් ශක්තිමත් උණා.....හරියට වතුවල වැඩ කරන ටැමිල් ගෑණු කට්ටිය වගේ.අදහන්න වෙලාවකට මන් වරු ගනන් ඇඩුවා ඒවා මතක් කර කර.............
දවසක් මන් සුරංගනාවීත් වඩාගෙන ගේ ලගින් පහළට බැස්සා......මාස හතක් අටක් විතර දරුවෙක් ලැබෙන්න ඉන්න ටැමිල් ගෑණු කෙනෙක් තව අවුරුදු දෙකක තුනක විතර දරුවෙක් දරුවෙක් වඩාගෙන දලු කඩනවා.........
දලු කුඩේත් පිටේ එල්ලගෙන දරුවත් වඩාගෙන,කුසේ තවත් දරුවෙක් වඩාගෙන මේ කරන්නේ ජීවීතේට මුණ දෙන එක නේද.........
අනේ නෝනා.....පියදාශ අයියා කිව්වා නෝනාලා ගැන........එන්න වෙලාවක් නෑනේ නෝනා............
ආහ් කමක් නෑ අක්කේ...දැන් අපි හම්බුණානේ.......මෙයා දාලා එන්න කෙනෙක් නැද්ද......දරුවෙකුත් ලැබෙන්නනේ ඉන්නේ.....
අනේ නෑ නෝනා......මේ දරුවා බලාගන්න කවුරුත් නෑ.මහත්තයා වත්තේ වැඩ..අපිත් ඔලුව උස්සලා ඉන්න ඔනීනේ නෝනා.ඒක හින්දා අත අරින්නේ නෑ.මාත්...........
ඒක හොදයි අක්කේ.........
දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා එහෙම බෑනේ......ගෑණියෙක් උණාම ඔනී දේකට ඔට්ටු වෙන්න පුලුවන් වෙන්න නෝනා.මන්.යන්නම්.........
දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා ඒ මිනිස්සු තමන් කරන වැඩේ නතර කරලා නෑ..........කොහොම හරි ජීවීතේට මුණ දෙනවා...........
පරිස්සමින් ඉන්න ඔනී තමයි.....දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා පාඩුවේ ඉන්න බෑ.......මාත් ජීවීතේට මුණ දෙන්න ඔනී.......ගෑණියෙක් කියන්නේ ඒකට.......දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා කකුල් දෙක උඩ තියාගෙන සැප විදින්න ඔනී නෑ.............මට ඔනී ඔනී යශ්ට උදව් කරන්න...........
චුට්ටී මොනාද හිතන්නේ.........ම්ම්ම්....අර කෙල්ලට නම් ටිකක් වැඩ පුලුවන්.....ඔයා ඉන්න.......
කමක් නෑ අයියේ.මට අමාරුවක් නෑ.ඩොක්ටර් කිව්ව මොකුත්ම ප්රශ්නයක් නෑ කියලා.........මන් ආවේ නැතුව ඔයාට කරන්න අමාරුයි.........
ඔව් මාත් මහන්සී උණා යශ් වගේම......යශ්ගේ ගානටම...... යශ් වගේම මත් ඉන්ටර්නෙට් එකේ,පොත් වල හැමතැනම මල් ගැන ඩෙකරේශන් ගැන, මන් හැමදේම ගැන ඉගන ගත්තා..........
මේ මාස හයට යශ් අපි හිතාගන්න බැරි තරම් ඉස්සරහට ඇවිත් තිබ්බේ.පියදාස මාමා තව දෙන්නෙක් එක්ක වත්තේ වැඩ බලද්දි මන් යශ් ශොප් එකේ වැඩ බලාගත්තා...........
හැමතැනින්ම ෆ්ලවර්ස් වලට ඕඩර් එන්න පටන් ගත්තේ හිතපු නැති විදියට......මේක නම් හාස්කමක්........මට හිතුණෙ එහෙම.....
විකසිත ෆ්ලෝරා.........කිව්වාම නොදන්න කෙනෙක් නැති තරම් යශ්ගේ බිස්නස් එක මේ තරම් ඉක්මනට ෆේමස් උණේ අපේ තිබ්බ මහන්සිය හින්දා..........
🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤
යශ් කෙල්ලගේ බණ්ඩිය හිමින් පිරිමැද්දා....අලුතෙන් හදන කොළඹ බ්රාන්ච් එකේ වැඩ හෙට අනිද්දම ඉවරයි.....ගත්ත ලෝන් එකේ යශ්ට ගෙවන්න තිබ්බේ තව පුංචී ගානක්..........
මැණික...අපි මේ ඉන්නේ කොල්ලෙක්ද කෙල්ලෙක්ද නොබලා ඉමු...........හාද.....
අපිත ඉන්නේ මල්ලි බබලා........මන් දන්නෝ.............මන් දැක්කා...........
මොකාක් මගේ සුරංගනාවී දැක්කා.....කවද්ද දැක්කේ.........
මන් දැක්කනේ.......මන් තෙල්ලම් කලත් එක්ක...........එයාලා තෝයී....
සුරංගනාවී මගේ බඩ එයාගේ චුටී ඇගිලි වලින් අත ගානවා...ඒ ඇගිලි වල ස්පර්ශයට මගේ කුස ඇතුළේ මහ ලොකු පෙරලියක්...........
යශ් මේ බලන්න.......අත තියන්නකෝ.එයා පයින් ගහනෝ මට......අත තියාගන්නකෝ..මේ බලන්න බොරු නම්...
ඇත්තටම යශ්ට දැනෙනවා..........ඒ හිතට තියෙන්නේ ආඩම්බරයක්.යශ් නැගිටලා ඇතුළට ගිහින් පුංචී කප් එකක් අරගෙන ඇවිත් ඇරියා.......
කෝ අම්මයි දුවයි ඇස් පියාගන්න.......තාත්තී බඩුවක් ගෙනාවා......කෝ ඉතිම්.........සුරංගනාවී තාත්තිට බොරු කරන්න ඔට්ටු නෑ........
මන් ඇස් පියා ගත්තා.....විනාඩි දෙක තුනකට පස්සේ මන් ඇස් ඇරියා.......සුරංගනාවීගේ කරේ තිබ්බේ පුංචී චේන් පොටක්........මගේ කරේත් එහෙමයි............
ඔ.......ඔ......යාට.........මොනාද...ගත්තේ.......
අයියේ....
මට මොකුත් එපා.මගේ සුරංගනාවියෝ දෙන්නා ලස්සනට ඉන්නවනේ.ඒ ඇති මට........අපි කොළඹ ශොප් එක හැදුවාම එහේ යමු කුලියට හරි....මෙහේ හොස්පිටල් එකකට වත් යන්න අමාරුයිනේ..........
අපි මෙහේ ඉමු යශ්....මෙහෙ හොදයි......අනේ අපේ ජීවීතේ පටන් ගත්තේ මෙහේ.අපි නැගිට ගත්තේ මෙහේ ඉදලා.ඇයි අපි යන්නේ........
අපේ පැටව් දෙන්නට හොදට උගන්නන්න ඔනී..........අපි මේ හැමදේම කරන්නේ එයාලා වෙනුවෙන්.........තේරූණාද අම්මීට ම්ම්ම්.........අනික දැන් රාගවන්ට මේ හැමදේම හොදට පුලුවන්.මන් කොළඹ ශොප් එකටත් වේකන්සී දැම්මා....බලමුකෝ........
යශ් කිව්වා වගේම කොළඹ ශොප් එක ඕපන් කරපු ගමන්ම යශ් කොළඹින් ගෙයක් කුලියට ගත්තේ අපිට යන්න......ඒත් මගේ හිතේ තිබ්බේම නුවර එළියේ පුංචී අපේ ගෙදර..........
යශ් අපේ වත්තත් එක්කම තිබ්බ අනික් වත්තත් සල්ලි දීලා ගත්තේ මල් හිටවන්න......මේ හැමදේම අපිට හම්බුණ නිධානයක් වගේ...........
නුවරඑළියේ ශොප් එක යශ් දුන්නේ රාගවන්ට.මුල ඉදලම යශ් ලග නොකා නොබී වැඩ කරපු කඩිසර කොල්ලා......හොදට ඉගනගෙන ඉන්නේ.....යශ් හැමදේම උගන්නලා තියෙන්නේ.හැමදේම යශ්ට ගාණට කරලා දෙයි....................
නැන්දව එක්කන් යනවට මාමාගේ තරහද මන්දා...........
අනේ නෑ චුටී නෝනා.අපිට දරුවෙක් නැති අඩුව මැකුවේ පුංචී නෝනානේ.....මාත් එනවා.ඒත් මේ දේවල් බලාගන්න ඔනීනේ.........
මන් සැලරි මාමාගේ පොතට දාන්නම්.මන් එනවා සතියකට පාරක්.........අපි යන්නම් මාමේ...........
යන්නම් සීයේ.........එන්නම්........සාධු පිහිටයි..........සුද්දී බලාගන්න ඈ.......
සුරංගනාවී එහෙම කියද්දී පියදාස මාමා ඇස් වල කදුළු අපිට පේන්නේ නැතිවෙන්න පිහ දාගන්නවා......සුරංගනාවී මගේ අතින් බැහැලා ගිහිම් පියදාස මාමාගේ කකුල් දෙක අල්ලලා වැන්දා........
අනේ ඔනි නෑ පුතේ.......සීයා එනනම්කෝ බලන්න.සුද්දී බලාගන්නම් සීයා...........
නුවරට එද්දී මගේ හිත ගැස්සුනා.......මෙහෙමම අපේ ගෙදර යන්න තියෙනවා නම්..........
අපි මෙහෙමම කෑගල්ලේ යමුද යශ්.....අඩුම ගානේ විරාජ් අයියලා දිහාවත්...චුටී පුතා ලොකු ඇති දැන්.බලන්නත් ආසයි.......
දැන්ම නොයා ඉමු චුට්ටී.මට පෙන්නන්න ඉනී ඔයා මගේ ලග ඉද්දී මට දිනන්න පුලුවන් කියලා..අම්මා මගේ හැමදේම නැති කරලා දැම්මා චුට්ටී.හැමදේම නැති කලා........
හ්ම්ම් පස්සේ යමුකෝ එහෙනම්.......ඔයාගේ කැමැත්තක්...........
නුවරඑළියේ තිබ්බ නිදහස ගෑවීලාවත් නෑ.......කොළඹ කිව්වට කිරිබත්ගොඩ ගෙදර තිබ්බේ.........ගෙදර ඉදලා අපේ ශොප් එකට තිබ්බෙත් ටික දුරක්..........
පහුවදා උදේම මන් යශ් එක්ක හොස්පිටල් එකට ගියේ අන්තිම මාසේ නිසා.......හිතේ බයක් තිබ්බේ නැත්තේ නෙවෙයි...ඉදිමිලා තියෙන කකුල් දෙක නිසා මට ඇවිද ගන්නත් අමාරුයි...........
මිස්ටර් යශ්....දුවෙක්ද පුතෙක්ද කියලාවත් බලන්නේ නැත්තේ ඇයි.........
එපා ඩොක්ටර්........දුවෙක් උණත් පුතෙක් උණත් මගේනේ....කවුරු උණත් මන් සතුටින් බාර ගන්නවා.........
ඔකේ.ඔකේ...දැන් පරිස්සමින් ඉන්න ඔනී.........මොනා හරි පුංචී වේදනාවක් ආවත් හොස්පිටල් ඇඩ්මිට් වෙන්න හරිද........
මන් ගෙදර ආවේ බඩු ගොඩකුත් අරගෙන.....
අම්මා මට මොකුත් නෑ.....මල්ලි බබාට විතරයිද...........
නෑ මැණික......මේ ඔක්කම ඔයාට...මන් සුරංගනාවීට ගෙනාපු බෑග් එක දුන්නා..මට අමතක වෙන්නේ නෑ මැණික ඔයාව.......
පහුවදා මන් නැන්දා එක්ක ඒ හැම එකක්ම හේදූවා......පුදුම සුවදක් තිබ්බේ......නැන්දා හෝදලා අයන් කරලා බෑග් දෙකේ අහුරලා අල්මාරියට දැම්මා...........
අම්මා බයි මතයි..........
සුරංගනාවී එහෙම කියලා කොට්ටෙකුත් උස්සන් ඇවිත් මගේ කකුල් දෙක උඩ දාලා නිදා ගද්දී මට දැණුනේ දුකක්.....මන් හිමින් නැලෙව්වා..........ඒ හිතටත් බට ඇති.අම්මීව එයාට නැතිවෙලා එයාගේ මල්ලිට ආදරේ වෙයි කියලා.කවදාවත් එහෙම වෙන්නේ නෑ මගේ සුරංගනාවී.ඔයා තමා අම්මගේ හැමදේම........ඔයා විතරයි.............
🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤
දහම් උදේම පන්සලට ගියේ සුදත්ව බලන්න..කොල්ලට කාලේකින් ඒ පැත්තේ වත් යන්න බැරි උණේ වැඩ වැඩි නිසාමයි...........
මේ මාමේ..............
දහම් පන්සලේ නැවතිලා ඉන්න මාමාට කතා කලේ සුදත්ව දැක්කේ නැති නිසා......
ඇයි පුතේ........මොකක්ද කාරණේ.........
මේ අර මෙහේ භාවනා කරන්න ආවේ සුදත් මහත්තයා.එයා කොහෙද............
මට නිච්චියක් නෑනේ.සුදත් මහත්තයා......ආහ් හරි හරි මතකයි.....
ඔය අහන්නේ අපේ සුධම්ම පොඩි හාමුදුරුවො ගැන......ද...........
මො.....මො.....මො.කක්ද මමේ......මට තේරූණේ නෑ........
දහම් පුදුමෙන් වගේ අහලා වටපිට බලද්දී ඈතීන් හිමින් වඩින ඒ රුවට ගැස්සිලා ගියා.......
මතුසම්බන්ධයි.


No comments:

Post a Comment

UNIVOTEC එක ගැන

UNIVOTEC එකේ පාඨමාලා සහ වැඩි විස්තර සදහා පහත ඇති PDF ෆයිල් එක භාවිතා කරන්න. https://drive.google.com/open?id=1zbMNZ14FNiYV2f34K91x1KqpKmid...