Thursday, April 30, 2020

කලු මනමාලි - 13 (අවසානය)

අර එන්නේ සුදත් මහත්තයා.සුධම්ම පොඩි හාමුදුරුවොත් එක්ක.............
දහම් පපුවට අතක් තියා ගත්තේ හිතට ආපු බය තුනී වෙලා යද්දී...දහම් එහෙමම ගිහින් සුදත් ලගින් හිට ගත්තා.........
දහම් පුතා......මොකෝ බය වෙලා......වගේ.....
මාමේ.......මන් ගොඩාක් දවසකින් මාමා ගැන පණිවිඩයක් නැති නිසයි ආවේ.....
මාත් මේ පුතාට කෝල් එකක් ගන්න හිටියේ..මාව එක්කන් යන්න එන්න කියලා....
දහම් සුදත් දිහා බැලුවේ පුදුමෙන්......මාමා එන්න කැමති උන එකත් ලොකු දෙයක් කියලා කොල්ලට හිතුණා.......මාමා හිත හදාගෙන ඉන්න එකත් ලොකු දෙයක්....
පුතා..............මගේ දරුවා ගැන ආරංචියක් නැද්ද.........
සුදත් හදිස්සියේම වගේ අහද්දී දහම් සුදත්ගේ මුණ දිහා බැලුවේ ටිකක් හොද ආරංචියක් ඇස් වල තියාගෙන.....
මාමේ පොඩි ආරංචියක් නම් තියෙනවා.මගේ යාලුවෙක් ඉන්නවා ඩොක්ටර් කෙනෙක්......ඌ එක පාරක් මාත් එක්ක ගමේ ආවා.....ඌ දෙව්ලිව දන්නවා....ඌ දැකලා තියෙනවා දෙව්ලි දරුවත් වඩාගෙන කොල්ලත් එක්ක යනවා....කීව විදියට නංගී ප්රෙග්නට්. මාමේ...............
ඉන්න තැනක් ඌ හොයලා මට කියනවා කිව්වා....සතියක් කල් ඉල්ලුවා......ඌ මගේ කැම්පස් එකේ හොදම යාලුවෙක්.....
අනේ පුතේ..........මගේ කෙල්ල හොදින් ඉන්නවා කියන්නේ මන් දිනුවා වගේ පුතේ........මට මැරෙන්න කලින් මගේ කෙල්ලත් එක්ක ඉන්න ඔනී............
මාමා බය වෙන්න එපා........ඌ නංගිව දැකලා තියෙන්නේ කිරිබත්ගොඩ පැත්තේ......මන් ලබන ඉරිදා විරාජ් එක්ක ගිහින් බලන්නම්.........මට මේ ටිකේ වැඩ මාමේ..........
කමක් නෑ පුතා........මාත් එන්නම්..............
වෙඩින්ග් එකේ වැඩ නිසා මන් බිසී මාමේ........අම්මයි තාත්තායි දෙන්න ඊයේ ආවා.....මට වද කරනවා ඔයාව එක්කන් එන්න කියලා............
යන්කෝ පුතේ....මේ ටික කාලේට හිත සෑහෙන්න හදා ගත්තා මන්...මගේ දරුවා දැක්කොත් තමා මගේ සැනසීම සම්පුර්ණ වෙන්නේ......
ඔයාගේ සැනසීම මන් හොයලා දෙනවා මාමේ.......නංගී ගැන ඔයා ගොඩාක් බයවෙන්න එපා........යශ් කෙල්ලව ඇස් දෙක වගේ රකිනවා ඇති.......කොල්ලා ඒ තරම් දෙව්ලිට ආදරේ කරනවා.......
මට දෙව්ලිව අයිති උණත් මන්වත් නංගිට ඔච්චර ආදරේ කරන එකක් නෑ........මට විශ්වාසයි.....
ජීවීතේ හිමි අහිමීවීම් කියන්නේ පොදු දෙයක්......කොයි වෙලාවේ කොයි පැත්තට මේ ජීවීතේ හැරිලා යයිද කියන්න කවුරුත් දන්නේ නෑ.කාටවත් කියන්නත් බෑ....තාරූ කියනවා දෙව්ලි සෑහෙන්න පිං කරපු කෙල්ලෙක්.........යශ් වගේ කොල්ලෙක් ලබන්න..............
ලොකු නෝනා...............
රාධා රෝහීණී ලගට ආවේ සුරංගනාවීගේ ෆොටෝ එකකුත් අරන්...........
සුරංගනාවීටත් මාව අමතක ඇති.ඒකනේ මෙච්චර දවස් ගිහින් කෝල් එකක් වත් නොගත්තේ..........මන් හදපු පුංචී දරුවා........ලොකු නෝනා තමා යන්න කිව්වේ මාත්තයාට........පාවුම් නෝනා...චුටී නෝනා කොච්චර හොදයිද...........
මාත් මේ කල්පනා කරන්නේ ඒක ගැන තමා රාධා........මන් මෝඩ වැඩක් කර ගත්තේ චූටී පුතාට අර වගේ දෙයක් කියලා........මන් නපුරු උණා වැඩි රාධා..........
රාධාට හිනා ගියේ රෝහීණීගේ කතාවට.....දැන් මේ ගෙදර කනත්තක් වගේ පාලු වෙලා ඉවරයි.....හැමදේම නැති වෙලා ගිහිම්......
නපුරු උණා නෙවෙයි......තියෙන දුෂ්ටකම......දැන් දිව නැමෙන නැමෙන පැත්තට බොරු කියවනවා මේ ලොකු නෝනා.අනේ මන්දා අම්මා කෙනෙක්ද කියලා............
ශාලු නෝනා එංගලන්තේ ගියේ නැත්තන් එයා හරි ඉන්නවා කියලා හිත හදාගන්න තිබ්බා.ඒ කෙල්ලත් රට ගිහින් අවුරුද්දකටත් වැඩියි.............
ඔව්.....ඔව්..........යශ් මහත්තයා පස්සෙන් ආවා......යශ් මහත්තයා ඇක්සිඩන්ට් උණා විතරයි මේ රටිනුත් යන්න ගියා......😂😂😂
රාධා මේ ගෙවල් දොරවල් පරිස්සමින් බලාගන්න ඔනී.කවදා හරි යශ් ආවෝත් මේවා දෙනවා මන්...........
රාධා තේ එකක් හදන්න මහත්තයාටයි,මටයි....................
හා සෙහන්සා නෝනා හදන්නම්.ලොකු නෝනාටත් තේ එකක් හදන්නද.........
රාධා කිචන් එකට ගියේ හිතේ අමනාපෙන්.....යශ් මහත්තයා යන්න ගියේ මේ ලොකු නෝනා හින්දා......දෙවියනේ සුරංගනාවීයි,චුටී නෝනායි නැතිව මට මේ ගෙදර ඉදිල්ල තිත්ත වෙලා තියෙන්නේ........
මේ රාධා මේ බිත්ති වල තියෙන ෆොටෝස් ටික ගලවලා දාන්න......ඒවා වැඩක් නෑනේ.....මෙ ගෙවල් දේශ්ට අයිති.යශ් ආයේ එන්නේ නෑ................
එහෙම කොහොමද නෝනා.......මේ ගේ යශ් මාත්තයා හැදුවේ........මහත්තයා මේ ෆොටෝ ගෙනියයි ඇවිත්......එතකන් මට ගලවන්න බෑ...............
උඹ මේ ගෙදර වැඩකාරි මිසක් අයිතිකාරයා නෙවේනේ.මන් කිව්ව දේ කරනවා........ඔක්කටම කලින්...........
ඒත් එක්කම වගේ එළියේ හිටපු සෙල්වම් ගේ ඇතුළට ආවේ දත්මිටිකාගෙන......
මේ නෝනා.මේ ඉන්නේ මගේ දුව්.නෝනා කට වහගෙන ගියොත් හොදයි.මේ සෙල්වම් හොදට හොදයි.නරකට ඊටත් වඩා හොදයි..මගේ දරුවට එක වචනයක්.හරි කිව්වොත් දේශ් මහත්තයා බැදලා ඉන්න නෝනා කියලා මන් අමතක කරනවා...
සෙහන්සා ගැස්සුනා.සෙහන්සා කිචන් එකෙන් යන්න හැදුවත් දේශ් ඇතුළට එද්දී දේශ්ගේ අත අල්ල ගත්තේ කලබලෙන්........
අනේ දේශ් මෙන්න මේ මිනිහා මට බැන්නා.මේ වැඩකාරයෝ නෙවේද.......මේ මිනිස්සු හරි නම් එලවන්නයි වටින්නේ............
මහත්තයා නෝනාගේ කටවහගන්න කිව්වොත් හොදයි.......නැත්තන් ඔනී නැති දේවල් ගොඩාක් මගේ කටින් එළියට පනී....
සෙහන්සා කට වහපන්........
දේශ් සෙහන්සාගේ අත මිරිකුවේ බයෙන්.....ඇත්තටම දේශ් බය උණා සෙල්වම්ගේ කතාවට............
දේශ්ගේ දුර්වලකම මොකක්ද කියලා සෙල්වම් හොදටම දැනගෙන හිටියා...ඒත් සෙල්වම් ලේසීයෙන් කාටවත් උණ පොරොන්දුවක් කඩන මිනිහෙක් නෙවෙයි..............
සෙල්වම් ඔරවගෙන එළියට ගියාට පස්සේ දේශ් සෙහන්සාවත් ඇදගෙන් සාලේට ආවා........
තමුසේ ඒ මිනිහා ගැන දන්නවද..ඒ මිනිහගේ නම සෙල්වම්....ඒ මිනිහට පිස්සු...කතාවට එහෙම යන්න එපා.හද පායන කාලේට ඒ මිනිහට ඒ පිස්සුව වැඩි වෙනවා...ඔයාට කියන්න අපේ අම්මාත් බයයි ඔය මිනිහට..........
සෙහන්සා ගැස්සුනා....සෙහන්සා එහෙම්ම තද කරලා දේශ්ගේ අත අල්ල ගත්තා...
දැන් යනවා.ගිහින් පාඩුවේ ඉන්නවා.ආව තැනකවත් තමුසේගේ ඔය වක්කඩ කට ටිකක් පරිස්සමින් තියන් ඉන්නවා.නල්ල මලේ කුමාරිහාමී............
සෙහන්සා එහෙමම උඩට ගියා......අවුරුද්දක් පහු වෙලා ගියත් තාම රාධා එහෙමම යශ්ලගේ රූම් එක තියාගෙන ඉන්නවා....කෙල්ලයි යශ් සුරංගනාවී ඉන්න ෆොටෝ එක දිහා සෙහන්සා බැලුවේ ඉර්ශියාවෙන්.............පිපිරෙද්දී..........
හහ්.....සෙහන්සා ඇදෙන් වාඩී උණා......
උඹ හිතුවේ මාව පහළට දාලා උඹ රාජකුමාරි වගේ මන් ඉන්න තැනට උඩින් යන්න නේද........උඹ හීනේකින් වත් හිතන්න වත් එපා.............මන් කවදාවත් උඹට මන් ඉන්න තැනට වඩා අඩියක් උඩින් ඉන්න දෙන්නේ නෑ දෙව්ලි.............
උඹ පුංචී කාලේ ඉදලම හැදුවේ මාව වට්ටන්න........ඒත් මන් උඹට චාන්ස් එකක් දුන්නේ නෑ.............ඒත් යශ්ව මගේ කරගන්න තිබ්බ චාන්ස් එක උඹ මගෙන් එහෙමම ගත්තා..............
අනේ..දැන් කුලී ගෙදරක,වේලි වෙලී අර පොඩි කෙල්ලවත් හදාගෙන ඇති...කන්නවත් තියෙනවද මන්දා......පවු අනේ.....අපේ අම්මයි තාත්තයි සැපෙන් තියාගෙන මාත් සැපෙන් ඉන්නවා......
දැන් මේ හැමදේම මගේ දෙව්ලී.මගේ විතරයි............මන් කොහොමවත් කාටවත් මගේ හීන අයින් කරන්න දෙන් නෑ.........අඩුම ගානේ දේශ්ගේ අම්මටවත්.........
දේශ් කල්පනා කර කර තේ එකත් අරන් එළියේ බෙන්ච් එකෙන් වාඩී උණා......ඔලුව උස්සලා බැල්කනි එක දිහා බලපු දේශ් ගැස්සුනේ සුරංගනාව දැකලා.බඩ ගෙඩියක් උස්සගෙන හිටපු සුරංගනාව දේශ්ට පෙනුනේ පුදුම ලස්සනට.........
දේශ් ඉන්න මන් එන්නම් පල්ලේහාට...........
ඒ සෙහන්සානේ....සුරංගනා නෙවෙයි...ශිට් මටත් පිස්සු හැදීගෙන එනවද කොහෙද...දේශ් මුණ පුරා මතු වෙච්චී දාඩිය බිංදු පිහ ගත්තා.........
හැමදාම ඔහොම ඉන්න බෑ මහත්තයෝ.පවක් කලා නම් අනිවාරෙන්ම සාමී දඩුවම් කරනවා.ඒ දවසට මහත්තයාට දුවන්න පාරේ ඉඩත් මදි වෙයි.............
සෙල්වම් එහෙමම හිත හිත ඇගේ වීරිය දාලා උදැල්ල අරගෙන පොලොවට කෙටුවා...........
🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤
චුට්ටී...................
ම්ම්ම්ම්ම්ම්..................
මන් ඔලුව උස්සලා යශ් දිහා බැලුවා......යශ් මගේ ඔලුව අතගෑවේ ආදරෙන්.....මන් යශ්ගේ අත අරගෙන මගේ කම්බුලට අරන් තද කර ගත්තා........
තව ටික දවසයි තියෙන්නේ......මැණික බය වෙන්න එපා.......මන් ඉන්නවනේ....
ඔයා ඇතුළට එන්නේ නෑ.නේ.මන් තනියම යන්න ඔනී.......මට බයයි අයියේ.......ඒත් ඔයා බයවෙන්න එපා......මොකුත්ම වෙන්නේ නෑ......
මන් දන්නවා නොකීවට යශ් පන බයේන් ඉන්නේ කියලා.හැම තප්පරේම ඇවිත් මන් ගැන බලද්දී මට දැනෙන්නේ පුදුම රැකවරණයක්..............
බලන්නෝ මැනික අම්මගේ කකුල ඉදිමිලා.......එන්නකෝ අපි කකුල අත ගාන්න...........
යශ් උණුවතුරෙන් මගේ කකුල් දෙක තවනවා.........ඒත් මගේ මුලු ඇගේම වේදනාව මන් කොහොමද යශ්ට කියන්නේ.......
අම්මේ...කකුල් සිදෙනවා........පවු අම්මා........තාත්තී මගේ කකුලත් තවන්න බෝ වලින්........😂
බලන්නකෝ මැණික මේ සුරංගනාවී.අනේ අනේ.දවස තිස්සේම අම්මී වඩාගෙන නේද ඉන්නේ.....මට කිව්වා අත්තම්මා කිව්වා......ඔයා අම්මිට වද දෙනෝ කියලා.....
සුරංගනාවී ඇදට නැගිටලා මගේ බෙල්ල බදාගෙන මුණට එයාගේ මුණ ලන් කර ගත්තා......
අම්මෝහ්.........අත්තම්මාගේ බොලු.......අම්මීත මන් කොච්චල ආදලේද.......තාත්තිට පිත්තු නේද අම්මී....ම්ම්..
පිත්තු.....යකෝ දැන් දන්නේ නැති වචනයක් නෑ....චුට්ටී කොහෙන්ද සුරංගනාවී මේවා අහගන්නේ ම්ම්ම්..........දැන් පැහිලා.වැඩී හොදේ.............
අයියේ අර එහා ගෙදර පොඩි බබාලා දෙන්නා මිදුලේ සෙල්ලම් කරනවා තිස්සේම.....ඒ දෙන්නා අර වහලා තියෙන ගේට් එක ඇරගෙන මෙහෙට එනවා......ඉතිම් එයාලා කියන ඒවා මෙයා කියනවා............
කෝ කකුල මෙහෙට කරන්නකෝ මැණික......පරිස්සමින්.මෙයාට තාම වෙන ළමයි එක්ක ඉදලා හුරු නැනේ..
අනේ මගේ කකුල් රිදෙන් නෑ අයියේ.....ඔයා වැඩට යන්න......ශොප් එක අරින්නත් දැන් පරක්කු වෙලා........යන්නකෝ.......
මන් මේ සතියේ නිවාඩු..මන් නැති උණාට ශොප් එක ගෙනියන්න පුලුවන්......මේ ටිකේ අපේ බිස්නස් හොදයි මැණික.......අපේ චුටීයා වාසනාවන්තයි..........
කෙල්ලගේ නහර ගැටගැහිලා වගේ..දම් පාට වෙලා........යශ්ට හීල්ලුනා කෙල්ලව දැක්කාම........
මට බය තියෙන්නේ ඔයා නැතිව මේ දග කෙල්ල ඉදීද කියන එක මැණික.......ඒකී උඹ මත්තේමයි..........
මන් උදේම නැගිට්ටා.......මන් නැගිටිනකොට යශ් නැගිටලා....මොනා කරනවද අම්මා....නැන්දා උයනවා.......මන් හිමින් අඩිය තියලා යන්න හැදුවත් මගේ කොන්ද නිකම් පිපිරෙන්න වගේ ඇදුම් කන් වේදනාවක් ආවේ මට හිතාගන්නවත් බැරි විදියට.............
සුරංගනාවී............මැණික...........
මන් සුරංගනාවීට කතා කරන සද්දෙට සුරංගනාවී එළියේ ඉදලා මට කතා කලා....
ඔව්ව් අම්මී...........බබාගේ මුණ තාත්තී හේදුවා.ශෝයි එකක් දෙන්නකෝ....තෙල්ලම් කරන්න........
දැන් නම් බෑ පුතේ..බත් කන්න ඔනී......බත් කාලා ඇති වෙනකම් සෙල්ලම් කරමු.......
මන් සුරංගනාවීට ඇදුමක් අන්දවලා නැන්දා ලගින් සුරංගනාවීව තියලා ගිහින් මුණ හොද ගත්තා.....වෙනදාට වඩා මොකක්ද මන්දා වෙනසක් මට දැණුනා.....
මන් සුරංගනාවීට බත් කෑව්වා.කන්නම හොරයි මේ චුටී කෙල්ල නම්......අනේ අනේ....ඉක්මනට ලොකු වෙන්න බැරිවෙයි පුතේ.........
අම්මා මන් සෙල්ලම් කලනෝ.......
සුරංගනාවී යන්න ගියාම මන් සුරංගනාවීගේ පස්සෙන් යන්න හැදුවත් මට තව අඩියක් වත් තියාගන්න බෑ.....කකුල උස්සලා ගන්න බැරි තරමට මට අමාරුයි........
මන් එළියේ ඉන්න යශ්ට අමාරුවෙන් උණත් කතා කලා......
යශ් ආව්හ්................පොඩ්ඩක් එන්නකෝ............අනේ........මගේ කොන්ද.........
මන් එහෙමම බිත්තිය අල්ල ගත්තා.....මොකක්ද මන්දා දරාගන්න බැරි වේදනාවක් එක්ක මගේ ඇස් පියවිලා ගියා.......
දැන් කතාව කියන්නේ යශ්.🖤🖤🖤
මැණික.........නැගිටින්නකෝ..........අපි යමු.........නැන්දේ.එන්නකෝ......ඉක්මනට.........
යශ් එහෙමම කෙල්ලව උස්සගෙන පහළට ගියේ වාහනයක් බලන්න....පාරට දුවපු යශ් වාහනයක් අතදාලා නවත්ත ගත්තා........
අනේ අයියේ මගේ නෝනාට අමාරුයි.....පොඩ්ඩක් එනවද හොස්පිටල් එකට යන්න.........
නැන්දා සුරංගනාවීවත් උස්සගෙන කෙල්ලගේ බෑග් එකත් අරගෙන පහලට දුවගෙන එද්දී මන් චුට්ටීව වාහනේට නග්ග ගත්තා.ඒත් විස්වාසයි.කෙල්ල හිටියේ වේදනාවෙන්.......
මැණික.අපි හොස්පිටල් එකට යන ගමන් ඉන්නේ.මොකුත්ම වෙන්නේ නෑ.මන් ඉන්නවනේ.........
යශ්........රි.දෙ......නවා......ම..ට..........ඉන්න.බෑ..............ආහ්.........
කෙල්ල කෑ ගහද්දී මට කරන්න දෙයක් තිබ්බේ නෑ.මට තිබ්බේ දෙවියන්ට කියන්න විතරයි.....ට්රැෆික් එකට අහු වෙන්නේ නැතිව හොස්පිටල් එකට යාගන්න පුලුවන් උණොත්.............මට හිතුණේ එහෙම........
මුලු ඇගම දාඩියෙන් පෙගිලා ගියපු කෙල්ලගේ බෙල්ල හදිස්සියේම ඇලේට වැටෙද්දී මන් ගැස්සුනා..........
චුට්ටී..............මගේ රත්තරං මොකුත් වෙන්නේ නෑ........මොකුත්ම වෙන්නේ නෑ......කෝ ඇස් අරින්න.......නැන්දේ චුට්ටීට සිහිය නැති උණානේ.........
අනේ අයියේ ඉක්මනට යමන්....මගේ කෙල්ලට සිහිය නැති උණා.......
මන් හොස්පිටල් එකේන් වාහනේ නවත්තපු ගමන් කෙල්ලව උස්ස ගත්තා.......මට අමාරුයි.ඒත් මට ඒ වෙලාවේ කොහොම හයියක් ආවාද කියලා මන් දන්නේ නෑ........
නර්ස් ප්ලීස්......මගේ වයිෆ්........එයාට අමාරුයි......සිහියත් පොඩ්ඩක් බලන්න......
හරි.හරි.අපි බලාගන්නම්.......මහත්තයා ඔහොම ඉන්න.......අපිට ලෙඩාගේ රිපෝර්ට ටිකයි ඇදුම් බෑග් එකයි දෙන්නකෝ.........ඉක්මනට.........
මට තව අඩියක් තියාගන්න හම්බුණේ නෑ....මාව කවුරු හරි අල්ල ගත්තා...
මහත්තයා මහත්තයාට ඇතුළට යන්න බෑනේ...මේහෙම ඉමු.........මේ දරුවත් හොදටම බය වෙලා ඉන්නේ.ඇහැරුණ ගමන් ගෙනාවේ............
තාත්තා.....අම්මා කෝ........අම්මීයා ඇයි අල ඇතුලට ගියේ.මටත් යන්න ඔනී.අම්මව ඔනී......අම්මව ඔනී තාත්තී.අම්මව දෙන්න.......අම්මාව දෙන්න..අම්මව ඔනී..........
යශ්ගේ පපුවට ගහන පුංචී කෙල්ල ඉකි ගහද්දී යශ් චුටී කෙල්ලව තුරුල් කරගෙන ඒ පුංචී හිස මත්තෙන් ඒ මුහුණ තද කර ගත්තා.....
අම්මා එයි මගේ මැණික...නාඩා ඉන්නකෝ.......නැන්දේ මන් ත්රීවීල් එකක් කතා කරලා දෙන්නම් ඔයා සුරංගනාවී අරන් ගෙදර යනවද..........
මත බෑ.........මත අත්තම්මා එක්ක නන්න බැ.අම්මා ඔනී......අම්මව දෙන්න.......
යශ් අසරණ උණා......යශ්ගේ දරදඩු ඇස් වලින් කදුළු ගලාගෙන ගියේ සුරංගනාවීගේ ඉල්ලීමට...කොහොමද අම්මව දෙන්නේ මැණික.......ඔයාගේ අම්මා ඇතුළේ මැණික...එයාට සිහිය නෑ.....මොනා වෙනවද කියලා දන්නේ දෙවියෝ විතරයි......අඔඉට ඉවසන්න වෙනවා මගේ සුරංගනාවී...........
නැන්දා යන්න......ගෙවලුත් එහෙමමනේ.....අන් සුරංගනාවී තියාගෙන ඉන්නම්......ඩොක්ටර් ආපු ගමන් මොකක් හරි විස්තරයක් අහගෙන මන් එන්නම්.....
නැන්දව ත්රීවිල් එකක දාලා ගෙදර යවපු යශ් සුරංගනාවීව වඩාගෙන හොස්පිටල් එකේ ඔහේ ඉදගෙන හිටියේ මොකක් හරි විස්තරයක් දැනගන්න........
මහත්තයා මොකක්ද ඔතන ඉදගෙන ඉන්නේ......ලෙඩා බාර දුන්නා නම් දැන් යන්න.ගිහින් දවල් වෙලා එන්න.....මේ දරුවත් ඉන්නවනේ...මහත්තයාට අමාරුයිනේ......
මන් ඩොක්ටර් එනකම් මෙතන ඉන්නම්...ප්රශ්නයක් නෑ..........
මගේ හිත කලබල වෙලා තිබ්බේ.සුරංගනාවී ඉකි ගහනකොට මට ඒක දරාගන්න අමාරුයි..........
සුරංගනාවීට කන්න අරන් දීලා මන් ආයේම හොස්පිටල් එකට ආවා......දැන් පැය තුනකුත් වෙලා.........තාම කිසිම දෙයක් දැන ගන්න නෑ.......කිසිම දෙයක්.......
දවල් දොළහයි වෙලාව.......යශ් ඉන්න තැනින් නැගිට්ටේ ඩොක්ටර්ව හම්බෙන්න යන්න....ඒත් ඩොක්ටර් නෑ....යශ් අසරණ වෙලා හිටියේ......කොල්ලා ෆෝන් එක අරගෙන නම්බර් චෙක් කලා.........හිතේ පීඩනේ කාටවත් කියන්න පුලුවන් උණා නම්.................
ඒත් එක්කම වොර්ඩ් එකෙන් එළියට එන ඩොක්ටර්ව දැක්කාම යශ් ගැස්සුනා.යශ් නැගිටලා ගිහින් ඩොක්ටර් ලගින් හිට ගත්තා........
අනේ ඩොක්ටර් මගේ වයිෆ්..............
මේ අහන්න මිස්ට දේශ්........බය වෙන්න එපා......ඔයා දැන් ගිහින් හවස එන්න..එයා දැන් තියටර් එකට ගත්තේ.......
අනේ ඩොක්ටර් එයාට සිහිය තිබ්බේ නැ.
මොකක්ද ඩොක්ටර් උණේ.........
මේ අහන්න යශ්.ඔයා වගේම මාත් තාත්තා කෙනෙක්..ඔයා බය වෙලා ඉන්න එක සාධාරණයි..........මාත් මගේ වයිෆ්ට බබා ලැබෙන්න යද්දී ඔය තරම් බය උණා......ඔයා දැන් ගෙදර යන්න යශ්.........ගිහින් හවස එන්න............
මීට වඩා ශක්තිමත් වෙන්න යශ්.......මට දැන්ම ඔයාට කිසිම දෙයක් කියන්න බෑ......
මන් සුරංගනාවීත් වඩාගෙන නැගිට්ටා..මන් හිටියේ පුදුම අසරණකමකින්.....ඩොක්ටර් කිසිම දෙයක් කියන්නේ නෑ........මගේ චුට්ටීට මොකක්ද උණේ..........
මහත්තයා දරු පැටියා ලැබිලද........අනේ මන් පත්තිනි අම්මට බාරයක් උණා දැන්.....පත්තිනි අම්මා බලාගනි හැමදේම.......මගේ චුටී නෝනාට බයක් සැකක් නෑ.දැන් දරු පැටියා ලැබිලා නැත්තන් දැන් ලැබිලා ඇති...........
අම්මා දෙන්නකෝ............අම්මා දෙන්නකෝ තාත්තේ...........මත කුක්කූ ඔනී.....අම්මා.කෝ............
අත්තම්මා බබාට බත් ටිකක් බෙදන්නකෝ......බත් කන්න.....
යශ් එහෙම කියලා සුරංගනාවීත් උස්සගෙන රූම් එකට ගිහිම් අඩන කෙල්ලව ඇද උඩින් තිබ්බා......කිසිම දෙයක් නොතේරෙන පුංචී කෙල්ලට තරවටු කරන්න යශ්ට හයියක් නෑ.........
මේ අහන්නකෝ මගේ සුරංගනාවී.අම්මී ගියේ ඔයාගේ මල්ලි බබාව ගේන්න....ඔය අඩන්නේ මොකටද.හෙට ඉදලා මගේ සුරංගනාවීට සෙල්ලම් කරන්න මල්ලියෙක් ඉන්නවා......කෝ පහක් දාන්න...........
සුරංගනාවී බෙල්ලත් ඇද කරගෙන යශ්ගේ දිහාම බලන් ඉන්නවා........
මල්ලි එනෝද.හුරේ.....බබා.....අදන් නෑ තාත්තී..........හෙත ඉදලා මත එහා ගෙද සනු අක්කා ඔනී මෑ..........මල්ලි ඉන්නෝනේ.....අම්මා ගුඩ් ගර්ල්.......අම්මී පවු........
යශ් හුල්ලලා කෙල්ලව පපුවට ගත්තා........
අම්මා පවු තමයි මැණික....ඔයාගේ අම්මා ගොඩාක් පවු.......ඔයා ලැබෙද්දී මන් මේ තරම් බය වෙලා හිටියා ඔයාගේ අම්මට......අද ඊටත් වඩා බයෙන් ඉන්නේ තාත්තී..........
ඔයා අත් දෙකට ගද්දී මට ඇඩුණා මගේ සුරංගනාවී.........ඒ තරම් ඔයා ලස්සනයි.......ඒත් ඔයා අතට අරගෙන තප්පරයක් යන්න කලින් ඔයාගේ අම්මා නැති වෙලා කියලා ආරංචිය ආවාම මන් මැරුණා කියලා හිතුණා මැණික..................
ඒත් මැරිලා හිටපු මාව ආයේමත් පන තියෙන මනුස්සයෙක් කලේ ඔයාගේ අම්මා මැණික........දෙව්ලි.......අපි වෙනුවෙන් කැප වෙච්චී ඒ අහිංසකී වෙනුවෙන් මන් අද බය වෙලා ඉන්නේ................
නෑ මගේ චුටී කෙල්ල ගොඩාක් ශක්තිමත්..එයාට මගෙයි සුරංගනාවීගෙයි ආදරේ ඇති....ඒ ආදරේ නිසා එයාට මොකුත්ම වෙන්නේ නෑ.........
තාත්තී අඩන්න අපා......බබා අඩන්නේ නෑ...........
නෑ මැණික තාත්තී අඩන් නෑ.......මගේ මැණිකත් අඩන්න එපා...........ටිකක් දොයියගන්නකෝ.......ම්ම්ම්..........එහෙම කියලා යශ් ඇස් දෙක පියා ගත්තේ කෙල්ලව මතක් කරන ගමන්.......
යශ් ෆෝන් එක අරගෙන විරාජ්ගේ නම්බර් එක මතකෙන් ඩයල් කලා...ඉස්සර වගේ මොකක් හරි හදිස්සියක් වේදනාවක් උණාම කොල්ලා ඉස්සරලම කතා කලේ විරාජ්ට.........
හෙලෝ........කවුද මේහ්.........
මචන් මන්.යශ්..........
විරාජ් වෙව්ලලා ගියා.....අවුරුදු එකහමාරකට පස්සේ හොදම යාලුවගේ කටහඩ ඇහෙන්නේ....
යශ්............උඹ කොහේද ඉන්නේ යකෝ.......ඉක්මනට කියපන්.....
මචන් මන් ලොකේශන් එවන්නම්.....නංගීට බබා ලැබෙන්න හොස්පිටල් ගෙනිච්චා......උදේම.....ම.ම...න්......
විරාජ් සීට් එකෙන් නැගිට්ටා.යාලුකමට එහා ගියපු මොකක්ද සහෝදර බැදිමක් තිබ්බා ඒ බැදීමේ......
හරි යශ්.මන් දහමා එක්කන් එන්නම්.උඹ ලොකේශන් එක එවපන්කෝ......
මචන්.........මට සමාවෙයන්........
යශ් එහෙම කිව්වත් විරාජ් ඒ වෙනකොටත් ෆෝන් එක කට් කරලා.........විරාජ් දහම්ට කෝල් කරලා ඊට පස්සේ චමිලාට කෝල් කලේ ලෑස්තී වෙන්න කියන්න.......
යශ් ලොකේශන් එක යැව්වා....විරාජ්ගෙන් බැනුම් අහගෙන හරි දවස කට්ට කනවා....මට සුරංගනාට වෙච්ච දේ නිසා හිතට බයයි.ඉක්මනට වරෙන් විරාජ්....ප්ලීස්..........
අයියේ ඇහැරෙනවද...........
යශ් ගැස්සිලා ඇහැරුණේ කෙල්ලගේ කටහඩට............
මොකක්ද චුට්ටී..ම්ම්ම්..නින්ද යන්නේ නැද්ද........වෙලාව කීයද.......
වෙලාව එකොලහයි.මට නින්ද යන්නේ නෑ........එහාට හැරෙන්නත් බෑ.මෙහාට හැරෙන්නත් බෑ......අනිත් එක...........
මොකක්ද අනිත් එක ම්ම්ම්.......මොනාද ඔනී මේ මහ රෑ..........
කෙල්ල යශ්ගේ දිහා බැලුවේ අහිංසක විදියට.....මේ මහා පාන්දර මොනා කියන්න හදනවද කියලා කොල්ලට හිතාගන්න බෑ......
මට කිස් එකක් ඔනී........දෙනවද.............
යශ්ට හිනා ගියා........යකෝ මේකීට මහ රෑ හිතෙන දේවල්..යශ් හිමින් කෙල්ලගේ තොල් වලට නැමුනා................
ඇස් පියන් හිටපු එකී හදිස්සියේම ඇදෙන් අමාරුවෙන් ඉදගෙන ඉන්නවා.......
මට කිරි කෝපි එකක් බොන්න ආසයි.......හදලා දෙනවද..........
අනේ දෙවියනේ........චුට්ටී..........
කෝපී එක හදනකම් බඩ ගෙඩියත් උස්සගෙන මොන මොනවද කියෝ කියෝ හිටපු කෙල්ලගේ මුණ තාමත් යශ්ට මැවිලා පේනවා........
මේ අපේ චුටී මල්ලී බෝලේ ගෙනාවාම තාත්තී බිම තමා........ඇදේ ඉඩ මදිනේ....
යකෝ මගේ ගෙදර මගේ ඇද...........ඒ උණාට මන් බිමද....ආහ්..........
ඔව්.......ඔයා බිම...........එයාලට නින්ද ගියාම මාත් බිම..........
උඹ නම් චුට්ටී.කටවහන් හිටු.......මේකී දැන් වල් වෙලා ඉන්නේ......එකට ගණන් කරගන්න බැරිව හිටියේ.......දැම් කොහොමද මේකීගේ කට..........හිටුකෝ උඹට............
නැන්දේ මෙන්න මගේ කණ කඩනවෝ......ඉක්මනට එන්න..........සුරංගනාවී මෙන්න අම්මට ගහනෝ....ඉක්මනට එන්න..........
අනේ මහත්තයා මොකක්ද මේ......මේ බඩදරු අම්මා එක්ක ඔට්ටු වෙන්නෙ...චුටී නෝනා යන් කුස්සියට.එන්න............
අනේ නැන්දා මේකීගේ හැටි දන්නේ නෑ.මන් තමයි දන්නේ.....අහුවෙන්න එපා මට....මගේ කොල්ලවයි කෙල්ලවයි පරිස්සමින් බලාගන්නවා මන් එනකම්......නැත්තන්
ඇයි මොනා කරන්නද.නපුරා......ඔන්න බලාගන්න චුට්ටෝ ඔයාගේ තාත්තී කවුද කියලා......මොනා උණත් තාත්තී ඔයාටයි අක්කිටයි විතරයි ආදරේ...😳😳😳
මහත්තයා .....................
යශ් ගැස්සුනා...........ඇස් දෙකේ පටලයක් වගේ වැහිලා තිවිච්ච කදුලු දෑතින්ම පිහාගෙන යශ් සුරංගනාවීව ඇදෙන් තියලා නැගිටලා ගියා..........
නැන්දා අද ටිකක් වැඩිපුර උයන්න.මගේ යාලුවේක් එනවා.......
බත් ටිකක් කන්න........මන් පුංචී නෝනාට බත් ටිකක් එතුවා...වෙලාව හතරත් වෙලා..........මහත්තයා යද්දී වෙලාව හරියයි...........
යශ් ඇදෙන් නැගිට්ටා.ඒත් එක්කම වගේ එළියෙන් වාහනයක් නතර කරන සද්දෙට යශ් එහෙමම පහළට ගියා.........
උඹලා මේ ඉක්මනට ආවාද බන්..........යකෝ පැය හතරක් ගියේ නෑ........
පලයන් යන්න.උඹට අපිව මලාද මතක නෑ.උඹ යාලුවෙක්ද....කියපන් මොකක්ද අපි දෙන්නා කරපු වරද.අන්න අපේ ගෑණී උඹව අහු වෙනකම් ඉන්නේ.....හිටපන් වාහානෙන් බහිනකම්............
යශ් විරාජ්ව බදාගත්තා.ඇත්තටම කොල්ලා මේ වෙලාවේ හිටියෙ කාත් කවුරුත් නැතිව අසරණ වෙලා වගේ...
දහමා සමාවෙයන්............
පලයන් යන්න..උඹ මහා මොකෙක්ද බන්..........යකෝ මන් උඹලව කොච්චර හෙව්වද.නංගීට මොකද..........
දහම් පුතා....මොකක්ද වෙලා තියෙන්නේ.........
මචන් මේ ඉන්නේ දෙව්ලිගේ තාත්තා......මාමා මේ යශ්.ඔයාගේ බෑනා......
සුදත් දෙපාරක් හිතන්නේ නැතිව කොල්ලව බදාගත්තා.දෙව්ලිගේ ඇස් දෙකමයි.ඒ මුණ ඒ විදියටම තිබ්බා ඒ පාට ඇරෙන්න.......
හරි මෙහෙමම යමන්.....නැගපන්කෝ ලෑස්තී වෙලා බඩු ටිකත් අරන්......
මන් හොස්පිටල් එකේ වෝර්ඩ් එකට ගියේ දාහක් බලාපොරොත්තු තියාගෙන....ඒත් කොතනක වත් මගේ චුට්ටී පේන්න හිටියෙ නෑ........කොයි මගේ කෙල්ල...........දෙවියනේ..........ඇයි නැත්තේ.......
හිටපන් මන් බලන්න.
දහම් එහෙමම ගියේ නර්ස් ගාවට.....කොල්ලා එහෙමම විස්තර ටික කිව්වා.......
සර් පොඩ්ඩක් ඉන්නකෝ මන් විස්තර බලලා කියන්නම්..........
ඩොක්ටර් එන්න යන්න පුලුවන්... එන්න මගේ පස්සේන්........
දෙවියනේ මගේ කෙල්ල හොදින්ද......මොකුත් කරදරයක් නම් එපා.........යශ් හිතින් දහස් වාරයක් දෙවියන් යැද්දා........යශ් අත මිටි මොලවගෙන යන විදියට දහම් කොල්ලගේ පිටට තට්ටු කලේ රිලැක්ස් වෙන්න කියලා කියන්න........
යශ් රූම් එකේ දොර තල්ලු කලා......තල්ලු කරපු යශ් ගැස්සිලා ගියේ කෙල්ලව දැකලා...ඒ ඇස් යශ්ගේ පැත්තට හැර උණේ ඉවෙන් වගේ...........
වෙනදා තරු වගෙ දිලිසෙන ඇස් දැන් මලානික වෙලා.......අත් වලට කැනියුලා ගහලා.......ඒත් අමාරුවෙන් යශ් දැකලා හිනා උණා...........
ම.....හත්..තයෝ.................කෝ.........
කවුද මැණික ම්ම්ම්.......
සු.....රං....ගනා......වී...............
කෙල්ල අමාරුවෙන් වචන ගැටගහනවා.....කෙල්ලට කතා කරන්න අමාරුයි.......
ඔයා පේශ්න්ට්ව මහන්සී කරන්න එපා.එක්කෙනෙක් ඉදලා අනිත් අය එළියට යන්න ප්ලීස්..........
මන් ඒ විඩාබර මුණට එබුණා.මට උවමනා උණේ සුරංගනාවීගේ චුටී මල්ලී බෝලේ බලන්න............
එ........යා නෑ.......අයියේ.........
චුට්ටී...එහෙම කියද්දී මන් ගැස්සුනා.😮😮😮😮...
එයා කෝ..........චුට්ටී.........කොහෙද.........
ඒත් එක්කම

අම්මේ.........බබාලා හොදට ඉන්නවා...ඔයා බය වෙන්න එපා.........ඔයා ඇදෙන් හෙලවෙන්නවත් එපා ඔහොමම ඉන්න....මන් එයාලාව දැන් ගෙන්නම්......
නර්ස් එහෙම කියලා මගේ ලග තිබ්බ පැනල් කෑලී දෙකක් අරගෙන ගියේ බබාලා ඔතාගෙන එන්න වෙති.....
මන් යශ් දිහා බැලුවේ ආඩම්බරෙන්......ඒ මුණේ ඇදිලා තියෙන පුදුමාකර හැගීම දකින්න මන් ආස කලා...........
මැ.......මැ...ණික........එ..තකොට.....ඔ.යා...........
අපිට චුටී පැට්ව් දෙන්..නෙක් ඉන්නවා අයි..යේ.....සුරං..ගනාවීට මල්..ලීලා දෙන්..නෙක්ම ඉන්..නවා........
මො.......කක්....ද ........
යශ් දෙපාරක් හිතන්නේ නැතිව කෙල්ලගේ නළල තද කරලා සිප ගත්තේ හදවතේ උතුරලා ගලන පුදුම තරම් සෙනෙහසින්.........
දෙවියනේ ස්තූතියි.........මේ තරම් දෙයක් මම් කවදාවත් බලාපොරොත්තු උණේ නෑ.....මගේ කෙල්ලව රැකලා දුන්නට ඔබවහන්සේට පිං..........
මන් අයියගේ අත අල්ල ගත්තා......සිහිය නැති වෙලා හිටියට පස්සේ සිහිය නැති නිසා මගේ කම්බුල් වලට තට්ටු කරලා නිසා කම්බුල් දෙපැත්තෙන් පුදුම කැක්කුමක් ආවේ.............
මට සුරංගනාවී බලන්න ඔනී.......එයාව ගේන්නකෝ අයියේ..........
මැණීක මේ වෝර්ඩ් එකට පුංචී දරුවෝ ගේන්න දෙන්නේ නෑ.එයා ගෙදර ඉන්නවා.....විරාජ් එහෙම ආවානේ මැණික......මන් නැන්දාත් එක්ක කෙල්ලව තියලා ආවා............
ඇත්තටම මගේ බඩ ලගින් ආවේ කැක්කුමක්....ඒක ඉවසන්න බෑ......බේත් විදින්න බය වෙන මගේ බඩ කපලා මැහුම් දාලා.....😥සීසර් කරලා පැට්ව් දෙන්නා ගත්ත නිසා මට ඒ වෙලාවේ එච්චර අමාරුවක් තිබ්බේ නෑ..............ඒත් දැන් මට නැගිට ගන්න බැරි තරමට වේදනාවක් දැනුනා........
ආහ් මේ ඇවිත් ඉන්නේ බබාලගේ තාත්තා.....ඔන්න අම්මේ පැටව් දෙන්නා.....
දරුවෙක් ලැබුනාම තාත්තා කෙනෙක් වෙනම මනුස්සයෙක් වෙනවලු.....ඔව් යශ්ත් එහෙමයි.ඇස් කෙවනි වල කදුළු පුරවගෙන දෙව්ලිගේ තුරුලේ ඉන්න පැට්ව් දෙන්නා දිහා බැලුවේ සෙනෙහසින්............
මැ.....නි....ක.මේ.....මේ...............
මේ ඉන්නෙත් ඔයාගේ පැටව් දෙන්නා යශ්....ඔයා වගේමයි..........මේ ඩිම්පල් එකක් තියෙන්නේ ලොක්කගේ........මේ ක්රේල් කොණ්ඩයක් තියෙන්නේ චුට්ටගේ..........නර්ස් තමයි කිව්වේ.......
මැණික දහම් ආවා........එයා එක්ක තව කෙනෙක් ආවා............
මන් යශ් දිහා බැලුවේ පුදුමෙන්........අයියා මගේ ඔලුවෙන් අත තියලා එළියට යන්න ගියා.........කවුරු ගැනද එයා මේ කියන්නේ........
මන් මගේ තුරුලේ ඉන්න පැට්ව් දෙන්නා දිහා බැලුවේ සෙනෙහසින්.මගේ වස්තුව....මගේ ජීවීතේ තියෙන සතුට.ඔයාලා දෙන්නයි සුරංගනාවීයි විතරයි........
චුටී පුතා මන් වගේ....මගේ පාටයි යශ්ගේ පාටයි කලවම්....එයාගේ කොණ්ඩේ යශ්ගේ වගේ.ක්රේල්.........මේ දෙන්නම ඉන්නේ යශ්ගෙන් ෆොටො කොපි වගේ.ආඩම්බර නැද්ද ඉතිම්..................
යශ් එළියට ගිහින් තාත්තව බදා ගත්තා.ඒ ඇස් වලත් කදුළු......විරාජ් එහෙමම නැගිටලා ඇවිත් කොල්ලගේ ලගින් හිට ගත්තා.......
කෙල්ලට මොකද කොල්ලෝ...දරුවා............
මචන් නිවුන්නූ.......කොල්ලෝ දෙන්නෙක් ඉන්නවා....චුට්ටීගේ බඩේ පැට්ව් දෙන්නෙක් ඉදලා........කොල්ලෝ දෙන්නෙක්......මචන්....මට අදහගන්න බෑ....දහමා උඹට පුදුම හිතෙයි...බලන්න......
සුදත් දහම්ගේ අත අල්ල ගත්තා.....ඇත්තටම හැමෝම හිටියේ සතුටිම්.......යශ්ගේ වචන වල සුදත්ගේ පපුවත් එක්ක පිච්චිලා ගියා වගේ.........
මාමා අඩන්නේ මොකටද.....යන්න ගිහිම් කෙල්ලට කතා කරන්න.....
කඩරොඩු මලක් වගේ කෙල්ලව දෝතට ගත්ත දවස සුදත් කොහොම අමතක කරන්නද.....තමන්ගේ දරුවා අවුරුදු ගානකින් නොදැකපු තාත්තා කෙනෙක්ගේ හැගීම අපිට තේරූම් ගන්න පුලුවන්ද........
නංගී................
දහම් අයියගේ කටහඩට මන් ඇස් ඇරියා........මගේ ඉස්සරහා හිටගෙන ඉන්න දහම් අයියගේ මුණ බලන්න මට බය හිතුණා...........මන් බිම බලාගෙන හිටියේ බයට..........
උඹට නිකමට අයියා කියලා කෙනෙක් ඉන්නවා කියලා අමතක උණාද......ආහ්......ඇයි එහෙම කලේ නංගී..යශ් අතඇරපන් උඹට තිබ්බා නිකමට හරි කියන්න...උඹ නම් මාරයි.......මුණ දිහා බලපන්...........
මන් ඔලුව උස්සලා දහම් අයියා දිහා බැලුවා....ඒ ඇස් දැක්කාම මට තේරූණා තරහෙන් ඉන්නේ කියලා.....ඒත් මන් අහිංසක හිනාවක් දැම්මා...........
.ඒත් එක්කම නුහුරට කවුරු හරි මගේ දිහා බලාගෙන ඉන්නවා මන් දැක්කා....මන් බැලුවේ කවුද කියලා.......මොකක්ද මන්දා හුරුවක් දැනෙනවා මට.........
මැණික මේ කවුද කියලා දන්නවද.........
යශ් මගෙන් අහද්දී මන් නෑ කියලා ඔලුව වැනුවා.........මන් දැකලා වත් නැති කෙනෙක් අදුරනවද කියලා අහන්න මේ යශ්ට පිආඋද කොහෙද............
මේ ඉන්නේ මටත් වඩා මගේ කෙල්ල ගැන අයිතියක් තියෙන කෙනෙක්.......මේ ඉන්නේ මැණිකගේ තාත්තා...........
මන් යශ් දිහා බලලා ඇස් දෙක ලොකු කරගෙන ඒ මුණ දිහා බැලුවා......අදහන්න මම්මා මට හොරෙන් හංගගෙන බලපු ඒ ෆොටෝ එකේ හිටියේ මගේ තාත්තාද.....
මන් අඩන්න පටන් ගත්තා......මන් අඩනකොට මගේ ඇග ගැස්සෙනවා.දහම් අයියා මගේ අත අල්ල ගත්තා.........
දෙව්ලි.අඩන්න එපා.....හරි දැන් ඒක ඉවරයි.........ඔයාට අඩන්න හොද නෑ.......ගැස්සෙනකොට ඔයාගේ මැහුම් වලට අවුලක් වෙයි.....අඩන්න එපා නංගී....ඔයා සතුටු වෙන්න මාමා ආපු එකට.........
මන් ඇස් වල පිරිලා ගියපු කදුලු පිහ ගත්තා.........මෙච්චර දවසක් ආසාවෙන් හිටපු ඒ වචනේ කියන්න මට උවමනා උණා...........මන් එහෙම කියන්න හැදුවත් කියාගන්න බෑ........මන් ගොලු වෙලා වගේ...........
ඒත් මගේ හිතට ආවේ මොකක්ද මන්දා තරහක්.....මෙච්චර දවසක් නැති තාත්තා ආද ආවේ මොකටද.............මන් කතා නොකර ඉවතට හැරුණා.............
ලෙඩ්ඩු බලන්න ආපු අය යන්න..........වෙලාව ඉවරයි...........
චූටී පුතේ අපි යනවා...පරිස්සමින් ඉන්න.......
තාත්තා මගේ ඔලුව අතගාලා යද්දී මන් හැගීමක් නැති මනුස්සයෙක් වගේ හිටියා.මගෙන් වචනයක් බලාපොරුත්තුවෙන් මිනිත්තූ කීපයක් හිටපු තාත්තා හුල්ලලා යන්න යද්දී දහම් අයියත් විරාජ් අයියා එක්ක එළියට ගියා.......
මන් දන්නවා මගේ මැණික ඉන්නේ දුකෙන් කියලා.....මොනා උණත් ඒ ඔයාගේ තාත්තා චුට්ටී...........හරිද..........මට යන්න හිතක් නෑ මගේ පැට්ව් දෙන්නව දාලා......හෙට උදේ වෙනකම් ඉන්න වෙනවා කියන්නේ තව කොච්චර වෙලාවක්ද..........
මන් නර්ස්ගෙන් අහලා මෙහෙමම ඉන්නද...........
මන් යශ්ගේ දිහා බැලුවේ දුකෙන්.මට යශ් එක්ක යන්න තිබ්බා නම්......මගේ සුරංගනාවීව බලන්න තිබ්බා.ඒත් ඇදෙන්වත් හෙල්ලෙන්න බැරිව ඉන්න මන් කොහොම යන්නද...............
යශ් පැටව් දෙන්නා දිහා බලලා හුල්ලලා මගේ නලළට හාදුවක් තවරලා යනකොට මන් ඇස් වල උණපු කදුලු එහෙමම පිහ ගත්තා...........
සතියකට පස්සේ මන් යශ්ගේ වාරූවෙන් ගෙදර ආවා...........විරාජ් අයියත් අක්කා එක්ක ගිහිම්.............ඒත් දහම් අයියා තාත්තා එක්ක තාම අපේ ගෙදර.....
විරාජ් එහෙම ගියේ පොඩි එකාට ස්කෝලෙ පාඩු වෙනවනේ...එයාලා එයි වීකෙන්ඩ් එකේ.......එන්නකෝ මැණික......
දහම් අයියයි,තාත්තයි දෙන්නා පැට්ව් දෙන්නා වඩාගෙන........මන් යශ්ට වාරූ වෙලා අඩියෙන් අඩිය තිබ්බා..........
අම්මා......එනවා.......අත්තම්මා.........අම්මා එනවා...........
දුවගෙන එන සුරංගනාවී දොර ලගම නතර උණේ දහම් අයියෙගේයි තාත්තාගෙයි අතේ හිටපු එයාගේ මල්ලිලා දෙන්නා දැකලා................
අනේ පුංචී නෝනා ඇවිත්......කාමරේට යන් පුංචී නෝනා එන්න........මන් බෙහෙත් කොල ලිපෙන් තිබ්බා.අපි නාගමු තව චුට්ටකින්........
පැටව් දෙන්නා ඇදෙන් තිබ්බට පස්සේ දෙන්නාටම මන් කිරි දුන්නා..ඒත් මගේ පේන මායිමකටවත් සුරංගනාවී ආවේ නෑ........මන් අමාරුවෙන් බිත්තිය අල්ලගෙන කාමරෙන් එළියට ආවා.............
චුටී පුතේ.....කවුද හොයන්නේ මන් බලන්නම්.............
තා........ත්......තේ.......මේ......දුව......කෝ.........
මන් වචන එකතු කලා.........ඒත් මන් දැක්කේ යශ්ගේ ඔඩෙක්කට වෙලා මොන මොනවද කියවන සුරංගනාවීව........
අර පුතා ලග ඉන්නේ......ඉන්න මන් එන්න කියන්නම්............
තාත්තා ගියාට පස්සේ මන් ආයේම කාමරේට ගිහිම් ඇදෙන් ඉද ගත්තා.....යශ් සුරංගනාවීව වඩාගෙන මගේ ලගට ආවාට පස්සේ මන් සුරංගනාවීගේ කම්බුල් දෙක අතට මැදිකරගත්තා...........
මේ පුතාගේ මල්ලි බබාලා.....දැක්කද.........
ඔයාට සෙල්ලම් කරන්න අම්මා ගෙනාවේ........
අපා.....මට අපා..............මට අම්මා....අපා...........
සුරංගනාවී මගෙන් මිදිලා එළියට දුවගෙන යද්දී මන් යශ්ගේ දිහා බැලුවේ දුකෙන්....
එයා ඔය අඩන්නේ මල්ලිලා එපා නිසා නෙවෙයි මැණික....මේ මල්ලිලා චුටී වැඩීලු සෙල්ලම් කරන්න.......😁තව ටිකකින් හරි යයි......ඔන්න බලන්නකෝ.........මෙයාලා නිදිඅතරේ ඔයා නාගන්න මැණික........එන්නකෝ..............
මන් යශ්ට වාරූ වෙලා නාගන්න ගියා.......නාලා ගේ ඇතුළට ආවාම පුදුම සනීපයක් දැණුනේ.............
පිං නැන්දේ.........මේ කරන උදව් වලට............කොහොම පිං දෙන්නද.......
අනේ චුටී නෝනා.......හොදට මැල්ලුම් කන්න...එතකොට කිරි එහෙම එරෙනවා හොදට..මන් මහත්තයාට කියන්නම්කෝ........දියවෙන මැහුම් නම් හොදයි............නැත්තන් වේදනාවයිලු..........
ඇත්තටම මගේ තුවාලේ වේදනාව වෙලාවකට ටිකක් හොද වෙලා ගියා වගේ.........
මන් නැන්දා දිහා බැලුවේ ආදරෙන්.අම්මා කෙනෙක් නැති මගේ ජීවීතේට අම්මා කෙනෙක්ගේ ආදරේ සෙනෙහස කියලා දුන්නා ගෙනත් දුන්නේ නැන්දා........මන් මොනා කලත් ඒ ණය ජීවීතකාලේම තියෙවී...............
සතියක් ගෙවිලා ගියේ හදිස්සියේ වගේ....මට වැඩ කරගන්න පුලුවන් උණත් යශ්වත්,තාත්තා වත්,නැන්දා වත් මට ඉඩක් දුන්නේ නෑ................
මන් සුරංගනාවව මගේ ඔඩෙක්කෙට ගත්තා..........මන් නැති සතියට ඇදිලා ගිහිම් වගේ.............
අම්මා..මාව දාලා කෝවත් නන්න එපා...........කෝවත්..............
නෑ.....කොහෙවත් යන්නේ නෑ මගේ සුරංගනාවී... මන් ඔයාත් එක්කම ඉන්නවා.......
සුරංගනාවී මට වදයක් දුන්න දරුවෙක් නෙවෙයි.....එයා එයාගේ පාඩුවේ මග ලග හිටියා.......එයා එයාගේ චුටී මල්ලිලා දෙන්නට ආදරේ කලේ මටත් වඩා.දවසක අක්කීට එයාගේ මල්ලිලා දෙන්නගේ ආදරේ ඔනාවටත් වඩා ලැබෙයි..........
මන් සුරංගනාවීටත් කෑම කවලා එයාවත් නිදි කරවලා කිචන් එකට ගිහිම් තාත්තටත් එක්ක තේ එකක් හැදුවා...........
තාත්තා එළිය බලාගෙන ඉන්නවා...........මගේ බඩත් ඉස්සරහට ඇවිත් තිබ්බේ පැට්ව් ලැබුණට පස්සේ.......ඉස්සර වගේ දුවන්න හයියෙන් වැඩක් කරන්න අමාරුයි...........
යශ් රූම් එකට වෙලා අලුත් කස්ටමර් එක්ක කෝල් එකක්......මන් යශ්ට තේ එකක් ගිහිම් තිබ්බා.......
තාත්තේ..........තේ එකක් බොමු............
පිං මගේ පුතේ............
තාත්තා තේ එක අරගෙන ස්ටූල් එක උඩින් තිබ්බා........
ඔයා මාත් එක්ක තරහින් ඉන්නේ මන් ඔයාව අත ඇරියා කියලාද......මන් එහෙම කලේ නෑ පුතේ...මම්මා අපි එක්ක රණ්ඩු වෙලා එදා ඔයාව තියාගත්තේ.........එදා මම්මා ඔයාව තියා ගත්තේ නැත්තන් මට ඔයාවත් අද වෙනකොට නැති වෙනවා චූටී පුතා............
මට දහම් අයියා හැමදේම කිව්වා තාත්තේ.....මන් තාත්තා එක්ක තරහා නෑ.......
පුතාට දෙන්න තිබ්බ හැමදේම අයියලා විනාස කරලා..........මට පුතාට දෙන්න දැන් කිසිම දෙයක් නෑ......
මට මොකුත් එපා තාත්තේ............කිසිම දෙයක් එපා..........තාත්තා පුලුවන් නම් අපි ලගම ඉන්න..කොහෙවත් යන්නේ නැතිව.....😥😥
මන් තාත්තාගේ ලගට ගිහිම් තාත්තාගේ පපුවට හිස තද කරගත්තා.......තාත්තගේ උනුහුම මොකක්ද කියලා හීනේකින් වත් නොදන්න මට මේ උණුහුම දරාගන්න බැරි තරම් සනීපයි.............
චුට්ටීයෝ.................
එළියට ආපු යශ් කෙල්ල තාත්තා එක්ක ඉන්න විදියට එතනම නතර උණේ නෝක්කාඩු මුණක් මවාගෙන..........
අනේ..අනේ.තාත්තා දුවව හුරතල් කරනවා.පුතෙක් ඉන්නවා කියලා අමතක වෙලාද..........
මට මතකයි පුතේ.......අමතක වෙලා නෙවෙයි.........
තාත්තා එහෙම කියලා යශ්වත් පපුවට තද කර ගත්තා.මන් දන්නවා එයා ඉන්නෙත් දුකින් කියලා.......
මට දුව පුතා කියලා වෙනසක් නෑ පුතා...දෙන්නම මගේ දරුවෝ.....ජීවීතේ ඉතුරුකාලේ ඔයාලා එක්ක සතුටින් ඉන්න තිබ්බානම් මට ඒ ඇති...........
තාත්තා කොහේවත් යන්න එපා...අපිත් එක්ක ඉමු..........තාත්තාට ඔට්ටු වෙන්න තුන් දෙනෙක්ම ඉන්නවා....😂😂
යශ් එහෙම කියලා හිනා වෙද්දී මන් යශ්ව කිනිත්තුවා..........
අම්මෝහ් චුටී පුතේ මගේ කොන්දේ අමාරුව වගේ..ඉස්පිරිතාලේට කෝල් එකක් දෙමු..........
මොනා කරන්නද තාත්තේ...ටිකක් ඉවසන්න......මෙන්න මේ බටකොළ ආච්චී වගේ තමයි එයාගේ පැටව් ටිකක්.........
අම්මෝහ් ඔව් පුතේ.අපේ දුව පොඩිකාලේ මන් කකුල් ගෙවනකම් ඇවිදිනවා නිදින්කරන්න.......ඒත් ඇදෙන් තිබ්බ ගමන් අඩනවා තාත්තා ගැහුවා කියලා...😂😂
මන් කිව්වේ මේකී වගේ තමා තාත්තේ පොඩි උන් ටිකත්........ඇටකෝට්ටී.........
😂😂😂😂😂😂තාත්තත් එකයි පුතත් එකයි.....😂😂😂😂😂
මන් පිටි මුට්ටයක් වගේ ඉන්නවා.ඇටකෝට්ටිලු..😡😡😡
මන් දෙන්නටම ගස්සගෙන ඇතුළට ආවේ තාත්තාගෙයි පුතාගෙයි කෝලම් වලට තරහා ගියා වගේ පෙන්නගෙන......
🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤
අවුරුදු දෙකක් ගෙවිලා ගිහිම්.....සෙහන්සා මාස හතක බණ්ඩියත් උස්සගෙන පහළට ඇවිත් දෙශ් ලග හිට ගත්තා.....
මෙයා ඉක්මනට එනවා නම්......නේද යශ්........ආසයි......
තමුසේ මේ දගලන්නේ අර මල්ලිගේ පොඩි උන් තුන් දෙනාට ඉර්ශියාවෙනේ.......මට ඒක තේරේනවා සෙහන්සා..තමුසේගේ ඔය ඉර්ශියාව දැන් නවත්තනවා........
ඔයාට තමා බැරි උණේ.......බලන්නකෝ ඔයාගේ මල්ලි මුලු ලංකාවම දන්නවා.......විකසිත ෆ්ලෝරා වලට වෙඩින්ග් ඩෙකරේශන් දෙන්න කට්ටිය පොරකනවා............
දේශ් එහෙමම පිටිපස්සට හැරුණා...........
යකෝ එක ඌ බැදපු කෙල්ලගේ වාසනාව........මන් කලේ මහා ජරා වැඩක් ඌ දියුණු කරපු කම්පැනි එක අරගෙන...ඒත් මන් සතුටු වෙනවා මගේ මල්ලි ඉන්න තැන ගැන..........
අනේ මේ මට නම් තියෙන්නේ තරහක්.......
රන්දීර් පිස්සෙක් වගේ.......දේශ් එක්ක සතුටින් ඉන්න සෙහන්සා දැක්කාම ඒ හිත කිලිපොලලා යනවා..ඒ සුදු මුණ ඉස්සරට වඩා පැහැපත් වෙලා.....ඇත්තටම කිව්වොත් සෙහන්සා ලස්සන වෙලා............
රෝහීණී ආවේ යශ්ව බලන්න යන්න ලෑස්තී වෙලා.....පුංචී පැටව් දෙන්නා එක්ක් ඉන්න රෝහීණී ආසයි.........ඇදුම් බෑග් එකත් අරන් එළියට ගියපු රෝහීණී වාහනේට ඇදුම් බෑග් එක දාලා ආයේම හැරුණා...........
අම්මේ මෙච්චර උදේම යනවද.....
ලොකු පුතා........මන් සතියක් විතර චුටී පුතාලගේ ගෙදර ඉන්නවා.......රාධාගේ අර මංගල්ලේ වැඩ ටික පොඩි දුවත් එක්ක කතා කරගන්න ඔනී..........
අම්මා ගිහින් ඒ කෙල්ලට හින්ට් පාස් කරන්න එපා......මල්ලි උණත් අම්මට සමාව දීපු එකම මදිද වෙලාවේ හැටියට........
මන් දන්නවා ලොකු පුතා.මන් මොකුත් කියන්නේ නෑ.උඹ සෙහන්සාට කියපන් මන් දරුවව ලොකු කරන්නම් කියලා.. අර කුලී ගෙදර යන්න ඔනී නෑ කියලා......මන් ඉන්නවනේ...........
එහේ ගියත් අම්මේ එයාගේ අම්මා නෑනේ...මන් එයාට යන්න එපා කිවා........
දේශ් අම්මගෙ දිහා බැලුවේ සෙනෙහසින්....අම්මා කෙනෙක් කියන්නේ කොච්චර ආදරේ කරන කෙනෙක්ද දරුවොන්ට.සෙහන්සාටත් හිතෙන්න ඇත්තේ ඔය දේම තමා.........
සෙහන්සා පරිස්සමින් ඉන්න.....රාධා ඒයි තව ටිකකින්.ආස දෙයක් එයාට කියලා හදාගෙන කන්න.......ආස දෙයක් කන්න බඩගින්නේ ඉන්නේ නැතිව..............
හරි දේශ්..ඉක්මනට එන්න.........අම්මත් නෑනේ......පාලුයි..........
ඇත්තටම සෙහන්සාට පාලුවක් දැණුනා.....මීට මාස හතරකට කලින් අම්මා නැති උණ වෙලාව සෙහන්සාගේ මතකේට ආවේ හදිස්සියේන්..............
පුතේ..........දෙ.....ව්ලි......ට......😥😥😥
මොකක්ද අම්මේ කියන්න යන්නේ.......පපුව රිදෙනවද.......ඉන්නකෝ අපි කොහොම හරි හොස්පිටල් එකට යමු......
ඒත් යසෝමා හදිස්සියේ ආපු හාර්ට් ඇටෑක් එකකින් සෙහන්සාව දාලා යන්නම ගියේ අම්මා කෙනෙක්ගේ අඩුව සෙහන්සාගේ ලගින් තියලා.........සෙහන්සාට ඇඩුණා.............
අම්මේ.ඔයා නැතිව මට පාලුයි..........ගොඩාක් පාලුයි.........ඔයාව ඔනී...........මට හිතාගන්න බෑ.....ඔයා මගේ ලග නෑ කියලා.............
ඒත් එක්කම පහල සාලේන් මොකක් හරි පෙරලෙනවා ඇහෙද්දී සෙහන්සා ඇදෙන් නැගිට්ටා..............
කවුද.....😮😮😮
සෙහන්සා නෝනා.............උඹ සැපෙන් ඉන්නවා නේද...........ආහ්..........
රන්දිර් තමුසේ කොහොමද ගේ ඇතුළට ආවේ......යනවා මෙහෙන්.......මන් පොලීසියට කෝල් කරන්න කලින්......
ආව්හ්.......දැන් ලොකු බිස්නස් එකක් අයිතිකාරයෙක්ගේ වයිෆ් නේද.උඹ මාත් එක්ක එෆයාර් එකක් තිබ්බා මතක නැද්ද.........ආහ් ..............
මෙහෙන් යනවා රන්දීර්..........මට පාඩුවේ ඉන්න දෙනවා.......දැන් යනවා...........
ඔව් යනවා.උඹව යවලා..............
රන්දීර් සෙහන්සාගේ කොණ්ඩේන් අල්ලා පඩිපෙලෙන් පහළට තල්ලු කලේ හිතක් පපුවක් නැති ගාණට..ලේ විලක් මැද පහළට පෙරලුන සෙහන්සා දැක්කා නොදැක්කා ගණට රන්දීර් එළියට යන්න ගියා..........
ගුඩ් බායි සෙහන්සා.........😂😂
රාධා ත්රීවිල් එකෙන් බැස්සා.......උදේම ගත්ත ඉදිආප්ප ටිකත් අරන් ගේට්ටුව ඇරලා ආපු රාධා ගේ ඇතුළට ගිහිම් වට පිට බැලුවේ කවුරුත් පේන්න නැති නිසා...ඒත් කෙල්ල ගැස්සුනේ දැක්ක දෙයින්................
සෙහන්සා නෝනා............කඩවුලේ....
හ්ම්ම්ම්.............වෙන්න තිබ්බ දේ උණා....ඒ කිසිම දෙයක් නතර කරන්න බෑ......
අනේ නෝනා මන් දැක්කේ සෙහන්සා නෝනා ලේ විලක් මැද ඉන්නවා විතරයි......ලේ විලක් මැද....නෝනාට සිහිය ඇවිත්ලු......දෙව්ලි නෝනාව අහන්නේ........
රාධා මගේ ලගට ඇවිත් කියද්දී මන් යශ්ගේ මුන බැලුවා..........මන් අම්මාගේ අතට ලොකු පුතාව දීලා ඇතුළට ගියේ තිගැස්මෙන්......
නංගී...........එයා යන්න ගිහින්..😥😥😥....
ඔයාලට කරපු දේවල් මට පලදුන්නා නංගී....මට..හැමදේම නැති උණා.....මගේ දරුවත්........මට සමාව දෙන්න........
මන් ඒ අත අල්ල ගත්තා......මොන හතුරුකම කලත් මේ ඉන්නේ මගේ අක්කා.........
දෙව්ලි.තරහා නෑ නේද නංගී.....අම්මා නැති උණාට පස්සේ තාත්තාගේ ඔලුවත් හොද මදී...ඔයාලාට කරපු දේවල් මේ පටිසන් දුන්නේ.....සමාවෙන්න මැණික........
මන් නිහඩ උණා.......මන් සෙහන්සාගේ ඔලුව අතගාලා එළියට ආවා.....මන් එනකොට දේශ් අයියා යශ් ලගට ඇවිත්........මන් ඒ දිහා බලන් හිටියේ පුදුමෙන්...........
මේ අහපන් මල්ලී........මගේ වරද......මන් ඇත්තම කතාව කියන්නම්.......මන් පවුකාරයෙක්......මන් සුරංගනාට...මේ.මේ......
මොකක්ද උඹ ඇත්ත කියන්නේ.ආහ්........මොකක්ද අයියේ සුරංගනාට කලේ.....
මන් එදා උඹලගේ ගෙදර ගියේ උඹ එක්ක කතා කරගන්න කම්පැනියෙ වැඩක් ගැන.......මන් කතා කලත් සද්දයක් තිබ්බේ නෑ...........
මන් ඇතුළට ගිහිම් උඹ උඩ ඉන්නවා කියලා හිතාගෙන...මන් යනකොට නංගී අතුගානවා...........එයා මාව දැකලා බයෙන් පස්සට ගියා.......
ඊට පස්සේ මගේ කෙල්ල පඩිපෙල පල්ලේ පෙරලුනා..උඹ දාලා යන්න ගියා........නේද........උඹ මගේ සුරංගනාව මැරුවා.....නැත්තන් අදත් කෙල්ල ජීවත් වෙනවා........
යශ් බිත්තියට ගැහුවේ කේන්තියෙන්.මන් මොකුත් කිව්වේ නෑ.නිහඩ උණා..ඒ ඇත්ත දේශ් යශ්ට කිව්වා........මන් අඩන චුටී පුතාව ඔඩෙක්කෙට අරගෙන කිරි ටිකක් දුන්නේ අඩන නිසා...........යශ්ට එහෙමම ඉන්න දීලා මන් පැත්තකට උණා..........
අනේ පුතේ මේ වෙලාවේ මේ ප්රශ්න ඇති.......ඔයාවත් පුතාට කියන්නකෝ පුතේ.........එයා සන්සුන් වෙයි.........
මන් පුතාත් අරගෙන යශ් ලගට ගියා.....එයා කේන්තියෙන් ඉන්නේ......
අයියේ...........
කියන්න මැණික......ඇයි පුතාව මන් ගන්නද........කෝ සුරංගනාවී වාහනේද....ඇයි එයා බඩගිනි කියනවද.....
නෑ.........ඔයා තරහා ගන්න එක නතර කරන්නකෝ.අයියා ඇත්තම කිව්වා.....ඔයා ඇයි කේන්තියෙන් ඉන්නේ......එයාට සමාව දෙන්න මහත්තයෝ.සුරංගනා අක්කා සතුටු වෙයි....ඇයි ඔයා වැරදිකාරයෙක් වෙන්නේ.......ම්..ම්ම්ම්.අපි හැමෝම.මිනිස්සු...........
හ්ම්ම්ම් හරි මැණික...මන් කතා කරන්නම්...........
🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤
ජීවීතේ හුගාක් දේවල් වෙනස් උණා...අද මන් පැටව් තුන් දෙනාව නැන්දටයි,රාධාටයි බලාගන්න දීලා පුංචී ගමනක් යනවා...ඔව් ඔව් දහම් අයියත් අපේ ගෙදර ඉන්නවා තාත්තා එක්ක තාරූවා එක්ක..ඒකී ප්රෙග්නට්.😳😳....ඉන්න ඉන්නකියන්නම් ඉතිම් චුට්ටි යන දිහා........😳😳
ලා නිල් පාට සාරියක් ඇදලා ඉන්න කෙල්ල දිහා යශ් බැලුවේ ආඩම්බරෙන්.......කෙල්ල අද පුදුම ලස්සනයි.....
මේ වසරේදී බෙස්ට් බිස්නස්මන්ට් එහෙමත් නැත්තම් හොදම ව්යවාසකයා සම්මානය දිනා ගන්නේ.............ලංකාව පුරාම ව්යාප්ත උණු ඒ වගේම ලංකාවේ වගේම විදෙස් රවටවලත් ජනප්රිය උණ #විකසිත_ෆ්ලෝරා අධිපති #යශ්_තේමීක_දිසානායක
මොකද හිතෙන්නේ මිස්ටර් දිසානායක මොකක්ද රහස මේච්චර ඉක්මනට ජීවීතේ දින්නන ලැබුණ............
පොඩි සීක්‍රට් එකක් තියෙනවා......එයා මගේ වයිෆ්.........දෙව්ලි එන්නකෝ.......
යශ් එහෙමම කතා කලා......මන් නැගිට්ටා.මුලු හෝල් එකේම අත්පොලොසන් නැගෙනකොට මගේ කකුල් හිරිවැටුණා වගේ....
ඇත්තටම අපි හරියටම පටන් ගත්තේ පුංචීයට...ඒ කියන්නේ මගේ වයිෆ්ගේ කරේ චේන් එක බෑන්ක් එකේ තියලා......
මන් මහන්සී උණා.අත් වල කරගැට දානකම්.......නිදි මැරූවා.......ගනන් කරන්න බැරිතරම් දවස් ගානක්.......මන් වගේම මගේ කෙල්ලත් මහන්සී උණා........
දරුවෝ ලැබෙන්න ඉන්නවා කියලා එයා පැත්තකට උන් නෑ..එයා ඒත් වැඩකලා......
එයා නැත්තන් මේ සම්මානේ විතරක් නෙවෙයි යශ් දිසානයක කියලා කෙනෙකුත් නෑ.........
ඉතිම් මන් මගේ වයිෆ්ට පිං කියලා කියනවා..මගේ ජීවීතේට හැමදේම දුන්නට..........ලස්සන දරුවෝ තුන් දෙනෙක්.........ලස්සන ජීවීතයක්....
ඉතිම් මගේ නිල්මානෙල් මලට ස්තූතියි.මේ හැමදේම එයා නිසා.......මැණික මන් ආදරෙයි...........
හැමෝගේම ඇස් වල කදුළක් කොල්ලගේ කතාවට.........යශ් කෙල්ලගේ අතින් අල්ලගෙන ස්ටේජ් එකෙන් බැස්සා........
මන් සතුටින් හිනා උණා....අවුරුදු විසිහයක් මට.........දරුවෝ තුන් දෙනෙක් ඉන්න අම්මා කෙනෙක්.......වගකීම් පිරිලා ගියපු ගෘහනියෙක්...........
ජීවීතේ දිනන්න උදව් කරපු මේ අහිංසක මැණික දිහා යශ් බැලුවේ ආදරෙන්....ජීවීතේ දිනන්න අත දීපු මැණික......කලු කෙල්ලෙක් කියලා අත ඇරලා දැම්මා නම් එදා යශ් පරාද වෙච්චී තාත්තා කෙනෙක්.....ඒත් අද මුලු ලෝකේම අයිති කර ගත්තා වගේ ආඩම්බරෙන් ජීවත් වෙන සැමියෙක්........
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මන් සුරංගනාවී.................
දන්නවනේ මාව.................නේද...........
මන් නැගිට්ටා අම්මගේ ඩයරිය වහලා තියලා.....
හ්ම්ම්ම් ඔව් දැන් අම්මට වද දුන්න සුරංගනාවීත් අම්මා කෙනෙක්........මල්ලිලා දෙන්නම රට එයාලා ලගදිම එයි තාත්තාව බලන්න...මෙහේ හැමදාටම නතර වෙන්න......
මගේ අම්මා තමයි මේ ලොකේ හිටපු හොදම අම්මා........එයා තමයි එයාගෙ හුස්ම ටික මට දීලා ජීවත් කලේ......
අම්මගේ සුරංගනාවීව දාලා අම්මා ගිහිම් දැනට මාසයක්............තාත්තා එදා ඇඩුවේ නෑ...එයා අම්මගේ මුණ දිහා බලන් හිටියා........අම්මාත් දුකින් නෙවෙයි ගියේ............සතුටින්..........
සුරංගනාවී මොනාද මැණික කල්පනා කරන්නේ..........එන්න තාත්තාට කෙල්ල වද දෙනවා.........
නෑ #මියු අර ඈත පේන තරුව අම්මා.තාත්තා එනකම් ඉන්නේ..ඒ එයා......එයා තාම මගේ ලග ඉන්නවා මියු.....අම්මා මට ගෙනත් දෙන්නකෝ........ඔයාට හැමදේම කරන්න පුලුවන්...ප්ලීස්...........
අනේ සුරංගනාවී.......මැණික.අම්මා ඉන්නවා අපේ ලගම...........ඔයා දන්නවනේ ඒක.....එන්න යන්.............කෝහ්.......
අන්න අපේ කෙල්ල සීයට වද දෙනවා....ගිහින් ගනින් බන්....
ඇත්තටම මගේ කෙල්ල අම්මගේ කපාපු පලුව...අවුරුදු විස්සක් දැන්..වල ගැහෙන කම්බුල්.......දිග කොණ්ඩේ.....ඒ හැමදේම අම්මා..........මන් දන්නේ නෑ ඒ කොහොම උණාද කියල...........😥😥😥ඒත් මට දෝණීව දකිද්දී අම්මව මතක් වෙනවා........
සුරංගනාවී.......පුතේ...........
මන් ඉස්සර වගේම තාත්තා ලගට ගිහින් වාඩී උණා.........
අම්මා මතක් කරලා අඩන්න එපා පුතේ.......එයා මන් එනකම් ඉන්නේ......තාත්තාත් ගොඩාක් කල් ඉන්නේ නෑනේ.........මගේ පුතා අඩන්න එපා......
නෑ තාත්තේ අම්මා මගේ අම්මා #සංසාරේම.............එච්චරයි..............
මන් ඉන්න තැනින් නැගිටලා එළියට ගියා....ඉස්සර මන් අඩනකොට අම්මා මාව වඩාගෙන නලවන හැටි ඇස් දෙක පියාගෙන මතක් කලා.......ඇස් කෙවෙනි වල කදුලු පිරුණා හදිස්සියේ.............
මාව වෙලාගෙන යන පිච්ච මල් සුවද අම්මා නැති උණ දවසේ ඉදලම මට දැනුනා අදත්....
අම්මා............
ඔව් ඒ අම්මා පුතේ..............ඒ ඔයාගේ අම්මා එයා අපි ලගමයි..............
ආදරෙයි මගේ නිල්මානෙල් මල.උඹගේ සුවදත් මට සනීපයි.යශ් හිමින් මිමිනුවා.❤️❤️❤️🖤🖤
නිමි.........


No comments:

Post a Comment

UNIVOTEC එක ගැන

UNIVOTEC එකේ පාඨමාලා සහ වැඩි විස්තර සදහා පහත ඇති PDF ෆයිල් එක භාවිතා කරන්න. https://drive.google.com/open?id=1zbMNZ14FNiYV2f34K91x1KqpKmid...