යශ් ඔහොම හිටපන්...........
යශ් ගැස්සිලා ගියා.කොල්ලා පස්සට හැරුණේ කලබලෙන්......
දහම් එක්ක දේශ් ඇවිත්........දහම්.කොල්ලගේ පිටට තට්ටුවක් දැම්මේ කලබල වෙන්න එපා කියන්න........
යකෝ මේකාගේ ගැණී අතුරුදහන් වෙලා මූ ගස් ගල් උඩ ඉදගෙන මහන්සී අරිනවා.......
නෑ අයියේ මන් නිකම් වාඩී උණේ.කෝ අම්මලා....සුරංගනාවී කෝ..............
සුරංගනාවී අඩනවා බන්.....දෙව්ලි ගැන අහලා අඩන්නේ.......
ශිට් ඒකනේ.......කෙල්ල පවු...........අනේ අයියේ උඹලා දෙන්නා අම්මා ලගට වෙලා හිටපල්ලා.මන් කෙල්ලව හොයාගෙන එන්නම්.......
මේ අහපන්කෝ නංගී ලග ෆෝන් එකක් නැද්ද.මායි උඹලගේ අයියයි මේ පැත්තට යන්නම් උඹ අනික් පැත්තට පලයන්.විරාජ් දන්සල් තියෙන පැත්තට ගියා.......ඉක්මනට පලයන්...කෙල්ල බයවෙලා ඇති.....
දේශ් මොහොතකට හරි සහෝදර භූමීකාවට පන පොවනවා.දේශ්ගේ හිතත් මොකක්ද වෙලා ගියේ තමන්ගේ සහෝදරයගේ මුණ දැකලා.........
මූට දුකයි වගේ...😂😂😂ඒකී මොන මගුලේ ගියාද මන්දා.....මේ කෙල්ල අරකීට හපන් වගේ..........
හරි.දහමා.........පිං මචන්.............
යශ් හිටියේ කලබල වෙලා.......ඇත්තටම කිව්වොත් කොල්ලගේ හදවත අසාමාන්‍ය විදියට ගැහෙනවා.හ්ම්ම් බයට.....කොල්ලා ඉන්න තැනින් නැගිට්ටා.........
පොසොන් කියන්නේ අනුරාධපුරේට සෙනග එන කාලේ......ඒ සෙනග පාලනය කර ගන්නත් අමාරුයි පොලිසීයටවත්.........අඩියෙන් අඩිය දන්සල්.......කොයි දන්සලෙන් කන්නද කියලා හිතාගන්න බැරිව මිනිස්සු ලත වෙනවා.😂.
යශ් හැමතැනම ඇවිද්දා.කකුල් දෙක රිදෙනකම් ඇවිද්දා........එනවුස්මන්ට් එකක් දීලා කෙල්ලගේ නම කිව්වා නම් හරි.....ඒත් කෙල්ල ඇහෙන මායිමක ඉන්නවද දන්නේ නෑ.............කොහේද ගියේ මැණික..........
මන් ඔහේ ඇවිදගෙන ගියා..යන්න තැනක් ගැන මට හිතාගන්න බැරි උණා.....මන් ජයශ්‍රී මහා බෝධියේ මලුවේන් ඉද ගත්තා.එතන තිබ්බේ බෝධි පුජාවට මන් වැදගෙන හිටියේ ශ්‍රද්ධාවෙන්............
යශ් එතන තිබ්බ එනවුස්මන්ට් දෙන තැනට ගියේ හිත කලබලෙන්...........
මොකක්ද මහත්තයා ප්‍රශ්නේ...............කවුරු හරි අතරමං වෙලාද ආපු ටීම් එකේ........
ඔව් මගේ වයිෆ් සර්.........එනවුස්මන්ට් එකක් දාන්න පුලුවන්ද ප්ලීස්...........
කෑගල්ලේ සිට පැමිණි #දෙව්ලි අපිව ඇහෙන මායිමේ සිටී නම්. ...............
යශ් අත් දෙක බැදගෙන එනවුස්මන්ට් එකට කන් දුන්නා........යශ්ට හදිස්සියි කෙල්ල එනවා නම්...........ඒත් පැයක් ගියත් කෙල්ල නෑ.............
මහත්තයා නෝනා නෑ නේද..අනේ මන්දා......මේ එනවුස්මන්ට් එක ඇහුණා නම් එනවනේ.........ඇහෙන්නේ නැති තැනක වත් ඉන්නවද දන්නේ නෑ...........
ක.මක්....නෑ.සර්..........මන් බලන්නම්..........
රුවන්වැලි මහා සෑයට යද්දී කොල්ලා ගැස්සුනේ කෙල්ල දැකලා..දෙයියනේ මගේ කෙල්ල..කෙල්ලගේ වගේම කොණ්ඩේ දිග කෙල්ල........කෙල්ල ඇදලා හිටපු ටොප් එකමයි............
යශ් එහෙමම දුවගෙන ගිහිම් කෙල්ලගේ උරහිසෙන් තදකරලා අල්ල ගත්තා.ඒත් එක්කම පස්ස හැරුන කෙල්ල යශ් දැකලා ඇස් දෙක ලොකු කරගත්තා........
කවුද ඔයා.ඇයි මාව ඇල්ලුවේ...........අත අරිනවා මාව..............
සො.....රි.........නංගා.....මගේ වයිෆ් අතරමං වෙලා.....ඒයා කියලා හිතුවේ සොරි...........
යශ් එහෙමම පස්ස නොබලා ආවේ හිතේ ලැජ්ජාවට.කොහේද උඹ ඉන්නේ දෙව්ලි.....මාව නොමරා මරනවා උඹ මේ ටිකට..........
යශ් එහෙමම හැරුණේ ජයශ්‍රී මහා බෝධිය පැත්තට.කවදාවත් හිතේ ශ්‍රද්ධාවෙන් කවදාවත් ප්‍රාර්ථනා නොකරපු මහම මහා ආඩම්බරකාරයා වැදගෙනම ජයශ්‍රි මහා බෝධියේ මලුවෙන් වාඩී උණා.........
ඔබ වහන්සේගේන් මන් කවදාවත් කිසිම දෙයක් ඉල්ලලා නෑ.මොකද මට ඉල්ලන්න තරම් දෙයක් තිබ්බේ නෑ......මන් ඉල්ලුවා මගේ දරුවාගේ අම්මාව බේරලා දෙන්න කියලා.ඒත් ඒක කොහොමද ඔබ වහන්සේට නොපේණුනේ...........එද මගේ දිහා බැල්ම වැටුන් නෑ......අදවත් බලන්න මගේ දිහා...............
මගේ කෙල්ලව මට පෙන්නුම් කරන්න පුලුවන් නම්.....ඒකී නැත්තන් මන් ජීවත් වෙලත් වැඩක් නැතිවෙයි..........
මගේ සුරංගනාවී වෙනුවෙන්ම පේ වෙලා ඉන්න ඒ කෙල්ල මට වටිනවා.......මන් දන්න විදියට මගේ කෙල්ල කාටවත් වැරද්දක් කරලා නෑ............
මන් මේ ඔබ වහන්සේගේන් දෙයක් ඉල්ලන අන්තීම පාර...........එක පාරක් මගේ දිහා නොබලාම හිටියට කමක් නෑ.අදවත් බලන්න..........
යශ් ඇස් දෙක ඇරියා............යශ්ගේ හිතේ තිබ්බේ මහා පුදුම ශක්තියක්.......ඔව් ඒකට කියන්නේ ආදරය....ආදරය කියන්නේ මහ ලොකුම ලොකු ශක්තියක්.........ඒක දැනෙන මිනිස්සු මේ ලෝකේ හරිම අඩුයි..........හ්..ම්ම්ම්ම්
යශ්ගේ ෆෝන් රින්ග්ස් යනවා.යශ් හිතුවේ කෙල්ල හිටියා කියලා හිතාගෙන.......
අයියේ කෙල්ල හිටියද............
නෑ කොල්ලෝ.සුරංගනාවී නිදි.අපි හොටෙල් එකට යන්නම්........දෙව්ලි හොටෙල් එකට ගියාද දන්නේ නෑ........
හරි හරි විරාජ්ටත් කෝල් කරලා බලලා හැමෝම හොටෙල් එකට යන්නම්.මන් තව ටිකක් බලන්නම්......
යශ් කෝල් එකත් කට් කරලා හැරුණේ යන්න....ඒත් බෝධියට වැදගෙන සැරින් සැරේට කදුළු පිහින කෙල්ලව දැක්කාම යශ්ට හීල්ලුනා.අනික් පැත්තට හැරිලා බෝධීයට නමස්කාර කලා............
ඔබ වහන්සේගේ හාස්කම් මට හිතාගන්න බෑ.....ඔබ වහන්සේට පිං සිද්ධ වෙනවා...🙂
යශ් ගිහින් කෙල්ල ලගින්ම වාඩී උණා.......
චුට්ටී තමුසේ අපි හොයන බව දැන දැනමද මෙතනට වෙලා හැංගීමුත්තන් කරන්නේ.....
මන් ගැස්සිලා ගියා.......මගේ ලග වාඩී උණ යශ්ගේ අත තද කරලා අල්ලගෙන මන් යශ්ගේ උරබාහුවට මගේ මුණ තද කරගත්තා...............
ය......ශ්.........මා.ව......තනි..යම.......දා...ලා..යන්න.......එ.....පා..........මට බයයි.......
මන් කොහේවත් යන්නේ නෑ චුට්ටී.එහෙම යන්න ඔනී නම් මෙහෙම උඹව හොයාගෙන මේ දාස් ගාණක් මිනිස්සු මැද්දේ එන්නේ නෑ...එනවා යන්න දැන්වත්...........
තමුසේ මහා හිතුවක්කාර කෙල්ලෙක්...තමුසේ නිසා අපේ ට්‍රිප් එකත් අවුල් උණා මගුල........
මන් තමුසේට කීපාරක් අත දුන්නද අල්ල ගන්න කියලා.තමුසේට කිසිම උවමනාවක් නෑ.........එනවා දැන්වත් යන්න.........
අතරමං කරලා දාන්නයි තියෙන්නේ.එතකොට කොහෙන් හරි හොයාගෙන එන්න නැතැයි.....පිස්සී........
මන් යශ්ගේ ඇගිලි වලට මගේ අත පටලව ගත්තා........කේන්තී ගියාම තම යශ්ගේ ලස්සන..........හීහ්.........
සො......රි....අයි...යේ...
සොරි....බලනවා තමුසේ වැරදී කරනවා.ඊට පස්සේ සොරි කියනවා.මොන විකාරයක්ද ඒක............මට තමුසේ එක්ක පුදුම තරහක් තියෙන්නේ ඕයී.පුදුම තරහක්.........
මන් බිම බලාගෙනම ආවා........යශ්ට තරහා ගිහින්......
තමුසේට කන්න මොනා හරි අරන් දෙන්නද.......ම්ම්ම්.ඉස්සෝ වඩේ........
එපා.............
ඇයි.බඩගිනි නැද්ද........මන් කනවා තමුසේ ඉන්නවා එහෙනම් ඔහොම........කන්න අරන් දෙන්න හැදුවත් එපා කියන කෙල්ලෙක් දැක්කමයි.......
මන් බාරයක් ඔප්පු කලා......ඒක නිසා මන් දවස් හතක් යනකම් පිළිහුඩු ජාතී කන්නේ නෑ..සුරංගනාවීට කතා කරන්න පුලුවන් උණොත් මන් ජයශ්‍රී මහ බෝධියට බොධී පුජාවක් තියනවා කියලා භාර උණා......ඉතිම් මන් ඒ බාරේ වෙලා දවස් හතකට පස්සේ එයා මට අම්මේ කියලා කිව්වා...............
හ්ම්ම්ම්ම්.....යශ්ගේ හිතත් මොකක්ද උණේ තමන්ගේ දරුවෙක් නොවුණත් දෙව්ලී චුට්ටී වෙනුවෙන්ම කැප වෙලා ඉන්න හැටි දැකලා..........
අඹ අච්චාරුවක් අරන් දෙනවද........ම්ම්ම්ම්
කෙල්ල ඇගිල්ල දික් කරලා කියද්දී යශ් ගිහිම් අඹ අච්චාරූ ගොට්ටක් ගෙනත් කෙල්ලගේ අතේන් තිබ්බා...........
ඇඹුල් නෑ.කන්නකෝ...............එක කෑල්ලක්.......රසායි............
යශ් ආසාවට කෑල්ලක් අරන් කටෙන් දා ගත්තත් මුලු ඇගම හිරි වැටිලා ගියේ ඇඹුල් වැඩිකමට.............
එපා.........එපා.තමුසේම කනවා....ඈහ්.ඇඹුල්.දත් ටිකත් ඉවරයි තමුසේගේ අච්චාරුව කාලා......තමුසේගේ දත් ටික යකඩෙන්ද හදලා තියෙන්නේ හිරිවැටෙන්නේ නැතුව කන්නේ මෙච්චර ඇඹුල්......
කවුද කන්න කිව්වේ....බෑ නම් බෑ කියන්න එපැයි.......දුන්න ගමන් අරන් කටේ දා ගත්තේ.......
යශ් බැලුවේ යශ්ගේ අතේ එල්ලීලා අඹ කකා එන්න යශ්ගේ නිල්මානේල් මල දිහා.....දෙතුන් දෙනෙක් කෙල්ල දිහා බලනවා දැක්කාම යශ්ට ආවේ කේන්තියක්....
එනවා යන්න මෙහේ සෙනග වැඩි අරහෙට යන්......තමුසේ ආයේම අතරමං උණොත් මට ආයේ හොයන්න බෑ.එහෙම උණොත් දාලා යනවා මන්........
මට කතා කරන්න වෙලාවක් තිබ්බේ නෑ.මගේ සිහිය තිබ්බේ අඹ මල්ලේ.....ඔන්නේ ඔහේ බැනපු දෙන් ඉතිම් මගේ ඇගේ වදිනවද බැන්නාම.........
යශ්යි මායි පයින්ම හොටෙල් එකට යන්න පාරට බැස්සා.....අඹ මල්ල කාලා මන් කැන්ද කොලේත් විසී කලා..තව මොනා හරි බඩට වට්ට ගන්න තිබ්බා නම් හොදයි කියලා හිතුනත් යශ්ට කරදර කරන්න බෑනේ.එයා හිතයි මන් පෙරේතයි කියලා...😁..🙂
අහසේ හද පායලා තිබ්බේ පුදුම ලස්සනට......මන් හද දිහා බැලුවේ පුදුමෙන්........තරු පොකුරු පොකුරු පායලා......මේ තරම් ලස්සන අහසක් මන් කවදාවත් දැකලා නෑ...............
යශ්......................
කෙල්ල කතා කරනවා.....යශ් කෙල්ලගේ දිහා බැලුවේ පුදුමෙන්.........
ඉස්සර මන් මම්මා එක්ක අනුරාධපුරේ එනවා.......... හැම පොසොන් පොයටම........
ඇයි ඒ............
ඉස්සර අපේ පන්සලේන් පොසොන් පෝයට පන්සලෙන් ලොකූ දන්සලක් දෙනවා.මන් මම්මා එක වරද්දන්නේ නැතිව එනවා හැමදාම.........
එහෙම තමයි චුට්ටී අපි ආදරේ කරන අයට අපි ලගම හැමදාම ඉන්න බෑනේ.අපි හැමෝටම යන්න දවසක් තියෙනවා.එදාට යන්න ඔනී.......ඔයාට සුරංගනාවී ඉන්නවා.............අම්මා ඉන්නවා..........හැමෝම ඉන්නවනේ.........
ඔව්..........මන් ලොකු හුස්මක් ගත්තා........යශ් කියන්නේ ඇත්ත.මන් ඒ අතීතය ගැන දැන් හිතලා වැඩක් නෑ.......
දන්නවද චුට්ටී......ඉස්සර වෙසක් පෝයට දන්සල් දෙනවනේ.සුරංගනා මාත් එක්ක රණ්ඩු වෙනවා ඒවාගෙන් කන්න ඔනී කියලා.මට දන්සල් දකිනකොට එයාව මතක් උණා.........අපි හැමෝටම අමතක කරන්න බැරි අය ජීවීත වල ඉන්නවා...............
එයාගේ අඩුව මකන්න කාටවත් බෑ දෙව්ලි............හැමදාම ඒ අඩුව මගේ හිතේ ඒ විදියටම තියෙයි............
හ්ම්ම්.
මන් එහෙමමම යශ්ගේ අත අතඇරියා...මේ අත අල්ලගෙන ඉන්න මට අයිතියක් නෑ....යශ්ට ඉස්සර උනා මන්..සුරංගනා කොච්චර වාසනාවන්තද.....යශ් එයා වෙනුවෙන්ම තාම බලන් ඉන්නවා..........තාමත්........
ආහ්......ආවු...😥😥😥😥පාරේ තිබ්බ ගලක මගේ පය හැප්පුනේ හිතන්නවත් නොදි මට......මන් එහෙමම විසී වෙලා යද්දී මන් කකුල අල්ලගෙන එහෙමම පාරේ ඉද ගත්තා..........
කෝ නැගිටිනවා.....නියපොත්ත වැදුණද..උඩ බලාගෙනනේ යන්නේ.කෝ එනවා යන්න..........ඇත්තටම චුට්ටී තමුසේ ඉන්නේ සිහියකින් නේවෙද............
හොටෙල් එකට කිලෝමීටර් එකක් විතර පයින් යන්න ඔනී.......මන් කොර ගහා ගහාම යශ්ගේ අත අල්ලගෙන අඩිය තිබ්බා.........
අපි හොටෙල් එකට ආවට පස්සේ මන් සුරංගනාවී ගන්න කියලා කියත් අම්මාගේ මුණ ඇද උණා.........
අනේ පුතේ සුරංගනාවී අද මන් ලග හිටපු දෙන්කෝ........මගේ දෝණී ගැන මන් බයෙන් හිටියේ.පුතා කෝල් කරලා කිව්වාම ඔයා හිටියා කියලා එතකොට තමයි මට සැනසීමක් ආවේ.............ජයශ්‍රී මහා බෝ හාමුදුරුවන්ගේ පිහිටයි ඔයාට..........
හා අම්මේ මන් යශ්ට කියන්නම්.........
මන් එහෙමම රූම් එකට ගියා.මන් යනකොට යශ් ශර්ට් එකත් ගලවගෙන ඇදෙන් වැටිලා.....පවු එයාටය්හ් මහන්සී ඇතී......
අම්මා කිව්වා අද සුරංගනාවී එයා ලග තියා ගන්නම් කියලා.......මන් සුරංගනාවී ගන්න ලෑස්තී උණාම එයා මුණ එල්ල ගත්තා.පවුනේ.....ඒ නිසා මන් තියලා ආවා.......
යශ්ට තේ එකක් වත් හදලා දෙන්න.දැන් රාධාව ඇහැරවන්නත් බෑනේ.පවු එයාටත් මහන්සී ඇති..මන් කිචන් එකට යන්න කියලා අනික් පැත්තට හැරෙද්දී යශ් මට කතා කලා.............
චුට්ටී..........මේ බලනවා..........
යශ් මාව එයාගේ පැත්තට හරව ගත්තා..........
සුරංගනාත් හිතන්නේ තමුසේ හිතන විදියටමයි...එයා කවදාවත් අනිත් අයගේ හිත් රිද්දන්න කැමති නෑ...........
මන් මොකුත් නොකියා කිචන් එකට යන්න හැදුවත් යශ් ඇවිත් මගේ ඉස්සරහා හිට ගත්තා......
තමුසේ මගේ සුරංගනාට ජෙලස් නේද........මට ඒක මුණේන් පේනවා.......ඇයි චුට්ටී ඔයා එහෙම..........ඇයි ජෙලස්.......
මන් ගල් ගැහුණා.මන් මොකටද එයාගේ සුරංගනාට ඉර්ශියා කරන්නේ.මට ලැබෙන දෙයක් තියෙනවද.යශ් මේ මොනාද කියවන්නේ.......
මන් මොකටද ඉර්ශියා කරන්නේ.එයා ලස්සනයි.මන් කැතයි.......ඒකනේ වෙනස...........අනිත් එක මන් කැත උණා කියලා ඔයාට මගෙන් ඔහොම අහන්න අයිතියක් නෑ.ඔයාගේ සුරංගනා ලස්සනයිනේ.........මාත් ලස්සන උණා නම් මගෙයි එයාගෙ කිසිම අසමානකමක් නෑ නේද..............
ඔයාටනේ උවමනා උණේ මාව කසාද බදින්න...ඔයාට මාව ඔච්චරම එපා වෙනවා නම් ඇයි කලින් ඒක හිතුවේ නැත්තේ......ඇයි ඔයාට මන් කැත කෙල්ලෙක් කියලා පෙනුන් නැත්තේ යශ්....
මන් දන්නවා ඔයාට ලැජ්ජා ඇති මාත් එක්ක පාරේ බැහැලා යන්න..මන් දන්නවා..........
දන්නවද මගේ මම්මා විතරයි මට මේ ජීවීතේ ඇත්තටම මට ආදරේ කලේ.....මගේ මම්මාට ඇරෙන්න මට ආදරේ කරන්න මේ ලෝකේ කවුරුත් ඉතුරු උණේ නෑ යශ්.......ආදරයක් ලැබුණේ නෑ කියලා මට දුකක් නෑ.....කවුරු ආදරේ කලත් නැතත් මන් මේ ලෝකේ ජීවත් වෙනවා...........
මන් ඇඩුවේ නෑ........අඩන්න තරම් මට දුකක් හිතුණේ නෑ..........මන් කිචන් එකට ගිහින් යශ්ට තේ එකක් හදාගෙන ඇවිත් යශ්ව බැලුවත් යශ් හිටියේ නෑ.......මන් කප් එක පිරීසීයෙන් වැහුවා.........
වොශ් රූම් එකේ යශ්.....වොශ් දානවා ඇති...........
මාත් එළියේ තිබ්බ වොශ් රූම් එකට ගිහින් දත් මැදලා ඇග චුට්ටක් සෝදගෙන ඇවිත් ඇදේ කෙලවරකින් ඇල උණා..........
නිදාගෙන ඉන්න කෙල්ලගේ දිහා බලපු යශ්ට දැනුනේ යශ් ගැනම අපුලක්....ඒ වෙලාවේ මේකීහේ කණට දෙකක් දීලා පපුවට තුරුල් කරගන්න බැරි උණානේ.ශිට්............
යශ් ලයිට් එක ඕෆ් කරලා ඇදට වැටුණා.........කෙල්ලගේ හුස්ම ගන්න සද්දයක් වත් ඇහෙන් නෑ...........
#චුට්ටී.....මෙන්න මෙහේ වරෙන්.....
යශ් අත හෙමින් කෙල්ලගේ පැත්තට දික් කරලා කෙල්ලගේ බඩ මැද්දෙන් අත දාලා යශ් ලගට ඇදලා ගත්තා..........
මන් ගැස්සුනා..........යශ්ව තල්ලු කලත් එයාව හොල්ලන්නවත් මට බෑ.........
තමුසේ මොනාද කිව්වේ....සුරංගනායි තමුසේයි දෙන්නෙක් කිව්වා නේද......ම්හ්හ්....තමුසේ කැතයි එයා ලස්සනයි කිව්වා නේද........ආහ්.කිව්වා නේද........
කියනවා...............තමුසේ එහෙම කිව්වා නේද...............
මන් මොකුත් කිව්වේ නෑ.......මන් අත් දෙකෙන් යශ්ව තල්ලු කලා.ඒත් යශ් මාව අත ඇරියේ මෑ.......
කියනවා.....ඇයි තමුසේ මේ පැනලා දුවන්න හදන්නේ අර ඉස්සරලා පැහිච්ච අම්මන්ඩී කෙනෙක් වගේ කියෙව්වා නේද......ඉතිම් දැන් ඒ වගේ කියවනවා.........කෝ.........චන්ඩියා ඇයි මේ............
යශ් ම..න් දෙ..ව්..ලිනේ...සුරං..ගනා. නෙ...වෙ..යි...අත අරින්නකෝ.මගේ අරිදෙනවා..........අත අරින්නකෝ...............
යශ් හිටියේ පුදුම තරහකින්....ඒ තරහා පිට කරන්න කෙල්ලට රිදවන්න ඒ හිතට හිතක් නෑ.....යශ් බිත්තියට හේත්තූ වෙලා කෙල්ලවත් එහෙමම යශ්ගේ ලගට ඇදලා ගත්තා..............
උඹ හිතාගෙන ඉන්නේ දැන් උඹ මෙහෙම දැගලුවා කියලා මන් බය වෙයි කියලද.ආ...........මන් බය වෙන්න ඔනීද........මට ඔනී දෙයක් තමුසෙට කරන්න පුලුවන්.ඔනී දෙයක්.............
මන් යශ් දිහා බැලුවේ ගැස්සීලා...........ඒ ඇස් ගිනි ගන්නවා වගේ......
ම.....ගේ..... අත මිරික...න්....න එ....පා යශ්.........රිදෙ......නවා......
උඹගේ අත රිදෙනවා නේද........මගේ හිතයි රිදෙන්නේ.උඹ ඒ කියපු වචන වලට මන් මැරිලා ආයේමත් ඉපදෙනවා.....මන් උඹට ආදරේ කරනවා දෙව්ලී....හැම තප්පරේම මන් දැක්කේ උඹ........උඹ ගැන විතරයි හිතන්නේ.ඒකයි මගේ වැරද්ද..මාව මරලා දාපන් චුට්ටී.......මරලම දාපන්..................
උඹ කැතයි කියලා උඹම කියාගන්නවනේ........උඹම කියාගනින්.....
මගේ සුරංගනාවීගේ අම්මා උඹ..........උඹ එන්න කලින් මගේ මැණික වචනයක් කතා කරගන්න බැරිව හිටියේ............වචනයක්.............උඹයි මගේ සුරංගනාවී...........මගේ ජීවීතේ සුරංගනාවී..........
මගේ සුරංගනාවීගේ අම්මා උඹ..........උඹ එන්න කලින් මගේ මැණික වචනයක් කතා කරගන්න බැරිව හිටියේ............වචනයක්.............උඹයි මගේ සුරංගනාවී...........මගේ ජීවීතේ සුරංගනාවී..........
මගේ දරුවා වෙනුවෙන් හිටපන්......මන් වෙනුවෙන් නෙවෙයි.....මගේ අහිංසක කෙල්ල වෙනුවෙන් හිටපන්..............
ඒකී ටිකක් ලොකු කරලා දීලා පලයන් දෙව්ලී.......උඹ ඒකීගේ අම්මා නෙවේ කියලා මට කියන්න තරම්............
යශ් දෙයියන්ගේ නාමේන් ඇතී...............ඔය කියෙව්ව්වා ඇතී...........
එපා උඹ මට වෛර කරනවා.ඒකයි ඇත්ත දෙව්ලී.........මන් සුරංගනා ගැන කියවන්නේ උඹට ආදරේ නැති නිසා නෙවෙයි.ඒකී මට පන වගේ හිටියා...........ඒකයි.............ඒ මගේ දරුවගේ අම්මා.............
මන් පලි ගන්න හිතාගෙන උඹව බැන්දට උඹත් එක්ක මගේ දැන් තරහක් නෑ දෙව්ලී .කිසිම තරහක් නෑ.....මාවයි සුරංගනාවීයි දාලා යන තැනක පලයන් මැණික.......පලයන්.......අපි ආයේම හිටියා වගේ ජීවත් වෙන්නම්.............
යශ්..............ඇති............යශ්...සමාවෙන්න......ම.....න්....එච්චර හිතුවේ නෑ..........
යශ් අඩනවා........මන් යශ්ගේ ඇස් වල කදුළු පිස්සේ වේදනාවෙන්....අදහන්න ලෝකේටම පේන්න හිටපු මහා දඩබ්බරකාරයා අඩනවා.........මන් අදහන්නේ කොහොමද............
අයියේ ඇති.වදින්නම් එපා...ඔයා අඩන්නේ ඇයි...........ම......න්....ඔයාට...ආදරෙනේ.......
ඔයයි...සුරංගනාවීයි ඇරෙන්න මගේ ජීවීතේ කවු...රුත් නෑ අයි..යේ....කවුරු...ත් නෑ.......ඇයි මේ එහෙම තියෙද්දීත් ඔයා මෙහෙ.ම......
ඔයයි...සුරංගනාවීයි ඇරෙන්න මගේ ජීවීතේ කවු...රුත් නෑ අයි..යේ....කවුරු...ත් නෑ.......ඇයි මේ එහෙම තියෙද්දීත් ඔයා මෙහෙ.ම......
යශ් ගැස්සුනා.කෙල්ලගේ මුණ යශ් දෝතටම ගත්තේ ආදරෙන්........
මොකක්ද කිව්වේ මැණික.........ම්ම්ම්.මොකක්ද කිව්වේ...............
#ආදරෙයි_කියලද_කිව්වේ මැණික.........
මන් ජීවත් වෙන්නම් ඔයයි සුරංගනාවීයි වෙනුවෙන්..........ජීවීත කාලේම....මට යන්න කියන්න එපා අයියේ.......මට ඔයාලා ලගින් කොහේවත් යන්න බෑ.....
මන් ඔළුව වැනුවා....
මගේ චුට්ටී............යශ් මාව එහෙමම ඒ පපුවට ඇදලා ගත්තා..........අදහන්න ජීවීතේ කවාදවත් නොලැඹුණ ඒ උණුහුම මන් ඇස් දෙක පියාගෙනම වින්දා........
චුට්ටී.............කෝ ඇස් අරිනවා.............මට බලන්න ඔනී..............
මන් තමුසේව මගේ කර ගත්තට කමක් නැද්ද චුට්ටී........ම්ම්ම්ම්.............
මන් මොකුත් කියන්නත් කලින් යශ් මගේ තොල් යශ්ගේ තොල් වලට මැදි කර ගත්තා........
නිල්මානේල් මලක් යශ්ගේ උණුහුමට නතුවෙලා..........යශ්ගේ මුලු ජීවීතේම ලේ වල දැන් ඉන්නේ කෙල්ල.මේ පුංචී නිල් මානේල් මල..............ඉතිම් යශ්ගේ ජීවීතේ පුරාම මේ නිල්මානේල් මල පිපිලා තියේවී
මට විශ්වාසයි...........
මට විශ්වාසයි...........
චුට්ටී..............
ම්ම්ම්ම්ම්ම්.............
දුකයිද..................
ඇයි....................
බැදපු මනුස්සයෙක්,චුටී දෝණියෙක් ඉන්න.......එයාගේ වයිෆ් උණාට......
නෑහ්......ඔයාට තරම් මට කවුරුත් ආදරේ කරන්නත් බැරිවෙයි යශ්..........සුරංගනාවී මගේ ජීවීතේනේ..එයා නැතිව මොන දේ තිබ්බත් මට එපා යශ් මොකුත්ම............
යශ් මගේ නළලට හාදුවක් තැවරුවා.යශ් ලග එච්චර ආදරයක් තියෙනවා කියලා මන් දන්නේ අද...🙂
අයියේ...............
ම්ම්ම්ම්ම්..............
ඔයාට ප්‍රශ්ණයක් නැද්ද...........ම්ම්ම්.......
මොකේට ද බන් මන් ප්‍රශ්නයක් කරගන්නේ..
මාව බැන්ද එකට......ඔයා ලොකු බිස්නස්මන්ට් කෙනෙක්නේ....මට මොකුත් නෑනේ.........
ම්ම්ම්හ් නෑ....ඔයා මගේ ලගට ආවාට පස්සේ තමා මේ හැමදේම මට ලැඹුනේ......පුංචීවත් දුකක් නෑ මය.......මට මේ ලෝකේම ඉන්න හොදම වයිෆ්ව හම්බ උණානේ.ඒ ඇති..........
ජීවීතේ කෙල්ලෙක් විදියට ඉදපු පුංචී කෙල්ල දැන් යශ්ගේ පතිනිය....යශ් ඒ පුංචී පපුවට හිස තියාගෙන ඉන්නේ මුලු ලෝකේම එතන වගේ..........
මන් අහලා තියෙනවා මැණික පිරිමින්ගේ මුලු ලෝකේම තියෙන්නේ ගැණියෙක්ගේ පපුවේ කියලා.........ඒක ඇත්ත මගේ මැණික......උඹගේ ආදරේ මට දැනෙනවා..........යශ් කෙල්ලගේ පපුව හිමින් සිප ගත්තා......
යශ් එපා...මට කුචු.......මන් මිමිනුවේ හිමීට...........
මොකාක්......මෙච්චර දේවල් වෙලත් කුචු.........😁😁😂😂කෝ මෙහෙට එනවා.........දැන් දොයියමු.හෙට උදේ නෝනායි මහත්තයායි දෙන්නම නිදි කිරද්දී උදේට නැත්තන් කට්ටිය බලයි මොකද කියලා...........
එක්කෝ මන් කියනවා සුරංගනාවීට මල්ලි බබෙක් ගෙන පියවරේ පලවෙනි පියවර තිබ්බා කියලා........
යශ්...😌😌😌
මට හිනා ගියා........
ආයේ හැමදාම හිනා වෙලාම ඉන්නවද මහේ මැණික............කවදාවත් අඩන්නේ නැතිව....ම්ම්ම්ම්.........
මන් ඔලුව වැනුවා........ජීවීතේ මේ තරම් සතුටක් මට ගෙනත් දුන්නට ස්තූතියි ජයශ්‍රි මහා හාමුදුරුවනේ.......මේ හැමදේම මන් ප්‍රාර්ථනා කලාටත් වඩා හොදට මට ආයේම ලැඹුනා.............
ජීවීතේ සතුටින් ඉන්න පලවෙනි දවස........දෙවියනේ මේ සතුට කවදාවත් නැති කරලා දාන්න එපා........😥😥
❤❤️🖤❤️🖤❤️🖤❤️🖤🖤❤️🖤❤️🖤❤️
මට උදේම ඇහැරුණා.වෙලාව හයට විතර වගේ.අද මිහින්තලේ ගියාට පස්සේ අපේ ට්‍රිප් එක ඉවරයි.........
මන් ඇහැරුණත් මට හෙලවෙන්නවත් බෑ.....අම්මෝහ් මේ යකාගේ අතේ බර......
මන් යශ්ගේ අත හිමින් අයින් කලා.... දෙයියනේහ් කියලා ඇදෙන් නැගිට ගත්තා.....
මන් මගේ කොණ්ඩේ ගුලියක් දාගන්න හැදුවා.....ඒත් මාව එහෙමම ආයේම යශ්ගේ ලගටම ඇදීලා ගියා.....
චුට්ටී ගිහින් සුරංගනාවී ගේනවද....
හ්ම්ම්ම්.......මන් යන්නම්.........ඔයා මුණ සෝදගන්න............
මන් වොශ් රූම් එකට යන්න කියලා හැදුවත් යශ් එහෙමම නැගිටලා මගේ ටීශර්ට් එක ටිකක් පහත් කලා.....
මොනාද කරන්නේ යශ්....එපා...😡😡
අනේ මගුල මට වැඩේමයි.මන් බැලුවේ තමුසේගේ තුවාලයක් වගේ දැක්කා ඒකයි..........
මන් යශ්ගේ දිහා බලන්නේ නැතිව බිම බලාගෙන හිනා උණා....ඒත් මන් ඔළුව උස්සලා යශ්ගේ දිහා බැලුවා.......
ලැජ්ජාකාරී...ඔහොම ඉන්නවා......තමුසේ නම් චුට්ටී......අත අරින්න ලෝභයි මට......😘
මන් මුණත් හෝදගෙන ඉක්මනට ගිහින් නිදාගෙන හිටපු සුරංගනාවී උස්සලා ගත්තා...ඒ චුටී මුණ ආයේ කවදාවත් මට මග ඇරෙන්නේ නෑ............
දන්නවද මගේ චුටී රත්තරං.ඔයා නිසා ඔයාගේ තාත්තීයා මට ආදරේ කරනවා...මේ හැමදේම ඔයා නිසා..........මගේ රත්තරං නිසා.........
අ......ම්..........මී...............යා............
සුරංගනාවී ඇස් ටීක් බෝල කරගෙන මගේ දිහා බලද්දි මන් සුරංගනාවී ඇදෙන් තියලා සුරංගනාවී ලගින් ඇලඋණා..........
මගේ මැණික ඉයේ දෝ ගත්තේ කීඅම්මා ලගනේ......අම්මී ගීම් බබාව දැන් ගෙනාවේ......❤️❤️
කීඅම්මා.බබාත ආදලේයි....ඒතයි.........
තාත්තියා කෝ......................
වොශ් දානවා මගේ රත්තරං........මගේ මැණිකට මොනාද ඔනී.අද අපි සෙල්ලම් බඩු ගොඩාක් ගමු.......මගේ මැණික ආසනේ.......අම්මී එක්ක කුක්කු හදන්න යන්ද.....ම්ම්ම්.........
ඊට කලින් දත් මදිමු....ම්ම්ම්ම්ම්ම්ම්.
මන් සුරංගනාවීගේ බ්‍රශ් එකත් අරගෙන වොශ් රූම් එකේ දොරට තට්ටු කලා....මේ යශ් මොනා කරනවද මන්දා.........
තා.......ත්තී බොලේ ඉක්මනට එන්නකෝ........අපේ සුරංගනාවීට එන්න ඕනීලූ.......කෝ එන්න.කෝ..........
යශ් සුරංගනාවී සෝදවන්න ගත්තට පස්සේ මන් ගිහින් කට්ටියටම තේ හැදුවා.රාධා මගේ ලගට ඇවිත් මගේ අතින් අල්ල ගද්දී මන් ඇස් වලින් ඇයි කියලා ඇහුවා.........
චුටී නෝනා..........මොකෝ.මුණත් එක්ක මොකක්ද වෙලා වගේ..........ම්ම්ම්.........
මොකක්ද රාධා කියන්නේ...........
නෑ නෑ..........වෙනදාට වඩා සිරියාවයි මුණ..මොකක්ද රහස අහන්නේ.....
යනවා යන්න මැට්ටී.මොකුත් නෑ..........මන් හොදින් ඉන්නේ..........ඕපදුප නෙවෙයි වැඩක් බලාගන්නවා..........
චුට්ටී අපි උදේට කෑම හද හද ඉන්න ඔනී නෑ.කඩෙන් කමු..........අම්මලටත් කියන්න....
හ්ම්ම්ම්.............
පොඩ්ඩක් ඉන්නවා ඔහොම.........ම්ම්ම් බොනවා..............
මගේ තේ එක තියෙනවා අයියේ කිචන් එකේ මන් අරන් බොන්නම්..........
මේකේන් ටිකක් බොනවකෝ මැට්ටී........
මන් යශ්ගේන් කප් එක අරගෙන තේ ටිකක් බිව්වා.යශ් මගෙන් කප් එක අරගෙන තේ බොනකොට මන් ඒ දිහා බැලුවේ මොකක්ද මන්දා හිතාගන්න බැරි සෙනෙහකිම්........
දෙයියනේ යශ් මේ තරම් හොදයිද..........
මැණික......හුස්ම ගන්නවා නේද ඒ හැම තප්පරේම මගේ හිතේ ඉන්නේ උඹ........ඉයේන් පස්සේ ගෙවුණ හැම තප්පරයක්ම එහෙමයි..........හැමදාටම......උඹලා දෙනා වෙනුවෙන් විතරමයි මේ යශ් ජීවත් වෙන්නේ...........
සත්තයි............
🖤❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
උඹ මොකුත් කරන්න එපා මිනිහෝ.........අර ගෑණීට කියපන් හරියට විස්තර ටිකක් මට දෙන්න කියලා............
අනේ දයා සර් එහෙම අපිට හිතෙන හිතෙන ඩීටේල්ස ගන්න බෑ............ඒ ගෑණී ගැන යශ් මහත්තයාගේ දැන් සැලකිල්ලක් නෑලු.ඒ ගැණී දැන් බලන්නේ එකවුන්ටින් පැත්තලු...........
උඹ ඔය ටික මට කියලා යන්නද බන් මේ උදේ පාන්දර අපේ ගෙදරටම රිංගුවේ....පලයන් යන්න.මන් වෙන කාට හරි කියලා මගේ වැඩේ කරගන්නම්............
ඕකනේ දයා මහත්තයා කියන්නේ....... ඔයාලගේ කිසිම කෙලෙහී ගුණයක් නෑ කියලා.........මන් වැඩ අනුනමයක්ම හරියට කරලාත් අන්තීම වැඩේ කලාම ඔහොම කියනවා.දුකයි ඈ................
උඹ දුක් වෙවී හිටපන්.යකෝ මන් ණය ශේප් කරගන්නෙත් මාර ගේමක් දීලා.........මට හිතුණොත් මේ ගේවල් දොරවල් විකුණලා ණය ගෙවනවා....
උඹ පලයන් යන්න........උඹ පලයන් යන්න සුනිල් පලයන් යන්න.....මගේ ඇස් වලටත් එන්න එපා.............
එළියෙන් නතර උණු වාහන සද්දේට දයා ගැස්සුනා....අදුරගන්න බැරි මුණක්........
දයා ගැස්සිලා ගියා.......කවුද මේ.........
ක....ක.වුද.......මේ.............මට අදුරන්න බෑනේ.....
ඔයාට ඔයාගේ මල්ලිව අදුරගන්න බැරිද අයියේ..........අර ඔයා මාව සෑහෙන්න කාලේකට මහ උලු ගෙදර යැව්වේ.....
කෝ මගේ දරුවා කියපන්......කොහෙද කෙල්ල ඉන්නේ............උඹලා එකතුවෙලා ඒ අහිංසකීව මරාගත්තද.......කෝ මගේ අම්මා.........
කෝ මගේ දරුවා කියපන්......කොහෙද කෙල්ල ඉන්නේ............උඹලා එකතුවෙලා ඒ අහිංසකීව මරාගත්තද.......කෝ මගේ අම්මා.........
යකෝ ඊයේ හිරෙන් නිදහස් වෙච්චී මට ආයේම හිරේ යන එක මහ ලොකූ දෙයක් නෙවෙයි....උඹ මගේ කෙල්ල ඉන්න තැන කිව්වේ නැත්තන් මන් ඊළගට හිරේ යන්නේ උඹව මරලා.........
අම්මා මැරිලා මාස ගානක්............උඹ දැන් මෙහෙම් පලයම්......මන් පොලීසියට කෝල් කරන්න කලින්........
ඒයී.පොලීසියට කතා කරනවකෝ.........මේන්න මේ මිනීමරුවෙක් ඇවිත්...........
එදා ජපන් යන්න ගියපු සුදත්ලගේ වාහනේ හදිස්සියේ මහ රෑ මගින් කැඩුණා....මාලීකා එක්ක වාහනේන් බැහැපු සුදත් හදිස්සියේ දැක්කේ ඈතින් එන සහෝදරයගේ මුණ........ඔව් ඒ මාරයා කියලා සුදත් දැනගෙන හිටියේ නෑ..........
අයියේ ඇයි මේ රෑම අපේ පස්සෙන් ආවේ............
උඹ පවුනේ ඒකයි.............මේන්න මේකව අල්ල ගනින් බන්........මේකීට වෙඩි තියපන්....පොලීසියෙන් මගෙ එනවනේ.ඉක්මන් කරපන්...
අයියේ මගේ දරුවා.මාලීකාව ඉතුරු කරලා මාව මරපන්....උඹ මේ නටන්නේ දේපළ නිසානේ......මාලීකාව යවපන්.......
එහෙම කියපු දයා තද කරලා සුදත්ව අල්ල ගත්තා.සුදත්ව අල්ලගෙන ඉද්දීම මාලිකාට වෙඩි වැදුණා.....සුදත් එහෙමම ඇදගෙන වැටුණේ සිහිය නැතිව..............
ඕකීට ප්රෙට්රල් දාපන්.......ගිනි තියපන්......
පොලීසියේ වහන සද්දේට සුදත්ගේ අතට ගන් එක තියලා දිව්වා.......
ඕකව අල්ලගනින්....දුවන්න දෙන්න එපා............ගන් එකත් ගනින්.........
ඔව් අවුරුදු විස්සකට කලින් තමන්ගේ බිරිද ඝාතනය කල වරදට අවුරුදු විසිපහකට හිරේ ගියපු සුදත් මේ........මානසික පීඩාව ඉවසන්න බැරිව මානසික රෝගියෙක් විදියට අවුරුදු ගානක් යනකම් දුක් විදපු සුදත් මේ....
මාලීකාගේ පවුලේ කියන්න කිසිම කෙනෙක් හිටියේ නෑ.......මාලීකා ළමා නිවාසේක හැදුණ වැඩුණ තරුණියක්.......ඉතිම් ඒ මිනීමැරුම එහෙමම යටවෙලා ගියේ සුදත් හිර කුඩූවක හිර කරලා................
මම්මා ජීවත් වෙලා හිටියා නම් හිතන් ඉන්නේ අදටත් සුදත් ජපන් වල ඉන්නවා කියලා.
තමන්ගේම සහෝදරයාව පටලපු අනුන්ගේ සල්ලි වලින් ජීවත් උණු මහම මහා තිරිසන් මිනිහෙක් තමන්ගේ පුතා කියලා දන්නවා නම් මම්මා මැරෙන්නේ ඒ දවසට.....
මගේ දුව කොහේද කියපන්........කෝ මගේ අහිංසක දරුවා..............
ඒකීත් මැරුණා.පලයන් යන්න............මන් පොලීසියට කතා කරන්න කලින්........
මට මගේ දේපළ ඔනී........ඒවා දීපන්.....මගේ ඇස් කම්පැනි එකට මොකක්ද උණේ....
හාහ්......උඹගේ දේපළ..අවුරුදු විස්සකට පස්සේ ඇවිත් උඹ දේපළ ඉල්ලනවද....උඹගේ දේපළ විකුණලා මන් මගේ නමට කම්පැනි එකක් දැම්මා.....
දැන් පලයන් මිනිහෝ.............
සුදත් ඇස් මිරික ගත්තා.දැන්ම කිසිම දෙයක් කරන්න බැහැ........මගේ දරුවට මුන් මොකක්ද කලේ....මොනාද කලේ....
සුදත් තව වචනක් කතා කලේනෑ.හිත රිදිලයි තිබ්බේ.ඒත් හිත දරු සෙනෙහසින් පීඩීත වෙලයි තිබ්බේ.....
කොහේද මගේ දරුවා.මුන් කියන්නේ නෑ.ඒත් මට හොයගන්න වෙනවා.........මගේ දෝණී.......කොහේද මගේ දෝණී...
මැණික...මේ...................
යශ් එහෙම කතා කරද්දී මන් යශ්ගේ පැත්තට හැරුණා.........
උම්මා එකක් දෙනවකෝ.............
අ.........ම්මී.....අපා.............උම්මා.........දෙ....න්න....එ.......පා..........තා.....ත්....තී....අ...අපා.......
සුරංගනාවී යශ්ගේ අතෙන් මගේ අතට පැන්නා....ඒ චුටී අත් දෙකෙන් මගේ මුණ මැදි කරගෙන....හී.යශ්ට කිස් එකක් දෙයි කියලා.......
අනේ මේ සුරංගනාවී ඔයා පාඩුවේ ඉන්න.අම්මී මගේ....ඔයා මේ මොකද.කෝ කෝ ඇදෙන් ඉදගන්න.......අම්මී එන්න තාත්තීගේ ඔඩෙක්කෙට...........
අයියේ එපා.....දෝණී අඩයි....එහෙම උණාම නවත්ත ගන්නත් අමාරුයි.....එපා අයියේ....ඔයා බබා වෙන්න හදනවනේ අප්පා.....සුරංගනාවී ඇඩුවොත් ඔයාම බලාගන්න........
සුරංගනාවී මගේ බෙල්ල බදාගෙන.කෙල්ල කපටි ඔක්කටම වඩා....😁😁
යශ් සුරංගනාවී මගෙන් අරන් ඇද උඩින් තිබ්බා....කෙල්ල අඩන්න ඔන්න මෙන්න......ඒ රෝස මුණ රතු වෙලා..........හම්මෝ තරහා ගිහින් මගේ චුටීට.........
අම්........ම්මී...අ......පා.........අම්මී...ම.........ගේතාත්තී ........තී අ......පා.........
සුරංගනාවී යශ්ගේ ඔඩෙක්කෙට නැගලා යශ්ගේ කන්දෙක අල්ලගෙන මිරිකද්දී මන් සද්ද නොකර හිටියේ කෙල්ලව අවුස්ස ගත්තා නම් හොද වැඩේ කියලා.
අයියෝ එපා........චුට්ටී මේ පුස් පැටියාව ගනින් බන්....මාව හුරනවා........ඉක්මනට.....යකෝ මාව හම ගහයි.තව ටිකක් ලොකු උණාම.......
සුරංගනාවී ඔහොම එපා...තාත්තීට කුචු කවන්න.....මෙන්න මෙහෙම..........
මන් සුරංගනාවීත් එක්ක යශ්ට කුචු කැව්වා.යශ් මහ හයියෙන් හින වෙද්දී සුරංගනාවී අත්පුඩි ගහනවා....ඒත් එක්කම යශ් මාවත් ඇදලා ඇදට දා ගත්තා...........
යශ් එපා...කුචු කවන්න එපා..........ඔය දරුවා වැටෙයි......එපා අනේ............
තා.ත්තී.අම්මට...කුතු කවන්නෝ.............කුතු කවන්න............හී.හී.......
මේ කෙල්ල මෙච්චර වෙලා මගේ පැත්ත..දැන් තාත්තාගේ පැත්තට.දූලා වැඩිපුරම ආදරේ තාත්තලට කියනවනේ.....මේ සුරංගනාවීත් එහෙමයිනේ ඉතිම්.........
මන් ඇදෙන් නැගිට්ටා.නැගිටලා දෙන්නගේ පැත්තට ඇගිල්ල දික් කලා..ඒත් මන් ගැස්සිලා ගියේ යශ්ගේ අම්මගේ කටහඩට.....
අනේ මේ තුන් දෙනා මෙතන ජෝගී දානවද.ලෑස්තී වෙනවද යන්න.මොනවද මේ කරන්නේ චූටී පුතා.තුන් දෙනාගේ කෑ ගැහිල්ල එළියට ඇහෙනවා......මිහින්තලේ සෙනගලු......යන්න වෙලා යනවා......
හරි අම්මේ........ලෑස්තී වෙලා එන්නම්...........පොඩ්ඩක් ඉන්න.........
මන් එහෙම කිව්වාම අම්මා යශ්ගේ පැත්තට හැරුණා...දෝණී මීක් සද්දයක් නැ.යශ්ගේ උරහිසේ මුණ හංගගෙන ඉන්නවා........
මේ චුටී කෙල්ලටත් එක්කයි මන් මේ බනින්නේ....ඇගේ තරමටද කෑ ගැහිල්ල.ඉක්මනට ලෑස්තී උණොත් හොදයි.........ඉක්මනට.........
මන් යශ් දිහා බලලා රැව්වා.අර හොදට හිටියා ළමයාවත් අවුස්සගෙන ඔක්කම අවුල් කලා.....දැන් හොදයිනේ.......මැට්ටා........ග්ර්ර්ර්ර්....
මන් අපේ පැක් කර ගත්ත ඇදුම් ටික රූම් එකෙන් එළියෙන් තිබ්බා..චමිලා අක්කා විරාජ් අයියට මොන මොනවද කිය කිය හිනා වෙනවා මගේ දිහා බලාගෙන.උන් දෙන්නම ඔය හිනා වෙන්නේ මට...😡😡😡
අප්පොච්චීයේ උඹලා දෙන්නා උදේම නැගිට්ටා නෙද මොන මගුලක් කලාද ඇතුළට වෙලා...ආහ්....
යශ් මොනවද කට හද හද කියන්න ගියත් විරාජ් අයියා යශ්ගේ කණට මොකක්ද මන්දා මුමුණලා කිව්ව......දෙන්නාම මැට්ටෝ..........ඒකයි මේ.............
මන් දහම් අයියගේ දිහා බැලුවා.එයා මගේ දිහාම බලන් ඉන්නවා ෆෝන් එකත් කණේ තියාගෙන....යශ් එහෙම දැක්කොත් මට ඉන්න හම්බෙන්නේ නෑ.......මේ දහම් අයියට මොනා වෙලාද.........පිස්සු.............
මචන් මේ ෆෝන් එක නංගිට දීපන්.යාලුවෙක් කතා කරනවා..........
දහම් අයියා ෆෝන් එක මට දුන්නා.මන් යශ් දිහා බැලුවේ පුදුමෙන්......
දෙව්ලි මේන් තමුසේට යාලුවෙක් කතා කරනවලු බලනවා කවුද කියලා........
මන් ෆෝන් එක අරන් කණෙන් තියා ගත්තා.........
හෙලෝ..........
දෙව්ලි.....මන් තරූ................
කියපන් මැණික..............ඇයි.........
මගේ කොල්ලව පරිස්සමින් එක්කන් වරෙන්...හාද............කෙල්ලෝ දිහා බැලුවොත් ඉතුරු කරන්න එපා.......
මොකාක්..........ආයේ කියපන්.......මන් කිව්වෙ පුදුමෙන්..............
මගේ දහම් අයියව පරිස්සමින් බලාගනිම්........තේරූණාද..........ඔය ඉන්නේ මගේ පණ...........
හා.................මන් බලාගන්නම්.......
මට උගුරෙන් වගේ කියවුනා.මන් දහම් අයියට ෆෝන් එක දීලා යශ්ගේ දිහා බැලුවේ පුදුමෙන්..යශ් ඇස් වලින් මගෙන් ඇයි කියලා අහද්දී මන් නිහඩවම යශ්ගේ උරහිසෙන් මුණ තද කරගත්තා..........
මොකක්ද උණේ චුට්ටී.......ම්ම්ම්.මොකෝ මේ උණේ........මොකක්ද අවුල..........
දහම් අයියා අර මන් එද යාලුවෙක්ගේ ගෙදර ගියේ.තාරූ..එය එක්ක යාලුවෙලා...........නිකම් වත් මට කිව්වේ නෑ......මට කියන්න තිබ්බා නේද නිකමට හරි.............😡😡😡
අනේ මලකෝලම.උන් දෙන්නා සතුටින් හිටපුදෙන්...උඹ නැහෙන්නේ නැතිව හිටු....මෝඩී............
ඒ උණාට නිකමට හරි කියන්න තිබ්බනේ...නිකමට හරි...නේද.......
මන් සුරංගනාවීව මගේ පපුවට තුරුල් කරගෙන ඇස් දෙක පියා ගත්තා.දෙවියනේ මේ සැනසීම මදීද මට ජීවත් වෙන්න......
ඔව් දවස් ගාණක් ගෙවිලා ගියා......සතුට විතරක්ම අපේ ජීවීත වල තියෙද්දී තව ජීවීතේ දික් උණා නම් කියලා මට හිතෙනවා..........තව ජීවීතේ දික් උණා නම්...........
චුට්ටී...........ඉක්මනට එනවකෝ.........
උදේ පාන්දරම යශ්ගේ කෑ ගැහිල්ලට මන් ගැස්සුනා......මන් කර කර හිටපු වැඩේත් දාලා උඩට දුවගෙන ආවේ මොකක්ද බලන්න....
යශ් ඇයි...............😮😮😮😮
දෙයියනේ සුරංගනාවී...මන් යශ්ගේ දිහා බැලුවේ පුදුමෙන්........ගෙදර හිටපු තඩි බළල් තඩියා ඇද උඩ....😌😌😌
තා........ත්....තී.......සෝ..යි අ...නේ..මෙයා..ගේ මේ.......යාගේ ඇග පුලු..න්... ව.ගේ......මන් අත... ගා........වා........
මන් යශ්ගේ දිහා බැලුවේ ඇඩිලා වගේ.ඇයි දෙයියනේ මේ තඩි පුසා කොහොම ඇදට ගත්තද.........
මන් ඔයාට කිව්වේ සුරංගනාවී බලාගන්න කියලා යශ්......මොකක්ද මේ කරලා තියෙන්නේ.මේ පුසා කොහොමද ඇද උඩට ආවේ..............
මන් දන්නෙත් නෑ චුට්ටී.මගේ ෆෝන් එකට කෝල් එකක් ආවා..........ඒ තප්පරේට මේ සුරංගනාවී මේම..........
මන් එයාත ඔක්කෝතු පෙන්නුවා.එතෝට ඇද උදට ආවා...එයා තෝයි නේද අම්මේ.......
මෙයා තාම පුංචීයි.හොද නරක තේරේන්නේ නෑ.දුකත් හිතෙනවා වෙලාවකට.පවු මගේ මැණික......
ඔව් මැණික ශෝයි......තාත්තී ඔයා දෝණීගේ අත්දෙක සෝදනවද.මන් මේ ටික අස් කරලා දානකම්.මේවා මාරු කරලා දාන්නම්.....
යශ් සුරංගනාවීව වඩාගෙන ගියාට පස්සේ පූස් තඩියා මට බයේ පැනලා දිව්වා........මන් බෙඩ් ශීට් මාරූ කරලා දැම්මා......යශ්ට කෑම එක බොක්ස් එකට දාන්නත් ඔනී.........
මොකක්ද චූටී නෝනා මාත්තයා කෑ ගැහුවේ.........සුරංගනාවී මොකක් හරි කරලද........
ඔව්.ඔව්.කරලා අර එහා ගෙදර අපේ ගෙදරට ආපු තඩි සුදු පුසා අපේ ඇද උඩ....දෝණී ඌට බිස්කට් දීලා........
ආඩවනේ ඊයා.ඌ ඇද උඩ හිටියා........දෙන්න එපැයි කොස්ස අරගෙන දෙකක්......
කොස්ස අරන් ගහන්න ඔනී පුස් තඩියට නෙවේ.......රාධාට........ඌට අඩ ගහා කන්න දීලා ඌ දැන් මෙහෙට පුරුදුවෙලා....😂😂
මන් යශ්ගේ කෑම එක ලෑස්තී කරලා උඩට ගිහිම් ආයේම සුරංගනාවීව අරගෙන පහළට ආවා.......යශ් ලෑස්තී වෙන්නත් එපැයි..............
මැණික...........
මන් දෝණීට කෑම කවන එක නවත්තලා යශ්ගේ දිහා බැලුවා......
විරාජ්ගේ කෙල්ලට අවුරුද්දයි........පාර්ටී එකක් තියෙනවා හවස..ඔයාටයි මටයි දෝණීටයි යන්න වෙනවා.......හරිනේ.......මන් එනකොට ලෑස්තී වෙලා ඉන්න..........
ආහ් චුට්ටී.රාධා එක්ක ගිහින් ඔයාටයි,දෝණීටයි,මටයි ඇදගෙන යන්න ඇදුම් ගන්න.මන් කාර්ඩ් එක තියලා යන්නම්......
යශ් මේ.............ඔ......යා....
චුට්ටී මේ අහන්න.මන් බීසීනේ.ඔයා ගිෆ්ට් එකකුත් අරගෙන එන්න කෙල්ලට...ඔයාට මොනා හරි ගන්න තියෙනවා නම් ගන්න......කීයක් ගියත් කමක් නෑ හොද දෙයක් බලලා ගේන්න..........
මන් කොහොමද යශ් නැතිව ශොපින් යන්නේ......එයාට පිස්සුද කොහෙද.අඩුම ගානේ ඊයේ වත් කිව්වා නම්.... මට ඇදුම් තෝරන්නත් වෙනවද එතකොට...
චුට්ටී මන් යනවා.පරිස්සමින් ගිහින් එන්න.....කෝල් එකක් දෙන්න....සුරංගනාවී තාත්තී යනවා........
බුදු.....සලනයි තා.ත්තීයා...........
යශ්ට ලෝභයි යන්න.......ඒත් මේ හැමදේම කරන්නේ මේ කෙල්ලෝ දෙන්නගේ අනාගතේට.......යශ් ආසයි ගෙදර ඉන්න.ඒත් මහන්සී වෙන්නේ නැත්තන් සල්ලි කොයි..........අද කාලේ නිකම් ඉදලා නෑ.මහන්සී උණොත් සතුටින් ඉන්න පුලුවන්.ඒකයි ඇත්ත............
පරිස්සමින් ගිහිම් එන්න......අයියේ........
මන් හිමින් මිමිනුවා.......
රාමු කරලා සාලේ එල්ලලා තියෙන මායි සුරංගනාවීයි යශ් ඉන්න ෆොටෝ එක දිහා බැලුවේ ආසාවෙන්.......මේ සතුට කොහෙන් කොහොම මගේ ජීවීතේට ආවාද කියලා මන් දන්නේ නෑ.ඒත් ඒ සතුට නිසා මට ජීවත් වෙන්න ආසයි.............
පිං අක්කේ.........මෙච්චර ලස්සන දෝණීයෙක් එක්ක හොද මහත්තයෙක් මට දුන්නට...............
මන් එහෙම මිමිනුවා.......දෝණී මගේ මුණ දිහා බලාගෙන හිටියේ පුදුමෙන්.....
මන් දෝණීවත් අරගෙන දහයට විතර නුවර යන්න ලෑස්තී උණා.යශ් වාහනේ තියලා ගිහින් තිබ්බ නිසා හොදයි...........
නෝනාට ඩ්‍රයිවින් පුලුවන්ද....😂😂😂
ඇයි සැකද රාධාට.බය වෙන්න එපා මන් යන්නේ කණුවේ පාරේ නෙවෙයි......
අනේ කඩවුලේ මන් බස් එකේ එන්නම්..නෝනා යන්න එහෙනම්..........
මෝඩී ගේට් එක වහලා එනවා..සෙල්වම් මාමා වත්තේ ඇති.
රාධා එක්ක නුවර ගිහිම් මන් සුරංගනාවීටයි මටයි යශ්ටයි ඇදුම් ගත්තා......රාධාටත් ඇදුමක් දෙකක් අරන් දීලා මන් ජුවලරි ශොප් එකක් ලගින් වාහනේ නතර කරලා දෝණීව රාධට දීලා පුංචී චේන් පොටක් ගත්තා..........මේක හොදයි.............
මගේ අතේ තිබ්බ ෆෝන් එක රින්ග්ස් යනවා.මන් බැලුවේ කවුද කියලා.
යශ්............යශ් මොකද මේ වෙලාවේ.........😮😮කවදාවත් නැතිව........
චුට්ටී ඔයා සුරංගනාවීත් අරගෙන එන්න ඔෆිස් එකට.මන් ලන්ච් එක ඕඩර් කලා.....බඩුටික ගත්තද........
ඔව්.මන් එන්නම්.............
හරි පරිස්සමින්................
මන් යශ්ගේ ඔෆිස් එකට ගියේ බයෙන්......මන් රිසෙප්ෂන් එකට ගියත් එතන හිටපු කෙල්ලෝ දෙන්නා හිටියේ ලොකු කතාවක....උන් දෙන්නටා හොරෙක් ආවාත් ගාණක් වත් නෑ......
එස්කියුස් මී.........මිස්.. සර්ගේ කැබින් එක කොහෙද.......
එපොයිමන්ට් එකක් තියෙනවද සර්ගේ කැබින් එකට යන්න අහන්නේ.......
මට මොන කෙහෙල්මලට එපොයිමන්ට් කියලා අහලා මේ උඩැක්කියගේ කණට දෙකක් දෙන්න හිතුණත් මන් නිශ්ශබ්ද උණා..........
මන් මොකටද එපොයිමන්ට් දාන්නේ මිස්.......සොරි එහෙම එකක් නෑනේ........මොකද කරන්නේ.......
අනේ විශ්මී මෙන් මෙයාගේන් ආපු කාරණේ අහන්නකෝ.මේ මිනිස්සු මොනා කියලා හිතාගෙන මේ ඔෆිස් වලට එනවද මන්දා..........මහ රැජිණද සර් හම්බෙන්න එපොයිමන්ට් නැතිව යන්නේ.......ආහ්
අම්මී මාලූ...ගොදායි........සෝයි..............තාත්තී කෝ අම්...මා.........
මගේ ඉවසීමේ සීමාව පැන්නා......මන් ඒ මුණ දිහා බැලුවේ කේන්තියෙන්....
මන් එයාගේ වයිෆ් දෙව්ලි..එයාට කෝල් එකක් දීලා කියනවද මන් ඇවිත් ඉන්නේ කියලා ප්ලීස්......
අනේ සොරි මැඩම්..මන් සර්ගේ කැබින් එක පෙන්නනන් නම්.සොරි මැඩම්..වෙරි සොරි.......එන්න මගේ පස්සෙන්.
රාධා ඔයා ඔහොම ඉන්න.මන් යශ්ව හම්බෙලා එන්නම්........
මන් සුරංගනාවීත් වඩාගෙන යද්දී හැමෝගෙම ඇස් තිබ්බේ මගේ පැත්තට.....මන් ඒ ඇස් මග ඇරියේ අමාරුවෙන්..........
එස්කියුස්මී එන්නද සර්...........
එනවා දොරට තඩි බාන්නේ නැතිව...............
යශ්ගේ කටහඩට මන් ගැස්සුනා.....
මන් යශ්ගෙ කැබින් එකේ දොර තල්ලු කලා.ලොකු මහත්තයා වැඩ ඉතිම්.......මාව දැකලා යශ්ගේ මුණේ හිනාවක් ඇදුණා........
චුට්ටී බඩගිනිද.එපා උණාද මෙයා එක්ක......ඔක්කම දේවල් ගත්තද ඔයා.......ම්ම්ම්ම්..........වාහනේ පරිස්සමින් ගෙනාවනේ.යද්දී පරිස්සමින්.ට්‍රැෆික්....
ඔව් ගත්තා........ඔයා එද්දී හවස් වෙයිද...........
ඔව්නේ.අද එද්දී හවස් වෙයි........ඔයා ලෑස්තී වෙලා ඉන්නකෝ මැනික.....
අර සර්ගේ වයිෆ්ද ශාලු.කෙල්ල හැඩයිනේ කලු උණාට.........මොකක්ද මන්දා ලුක් එකක් තියෙනවා....වාව් කොණ්ඩේ දිග........
ඔව් කොණ්ඩේ නම් දිගයි තමා.ඒත් සර්ට මැචින් නෑනේ මහේශී............
මොකද මැව් නැත්තේ.මරු කපල් එක.....වාව් නියමෙට මැචින්...උඹ ජෙලස් එකට ඕවා කියන්නේ.......එකක් මතක තියාගනින්....මේ බිස්නස් ඔක්කම නැගලා ආවේ ආර් මැඩම්ව මැරි කලාට පස්සේ........
උඹලගේ විකාර.......අයියගේ උත්සහායෙන් මේ හැමදේම කලේ..මේ කෙල්ල තමා ඒ හැමදේම විනාශ කලේ........
ගෙදරට නාකී වෙන්නේ නැතිව කසාදයක් ගෑන බැලුවොත් නරකද ශාලු..........
ශාලු ගස්සගෙන යද්දී මහේශී හිනා උණෙ මෙහෙමත් ගැණු කියලා හිතන ගමන්........
❤️❤️❤️❤️❤️🖤🖤🖤🖤🖤🖤❤️❤️🖤
යශ් එනකොට මන් ලෑස්තී වෙලයි හිටියේ...රාධාත් අපිත් එක්ක ආවේ චමිලා අක්කට උදව් කරන්න.....යශ් ලෑස්තී වෙලා පහළට එනකොට මන් හිටියේ ඇස් දෙක කටේ දාගෙන.............ඒ තරම් හැන්ඩි.........
මොකද බන් මේ ආහ්.........ඇයි මේක අවුල්ද..............
නෑ තාත්තී බෝලේ හැන්ඩ්සම්.......ඒකයි බැලුවේ.අනේහ් කියනවා නම් නොබලා ඉන්නම්.........
අපේ ඔෆිස් එකට අලුතෙන් පට්ට ලස්සන කෙල්ලෙක් ආවනේ චුට්ටී...වාව්හ් ඒ කෙල්ලගේ ලස්සන........මට හිතුණා උස්සගෙන ගෙදර ගේන්න....
මන් මොකුත් නොකියා වහනේට ගොඩ උණා.මගේ ඇස් වල කදුළු ආවත් මන් අනික් පැත්තට හැරිලා යශ්ගේ නොපෙනෙන්න මගේ කදුළු පිහ ගත්තා...........
මැණික..........අඩන්නේ මොකටද.මන් විහිලුවක් කලේ.........මන් කවදාවත් උඹව දාලා යන්නේ නෑනේ.........අනිත් එක මට ඔය පියරු බබාලගෙන් ඇති වැඩක් නෑ.....
හ්ම්ම්ම්.................
පාර්ටී එකට ගිහින් මන් පාඩුවේ පැත්තකට උණා.......අක්කා කඩියෙක් වගේ.එහෙට මෙහෙට දුවනවා.......එයාට කතා කරන්නවත් වෙලාවක් නෑ............
ආහ් චුට්ටී මේක බොනෝ......කෝක්......
යශ් බලෙන්ම වගේ මට ඩ්ර්න්ස්ක් එකක් පොවද්දී මන් යශ්ගේ අත අල්ල ගත්තා.ඒත් මට කරන්න දෙයක් තිබ්බෙම නෑ.......
යශ් යන්න ගියා.......මන් ඉන්න තැනින් වැනෙන්න ගත්තා.......මගේ අතේ හිටපු දෝණීව රාධාගේ අතට දුන්නේ කිසිම දෙයක් හිතාගන්න බැරිව.......
මොකක්ද චුටී නෝනා...ම්ම්............
මට වොමිට් වගේ..........මන් ගිහිම් එන්නම්........
මන් එහෙමම වැනි වැනි ගේ ඇතුළට ගියා.මට කාවවත් පෙනුන් නෑ.නිකම් කැරකෙනවා විතරයි.......
මන් ආයේම එළියට ආවා.යශ්ව හොයාගන්න ඔනී.......ඒත් හදිස්සියේ මාව කවුරු හරි මගේ අතින් අල්ලලා ගන්නකොට මන් ඒ මුණ දිහා බැලුවා.........
එපා.....යශ් කෝ...........යශ්............
මන් කෑ ගැහන්න හැදුවත් මට කෑ ගහන්න බෑ..........
නංගී මොකක්ද මේ..මන් චමිලා අක්කා බන්.....මේ කෙල්ලට කවුද් ඩ්ර්න්ක්ස් දුන්නේ.....දෙයියනේ.........
චුට්ටී............මොකෝ මේ.ආහ්.......යන් දැන් ඇති දැන් යමු අපි.........
බෑ.මට දැන් ඩාන්ස් කරන්න ඔනී..........ඔයා පැත්තකට වෙන්න........
චුට්ටී.............ඔහොම ඉන්නවා.......කො.හෙද යන්නේ..ම්ම්......
කෙල්ල එහෙමම සෙට් එක මැදට ගිහිම් ඩාන්ස් කරනවා.කොල්ලට හිනා යන්න ආවාත් හිතේ තිබ්බ ආදරේ වැඩි වෙනවා.......
මට කන්න ඔනී...බඩගිනි.........
කෙල්ලට කෑම බෙදලා දුන්න යශ් කෙල්ලගේ දිහා බලාගෙන හිටියේ පුදුමෙන්....මේකීට හොදට වැදිලා වගේ.......
මන් හිතෙන හිතෙන ඒවා කෑවා.රසක් නම් නෑ වගේ.......
චුට්ටී ගෙදර යමු.දෝණීත් නිදිනේ..........එන්න..........
දෙයියනේ ඔහොම බෙල්ල එළියට දාන්න එපා යකෝ.......පොලිසියෙන් හිටියොත් මාවත් හිරේ දායි.අයියෝ මේකිට වෙච්ච දේහ්...........රාධා සුරංගනාවී නිදි නේද.....
අනේ ඔව් මහත්තයා........චුටීනෝනා දගලනවනේ.............මොකද කරන්නේ.......
තව ටිකනේ රාධා.......ඔහොමම යමු..................
ගෙදරට යද්දී දෙව්ලිට නින්ද ගිහිම්.රාධා යනකම් ඉදලා යශ් කෙල්ලව උස්ස ගත්තා....අද නටපු නාඩගම..😂😂😂
යශ් සුරංගනාවීගේ ඇදුම් චේන්ජ් කරලා උස්සලා තොටිල්ලෙන් තිබ්බා මේකීගේ අත පය වැදිලා සුරංගනාවීටත් මොන හරි වෙයි......
මන් නැගිට්ටා.......මන් හිටියේ රූම් එකේ.යශ් ලැප් එක අරන් මොන මොනවද කරනවා.........මන් එහෙමම බිම නිදාගත්තා.......
චුට්ටී මොකක්ද මේ කරන්නේ............ඇදේ නිදාගන්නවා..........
බෑ........බෑ..............මට බෑ..............බිම හොදයි..........
මන් බිම නිදාගන්න හැදුවත් යශ් මාව උස්සලා ගත්තා.මන් එහෙමම මගේ අත් දෙක යශ්ගේ බෙල්ල වටෙන් අත් දෙක දාලා තොල් වලින් යශ්ගේ තොල් අල්ල ගත්තා.........
අයියේ.......මන් ඔයාට ආදරෙයි..........ඔයා මාව දාලා යන්න එපා....මට බයයි........මගේ ලගම ඉන්න.කොහෙවත් යන්න එපා.......
නෑ මගේ මැණික මන් කොහේවත් යන්නේ....නෑ.කොහේවත්...........මන් කොහේ යන්නද.......
කෝ.සුරංගනාවී................
සුරංගනාවී තොටිල්ලෙන් තිබ්බා............
මට වොශ් එකක් දාන්න ඔනී.දාඩියයි......
මන් වොශ් එකක් දාගෙන එද්දී මගේ ඔලුව පැලෙන්න රිදෙනවා.ඒත් මන් සුරංගනාවීත් අරගෙන ඇවිත් බිත්තිය අයිනෙන් තියලා ඇදෙන් වැටුණේ ඒ ගැන හිතන්නේ නැතිව......
ඔලුව රිදෙනවද..මන් අත ගාන්නම්..........මන් ඇස් දෙක පියා ගත්තේ පුදුම තරම් සනීපෙම්.............
උදේ පාන්දරම මන් නැගිට්ටා.මන් එහා පැත්තට හැරුණත් යශ් හිටියේ නෑ..........
ඒත් එක්කම රාධාගේ කෑ ගැහිල්ලට මන් එහෙමම දොර ඇරගෙන එළියට දිව්වා.........
මතුසම්බන්ධයි .
No comments:
Post a Comment