Thursday, April 30, 2020

කලු මනමාලි - 7

මො........ක.ක්.......ද.....කිව්වේ....චුට්ටී..
යශ් එහෙම අහද්දී මන් සද්ද නොකරම යශ්ගේ දිහා බැලුවා........ඩිවෝස් වෙන්න ඔනී කිව්ව කතාව මේ යක්ශයාට ඇහුණොත් දැන්ම මාව ඩිවෝස් කරලා දායි.....😁😁😁
මොකුත් කිව්වේ නෑ.......ඇයි.......
මන් එහෙම කියලා.යශ්ගේ දිහා බැලුවා.........
තමුසේ මොකුත්ම කිව්වේ නැත්තන් කමක් නෑ.....හැබැයි මට කුටු කුටු ගගා බනින එක නවත්තනවා........කියන්න තියෙනවා නම් මගේ මුණට කියනවා.............
හා...............මන් ඒක මතක තියා ගන්නම්........
මොකක්ද කියන්නේ ආහ්.............
යශ් මගේන් අහද්දී මන් යශ්ගේ මුණට එබුණා...........
ඔයාට කන් ඇහෙන්නේ නෑනේ.ඒක නිසා ආයේ බනිනකොට හයියෙන් බනින්නම්..........
තමුසේට මන්.........මෝඩයා.
යශ් මගේ කණ අල්ලලා.මිරිකුවේ කේන්තියෙන් වගේ.මන් යශ්ගේ අත අයින් කරන්න හැදුවත් කොහේද යකඩයක් වගේ...........😁
මන් එහෙම කියලා මග අරින්න හැදුවත් යශ් මාව ඇදට තල්ලු කරලා මගේ ලගින් වාඩී වෙලා මගේ අත අල්ල ගත්තා..........
තමුසේ මාත් එක්ක තරහද චුට්ටී........ආහ්.........
යශ් මගේ මුණ එයාගේ පැත්තට හරව ගත්තා.......මන් යශ් දිහා බැලුවේ නෑ....මට යශ් එක්ක කතා කරන්න උවමනාවක් තිබ්බේ නෑ...මන් ඉවතට හැරුණා...........
චුට්ටී තමුසේ මාත් එක්ක තරහද.............
යශ් ආයේම එහෙම අහද්දිත් මන් නිශ්ශබ්ද උණා......මොනා තව කතා කරන්නද.....ආයේ කතා කරලා වැඩක් තියෙනවද....
යශ් මගේ ලගින් නැගිට්ටා......මන් හිටියේ මොකක්ද මන්දා හිතේ කියාගන්න බැරි තරම් දුකකිම්............කොච්චර හොද කලත් මිනිස්සුන්ට අපේ හොදක් ලේසියකට පේන්නේ නෑ.........කවදාවත්ම..........
යශ් රූම් එකේන් එළියට යන්න ගියේ කෙල්ල වචනයක් වත් කතා නොකරපු නිසා..
යශ් දඩබ්බරයෙක් තමයි.කෙල්ලගේ වචන වලින් කිව්වොත් නපුරෙක් යකෙක්.ඒත් යකෙක් උණත් එකම එක ආදරණිය හිතකින් දමනය කරන්න පුලුවන්.....යශ්ගේ හිතටත් මොකක්ද මන්දා වෙලා........
ම........ම.....න්.මෝඩයෙක් වගේ කෙල්ලට කෑ ගැහුවා........දහම් දරුවා ඉන්න නිසා කෙල්ලව ගෙදරට ගෙනත් දාන්න ඇති...මන් පිස්සෙක් මහා.............ශිට්.........මට කෙල්ලට කෑ ගහන්නේ නැතිවයි ඉන්න තිබ්බේ..........
ඒත් මාත් හදවතක් තියෙන මනුස්සයෙක්......මන් කොහොමද මගේ ලග ඉන්න මැණික වෙන එකෙක්ට අයිතියි කියලා හිතන්නේ වත්.....බෑ මට එහෙම හිතන්නවත් බෑ............
උඹ දන්නේ නෑ මැණික මේ හිත උඹට ආදරේ කරනවා.......ඒත් ඒක කියන්න මට හයියක් නෑ...........මගේ හිත මොකක්ද හේතූවකට ලොක් වෙලා වගේ............
මගේ මැණික දිහා වෙන කිසිම එකෙක්ගේ ඇහැක බැල්මක් වැටෙනවට මන් ආස නෑ......මට බලන්න උවමනාවක් ඇත්තෙත් නෑ.......
යශ් එයාගේ රූම් එකේ එහේට මේහෙට ඇවිදින්නේ මොකක් හරි ප්රශ්නෙකින් කියලා මට හිතුණා.....මන් ගිහින් යශ්ගේ ඉස්සරහින් හිට ගත්තේ යශ් එක්ක මන් තරහා නෑ කියලා කියන්න.........ඒ හිත රිද්දන්න මට අයිතියක් නෑ.............
යශ්.....................මන් තරහා නෑ......ඔයා මොන දේ තිබ්බත් සුරංගනාවී ගැන බලන්න........මන් නැති දවසක උණත්......එයා පවු..............
මන් එහෙම කියද්දී යශ්ගේ අත් දෙක මගේ උරහිසෙන් දාලා මාව යශ් ලගටම තුරුල් කර ගත්තා........මට ඒ උණුහුම අයිති නෑ කියලා හිතෙද්දී දැණුනේ පුදුම දුකක්...ඒත් අයිති නැති දේ කවදාවත් අයිති නෑ.....ඒකයි නියමය..මට අයිති නැති කෙනෙක් යශ්..........මට ලන් වෙන්න වත් බෑ........
ම.....න්..එන්නයි හිටියේ.ඔෆිස් එකේ වැඩ ගොඩ ගැහිලා.......ලක්ශ පනහක පාඩුවක්....හය වෙනකම්ම හිටියත් ඒක හදාගන්න බැරි උණා චුට්ටී......ශාලු ඒ හැම එකක්ම අවුල් කරලා.........ඒක තාම හදාගන්න බැරි උණා.........
මන් නම්බර් බැලුවේ නෑ චුට්ටී.මන් එහෙමම ෆෝන් එක පැත්තකට දැම්මා.මගේ වරද මට ෆෝන් එක බලන්න තිබ්බා........
මන් ගැස්සුනා.......එතකොට ශාලු.....ශාලු ඇයි එහෙම දෙයක් කිව්වේ......ෆිල්ම් බලනවා කිව්ව කතාව බොරුවක්ද......මන් හදිස්සී වෙලා තරහා ගත්තනේ........පවු යශ්........
මගේ ඔළුව අවුල් වෙලා තියෙන්නේ චුට්ටී.මට ඒක කියන්න තේරෙන්නේ නෑ.මෙහෙම ගියොත් මන් පිස්සෙක් වෙලයි නතර වෙන්නේ............
ශාලු අමායා එකට නැන්දගේ රීපෝර්ට් එකක් ගන්න ගියා ඒකෙන් ලේට් උණේ......මොනා කරන්නද.........සොරී.......වෙරි සොරි චුට්ටී.ආයේ කවදාවත් මන් මෙහෙම කරන්නේ නෑ........ කවදාවත්.............
හ්ම්ම්ම්..........
මන් යශ් දිහා බලලා හිනා උණා......ඇත්තටම මගේ හිතට දැණුනේ සතුටක්......ඒ සතුට මට කියලා ඉවරයක් කරගන්න බෑ............එතෝට යශ් ෆිල්ම් බලන්න ගියේ නැතිද..........
යශ් මට හුස්ම ගන්න බෑ.මාව අත අරිනවද........ප්ලීස්....😒😒😒
සො.රි........චුට්ටී....සොරි......
මන් එහෙම කියද්දී යශ් මාව අත ඇරියා.ඒ ඇස් වල තිබ්බ නපුරුකම දැන් දියවෙලා ගිහිම්.......පවු කියලත් හිතෙනවා මට..........මේ යකාට...............
යනවා ගිහින් නිදාගන්නවා.සුරංගනාවී තමුසේ ලග තියාගන්නවා....ඒ දරුවාට අසනීපයිනේ......
මන් යශ් දිහා බැලුවේ පුදුමෙන්.....මේ යකාට මොනා වෙලාද මේ......දැන් මෙච්චර හොදින් කතා කරලත් දැන් ආයේම යකා වැහුණද.....
යනවා ඉතිම් මට මගේ වැඩක් කරගන්න දීලා.ඇස් දෙක ටීක් බෝල වගෙව් කරන් ඉන්නේ නැතිව........කෝලම්......
පිස්සු කෝලමා.....එනවා මට බනින්න.මේවා උඩ ඉන්න දෙයියොම බලාගන්න ඔනී.......😁😁මන් මොනා කලත් වැරදී.........වෙලාවකට පන දෙන්න එනවා..වෙලාවකට මාව මරන්න හදනවා............බූරූවා....😆😆
මේකී නම් වෙලාවකට...........මට මේකීට ලෝභ හිතෙන්නේ වැඩ වලට.....උඹ නම්.චුට්ටී...........මටම ගැලපෙනවා...........
යශ් තනියෙන් හිනා වෙවීම ලැප් එක අරගෙන වැඩ පටන් ගත්තා....ඒ ඇගට හරි නෑ............
මන් රූම් එකට ගිහිම් යශ්ගේ ඇදුම් අයන් කලා..නැත්තන් හෙට උදෙට මැරෙන්න හදයි.....චුට්ටීගේ ඇදුම් වගයක් නමන්න තිබ්බ ටිකත් නවලා මන් යශ්ගේ ඇදුම් ටික රැක් එකේ එල්ලන්න අරගෙන එද්දී යශ් නිදි කිර කිර වැඩ...........මන් යශ්ගේන් ෆයිල්ස් ටික අරගත්තා.අරගෙන මන් මගේ රූම් එකට ගිහින් ඒ ටික හදන්න පටන් ගත්තා...........
මට මොන අයිතියක් තියෙනවද මට මේ දේවල් කරන්න.....ඒත් කමක් නෑ මන් මේ ටික හදලා දෙනවා පවුනේ...........
අප්පෝහ් මේ කෙහෙල්මලගේ අකුරු වල හැටි......ශාලුගේ මුණ වගේමයි අකුරුත්.........😌😌😌.යශ්ගේ නෑනානේ.........😁😁යශ් වගේම ඇති.........
රෑ එකත් පහු වෙලා මන් ඒ ටික ඉවර කරද්දී....මන් එහෙමම ඒ ටික යශ්ගේ ඇද උඩින් තියලා රූම් එකට ඇවිත් ඇදෙන් ඇලඋණා.............
එහෙමම මට නින්ද යන්න ඇති......පහුවදා උදේ මන් ඇහැරුණේ ඔළුව පුපුරන්න වගේ රිදුම් දෙනකොට..........එත් මන් අනික් පැත්තට හැරුණා...........අම්මෝහ් වෙලාව පාන්දර පහට විතර ඇති......තව ටිකක් නිදාගන්නවා..............
අ..........ම්ම්මා..............
සුරංගනාවී මගේ බඩ උඩ දෙයියනේ........මන් අමාරුවෙන් ඇස් දෙක ඇරලා බැලුවේ පුදුමෙන්.........
අ........ම්ම්මා................නැගිටි......න්න...........තා......ත්.........තා...........මේ............
යශ් කර්ටන් එක එහාට කරලා මගේ ඇගට ඉර එළිය වැටෙන්න ඇරියාම මන් කේන්තියෙන් පිපිරුණා....😡😡😡
අම්මීයෝ.......................කෝ..........
සුරංගනාවී මගේ නහය හපනවා....දෙයියනේ මේ තාත්තයි දුවයි නම්..........
අනේ බලන්න්කෝ මැණික.ඔයාගේ අම්මී තාම දොයි.තාත්තී තමා පැටියගේ කුක්කූ එකත් හදලා දුන්නේ.හරි හමන් නැන්දම්මෙක් ඉන්න ගෙදරකට බැදලා ගියානම් මේකීව උල තියෙන්නේ.......😁😁
යකෝ ගෑල්ලමෙව්ක් උනාම පස්සට ඉර එළිය වැටෙනකම් නිදා ගන්නවද..........
මන් යශ් දිහා බැලුවේ ඔරෝලා.පස්සට නෙවෙයි මුලු ඇගටම ඉර එළිය වැටෙනකම් මන් නිදාගන්නවා.........
මන් ඇස් දෙක පියාගෙනම සුරංගනාවී පැත්තකින් තිබ්බා...කෙල්ල අත්පුඩි ගහා ගහාම ඇදේ හිනාවෙනවා.ඒ හිනාවට මට ලෝභයි..............
මන් වොශ් රූම් එකට ගිහිම් දඩෝං ගාලා දර වහගත්තාම.යශ් සුරංගනාවී එක්ක මහ හයියෙන් හිනා උණා.....😡😥
අම්මී කොටේ ගිහිම් මුණ හොදන් එනවද ප්ලීස්.......බලන්නකෝ මැණික..අපි හොද ලමයි.අම්මී තාම දොයි මතේ......
මන් දෙන්නටම බැන ගීම් මුණ හොද ගත්තා.මන් එද්දී දෙන්නත් එක්ක හොදටම මගේ ඇදේ දොයි..........මගේ හිත මොකක්ද මන්දා දගකාරකමකින් පිරිලා ගියා.........
සුරංගනාවී යශ්ගේ පපුව උඩ ඔලුව තියාගෙන ඉන්නවා.....මන් එහෙමම ඇදෙන් ඉදගෙන යශ්ගේ කකුල් දෙක කුචු කැව්වා...සුරංගනාවීගේත්........දෙන්නා කෑ ගහද්දී මන් තව තව එහෙම කලා.........
චුට්ටී.....😡😡😡😡
.තා....ත්තී........අ...පා...................
යශ් සුරංගනාවීත් වඩාගෙන ඇදෙන් නැගිට්ටා.........නැගිටපු යශ් මාව එහෙමම හෙල්ලෙන්න වත් නොදී තද කරලා යශ්ගේ ලගට අරගෙන මගේ දිහා බැලුවේ කේන්තිය පුරොගෙන.........
තා........ත්තී.......අම්මා.පවු........අපා......
සුරංගනාවී කියන හින්දා මන් මේ ඇටකිච්චිව අත අරිනවා.මන් තමුසෙව අත අරින්නේ නෑ අය.............ඇටකෝට්ටී......
හරි අම්මී ගීම් පුතාගේ කිරි එක ගේන්න........
ඒත් එක්කම යශ් ඇදේ තිබ්බ කොට්ටේ අරගෙන මට ගැහුවා....යකෝ මාත් නිකම් ඉන්නද...මාත් ඇදට පැනලා අනිත් කොට්ටේ අරගෙන යශ්ගේ බඩට එකක් ගැහුවා....යශ් සුරංගනාවී ඇද උඩ තියලා මට කොට්ටෙන් ගැහුවාම කොට්ටේ පුලුන් ටික කාමරේ පුරාම ඉහිරුණා...............
මාත් අත ඇරියේ යශ්ට හම්බෙච්ච වෙලාවෙන් ශොට් දෙක තුනක්ම දුන්නා.......ඇග පුරාම පුලුන් ඉහිරුණත් යශ්ට ගාණක් වත් නෑ...........
යේ...තා.....ත්....තී .......හු......රේ.........
චූටී නෝනා...........චුටී නෝනා.........මෙන්න ලොකු නෝනා ඇවිත්.......
රාධායි අම්මයි දෙන්නා ඇවිත් කාමරේ දොරට තට්ටු කරද්දී මන් ගැස්සුනා......මන් යශ්ගේ දිහා බලලා යශ්ට එරෙව්වා.......
තමුසේ හින්දායි උණේ..........මෝඩයා..........බලනවකෝ.දැන් ඉන්න හම්බෙන්න්නේ නෑ......ලැජ්ජයි....😡😡
මන් මොනා කලාද මන් සුරංගනාවීත් වඩාගෙන ඇගේ තිබ්බ පුලුන් ටික අයින් කරගත්තා.........මේ මොන්ගලේට පිස්සුනේ කෙහෙල්මල...😡😡
මන් ගිහිම් දොර ඇරියා.මොනා කරන්නද.........අම්මා වගේම රාධාත් මහ හයියෙන් හිනා වෙන්න ගත්තේ රූම් එකේ හැටි දැකලා...
අයියේ මේ මන් නැන්දා එක්ක ආවා....මන් අර ෆයිල් හරියට ඉයේ රෑම මහන්සී වෙලා හැදුවා...........මොකද නැන්දේ ඔච්චර හයියෙන් හිනා වෙන්නේ...........
ශාලු අඩියට දෙකට රූම් එකට එබුණා......ඒ ඇස් දෙක ඉර්සියාවෙන් පිපිරුණේ තුන් දෙනාම එක තැන ඉන්නවා දැකලා...
මොකක්ද දරුවෝ.මේ...........වැඩට යන්නේ නැද්ද................
අම්මේ.....මේ......මේ චුට්ටී...මට කොට්ටෙන් ගැහුවා..මාත් ගැහුවා..........
නෑ......බොලු..........තා......ත්තී.ගෑවේ...........
මන් සුරංගනාවීගේ මුණ ආදරෙන් සිප ගත්තා.හොද වැඩේ නරියට.....සුරංගනාවී මගේ පැත්තට කතා කරනවා...
පුතා මට ඔයා එක්ක කතා කරන්න ඔනී මන් ඒකයි මේ උදේම ආවේ.....මොනාද මේ කරන්නේ.මේ දරුවා පවුනේ.......
ඔව්.ඔව්.අම්මට ලොකූ ලේලීනේ.ලේලී තමා මාව වරදට පොලඹව ගත්තේ.අම්මා දන්නේ නෑනේ.........
මුන් දෙන්නා ආතල් එකේ ඉන්නවා.මට එන්න තිබ්බ ගෙදරටනේ මේකී ආවේ
යශ් අයියා මගේ...කලුච්චී...මට පේන්න බෑ.ඕහ්........මන් යනවා යන්න......
ශාලු................
යශ් යන්න හදන ශාලුට කතා කලා.....ශාලු ආයේම හැරුණේ මොකද කියලා බලන්න..
මේ ඔහොම ඉන්නවා.......තමුසේ ගිහිම් ඔහොමම ඔය තමුසේ හදපු ෆයිල් ටිකට රාධාට දෙනවා.රාධා ලිපට දායි ඔනී උණම.......තමුසෙත් ගිහිම් ඒවාගෙන් අලු ටිකක් නළලේ ගාගන්නවා........
මො.කක්.ද කිව්.......වේ.......
ඇහුණේ නැද්ද.....ඉයේ දෙව්ලි සතේට බැලන්ස් කලා.තමුසේ ලක්ෂ දෙකක් අරගෙන එකවුන්ට් එකෙන්....ඒක මට එපා....ඒත් මන් කීය කිය හරි තමුසේගේ සැලරි එකෙන් අඩු කරනවා........
ශාලු යන්න ගියේ චකිතෙන්....අනිවාරෙන් අරකිට මාට්ටු වෙන්න ඇති......ශිට්.හැමදේම අවුල් වෙන්න මේ කලු මගුල හින්දා.ඕකීව නම් මන් ලේසියෙන් අත අරින්නේ නෑ..........
මන් කොණ්ඩේ තිබ්බ පුලුන් අයින් කරගෙන දෝණීගෙත් පුලුන් අයින් කලා.අම්මට තේ එකක් හදලා දෙන්න ඔනී.....මගේ කොට්ට දෙකත් ඉවරයි..........
දෝණිව අම්මගේ අතට දීලා මන් ආයේම උඩට ආවේ මගේ රූම් එක අතු ගාන්න.යක්කූ නටලා වගේ.........මේ යශ්ව එල්ලන්න ඔනී..තඩි බතලයා.......
මන් පහළට ගිහිම් අම්මටයි ශාලුටයි තේ හැදුවා.යශ්ගේ කිරි එක අරගෙන මන් උඩට ගියේ යශ්ට කිරි එක දෙන්න......
යශ්..........මන් එන්නද.........
හ්ම්ම් එනවා...........
කතා කරන්නවත් දන්නේ නෑ නපුරා.........
ඔන්න ඔය තේ එක තියලා මෙන්න මේ ටයි එක දනවකෝ.........මට එපා වෙලා මේ මගුල.........
මන් ඇගිලි වලින් ඉස්සිලා යශ්ගේ ටයි එක දාන්න ට්රයි කලා.කොහේද මේ දිගංචියා උසයිත් එක්ක.......මොනා කරන්නද.......
ටිකක් පාත් වෙන්න.ඔයා උසයිනේ යශ්............
තමුසේ පත්තර කොළයක් ගෙනත් තියා ගන්නවා.එතකොට හරි........
යශ් එහෙමම පාත් උණා.මන් යශ්ට ටයි එක දාලා ඉණට අත් දෙක තියාගෙන යශ් දිහා බැලුවේ හපන්කමක් කලා වගේ..😌😌😌
යශ්ට මේ කොලම් වලට ලොභයි වෙලාවකට.හීනේකින් වත් හිතන්නේ කොහොමද මේ නිල්මානේල් මල යශ්ගේ නෙවේ කියලා.😥....
යනවා.........මොනවද හැට පැන්න ගෑණියෙක් වගේ මගේ දිහා බලන් කරන්නේ යනවා ඉති.ම්.........මෝඩී...........
මෝඩ ගස් ගෙම්බා.
මන් පහළට ගිහිම් රාධා එක්ක උදේ කෑම ලෑස්ති කලේ අම්මලටත් එක්ක....මන් යශ්ගේ කෑම දෙකම ගෙනත් යශ්ගේ බෑග් එකට දැම්මා........
පේනවා නේද නැන්දේ.මේ කෙල්ල දැන් අයියාවත් රවට්ටගෙන.අවුරුද්දක ඩීල් එකක් උණාට මේ කලු කෙල්ල අයියාවල් ආත්ම ගාණකට අත අරින එකක් නෑ..........
පුතේ ඔයා මෙහෙම හිතන්න...ඔයාට මෙහෙම උණොත් ඔයා කලු කෙල්ලෙක් උණොත් ඔයාට කසාද බදින්න තහනම්ද.........ම්ම්ම්...........
ම...න්.කලු...නෑ..නේ.මේ.මේ........
යශ් කැමති දෙයක් කරයි.ඒක නිසා ඔයා පාඩුවේ ඉන්න.මන් හොදට හොදයි නරකට නරකයි කියලා දන්නවනේ......නේ.........ඒක නිසා...
ඔයාත් නටන්නකෝ නැන්දේ.මන් දේශ් අයියා එක්ක මේක විසද ගන්නම්.දේශ් අයියට පුලුවන් මේක හොදට විසදන්න.බලමුකෝ........
පුතා..........
කෑම මේසේට වාඩී උණ යශ් අම්මගේ මුණ දිහා බැලුවේ පුදුමෙන්....
ඇයි අම්මේ...............
පුතා.මන් ගිය අවුරුද්දේ පිච්ච මල් පුජාවට ගියාට පස්සේ බාර උණා දෝණී කතා කලොත් අනුරාධපුරේ ජයශ්රී මහා බෝධියටයි,රුවන්වැලි මහා සෑයටයි නෙළුම් මල් වට්ටී හත හත පුජා කරනවා කියලා......පොසෝන් පෝයත් ලබන සතියනේ...පුතේ අපි ගිහින් එන්න යමුද............
ඔව් අම්මේ.යමු........දෝණීටත් හොදයි ඒක......වෑන් එකේ යමු...........මන් විරාජ්ටත් කියන්නම්කෝ පැටව් දෙන්නත් අරන් එන්න කියලා..........
හරි පුතා යන්න.මන් දවල් වෙලා යන්නම්...........
යශ්ගේ පස්සෙන් ගිහිම් ශාලු වාහනේට නැග්ගේ ආඩම්බරෙන්........ඒත් යශ්ගේ ඇහැ තිබ්බේ චුටී කෙල්ලව වඩාගෙන ඉන්න දෙව්ලි දිහා.............
පවු මගේ කෙල්ලෝ දෙන්නා.හෙටවත් ගිහිම් නුවරින් ඇදුම් ටිකක් අරන් දෙන්න ඔනී.......ආස ඇති.....කාලේකින් ගියේ නැනේ.....
යශ් ශාලු එක්ක වචනයක් වත් කතා කලේ....කොල්ලට තිබ්බේ තරහක්.........ඉයේ උණ දේ යශ් දැනගෙන හිටියත් යශ් ඒක ඇගෙව්වේ නැත්තේ මොන දේ උණත් දැන් හැමදේම වෙලා ඉවරයි........
ඔෆිස් එකට ගියපු යශ්ට හිනා ගියේ උදේ වෙච්චී දේ මතකේට එද්දී.කාලේකට පස්සේ ඒ නපුරු මුණට හිනාවක් ඇවිත්.......
යකෝ මෙන්න මේකා හිනා වෙනවා.මොන යකාද උඹට ගැහුවේ.........
යශ් ගැස්සුනේ විරාජ්ගේ කටහඩට..........
මො.....කු.......ත් නැ....බන්...........
අනේ පලයන් යන්න....උඹගේ මුණේ තියෙන මනමාල පාට........යකෝ එහෙම දැකක් දැක්කේ සුරංගනායි උඹයි හනිමුන් යන දවසේ.......මොකක්ද රහස.....ආහ්..........පොඩි එකී උඹට ලව්ද.....
නෑ බන්...........ඉයේ මට කෙල්ල සෑහෙන්න කෝල් කරලා.......මන් බීසීනේ.....ආන්ස්වර් කලේ නෑ.........කෙල්ල අර රෑ බේත් ගේන්න ගිහිම් තනියම.........
යකෝ මාර එකියෙක්නේ.කෙල්ල පන ඇරලා බන් පොඩි එකීට....පවු...........
ඔව් විරාජ්....සුරංගනාවීට කෙල්ල නැතිව බෑ දැන්.......දෙව්ලිටත් එහෙමයි........මට හිතාගන්න බෑ වෙලාවකට........
උඹ ඔය දයාකාරයා එක්ක තියෙන තරහට කෙල්ලව බැන්දට දැන් ඔය කෝන්තර ඉවරයක් කරපන් බන්..ඒ කෙල්ල ඕවට අදාල නෑනේ........
හ්ම්ම් ඔව් බන්.ඉයේ අපේ ඔලේවල් බැජ් එකේ දහමා ඌ තමා කෙල්ලව ගෙදරට දාන්න ආවේ.ඌ දෙව්ලිගේ නෑයෝලු බන්......උඹට මතකද ඌ දවසක් ෆොටෝ එකක් පෙන්නලා කෙල්ලෙක් ගැන කිවා................
ඉතිම්..ඇයි මොකද......ඒකී මේකට කියන්නේ නැතිව බැදලද.😁😁😁
යකෝ ඒ කෙල්ල තමා දෙව්ලි.......මට හිතාගන්න බැරි උණා........
හ්ම්ම්ම්.උඹ කෙල්ලට ආදරෙන් හිටපන් යශ්....උඹට කියන්න අපේ ගැණී නංගී ගැන කියවනවා..
අපි අනුරාධපුරේ යනව පොසොන් එකට.උඹ අක්කා එක්ක අනීවාරෙන් එන්න ඔනී.......
හරි මචන් යමන්..............මන් එනවා............
❤️❤️❤️❤️❤️❤️❤️❤️🖤🖤🖤🖤❤️❤️🖤
සෙහන්සා හිටියේ පන බයේ...ඒත් රන්දීර් ගැන කිසිම ආරංචියක් නැති හින්දා..........
අම්මා මන් යනවා...
සෙහන්සා මේ යන්නේ ෆොටෝ ශූට් එකකට....සෙහන්සා ස්ටුඩියෝ එකෙන් එවපු වාහනේට නැග්ගේ ආඩම්බරෙන්........
නයිස් ෆිගර් එකක්නේ ඔයාට තියෙන්නේ සෙහන්සා......අපි ෆොටෝස් ටිකක් ගමු...........
මෙහෙම තමා ෆීල්ඩ් එකට යන අය මුලින්ම ආවේ.අපි ෆවුන්ඩේශන් එක මෙහෙම දැම්මට සෙහන්සා ඔයාට මොඩ්ලින් කෙනෙක් වෙන්න පුලුවන්.ඔයාට ටැලන්ට් එක තියෙනවා...........
සෙහන්සා හීන මැව්වා.......සෙහන්සා ආඩම්බර උණේ සෙහන්සාගේ රූප සම්පත්තියට........
සෙහන්සාගේ ෆිගර් එක දෙයියෝ මවලා තියෙන්නේ මොඩ්ලින් වලටමයි........මන් ෆිල්ම් එකකට අනිවාරෙන්ම සෙහන්සාව ගන්නවා.........
ෆොටෝ ශූට් එක ඉවර උණාට පස්සේ සෙහන්සා ෆොටෝස් ටික බැලුවේ පුදුම සතුටකින්........
සෙහන්සා අර පැජන්ට් එකට යන්න.මන් හෙල්ප් කරන්නම්.......මේ ෆීල්ඩ් එකේ මගේ ගෝලයෝ පිරිලා.........
සෙහන්සා වශී උණා ඒ වචන වලට.....තරබාරු මිනිහෙක් උණ ජයතිලකට තිබ්බේ කපටි මුණක්.........ඒත් සෙහන්සාට ඒ මුණ පෙනුන් නෑ...........රන්දීර් එක්ක කරපු සෙල්ලමට වඩා මේ දැන් කරන්න ගත්ත සෙල්ලම ඊට වඩා අමාරුයි කියලා සෙහන්සාට හිතුන් නෑ............
සෙහන්සා ඔය ස්කර්ට් එක ගලවන්න.අපි එහෙම ෆොටෝ ගමු..ඩබල් ගෙවන්නම්......
මුලදී අකමැති උණත් සෙහන්සා පස්සේ ඒහෙම ෆොටෝස් ගන්න කැමති උණේ.අතට ලොකු ගාණක් එන නිසා...........
❤️🖤❤️❤️🖤🖤❤️❤️🖤❤️
චුට්ටී මන් සුරංගනාවී තියාගෙන ඉන්නම් තමුසේ ගීම් ගන්නවකෝ ඇදුම් ටිකක්...සුදු ඇදුම් දෙක තුනක් ගන්නවා.........
හ්ම්ම්ම්................
මන් අතට අහුවෙන ඇදුම් ටිකක් ගත්තා.....ස්ලීපස් දෙකකුත් අර ගත්තා.😌😌
දෝණීටත් මන් ඇදුම් අරගෙන ලොකු බෑග් එකකට දා ගත්තා........
ගත්තා නම්.යමු...මටත් ගන්න ඔනී.........
මන් එහෙමම යශ්ගේ අත අල්ල ගත්තා.......මට මතක් උණේ රාධාව.......
රාධා පවු..එයාට ඇදගෙන යන්න ඇදුම් නෑනේ.........ගන්නද යශ්..මගේ කාර්ඩ් එකෙන් ගෙවන්නම්.........ප්ලීස්...........
ගන්නවා.මන් ඉන්නම්..එකක් නෙවෙයි දෙක තුනක්ම ගන්න්වකෝ......මන් ගෙවන්නම්...කවුරු ගෙනත් දෙන්නද චුට්ටී ඒ මිනිස්සුන්ට.ඔයා වෙලාවට මතක් කලෙ.........
කෙල්ල ඇදුම් තෝරද්දී යශ් දැක්කේ දහම්ව....කොල්ලට ආවේ බයක්....ඔව් කෙල්ල නැතිවෙයි කියලා.ඒත් ඇතීන්ම හිනාවක් දාගෙන එන දහම්ව දැක්කාම ඒ තරහා,බය. නැති වෙලා ගියා.........
මචන් යශ්....ශොපින් ආවද...කෝ අපේ කෙල්ලත් ආවද....
ඔව් කොල්ලෝ.අපි අනුරාධපුරේ ට්රිප් එකක් යනවනේ.ඒකට ඇදුම් ගන්න ආවා..
ශාහ් මරුනේ බන්....පොසොන් පෝයටද යන්නේ......ගිය කාලයක් මතක නෑනේ.....
එහෙනම් උඹත් වරෙන්......විරාජයත් යනවා.......ශුවර් ඈ..........
හරි හරි බන්.මේ මන් යනවා.නංගීටත් කියපන්..මන් මේ හෙට වෙඩින් එකකට ශර්ට් එකක් ගන්න ආවේ.....යනවා මචන්........
ඇත්තටම දහම් යන්න ගියේ දුකෙන්...කොල්ලට දුකයි.තව මාසයක් ඉස්සර උණා නම් දෙව්ලි අද දහම්ගේ......අහිමීවීම දරාගන්න අමාරුයි තමයි..ඒත් හිමි නැත්තන් ඒක විදගන්නම වෙනවනේ....එකයි ස්භාව ධර්මේ උණත් නීතිය........
මන් ඇදුම් ගත්තට පස්සේ යශ් එයාට ඇදුම් ගත්තා......මන් සුරංගනාවීත් උස්සගෙන එයාගේ පස්සෙන් යන්න ඔනී ඇදුම් තෝරන්න.....මෙ මොංගලේට ඇදුමක් වත් තෝර ගන්න බෑනේ...........
ඒත් ඒ හැමදේම ඉවර උණාම.........දෙව්ලි.........මේ දුකෙන්ම උඹ මැරිලා යාවී.....මට හිතුණේ එහෙම......
යශ් වාහනේට අපේ බඩු ටික දැම්මා.මන් මහන්සී නිසාම කා එකට නැගලා සුරංගනාවී සීට් එකේන් ඉන්දවලා ටිපි ටිප් පැකට් එක කඩලා සුරංගනාවීගේ අතට දුන්නා.............
චුට්ටී මන් පිරිකර අරන් එන්නම්..පාරෙන් එහා පැත්තේ තියෙන්නේ...ඔහොම ඉන්න.........
හා...............
මන් යශ් යන දිහා බලන් හිටියා...............
ඒත් එක්කම......දෙවියනේ....යශ්....එපා

යශ්............දෙයියනේ..............එපා...............
වේගෙන් ආපු කැබ් එකක් යශ්ගේ ඉස්සරහා මහ හයියෙන් බ්රේක් ගහලා නතර උණාම
මන් සුරංගනාවීත් වඩාගෙන කා එකෙන් බැස්සේ මොනාද උණේ කියලා හිතාගන්න බැරිව...
දෙයියනේ යශ්.............
මන් සුරංගනාවීත් වඩාගෙනම එහෙමම බිමින් ඉද ගත්තේ අත පය පන නැති වෙලා යද්දී........
මට කිසිම දෙයක් දිහා බලන්න ඇස් ඇරගන්න පුලුවන් කමක් තිබ්බේ නෑ.මුලු ලෝකේම අදුරු වෙලා වගේ මගේ ඇස් වලට පෙනුනේ.......
යශ්.එයා..........දෙයියනේ යශ්.......එයාට මොකක්ද උණේ.............සුරංගනාවී තාත්තී කෝ.............
මන් සුරංගනාවීව තුරුල් කරගෙන ඉකිගැහුවා.මගේ උරහිසෙන් කවුරු හරි අත තියනකොට සත්තයි මන් ගැස්සුනා........
චුට්ටී........මොකක්ද උණේ..ඇයි මේහ්......මට මොකුත් උණේ නෑ.කෝ නැගිටිනවා...යමු......අපි යමු............
චු......ට්...ටී....
මන් යශ්ගේ මුණ මගේ ඇගිලි වලින් ඇල්ලුවා.ඒ දාඩිය බේරේන මුණ මට පෙණුනා........මන් යශ්ට වාරූ වෙල නැගිට්ටේ මේ මොන හාස්කමක්ද කියලා හිතාගෙන............
මන් හොදින්.....මන් බය උණේ තමුසෙටයි සුරංගනාවීටයි මොනා හරි කියලා.....මට මොකුත් උණේ නෑ ....චුට්ටී මන් හොදින්........
මහත්තයා ඉක්මනට පාර පැන ගත්ත හින්දා හොදයි........මහත්තයා නූලේන් බේරුණේ....උන් බීලාද කොහේද වාහන ගෙනියන්නේ.......කාලකන්නී යක්කූ.
යශ් මගේ අතින් අල්ලගෙන පාර පැන්නා...අදහන්න මට හීනයක් වගේ මේ හැමදේම.....මන් ඒ අත මිරිකලා අල්ල ගත්තා.........යශ්ට මොනා හරි උණා නම්..........
පුජා බඩු ටිකත් අරන් අපි ගෙදර එද්දී හවස් වෙලා.........මන් ඒ හැම එකක්ම පිළිවෙලට හැදුවා............හෙට එතකොට හැමදේම ඇද ඇද ඉන්න ඔනී නෑනේ.........ලේසීයි..........
රාධා.................
මේ එනවා චූටී නෝනා.........
මන් රාධාට අඩ ගැහුවාම රාධා කොහේදෝ ඉදලා සායෙන් අත පිහ පිහ දුවගෙන එද්දී මගේ පපුවත් එක්ක උණු වෙලා ගියා........
රාධා.මේ බැග් එකේ රාධාට ඇදුම් ටිකක් ඇති.තව සපත්තු දෙකකුත් ඇති.රාධාට මදිවෙන එකක් නෑ........රාධට ඇදුමුත් අඩුයිනේ...........
අනේ නෝනාට සාමී පිහිටයි......මන් මේ ටික අරන් තියා ගන්නම්........
රාධා ගියාට පස්සේ හිතට දැණුනේ සැනසිමක්......මම්මාවත් මතක් කරලා පිං දෙන්න ඔනී...එතකොට මම්මාටත් සැනසීමක් ලැබෙයි..........
දෙව්ලි.................
යශ් කතා කරද්දී මන් යශ්ගේ දිහා බැලුවේ ඇයි කියලා............
අපි හෙට දවල් පහට විතර යන්න පිටත් වෙමු...අපිට අනිද්දා උදේ ඉදලම ඇවිදින්න පුලුවන්......කන්න හදන්න එපා..කඩෙන් කමු........ඔයා අම්මලට එන්න කියන්න අපේ ගෙදර කෝල් කරලා...........තේරුණාද.........
හ්ම්ම්ම්ම්................
මොකද තමුසේ බකමුණියෙක්ද.හ්ම්ම් හ්ම්ම්ම්.ගාන්නේ හා කියනවා...මගුල.......
හා................මන් කියන්නම්...............
මන් අම්මට කෝල් කලා.....සුරංගනාවීගේ සෙල්ලම්බඩු ටික මන් සාලෙන් අස් කලා........අම්මෝහ් මේ කෙල්ල නම් දැන් දග මල්ලක් වෙලා........
සුරංගනාවීගේ සද්දයක් වත් නෑ..යශ් පේන්නත් නෑ.....ඒක නිසා මන් යශ්ගේ රූම් එකට එඹුනේ මොකද බලන්න...ඒත් යශ්වත් සුරංගනාවී වත් පේන්න නෑ.......තාත්තයි දුවයි මොන කොලමක් නටනවද දන්නේ නෑ.......
අම්...........මා........තා..ත්තා...................
සුරංගනාවී දුවගෙන ඇවිත් මගේ ඇගේ එල්ලේද්දී මට තරු පෙනුනා....මුලු රූම් එකම අපායක් කරලා.........කොට්ට බෙඩ් ශිට් ඔක්කම බිම..........දෙයියෙනේ............
සුරංගනාවීගෙ ඇග පුරාම සබන්........ඒවා පෙන හැමතැනම.......මට ඊට වඩා යකා ආවේ මන් පිළිවෙලට අස් කරපු කාමරේ දැන් අපායක් වගේ........
කවුද හැඩි කලේ රූම් එක.ඔයාද........ආහ්...........
අනේ නෑ..අම්..මා......ටා.ත්තී...........එයා.ත....මා.......
හරි දැන් ඉවරයි........චුට්ටී අස් කරලා ගියා විතරයි.ඉන්න හම්බෙන් නෑ...........අයියෝ සුරංගනාවී මෙහෙට වරෙන් බන්........මේ යක්ශනි අපිව කාලා දායි....
මන් ඉණට අත් දෙක තියාගෙන වොශ් රූම් එකට එඹුනා.දෙයියනේ........යශ් සබන් පෙන වලින් නාවලා.මුලු වොශ් රූම් එකම සබන් පෙන ගොඩක්.........😡😡
චුට්ටී.මේ සුරං...ග....නා.......වී ..........
මෙන්න මෙයාට මන් බේත් ගෙනාවට වැඩක් නෑ.........ඔයාලා දෙන්නටම පිස්සු...ඒකයි මේ.......මේ දරුවට තේරේන්නේ නෑ.ඔයා හැමදේන අවුල් කරලා..........ඔයාලම අස් කරගන්න.මන් මොකුත් කරන්නේ නෑ..........
යශ් සුරංගනාවීව අරගෙන සුරංගනාවීගේ ඇග සෝදවලා ඇවිත් මගේ ලගින් තිබ්බා.දෙන්නත් එක්ක අස් කර ගත්ත දෙන්............
සුරංගනාවී බලන්නකෝ අම්මීගේ මුණ..දෙබරුන්ගේ කූඩුවක් වගේ.............
ආහ්.........හී.හී.අල.එදා.........අඹ ගහේ හිතියේ උන්ද තා........ත්තේ.
සුරංගනාවීයි යශ් දෙන්නා කියවිල්ල.මන් හිටියේ තරහෙන්....මන් ඇද අස් කරලා දාලා යශ්ගේ අල්මාරිය ඇරියා.........😡😡ඒත් යශ්ගේ අල්මාරියේ තිබ්බ ඇදුම් ගොඩාක් මගේ කකුල් දෙක උඩට ඇදගෙන වැටෙද්දී මන් යශ් දිහා බැලුවේ තරහේ උපරිමෙන්..............
සො....රි.චුට්ටී.......මන් නවන්නම්...........
මන් රූම් එකෙන් පහළට ගියේ දුකෙන්.මන් ආසාවෙන් අස් කරපු රූම් එක දෙන්නත් එක්ක විනාශ කරලා......දැන් දෙන්නාම සොරි කියනවා............මන් එයාලාගේ කවුරුත් නේවේනේ.මන් කරන දෙයක එයාලට වටිනාකමක් නෑ.........
අම්...........මා......මේ..................
මගේ ලගට ඇවිදගෙන ආපු සුරංගනාවී මගේ සායේ එල්ලිලා අත් දෙක දික් කරද්දී මන් සුරංගාවී වඩා ගත්තා........
සොලි ඈ...............
හ්ම්ම් කමක් නෑ මගේ සුරංගනාවී.......ආයේ පුතා දග වැඩ කරන්න එපා...ආයේම අර ඩොක්ට අංකල් ඔයාට බේත් විදියි......ඔයා එහෙම ආස නෑනේ නේද........
ඕ බ...බා දග කර...න්නේ.. නෑ අම්..මී....දොයි...යා මත..යි........
යශ් බැල්කනි එකේ බැම්මේ ඉද ගත්තේ කාලේකින්.....ඒ දඩබ්බර හිත දැන් නෑ.දැන් ඉන්නේ ඒ දඩබ්බරයා නේවේ.......හිතුවක්කාරයත් නේවේ.දගකාරයා.............හ්ම්ම් කලින් හිටපු දගකාර යශ්.....
මිදුල දිහා බලපු යශ් ගැස්සුනා.......සුරංගනාවීව කරේ නිදි කරවගෙන චුට්ටී එහෙට මේහෙට යනවා..........
හීනේකින් වත් අම්මගේ ආදරේ නොලැඹුණ මේ චුටී කෙල්ලට මේ ලැබෙන ආදරේ මහ මෙරක් වගේ......මහ මෙරක්...සැරින් සැරේට කෙල්ල ඒ චුටී මුණට හාදු තවරනවා............හීන් හඩකින් කවියක් මුමුණවා.............ඒ තරම් ආදරයක් ඒ පුංචී සුරංගනාවීට හම්බෙනවා චුට්ටීගෙන්..................
අම්මා කෙනෙක්ගේ ආදරයක් නොලැබුණ සුරංගනාවී මේ විදින්නේ අම්මෙක්ගේ ආදරය.ඒත් මේ සෙනෙහස නැතිවෙලා ගියපු දවසක සුරංගනාවීට මොනා වෙයිද..........
අහම්බෙන් වගේ හම්බෙච්ච මේ සෙනෙහස දැන් යශ්ගේ ජීවීතේ අරමුන වෙලා.......යශ්ට ඔනී කෙල්ලගේ කටින් ආදරේ කියලා කියාගන්න විතරයි............හ්ම්ම්ම් ඒ දවස වැඩි කාලේක නෙවෙයි...යශ්ට විශ්වාසයි.........
🖤🖤🖤🖤🖤🖤🖤🖤❤️❤️❤️🖤🖤🖤🖤
පහුවදා දවල් යශ් හයර් කර ගත්තා බස් එක අපේ ගෙදරට එද්දී පහයි වෙලාව....
යශ් අපේ බඩු ටික දාගෙන මන් ලගින්ම වාඩී උණා...යශ් යශ්ගේ ගිටාර් එක ත් වාහනේට දා ගත්තා.....😁මේයකාට සින්දු කියන්නත් පුලුවන්ද....අම්මලවයි ශාලුවයි අරගෙන විරාජ් අයියලවත් ගත්තට පස්සේ තවත් කවුරු හරි ගන්න නුවර පැත්තට යනවා...............
දහම් පාර අයිනේ ඇති බන්.........මන් ඌට කෝල් කලා............
මන් ගැස්සුනා....දහම් අයියත් එනවද.....දෙයියනේ එයා එන්නේ ඇයි.මන් යශ් දිහා බැලුවේ පුදුමෙන්..ඒත් ඒ මුණේ තිබ්බේ හිනාවක් විතරයි.........
අපේ කෙලින්ම තිබ්බ තනි සීට් එකේ වාඩි උණ දහම් අයියා යශ්ගේ අතේ හිටිය සුරංගනාවී අරන් එයාගේ ඔඩෙක්කෙන් තියා ගත්තා...........
බලහන්කෝ විරාජ්.....සුරංගනාවී ඉන්න ලස්සන...ගමනක් යනවා කිව්වොත් සද්දයක් නෑ.............ඇවිදින්න පුදුම ආසාවක් තියෙන්නේ.....
අනේ සුරංගනා අක්කත් ඇවිදින්න ආසයි නේද නැන්දේ.ඉස්සර අපි දෙන්නා කැන්ඩි වල ඇවිදින්න යනවා.මාලිගාවට ගිහින් වැව රවුමේ ගිහින් එහෙම..ඒ වගේ තමා සුරංගනාවීත්......නේද පොඩි අයියේ.........
මට හීල්ලුනා.ශාලු කියන කතාව ඇත්ත....යශ් මගේ දිහා බැලුවේ තප්පරේට.අයිතියක් නැති කිසිම දෙයක් අයිති නෑ..අනුන්ගේ දේකට කොහොමද අයිතිවාසිකම් කියන්නේ.....සුරංගනාවී මගේ දරුවෙක් නේවේනේ......ඒක සැරින් සැරේට ශාලු මට මතක් කරනවා...😥
මන් ජනේලේට හේත්තු වෙලා ඇස් දෙක පියා ගත්තා.කලුවර නිසා එළියේ කිසිම දෙයක් පේන්නේ නෑ........
යශ්ට හිනා ගියේ කෙල්ල නිදාගෙන ඉන්න විදියට.සුරංගනාවී යශ්ගේ ඔඩෙක්කේ නිදි........යශ් හිමින් අත දාලා නිදි කිරන කෙල්ලව උරබාහුවට හේත්තු කර ගත්තා...........
උඹ කාගේ හරි ලග සතුටින් ඉන්නවනේ දෙව්ලි.මට ඒ ඇති..යශ් උඹට පණ ඇරලා......ඒක මට උඹට වඩා දැනෙනවා......සතුටින් හිටපන් මැණික ඒ ඇති මට........
පිටිපස්ස හැරිලා බලපු ශාලු දැක්ක දෙයින් ඒ ඇග රත් වෙලා......මේකී බොරුවට නිදි.....ශිට් මන් ආවේ අපරාදේ........ගෙදරට වෙලා ඉන්නයි තිබ්බේ.............මොන විකාරයක්ද..............
අයියේ ඔය සිංදුවක් දාන්නකෝ........ශාලු මහ හයියෙන් කෑ ගහද්දී මන් ගැස්සිලා ඇහැරුණත් මන් ඇස් ඇරියේ නෑ.............
යශ් මාගේ හිසෙන් අල්ලගෙන එහෙට මෙහෙට වෙන්න නොදි තියාගෙන ඉන්න විදියට මන් ටිකක් වෙලා එහෙමම හිටියේ ආසාවෙන්.........පවු යශ්...........
හොටෙල් එකට ගිහිම් කන්න මට බඩගින්නක් තිබ්බේ නෑ....විරාජ් අයියලගේ අක්කා ගෙනාපු කෑම කාලාම මගෙ බඩ ෆුල් වෙලා තිබ්බේ............
යශ් ඩ්ර්න්ක්ස් ගන්න එපා.......ප්ලීස්........දේශ් අයියා එහෙම ගත්තදෙන්.....ඔයා එපා.......
ත.මුසේ පාඩුවේ ඉන්නවා.මන්නේ ඩ්ර්න්ක්ස් ගන්නේ..........මන් ගොඩාක් ගන්නේ නෑ..චුට්ටයි.....
සුරංගනාවී නිදි නිසා මන් විරාජ් අයියලගේ චුටී පුතාව වඩාගෙන එළියට ගියේ අක්කා බත් ටික කනකම්......
මල්ලීලා වරෙන් ශොට් එකක් දාන්න.......කට්ටිය එළියට වෙලා ඩ්රින්ක්ස් ගන්නවා............
බලන්නකෝ පුතේ.මේ ලොකු කොල්ලා ගිය තැනක අර පොඩි එකාව බොන්න ඇද ගන්නවනේ.......මට මේ දේශ් ගැන නම් තරහයි පුතා........
කමක් නෑ අම්මේ.හැමදාම නෙවේනේ........අම්මා ගිහින් නිදාගන්න....මාත් තව ටිකකින් නිදාගන්නවා......එයාලට කියලා වැඩක් නෑනේ...........
ඔව් පුතේ මෙච්චර හොද ගමනක් ඇවිත් මේ දරුවොන්ට කියන එක තේරේන්නේ නැනේ........
අම්මා ගිහින් නිදාගන්න.....මන් බලන්නම්.........අම්මා තරහා ගන්න එපා........යන්න ගිහින් නිදාගන්න......
මන් ජනේලේන් බැලුවේ යශ් මොකක්ද කරන්නෙ කියලා.යශ් වැනි වැනි රූම් එකට එනකොට මන් ඇදට නැගලා නිදි වගේ හිටියේ මට බැනුම් අහන්න වෙයි කියලා හිතාගෙන..........
යශ් රූම් එකේ තිබ්බ ගිටාර් එකත් අරගෙන ගියාට පස්සේ මන් ආයේම ජනේලේන් යශ් දිහා බැලුවා..........
යශ් සින්දුවක් කියපන්කෝ..... උඹට පුලුවන්නේ..........
යශ් ගිටාර් එක අරගෙන සින්දුව කියන්න පටන් ගත්තාම දෙයියනේ මන් ගල් ගැහුණා............
යශ් ඇස් පියාගෙන මතක් කලේ ඒ රූපේ........කොච්චර ලගින් හිටියත් ඒ හිත යශ්ට අයිති නෑනේ......
සොදුරු අතීතයේ නිමල පැතුම වී
මගේ හද තුල ඔබ ඉන්න ඇති
ඒ හින්දා යලි සෙනෙහේ සිතින් අපි
ආදරයෙන් හමුවෙන්න ඇති..............
කදුලු සුසුම් මැද සතුටු සිනා මැද
භවය පුරා ලග ඉන්න ඇති
එදත් මගේ සිත අද මෙන් කැපවී
ඔබේ නමට පුද දෙන්න ඇතී.......
යශ්ගේ කටහඩ ගැඹුරුයි.ඒත් මන් ගල් ගැහුණා........අහන්න ඉන්න ආසයි......මේ නපුරාට මෙච්චර ලස්සනට සින්දු කියන්න පුලුවන්ද........දෙවියනේ....
රෑ එකොළහට විතර යශ් රූම් එකට ඇවිත් මගේ ලගින්ම ඇදට වැටෙනකොට මන් තද කරලා ඇස් පියා ගත්තා........
#චුට්ටී..............
මගේ මැණික..........මගේ නිල්මානේල් මල............මන් ආදරෙයි මැණික.........
යශ් මොන මොනවද කියවනවා නින්දෙන්ම............පාන්දර කියයි මගේ ඔළුව රිදෙනවා කියලා........මෙහෙම කියෙව්වොත් සුරංගනාවීත් ඇහැරවනවා මේ මැට්ටා..........
මන් පාන්දරම ඇහැරුණා..ඇහැරිලා වොශ් එකක් දාගෙන අම්මා එක්ක කිරි ආහා පුජාව හැදුවා.......සුදු හදුන් දර දාලා අම්මා කිරි ආහාර උයද්දී බලන් ඉන්න ආසයි.............
මන් ගිහින් නිදගෙන ඉන්න සුරංගනාවී වඩාගත්තා...............ඉට පස්සේ යශ්ගේ නහයක් තද කරලා මිරිකුවා............
යශ් නැගිටින්න..වෙලාව පහ හමාරයි.........අපි යන්න ඔනී....ඉක්මනට.
එපා අනේ..............නිදාගන්න ඔනී......කෝ........සුරංගනාවී කෝ ඉන්නවකෝ....අයියෝ.....අම්මේ..........
යශ් ඇස් ඇරලා බලද්දී කෙල්ල හිනාවෙවී යශ් දිහ බලන් ඉන්නවා.කොල්ලා ඇස් දෙක පියාගෙන ඉද්දී දෙව්ලී සුරංගනාවී අරගෙන යශ්ගේ ඔඩෙක්කෙන් තිබ්බා...........
අම්ම්..........මා.බෑ..........බ..බා.....ට.කු.ක්කූ.............අලේ...........
මැණික......යන්න....තාත්තී එක්ක ගිහින් මුණ හෝදගෙන එන්න.අපි ලොකු සවුමක් යමු........හාද...........මන් කුක්කු හදාගෙන එන්නම්............
යශ් නැගිට්ටේ කෙල්ල රවලා.කොල්ලට කේන්තීයි නින්ද කැඩුවට.........
මන් බයවෙයි නපුරාට.එනවා මෙතන ච්ම්පන්සියා වගේ ඔරවන්න......ගෝරීල්ලා.......මන් බය වෙයි............
යශ් දෝණී හොදවගෙන එනකම් මන් තේ හැදුවා.හදලා මන් දහම් අයියා හිටපු රූම් එකට තට්ටු කලා....දහම් අයියා දැක්කාම හිත මොකක්ද උණා මගේ....
තේ එක බොන්න...බීලා ලෑස්තී වෙන්න.......තරූ ඔයාව මතක් කරන්න කිව්වා.ඔයා එක්ක කතා කරන්න ආසයි කිව්වා....😁😁
මොකාක්........හ්ම්......ම්.පුලුවන් වෙලාවක ගන්නම් කිව්වා කියනවා..........
මේ ලොකු සීන් වැඩී.මන් එහෙම කියලා තේ එක දහම් අයියට දීලා ආවා......යකෝ මේ ඇස්සගේ ඝනකම......
මන් රූම් එකට එද්දී යශ් සුරංගනාවී එක්ක වොශ් දාලා ඇවිත්..........මන් සුරංගනාවීට කිරි එක පොවලා ඇදුමක් ඇන්දුවා.සුදු ගවුමක්................
මේ චුට්ටීහ්..............
මන් යශ් දිහා බැලුවේ ගැස්සිලා..................
මන් හැන්ඩී නේහ්............කෙල්ලෝ බලයිද මගේ දිහා.......ආහ්.........
ඇත්තටම නිල් පාට ඩෙනිමටයි සුදු පාට ශර්ට් එකටයි යශ් හැන්ඩී....ඒත් මේ ආඩම්බරකාරයා එක්ක ඉන්න එකයි අමාරු......මන් හිනා උණා.......මේ වගේ කොල්ලෙක්ට කවුද අකමැති වෙන්නේ......දරුවා එක්කම බාර ගනීවී...😌
හැන්ඩී තමා යශ්............අපි යමුද.................
කෙල්ල සුදු පාට ලේස් ටොප් එකට ලස්සනයි.........යශ් සුරංගනාවී කෙල්ලගේ අතට දීලා දෙන්නත් එක්ක ෆොටෝ එකක් ගත්තා......
මන් අම්මගේන් දානේ බඩු ගත්තා.අද දවසම ඇවිදින්න තමා තියෙන්නේ.සෙනග වැඩී තමා ඒත් මොනා කරන්නද..........
අපි ගිහින් ජයශ්රී මහා බෝධියට කිරිආහාර පුජා කලා...........හැමතැනම හිටියේ මහම මහ සෙනගක්.....මල් වට්ටී හතත් අමාරුවෙන් පරිස්සම් කරගෙන රුවන්වැලිමහා සැයට පුජා කලා............
හැමදේම ඉවර වෙද්දී දවල් දොළහත් පහුවෙලා...............
අපි ගිහිම් කාලා නාලා රෑ වෙද්දී ඇවිදිමු අටමස්ථානේම.අම්මායි නැන්දයි සිල් ගන්නවනේ.......
යශ් වගේම දෝණීටත් තිබ්බේ පුදුම නැටවිල්ලක්...තාත්තයි දුවයි දෙන්නා හොදට වැවේ බැහැලා නානවා.........
අම්මී....එලවදෝ...............
නංගා..................
විරාජ් අයියලගේ අක්කා චමිලා අක්කා මගේ අතින් අල්ල ගත්තා.
ඕ.අක්කේ................චුට්ටාව ගන්න.....පවු අව්ව හින්දා අමාරු ඇති.......
එපා මැණික.අත රිදෙනවා මගේත්.........ඔයා වාසනාවන්තයි නංගී.යශ් ගොඩාක් හොද කොල්ලෙක්.......මන් බයේ හිටියේ අර නැට්ටිච්චී කරේ එල්ලෙයි කියලා.....
ම.....න්...දන්නවා.අක්කේ.ශලු මට කැමති නෑ..........
ඒකී මහ අසත්පුරුෂයි නංගී.මගේ මුණවත් බලන්නේ නෑ...පරිස්සමින්.............
ඔව්...අක්කේ........එයා නපුරුයි තමා....
හ්ම්ම් කොල්ලා අමාරුවෙන් ඔය ලේ හත්ත වගේ හිටපු පුංචී කෙල්ලව හදාගත්තේ නංගී.......ඌ ජීවීතේ කැප කලා ඔය දරුවට.....ඔයා ආවාට පස්සේ කොල්ලා ඔයා හිනාවෙලා දගලලා ඉන්නේ.......පවු...........
ටවල් එක කෝ චුට්ටී.ඒක දාලා ආවාද............
මන් බෑග් එක පෙන්නුවාට් පස්සේ යශ් බෑග් එකේන් ටවල් එක අරගෙන දහම් අයියගේ අතේ හිටපු සුරංගනාවී පිහිනවා............
අම්.......මා....ඔ.....ය.මල්ලි..ව.අපා..............ම.ගේ..අම්..ම්මා.............
මන් සුරංගනාවී පිහලා සුරංගනාවීට ඇදුමක් ඇන්දුවා.ඉර්ශියාකාරී මගේ..........
ශාලුත් නාලා.ත්රී ක්වාටර් එකක් ගහගෙන මන් ලගට ඇවිත් වාඩී උණා.....ඒ ඇස් තිබ්බේ දහම් අයියගේ පැත්තට.වෙනදට වඩා මොකක්ද මන්දා දෙයක් මන් ඒ ඇස් වල දැක්කා.......
අපි ඔක්කම නෑවා.මෙන්න මේ ඩස්පී දෙන්නා නෑවේ නෑනේ විරාජය............
දහම් අයියා කියද්දී යශ් මගේ කොන්ඩෙන් ඇද්දා...........
අපේ චුට්ටී ඉන්නවා නේ දහමා.....නාන්නේ නෑ.මන් හවසට වැඩ ඇරිලා ගිහින් තමා නාන්න කියලා වොශ් රූම් එකට තල්ලු කරන්නේ...........
යශ් ඔයා නම්...ග්ර්ර්ර්ර්ර්ර්ර්ර්...............
උඹට කියන්න මචන්.......මේ දෙව්ලි එහේ නාන්නේ නැතිව ඉදලා ඉදලා මම්මා නාන්න ඇලට ඇදගෙන යන්නේ....... ඇලෙන් නාලා ඔක්කම ඇලේ මාලු මැරුණා...........
මන් දහම් අයියට විරිත්තුවා.යකෝ ඔක්කමලම එකතුවෙලා මාව චාටර් කරනවා.මන් කව්ද කියලා දන්නේ නැතිව......
ඇයි අපේ ගෙදර ඉන්න එකී.යකෝ මන් එනකොට දැලි ගාගෙන වන කරගෙන ඉන්නේ.උඹට කියන්න දහමා හදිස්සියකට උඹලට වත් එන්න කියන්න බෑ......මේකී කුලප්පු වෙලා ඉන්නේ රැට....😁😁😁...
විරාජ් යමුකෝ හොටෙල් එකට.......මන් කරන්නම් හොද වැඩක්......ඉන්නවකෝ................
අනේ ලුණු නැතිව පරිප්පු එපා අනේ නෝනේ....වදින්නම්..........😁
යශ් මගේ කම්බුලක් කුනිත්තනකොට මන් සුරංගනාවීත් වඩාගෙනම නැගිට්ටා.......
යන් හොටෙල් එකට ගිහිම්ම එමු......පොඩි උන්ටත් මහන්සී ඇතිනේ.රෑ වෙලා ඇවිදිමු.දන්සලක් එහෙම කාලා.......
ඔව් යශ් යමන්..............
අපි ආයේම හොටෙල් එකට යද්දී හවස හතරට විතර ඇති........සුරංගනාවී අවිත් මගේ පපුවට ගුලි උණා.මේ දරුවා නම්.....මට තේරේන්නේ නෑ.......
මැණික හපන්න එපා රත්තරං..අම්මට රිදෙනවා..........
සුරංගනාවී මගේ දිහා බලලා මගේ කම්බුලකින් අත තිබ්බා......දෝ ගන්න මැණික.අපි සෑ වෙලා ඇවිදින්න යමු.අත්තම්මා සිල් අරන් ඉවරනේ එතකොට..........
සුරංගනාවීට මගේ පපුව උඩ එහෙමම නින්ද ගියා.මටත් ලාවට වගේ ඇස් දෙක් පිය උණා...............
යශ් රූම් එකට එද්දී කෙල්ලෝ දෙන්නම හොදට දොයි.........යශ් රූම් එකේ ඒසී වැඩි කලා.......චුට්ටීගේ පපුවට උඩ ඉන්න සුරංගනාවී අරන් යශ්ගේ පපුව උඩින් තියාගත්තා.........ඒත් එක්කම දෙව්ලී තවත් යශ්ගේ පපුවට ගුලි වෙද්දී යශ් ඇගිලි තුඩු වලින් කෙල්ලගේ හිස හිමින් පිරිමැද්දා.......
ඒ බ්ලවුස් එක එහේ මෙහේ වෙලා.සුරංගනාවී කිරි ඉල්ලන්න ඇති.....මගේ කෙල්ල නිසා චුට්ටී දුක් විදිනවා.........ඔයා ලගදීම හැමදේකින්ම නිදහස් වෙයි........
🖤❤️❤️🖤🖤❤️❤️🖤🖤🖤❤️❤️
සෙහන්සා මෙහේ එනවා...........
යසෝමා..........බෙරිහන් දුන්නේ ෆැශන් මැගසීන් එක බලලා.........
ඇයි අම්මේ.....පොය දවසේ පන්සල් වත් යන්නේ නෑ.තාත්තා කෝ.......ආහ්.......යමු යමු පන්සල් යමු.......
උඹ පන්සල් යන්න.බලපන් මේ මැග්සින් එක.යකෝ උඹ පෑන්ට්,බ්රෙශියර් මාර්කට් කරන්නේ ගියේ උඹට මොන මදනයා ගහලා...........ලැජ්ජයි උඹ ගැන.........
අම්මේ මේ දේවල් ලැජ්ජා වෙන්න දේවල් නෙවෙයි.........අනිත් එක එකෙන් ලොකු ගාණක් මට හම්බ උණා..........
අපි ලෝකේට ණය උණ්ත් උඹගේ පොත් වල ඉතුරු කරලා තියෙන්නේ.ඒක හින්දා ලැජ්ජා නැතිව මේ මගුල් වලට නොයා හිටපන්.....
සෙහන්සා අම්මගෙන් මැගසින් එක ඉල්ලගෙන කාමරේට ගිහින් ඇල උණා.........
සෙහන්සා මැගසීන් එකේ කවර් එක බැලුවා කවර් එකේ හිටියේ යශ් එක්ක සුරංගනාවීයි දෙව්ලියි..............
සෙහන්සා කේන්තියෙන් මැගසීන් එක විසී කලා.මට මුන් එක්ක එන කේන්තිය.......ශිට් යකෝ මුන්ව අමතක කරන්න හදද්දිම මුන් මගේ ඉස්සරහට හොල්මන් වගේ එනවනේ.........මන් බලාගන්නම්කෝ.............
ඒත් එක්කම සෙහන්සාගේ ෆෝන් එක රින්ග් උණා............සෙහන්සා ෆොන් එක ආන්ස්වර් කලේ කලබලෙන්.....
හෙලෝ..සර්.............ඔව් කියන්න.........
අනේ ඔව් සර් මන් දැක්කා ඒක.මන් මේ දැ මැගසීන් එක බැලුවේ.........
අනේ එහෙමද සර්.සර් එහෙමනම් හැමදේම ලෑස්තී කරන්නකෝ.මන් එන්නම්.......හෙටද.ඕකේ ඔකේ........මන් එන්නම්.......
ශාහ් මරූ.මට ෆේමස් වෙන්න පුලුවන් සට සට ගාලා...........එතකොට බලමුකෝ යශ්.............එතකොට බලගමුකෝ...😁😁
❤️❤️🖤🖤🖤🖤❤️🖤🖤🖤
මන් ඇස් ඇරියා........මන් යශ්ට මෙච්චර ලන් උණේ කොහොමද...........සුරංගනාවී යශ්ගේ ලග..ඒක උණේ කොහොමද..............
යශ්ගේ අත හිරි වැටිලා වගේ.කෙල්ල මෙච්චර වෙලා ඔළුව තියාගෙන හිටියේ යශ්ගේ අත් උඩ...........
මේ ඇස් ටීක් බෝල කරගෙන කැරකෙන් නැතිව නැගිටිනවා.........අපි යන්න ඔනී.සුරංගනාවී නැගිටින්න මැණික........
අපි ආයේමත් රුවන්වැලි මහා සෑය ලගට ගියා.ගිහිම් අම්මලාවත් එක්කගෙන ඇවිදින්න පටන් ගත්තා.
අනුරාධපුර අහස තරු වලින් වැහිලා.මම්මා නම් කියලා තියෙන්නේ ඒ දේවතා එළි කියලා.......
දන්සල් කාලා මගේ බඩ ෆුල් වෙලයි තිබ්බේ..මහා සෙනගක්..........අනේ මන්දා හිතගන්න බෑ මට.........ආසයි මන් ඇවිදින්න මේ රෑ............❤️❤️
යශ් සුරංගනාවී වඩාගෙන යන නිසා මන් යශ්ගේ පස්සෙන්ම ගියා......යශ් දෙතුන් පාරක් අත දුන්නත් මන් මගේ හිතුවක්කාරේට යශ්ගේ අත අල්ල ගත්තේ නෑ.......ඔහේ යශ්ගේ පස්සෙන්ම ගියා...........
අපි පහු කරගෙන ගියපු පොඩි දරුවෙක්ගේ සපත්තුව ගැලවිලා වැටුණා.මන් එහෙමම නැමිලා සපත්තුව ඇහිදලා අනික් පැත්තට හැරුණා............දෙයියනේ කවුරුත් නෑනේ...........😥😥
යශ්....................
කිසිම කෙනෙක් නෑ.කොහේද ගියේ.............සුරංගනාවී ..........මැණික..මන් මේ............
මන් ඇවිද්දා.ඒත් කිසිම කෙනෙක් මට හොයාගන්න බැරි උණා.........මන් කොහොඹ ගහක් පාමුලින් ඉද ගත්තේ මට ඇඩෙන්න ඔන්න මෙන්න වගේ තියෙද්දී............
තා.ත්තා..අ...ම්......මා නෑ..
සුරංගනාවී එහෙම කියද්දී යශ් පස්සට හැරුණා.....කෝ දෙව්ලි.............අම්මා දෙව්ලී කෝ.........
හිටියනේ පුතේ..........කෝ මේ දරුවා............
අම්මා මේ දරුවා ගන්නකෝ මන් බලන්නම්..........යශ් සුරංගනාවී අම්මට දීලා එහෙමම ආයේම යන්න ගියේ කෙල්ලව හොයාන්න.........
චුට්ටී කොයි ඕයී තමුසේ.....❤️❤️❤️🖤❤️🖤
දඩබ්බර ඇස්
වෙහස කරගෙන
කොයි මගේ
කලු කෙල්ල
නුඹ
දාහක් ඇස්
අස්සෙන්
මන් හොයන.......
#යශ්...........
මතුසම්බන්ධයි ....


No comments:

Post a Comment

UNIVOTEC එක ගැන

UNIVOTEC එකේ පාඨමාලා සහ වැඩි විස්තර සදහා පහත ඇති PDF ෆයිල් එක භාවිතා කරන්න. https://drive.google.com/open?id=1zbMNZ14FNiYV2f34K91x1KqpKmid...