Thursday, April 30, 2020

කලු මනමාලි - 6

මගේ සුරංගනාවී කතා කරනවා..😮😮😮😮
බුද්ධං සලනං......ගච්චා....................
කෙල්ල කට හද හද කියන්න හදනවා.ඒත් තාම හරියට වචන එළියට එන්නේ නෑ...යශ්ගේ කම්බුල දිගේ කදුළු ගලාගෙන ගියේ ඉවසන්න බැරි තරම් ආදරෙන්..........
යශ් බොද වෙච්චී ඇස් දෑතින්ම පිහ ගත්තා......ඒ පිරිමි හිත මොහොතකින් වෙඩරු පිඩක් වගේ දියවෙලා ගිහිම් අද....
යශ් ඇස් දෙක වහගෙනම ගාථා කිව්වා....යශ්ට නැගිටලා සුරංගනාවී වඩාගන්න ඔනී උණත් හාමුදුරුවෝ පිරිත් දේශනාව ඉවර කරනකම් යශ්ට ඉන්න වෙනවා............
යශ් මහත්තයා එන්න.....දැන් වයස විසිනමයක තාත්තා කෙනෙක්....ජීවීතේ හරි තීරණම ගන්න.ධාර්මිකව ඉස්සරහට යන්න..........තේරූණාද..
එහෙමයි අපේ හාමුදුරුවනේ.........
ලොකු හාමුදුරුවෝ යශ්ට පිරිත් නුලක් ගැට ගැහුවා.මන් සුරංගනාවීව වඩාගෙන සුරංගනාවීටත් පිරිත් නුලක් බන්දව ගත්තා.....සුරංගනාවීගේ චුටී මුණ හිනාවකින් පිරිලයි තිබ්බේ..........
අ.....ම්......මා...........ම..ට..........ත්.........ඕනා.
සුරංගනාවී මගේ මුණ දිහා බල බල කියනකොට මන් සුරංගනාවීගේ රෝස මුණට හාදුවක් දුන්නා..........
අපි බැදගමු......චුට්ටක් ඉන්නකෝ මැණික.....
ඒත් එක්කම මගේ ලගට ආවේ යශ්......මුණත් එක්ක කලුවෙලා ගිහිම්...උපන්දිනේ දවසේවත් හිනාවෙලා ඉන්න බෑනේ මේ යක්ෂයාට.......
ඔක්කම එකතු වෙලා මාව ගොනාට ඇන්දුවා නේද....ඔයාලා මගේම අය නේද.....ඇයි අම්මේ මට මෙහෙම කලේ......ඇයි මෙච්චර දෙයක් මට කිව්වේ නැත්තේ..........ආහ්......
යශ් ඊලගට හැරුණේ මගේ පැත්තට..අද නපුරාට පුදුම කේන්තියක් යන්න ඇත්තේ.කමක් නෑ ඉතිම්.මට බනී ගොඩාක්......මගේ පැත්තට හැරිලා යශ් මගේ අතේ හිටපු සුරංගනාවී උදුරගෙන වගේ වඩා ගත්තා......
තමුසෙගේ සෙල්ලම් ඉවරද...කෝ දෙනවා මගේ දරුවා....ඉවරද තමුසේගේ සෙල්ලම.......මෙච්චර දෙයක් මට නොකියා හැංගුවාද.........තමුසේට කොහෙන්ද එච්චර හයියක් ආවේ.......කොහෙන්ද එච්චර හයියක්......
තමුසේ සුරංගනාවීගේ අම්මා නේවේනේ.....මොකටද මේ දේවල් කරන්නේ.වදින්නම් පාඩුවේ පැත්තකට වෙනවා අපේ ජීවීත වලින්..........පාඩුවේ ඉන්නවා........
තා..........ත්..........තා............
සුරංගනාවී වචන එකතු කරගෙන එහෙම කියද්දී යශ් සුරංගනාවීව පපුවට තුරුල් කරගත්තේ ලෝභකමෙන්...........
තා.......ත්......තා..................
ඔව් රත්තරං ...තාත්තා.....මන් ඔයාගේ තාත්තා..........කොයි තරම් කාලයක් බලාගෙන හිටියද ඔයාගේ චුටී කටින් ඔය වචනේ අහන්න මගේ රත්තරං........දැන් මන් මැරුණත් මට සැපයි............දැන් මන් මැරුණට කමක් නෑ..............
සුරංගනා.....ඔයාගේ දෝණී කතා කලා.......පේනවා නේද ඔයාට.......එයා කතා කරනවා අහන්න මන් කොච්චර ආසාවෙන්ද හිටියේ......අපේ සුරංගනාවී කතා කරනවා......
යශ් මගේ මුණවත් නොබලා කා එකට නගිද්දී මන් ගැස්සිලා ගියා.මන් වැරද්දක් කලේ නෑනේ....මන් හිතුවේ එයා සතුටු වෙයි කියලා.........ඒත් එයා මාත් එක්ක හිටියේ පුදුම තරහකින්......
මන් අත් දෙකෙන්ම මුණ වහගෙන ඉකිගැහුවේ දුකට......අම්මා මගේ හිස මත්තෙන් අත තිබ්බා.ඒ මුණෙත් තිබ්බේ දුකක්............
අඩන්න එපා පුතේ. ඒ දරුවා ඉන්නේ සතුට දරාගන්න බැරිව......ඕක හරියයි..........බලමුකෝ......මගේ දෝණී අඩන්නේ නැතිව ඉන්නකෝ....එන්න අපි යමු...............
යශ් වාහනේට නැග්ගට පස්සේ මන් පස්සෙන් වාහනේට ගොඩ උණා....අම්මා.සුරංගනාවී එයාගේ ඔඩෙක්කේට ගත්තා....යශ් මගේ මුණවත් බැලුවේ නෑ..ඒ මුණ තරහෙන් පිරිලයි තිබ්බේ....
ගෙදර ගියාට පස්සේ මන් එහෙමම ගියේ මගේ රූම් එකට.මන් දඩාස් ගාලා දොර වහ ගත්තා..දොරත් ලොක් කරගෙනම ගිහිම් මන් බිත්තිය දිගේ රූටගෙන ඇවිත් බිමින් වාඩී උණා.....හිතට දරාගන්න බැරි තරම් වේදනාවක් ආවා..........මන් කලේ මගේ ඔලුව බිත්තියේ දෙතුන් පාරක් ගහ ගත්ත එක.................
ම..........න්.......වැරද්දක්...........කලේ...නෑනේ.........ම..ගේ...දරු..වෙ....ක්..නෙවෙ..යි.....ඒත්.......මා..ව..ජීවත්.....කරන්..නේ....සුරං..ගනා..වී
මන් දන්නවා සුරංගනාවී මගේ දරුවා නෙවෙයි.........ඒත් මේ ..මා..ස ගා..ණට එයා මගේ ප..න ටි..ක.. වෙලා.....
චුටී මහත්තයා අපි කිරිබත් කමුද.....උදේම නැගිටලා චුටී නෝන හැදුවේ.ඕඩර් කරපු කේක් එකත් ඇවිත් තියෙන්නේ...කෝ අපේ චුටි නෝනා..........
යශ් ගිහින් දොර අරින්න හැදුවත් දොර ලොක් කරලා..
චුට්ටී.......මොකද තමුසේ දොර ලොක් කරගෙන ඉන්නේ.දොර අරිනවා...එනවා කේක් කන්න......
අම්...........මා...............අම්...........මා.......කෝ.
සුරංගනාවීත් යශ් දිහා බලාගෙන අඩද්දී යශ් තවත් සද්දෙන් දොරට ගැහුවා.කෙල්ල ඉකි ගහන සද්දේ ඇහුණත් දොර අරින්නේ නෑ......
චුට්ටී නැගිටලා ඇවිත් මේ දොර අරිනවා.තමුසේ මොකක්ද නටන නාඩගම.මේ දරුවා අඩනවා........දොර අරිනවා.........ඉක්මනට.........මන් ආවෝත් තමුසෙට..........
යශ් අඩන සුරංගනාවීව අම්මගේ අතට දීලා යශ්ගේ රූම් එකට ගිහිම් කී එකක් අරගෙන ආවේ සැකේට.යශ් ඒ කී එකෙන් දොර ඇරපු යශ් දොර දඩාස් ගාලා තල්ලු කලා...............
චුට්ටී.............මොකක්ද තමුසෙට වෙලා තියෙන්නේ..........ආ.........දොර අරින්න බැරිද.....
දණිස් දෙක උඩ ඔලුව තියන් ඉන්න කෙල්ල ඉකි ගහනවා..යශ් එහෙමම පාත් වෙලා කෙල්ලව උස්සලා අරගෙන ඇද උඩ තිබ්බා...........
තමුසේ අඩන්නේ මන් මැරිලා කියලා හිතාගෙනද.මන් මැරිලා නෑ...........පන පිටින් ඉන්නවා...........දෙයියනේ කියලා........
එනවා යන්න කේක් කපන්න..........තමුසේ එනකම් අම්මා බලන් ඉන්නවා............
ඔයා.. ය..න්න ..ය..ශ්...ම..ගේ ඔළු..ව රිදෙ..නවා.ම..ට එන්..න බෑ.........ඔයා..ලා ගිහි..ම් කප.න්න.ම.ට.. අමාරු..යි.............
හරි අපි කේක් එක කපලා බේත් ගන්න යමු.......නිකම් හරි හිටගෙන ඉන්නවා ඇවිත්.....අර සුරංගනාවීත් අඩනවා.එනවකෝ යන්න....ප්ලීස්.........
මන් හෙල්ලුනේ වත් නෑ........මන් ඔහේ ඉන්න තැනම හිටියා....මන් යශ්ගේ කවුරුත් නෙවේනේ මන් මොකටද කේක් කපන්න යන්නේ..........
යශ් රූම් එකේ දොරත් වහගෙන යන්න ගියාම මන් ආයේම ඇදට වැටුණේ හිතේ වේදනාවෙන්..........
මේ හැමදේකටම සතුටට අද නම් සුපිරි පාර්ටී එකක් දාන්න ඔනී යශ්ට හිතුණේ එහෙම........දවල් වෙද්දී චුට්ටීටත් අඩුවෙලා යයිනේ ඔලුවේ කැක්කුම........
අම්මේ ශාලුලාටත් එන්න කියන්න...නැන්දාටයි මාමාටයි,තව අයියටත් එන්න කියන්න,පුංචීලාටත් කියන්න......හොටේල් ග්රීන්ව්ලා එකට හත වෙද්දී එන්න කියන්න......මගේ යාළුවෝ ටිකකුත් එනවා.............
යශ් දවල් වරුවම ගෙදර හිටියේ නෑ සුරංගනාවීත් අරගෙන යශ් කොහේදෝ ගියා...එයාලා ගියාට පස්සේ මන් එළියට ආවේ හිතේ මොකක්ද මන්දා බරකින්..........
අනේ මොකක්ද චුටී නෝනා.මුණත් එක්ක ඉදිමිලා තියෙන්නේ..........ඇඩුවද...............
නෑ රාධා නිකම් වෙන්න ඇති.මන් ඇඩුවනේ..ඒකයි...........
අනේ බොරු කියන්න එපා චුටී නෝනා.මාත්තයා බැන්න නිසා නේද.......මාත්තයා හරි ඔදයි නෝනා..ඔය නපුරුකම් තරමටම මාත්තයාගේ හිත උණු වෙනවා........
ඔව්.ඔව්.රස්නේට වෙන්න ඇති...😂😂😂
චුටී නෝනා...වීලූ නෙවෙයි.......මාත්තයා නෝනාට සෑහෙන්න ආදරෙයි.......මන් සත්තියමා කියන්නේ..........
අනේ මේ රාධා කටවහගෙන යනවා...බොරු කියවන්නේ නැතිව..
අම්මෝ මෙයාගේ ශැර.බලමුකෝ...මාත් මේ ඉන්නවනේ...හැබැයි චුටී නෝනා එදාට මන් අහනවා ඈ..........
හවස දෙකට විතර යශ් සුරංගනාවී එක්ක ආවේ බෑග් ගොඩකුත් උස්සගෙන....සුරංගනාවී මගේ ඔඩෙක්කෙන් තියපු යශ් මට කතා නොකරම උඩට ගියා.........
මන් සුරංගනාවීගේ ඇදුම මාරු කරලා සුරංගනාවීට කිරි එකක් හදලා දුන්නා.....ඒත් සුරංගනාවී කිරි එක දිහා බලාගෙන ඉදලා කිරි බෝතලේ බිමට දැම්මා..........
සුරංගනාවී මොකක්ද ඒ කලේ.....ඇයි කිරි එක බිම දැම්මේ....ආහ්.............ඇයි ඒ.........ඔයත් නෝටී වෙලා ඉන්නේ මැණික දැම්............ඇයි ඒ..............
අ.....ම්මා.......අපා.......පි....ටි.කු.ක්කූ.............
ඔයා පිටි කුක්කූ බිව්වේ නැත්තන් පුතේ ඉක්මනට ලොකු වෙන්නේ නැති වෙයි.......පුතා නෝටී වෙලා දැන්.මන් තරහා වෙනවා..........
අ.................ම්......මා.........අ.......පා..............
මොකද වෙලා තියෙන්නේ දෝණී.මොකක්ද පුතේ කියන්නේ.ඇයි අඩන්නේ........ඔයා කතා කරන්න ගත්ත වෙලේ ඉදලම හිතුවක්කාර වෙලා........
චුට්ටී.................
මන් ගැස්සුනා....සුරංගනාවී අඩනවා කියලා යශ් දැක්කා....දැන් ඒකටත් යශ් මට බනී.......සුරංගනාවී මගේ බ්ලවුස් එකෙන් ඇද....ඇද.අඩන්න ගත්තාම මන් යශ් දිහා බැලුවේ පුදුමෙන්...
මොකද චුට්ටී මේ දරුවා අඩන්නේ..මොනාද කියන්නේ...සුරංගනාවී කෝ එන්න පුතේ....ඇයි මේ අඩන්නේ........
දන්නේ නෑ යශ්.එයා කිරි එක වීසී කලා.....ඇයි දන්නේ නෑ...මන් මොකුත් කලේ නෑ..............
මොනාද කියන්නේ සුරංගනාවී.කිරී එක බොන්න........ඔයා නෝටී උණොත් අද තාත්තී පාර්ටී එකට එක්කන් යන්නේ නෑ........අඩන්නේ නැතිව ඉන්න.......
ඒත් සුරංගනාවී මගේ පපුවට මුණ තද කරගෙන හිටියා මිසක් යශ්ගේ අතට ගියේ නෑ...යශ් මගේ ලගින්ම වාඩී උණා.....සුරංගනාවී මොකක්ද කියන්නේ කියලා මට තේරූණේ නෑ.........ඒ චුටී මුණ කදුළු වලින් පිරිලා..........
යශ් එයාට බිස්කට් එකක් ගේන්නකෝ.......
පුතාට බිස්කට් එකක් අරන් එන්නද.ඉන්නකෝ මන් අරන් එන්නම්....මගේ පුතා අඩන්නේ නැතිව ඉන්නකෝ.......
අ........ම්.........මා.....කු.....ක්කූ......දේ........
මන් ඔනී දෙයක් කියලා මගේ බ්ලවුස් එකේ බොත්තම් පියවලා සුරංගනාවී මගේ මගේ පපුවට තද කරගත්තා.........
දෙයි...ය......නේ...සුරං.ගනා.......වී ......ඇයි....
රත්..ත.රං....මේ....
මට මගේ අතින් ඇඩෙයි කියලා බයට මගේ කටවහ ගත්තා......ඒ තරම් දුකක් හිතුණා......මන් මගේ අම්මා නැතිව මේ වගේ අඩන්න ඇති.මගේ මම්මාගෙන් කිරි ඉල්ලන්න ඇති......ඒත් මේ දරුවා මේ දේ දැක්කේ කොහෙන්ද.........දෙයියනේ පවු......
දොර ලගට ආපු යශ් දැක්ක දෙයින් යශ් එහෙමම නතර උණා.සුරංගනාවී අඩන එක නතර කරලා චුට්ටීගේ පපුවට තුරුල් වෙලා ඉන්නවා දැක්කාම යශ්ට ඒක අදහගන්න බැරි උණා.....ඒ චුටී අතින් දෙව්ලිගේ මුණ අත ගානවා........
සුරංගනාවී.............
මන් ගැස්සිලා ගියේ යශ්ගේ කටහඩට.......
මන් එහෙමම නැගිට්ටා.....සුරංගනාවී එයාගේ චුටී දත් පෙන්න පෙන්න යශ්ට හිනා වෙනවා...
ස.....සා.....යි........තා.ත්..තී......🙂🙂🙂
යශ් සුරංගනාවී එයාගේ අතට අරගෙන පහළට ගියා......මන් එහෙමම පපුවට අතකුත් තියාගෙන එහෙමම ඇදෙන් වාඩී උණා.....මට හිතාගන්න බෑ.........
තව ටිකකින් යශ් රූම් එකට ඇවිත් මගේ අතින් අල්ල ගත්තා......මන් යශ් දිහා බැලුවේ පුදුමෙන්......උදේ ඉදලම මාව කන්න හදනවා....ඒත් දැන් මගේ අතිනුත් අල්ලගෙන.........
අද මට හුගාක් සතුටුයි චුට්ටී. මේ හැමදේම මට ගෙනත් දුන්නේ ඔයා.....ඔයා විතරයි......මේ හැම සතුටක්ම මට ගෙනත් දුන්නේ ඔයා.........ඔයා විතරමයි........
මන් යශ් දිහා බලන් හිටියේ පුදුමෙන්..මන් කටත් ඇරගෙන ඇස් ලොකු කරගෙන යශ් දිහා බලාගෙන හිටියා.......
මගේ කෙල්ල කතා කරන්නේ ඔයා එයාට හුරු කලා නේද කතා කරන්න.....ඔයා නේද ඒක කලේ.......ඔයා ආවාට පස්සේ මගේ ජීවීතේ සම්පුර්ණ වෙලා චුට්ටී..මගේ දෝණී අද මට තාත්තා කිව්වා..........
දන්නවද මන් එයා ඉපදුණ දවසේ ඉදලා ඇගිලි ගැන්නා එයා මගේ මුණ දිහා බලලා තාත්තා කියනකම්........ඒත් එයා තාත්තා කිව්වේ නෑ......එයාගේ වයසේ අනිත් දරුවෝ ගිරව් වගේ කියවද්දී මන් හීල්ලුවා චුට්ටී.........මන් සුරංගනාවී බදාගෙන ඇඩුවා...............
ඇති......යශ්.........ඇති......
මන් එහෙම කිව්වත් යශ් කතා කරන එක නැවැත්තුවේ නෑ........
එ.එයා........දැන් කතා කරනවා.අද දවල් ශ්රියානි ඩ්රෙස් පොයින්ට් එකේදී චුටී දරුවෙක් එයාගේ අම්මගෙන් කිරි බොනවා දැකලා මගේන් ඔයාව ඉල්ලලා ඇඩුවා.....මන් එයාව නලව ගත්තේත් පුදුම ආමාරුවෙන්......ඔයා තමයි එයාගේ #අම්මා චුට්ටී...........ඔයා තමයි එයාගේ අම්මා...........
පිං.....................මට ජීවීතේ ඉස්සරහට යන්න හෙල්ප් කරනවට.......
මන් තමුසෙව කිස් කලාට කමක් නැද්ද............
මො........කක්..ද.....කි.ව්වේ..........
මන් ගොත ගහලා අහද්දී යශ් මගේ ලගටම ආවා....මගේ කර දෙපැත්තෙන් අත දාද්දී මන් ඇස් දෙක පියා ගත්තේ බයට.....යශ් මගේ බෙල්ලට චේන් එකක් දානවා වගේ මට දැණුනා...😮😮😮.....
ඇස් අරිනවා...........මිර එකෙන් බලනවා.....
මන් බෙල්ල අත ගාලා බැලුවා.......දෙයියනේ නෙක්ලස් එකක්.......මන් ඩ්රෙසින් ටේබල් එකෙන් මගේ දිහාම බැලුවා..ඒකේ චූටීවට #දෙව් කියලා පේන්ඩන්ට් එකක්......වාව්.....නියමයි......ඒක වටේට චුටී චූටී පාට පාට ගල්.අල්ලලා..................
ලස්සනයි නේද..............ම්ම්ම්ම්...............
මම් ඔළුව වැනුවා.ඒත් එක්කම යශ් මගේ ඇගිල්ලට මුද්දක් දැම්මා.මන් යශ් දිහා බැලුවේ පුදුමෙන්............
ඔය මුද්ද සුරංගනාගේ වෙඩින් රින්ග් එක....ඕක තමුසේ තියාගන්නවා.....මට හිතෙන්නේ ඕක තමුසෙට දුන්නා කියලා සුරංගනා තරහා වෙන එකක් නෑ.........
මන් යනවා..තමුසේ හය වෙද්දී ලෑස්තී වෙලා ඉන්නවා......එදා වගේ පැනලා එහෙම යන්නේ නෑ.අර ඩ්‍රෙස් එක මන් තමුසෙට ගෙනාවේ..ඒක අදිනවා......
යශ් ගියාට පස්සේ මන් එහෙමම ඇදෙන් වාඩී උණේ පපුවට අතකුත් තියාගෙන.........
🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤❤️
හවස මන් සුරංගනාවීත් ලෑස්තී කර ගත්තා.....ලා නිල් පාට දිග ගවුමක් මන් සුරංගනාවීට අන්දවලා සුරංගනාවීගේ චූටී නෙක්ලස් එක දාලා වලලු වලින් අත් දෙක පිරෙව්වා.......කොණ්ඩේට ලොකු මලක් තියෙන හෙයාර් බෑන්ඩ් එකක් දාලා මොට්ටුවක් තිබ්බට පස්සේ..........
අම්මෝහ්..........සුරංගනාවීගේ ලස්සන.......ඇස් වහ නෑ රත්තරං.....❤️❤️
මන් බෑග් එක එකේ තිබ්බ මගේ ඇදුමත් එළියට ගත්තා....දෙවියනේ ලා නිල් පාට දිග ගවුමක්...යාශ් මෙච්චර ලස්සන ගවුමක් මට ගෙනත්........ඒත් ඒක ඇන්දාම මන් කැතයිනේ..😥😥යශ්ට මාව එපා වෙයි.....ද...........
මන් ගවුම ඇන්දා.......ගවුම ඇදලා මගේ දිග කොණ්ඩේ ගොතලා පහළට දැම්මා......
අනේ චූටී නෝනා ඇස් වහා නෑ.හරිම. හැඩයි............අපේ මාත්තයාට පිස්සු හැදෙයි.......සත්තියමා.............මාත්තියා එන්න කිව්වා යන්ද...........
හ්ම්ම්ම්.............
මන් චුට්ටීවත් වඩාගෙන පහළට ගියේ ලැජ්ජාවෙන්.......කවදාවත් අම්මාලා තාත්තලා මාව පාර්ටී එකකට එක්කන් ගිහින් නෑ කවදාවත්....මන් යන්න ආසත් නැ.............
යශ් ගැස්සුනා..........කෙල්ලගේ මොකක්ද මන්දා කියන්න බැරි තරම් හැඩක් යශ්ට පෙණුනා......උඹ ලස්සනයි මගේ කලු නෝනා.........ආඩම්බරයි මට උඹ ගැන........
එළියට බැස්සා යන්න.ඒත් මට මත් උණේ මම්මව.අද හිටියා නම් ඔයාවත් එක්කන් යන්න තිබ්බා මගේ මම්මේ.ඉන්න තැනකින් මගේ දිහා බලන් ඉන්න...මන් සතුටින් ඉන්නේ මම්මේ.........ගොඩාරියක්.🙂......
අනේ අම්මී මේ මට නම් එන්න බෑ.යශ් අයියා අර ගැණිවත් ඉස්සර කරගෙන එයි....මට ඒ කලු ගෑණීව පේන්න බෑ.........
මොනාද චුටී දුව ඒ දරුවා ඔයා කියන තරම් කලු නෑනේ.අනිත් එක ඒ දරුවා හරි සිරියාවයි..........ඔයා නම් පුදුම දරුවෙක් නේ...........
ඔව්.ඔව්..ඔයාලාට බැරි උණා අයියට මාව ප්රපෝසල් කරන්න.....අඩුම ගාණේ දේශ් අයියටවත්.....ඔයා දන්නවද දැන් යශ් අයියා කරන ප්රොජෙක්ට් එකේ ආදායම කීයද කියලා.......ආහ්..............
අනේ මේ ශාලු.කටවහගෙන ඉන්නවා.තමුසේ ගිහිම් මොකුත් නොසන්ඩාල වැඩක් එහෙම නොකර පාඩුවේ ඉන්නවා.........එච්චරයි ඔනී........
යශ් හොටෙල් එකට යද්දී හැමෝම ඇවිත් කට්ටිය පහලවක් විතර....කේක් කපලා හැමෝම හිටියේ සතුටින්..........
අනේ මේ ඉන්නේ මල්ලිගේ වයිෆ්ද..කොහෙද වෙඩින්ග් එකවත් අපිට කිව්වේ නෑනේ.නේද ඒයි...........හොරෙන්ම ගත්තනේ.........
කෙල්ලගේ අත අල්ල ගත්ත චමිලා කිව්වේ ඇත්තටම හිතේ ඉපදිච්ච පුදුම සෙනෙහසින්............
කෙල්ල වාසනාවන්තයි.....අපි නට්ටන් වෙලා හිටියේ.මල්ලිට අර කන්ට්රෑක් එක හම්බුණාට පස්සේ තමයි ඔළුව උස්සලා ඉන්නේ නංගා..........
අම්මෝහ් මෙන්න මචන් දැන්මම උඹෙගේ නංගීව අපේ එකී අල්ලගෙන ඉන්නේ.....පරිස්සම් කරගනින් කෙල්ලව.නැත්තන් මේකී කෙල්ලවත් නරක් කරයි.........
යශ් මහ හයියෙන් හිනා වෙද්දී මන් යශ් දිහා බැලුවේ පුදුමෙන්........
අර බලාන්කෝ මචන්..........කෙල්ලෝ දෙන්නා හොදට සෙල්ලම...🙂පවු බන් ගෙදරට හිර වෙලානේ ඉන්නේ......
ඔව් බන් විරාජ්....කෙල්ල ආසයි....
ඒත් එක පාරටම කැම් එකක් උස්සගෙන ආපු ශාලු හැමෝවම ෆොටෝස් ගන්න පටන් ගත්තා...........
අප්පෝ අයියා එන්නකෝ අනේ.........මේ ඔයාත් එනවකෝ හලෝ............දෙව්ලිවත් ඇදලා ගත්ත ශාලු බලෙන්ම වගේ යශ් ලග හිටෙව්වා...........
අප්පෝ මොනාද දෙව්ලී......හොල්මනක් වගේ ඉන්නේ නැතිව හිනා වෙලා ඉන්න.....හොල්මනක් වගේ අනේ මෙයා.මේ බලන්නකෝ......
ආහ් හරි..දැන් කට්ටියම එන්න..
ශාලු හැමොගේම ෆෝටෝස් ගොඩාක් ගත්තා...ශාලුට ඔනී උණේ කෙල්ලව උපරිමේ. රිද්දවන්න........
අයියෝ හැමෝම ලස්සනට ඉන්නවා.මෙන්න මෙයා ඔක්කම ෆොටෝස් ටික දෙල් කරලා....මීට කලින් කවදාවත් ෆොටෝ එකකට ඉදලා නැත්ද හලෝ....හීහී...........
මන් බිම බලා ගත්තා......හිත රිදුණත් මන් හිත රිදුන් නෑ වගේ හිටියේ යශ්ගේ හිත රිදෙයි කියලා.......
මේ දෙව්ලී අයියගෙයි මගෙයි ෆොටෝ එකක් ගන්නවකෝ.....
මන් කැම් එක අතට ගත්තේ හිත මොකක්ද හැගීමකින් පිරිලා යද්දී.....ශාලු ගැන මට තිබ්බේ තරහක්.....ඒත් මන් තරහා පාලනය කරගෙන ෆොටෝ එකක් ගත්තා...........
ආව්හ්...අයියයි මායි මැචින් නේද.........මන් තරම් අයියට කවුරුත් මැචින් නෑ නේද නැන්දේ..........නේහ් පුංචීයා.........
තමුසේ මැචින් උනාට මන් දැන් කසාද බැදලා......දරුවෙකුත් ඉන්නවා.......අනිත් එක තමුසේ වගේ ගෑණියෙක් නම් මට නිකම් දුන්නත් එපා.............🙂
ග්ර්ර්ර්ර්ර්ර්..............ශාලු මගේ අතින් කැම් එකත් උදුරගෙන යද්දී මට බකස් ගාලා හිනා ගියේ දැන් ලොකුකම බහින්න ඇති කියලා හිතාගෙන..........
හරි හරි.........මචන්ලා අපි දැන් තැගී ටික දෙමු නේ කොල්ලට...........
හැමෝම යශ්ට ගිෆ්ට් දෙනකොට මන් නිදාගෙන හිටපු සුරංගනාවීවත් වඩාගෙන හිටියේ ලැජ්ජාවෙන්.....මට මොකුත්ම ගන්න බැරි උණානේ....දැන් ඔක්කම අහයි මන් ගෙනාවේ මොකක්ද කියලා............ශිට්...........
හරි..හරි..........දැන් ඔයාගේ වාරේ...........යශ් එහෙම කියද්දී මන් ගැස්සුනා...මගේ ඇස් වලින් කදුලු ගලන්න ගත්තේ ලැජ්ජාවට.......
මන් ඔලුව වනලා නෑ කියද්දී යශ් මගේ ලගට ඇවිත් මගේ ඉනවටෙන් අත් දෙක දාලා යශ් ලගට ගත්තා..........
සුරංගනාවී අද කතා කරපු එක තමයි ඔයා මට දීපු ලොකුම තෑග්ග........තැන්ක්ස් චුට්ටී...........
යර්ස්...ඔයා තමයි මට මේ ලෝකේ වටිනාම ගිෆ්ට් එක දුන්නේ චුට්ටී.......මන් ඒකට ඔයාට නයයි.........යශ් මගේ නළලට හාදුවක් දිලා එහෙමම පපුවට තුරුල් කර ගත්තා............
හැමෝම අත් පුඩි ගහද්දී මන් ලැජ්ජාවෙන් මිරිකුණා.................
ඒත් මේ හැම දේම බොරුවක්....මේ හැමදේම තව ටික දවසකින් සුන්විසිණු වෙලා යාවී.........යශ් මාව ඩිවොස් කරලා දාවී.............😥😥😥ඒකයි ඇත්ත.මේ හැමදේම එකම එක නාට්යයක කොටසක් විතරයි..............
🖤🖤❤️🖤🖤❤️🖤❤️🖤🖤❤️
ශිට් නින්ද යන්නෙත් නෑ මගුල.......
සෙහන්සා එහෙමම ෆේස්බුක් එකට ලොග් උණා.......සෙහන්සා රන්දිර්ගේ එකවුන්ට් එකට ලොග් උණේ නිකමට වගේ..........
පට්ට කෑල්ලක්..........නම්බර් එක ඔනී අය කියන්න.......
රන්දීර් සෙහන්සාගේ ෆොටෝස් දාලා ෆේස්බුක් එකට.ඒත් ඒවා එක එක ස්ටීකර් දාලා මුණ වහලා...සෙහන්සා ඇදගෙන හිටපු කොට ස්කර්ට්,ටයිට් ශෝර්ට්, ඇග බාගේට බාගයක් එලියට ආපු ඇදුම් ඇදගෙන😁....සෙහන්සා ගැස්සිලා ගියා..........බයට.........😨😨😨
සෙහන්සා එහෙමම රන්දීර්ට කෝල් එකක් ගන්න ගියත් රන්දීර් සෙහන්සාට ගත්තේ හදිස්සියෙන් වගේ......
හෙ......ලෝ..රන්..දීර් ..ත.....මු.සේ.......මේ.
කතා.....මොකුත් ඔනී නෑ..........ටිකක් ශොර්ට් ෆ්රොක් එකක් ඇදගෙන පාරට එනවා....විනාඩි දහයකින්........
මොකක්ද ................
කිව්වදේ කරපන් යකෝ.ආවේ නැත්තන් උඹගේ විඩීයෝ එක මන් ලීක් කරනවා..😂😂
එළියට වරෙන්.............
සෙහන්සා කේන්තියෙන් පිපිරුණා.......ඒත් කරන්න දෙයක් නෑ...........
ලිදට වැටිච්ච මිනිහා දවසක ලිං කටෙන් ගොඩ එනවා වගේ සෙහන්සා ගොඩ එන්නත් ඔනී නම් ලිං කටෙන්ම තමයි.....

මට උඹ කියන කියන තැන් වලට එන්න බෑ මිනිහෝ...........උඹ ඔනී දෙයක් කරපන්....
මේ අහපන් සෙහන්සා උඹට අද එන්නම වෙනවා...උඹ බියුටි කුවීන්ග් කියලනේ හිතාගෙන ඉන්නේ.......බලපන් මන් උඹට කරන දේ..........
රන්දීර් මට මගේ මගේ පාඩුවේ ඉන්න දෙනවා.තමුසේ නම් මහා කරුමයක් උණා ඕයී...කරුමයක්..........
උඹ එනවද.නැත්තන් මන් උඹගේ ගෙදරටම ඇවිත් උඹගේ මහ උන්ට උඹ ගැන විස්තරේ කියන්නද...........
හරි එන්නම්...........ඔහොම ඔතනම ඉන්නවා.....මන් රෙඩි වෙලා එන්නම්......
අල්මාරිය ඇරපු සෙහන්සා ඇගට ඇලිච්ව්හ ටයිට් ෆ්රොක් එකක් ඇන්දා.......දැන් මේ මනුස්සයාගේන් මට ගැලවිල්ලක් නෑ.....මේ මිනහා මොකෙක්ද එකෙක් වගේ මගේ පස්සෙන් එනවා........
සාලේ ටිවී බල බල හිටපු යසෝමා සෙහන්සා ලගට ආවේ කලබලෙන්........
මේ රෑ වෙලා කොහේද යන්නේ සෙහන්සා.උඹට පිස්සුද.........මේ රෑ පාර්ටී වලට යන්න...මන් තාත්තාට කියනවා.........
මේ අම්මේ ඔයාලා ඔයාලගේ පාඩුවේ ඉන්න.මන් කරන්නේ මට ඔනී දේ.මට ඔනී දේ විතරයි මන් කරන්නේ.මිස් ශ්රී ලංකා පැජන්ට් එකේ මට පොඩි වැඩක් කරගන්න තියෙනවා.මන් ඉක්මනට එනවා..........
යසෝම තවත් මොකුත් කියන්න කලින් සෙහන්සා ගේට් එකත් ඇරගෙන එළියට බැස්සා............
දෙයියනේ මොන ශාපයක්ද අපේ පවුලට වැදුණේ........මගේ දරුවා මොන අතකටද යන්නේ මේ.......මොන අතකටද යන්නේ..........අරකීගේ ශාපේ මේ අපිට වැදුණේ...........
ඒකී දැන් සැපෙන් ඉන්නවා.මගේ එකී කාලකන්නී වෙලා.ඔකීට නම්.හොදක් වෙන්න එපා දෙවියනේ මේ කරපු අපරාදේට........මගේ කෙල්ලට ආපු කසාදේ ඒකී කරගෙන දැන් සැප විදිනවා.........
රන්දීර් ඈතින් එන සෙහන්සා දිහා බැලුවේ ආශාවෙන්.මේ මුලු වතම දැන් තමන්ට අයිති කියන හැගීම හිතට එද්දී රන්දීර් සෑහෙන්න ආඩම්බර උණා......
වාව්හ්....අද නම් තමුසේට තියෙන්නේ පට්ට සෙක්සි ලුක් එකක්..........මට තමුසෙව ගිලින්න හිතෙනවා.......
රන්දීර් නිරාවරණය උණු සෙහන්සාගේ කකුල් දෙක වාහනේ ඩ්රයිවින් කරන ගමන් අතගෑවා........
මොකටද මට එන්න කිව්වේ..............රන්දීර්..........
අම්මෝහ් මෙයාගේ කටේ සද්දේ.මට ඔයාව ඔනී උණා ටිකක් සෙහන්සා.........මට අර වීඩීයෝ එක දකින වාරයක් ගානේ ඔයාව ඔනී..............
මේහ් අහනවා රන්දීර්.......තමුසේ මට මගේ පාඩුවේ ඉන්න දෙනවා........මගේ වීඩීයෝ එක අයින් කරලා දානවා.........මට මේ පැජන්ට් එක දිනන්න ඔනී............
අනේහ් මගේ රත්තරං.......අදට විතරක් එන්න............අදට විතරක්.......අපි ටිකක් ඩ්ර්න්ස්ක් අරගෙන යමු.....
රන්දීර් ක්ලබ් එක ලගින් වාහනේ නතර කරලා.සෙහන්සාවත් ඇදගෙන ක්ලබ් එක ඇතුළට ගියේ සෙහන්සා බෑ කියද්දීමයි.............
රන්දීර් ඉවරයක් නැතිව ඩ්ර්න්ක්ස් ගන්න පටන් ගත්තාම සෙහන්සා පාඩුවේ පැත්තකට වෙලා ඩාන්ස් කලා.......රන්දීර් සෙහන්සාට බර වෙලා අඩ අදුරේම ඒ තොල් පෙති සිප ගත්තා............
ඒ අවසරෙන්ම රන්දීර්ගේ සාක්කුවට අත දාපු සෙහන්සා රන්දීරගේ ෆෝන් එක හිමින් අතට අර ගත්තා........යෙස් මේකේනේ හැමදේම තියෙන්නේ මන් කරන දේ බලපන් රන්දීර්................
අද මගේ කෙල්ලට අමතක නොවෙන දවසක් වෙයි නේද සෙහා.....මන් ආදරෙයි මගේ කෙල්ලට.........
මට වොමිට් වගේ රන්දීර්.......ප්ලීස් වාහනේ ටිකක් නතර කරනවද....මට අමාරුයි......
රන්දීර් වාහනේ නතර කලාට පස්සේ සෙහන්සා හොරෙක් වගේ කා එකෙන් බැස්සා.බැහැලා පුංචී පොකට් බෑග් එකේ දාගෙන හිටපු රන්දීර්ගේ ෆෝන් එක කාණුවට විසී කරලා අත් දෙක පිහගෙන කා එකට ගොඩ උණා............
හරි රන්දීර්......යමු........ඔලුව කැරකෙනවා වගේ.......අපි ගෙදර යමුද.............මට අමාරුයි.............
ඔකේ..ඔකේ..........ඔයා ගෙදර යන්න...හෙට උදේම එන්න සෙහන්සා..........
එහෙමම සෙහන්සාගේ ඇගට බර උණු රන්දීර්ගේ සෙහන්සාව ඒ ඇගටම තද කරලා අල්ල ගත්තා.....රන්දීර්ගෙන් තාම ගැලඋණා කියලා හිතන්න සෙහන්සාට තාම බයයි...........😷😷
මේ මිනිහා මාව හපයක් කරලා දාලා තමයි නතර වෙන්නේ.............ඊට කලින් මන් මේ මිනිහාගෙන් ගැලවෙන්න ඔනී.......ඒත් ඒක ලේසී නෑ වගේ......
මේ.....මේ.රන්.දිර්..අපි ගෙද..ර ය.....මු.......ද....
සෙහන්සා කා එකෙන් බැහැලා පපුවට අතක් තියාගෙන වාහනෙන් බැස්සේ රන්දීර්ගෙන් ගැල උණා කියලා හිතාගෙන..........දෙයියනේ මට මේ මිනිහාගෙන් ගැලවෙන්න උදව් කරන්න...........😒😒😒
සෙහන්සා හෙට උදේ අටට හොදේ.ටයිම් එක අමතක කරන්න එපා........මන් බලන් ඉන්නවා........
හරි හරි රන්දීර්....මන් එනවා....යන්නම්..............බායි.............
මාව හග් කරලා යනවකෝ............ප්ලීස්...........රන්දීර් එහෙම කියද්දී සෙහන්සා ආයේම කෙලින් හිටගෙන ඉන්නවත් බැරිව වැනෙන රන්දීර්ව තද කරලා බදාගෙන රන්දීර්ගේ බෙල්ල වටේ ඒ අත් දෙක දා ගත්තා................
මන් ඔයාට ආදරෙයි සෙහන්සා........මගේ ගෙදර ගෑණීටත් වඩා.....ඒකී මල යක්ශනියෙක්.....මට ඒකීව අමකතයි බන්..උඹ ලග ඉන්නකොට.....
සෙහන්සා ගැස්සුනා....සෙහන්සා එහෙමම රන්දීර්ව තල්ලු කරලා දැම්මේ කේන්තියෙන්......
තමුසේ බැදපු මිනිහෙක්ද ඕයී.........එහෙනම් ඇයි මාව රැවට්ටුවේ..........
කවුද කිව්වේ...😮😮😮මන් බැදලා නෑ ගෑනියේ...උඹව බදින්න බලාපොරොත්තුවකුත් නෑ............මන්..යනවා..............
තමුසේ මාව පාවීච්චියට ගත්තා මදිවට තමුසේ මාව ගැණියෙක් කලා.මේ දේවල් මාත් කලේ තමුසේ ගැන විශ්වාසෙන්..
සෙහන්සා එහෙමම වැනි වැනි කා එකට නගින්න යන රන්දිර්ව පාරට තල්ලු කලේ කේන්තියෙන්.......රන්දිර් එහෙමම ඇදෙගෙන වැටෙද්දී සෙහන්සා ගේට් එකේන් ඇතුළට ගිහින් ගේට් එක වහා ගත්තා.......
ඒත් සෙහන්සාට තව අඩියක් ඉස්සරහට තියන්න බැරි උණේ කවුරු හරි මහා හයියෙන් කෑ ගහනකොට........කවුරු හරි වාහනේකට යට උණා...........
දෙයියනේ රන්දීර් ....................
යසෝමා ගැස්සුනේ වාහනයක් බ්රේක් කරලා මහ හයියෙන් හොන් ගහන සද්දෙට......යසෝම එහෙමම දොර ඇරගෙන එළියට එන්න ආවත් සෙහ්නසා දුවගෙන ඇවිත් යසෝමගේ හැප්පුනා......
අම්මේහ්.. ඇතුලට යමු..............එන්නකෝ යන්න...........ඉක්මනට.......
මොකක්ද උණේ දරුවෝ...........ඇයි මේ.කවුරු හරි පාරේ හැප්පුනා වගේ......ය. බලන්න............
බල්ලෙක් වෙන්න ඇති අම්මේ.එන්නකෝ යන්........ඉක්මනට යන්.මට බයයි...............
සෙහන්සා කාමරේට දොරත් ලොක් කරගෙන ඇදට වැටුණේ පුදුම බයකිම්...........දෙයියනේ රන්දීර් මැරුණද...........
එහෙම මොනා හරි උණානම් මටත් වග කියන්ම වෙයි............මට මේ පැජන්ට් එක පැත්තක තියලා යන්න වෙයි හිරේ........
සෙහන්සා රූම් එකේ එහෙට මෙහෙට ඇවිද්දා.........රන්දීර් ගැන ආරංචියක් කොහොමද දැන ගන්නේ............ඒ මිනිහා මැරිලද දන්නේ නෑ.මන් පාරට තල්ලු කරපු කවුරු හරි දැක්කා නම්............ඉවරයි.........
රන්දීර් මැරිලා නම්.........😮😮😮😮
ඒයී මේ කෙල්ල මොකකට හරි බය වෙලා.දැන් එළියට ගිහිම් ආවේ දාසිය පෙරාගෙන....මොකක් හරි ප්රශ්නයක් වගේ.ඔයාවත් අහන්නකෝ එයගෙන්........මන් ඇහුවට කිසිම දෙයක්.කියන්නේ නෑ............
මෙයා අවුලෙන් ඉන්නේ අර යශ්ගේ කේස්.එක හින්දා.මන් නිමල් එක්ක පහල් යවලා තියෙන්නේ....ඔකීට මන් යහතින් ඉන්න දෙන්නේ....... නෑ...
ඔව් ඒයී.අපේ කෙල්ල යශ්ව කසාද බැන්දා නම් අපේ කෙල්ල අද සතුටින් ඉන්නවා.......
මන් ඔකීට යහපතක් නම් වෙන්නෙ දෙන්නේ නැ යසෝම.මගේ මල්ලිගේ දුව නෙවෙයි සක්කරයාගේ දුව උණත්......මන් ඔකීව ඉතුරු කරන්නේ නෑ.......
සෙහන්සා දොර ඇරපම්......මොකක්ද උණේ..............මොකක්ද උඹට වෙලා තියෙන්නේ........
තාත්තේ..සෙහන්සා එහෙමම දයාව බදාගත්තේ අඩ අඩ.......
තාත්තේ.........
ඔයාලාට සතුටුයිද මන් මෙහෙම අඩනකොට..මගේ ජීවීතේම අර ගැණී නැති කලා.......ඒකී මගේ ජීවීතේට ආපු යශ්ව මගෙන් ඈත් කලා..............අපේ හැම දේපළක්ම නැති කලා.......නැති කරලා අයිති කර ගත්තා.........
ඔයා දුක් වෙන්න එපා....මන් කරන්න ඔනී හැමදේම කරලයි තියෙන්නේ....ඔයා බය නොවී ඉන්න.............
හා තාත්තේ............මට වෙච්චී අසාධාරණේට එයාට මොකක් හරි කරන්න තාත්තේ.........මට පාරජය හුරු නෑ...........
ඔව් සෙහන්සා කියන්නේ පරාජය හුරු ගෑණියෙක් නෙවෙයි.........හොදින් හරි නරකකින් හරි සෙහන්සාට දිනන්නයි ඔනී.........
🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤
අ.....ම්............මා.....අම්....මා........
සුරංගනාවී උදේ ඉදලම අඩනවා.මට හිතාගන්න බෑ ඇයි කියලා......මන් පැනඩෝල් සිරප් ටිකක් දුන්නත් සුරංගනාවී අඩන එක නතර කලේ නෑ...........
මගේ අතේ සල්ලිත් නෑ.............කොහෙන්ද බේත් ගන්නේ දරුවට.....කාර්ඩ් එකෙන් ගන්න කෑගල්ලටම යන්න එපැයි......
රාධා.....රාධා...................
ඕ............නෝනා.......
රාධා දුවගෙන ආවේ හදිස්සියෙන්......
අනේ රාධා සුරංගනාවීට උණ වගේ.යශ් ෆෝන් එක ආන්ස්වර් කරන්නෙත් නෑ.....මොකක්ද කරන්නේ රාධා...........
අනේ සාමී.ඇග ගිනිකබල වගේ...අප්පාටත් හුගාක් අසනීපයි...මොකක්ද කරන්නේ නෝනා.කෑගල්ලටම යන්න ඔනීනේ බේත් ගන්න...............
මන් ලෑන්ඩ් ලයින් එකෙන් යශ්ට ගන්න හැදුවත් යශ් ෆෝන් එක ආන්ස්වර් කලේ නෑ.ගන්න ගන්න පාරට ලයින් එක බීසී........
මන් එහෙමම ඇදෙන් වාඩී උණේ හිතාගන්න බැරි තරම් අවුලකින්........
සැරින් සැරේට රින්ග්ස් යන ෆෝන් එක යශ්ට මහම මහා හිසරදයක් වෙලයි තිබ්බේ.යශ් ෆෝන් එක සයිලන්ට් කරලා පැත්තකට දැම්මේ කවුද කියලා වත් බලන්නේ නැතිව..........
මේ එකවුන්ට් මේ තරම් පැටලුණේ කොහොමද.හරියටම ලක්ෂ පනහක පාඩුවක් එනවා...........යාන්තම් ඔළුව උස්සලා නැගිටින්න හැදුවා විතරයි...
විරාජ් උඹ ඇස් පියාගෙනද හිටියේ..යකෝ මේ කන්ට්රෑක් එකෙන් අපිට එන ලාභේ මේ ලොස් වෙන්නේ.......ඕහ් ශිට්........
මචන් මන් ගිය සතියේ ෆයිල් චෙක් කරද්දි හරියට තිබ්බානේ...........ඒක නිසා අවුලක් යයි කියලා හිතුවේ නෑ.........
ඕහ්......මට ටිකක් බලන්න බැරි උණොත් මේ සේරම අවුල් වෙනවා........යකෝ මේ කම්පැනි එක මේ තරම් උඩට ගන්න මන් වගේම විරාජයත් කෑවා අමු කට්ටක්.........යකෝ ඒකේන් රුපියලක් මිස් වෙනවා කියන්නේ ඒක අපිට පාඩුයි..........
ශාලු.........විහගී එක්ක එනවා...........
තමුසේලාට මෙතන වැඩ කරන්න බැරි නම් මෙතනින් අයින් වෙලා යනවා.ශාලු තමුසෙටත් එක්කයි කියන්නේ....
අයි..යේ මේ.......මේ..........මේ....
අයියේ මේ...අයියේ මේ ගාන්න එපා.වැඩ කරන්න බැරි නම් යනවා.මන් කවුරු හරි වැඩට ගන්නම්.....බිස්නස් වලට නෑකම් නෑ............
ස.ර් මේ..............ශාලු මිස් වෙලාවකට මන් කියන වෙලාවට හරියට ෆයිල්ස් වලට ඩීටේල්ස් ඇඩ් කරන්නේ නෑ.ඒවා වෙන්න ඇති එකතු වෙලා තියෙන්නේ....
ශාලු මෙතන බොස්......මන්.......විරාජ් ඉලගට..තමුසේට මන් කියන විදියට විරාජ් කියන විදියට ඉන්න බැරි නම් යනවා ඕයී............යනවා ගිහින් සතයක් වත් එහේට මේහාට වෙන්නේ නැතිව හරියට බැලන්ස් කරලා මට ෆයිල් එක ගෙනත් දෙනවා..........
ශාලු අඩ අඩ රූම් එකෙන් එළියට යද්දී යශ් පුටුවට හේත්තු වෙලා නළල මිරික ගත්තා..........
වෙලාව පහයි.වෙනදා මේ වෙලාව වෙනකොට යශ් ගෙදර එනවා.ඒත් අද ලේට්.ෆෝන් එකවත් ආන්ස්වර් කරන්නේ නෑ......මොකක් හරි කරදරයක් වත්ද.......😮
රාධා.....දෝණීට අමාරුයි....මන් ගිහිම් දෝණීට බේත් ටිකක් අරන් එන්නම්......ඔයා ලග ත්රීවිල් එකන නම්බර් එකක් තිබ්බා නේද...........ඒකට කෝල් කරලා එන්න කියනවද.....
සුරංගනාවීගේ ඇග හොදටම රස්නේ....මන් සුරංගනාවීට ඇදුමක් දා ගත්තා.......මගේ පර්ස් එකයි කාඩ් එකයි ඇරෙන්න මට වෙන දෙයක් ගන්න සිහියක් තිබ්බේ නෑ........
අ.......ම්ම්..........මා.................ඌ.යි.යා.............
හරි මැණික අපි බේත් ගමු......බේත් අරගෙන එමු......බේත් බීලා දොයිය ගත්තට පස්සේ මගේ දූට හොද වෙයි........
රාධා මහත්තයාට කියන්න එන්න එපා කියලා.මන් වීල් එකේම එන්නම්.......කියන්න එයාට කෝල් කලා සෑහෙන්න කියලා........මන් යනවා........
තව එක පාරක් මාත්තයාට කෝල් කරලා බලන්න චුටී නෝනා.......මහත්තයා මග එනවා ඇති.............
මන් ලෑන්ඩ් ෆෝන් එකෙන් ගන්නේ නැතිව මගේ ෆෝන් එකෙන් යශ්ට කෝල් එකක් ගත්තා......
යශ්ට ඔළුවවත් උස්සගන්න වෙලාවක් තිබ්බේ නෑ.......වෙලාව පහහමාරයි........යශ් විරාජ් එක්කම පහළට ඇවිත් වාහනේට නැග්ගේ මහන්සියෙන්.......
නගිනවා ශාලු.......
අයියේ මට බඩු වගයක් ගන්න තියෙනවා..පොඩ්ඩක් ආර්පිකෝ එක ලගින් නතර කරන්න..ප්ලීස්.....අම්මට බේත් වගේකුත් අරගන්න තියෙනවා අමායා එකටත් යන්න ඔනී.......
ඔනී මගුලක යනවා.ගිහිම් ඉක්මනට එනවා.......ඉක්මනට යන්න ඔනී මට ගෙදර.....
වැඩ වලටම මහන්සී වෙලා හිටපු ශාලුත් හෙමබත් වෙලා හිටියේ.යශ් ඔෆිස් යන දවසට ශාලු ඔෆිස් ගියේ යශ්ගේ වාහනේ............
පස්සේ සීට් එකේ තිබ්බ යශ්ගේ ෆෝන් එක රින්ග්ස් යනවා..😡😡😡😡...#චුට්ටී ශාලු එහෙමම ෆෝන් එක ආන්ස්වර් කලේ යශ්ට පේන්නේ නැතිවෙන්න.....විරාජ් එක්ක කයියක් නිසා යශ්ට ගාණක් නෑ............
යශ්....දුවට අසනීපයි................කොහේද ඉන්නේ..........
ආහ් දෙව්ලි.අපි මේ ෆිල්ම් එකක් බලන්න යනවා............අයියා මාත් එක්ක යනවා......එන්න ටිකක් වෙලා යයි..........
හ්ම්ම්..........
මන් එහෙමම ෆෝන් එක කට් කලා..යශ් ඔනී කෙහෙල් මලක ගියපු දෙන්..මට මොකද.😡..ඉර්ශියාවක් හිතට ආවේ නෑ..දුකක් විතරයි.....හිත හිරිවැටිලා ගියේ තප්පරෙන්......මන් එහෙමම ෆොන් එක කට් කරලා දෝණීවත් අරගෙන ත්රී විල් එකට නැග්ගා.....
මන් ඔයාට ඉන්නවා මැණික.........අම්මී ඉන්නවා මගේ පුතේ..යන් බේත් ගේමු....තව ඔයා දුක් විදිනවා බලන්න මට බෑ........මන් හුස්ම ගන්නේ ඔයා නිසා.......
යශ් ගැන හිතේ තිබ්බේ කේන්තියක්.මන් එහෙමම එහෙමම කමර්ෂල් බෑන්ක් එකේ atm එකෙන් සල්ලි ගත්තා.......සල්ලි අරගෙන චැනල් සෙන්ටර් එකට ගිහිම් නම්බර් එකක් අරගෙන වාඩී උණා...........
දෙයියනේ නම්බර් එක 45...............කීය වෙනකම් ඉන්නද............කීය වෙනකම්ද.......
අනේ මිස් මට මෙයාව පෙන්න ගන්න බැරිද.ඩොක්ටර්ට.මේ දරුවා අඩනවා........
මේ මිසීස්....ප්ලීස් ගිහින් පෝළීමේ එන්න.අද ඉන්න හැමෝටම බබාලා ඉන්නවා.එයාලත් අඩනවා..කොහොමද ඔයාව ඩොක්ටර් ගාවට දාන්නේ.මට මේ මිනිස්සුන්ගේන් බැනුම් අහන්න වෙයි..............
ඔකේ.ඔකේ............සොරි
මන් දෝණීව නලව ගන්න ට්රයි කලා.....ඒත් දෝණී ඉවරයක් නැතිව අඩනවා......
අනේ මගේ රත්තරං අඩන්න එපා....අපි බේත් අරගමුකෝ.........අරගෙන යමු.......මගේ රත්තරං දෝ ගන්නකෝ අම්මීගේ ලග.......කෝ............
තාත්.........තා........කෝ..........අම්මා....
තාත්තී නෑ මගේ දෝණී.එයා වැඩනේ...සුරංගනාවී බේත් අරන් ගෙදර යමු.......තාත්තී ඇවිත් ඇති........
වෙලාව නමයටත් ලගයි.මොනා කරන්නද පැටියට බේත් ගන්නම ඔනී..........රෑ වෙද්දී වැඩි උණොත් මොන දෙයියන්නට කියන්නද..........
ඉළග එන්න..............
මන් සුරංගනාවීත් වඩාගෙන ඇතුළට ගියා......ඩොක්ටර් හිටියේ කෝල් එකක......මන් ඩොක්ටර් ලගින් වාඩී වෙලා ඩොක්ටර් කෝල් එක ඉවර වෙනකම් හිටියා........
දෙ.....දෙ......ව්.......ලි........
මන් ගැස්සුනේ ඩොක්ටර් මගේ නම කියද්දී..........මන් ඔළුව උස්සලා ඩොක්ටර් දිහා බැලුවාම මන් ගැස්සිලා ගියා.........
ඔ....ඔ....යා............
ඔව්.....එයා තමයි...මොකක්ද උණේ.කොහේද හැංගීලා ගියේ එක පාරටම.....මන් කොච්චර දවස් හොස්ටල් එක ලග හිටියද.අවුරුදු හයකින් මන් ඔයාව මේ දැක්කේ............
ඔ.ඔ.යා.කැ....ම්පස් අවු.....ට්ද....දහම් අයියේ......
ඔව්....චයිල්ඩ් ස්පේලීශ්ට් කෙනෙක්.........දැන් අවුරුදු දෙකක් විතර ඇති මන් පේරාදෙණිය හොස්පිටල් එකට ඇවිත්.මන් එහේ ගියාම මම්මා බලන්න ගියා..මන් ගියේ ඔයාට ප්රපෝස් කරන්න.. මම්මා ඔයාට උණු දේ කිව්වා..........ඒත් මන් හිතුවේ නෑ මෙහෙම වෙයි කියලා........මම්මා නැති උණාලු නේද....පව්................
මම්......මා.....නැති උණා අයි..යේ.......දැන් මා....ස දෙ.....කයි.......මෙයාට බේත් දෙනවද අයියේ.මෙයාට අමාරුයි......ඉක්මනට.....
දහම් අයියා සුරංගනාවීට බේත් ලියලා දුන්නා......මට දහම් අයියා මුණ ගැහුණට වඩා හදිස්සිය තිබ්බේ ඉක්මනට චුට්ටීට බේත් දෙන්න........
තැන්ක්ස් අයියේ මන් යන්නම්.....ඔයා හරි මට මුණ ගැහුණ එක ලොකු දෙයක්.තරූටත් මන් කෝල් කරලා කියන්නම්කෝ........
මන් එළියට එද්දී ත්රීවිල් එක නෑ.මේ.කොල්ලා යන්න ගියාද......මන් පාරට ගිහින් හිට ගත්තේ හිත බයේ ගැහෙද්දී.යශ්ට කෝල් ගන්නත් බෑ...😮😮😮😥😥
මන් එහෙමම චැනල් සෙන්ටර් එකේ චෙයාර් එකකින් වාඩී වෙලා සුරංගනාවීට බේත් ටික පොවා ගත්තා..........බෙහෙත් ටික පොවාගෙන මන් පාරට ගියේ ත්රී විල් එකක් හයර් කරගෙන යන්න..........
ඒත් පැය බාගයක් විතර මන් සුරංගනාවීත් වඩාගෙන හිටියත් වාහනයක් නෑ.....
ෆෝන් එක රින්ග්ස් යනවා ඉවරයක් නැ.......මන් ෆෝන් එක ආන්ස්වර් කලේ මොකක්ද කරන්නේ කියලා හිතාගන්න බැරිව.....
චූටී නෝනා....කොහේද අප්පා ඉන්නේ......
අනේ රාධා තාම වාහනයක් නෑනේ.අර කොල්ලා මන් ඇතුළට ගිහිම් එන ටිකට ගිහින් යන්න රාධා..මන් බේත් ටික පෙව්වා දැන් නින්ද ගිහිම්...........
මාත්තයා තාම ආවේ නෑ චුටී නෝනා...........නෝනා කොහොමද එන්නේ...........
මන් ත්රීවීල් එකක් හයර් කරගන්න බලන්නම් රාධා.මහත්තයා ආවෝත් කියන්න මහත්තයාට.........
දෙව්ලි....ඇයි මෙතන................යන්නේ නැද්ද........
දහම් අයියා ඒම අහද්දී මන් දෙපාරක් නොහිත දහම් අයියට උත්තර දුන්නේ මේ වෙලාවේ කරන්නම දෙයක් නැති නිසා......
ත්රී වීල් එක ගිහිම් අයියේ මන් එළියට එද්දී.......හස්බන්ඩ් වැඩකට එළියට ගිහින් එද්දී රෑ වෙයි....ඒකයි තනියම ආවේ......
යන් නංගී බබා එක්ක යන්න අමාරුයිනේ.මන් ගිහින් දාන්නම්...........
එපා අයියේ මට ත්රීවිල් එකක් හයර් කරගන්න පුලුවන්..........මන් ත්රී විල් එකේ යන්නම්............
පිස්සු නැතිව නගින්න දෙව්ලි..ආඩම්බරකම නැතිව........මන් ගිහින් දාන්නම්..කොහෙද ගෙවල්............පාර කියනවා.මන් ගෙනියන්නම්...........
දහම් අයියා.............ටිකක් දුරින් නෑදෑ වෙනවා මට.....ඒ උණාට එයාලගේ ගෙවල් තිබ්බේ කැන්ඩී....මන් හොස්ටල් ඉදලා ස්කුල් යන කාලේ ස්කූල් වැඩ වලට මට සෑහෙන්න හෙල්ප් කලේ දහම් අයියා........එයා මෙඩිකල් ෆැකල්ට් එකට තේරූණාට පස්සේ එයාට අපි වෙනුවෙන් වෙලාවක් තිබ්බේ නෑ....
දෙව්ලි මට තමුසෙගෙන් අහන්න දෙයක් තියෙනවා...........
මොකක්ද දහම් අයියේ............මන් ඇහුවේ කුහුලෙන්.......
මන් දවසක මැරි කරන්නේ තමුසෙව.......තේරූණාද.......
මන් මහ හයියෙන් හිනා උණා.මන් වගේ තරූත් හිනා උණා.ඒත් දහම් අයියා ඒක කිව්වේ සිරීයස්මයි..........
මන් කැත කෙල්ලෙක්.ඔයාගේ කැම්පස් එකේන් ලස්සන කෙල්ලෙක් හොයාගන්න...හොයාගෙන බදින්න....හෙටින් විභාගේ ඉවරයි මන් හෙට ගෙදර යනවා...... බායි..
මන් එහෙම කියලා ආවාට පස්සේ දහම් අයියව මට හම්බ උණාමයි..........මන් නිශ්ශබ්ද උණා...........
දෙව්ලී...............
ම්ම්ම්ම්...................
සතුටින් ද ඉන්නේ නංගී.........මම්මා කිව්ව දේවල් ඇත්තද.........ඒ බෝයී ඔයාව බැන්දේ තරහකටද නංගී.......
දන්නේ නෑ අයියේ.....දැන් ඕවා කතා කරලා වැඩක් නෑ...නේ.....ඔයා මැරි කරලද.........
පිස්සුද බන්........මොන කසාදද....මන් තනිකඩයා බන් තාම......මේ හරියේ මගේ යාලුවෙකුත් ඉන්නවා....ගේ නම් දැන් මතක නෑ............
හ්ම්ම්ම්.............අයියාත් මැරි කලානම් හරිනේ......නේද..........
බෑ බන්........ඒ කෙල්ල නැතිව කවුරුත් හිතට අල්ලන්නේ නෑ දෙව්ලී.තාම මන් එතනමයි.....ඔයා තමයි ගොඩාක් දුරට ගිහින් තියෙන්නේ........මේ බලනවා..........
දහම් අයියගේ පර්ස් එක දිග ඇරපු දහම් අයියා ඒකේ අපි තුන් දෙනා ඉන්න පුංචී ෆොටෝ එකක් මට පෙන්නූවාම මන් ගැස්සිලා ගියා.........
ඒවා අතීතේ බන්..........😥😥😥😥දහම් අයියා හුල්ලනකොට මන් දෝණීගේ හිස හිමින් සිප ගත්තා...........
යශ් ගෙදර ආවේ කේන්තියෙන්.ශාලුව ගෙදර ලගින්ම බස්සනත් උණානේ.....යශ් ගේ ඇතුළට ආවේත් කේන්තියෙන්.....
#චුට්ටී-චුට්ටී තමුසේ මොකක්ද කරන්නේ........
යශ් එහෙම කෑ ගැහුවත් ඒ වෙනුවට දුවගෙන ආවේ රාධා...රාධා එහෙම එද්දී යශ් බැලුවේ මොකද කියලා....
කොයි දෙව්ලි නෝනා............නිදිද...එයාට මොකද මන් මෙහේ කට්ට කනවනේ...අඩුම ගානේ කෝල් එකක් දාලා බලන්නේ නෑ මොකක්ද උණේ කියලා...මට තේ එකක් ගේනවා රාධා.....
අනේ චූටී නෝනා කියේ ඉදලද මහත්තයාට කෝ ගන්නේ...උදේ ඉදලා...........සුරංගනාවීට අසනීපයි....උණ...........මහත්තයා එනකම් බලාගෙන ඉදලා ඉදලා ත්රීවිල් එකේ බේත් ගේන්න ගියා............
මො..........කක්.....ද........රාධා..............
යශ් ෆෝන් එක සාක්කුවෙන් එළියට ගත්තේ රාධා කෝල් ගත්තාද කියලා බලන්න.....කෝල් විසිපහක් විතර කෙල්ල අරගෙන......
දෙයියනේ මගේ දරුවා අරගෙන නේද මේ කෙල්ල ගියේ.මට නිකමටවත් බලන්න බැරි උණා.උඹ මහ බුරූවෙක් යශ්........
යශ් එළියට බැස්සේ කෙල්ලට කෝල් එකක් ගන්න..මන් යනවා හොයන්න..බේත් ගත්තද දන්නේ නෑ.......ඒත් ඇරලා දාපු ගේට් එකෙන් වාහනයක් වත්ත ඇතුළට එද්දී යශ් එහෙමම එලියට ආවා...........
දෙයියනේ යශ් ඇවිත්.........මාව මරලා දායි...........අද නම් මන් ඉදලා ඉවරයි.........මාව බේරගන්න දෙවියනේ.............😥😥
මන් කා එකෙන් සුරංගනාවීත් වඩාගෙන බැස්සා.ඒත් එක්කම දහම් අයියත් කා එකෙන් බැහැලා මන් ලගට අවිත් හිට ගද්දී යශ් ගැස්සීලා ගියා.....
මචන් උඹ.................යශ් එහෙමම දහම් අයියව බදා ගත්තා.....
යකෝ යශ්.........මේ.උඹද............මන් ඒත් දෙව්ලිට කිව්වා මගේ යාලුවෙක්ගේ ගෙවල් මේ ලග තියෙනවා කියලා.......දෙව්ලි මගේ නෑදෑ වෙනවා දුරින් බන්......
වරෙන් යන්න ඇතුළට.මන් බිසී වෙලා හිටියේ බන් අද.එන්න රෑ උණා.දරුවට ගොඩාක් උණ හැදිලා.මෙයා මන් එන්න කලින් බේත් ගේන්න ගිහිම් ........
හ්ම්ම් දැන් බෑ කොල්ලෝ.මට දෙව්ලි විස්තරේ කිව්වා....දෙව්ලි යශ් කින්ස්ග් වුඩ් එකේ ඔලේවල් ක්ලාස් වල මාත් එක්ක එකට හිටියේ.....තාමත් අපේ ෆ්රෙන්ඩ්ශිප් එක තියෙනවා... .මන් වෙන දවසක එන්නම්......
දහම් අයියා එහෙම කියලා මගේ ඔළුවත් අත ගාලා යන්න ගියා...
පරිස්සමින් අයියේ.......බුදු සරණයි..........
මන් එහෙම කිව්වා නෙවෙයි කියඋනා......
මන් සුරංගනාවීත් වඩාගෙන ගේ ඇතුළට ගියාම යශ් මගේ පස්සෙන් එද්දී මන් යශ් එක්ක කතා නොකරම සුරංගනාවී එහෙමම ඇදෙන් තියලා මන් වොශ් රූම් එකට ගිහින් දොර වහගත්තා.............
හිතේ තිබ්බ දුකක්........මන් මහ රෑ කියලා බලන්නේ නැතිව නා ගත්තා.........රෑට නාපු ගමන් මට ඔළුව කැක්කුම හැදෙනවා........ඒත් ඔන්න ඔහේ කියලා මන්
නාගත්තා...........
යශ් රූම් එකේ එහෙට මෙහෙට ගියේ කේන්තියෙන්......ඒ අස්සේ යශ්ට මතක් උණේ මෑතකදී තිබ්බ ස්කූල් එකේ පාර්ට් එකකදී දහම් කිව්ව දෙයක්.........
මචන් මන් ආදරේ කරන්නේ කලු කෙල්ලෙක්ට..........ලබන මාසේ ගිහිම් මන් කෙල්ලගේ ගෙදරින් අහනවා..............
මන් ඇදුම් මාරූ කරගෙන පහළට ගියේ බඩගින්නේ.....සුරංගනාවීව ඇහරවගෙන මන් සුරංගනාවීටත් බත් කටක් විතර කෑව්වා......නිදි මත බේරේන ඒ මුණ මැලවිලා ගිහිම්...........මන් පස්සේ කනවා.......
සුරංගනාවී ආයේමත් ඇදේ තියලා මන් අනික් පැත්තට හැරෙද්දී යශ් මගේ ඉස්සරහා හිටගෙන හිටියේ යකෙක් වගේ.............😡😡
මන් ඇදෙන් නැගිටලා යන්න හැදුවත් යශ් මාව ඇදගෙන ගිහිම් යශ්ගේ රූම් එකට දාලා දොර වහගත්තා.........මන් යශ් දිහා බැලුවේ පුදුමෙන් ...
උඹට මට කෝල් කරන්න බැරි උණාද.......ආහ්........මගේ දරුවා අසනීප උණේ........
මන් උත්තර දුන්නේ නෑ.මන් ඔහේ පාඩුවේ හිටියා........උත්තර දීලා තේරූමක් නෑනේ............
කියපන් කෝල් එකක් ගත්තේ නැත්තේ ඇයි.......දෙව්ලි මගේ යකා අවුස්ස ගන්නේ නැතිව කතා කරපන්............
යශ් මාව බිත්තියට තියලා මගේ කට මිරිකුවේ කිසිම හිතක් පපුවක් නෑ වගේ.....
චුට්ටී උඹ ගොළු වෙලාද ඉන්නේ.....කතා කරන්න වචන නැද්ද..උඹ ඇයි උගේ වාහනේ ආවේ....මට කෝල් කලේ නැත්තේ ඇයි.........මන් මොකේක් වගේද උඹට පේන්නේ.........මොකෙක් වගේද.........ආහ්......
උඹට බුරුල දුන්නා වැඩි මන්.......යකෝ මන් උඹට සැලකුවා වැඩී......උඹ මගේ ඇස් ඉස්සරහම අරුත් එක්ක අපුරුවට කා එකේ එනවා.........හාහ්........මන් කොන්ද පන නැති මිනිහෙක් වගේ පෙනුනද උඹගේ ඇගට අතක් නොතිබ්බ හින්දා..........
යශ් මට බනිනවා.එයාගෙන් ෆිල්ම් එක හොදයිද කියලා අහන්න මගේ කටට ආවත් ඒ කේන්තිය අවුස්සන්න මට හිතුන් නෑ..........
චුට්ටී මොකක්ද වෙලා තියෙන්නේ ආහ්.....උඹලා වගේ උන් විශ්වාස කරනවට මටයි තලන්න ඔනී...........මට තලන්න ඔනී........යශ් උඹ මේ කෙල්ලව ඇයි විශ්වාස කරන්නේ.ඇයි...............
මන් යශ්ගේ පපුවට අත තියලා යශ්ව තල්ලු කලා.....ඒත් යශ් මගේ අත මිරිකලා මාව අල්ල ගත්තේ කේන්තියට වෙන්න ඇති.....
මට සුරංගනාවී ගාවට යන්න දෙන්..න....එයා...ට අසනී..පයි.......ඔයා..ට එයා.. ගැ..න ගාන..ක් නැ..ති .. මට එයාව ඔ..නී ය.......ශ්........
කෙල්ලගේ බෝල ඇස් වලින් කදුළු ගලාගෙන යනකොට යශ් ගැස්සුනා.......ඊටත් වඩා යශ් ඉර්ශියාවෙන් පිරිලයි හිටියේ........ඒ කේන්තී ගියපු ඇස් දෙකට කිසිම දෙයක් පෙනුනේ නෑ..........
යකෝ ඒ මගේ දරුවා....මගේ ලේ..........මගේ ලේ වල රස්නේ මට දැනෙන්නේ නැතිව කාටද දැනෙන්නේ.......කාටද.............
මන් මගේ තොල් පට හපාගෙන හිටියේ යශ් අහන ප්රශ්න වලට උත්තර දෙන්න මගේ ලග උත්තර නැති නිසාමයි....
හහ් උඹට උත්තර නෑනේ..මන් හිතාගෙන ඉන්නේ මෝඩ විදියටනේ...😥😥උඹලා ඔක්කම එකතු වෙලා මාව අන්දනවා......
මන් එහෙමම ඔළුව ඉස්සුවා.....යශ් කියන දේවල් අහගෙන ඉන්න තරම් මට හයියක් නෑ......මන් යශ්ගේ දිහා බැලුවේ මේ හැමදේම තිත්ත වෙලා ගියපු හැගීමකින්....
මන් ඒ දහම් අයියත් එක්ක ආසාවෙන් ආවේ නෑ.....ත්රීවීල් එක ගිහින් මන් පරක්කු නිසා..මන් බේත් ගන්න ගියාට පස්සේ තමයි මන් දැන ගත්තේ එයා තමයි චැනල් සෙන්ටර් එකේ ඩොක්ටර් කියලා.ඔයා ෆෝන් එක අරගෙන බලන්න යශ්............මන් කෝල්.කරාද නැද්ද කියලා....
මන් හුස්ම ගන්නේ නැතිව කතා කලා..යශ් නිශ්ශබ්ද උණා......මන් ඒහෙමම රූම් එකට ගියා........ගිහිම් ලයිට් එක ඕෆ් කරලා බිමින් ඉදගෙන ඉකි ගහා ගහා ඇඩුවේ මේ මොන දෙයක් උණාද කියලා හිතාගන්න බැරිව..............
ඔයා එනකම් මන් බලාගෙන හිටියා තමයි දහම් අයියේ......ඇවිත් තාත්තාගෙන් අහනකම් බලාගෙන හිටියා.........ඒත් මන් හිතුවේ මන් කලු කෙල්ලෙක් නිසා ඔයා මට කරන්නේ බොරුවක් කියලා.............
මට සමාවෙන්න දහම් අයියේ.......මට දැන් වෙන කෙනෙක් ගැන හිතන්න තියා හුස්මක් වත් වදින තැනක ඉන්න මට අයිතියක් නෑ.........
තියෙන්න හරි නැතිවෙන්න හරි මන් දැන් යශ්ගේ.........යශ්ගේ විතරයිමයි.........
❤️❤️❤️🖤❤️❤️❤️🖤🖤🖤🖤❤️❤️
දහම් කඩුගන්නාව හරියෙන් වාහනේ නතර කලා............
කවදාවත් නැතිව ඒ ඇස් වල කදුළු පිරිලා......
යකෝ උඹ ඩොක්ටර් කෙනෙක්.උඹට මේ මොකක් වෙලාද දහම්......ලැජ්ජා නැද්ද අඩන්න........ඒ කෙල්ල උඹ එනකම් හිටියා කියලා මම්මා කිව්වා නේද.ඇයි උඹ පරක්කු උණේ...........උඹ උස්සර උණ නම් කෙල්ල අද උඹේ ලග.................
දහම් දහම්ටම බැන ගත්තා.......කෙල්ල දරුවෙක් එක්ක් ඉන්නවා බලන්න දහම් හීනේකින් වත් ප්රාර්ථනා කලේ නෑ...........
ඇයි දෙව්ලී..........මට උඹව මිස් උණේ මගේ කලු කෙල්ල........උඹ මගේ......ඉස්සර ඉදලම මගේ හීනවල හිටියේ උඹ......කැම්පස් එකේ අච්චර කෙල්ලෝ ඉද්දී මහේ හීන වල හිටියේ උඹ.........ඒත් උඹ.................ඉස්සර උණානේ..........
ඒත් මම්මා කියපු විදියට යශ් කෙල්ලව ඩිවෝස් කලොත් මන් ඔකාව යාලුවෙක් කියලා බලන්නේ නැතිව මරනවා....😡😡
කාට හරි ආදරේ කරනවා නම් ඒක හරියන්න හරි වැරදෙන්න හරි කියලා දාන්න ඔනී.....අපිට කලින් මොකෙක් හරි ඇවිත් ඒ මැණික උස්සන් යනකම් අපිට හොයාගන්නවත් බැරි වෙයි.......
දහම් කා එකට නැග්ගේ හිත ඈත දුරක තියාගෙන.ඒත් දහම් දැන් පරක්කු වැඩී......
යශ් ඇදෙන් ඉද ගත්තා....සුරංගනාවීට දැන් අඩුද දන්නේ නැ....කෙල්ල තනියම කොහොම ගියාද.අතේ සතයක් වත් තිබ්බේ නෑනේ බේත් ගන්න.කෙල්ලගේ කර්ඩ් එකෙන් සල්ලි ගන්න ඇති...කෙල්ල කියපු කතාව ගැන සිය පාරක් හිතපු යශ් ෆෝන් එක අතට අර ගත්තා...........
දෙයියනේ උදේ ඉදලම කෝල් අරගෙන.......මන් මොකක්ද මේ කලේ.....කෙල්ලට නිකම්ම නිකම් හේතූවක් නැතුව බැන්නා නේද.........
කෙල්ල ගත්ත කෝල් එකක් මන් ආන්ස්වර් කලේ කොයි වෙලාවේද............යශ් එහෙමම වොයිස් රෙකෝඩින් ඔන් කරලා කෝල් එකට ඇහුම්කම් දුන්නේ ඉවසීමේන්......
"යශ් දුවට අසනීපයි කොහෙද ඉන්නේ..."
දෙවියනේ ශාලු....😮😮😮😮උඹ............
උඹ එහෙනම් මේ හේතුව හින්දා තමයි මාව කැන්ඩි වල ඉදලා අමායා එකටයි ආර්පිකෝ එකෙයි ෆාමසි ගාණේයි රස්තියාදු උණේ.දෙවියනේ ෆිල්ම් බලනවා කියලා කෙල්ලට කිව්වාම ඒ කෙල්ලට මොනා හිතෙන්න ඇත්ද...................😡😡😡😡
යශ් එහෙමම නැගිටලා පහළට ගියේ කෙල්ල බත් කනවා ඇති කියලා හිතාගෙන........ඒත් කෙල්ලගේ හේයාවක් වත් නෑ.............
කෝ රාධා චූටී නෝනා.............
පාවුම් මහත්තයා චූටී නෝනා.අපේ සුරංගනාවීට පන ඇරලා ඉන්නේ.මාත්තයා බනින්න එපා නෝනාට.......කාමරේට වෙලා අඩනවා....කන්නේත් නෑ.............
#චුට්ටී....කෑම කන්නේ නෑ.............
කෙල්ල කාමරේ බිමම ඉදගෙන ඉන්න හැටි දැක්කාම යාශ්ගේ පපුවත් එක්ක මොකක්ද උණා.............
ම..ට.බඩ...ගිනි නෑ.............ඔයා ...කන්..න...
මන් කවන්නද.........සොරි...........චුට්ටී........ප්ලීස්.....මට සමාව දෙන්න......
යශ් මන් ලගින්ම වාඩී වෙලා මට බත් කවන්න ඉද ගත්තා.නැගිටලා ඒ ඇස් මග ඇරලා යන්න හැදුවත් යශ්ගේන් මට බේරීල්ලක් නෑ............
මට බත් කවලා යශ් කටවල් දෙක තුනක් කෑවා......මට ලොකු බත් කටවල් කවලා එයා එහෙම කනකොට මගේ හිතටත් දැනුනේ දුකක්.........නපුරුකම අඩු වෙලාද කොහේද...........ඒත් මට ශාලු කියපු දේ ආයේම මතක් උණා..........
මන් යශ්ගේ අත අල්ල ගත්තා............
මට ඩිවෝස් එක දෙන්න යශ්.........ප්ලීස්..........😥😥😥😥😥
ඒත් එක්කම වගේ යශ්....👇👇👇👇👇
මතුසම්බන්ධයි ........


No comments:

Post a Comment

UNIVOTEC එක ගැන

UNIVOTEC එකේ පාඨමාලා සහ වැඩි විස්තර සදහා පහත ඇති PDF ෆයිල් එක භාවිතා කරන්න. https://drive.google.com/open?id=1zbMNZ14FNiYV2f34K91x1KqpKmid...