ශ්.ශ්..කෑ ගහන්න එපා......හරි අපි යමු.....ඉස්සරලාම සද්ද නොකර ඉන්න..එයාලාට සල්ලි ටික දීලාම යමු........
යශ් මෙහෙන් අපි යමු.......මට ඉන්න බෑ...........මට මේ ගෙදර ඉන්න බෑ...ඔයාටත් මාව එක්කන් යන්න බෑ නම්.......මන් යන්නම් කොහේ හරී.....😒
මන් එහෙම කියද්දී යශ් ඔළුව වැනුවා...කෙල්ල ඉන්නේ දුකෙන් කියලා යශ් දන්නවා..මේ කියවන්නේ දුකට...යශ් අල්මාරිය ඇරලා සල්ලි බෑග් එක කෙල්ලගේ අතට දුන්නා......
යන්න මේක ගිහින් ඔයාගේ තාත්තට දෙන්න චුට්ටී.ඒ කරලා අපි යමු.......
හැමෝම යන්න රෙඩි උණා..මන් යශ් අම්මා රාධා..අපි හැමෝම ලෑස්තී වෙලා සාලේට එද්දී සුදු නැන්දී මගේ ලගට ආවේ පුදුමෙන් වගේ.........
මන් අමතක උණු දෙයක් ගන්න වගේ ආයේම හැරිලා මම්මගේ රූම් එකට ගියා.ගිහින් මගෙයි මම්මගෙයි ලොකු ෆ්රේම් කරපු ෆොටෝ එකයි.මම්මගේ අල්මාරියේ තිබ්බ මගේ ෆොටෝ ඇල්බම් එකයි අර ගත්තා............
මම්මගේ සිල් ඇදුම.මන් කලබලෙන්ම ඒකත් ගත්තා........ඒ හැමදේම අරගෙන මන් එළියට එද්දී තාත්තා අම්මා හැමෝම සාලේට වෙලා මගේ දිහාම බලන් ඉන්නවා......
මම්මගේ දානේටවත් ඉදලා යන්න පුතේ......යන්න එපා..........😥😥
බෑ සුදු නැන්දී.මන් එහේ දානේ දෙනවා.....මට මෙහේ ඉන්න බෑ.........මන් යන්න ඔනී......
මොනාද දෝණී මේ කරන්නේ....අයියේ මේ දරුවට ඉන්න කියන්න......අඩුම ගානේ අම්මගේ දානේටවත්........
එපා සුදු නැන්දී....මෙයාලට කියන්න මම්මා වෙනුවෙන් පිං කරන්න එපා කියලා.....මෙයාලා නිසායි මම්මා මැරුණේ.......මෙන්න මෙයාගේ වැඩ නිසා........
මන් තාත්තට ඇගිල්ල දික් කලා....ඊටත් පස්සේ අම්මට........
ඔයාලා මිනීමරුවෝනේ කොහොමත්......යශ්ගේ තාත්තා මරාගත්තෙත් ඔයාලා.....සතුටුයි නේද.........ශාහ් මරු අම්මේ........ඔයා මගේ අම්මා කියන්නත් මට ලැජ්ජයි.........
මාවත් විකුණුවා ඒ මදිවට.......ඔයාලා සත්තු වගේ........මගේ මම්මාව මරාගත්තා......ඔයාට මගේ දේපල නෙවේ අඩුම ගානේ මගෙන් රුපියලක් වත් හම්බෙන් නෑ.................
ඔයාලාට හැමදාම හිනාවෙලා ඉන්න හම්බෙන් නැ.කවදා හරි ඒ හැමදේම පල දෙනවා..........එදාට මන් එනවා...........මන් එන්නම්...........එදාට බලමු.......😡.
කටවහනවා දෙව්ලී.තමුසේ අම්මටයි තාත්තටයි විතරක් ඇගිල්ල දික් කරන්න එපා........අනිත් එක මම්මගේ දේපල අයිති තාත්තට.......ඒවා ආය අපිට ඔනී...
මන් ඒ හැමදේකම අයිතිකාරයා සෙහන්සා.ඒ හැමදේම මගේ දේවල්....ඉතිම් මන් මගේ දේවල් ඔයාලට දෙන්නෙ ඇයි.........තමුසේ කටවහගෙන ඉන්නවා.....
කටවගෙන මගේ ගෙදරින් එළියට බැහැපන්...........
තාත්තා කෑ ගහද්දී මන් හිනා උණා.......යශ් මගේ අතින් අල්ල ගත්තේ මන් තව කෑගහයි කියලා වෙන්න ඇති.....
චුට්ටී......ඇති...........එන්න යන්..........කියෙව්වා ඇති......අම්මා සුරංගනාවී අරන් යන්න වාහනේට මන් එන්නම්........
යශ් සල්ලි බෑග් එක අරගෙන සල්ලි බෑග් එක තාත්තගේ අතින් තිබ්බා......
අංකල් මෙන්න ණය....තැන්ක්ස්........ලෝන් එකක් අපිට දුන්නට.😂😂අපි යන්නම්.....යන්නම් ඇන්ටී......අපිව එලවන්න දෙයක් නෑ අපි යනවා කොහොමත්....මගේ අම්මා තාම අඩනවා තාත්තා නැති දුකට....ඒ කදුලු ඇති අංකල්...මන් සාප කරන්නේ නෑ.......
යන් චුට්ටී.................
කෙල්ලගේ අතින් අල්ලගෙන එළියට බැහැලා යන යශ් දිහා දයා බලන් හිටියේ පුදුමෙන්......දැන් වෙන්න තියෙන හැමදේම වෙලා ඉවරයි.......ඒත් මේ වැටිච්ච ජීවීත ආයේම ගොඩගන්න විදියක් දයා දැනගෙන හිටියේ නෑ............
දයා එහෙමම සෙටී එකට වැටුණේ ඔළුවත් අත් දෙකෙන් අල්ලගෙන..........
මන්.........වැර...දී....යසෝ.මා.......මන්.....මහා..වැරදි..මිනිහෙ..ක්.......ම..ගේ...අ.ම්මා.......අනේ......ම..ගේ....අ.ම්මා.........
නෑ.අපි ඔයා එක්ක ඉන්නවා ඒයි........හැමදාම ඉන්නවා....මායි දුවයි.ඒකී කොහොමත් අපේ දරුවෙක් නෙවේනේ දයා....ඔයා අඩන්න එපා......අපි නැගිටිමු.....යන් කෑම ටිකක් කමු.එන්න...........
ඒකී දීග ගියෙත් දරුවෙක් ඉන්න තාත්තා කෙනෙක් එක්කනේ දයා....ඒකීට ලැජ්ජා නැතිව දරුවත් අරගෙනම ඇවිත්.....ඔයා ලැජ්ජා වෙන්න ඒ වගේ එකියෙක් හදා ගත්තා කියන එකටත් දයා.....
ඔයාගේ කුසින් ලැබුන් නැති උණාට ඒ මගේ සහෝදරයාගේ දරුවා යසෝම.ඒ මගේම මල්ලිගේ දරුවා...........මගේම ලේ ඒ ඇගේ දුවන්නෙත්.......
ඒක දන්නේ නැනේ කවුරුත්.දැන් ඔක්කම හරිනේ.ඔයා එන්න බේත් ටික බොන්න.මෙහෙම ඉදලා ඔයත් ලෙඩ උණොත්..........
සෙහන්සා හිටියේ කේන්තියෙන්......සෙහන්සා කාමරේට ගිහින් දොර දඩෝං ගාලා වහගත්තා..පුලුවන් තරම් ඇඩුවේ සෙහන්සාගේ හිතේ තිබ්බ තරහට......සෙහන්සා ඇස් දෙක පියාගෙන ඒ හැමදේම ආයේ ආයේ එකපෙලට මතක් කලා.....
අයියේ තේ එකක් බොන්න...............
එපා.....දැන් චුට්ටී තේ එකක් ගේන්න ගියේ.ඕක දෙන්න සෙල්වම්ට..........
මේ....මේ........ක.ඔයාටනේ ගෙනාවේ...........
කමක් නෑ.........ඕක සෙල්වම්ට දෙන්න.....මන් චුට්ටී ගෙනාවම බොන්නම්.......තැන්ක්ස්........
යශ්ගේ ආඩම්බරකමට සෙහන්සා හිටියේ පුදුම තරහකින්......මේකී කපුටි වගේ ඉදගෙන යශ්ව අල්ලගෙන.......බත් කවනවත් එක්ක.......ග්ර්ර්ර්ර්........මට ඔකීව හරියට හම්බුණා නම් ................ඇත්තමයි...........😡😡😡
එදා රෑ දෙව්ලිට උණ...ඇගත් රත් වෙලා........යශ් ඇදෙන් ඉදගෙන කෙල්ලගේ ඔළුවට ඔඩිකොලොන් දාලා හිමින් අත ගානවා.......දෙයියනේ ඒ ආදරේට සෙහන්සා පිස්සු වැටිලයි උන්නේ...........මට අයිති උණානම් කියන ඒ හැගීම හැන තිස්සේම ඒ හිතට දැණුනා.............
දොරේ කර්ටන් එක මෑත් කරලා බලන් හිටපු සෙහන්සා යන්න ගියේ හූල්ල හුල්ල............
හිමි අහිමී වීම ගැන සෙහන්සා දන්නේ මොනාද......ඒ හිතට හුරු හිමිවීම විතරයි.......සෙහන්සා ඇදෙන් නැගිටලා කේන්තියෙන් ඔළුව බිත්තියට ගහ ගත්තා..........
හහ්.........යශ්ට උඹව එපා වෙනවා.මේ ලෝකේ කිසිම කොල්ලෙක් කැමති නෑ කැත කෙල්ලෙක් බදින්න.........දෙව්ලී කියන්නේ කැත කෙල්ලෙක්.....මන් වගේ ලස්සන නෑ..........මන් ලස්සනයි....හැමෝම කියනවා...........
අල්මාරියේ කන්ණාඩියෙන් සෙහන්සා සෙහන්සාගේ මුණ බැලුවා.මේ දවස් තුනේ නිදි මරපු නිසාද කොහෙද ඒ මුණ කලුවෙලා ගිහින්........
පිපිඤ්ඤා ටිකක් මුණේ තියා ගත්තා නම් හරි..අයියෝ මේ මම්මගේ හත් දවසේ දානේ ඉවර වෙනකම් මොකුත් කරන්න හම්බෙන්.......නෑ...😡😡😡😡......
🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤
ගෙදර ආපු ගමන් මන් සුරංගනාවීව බිම කාපට් එකක් දාලා තිබ්බා.......කෙල්ලට අමාරු ඇති........පවු...........
අනේ මැණික........මට මහන්සීනේ.......ඔයා ඔහොම ඉන්න.අපි නාලා....බත් කාලා දොයියමු...........කඩචෝරූම කාලා බණ්ඩී ෆුල් නේ.......
රාධා.....සුරංගනාවී ටිකක් බලන්න........මන් වතුර එකක් නිවෙන්න දාලා එන්නම්.........
ආහ්..ශරි..ශරි නෝනා.............
මන් සුරංගනාවීව නාවන්න වතුර එකක් නිවෙන්න තියලා මගේ රූම් එකට ගිහින් අපේ ඇදුම් බෑග් එක අස් කරලා දැම්මා..........මන් බෑග් එකේ තිබ්බ මම්මගේ ෆොටෝ එක අරන් බිත්තියේ එල්ලන්න තැනක් බැලුවා............
ඇදේ මට ඉස්සරහම බිත්තියේ ඇණයක් තියෙනවා........මන් ෆොටෝ එක පිස්සා.........ඇස් වලට කදුළු ආවේ මම්මගේ මතකයන් හිත පුරාම හොල්මන් කරද්දී............
මම්මේ...................මන් පන්තියේ පලවෙනියා.යේ...යේ......
අනේ මගේ කෙල්ලට බුදු සරණයි...........කෝ බලන්න මුණ මගේ චුටී දෝනීගේ..........
මම්මේ මේ..........මන් කලුයි කියලා සමහරු මාත් එක්ක යාලුවෝ වෙන්න වත් කැමති.කලු කියන්නේ කැත පාටක්ද මම්මේ........
නෑ පුතේ......ඉස්සර බුදු හාමුදුරුවන්ගේ කාලේ මුගලන් කියලා බලසම්පන්න හාමුදුරුවෝ කෙනෙක් වැඩ හිටියා.....උන්නාන්සේත් කලුයි.............එතකොට උත්පලවන්නා කියලා මෙහෙණින්වහන්සේ නමක් හිටියා එයත් කලුයි පුතේ..............
ඔයා මානේල් මලක් පුතේ.ඒ තරම් ලස්සනයි ඔයා......ඔයා දවසක ඒ ලස්සන දකියි...........මන් කිව්වට බෑ....ඒක ඔයාටම පේන දවසක් එයි....එදාට මන් කියපු දේවල් ගැන හිතලා බලන්න..........😌😌😌
මන් ඇද විට්ටමට ගොඩ උණේ.ඇස් වල කදුළු පිහාගෙන ගොඩ උණත් මට ඇස් බොද වෙලා වගේ..........ශිට් තව උසද.....යකෝ මන් මෙච්චරක් කොටද...........😡😡යශ්ට කිව්වොත් එල්ලලා දෙයි...........අප්පෝ ඔනී නෑ.ඕකටත් මටම බැනුම් අහන්න වෙයි.....😒
මන් ඇගිලි වලින් ඉස්සුනා.........ෆොටෝ එක නම් දෙයියනේ කියලා එල්ල ගත්තා..ඒත් ඉතිම් මෙ දෙව්ලි අවසනාව කරේ තියාගන්න ඉන්න 😁😁😁 කෙල්ලෙක්නේ.....ඔව් මන් එහෙමම අනික් පැත්තට වැටෙන්න ගියා.............
මන් තද කරලා ඇස් දෙක පියා ගත්තේ මගේ අවසාන තප්පරේ මේක කියලා...ඒත් මාව කවුරු හරි කැච් කරලා............
පිටි මුට්ටේ වගේ ඉන්නේ නැතිව බහිනවා.......පුදුම බරක් තමුසේගේ තියෙන්නේ.......බහිනවා ඉතිම්...........
යශ් බෙරිහන් දෙනවා.මන් ටක් ගලා බිමට බහින්න හැදුවත් මගේ දැගලිල්ලට යශ් අනික් පැත්තට මාත් එක්කම ඇදට පෙරලුනා.............
මන් යශ්ගේ ඇගට ඇදගෙන වැටෙද්දී යශ් බොරුවටත් එක්ක කැ ගහනවා............
ඌයීහ් අම්මේ..........මගේ කොන්ද...යකෝ වදින්න ගියපු දේවාලේ තඩි ගලක් මගේ ඇගට කඩාගෙන වැටුණා........නැගිටිනවා........කොන්ද කැඩිලා වගේ මගේ........
යශ් කෙල්ලට කෑ ගැහුවත් යශ්ට ලොභයි........යශ් එහෙමම කෙල්ලව තවත් පපුවට තද කරලා අල්ල ගත්තා........
ඔ.......යා..........අ..ල්ල.....ගෙන.....ඉද්.දි..ම.ට...යන්..න..බෑ.නේ..
හ්ම්ම්....යනවා...යන්න ඔනී උන් කොහොමත් මන් බලෙන් අල්ලගෙන නෑ............
යශ් එහෙමම මාව ඇදට තල්ලු කරලා දාලා නැගිට්ටා........ඒ මුණ නපුරු පාටයි.......
කොහොමත් හැමෝගේම අනුකම්පාව උණත් තියෙන්නේ ටික කාලයයිනේ....යශ්ගෙන් අනුකම්පාව උණත් එහෙම තමයි......
කොහොමත් හැමෝගේම අනුකම්පාව උණත් තියෙන්නේ ටික කාලයයිනේ....යශ්ගෙන් අනුකම්පාව උණත් එහෙම තමයි......
අඩන්න හිටියේ නැති උණත් මට ඇඩුනා.........මම්මගේ ආදරේ මතක් වෙද්දී හිත පැලිලා යන්න එනවා.ඒ චිතකේ ගිනිදැල් වලට මාවත් පිච්චිලා අලු වෙලා ගියානම්..........මේ කිසිම දෙයක් නෑ........
චුට්ටී......අඩනවද.........
යශ්ට කෙල්ල ගැස්සෙනකොට අඩනවා කියලා දැනුනා.........ඒත් කෙල්ලගෙන් කිසිම සද්දයක් නෑ...
ඔය අඩන එක නවත්තලා නැගිටනවා දෙව්ලී.......අර සුරංගනාවී බඩගින්නේ අඩනවා........ඉක්මනට ගිහිම් බලනවා...මෙතන අඩ අඩ ඉන්නේ නැතිව.......
යශ්ගේ කෑ ගැහිල්ලට මන් ඇදෙන් නැගිටලා යන්න හැදුවත් යශ් මාව ඇදලා එයාගේ ලගට ගත්තා.............මගේ මුණට වැටිලා තිබ්බ කොණ්ඩේ එහාට කරපු යශ් කවදාවත් නැතිව ලස්සනට හිනා උණා............
සුරංගනාවීට නෙවෙයි මටයි බඩගිනි.......තේ එකක් ගේනවද......ඉගුරු දාලා රසට........හාද.............මගේ හොද චුට්ටී කෙල්ලනේ........
මන් ඔලුව හෙල්ලුවා..........
මන් ඒ පපුවෙන් මෑත් උණා.....ඒත් යශ් මාව තද කරලා අල්ලගෙන.........මන් ආයේමත් ඒ මුණ දිහා බැලුවා.........
මෙහේ ඉන්නවා නම් අඩන්නේ නැතිව ඉන්නවා.........තේරූණාද තමුසෙට.............අඩන්නේ නෑ...මට පේන්න.........යනවා ඉතිම්..........😡😡
යනවා ඉතිම්.....
මන් යශ්ගෙන් මිදිලා එළියට ගියා.......මන් කිචන් එකට ගිහිම් යශ්ට තේ එකක් හැදුවා හදලා ඒකත් අරන් ගිහිම් යශ්ගේ රූම් එකේන් තිබ්බා........යශ් වැඩක් ඔලුව වත් උස්සලා බැලිල්ලක් නැ..........
තියලා යනවා...........මන් බොන්නම්............
තියෙන නපුරුකම.....දුශ්ටයා............කිසිම තෙතමනයක් නෑ හිතේ....නපුරා........😌😌😌😌😌😌😌😌
යශ්ට හිනා ගියේ කෙල්ල කුටු කුටු ගගා බනිනකොට.......😡මේකී මෙහෙම හිටියට නපුරු කණුවක්.......😂
තමුසේ ඔය කාටද කුටු කුටු ගාලා බනින්නේ...ආහ්..හවස හය වෙද්දී ලෑස්තී වෙනවා දානේට බඩු ගේන්න යන්න......සුගතාරේමේට දානේ දෙමු........මන් අම්මටත් කෝල් කලා......
ඔනී කරන බඩු ලිස්ට් එක අම්මා ලියලා දෙයි.එහෙත් ගිහින් අපි බඩු ටික අරන් එමු.....හෙට උදේ මන් ඔෆිස් යනකොට අපේ හාමුදුරුවන්ට කියලා යන්නම්..........
එදා සිකුරාදා දවසක් මම්මා වෙනුවෙන් මන් මහන්සී වෙලා දානේ හැදුවේ යශ්ගේ අම්මලගේ ගෙදර............
සුරංගනාවී මගේ මැණික දග කරන් නැතුව ඉන්න...........ඔහොම ඉදගෙන.....මේ වැඩ ඉවර උණාම මැණිකව ගන්නම්........
මන්,සෙල්වම්,රාධා,යශ්... අම්මා..ශාලුගේ අම්මා,තව ශාලු එයත් හිටියා...
ශාලු ඇවිත් ලුණු ගෙඩියක් වත් සුද්ද කරනවකෝ.......පිං සිද්ධ වෙනවානේ..........
මට බෑ.මගේ නියපොතු සවුත්තූ වෙනවා.....අනික මගේ කවුරුත් මැරුණ් නෑනේ මටනම් බෑ.........ඔයාලට ඔනී නම් කරගන්න.......
මේයා නම් සෙහන්සාගේ කපාපු පලුවක්......එයාටයි මෙයාටයි දෙන්නටම තිබ්බේ යශ්ව අයිති කරගන්න උණක්.......එක අතකට මෙහෙම ගෑණියෙක්ට යශ් අයිති නොවුණ එකම හොදයි.........😌😌😌😌😌😌
කොහෙද පවුකාරයොන්ට පිං පුරවන්න බෑනේ....
මන් එහෙම හිත හිතම ලුණු ටික සුද්ද කරන්න ගත්තා......
ශාලු ඇරෙන්න අපි හැමෝම මහන්සී වෙලා දහය වෙද්දී දානේ හදලා ඉවර කලා.........හිතට දැණුනේ පුදුම සහනයක්............
නැන්දේ මට වඩේ එකක් දෙන්න..........ආසයි කන්න.
මොනාද ශාලු වෙලා තියෙන්නේ.දානේකට හදපු දේවල් එහෙම හිතුණ හිතුණ වෙලාවට කන්න බෑ.ඔනී නම් හන්දියේ කඩෙන් කනවා.........
මම්මා ආස නිසාම මන් පරිප්පු වඩේ ටිකක් සෙල්වම්ට කියලා හදා ගත්තා..............
එයා නයි කොච්චී දාලා වඩේ කන්න ආසයි..............
මන් එහෙම හිතලා ඇස් වලින් ගලපු කදුළු පිස්සා................ඔයා බලන් ඉන්නවා නේද මම්මේ..........😥
යශ් සුරංගනාවීගේ අම්මත් මතක් කරලා අටපිරිකරේ පුජා කරන්න.එයාටත් පිං දෙන්න.....
දානේ පුජා කරලා ඉවර උණාට පස්සේ මන් මම්මා වෙනුවෙන් අටපිරිකරයක් පුජා කලා...ඒහෙම කරලත් මට මදී........
යශ් මගේ දිහා බැලුවේ පුදුමෙන්.මේ කොහොම කෙල්ලෙක්ද.තමන්ට අනුන් ගැන හිතන...සුරංගනාට පිං දෙන්න කියලා යශ්ට කියන්න පව්ලේ අයටත් අමතක උණා.ඒත් චුට්ටී ඒක මතක තියන් ඉදලා.
යශ් මහත්තයා කරනවා නම් මහ පුන්යකර්මයක් තියෙනවා.........අලුතෙන් මහණ දම් රකින්න ආපු සාමනේර උන්නාන්සේ කෙනෙක් ඉන්නවා.....ඒ උන්නාසේට ඉගන ගන්න කාලේ ඉගනුම් වියදම් දරන්න තාම කවුරුත් ලැබුණේ නෑ....නේ..........
මන් යශ්ගේ දිහා බැලුවා.......මන් ඇස් වලින් යශ්ට කිව්වේ හා කියන්න කියලා.....
මට පුලුවන් අපේ හාමුදුරුවනේ.......මන් ඒකට පොරොන්දු වෙනවා...............
තෙරුවන් සරණයි.........තුරුණුවන් බලයෙන් යහපතක්ම වේවා.....
🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤
මම්මාගේ දානේන් පස්සේ අපි ආයෙම යශ්ලාගේ ගෙදර ආවා..........මන් ආසයි යශ්ගේ අම්මත් එක්කම ඉන්න.........
හැමෝම කෑවට පස්සේ මන් බත් කටක් විතර බෙදා ගත්තා.මම්මාගේ දානේ මගේ අතින්ම උයලා මටම කන්න උණානේ..........😥😥😥මගේ රත්තරං මම්මේ.හැම ආත්මේම මගේ අම්මා වෙලා හරි එන්න මම්මේ........
දෝණී අඩන්නේ නැතුව් බත් කටක් හරි කන්න පුතේ.....බඩගින්නේ ඉන්න එපා.......
කන්න බෑ අම්මේ...........
කන්න පුතේ.......ඔයා මගේ පුතාව බදිනවට මන් කැමති උන් නෑ..ණයට හිලව්වක් විදියට මන් මගේ පුතාව බලෙන්ම ඔයාගේ තාත්තට දුන්නේ.ඒත් මට හිතෙනවා ඔයා තමයි මගේ පුතාගේ ජීවීතේට හරියන්නේ කියලා දෙව්ලි පුතේ...........
මගේ සුරංගනාවීයි ,යශ් පරිස්සම් කරලා බලාගන්න පුතේ....එයා හොද කෙනෙක් පුතේ........මන් හිතනවා එයා ඔයාට ආදරේ කරයි............
නැන්දේ මටත් බත් ටිකක් බෙදන්න.දැන්වත් කන්න.......පිටින් ආපු උන් කනවා බොනවා.අපි බඩගින්නේ.......
ඔනී නම් බෙදාගෙන කන්න ශාලු.මට වැඩ තියෙනවා......මේ දරුවත් මේ බෙදාගෙන කන්නේ........
මන් යනවා.......ශාලු එහෙමම ගස්සගෙන යද්දී මන් බැලුවේ මේ මොන නපුරුකමක්ද කියලා..........සුරංගනාවීට ගහපු එක තාම මගේ හිතෙ හොල්මන් කරනවා.දකින වාරයක් ගානේ මට කේන්තියි.
අම්මා ගිහිම් ටිකක් ඇලවෙන්න.මන් මේ ටික සෝදන්න......
අනේ පුතේ දේශ් අයියා ආවා ඔයා තේ එකක් හදලා ගිහින් දෙනවද......
චුට්ටී අපි හවස් වෙලා ගෙදර යමු.සෙල්වම් රාධා එක්ක ගෙදර ගියානේ....දෝණීත් ආසයි මේහේ ඉන්න..........
යශ් සුරංගනාවීත් එක්කම මිදුලේ ඔංචිල්ලාවෙන් වාඩී උණා.මගේ රත්තරංට කතා කරන්න පුලුවන් නම් දාහක් දේවල් මට කියයි නේද........
ඔයාගේ චුට්ටීයා දැන් ආවෝත් තාත්තී දැනගෙන ඉන්න හැමදේම තාත්තී ඔයාගේ චුට්ටීට කියලා දානවා....එතකොට එයා හැමදේම දැනගනී...........
ඔයා එයාට ආදරේයි නේද සත්තරං..........
සුරංගනාවී යශ්ගේ බෙල්ල බදාගෙන යශ්ගේ උරහිසෙන් මුණ තියා ගත්තා.....
අනේ මැණික....කෝලම් කරන්න එපා........කෝ කෝ.......මගේ මැණික......හරි හරි අපි ඔංචිල්ලා පදිමු............
සුරංගනාවී අත්පුඩි ගහද්දී යශ්ගේ ඇස් වලට කොහේදෝ ඉදලා ආපු කදුලක් මෝදු උණා...තාත්තලා එහෙමයි......
සුරංගනාවී වැඩිපුරම ආදරේ තාත්තිට නේද.තාත්තීත් ඒමයි..........
ඒත් සුරංගනාවී බෙල්ල නෑ කියන්න වනනවා.....හෝ ගාලා..කෙල්ලගේ චුටී අත ගේ පැත්තට දික් කරනවා......
අනේ ඔව්.ඔව්......මට තේරූණා..ඒ නල්ල මලේ කෝලම එක්කම ඉන්න එකයි ඇත්තේ.මන් ආදරේ නෑ.........එයා එක්කම ඉන්නවා...........
සුරංගනාවීවත් වඩාගෙන යශ් නැගිට්ටා.කෙල්ලට කිරි එක ගේන්න මේ තරම් වෙලා යනවද.ගිහිම් බලනවා......
මන් තේ එක හදලා පැත්තකින් තිබ්බේ ඇවිත් ගනියිනේ කියලා හිත.හිත......ඒත් ටිකක් වෙලා යද්දී දේශ් කිචන් එකට ආවා.......
නංගීලාට කරදරයක් උණාලු නේද.......මට එන්නවත් බැරි උණා.මල්ලි කිව්වේවත් නෑනේ.............කොහේද එනවා තියා මගේ මුණවත් බලන්නේ නෑනේ........
මන් කතා කලේ නෑ.ඒදා මගේ අත අල්ලපු දවසේ ඉදලම මන් හිටියේ මේ මනුස්සයා ගැන අපුලෙන් හිටියේ......
මේකීගේ ඝනකම.......අනිත් එක්කනත් ඝනකම සෑහෙන්න පෙන්නුවා.ඒත් අන්තිමේ..😁ඝනකම හින්දම යන්නම උණා...ඒකී වගේ නෙවේ උඹ.........අමුතු ලුක් එකක් තියෙන්නේ....මේ දේශ් එක්ක එහෙම සෙල්ලම් බෑ...............
මන් අත් දෙක හෝද ගත්තා....හෝදගෙන අතත් පිහගෙන සුරංගනාවීගේ කිරි එකත් මන් ගියේ එළියට යන්න....ඒත් දේශ් මගේ ලගටම ඇවිත් හිටගත්තා...........
මගේ ලගටම එන දේශ් හින්දා මන් පස්සෙන් පස්සට ගිහින් බිත්තියට හේත්තු උණා...........දෙයියනේ මේ මනුස්සයා...යශ් ආවෝත් මාවත් මරලා දායි...........
මන් එහෙමම ඒ මනුස්සයාව තල්ලු කරලා දැම්මා....තල්ලු කරලා මන් එළියට දුවගෙන ගියේ බයට..............
ඒත් මට තව අඩියක් වත් දුවන්න බැරි උණා............එහෙමම මන් මොකක හරි වැදිලා බිමට ඇදගෙන වැටුණා..........
ආව්හ්............😐😐😐
මන් බිත්තියේ වැදිලා එහෙමම ඇදගෙන වැටුණා.......සුරංගනාවීගේ කිරි බෝතලේ එහෙමම විසී වෙලා ගියා.මගේ අත උස්සගන්න බැරි තරම් රිදුම් දුන්නත් මන් හිමින් ඉද ගත්තේ ඇස් වල කදුළු පුරෝගෙන........
චුට්ටී...........මැණික.........
යශ් සුරංගනාවීව වඩාගෙන ගේ ඇතුළට දුවගෙන ආවේ කෙල්ල කෑ ගැහුවේ මොකද කියලා බලන්න........
මොකක්ද උණේ.යශ් මාව නැගිට්ටවලා ගත්තා....මන් යශ්ගේ පපුවෙන් මුණ තියා ගත්තේ අඩ අඩ.........ඒත් එක්කම දේශ් මාව පහු කරගෙන යද්දී මන් බයට තවත් යශ්ට ගුලි උණා............
මේකා චුට්ටීට මොනා හරි කීවා වත්ද.කෙල්ල වෙවුලනවත් එක්ක...එහෙම.මොන හරි දෙයක් දේශ් ආයේම කරලා නම් මන් ආයේ අයියා කියලා බලන්නේ නෑ..........
මේ කෙල්ලට මොනා උණාද......මෙහෙම වැටෙන්න තරම් කෙල්ල අසිහියකින් නෙවෙයි ඉන්නේ.....ඒත් ඇයි මේ......යශ් එහෙමම කෙල්ලගේ ඔලුව උඩින් අත තිබ්බා.......
චු...ට්..........ටී.....ඇයි...........මේ.......ඇයි වැටු..ණේ......
මේ මොන විකාරයක්ද...තමුසේලා දෙන්නා විතරක් නෙවෙයි හලෝ මෙහේ ඉන්නේ අපිත් ඉන්නවා.ඒක හින්දා ඔය රොමැන්ටික් ඇඩ් එහේ ගිහිම් කරගන්නවද.............
ශාලුගේ වචන මට පිහියකින් ඇන්නා වගේ.......මන් යශ්ගේන් මෑත් උණා.........
තමුසේ පාඩුවේ ඉන්නවද.මේ මගේ වයිෆ්නේ......අනිත් එක තමුසේ එහෙම එකක් දැක්කානම් අහක බලාගෙන යනවා............
ඔව්.ඔව්.........චාරයක් නෑ කියලා පේනවා නේද ලොකු අයියේ................
මන් දන්නේ නෑ බන් ඔය චාරයක්ද මොකක්ද....අම්මා කිව්වා තේ එක ගන්න කියලා.ඒක ගන්න ගියා විතරයි මෙන්න මෙයා කඩාගෙන බිදගෙන දිව්වා..........
නිකම් මනුස්සයෙක් යන්නේ නෑනේ දේශ්.............උඹ මොනා හරි කියන්න ඇති කෙල්ලට..............😡😡😡
අනේ මේ යශ්..........උඹගේ කෙල්ල ඉතිම් සුරංගනාවියෙක්නේ........මට අල්ලගන්න...නිකම් බොරුවට වචන නොකියා හිටපන්...මට මේ උඹගේ ගෑණිට මොකුත් කියන්න ඔනී නෑ.අනිත් එක මන් හොදට හොද නරක ගැන දන්නවා....😐.......
මේ මිනිහා නම් මහ බොරුකාරයෙක්.දෙයියනේ මන් යශ්ට උණ දේ කිව්වානම් එහෙම යශ් මේ මනුස්සයා එක්ක රණ්ඩු කරගනී..නෑ එහෙම දෙයක් මට කියන්න බෑ.......මේ හැමදේම මන් රහසක් වගේ හිතේ තියාගන්නවා.....දැන් මේක හොදටම ඇති.......
චුට්ටී යන් ගෙදර..........කෝ තුවාල උණාද.........එනවා යන්න.......තමුසේටත් කෙලින් යන්න බැනේ.....කඩි කුලප්පුව හැදිලද....ඇයි බිත්තිය පේන්නේ නැතිවෙන්න තමුසේගේ ඇස් දෙක උඩ ගිහින්ද තිබ්බේ........
මන් නිශ්ශබ්ද උණා..........වෙන මොනා කියන්නද......යශ්ගේ කේන්තිය සාධාරණයි ඉතිම්.......
තු...වාල උ..........නේ නෑ...................
යන් ගෙදර.....සුරංගනාවීගේ බඩු ටික ගන්න......මන් අම්මට කියලා එන්නම්.........ඉන්නවා ඔහොමම.......
සුරංගනාවී මගේ බෙල්ල වටෙන් අත් දෙක දාගෙන නිදි වගේ ඉන්නවා..මැණික බය වෙලාද කොහෙද..............
අනේ සත්තලං...මන් වැටුණා විතරයි.සිදුන් නෑ බෝලේ...කෝ හිනා වෙන්න මගේ චුටී බෝල ගෙඩිය......සිදුන් නෑ මගේ බෝලේ.....අයියෝ මේ කොහේවත් තූල වෙලා නෑ..........
යශ් රූම් එකෙන් එළියට ආවේ අම්මා එක්ක..........අම්මා හිටියේ පුදුමෙන්....
අනේ පුතේ හවස යන්න.ඇයි මේ හදිස්සියේම යන්නේ......අනේ දෝණී ඔයාවත් ඉන්නකෝ සුරංගනාවී එක්ක......ඔයාලා ගොඩක් දවසකින් අනිත් එක ආවේත්................
අනේ අම්මා....මේ චුට්ටීටනේ යන්න ඕන කියන්නේ....මන් කිව්වා හවස යමු කියලා.......
යශ් කතාව මගේ පැත්තට පාස් කලා.මන් යශ්ගේ දිහා බැලුවේ ඔරෝගෙන.......
අ.....ම්ම්.....මේ...මේ.........ම.ට.බේත් වගයක් ගන්න තියෙනවා.දැන් මට මතක් උණේ.....
හ්ම්ම්.හරි.හරි.මන් හෙට අනිද්දා දිහාට එන්නම්........පුතාලා එහෙනම් යන්න....බුදු සරණයි..........
දෝණී...............
මන් අනික් පැත්තට හැරුණා....
දුක් වෙන්න එපා.......මම්මා යහපත් තැනක ඉපදිලා ඇති........අඩන්න එපා....එයා ගිය තැනකට හොද නෑ.......
හොදයි අම්මේ.............මන් එහෙම කියලා පාත් වෙලා මම්මට වැන්දා........
මන් සුරංගනාවීත් අරගෙන වාහනේට නගිද්දී යශ් අපේ බඩු ටික වාහනේන් තිබ්බා.......යශ් මාත් එක්ක වැඩි කතා බහක් නෑ.....මන් සුරංගනාවීව් පපුවට තුරුල් කරගෙන ඇස් දෙක පියා ගත්තා.........
තමුසේ වැටුණ පාර කොහේ හරි වැදුණද.......ආහ්...........
මන් නෑ කියලා ඔළුව වැනුවා............ඇත්තටම ඒ වැටිච්ච පාර මට රිදුන් නෑ..ඒ තරමට..අත තමයි ඉතිම් රිදෙන්නේ.............
තමුසේ ඉතින් පස්ස පැත්ත කැඩිච්ච කඩියෙක් වගේනේ ගමනත්.හැම තිස්සෙම දුවනවා.දුව දුව අයිස් ගහා ගහා ඉන්නවා මිසක් වැඩක් කරන්නේ නෑ........වැඩක් කරන්න ගත්තත් ඒක නානවා.........😡
මන් යශ්ගේ දිහා බැලුවේ කේන්තියෙන්.යකෝ ඔක්කම වැඩ කලේ මන්..........මේ මනුස්සයා කලේ පොල් ටිකක් ගාපු එක.......තව ලුණු ගෙඩියක් සුද්ද කරපු එක............ඒ ටික විතරයි කලේත්...... වැඩ කරාලු..😂😂
වෙලාවකට යශ්ට කෙල්ල ගැන ලෝභත් හිතෙනවා....මේකී මට බයයි.ඒකයි මේ කටවහගෙන ඉන්නේ..බය එකත් හොදයි ඉතිම්......😂😂😂නැත්තන් මට දත් නැතුව බත් කන්නයි වෙන්නේ...............
ගෙදර ඇවිත් මන් එළියේ මල් පැල වලට වතුර දැම්මා....යශ් එක්ක සුරංගනාවී සෙල්ලම.......
රාධා ගමෙන් ගෙනාපු මල් පැල වල දළු දාලා තිබ්බා.මන් ආසම මල්........රෝස...
අනේ චුටී නෝනා.මාත්තයායි සුරංගනාවීයි සාලේ ඔක්කම ආයේම ඇදලා දාලා....මට නම් දැන් මේ කෝලම් තිත්ත වෙලා.ආඩවනේ මුරුගන්.....
ඔයා අස් කරන්න එපා රාධා.තාත්තයි දුවයි අස් කරයිනේ...........රාධා එන්න මේ මල් පැල ටික බලන්න............
මන් මල් පැල ටික බලලා මල් වලට වතුර දාන එක නවත්තලා හෝර්ස් එක පැත්තකින් තිබ්බා.................
එළියේ තියෙන පුංචී පොකුණට වතුර බොන්න සෑහෙන්න කුරුල්ලෝ එනවා......උන්ගේ දගවැඩ බලන් ඉන්න ආසයි...................
මන් ඇස් පිල්ලම් ගහන්නේ නැතිව කුරුල්ලො දිහා බලන් හිටියා.....
ඒත් ටිකකින් මගේ ඔලුවට වතුර බිංදු දෙක තුනක් වැටුණා........මන් ගැස්සිලා අනික් පැත්තට හැරෙද්දී යශ් සුරංගනාවීවත් වඩාගෙන මගේ පැත්තට හෝර්ස් එක අල්ලනවා..................
ඒයී ඔහොම එක තැනක ඉන්නවා.නාන්නේ නැති හඩ්ඩී............අන්න පුතේ දුවනවා...ඔය දුවන්නේ ඔයාගේ චුට්ටී බෝ වැටෙනකොට එයාට ඇලජික් හින්දා..........
දෙයියනේ පුංචී මාත්තයා.......ඔහොම කරන්න එපා.............චුටී නෝනා පාවුම් නේ...............
මන් එහෙට මෙහෙට දුවද්දී යශ් මට තව වතුර ඇල්ලුවා.......මට විතරක් නෙවෙයි රාධාටත්...😂😂😂😂
අයියෝ කඩවුලේ එපා...........
රාධා නම් කොහොම හරි ගේ පිටිපස්සෙන් දුවා ගත්තා.ගොඩාක් තෙමෙන්නේ නැතිව......ඒත් මන් ඔනාවටත් වඩා තෙමුණා......
සුරංගනාවී හිනා වෙනවා හෝ ගාලා.දෙන්නාටම මන් තෙමෙන එක සෑහෙන්න ලොකු සෙල්ලමක්........සුරංගනාවීගේ හිනාවක් දකින්න යශ් හරි ආසයි....ඒ වගේම තමයි මාත්.............
තාත්තියි දුවයි මාව නාවලා හොදට හිනා වෙනවා....ශෝක්..........මන් දෙන්නටම ගස්සගෙන ගේ ඇතුළට ගියේ වතුර බේරී.....බේරී..............
චුට්ටී..........ඒ.....යී.............ඕහ්.......සොරි....සොරි.තමුසේ ඉතින් විහිලු දන්නේ නෑනේ.........
මන් වොශ් එකක් දාගත්තා.......මගේ ඔළුව කැක්කුම මට ඉවසගන්න බැරිවයු හිටියේ.ඉස්සර ඉදලම කල්පනා කරලා වැඩි උණාම මට මෙහෙම වෙනවා.............😥
රෑට කෑම කාලා මන් සුරංගනාවීත් අරන් මගේ රූම් එකට ආවා......සුරංගනාවීගේ හිනාව දැක්කාම මට හැමදේම අමතක වෙලා යනවා...................
ඔයා මට ආදරෙයි නේද පුතේ.....ඔයා මාව දාලා කොහේවත් යන්න එපා සුරංගනාවී........එක පාරක් අම්මා කියන්න මගේ පුතේ....එක පාරක්...ඒ ඇති මට සැනසීමෙන් යන තැනකට යන්න........
සුරංගනාවී අම්මා කියන්න හැදුවත් එයාට කියාගන්න බෑ......මන් ඒ චුටී මුණ මගේ පපුවට තද කරගත්තා........
චුට්ටී.............තමුසේ නිදිද........
යශ් දොරට තට්ටු කලත් කෙල්ලගෙන් සද්දයක් වත් නෑ........යශ් දොරත් ඇරගෙන රූම් එකට ගියේ කෙල්ල මොනාද කරන්නේ කියලා බලන්න.....ඒත් කෙල්ල රූම් එකේ නෑ............
යශ් කලබලෙන් එළියට ආවේ දෙව්ලි කොහේද බලන්න...මේ කෙල්ල කොහේට ගියාද..........
චුට්ටී...............
මන් ගැස්සුනා........... මන් ඔලුව උස්සලා යශ්ගේ දිහා බැලුවේ පුදුම වෙලා...මන් බලන්න ගත්ත මම්මගේ ඇල්බම් එක ආයේම වහලා ඔඩෙක්කෙන් තියා ගත්තා.
තමුසේ මේ රෑ මොකද කරන්නේ.ඇයි නිදාගන්නේ නැද්ද.මොනාද හොර ගල් අහුල..........අහුල....ආහ්.........
මො....කුත් නෑ...........මන් .......නිදා..ගන්නම් යශ්.........
ඔහොම නතර වෙනවා......තමුසේට දෙයක් කියන්න තියෙනවා.....මෙතනින් වාඩී වෙනවා......
යශ් එහෙම කියද්දී මන් නතර උණා.යශ් වාඩී උණාට පස්සේ මාත් යශ් ලගින්ම වාඩී උණා........
මන් දන්නවා ඔය කියන්න යන්නේ සමහරවිට මට ලගදිම යශ් ඩිවෝස් එක දෙනවා කියලා වෙන්න ඇති.......හ්ම්ම් කමක් නෑ.....මට දැන් ඔනීම වෙලාවක හිතේ හයියෙන් ඔනී දේකට ඔනී විදියකට ජීවීතේට මුණ දෙන්න පුලුවන්...........ඔනී දේකට............
යශ් මොනා කිව්වත් මන් අඩන්නේ නෑ....කිසිම දෙයක් ගැන පසු තැවෙන්නේත් නෑ..........කිසිම දෙයක් ගැන............
දෙව්ලි..............
ඈත බලාගෙන හුල්ලන කෙල්ලගේ දිහා යශ් බැලුවේ චකිතෙන්....මේ හැමදෙයක්ම දැන ගත්තට පස්සේ කෙල්ල මොන වගේ තීරණයක් ගනීද කියලා යශ් දන්නේ නෑ.....
ම්ම්ම්ම්ම්හ්හ්හ්...........
මන් මේ හැමදේම ඔයාට කිව්වාම ඔයා මොන වගේ තීරණයක් ගනීද මොනා හිතයිද දන්නේ නෑ........ඒත් මට මේ දේවල් හැමදාම හිතේ තියාගෙන ඉන්න බෑ........
යශ් කියන දේවල් මට තේරුණේ නෑ.......ඒත් මන් උවමනාවෙන් අහගෙන හිටියා.........
මම්මා නැතිවෙන්න ටික දවසකට කලින් මට කෝල් කලා...........
මො...කක්....ද.............කි.යන්...නේ......මම්මා......ම....ම්...මා....
මන් යශ් දිහා බැලුවේ පුදුමෙන්...........
ඔයාගේ ඇත්ත අම්මයි තාත්තයි නැතිවෙලා චුට්ටී..........එයාලා නැතිවෙලා.....එයාලා ජපන් වල බිස්නස් වැඩකට ගියාලු...ඔයා මම්මා කග තියලා එයාලා ගිහින් තියෙන්නේ....ඒත් එයාලා ආයේ කෝල් කරලා වත් නෑ.. එතකොට ඔයාට අවුරුදු දෙකක්....ඔයාව පුංචී කාලේ ඉදලම හදාගෙන තියෙන්නේ මම්මා..........
දයා අංකල්ගේ මල්ලී තමයි ඔයාගේ තාත්තා දෙව්ලී......ඔයා ඔහොම හිටියට ලොකු කම්පැනි එකක ඕනර් කෙනෙක්ගේ දුවෙක්........ඔයා ඒකවද අද වෙනකම් දන්නේවත් නෑ..........
මො.....කක්.....ද...............යශ්.............මගේ උගුර හිර උණා වගේ.......
ඒ කම්පැනි එක ඔයාගේ ලොකු තාත්තා බංකොලොත් කරලා දෙව්ලි.......ඒ හැමදේම එයාලා එකතු වෙලා නැති කරලා.....
ඒත්...ම....ම්.මා කිව්..වේ....ම.න් තාත්තාගේ දුව.......අම්ම..ගේ දු..ව කිය...ලනේ........
හ්ම්ම් එයාලා එහෙම් කිව්වට ඔයා එයාලගේ දරුවෙක් නෙවෙයි දෙව්ලි....මම්මා අමාරුවෙන් එයාල විනාශ කරන්න නොදි බේරගත්ත ප්රොපිටි ටිකේ ඔප්පු ටික මම්මා පෝස්ට් කලා..........
දෙයියනේ........මේක් හීනයක්ද...............මන් එහෙමම මගේ අතේ තිබ්බ ඇල්බම් එක පෙරලුවා.......😮😮😮😮
ඉස්සර මේ ඇල්බම් එක බැලුවට පස්සේ මන් කොච්චර මම්මාගෙන් ඇහුවද මේ බබා වඩාගෙන ඉන්න කපල් එක කවුද කියලා ඒත් කවදාවත් මම්මා කිව්වේ නෑ.....කවදාවත් කිව්වේ නෑ...........
දෙයි.ය..නේ මම්..මා...ම න්.එයාලගේ දරු වෙක් නේ වේද........😥😥😥ම..ගේ අම්..මා තාත්..තා කො..හේද ඉන්..නේ.......😥කො..හේද ............මේ ලෝ..කේ කො..හේද එයා..ලා ඉන්..නේ.......
මන් ඔයාගේ ප්රශ්න වල්ට උත්තර දන්නේ නෑ චුට්ටී.මට කියන්න තිබ්බ ඒවා මන් කිව්වා...ඔයා දැන් නිකම්ම නිකම් කෙල්ලෙක් නෙවේනේ.....එක නිසා ඔයාට ජීවීතයක් පටන් ගන්න පුලුවන්.....ඔයා තීරණයක් ගන්න.......
යන්න දැන් ගිහින් නිදාගන්න චුට්ටී.........
යශ් තව මොකුත්ම නොකියා නැගිට්ටා...යශ් කියන්න තිබ්බ හැමදේම කියලා ඉවරයි.....
එ.තකොට ම..න්.වෙනුවෙන්.මේ...ලෝකේ.කවුරුත් ම නැද්ද......කා.ත්.....කවුරු..ත් ම නැ..ද්ද.පොඩි කලේ ඉදලම මන් විදපු වෙනස් කම් ඒ හැමදේ..කටම මුල මේක...යි ඒන..ම්............
මන් කො..ච්ච..ර මම්..මාව විශ්වාස කලාද....ඇයි මම්මේ.......මේ.. කිසි..ම දෙය..ක් මට කිව්වේ නැත්..තේ...කිව්..වා නම්.ඔයා..ව අරගෙ..න.. යන..වා.......කො..හේ .හ..රි...ඈතක.......
මන් දන්නවා යශ් මට යන්නයි කිව්වේ.මේ හැමදේම අත අරින්න කාලේ හරි......මට මෙ දේපල වලින් කිසිම වැඩක් නෑ......
මන් දන්න කාලේ ඉදලම කිසිම කෙනෙක්ගේ හිතක් රිදවලා නෑ..අඩුම ගානේ වචනේකින් වත්...එහෙම මට අම්මා තාත්තා......මම්මා ඒ හැමෝම නැති කරලා දාලා..ඇයි දෙවියනේ එහෙම........ඇයි ඒ තරම් මගේ දෛවය මට එහෙම කලේ.......
අත් දෙකෙන් මුණ වහගෙන අඩන්න ඇති මන් පැය ගාණක්ම..බැල්කනි එකේ ලයිට් එක ඔෆ් කරලා මන් කාමරේට ආවා...........හ්ම්ම්ම්..පපුව පිච්චිලා ගියේ සුරංගනාවීත් කාමරේ නෑ කියලා දකිනකොට..............
මන් අඩාගෙනම ඇදට වැටුණා.......හිත රිදිලයි තිබ්බේ.........රිදෙන්න නෙවේයි හිත තැලිලා පොඩි වෙලයි තිබ්බේ...........
යශ්ටත් වෙලාවකට කිසිම දෙයක් හිතාගන්න අමාරුයි...කෙල්ලට මේ හැම දේකීන්ම නිදහස දෙන්න ඔනී.......එයා ඔනී තැනකට යයි.........එයා යයි....ඒත් එහෙම කියලා උඹට ඒ කෙල්ලව එළියට යවන්න බෑ යශ්.........ඒකී අහිංසක මැණිකක්නේ................
යශ් හිමි හිමින් රූම් එකට එබුණා..කෙල්ල අඩනවා..........
චුට්ටී.............
හොද මැණික වගේ අඩන්න නැතිව නිදාගන්න.........ඇඩුවා කියලා කිසිම දෙයක් අපිට වෙනස් කරන්න බෑනේ.....
යශ් එහෙමම කෙල්ලව පපුවට ඇදලා ගත්තා......ඉකි ගහා.ගහා.මොන මොනවද කියන කෙල්ල යශ්ගේ කකුල් දෙක වැටුණා...........
අ.........යියේ..මට ටික දවස..ක් මෙ..හේ ඉන්..න.. දෙන්.න.....මට....සුරං..ගනාවී ...එක්ක ඉන්..න...දෙන්..න......ම.ට.යන්..න...කිය....න්න..........එපා.......ම.ට..යන්..න...තැන..ක්....නෑ....
හ්ම්ම් ඔයා කොහේවත් යන්න ඔනී නෑ.ඔයා මෙහේම ඉන්න...කවදාවත් මන් ඔයාට යන්න කිව්වේ නෑනේ.ඔයා ඔයාගේ ජීවීතේ ගැන තීරණයක් ගන්න කියලා විතරයි කිව්වේ..........
දැන් නිදාගන්න.දැන් රෑ වෙලානේ.......කෝ එන්න..............
යශ් කෙල්ලව උස්සලා ඇදෙන් තිබ්බා...ඒ මුණ කදුලු වලින් පිරිලා.....යශ්ට හිතෙනවා ඒ හිතට ලන් වෙන්න.....
ඒයී..දැන් නිදාගන්නවා.....මට හෙට ඔෆිස් යන්නත් තියෙනවා.මට අලි බබාලා නලවන්නත් උණානේ.......තමුසේ නම් මහා..අනේ මන්දා..........නිදාගන්නවා...........
තමුසේගේ මේ නූල්ඩස් කොණ්ඩේ නම්...යශ් බැන බැන මගේ ඔලුව අතගානවා........නපුරු උණත් මේ නපුරා හොදයි........
කෙල්ලට නින්ද ගියාට පස්සේ යශ්ට දැනුනේ පාලුවක්.....ඒ පාලුව මකන්න පුලුවන් මේ නි මානේල් මලටම තමයි....එත් තාම යශ් ඒ දේට ලෑස්තී නෑ............
සුරංගනාවීගේ ජීවීතේ ,යශ්ගේ ජීවීතේට වාසනාව ගෙනාවේ මේ කෙල්ල.යශ් විශ්වාස කලා ඒ දේ............
🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤❤️❤️❤️❤️🖤🖤🖤
එංගලන්තේ ඉදලා ආපු වාසලබණ්ඩාර මහත්තයා ඩ්රයිවර්ට ගෝරනාඩු කලේ කේන්තියෙන්............කොළඹ ගෙදර ඉදලා දවස් දෙකකට පස්සේ මේ යන්නේ කෑගල්ලට.......
තමුසේ ඉබ්බේක්ගේ පිටේ නේවේනේ යන්නේ......ඉක්මනට යනවා...........
මහත්තයා කේන්තී ගන්නේ නැතුව ඉන්න.මේ එංගලන්තේ නේවේනේ.....අනිත් එක අපිට මිනිබිරීව බලන්න පුලුවන්........
අනේ අම්මේ............මේ ඩැඩාට තියෙන්නේ පුදුම හදිස්සියක්නේ.......අයියෝ අපි මේ ලංකාවට ආපු නැති ටික කාලේට මෙහේ සෑහෙන්න වෙනස් වෙලා.........
අක්කගේ ෆියුනරල් එකට එන්න බැරි උණා.යශ් අයියා අපිව එලව ගනීද දන්නේ නෑ.......
මගේ කෙල්ලව බලෙන්ම බැදගෙන අන්තිමේ ඒකීව මරාගත්තා......මට හිතුණොත් මගේ දරුවා ගෙනවා..........
මොනාද මහත්තයා කියන්නේ.......ඒ දරුවා ඒ දරුවව උපන් දා ඉදලා හදාගන්නේ අපිට දෙන්න නෙවේනේ...අනිත් එක ඔයගේ දුවත් ඒ කොල්ලට පිටුපෑවා...........මතක නැද්ද............
ඩිවෝස් එක දීලා ආවානම් මෙච්චර දෙයක් වෙන්නේ නෑ ....................
මන් සුරංගනාවීට කෑම කව කව හිටියෙ.දග මල්ලට බත් කටක් කවන්න ලෝකේ වටේම යන්න ඔනී...😒😒😒මහන්සී අප්පා.........
චුට්ටී කෝ මගේ තේ එක.......වෙලාව දහයයි..........එකට මීටීන්ග් එකක් තියෙනවා කැන්ඩි වල.......
මන් සුරංගනාවී කිචන් එකේ ටේබල් එක උඩින් තියලා තේ එකක් හැදුවා.කොහේද මේ රාධා මාර්කට් එකට ගිහිම් එන්න පැයක් යනවනේ.........😡😡
මන් සුරංගනාවීත් උස්සගෙනම තේ ර්ක ගිහිම් දුන්නා.........
අනේ චුට්ටී මගේ ඇදුම අයන් කරලා දෙන්නකෝ...........
යශ් මන් මේ දරුවට කෑම කව කව හිටියේ...............
මන් යශ්ගේ ඇදුම අයන් කලා....සුරංගනාවී ඇදට වෙලා හිනා වෙනවා.එයාත් හිටියේ මේ කෑම කවන එකෙන් නිදහස් වෙන්න....😒කපටිරාල............
යශ් වොශ් එකක් දාලා රෙඩි වෙලා එනකම් මන් සුරංගනාවීට කෑම කැව්වා.කවලා එයාව තියලා මන් සාලේ අස් කරන්න පටන් ගත්තා............
යශ් ලෑස්තී වෙලා පහළට දුවගෙන එනකොට මගේ ඇස් තිබ්බේ ඒ කඩවසම් මුහණට............
හේයී සුරංගනාවී තාත්තී යනවා.එද්දී පුතාට මොනාද ඔනී............ම්ම්ම් චොකෝ ගේන්නම්.......හරි මගේ චන්ඩියා #අම්මී එක්ක දග නොකර ඉන්න.............
වෙනදා යශ් කොහේ හරි යනකොට අඩන කෙල්ල දැන් යශ් යනකොට බායී කියලා ෆ්ලයින් කිස් එකක් දෙනවා.........මේ ඔක්කම චුට්ටී උගන්නපු කෝලම් කියලා යශ් දන්නවා...........
යශ්ට කා එක එළියට දාන්න ඔනී හින්දා මන් ගේට් එක ඇරියා..ඒත් එක්කම වගේ වත්ත ඇතුළට තවත් වාහනයක් එද්දී යශ් යන්නේ නැතිව වාහේනේම හිටියා...........
වාහනේන් බැස්සේ නිකම් එකෙන්ම පොශ් පවුලක්.😒😒මේ කවුද මේහ්....යශ් එහෙමම කා එකෙන් බැස්සා..බැහැලා ඇවිත් මගේ ලගින්ම හිට ගත්තා...........
කොහොමද යශ් පුතා...අපි ආවා අපේ මිනිබිරීව බලන්න....
යශ් හිනා උණා.හිනාවෙලා සුරංගනාවී යශ්ගේ අතට ගත්තා...........
මේ ඉන්නේ මගේ සුරංගනාවී අංකල්....අවුරුදු දෙකයි මාස තුනයි අදට...දැන් බැලුවනේ....දැන් ආපු විදියටම යන්න.........ප්ලීස්............
සුරංගනාගේ තාත්තා යශ් ලගට ආවේ කේන්තියෙන්.......
මේ මිනිහෝ මේ මගේ දුවගේ දරුවා.......අපි ආවේ දරුවා හොදින් හරි නරකින් හරි උඹෙන් අරගෙන යන්න......උඹ කසාද බැදලා මගේ දරුවගේ මරණේ රස්නේ යන්නත් කලින්............
චුට්ටී.............දරුවා අරන් ගේ ඇතුළට යනවා.........කිව්වාම ගෙට පලයන්.....මගේ දරුවගේ නල්ල මලේ සීයා ඇවිත්..........
හහ් ඔයාලට දැන් වෙන්න ඇති ඔයාලගේ නැතිවෙච්ච දුවට දරුවෙක් ඉන්නවා කියලා මතක් උණේ නේද අංකල්...........ඇන්ටී අඩුම ගානේ කෝල් එකක් වත් දීලා මගේ දරුවට කොහොමද බැලුවද.............
පුතාහ්.........ඔයා ඔය කතා කරන්නේ ඔයාගේ දරුවගේ සීයට...........මන් ඒ දරුවගේ ආච්චී අම්මා..........ඔයාට අයිතියක් නෑ අපිට එහෙම කතා කරන්න.........
මන් ඒ දරුවාගේ තාත්තා......ඔයාලා දරුවා බලන්නනේ ආවේ.දැන් දරුවා දැක්කනේ......දැන් මෙහෙන් යන්න.මටයි මගේ දරුවටයි මගේ පාඩුවේ ඉන්න දෙන්න.........
යශ් හැසිරුණේ පිස්සෙක් වගේ........වාසලබණ්ඩාර අසරණ උණා.තමන්ගේ ලොකු දුව නැති වෙලා වත් තමන්ට එන්න බැරි උණැ.නැ ආවෙ නෑ........
අයියේ ඔයා එහෙම කතා කරන්න එපා....මේ දරුවට අපිටත් අයිතියක් තියෙනවා.ඒ මගේ අක්කගේ දරුවා.......ඇයි ඔයා එහෙම කතා කරන්නේ.........
උඹලා ඔක්කම දැන් අයිතිවාසිකම් කියයි.අඩුම ගානේ උඹලා එ දරුවගේ නමවත් දන්නවද.ඒ දරුවා ගොලුයි කියලා දන්නවද...........නෑනේ...........
ලේ කෑල්ල වගේ ඉද්දී මන් රැයක් දවාලක් නැතිව ඔය දරුවා හදා ගත්තේ උඹලට කොහෙන්ද අයිතියක්..........
වාසලබණ්ඩාර වාහනේට නැග්ගේ හිතේ වේදනාවෙන්......මෙහෙම ප්රතිචාරයක් හිනේකින්වත් යශ්ගෙන් බලාපොරොත්තු උන් නෑ කවදාවත්............
යශ් එහෙමම ගේ ඇතුලට ආවේ ඔනී නැති මීටීන්ග් එකක් නෑ කියලා හිතන ගමන්..සුරංගනාවී ඔඩෙක්කේ තියාගෙන බයවෙලා ඉන්න චුට්ටීවත් ගනන් ගන්නේ නැතිව යශ් සුරංගනාවීත් අරන් උඩට ගියේ කෙල්ල එක්ක වචනයක් වත් කතා නොකර.........
අයියේ මිටින්ග් එක............
මන් එහෙමම අහද්දී යශ් මගේ පැත්තට හැරුණා........
ඒක කැන්සල්.............
ඇයි එයාලා එලෙව්වේ......පව්.....
ඇයි උඹටත් ඒ විදියට මෙහෙන් එළියට බැහැලා යන්න ඔනීද.උඹත් පලයන්.......උඹත් එළියට බැහැලා පලයන්...........
මන් නිශ්ශබ්ද උණා..යශ්ට මහාසෝනා වැහිලා...😒😒😒මොන පටලවිල්ලක්ද මේක............අනේ මන්දා.......
🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤
මන් යශ් ඔෆිස් ගියාට පස්සේ යශ්ගේ රූම් එක අස් කලා.......යශ්ගෙයි සුරංගනාවීගේයි ඇදුම් හැම තැනම............
නපුරුකමට හිටියටට මේ මැට්ටාගේ කිසිම පිලිවෙලක් නෑ........අප්පෝ හැටි අල්මාරියේ.........කට නම් තියේ නිකම් මැරයෙක් වගේ..........
අල්මාරියේ තිබ්බ යශ්ගේ ෆයිල් එකක් බිමට වැටුණා........නිදාගෙන හිටපු සුරංගනාවී ඒ සද්දෙට ගැස්සිලා ඇහැරුණා.............
අ............ම්................මී.................
මන් ගැස්සුනා.......
මොකක්ද රත්තරනේ කිව්වේ.ආයෙම කියන්න...........
අ........ම්.........මා.................
මන් සුරංගනාවීගේ ලගට ගිහින් සුරංගනාවීව බදා ගත්තා...........දෙයියනේ මගේ මැණික...රත්තරනේ....සුරංගනාවී කතා කලා.........දෙයියනේ සුරංගනාවී කතා කලා........මගේ සුරංගනාවී .......
තා........ත්.............තා....................
මන් ඇඩුවා....ඉකි ගහා ගහා ඇඩුවේ සතුටට...යශ්ට මේ දේ කියන්න ඔනී....නෑ.අද.ආවාම යශ්ට මේ හැමදේම මන් කියනවා.දෙයියනේ යශ් ගොඩාක් සතුටුවෙයි.ගොඩාරියක්............
අ...ම්..........මා........අ..පා.......අ......පා..........
නෑ....මැනික නෑ................සුරංගනාවී ආයේමත් නිදා ගත්තා.......මන් සුරංගනාවී නිදි කරවලා ආයේම ඇදෙන් තිබ්බා.හිතට තිබ්බේ ඉවසිල්ලක් නැති කමක්...........
මන් වැටිලා තිබ්බ ෆයිල් එකේ කොළ ටික ඔක්කම එකට එකතු කලා...........යශ්ගේ බර්ත් සෙටිෆිකේට් එක.මන් ඒක දිග ඇරියා..........
දෙයියනේ.................මාර්තූ 20....යශ්ගේ බර්ත් ඩේ එක........
චුටී නෝනා.......ලොකු නෝනා කෝල් කලා...........
රාධා රූම් එකට ආවාම මන් රාධාගේ අතින් අල්ල ගත්තා.............
හෙට යශ්ගේ බර්ත් ඩේ එක කියලා කියන්නද......ඒකට පාර්ටී එකක් දානවා කියලා කියන්නද...........
කඩවුලේ..........චුටී නෝනා ඒකත් දන්නවා.....ඒත් යශ් මහත්තයා කැමති නෑනේ පාර්ටී දාන්න.........
මේ පාර පාර්ටී එකක් නෑ.........අපි තුන්වරු පිරිතක් කියමු පන්සල් ගිහිම්.............
මන් අම්මත් එක්ක එකතු වෙලා හැමදේම ප්ලෑන් කලා.............ඔව්.ඔව් ෆෝන් එකේන්......මට ඔනී උණා මේ බර්ත් ඩේ එක යශ්ට අමතක නොවෙන බර්ත් ඩේ එකක් කරන්න........
මන් යශ් එන්න කලින්ම දෝණීව නිදි කලා....එයා ඇහැරිලා හිටියොත් හැමදේම සුන්...😌😌😌😌
චුට්ටී.....................
ම්ම්ම්ම්ම්ම්ම්..................
මොකෝ තමුසේ බුම්මගෙන ඉන්නේ.ටිකක් හිනාවෙලා ඉන්නවා.....
දැන් තමුසේ මට ගිෆ්ට් එකක් එහෙම ගත්තද මට.............
යශ් එහෙම අහද්දී මන් යශ් දිහ බැලුවේ පුදුමෙන්.......
නිකම්...නිකම්...කට කහනවට ඇහුවේ...තමුසේ ඉතිම් මගේ කවුරුත් නේවේනේ.තමුසේ කොහොමද ඒවා දන්නේ.........මටත් පිස්සු.....
යශ් කේන්තියෙන් නැගිටලා යන්න ගියාම මන් රාධා එක්ක ගිහින් යශ්ට ගෙනාව අලුත්ම සුදු පාට ශර්ට් එක අයන් කරලා තිබ්බා....දෝණීගේ ගවුමත් අයන් කරලා අරන් තිබ්බා..................
ප්ලෑන් කෝටියක් විතර හිතේ තියාගෙන නිදා ගත්ත හින්දද මන්දා මට හරියට නින්ද ගියේත් නෑ....😆😆
උදේම නැගිටලා මන් සද්ද නොකරම නැගිට්ටා.......නැගිටලා මල් කඩලා පහන් සුවදකූරූ,පිරිකර හැමදේම ඔක්කම ලෑස්තී කරගත්තා......
මන් රාධායි,සෙල්වම් එක්කයි ත්රීවීල් එකක් හයර් කරගෙන උදේම පන්සලට ගියා.......
තා.......ත්..........තා........
හදිස්සියේම නිශ්ශබ්ද හිටපු සුරංගනාවී මගේ දිහා බලලා අහද්දී රාධා මගේ දිහා බැලුවේ පුදුමෙන්.......
කඩවුලේ අප්පා සුරංගනාවී කතා කරනවා......චුටී නෝනා ඉගැන්නුවා නේද.......අපිට කීවේ වත් නෑනේ....
ශ්..ශ්..කෑ ගහන්න එපා............මහත්තයා පන්සලට ආවාමත් ඕම කියවන්න එපා...මහත්තයා මේ දේ දැන ගත්තාම පුදුම වෙයි..............
යශ් නැගිට්ටා.වෙනදා උදේම එහෙට මෙහට යන චුට්ටීත් නෑ....රාධාගේත් සද්දයක් නෑ..........
යශ් නැගිට්ටා..........නැගිටලා බලද්දී පාර්සල් එකක්............යශ් පාර්සල් එක දිග ඇරියා.............
සුදු ශර්ට් එකක්.......
චුටී බෝල අකුරින්.........
පන්සලට එන්න යශ්..අපි ඔයා එනකම් ඉන්නවා හදිස්සියක්..........
යශ් එහෙමම ශර්ට් එක දා ගත්තා...නිල් පාට ඩෙනිටමට කොල්ලා හැන්ඩී..යා......
මොකක්ද මේ හදිස්සිය.....සුරංගනාවීට වත් මොකක්වත්ද.
මොකක්ද මේ හදිස්සිය.....සුරංගනාවීට වත් මොකක්වත්ද.
යශ් කා එක පන්සලේ වත්තේ දාලා කා එකෙන් බැස්සා.......බෝධි මලුවේ චුට්ටී,සුරංගනාවී අම්මා,රාධා හැමෝම ඉන්නවා...............ලොකු හාමුදුරුවෝ ඇවිත් ආසනේන් වාඩී උණාට පස්සේ යශ්ත් කලබලෙන් ඇවිත් එතනින් වාඩී උණා...........
කට්ටිය හැමෝම නමස්කාරය කිව්වට පස්සේ චුක්කීගේ අතේ හිටපු සුරංගනාවී හැමොගෙම ඉස්සරහින් ගිහින් වාඩී උණා...........
මන් කිව්වට පස්සේ කියන්න..........
බුද්ධං සරණං ගච්චාමී.......
ඒත් එක්කම සුරංගනාවී ...........😮😮😮😮
යශ් ගැස්සුනා..................❤️❤️❤️🖤🖤🖤😨😨
මතුසම්බන්ධයි ........
No comments:
Post a Comment