Thursday, April 30, 2020

කලු මනමාලි - 4

අයියේ මන් ආදරෙයි ඔයාට.....අර කෙල්ලට වඩා ගොඩාක්.........❤️
යශ් ගැස්සීලා ගියා..... ශාලුගේ ඇස් වල තිබ්බේ යශ් ගැන තිබ්බ ආදරේ නෙවෙයි.මොකක්ද මන්දා ආකර්ෂණයක්.........
එහාට පලයන් යකෝ.සහෝදරකම් අදුරන්නේ නැති බල්ලෙක් නෙවෙයි මන්.....එහාට පලයන් ශාලු..කවුද උඹට අපේ ගෙදර එන්න කිව්වේ.......හෙට උදේම මගේ ඇස් වලට පේන්නේ නැතුව පලයන් මේහෙන්...
යශ් ශාලුව තල්ලු කරලා දැම්මත් ශාලු කාන්දමක් වගේ යශ්ගේ ලගට ඇදුණා...
අ....නේ...අ..යි..යේ.................
අර....කලු කෙල්ල..........ඒකීව තැනකට එක්කන් යන්නේ කොහොමද.......අනිත් එක ඔයාගේ ලුක් එකට මැච් මම...මන් ඔයාට ආදරෙයි අයියේ........අනේ මට ඔයා ලගම ඉන්න දෙන්න.........
උඹ කතා කරනවා හොදටම වැඩි ශාලු.මගෙන් කුණුහරුප නාහා පලයන්.උඹ දන්නවා කේන්තී ගියාම මන් කවුද කියලා.... මන්වත් දන්නේ නෑ එතකොට මන් කවුද කියලා ශාලු වදින්නම් පලයන් මෙතනින්...............
කිව්වාම පලයන් යකෝ...........
යශ්ගේ කේන්තිය සීමාවක් නෑ......යාන්තම් හදාගත්ත හිත මොහොතකට ආයේම ඇවිස්සිලා ගියා වගේ...අර කඩි ගුලක් අවුස්ස ගත්තා වගේ යශ්ගේ කේන්තියත්........තනිකරම මේ ඉන්නේ යක්ෂයෙක්........
අයියේ අනේ මන් ලස්සන නැද්ද.මන් කොච්චර ලස්සනද.........බලන්නකෝ.එක පාරක් මගේ මුණ දිහා බලන්නකෝ..........එක පාරක් බලන්න.......
දැක්කා යකෝ.පුංචී කාලේම ඉදලා උඹගේ මුණ දැක්කා.මගේ ජීවීතේට මන් ලන් කරගන්නේ ආදරේ කරන්නේ මට හිතෙන කෙනාට..............මගේ සුරංගනායි සුරංගනාවීයි ඇරෙන්න මගේ හිතේ කවුරුත් නෑ.........
ශාලුට ඔනී උණෙ කොහොම හරි යශ්ව අයිති කරගන්න.පුංචී කාලේ ඉදලම ශාලුගේ ලෝකේ වීරයා යශ්..........යශ් ඇරෙන්න ශාලු වෙන කිසිම කෙනෙක් දැක්කේ නෑ...........ඒ තරම් ශාලු යශ්ට පිස්සු වැටිලයි උන්නේ......
මන් සුරංගනාවීව උස්ස ගත්තා..සුරංගනාවීව අරගෙන මන් ගියේ යශ්ට දෙන්න.......මන් සුරංගනාවී යශ්ට දුන්නේ නැත්තන් එයාට කේන්තී යාවී.......
මන් සුරංගනාවීගේ මූණට හාදුවක් තැවරුවා....ඒ චුටී මුණෙන් එන ඕඩීකෝලොන් සුවදට මන් ආසයි.......
මගේ මැණික තාත්තී ලග දොයියගන්න..........අද ඔයාගේ තාත්තී කේන්තියෙන් ඉන්නේ......ඒ කේන්තිය නිවන්න පුලුවන් ඔයාට විතරයි රත්තරං.............ඔයා තමයි තාත්තීගේ පන...........ඔයා තාත්තීගේ කේන්තිය නිවන්න රන්...............❤️❤️
වත්තේ කෙලවරේ කොහිල වලක් තියෙනවා.........ඔය මුලක් ගින්න අඩුවෙන්න මුල් පිටින් කවන්න ඔනී.........නපුරා.....ග්ර්ර්ර්ර්ර්.......
මන් එහෙම දෝණීව තුරුල් කරගෙන යශ්ගේ රූම් එකට ගියා.......යශ්ගේ සද්දයක් වත් නෑ....
මන් දෝණීව නැමිලා ඇදෙන් තිබ්බා.කොට්ට දෙකක් මැදි කරලා දෝණීව තියලා මන් ආයේම දෝණීගේ මුණ කිස් කලා.තියලා යන්න ලෝභයි මට........
එළියට යන්න ආපු ශාලු කෙල්ලව දැකලා ගැස්සීලා ගියා.......මේකී කොහොම හරි පොඩි එකාවත් සෙට් කරගත්තා........මන් කොහොමවත් මේ කලු කෙල්ලට මගේ යශ්ව දෙන්නේ නෑ.........යශ් මගේ...........
මේකී අනිවාරෙන්ම දැන් යශ් ලගට යයි පොඩි එකීව ගෙනාවා කියන්න.මන් මේකීට යශ්ව එපා කරනවා...........😡
ශාලු ආයේම අඩාගෙන බැල්කනියට ගිහින් යශ්ව තදේට බදා ගත්තා....යශ් ශාලුගේ දිහා බැලුවේ කේන්තියෙන්.........
අනේ සුදු අයියේ මන් ඔයාට ගොඩාක් ආදරෙයි.ඔයා මේ කෙල්ලට අපි අතරට එන්න දෙන්න එපා..........එයාව ඩිවෝස් කරනවා කියලා ඔයාම නේද කිව්වේ.මන් ඔයාට ආදරෙයි අයියේ...........
අපේ සුරංගනාවීත් මට ආදරේයි....... මට සුරංගනාවීව බලාගන්න පුලුවන් ජීවීත කාලේම.......ඔයා මාව මග අරින්නේ ඇයි.අර කෙල්ල නිසාද.......
යාශ් එහෙමම ශාලුව තල්ලු කලා........ඒත් එක්කම අහම්බෙන් වගේ යශ්ගේ ඇස්දෙක නතර උණේ ඇස් දෙකත් ලොකු කරගෙන යශ්ගේ දිහා බලන් ඉන්න දෙව්ලිව දැකලා........
සො........සො.....රී................යශ්........අයි..
යේ....
කෙල්ල එහෙමම දුවලා කාමරෙන් යද්දී යශ් ශාලුව තල්ලු කරලා දැම්මා.....කේන්තියෙන් දිලිසෙන ඇස් කේන්තියෙන් රතු වෙලයි තිබ්බේ..........ඒ තරම් කේන්තියක් යශ්ට මීට කලින් කවදාවත් ඇවිත්...........
උඹ...........බැ......ල්......ලී............
යශ් ඇගිල්ල දික් කලා......යශ් එහෙමම ශාලුව ඇදගෙන ගිහින් කාමරෙන් එළියට ගිහින් දඩස් ගලා දොර වැහුවා.....ඒ කේන්තිය ඉවරයක් නෑ............යශ් එහෙමම කාමරේ බිත්තියට අත මිටි මොලවලා ගැහුවා............
දෙයියනේ මේ ශාලු........මේකී නිසා චුට්ටීට මොනා හිතෙන්න ඇත්ද........ඒ කෙල්ලට හිතෙන්න ඇති මන් ශාලුට ආදරේ කරනවා කියලා.............
එක්කෝ එහෙමම හිතා ගත්ත දෙන්......ඔකූන් මට හොදක් කරපු උන් නේවේනේ.......මිනීමරුවෙක්ගේ දුවෙක්........ඒකත් මගේම තාත්තගේ.....
යශ් අනික් පැත්තට හැරුණේ හුල්ලන ගමන්......බිත්තියේ ගහලා තියෙන සුරංගනාගේ ෆොටෝ එක එදා වගේම යශ් දිහා බලාගෙන හිනා වෙනවා...........
සුරංගනා...මගේ මැණික...........ඔයාට පේනවා නේද..........මන් විදවනවා.......ඔයාගේ යශ් අසරණ වෙලා.....ඔයා යන්න ගිය හින්දයි මේ සේරම උණේ...........ඔයා යන්න ගිය නිසයි...ඇයි මාව දාලා ගියේ....මෙහෙම මන් අසරණ කලේ ඇයි සුරංගනා.ඇයි මෙහෙම කලේ මට.......😥😥
සනීපෙට ඇදේ නිදගෙන ඉන්න සුරංගනාවී දිහා බලන් හිටපු යශ් කෙල්ලගේ ලගම ඇලවුණා.................
දෙයියනේ ශාලු..........ඒ කියන්නේ යශ්ගේ නෑනනේ.......එයාගේයි යශ්ගෙයි සම්බන්ධයක් තියෙනවද.......එතකොට මන් මේ අතර මැදියෙක් වෙලාද ඉන්නේ.ඇයි මේ මන් කාගේවත් ආදරේකට බාධාවක් වෙලාද ඉන්නේ...............
මට නින්ද යන්නේත් නෑ.ඇදට වැටිලා ඉකි ගහලා අඩන්න හිතුණත් අඩන්න තරම් මගේ ඇස් වල කදුළු තිබ්බේ නෑ.............
දන්නවද මන් හීන දකින ලෝකේ ගොඩාක් දුරයි..........ගොඩාරියක් දුරයි........මන් ඒ හීන ලගට යනකොට ඒ හීන මිරිගුවක් වගෙව් ඈතට ඈතට යනවා..........
අම්මට තාත්තට මගේම අක්කට මාව එපා වෙච්චී එකේ අනික් මිනිස්සුන්ට මාව එපා වෙන එක අහන්න දෙයක්ද.............ඔව් හැමෝටම එපා වෙච්ච කෙල්ලෙක් මන්.......
මන් පඩිපෙල බැහැලා පහළට ආවා.....යශ්ගේ වයිෆ් ෆොටෝ එකේ මගේම දිහා බලන් ඉන්නවා වගේ.......මන් පඩිපෙල පහලින් ඉද ගත්තා......
අක්කේ.ඔයා ගොඩාක් ලස්සනයි..............හරියට මන් කියවපු සුරංගනා කතාවල ඉන්න සුරංගනාවියෙක් වගේ.......ඒ.ඒ........ත්.......ඔයා යන්න ගියේ නැත්තන් අද මන් මේ තරම් පැටලෙන්නේ නෑ..............
ඔයාගේ දෝණී ඔයා වගේමයි අක්කේ...මන් අසරණයි........ගොඩාක් අසරණයි............
මන් තනියම කියෙව්වා.....කියව කියව මට එහෙමම එතනම නින්ද යන්න ඇති........ඔව් මට කවදාවත් නැති විදියට ටයිල් පොලොවේ නින්ද ගියා.............
රාධා උදේ පාන්දරම නැගිටලා ගෙදර වැඩ පටන් ගත්තා.........සාලේ පහු කරගෙන ගියපු රාධා බිම වැටිලා නිදාගෙන ඉන්න කෙල්ලව දැක්කේ මොනා හරි වෙලා වැටිලා ඉන්නවා වගේ...............
රාධා එහෙමම උඩට දිව්වේ යශ්ට කියන්න.......
අනේ කඩවුලේ.පුංචී මහත්තයා.....පුංචී මහත්තයා.....අනේ නැගිටින්නකෝ..පුංචී නෝනා................
පුංචී මහත්තයා...........
යශ් ගැස්සිලා ඇහැරුණා.......කාමරේ දොර ඇරපු යශ් රාධාගේ දිහා බැලුවේ පුදුමෙන්.......
මොකක්ද වෙලා තියෙන්නේ රාධා.ඇයි මෙහම කෑගහන්නේ උදේම....
අනේ මාත්තයා චුටී නෝනා සාලේ මැද්දේ වැටිලා.මට නම් බයයි.මොකක් හරි කරදරයක් වෙලාද මන්දා..........අනේ බලන්නකෝ මාත්තයා.......
යශ් එහෙමම පහළට දුවගෙන ගියේ හිත දෙගිඩියාවෙන් පිරෙද්දී.........
චුට්ටී....චුට්ටී.........මොකක්ද උණේ නැගිට්ටන්න...........අපි හොස්පිටල් යමු......කෝ එන්න.............යමු........
රාධා මේයාව අල්ලන්නවා හොස්පිටල් යමු.........ඉයේ රෑටත් නොකානේ හිටියේ.......
මොන මගුලක්ද මන් ඇස් දෙකත් ඇරියේ අමාරුවෙන්.මගේ ඇද ඇවිදිනවද මන්දා......මන් අත පය දිග අරින්න හැදුවත් මන් ලොක් වෙලා වගේ............
මන් ඇහැක් ඇරියා..යශ් මාව උස්සගෙන යනවා.........මන් ඇස් ඇරලා යශ්ගේ මුණ දිහා බැලුවේ පුදුමෙන්.....
මාව බිමින් තියන්න.........මො.මො.කද මේ...........
යශ්ට හිනා ගියේ කෙල්ලගේ මුණ දැකලා...යශ් එහෙම කෙල්ලව සොෆා එකට අත ඇරියේ කේන්තියකුත් මවාගෙන.......
මේ බුරුවා ඇදේ හිටපු මාව උස්සගෙන ගිහින් මාව බිමටත් අත අරිනවා.අනේ අම්මේ හම්බ කරන් කන්න තියෙන මගේ කොන්ද....😂😂😂මේ යකාට පිස්සු........
මොන මගුලේද නිදා ගත්තේ ආහ්.......ඇයි තමුසෙට රූම් එක එපාද.........රාධා මේන්න මෙයාට පැදුරු කඩමාල්ලක් එක්ක කොට්ටයක් දීලා කුස්සියෙන් නිදාගන්න කියනවා හෙට ඉදලා...........මගුල.............
ඒ.......ම.......ඔ..නී නෑ.......ම...........න්...යන්නම්...........
මන් එහෙම කියද්දී යශ් මාව අල්ලලා එයා ලගට ඇදලා ගත්තා........
උඹ ආවේත් මන් කිව්ව නිසා.උඹ යන්න ඔනීත් මන් කියන වෙලාවක.....තේරූණාද.......දැන් කාමරේට යනවා.................
දෙයියනේ මන් කාමරේට දුවගෙන ගියා.ඉයේ රෑ මන් නිදාගන්න ඇත්තේ බිම..............ඒකයි යශ් කෑ ගැහුවේ....එයා කේන්තී ගන්නේ එයාට මාව එපා වෙලා නිසා වෙන්න ඇති..........
🖤🖤🖤🖤🖤🖤🖤🖤
සුරංගනාවී............පුතේ.................කෝ මේ දරුවා.........
සුරංගනාවීගේන් සද්දයක් වත් නෑ.දෙයියනේ මේ කෙල්ල කොහේද ගියේ....යශ් වැඩට ගියේත් නෑ..............දැන් මගේ ලග හිටියේ.......
සුරංගනාවී පුතේ එන්න බයියන් කන්න..........නැත්තම් මේ බයියන් කූරුල්ලොන්ට දෙනවා හරිද........කෝ එන්න.......
රාධා කෝ සුරංගනාවී...............
අනේ මන් දන්නේ නෑ පුංචී නෝනා...දැන් හිටියනේ...........බලන්නකෝ...........මගේ අතේ සම්බොලනේ..... ඉන්න මන් හොයාගෙන එන්නම්.............
යශ් මහත්තයාට එහෙම ඇහෙන්න කෑගහන්න එපා රාධා.එයා ප්ලෑන් එකක් අදිනවා.....ඔයා දන්නවනේ ඒ වගේ වැඩ වලට ගොඩාක් මහන්සී වෙනවා..........
දෙයියනේ මේ දරුවා..............මන් හැමතැනම බැලුවා.අන්තිමට ඉතුරු උණේ ශාලු නතර වෙලා හිටපු පහළ කාමරේ විතරයි.................
යනවා යන්න මෙතනින්............අනේ අයියේ මේ බලන්නකෝ.මේ කෙල්ල කරපු වැඩේ.තමුසෙට.............
මන් ඒ බෙරිහන් කෑ ගැහිල්ලට ගැස්සුනා.මන් කාමරේට එබීලා සුරංගනාවීව උස්සලා ගත්තා.ඒ වෙනකොටත් සුරංගනාවී අඩනවා...
සුරංගනාවීට මන් රස්නේ හින්දා ඇග සෝදන්න අන්දලා තිබ්බේ ශෝර්ට් කලිසමක් විතරයි.........සුරංගනාවීගේ රෝස පාට පිටේ තදේට අත් පාරක් හිටලා තියෙනකොට මගේ ලේ රත් උණා.....
තමුසේ මගේ දරුවට ගැහුවද...
😂😂මොකක් තමුසේගේ දරුවා.......
මන් අහන්නේ තමුසේ මගේ දරුවට ගැහුවද...............
ඔව් ගැහුවා.ඔය මුසල කෙල්ල මගේ දහාදාහක ෆර්ෆියුම් එක කැඩුවා......මන් ගැහුවා තමා........😡😡ගහනවා විතරක් නෙවෙයි පුලුවන් නම්...................
තමුසේට මන් .........මන් ශාලුට අත දිග ඇරලා කණට පාරක් දුන්නා.....
මන් සුරංගනාවීව වඩාගෙන උඩට යන්න හදද්දී යශ් කොහේදෝ ඉදලා ඇවිත් මගේ අතේ හිටපු සුරංගනාවීව එයාගේ අතට ගාත්තා........
අනේ අයියේ......මට කම්බුලට ගැහුවා.....බලන්නකෝ..........මන් මොකුත් කලෙවත් නෑ.අහන්නකෝ මෙයා කාගේ පවර්ස් අරන්ද මට ගැහුවේ කියලා..........අහන්නකෝ..........
තමුසේ මොන හයියක් අරන්ද ශාලුට ගැහුවේ ආහ්..ඇයි මේ සුරංගනාවී අඩන්නේ.........මොකක්ද උණේ............
මගේ කේන්තිය උපරිම සිමාවට ගිහිනුයි තිබ්බේ.............මන් කේන්තියෙන් ශාලුට ඇගිල්ලක් දික් කලා............
සුරංගනාවී මෙයාගේ ෆර්ෆියුම් එක කැඩුවා කියලා.මෙයා සුරංගනාවීට ගහලා........ඒ පුංචී දරුවගේ පිටේ මේයාගේ ඇගිලි පහම හිටලා.......අවුරුදු දෙකක දරුවෙක් දන්න දෙයක් තියෙනවාද.අහන්න මෙයාගෙන්ම යශ්...................අහන්න..........
සුරංගනාවී මට අත් දෙක දික් කලාම මන් සුරංගනාවී වඩා ගත්තා.යශ් එහෙමම සුරංගනාවීගේ පිට දිහා බැලුවේ කලබලෙන්............කෙල්ලගේ රතුවෙලා තියෙන පිට දැක්කාම යශ්ගේ කේන්තිය තව ඩබල් උණා...............
ශාලු...........උඹ දැන්ම මෙහෙන් යන්න ඔනී............උඹව මගේ දෑහෑට පේන්නවත් බෑ පලයන්...........මේ දැන්ම...........
මන් සුරංගනාවීත් අරගෙන උඩට ගියා....මගේ ඇස් වලට කදුළු එන්න උණේ දුකට.......මන් සුරංගනාවීව මගේ පපුවට තුරුල් කර ගත්තා.....
රිදුනද මගේ රත්තරං.............ආයේ කවදාවත් මගෙ මැණිකට කවුරුත් ගහන්නේ නෑ.කෝ බය වෙන්න එපා මගේ දුව.............මන් ඉන්නවනේ.............දෝ ගන්න ඔයා...................
හිත දුර ගිහිල්ලයි තිබ්බේ.......අම්මා නැති දරුවෙක් මේ ඉන්නේ.රෝස මලක්....ඒ දරුවට කතා කරන්න බෑ.....ඒ දරුවා අසරණයි...........ශාලු........නැට්ටිච්චී.............තව පාරක් මගේ ඉස්සරහට ආවෝත් ඔය ගෑණීගේ මුණ සම්බෝල කරනවා.......
දවල්ට කන්න මට උවමනාවක් තිබ්බේ නෑ........යශ් ඇවිත් මැණිකගේ පිට බලලා යන්න ගියේ හිතත් වේදනාවෙන් පුරෝගෙන කියලා මට තේරූණා.......
අම්මා නැති දරුවා මේ.....ඒ කිරිසප්පයාට මොනා තේරේනවටද..........ශාලුට මගේන් කිසිම සමාවක් නෑ..........
දෙව්ලි තාම කල්පනා කරනවා......කෙල්ල ආපු මාසේටම අඩුම ගානේ සැරෙන්වත් කතා කරලා නෑ කියලා යශ් දන්නවා.....
දෙව්ලී...........🙂🙂🙂🙂
ඕක ගැන ඔච්චර හිතන්න දෙයක් නෑ ...මෙයාත් දග මල්ලනේ..ශාලු කියන්නේ කොහොමත් නපුරු කෙනෙක්.. තමුසේ ගිහින් කෑම ටිකක් කනවා........යනවා.
මන් නැගිට්ටා........නැගිටලා යශ්ගේ ලග හිට ගත්තා........
ම..ට සමා..ව දෙන්....න ය..ශ්.........මන් හිතලා...එ..යාට ගැහුවේ හිත..ලා නෙවෙ..යි....සමාවෙ..න්න.....ම.න්.ක..වු...ද.....
තමුසේ ගැහුවේ නැත්තන් මන් හරි එකීට ගහනවා...........හරි යනවා.....ගිහින් කනවා...😡😡😡........තමුසේත් කවුද කියලා මන් දැක්කා.........
කටුස්සී වගේ හිටියට මේකීත් මහ නපුරු කෝලමක්..😁😁.කවදා හරි මේකී මටත් මේ විදියටම නෙලයිද දන්නේ නෑ.........යශ් එහෙම හිත හිතම කෙල්ලගේ හිස මත්තෙන් අත තිබ්බා......
ම්ම්.යන්න ගිහිම් කන්න.............
මන් යශ් දිහා බලලා යන්න හැදුවත් යශ් මගේ අත අල්ල ගත්ත නිසා මන් යශ්ගේ දිහා බැලුවේ පුදුමෙන්..........
තැන්ක්ස් තමුසේට...........දැන් යනවා....කන්න වගේ බලන් ඉන්නේ නැතිව......තමුසේ ඔහොම බලනකොට වෙලාවක මාව ඇදිලා යනවා තමුසේගේ ඇස් දෙක ඇතුලට.........
මේ යකා මනුස්සයෙක් නෙවෙයි.කොයි වෙලේත් තරහා ගියපු ගමන්මයි ඉන්නේ.හෙටවත් කොහිල ටිකක් තම්බන්න ඔනී.එතෝට හරි යයි....😆😆😆
🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤
රන්දීර් වීඩීයෝ එක ආයේ ආයේම ප්ලේ කර කර බැලුවා.....සෙහන්සාගේ ඇගේ හැම රේඛාවක්ම හැම නාරී සලකුණක්ම හරි අපුරූවට ඒ තිරයේ සටහන් වෙලා තිබ්බා.....රන්දීර් ඇස් පියාගෙනම ඒ වෙලාව මතක් උණා.....
මේ වීඩීයෝ එක් හොද ගානකට මට දෙන්න පුලුවම්...........තැන්ක්ස් සෙහන්සා......උඹ නම් සල්ලි උල්පතක්.....
සෙහන්සා ඇදේ ඒ මේ අත පෙරලුනේ ඇගට කවදාවත් නැති තෙහෙට්ටුවක් දැනෙනකොට...ඒ තෙහෙට්ටුව මොකක්ද කියකා සෙහන්සා දැනගෙන හිටියේ නෑ..........සෙහන්සා එහෙමම රන්දීර්ට කෝල් එකක් ගත්තා.............
රන්දී..................
ආහ්...කියන්න.......මොකෝ අදත් එන්න ඔනීද...........
එහෙම එකක් නෙවෙයි අනේ......ඔයා මන් ගැන අපේ ගෙදරින් අහන්නේ කවද්ද.......මට දැන් බයයි........වෙන්න තියෙන හැමදේම උණානේ.....
තව කල් තියෙනවනේ.අනිත් එක මන් ඔයාට ඔච්චර ඉක්මන් වෙන්න කියලා මන් කිව්වද..නැනේ.ඔයාගේ කැමැත්තටයි උණේ..තනි අතින් අත්පුඩි ගහන්න බෑනේ නේ...උඹ ආවා නම් විදෝ ගනින්...බායි.........
එහෙමම ෆෝන් එක කට් උණ.........ආයේ ආයේම සෙහන්සා රන්දීර්ගේ ෆෝන් එකට කෝල් ගත්තත් රන්දීර්ගේ ෆෝන් එක වැඩකලේ නෑ..........
සෙහන්සාට රන්දීර්ව හම්බුනේ ක්ලබ් එකේ ඉදලා.......හරියට ගමක් නමක් විස්තරයක් තියා සෙහන්සා රන්දීර්ගේ සම්පුර්ණ නමවත් දැනගෙන හිටියේ නෑ..........
සෙහන්සා කුසට අතක් තියා ගත්තා........මේක අහන්න හොදම කෙනා මම්මා...එයා මේක මුලු ගෙදරම ගිනි තිබ්බොත් එහෙම මන් ඉදලා ඉවරයි........
මම්මා...................
සෙහන්සා මම්මගේ කාමරේට එබුණා....බණ පොතක් තියාගෙන මම්මා ලොකු කල්පනාවක.........
ඇයි සෙහන්සා............
මේ...මම්මා.............පොඩි දෙයක් අහන්න.මේ...........
මොකක්ද දරුවෝ.කියන්න දෙයක් තියෙනවා නම් කියන්න.....ඇයි මොකක්ද ප්රශ්ණේ..
ප්රෙග්නට් කියලා අපි දැනගන්නේ කොහොමද.......මේ.මේ.මගේ යාලුවෙක්ට.එ.ඒ....යා.ප්රෙග්නට්..එ.....ඒකයි...
ආහ්.....ඇයි කොහේ හරි රිංගගෙන බඩක් හදා ගත්තද.😆😆ශෝක් යසෝමාගේ හුරතල් දුවනේ.......අර අහිංසකී ඉන්නකම් උඹලා එකතුවෙලා ඒකීව පහත් කලා.දැන් උඹ දඩාවතේ ඇවිදලා ආවාද.............
පලයන් මගෙන් අහලා නෙවේනේ උඹ අනික් තැන් වලත් ගියේ...........ඒක නිසා එක්කන් ගියපු උන්ගෙන්ම අහගෙන වරෙන්......
ඕහ් ශිට්..ලබන මාසේ මිස් ශ්රී ලංකා එකේ පැජන්ට් එක...ඒකට යන්න බැරි වෙයිද......😌😌😌කොකටත් මේක චෙක් කර ගන්න ඔනී.....නැත්තන් මැරෙන්නයි වෙන්නේ.....
මම්මා මේ.ඔයාට ඉතිම් ලොකු ඒකීවමනේ..ඔයා මතක තියා ගන්න මම්මා මන් ඔයාට නම් ඔහොම නෙවේ වැටිලා හිටියත් බලන්නේ නෑ.මන් යනවා.........
බය වෙන්න එප සෙහන්සා.උඹලට මගේ කැතකුණු අතගාන්න තරම් කාලයක් මන් ඉන්නේ නෑ.මැරෙන්න කලින් මට අර කෙල්ලවයි බලන්න ඔනී...........
සෙහන්සා එළියට ගිහින් කා එක ස්ටාට් කර ගත්තේ ප්රෙගන්සී ටෙස්ට් එක කර ගන්න යන්න......ඒක ඒ විදියට උණොත් සෙහන්සාට ලොකු ප්රශ්නයක්..........
මිස් ටික වෙලාවක් ඉන්න.මන් රිපෝර්ට් චෙක් කරගෙන එන්නම්........
ඕකේ නර්ස් මන් ඉන්නම්...............
නර්ස් එනකම්ම සෙහන්සා හිටියේ පන බයේ.ඈතින් රිපොර්ට් අරන එන නර්ස් දැක්කාම සෙහන්සා ගල් උණේ බයට......
මිස් ප්රෙශ්නට් නෑ...දුක් වෙන්න එපා....මොනා කරන්නද.......අපිට ඔනී වෙලාවට දරුවෝ අපි ලගට එන්නේ නෑ.එයාලට ඔනී වෙලාවටයි එන්නේ.........
තැන්ක්ස් මිස් යන්නම්........
සෙහන්සා හිටියේ පැලෙන්න සතුටින්.......පැජන්ට් එකට රෙඩි වෙන්න විතරයි තියෙන්නේ.එතනින් එහාට මන් ලංකාවම දන්න නිළියක් වෙනවා.......
ලංකාවම දන්න............
🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤❤️❤️
එදා රෑ මන් යශ් එනකම් බලන් හිටියා.රාධා අප්පාත් එක්ක ගමේ ගිහින්.මේ දවස්වල යශ්ට නිවනක් නෑ......මහන්සී වෙනවා ඉවරයක් නැතිව.කන්න බොන්න වත් වෙලාවක් නෑ.........පවු..............
රෑ එකොලහයි වෙලාව...............තාමත් නෑ.............
කා එක එළියෙන් නතර උණාට පස්සේ මන් දොර ඇරියා........
මන් දන්නේවත් නැති පිරිමි කෙනෙක් යශ්ව වත්තන් කරන්.කා එකෙන් බැස්සුවා......යශ්ට ඇවිදගන්නත් අමාරුයි....
නංගී මේකව අලගන්න.........මූ අවසිහියෙන් වගේ බිව්වේ.මන් ගෙනාවේ නැත්තන් මේකා මහපාර මැද නිදාගන්නේ.මන් යනවා......මුගේ වෙහිකල් එක මන් අරන් ගියා කියන්න.හෙට උදේ මන් එන්නම්..........
අනේ තැන්ක්ස් අයියා............පිං සිද්ධ වෙනවා..............
ඒ කොල්ලා යන්න ගියා.මන් යශ් දිහා බැලුවේ බයෙන්.මටත් බනිද මන්දා..ඒ ඇස් රතුම රතු වෙලා...😌😌
යශ්...............යමු ගෙට.........එන්න...........
..වො.........මි......ට්..........#චුට්ටී..ම.ට.වො...මිට්...........
මන් යශ්ව වත්තන් කරගත්තා.........මට අමාරුයි......එයා මට වඩා දෙගුණයක් ලොකුයි.......
මන් යශ්ව පුටුවකුන් ඉන්දවලා යශ්ගේ සපත්තු දෙක ගැලෙව්වා.......
මේ........චුට්ටී..........අද.මට...ශතුටුයි ඕයි.....මන්.....තමුශෙලාගේ තාත්තාට දෙන්නේ නැතිව ලොකු කන්..ට්රෑක් එක
ක් ගත්තා.......දන්.නවද ඒකේ.. පා..ඩුව කෝටී ගාණ..ක්.....
දන්නවද...........ඒ මිනිහා කෝටීගාණක් ණය වෙලයි....ඔය කන්ට්රැක් එක කලේ........දැන් ඒක නෑ.......
දෙයියනේ තාත්තා.....එහෙම උණොත් හැමෝටම එළියට බහින්නයි වෙන්නේ......
යශ් අපි වොශ් එකක් දාමු..එන්න යන්........යශ්ගේ ඔළුවේ දෙහි කෑල්ලක් අතුල්ලා මන් දෙහි ටිකක් කටටත් දැම්මා.ඒත් ගාණක් වත් නෑ........
නාන්න බෑ චුට්ටී සීතලයි......ඒත් යශ් එහෙමම නා ගත්තා........යශ් ඇදුමක් දා ගත්තාට පස්සේ මන් යශ්ට කෑම එකක් බෙදලා දුන්නා.ඒත් කන්නේ නෑ.ඔහේ ඉන්නවා.....😡😡
තමුසේ කවනවා................
මන් පුදුමෙන් බත් එක අතට ගත්තා.....යශ් කට ඇරගෙනම ඉන්නවා.පොඩි එකෙක්.වගේ............😁😁අනෙ මේවා වීඩීයෝ කර ගන්න තිබ්බා නම්.......මේ යශ් හෙට උදේම සියදිවි නසා ගනී.😂😂😂
යශ් බත් කාලා එහෙමම ඇදෙන් හාන්සී උණා.සුරංගනාවී අද මන් ලගට ගන්නවා.......මන් එහෙම හිතලා සුරංගනාවී ගන්න ගියත් යශ් මගේ අතින් ඇදලා මාව යශ්ගේ ඇග උඩට වට්ට ගත්තා...........
ඔලුව අත ගානවා..................
මොකක්ද කිව්වේ. මන් ආයේම ඇහුවේ බයටමයු................
මගේ ඔලුව අත ගානවා......😮😮😮😮
ඒත් එක්කම වගේ....ආයේමත්.......

චුට්ටී මගේ ඔලුව අත ගානවකෝ......මට අමාරුයි.😥....
යශ් එහෙම මුමුනද්දී මන් යශ්ගේ පපුවෙන් මෑත් උණා..පිරිමි හුණුහුමක් හීනේකින් වත් ඇගට වැදිලා නැති මට යශ්ගේ මේ උනුහුම දරාගන්න අමාරුයි......ඒ උණුහුම මට නුහුරුයි...දෙයියනේ මේ යශ්ට මොනා වෙලාද..........
බෑ......යශ් ඉන්නේ අසිහියෙන්.මේ වෙලාවේ යශ්ට මන් කවුද කියලාවත් සිහියක් නෑ......ඒක නිසා මන් යශ් ලගට යන්නේ නෑ...........
හ..රි...උඹට බෑ..නේ...මො..නා.......කරන්නද......මට ඉන්..නේ ම...ගේ .සුරං..ගනා..වී ..විත..රයි.....ම..ගේ....සුරං.ගනා..වී .නැ..ත්.තන් ම
න්.....මැරි..ලා.......
මන් මොකුත් නොකියා ආයේම සුරංගනාවීව ගන්න යද්දී යශ් ඇදෙන් නැගිට්ටා...නැගිටලා ඇදෙන් වැනි වැනි යශ් බැල්කනි එකට යද්දී මාත් යශ්ගේ පස්සෙන් ගියේ යශ් මොකද කරන්නේ කියලා බලන්න......
යශ් ඩ්රෙසින් ටේබල් එක උඩ තිබ්බ ෆෝන් එකත් අරගෙනම එළියට බිත්තිය අල්ලගෙන යනකොට මන් බය උණේ යශ් වැටෙයි කියලා.........මන් දුවගෙන ගියත් යශ්ව අල්ලගන්න මට හිතුන් නෑ....
වැටෙයි යශ්...........ප්ලීස් ගිහිම් නිදාගන්න.......අර දරුවා ඇහැරෙයි........එහෙම උණොත් අඩයි යශ්...ඔයා නිදාගන්නකෝ.ඇයි මේ.......
ශ්......ශ්......කෑ ගහන්න එපා........මන් කෑ ගහන්නෙත් නෑ...........චුට්ටී මන් මේ බිව්වාමයි........උඹත් මට බනිනවා නේද හිතින්....මට ඒක තේරේනවා.......මට ඒක තේරේනවා......
මන් ඔයාට බනින්නේ නෑ.ඒත් ඔයා ඔහොම කරද්දී අසරණ වෙන්නේ අර දරුවා....
යශ් මගේ අත් දෙකෙන් අල්ලගෙන මාව එයාගේ ලගට හරව ගත්තා..........
අ.ර....ඈත...තරුවක් පේනවා නේද...ඒ ඉන්නේ මගේ සුරංගනා.......මගෙන් ඈත් වෙලා ඉදහන් නැත්තන් ඔකීට තරහා යයි.......අඩියක් විතර ඈතින් හිටපන් දෙව්ලී......
මගේ සුරංගනාවීව දැකලා තියෙනවා නේද චුට්ටී........හ්ම්ම්..........ලස්සනයි......ඒ නිල් පාට බෝල ඇස් දෙක දිහා මට අවුරුද්දක් උණත් බලන් ඉන්න පුලුවන්.........ඒ තරම් මන් ආදරෙයි මගේ කෙල්ලට........
දන්නවද එයා මට දීලා ගියපු සුරංගනාවීට තාම තා.ත්තා කියලා කතා කරගන්න බෑ.....එයා මට තාත්තා කියලා කතා කරනාවානම්...........මන් මැරුණත් කමක් නෑ බන්.............මැරුණත් සැපයි......
මන් හිනා උණා..ඒ අඩන්න බැරි කමට..සත්තයි ඒ වචන ටිකට මාව පිච්චීලා ගියා..යශ්ම මාව යශ්ගේ ලගට අරගෙන යශ්ම මට යන්න කියනවා........පුදුමයි එක අතකට........
චුට්ටී...........
මන් ඔලුව උස්සලා යශ්ගේ දිහා බැලුවා....යශ් මගේ දිහාම බලන් ඉන්නවා.....ඒත් මට කතා කරන්න තරම් දෙයක් තිබ්බේ නෑ.....මන් නිශ්ශබ්දව යශ් කිව්ව ඈත තරුව දිහා බලන් හිටියා......
මන් කලු කෙල්ලෙක් යශ්..ඔයාගේ සුරංගනා තරම් මන් හැඩ නෑ..අනිත් එක අපි දෙන්නා අහසයි පොළොවයි වගේ....කවදාවත් එක ලග තියන්න බෑ....අනිත් එක මන් ලගදිම යන්න යනවා.........මට යශ් මොනා කිව්වත් ඒවාගෙන් ඇති වැඩක් නෑ 😥.....
ඔයා ඇවිත් නිදාගන්න.මන් යනවා.............
සුරංගනාවීගේ හීන් කේදිරියත් එක්ක මන් ගැස්සුනා.
මන් එහෙමම නැගිටලා යශ් ගාවීන් මෑත් වෙලා රූම් එකට ආවා...
මගේ රත්තරං ඇහැරලාද ඉන්නේ....අනේ අනේ.හොර සුරංගනාවී........අනේ ඔහොම හිනා වෙන්න එපා.මට ලෝභයි මැණික....ලගදි දවසක ඔයාව අත ඇරලා මට යන්න වෙනවා පුතේ......එදාට මන් පැලිලා මැරෙයි.......ඔයා නැතිව මන් ජීවත් වෙන්න දන්නේ නෑ.............
මන් සුරංගනාවීගේ ඔළුව අත ගෑවා......කකුල් දෙකේ කොට්ටයක් තියලා සුරංගනාවී නලවනකොට සුරංගනාවීට එහෙමම ආයේමත් නින්ද ගියා...............
දොයි.....දොයි දොයිය බබා
බයි බයි බයිය බබා..............
නුඹේ අම්මා කලුම කලුයි
නුඹේ පියාත් කලුම කලුයි
නුඹ නලවන මාත් කලුයි
පුතු විතරක් සුදුම සුදුයි......❤️❤️❤️
මන් හිමින් මිමිනුවා....සුරංගනාවී නිදි කරවලා ඉවර උණාට පස්සේ මාත් එහෙමම සුරංගනාවීව ඇදෙන් තියලා මාත් එතනම එහෙමම ඇලවුණේ සුරංගනාවී ආයේම ඇහැරෙයි කියලා..........
මන් පැයක් එක හමාරක් එහෙමම නිදාගෙන ඉන්න ඇති.යශ් තාම ඇවිත් නැ.මන් එහෙමම එළියට ගියා.........යශ්ගේ ඇග ගැස්සෙනවා වගේ.......මෙහෙම හීතලේ කොහොම ඉන්නවද මන්දා........
යශ් අපි ගිහිම් නිදා ගමුද.........හෙට ඔයාට වැඩත් එක්කනේ.....
යශ්ගේ ෆෝන් එකේ තිබ්බේ එයයි එයාගේ වයිෆ් එක්කයි ගහපු ෆොටොස්.......යශ් එවා බල බල අඩනවා....
ඇත්තටම ආදරේ කරපු කෙනෙක්ට මිසක් කවදාවත් වෙන කිසිම කෙනෙක්ට එහෙම අඩන්න බෑ.පිරිමි මහා ගල් හිත් තියෙන මිනිස්සු කියලයි ලෝකේම පොත් වල හැම තැනකම ලියවිලා තියෙන්නේ.අදහන්න පිරිමින්ටත් සංවේදී වෙන්න පුලුවන්.......ඒකයි ඇත්ත.........
ඒ ආදරේ යශ්ට තාම අමතක නැතිව ඇති.සුරංගනාවීගේ බර්ත් ඩේ එක එයාගේ අම්මගේ මලගෙදර කියලා යශ්ට හිතෙනකොට යශ්ට දරා ගන්න බැරිව ඇති........
මේ ලෝකේ කිසිම දෙයක් ස්ථීර නෑ......ඒත් දෙවියනේ එහෙම කියලා අපි ආදරේ කරන දේවල් නැත්තටම නැති වෙද්දී අපි ඒක දෛවය කියලා ඉවසන්නේ කොහොමද.........
චුට්ටී යමු...............
යශ් කතා කලා......යශ් මගේ අත අල්ලගෙනම නැගිට්ටා.ඒ මුණේ තිබ්බේ නපුරුකම නෙවේ...අහිංසක කමක්...හ්ම්ම් මේ නපුරු මුණ අස්සේ ඉන්නේ අහිංසකයෙක් වෙන්න ඇති.තමන්ගේ කෙල්ලට පිස්සුවෙන් ආදරේ කරපු දඩබ්බර තාත්තා කෙනෙක්........
තමුසේට මගේ ඔලුව ටිකක් අත ගාන්න කිව්වාම ඒකත් කරන්න බැරිද ආහ්....කී පාරක් කිව්වද...........පලයන් යන්න මගුල..........
මෙච්චර වෙලා හොදට හිටපු මනුස්සයාට දැන් යකෙක් වැහිලා.😡මන් දෝණීගේ ඔඩීකොලෝන් බෝතලේ අරන් යශ් ලගට ගියා.......ගිහින් ටිකක් දාලා මන් ඒ කපුටු කූඩේ අත ගෑවා...........
ග්ර්ර්ර්ර්.කිසිම හොදක් හොදින් කරගන්න දන්නේ නැති මෝඩ මී හරකෙක්.....එක්කෝ මන් මේ කෙස් එක එක ගලෝනව....😁
චුට්ටී තමුසේ මට බනිනවද....මට ඒක දැනෙනවනේ ඇගිලි වලින්....ආහ්.......මට බනින එක නවත්තනවා......
😮😮😮ශිට් ඉංජිනියර් ජොබ් එක අතඇරලා දේවලයක් දාලා දෙන්නයි තියෙන්නේ.යකෝ හිත් කියවන්නත් දන්නෝනේ........මන් නම් මලාට මේ මනුස්සයාගේ හිත කියවන්න යන්නේ නෑ......තනිකරම පැටලිච්ච නූල් බෝලයක්.....😁😁😁
මන් යශ්ගේ ඔලුව හිමින් අත ගෑවා.........මගේ ඔඩෙක්කේන් ඔලුව තියාගෙන මේ යකා සනීපෙට නිදි.....යකෝ මන් මුරකාරයද එතෝට..............
යකෝ බීලා....බිලා බෙබ්බෙක් වගේ ආවාම මන් ඔනී ඔලුව අත ගාන්න.......ඒ මදිවට ලොකු සීන්......මන් මේ යකාගේ වයිෆ් උණානම් මන් එළියේ නිදි කරවන්නේ.ගේ ඇතුලේ නෙවේ...........
ඉතිම් මන් දැනුත් යශ්ගේ වයිෆ්නේ.😣😣😣මට හීල්ලුනා......රෑ එකත් පහුවෙලා මන් හිතන්නේ..........මන් යශ්ගේ ඔලුව එහෙමම ඇදෙන් තිබ්බා..........නින්ද ගිහින්නේ ඉන්නේ.......හිටපු දෙන්..........😒
🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤
උදේ පාන්දරම යශ්ට ඇහැරුණේ ඉවසන්න බැරි ඔලුවේ කැක්කුමක් එක්ක....යශ් නැගිටලා උදේම කියලා බලන්නේ නැතිව නා ගත්තා......
ඉයේ කොහොම ගෙදර ආවාද කියලාවත් යශ්ට මතකයක් තිබ්බේ නෑ.....ඒ තරම් යශ් ඉයේ ඩ්රින්ක්ස් ගත්තා............
යශ්ට මතක කෙල්ල ඔලුව අතගානවා විතරයි නින්ද යනකම්.......ඒ ටිකනම් යශ්ට මතකයි..........මොනා කලාද මොනා කිව්වද.දෙයියනේ මන් චුට්ටීට අසිහියෙන් මොනා හරි කිව්වා වත්ද.😮.............
යශ් කොණ්ඩේ පිස්සා.....ඒත් එක්කම රින්ග්ස් යන යශ්ගේ ෆෝන් එක යශ් අතට ගත්තේ කවුද බලන්න.......
ආහ් මාමණ්ඩී...කොහොමද සනිපයි නේද...........😂😂
දයාට හීල්ලුනේ කොල්ලා කතා කරපු තාලේට..........
කෝ මගේ දරුවා යශ්............
අංකල්ගේ දරුවෙක් නම් මෙහේ නැ.මෙහේ ඉන්නවා මගේ වයිෆ්.......එච්චරයි......
ඒ කියන්නේ මට දුවෙක් නෑ කියලද.........මට මගේ දුව එක්ක කතා කරන්න ඔනී.
ආහ් අංකල් කියන්නේ දෙව්ලිට ෆෝන් එක දෙන්න කියලා නම් අංකල් මේ දේ අහගන්න දෙව්ලිට මම්මා ලියලා දීපු කිසිම දෙයක් මන් ඔයාලට දෙන්නේ නෑ.....ඒ හැම ප්රොපිටි එකකම ඔප්පු තියෙන්නේ මන් ලග....අඩුම ගානේ දෙව්ලීවත් ඒ ගැන දන්නේවත් නෑ...........
ආහ් එහෙමද පුතා.උඹ මේ අවුස්ස ගන්නේ නයෙක්..අපි බලාගමු එහෙනම්....උඹ මගේ කන්ට්රෑක් එකත් ගත්තානේ.........අපි බලාගමු............
අංකල් ඔයාගේ ණය දෙවනි පාරත් මට හෙට උණත් ගෙවලා දාන්න පුලුවන්.මන් මේ ගත්ත කන්ට්රෑක් එකේ තරම ඔයාගේ ණය පයට පෑගෙන දූවීල්ලක් වගේ.......හෙටම මන් දෙන්නම්........
උඹ හදන්නේ ඔකීගෙන් දේපල අරගෙන ඔකීව එළියට ඇදලා දාන්නද මිනිහෝ.....
දෙව්ලීගේ දේපළ වලින් මට වැඩක් නෑ.ඒත් උඹලා ඔක්කම ඒ අහිංසකීට සෑහෙන්න වෙනස්කම් කලා.......දෙව්ලීට මන් කියනවා දෙමාපියෝ මැරිලා කියලා හිතන්න කියලා.....ඒක කොහොමත් ඒක එහෙමනේ දයා මහත්තයෝ.......
දයා කේන්තියෙන් ෆෝන් එක කට් කලාට පස්සේ යශ් කේන්තියෙන් හිනා උණා.හිතේ කේන්තිය තිබ්බත් යශ් හිටියේ හිනා වෙලා........තාත්තා නැති උණු පලිය යශ් දැන් දයාගෙන් අරන් ඉවරයි.............ඔව් දැන් මේ යශ් දෙන සල්ලිත් දයා ණය කාරයන්ට දුන්නාම අනිවාරේන්ම දයා පාරට වැටෙනවා මයි.................
යශ්ට තේ එක අරන් ආපු මම දොර ගාවටම වෙලා හිටියේ යශ් කෝල් එකක හින්දා......ඒ තා
මන් හැමදේම අහගෙන හිටියේ කටින් මගේ අත තදකරගෙන..එතකොට මම්මා එයාගේ හැමදේම මට ලියලද.....දෙයියනේ මම්මා........එතකොට යශ්ගේ අතට මම්මා මේ හැමදේම දීලද තිබ්බේ.......මේ හැමදේම.....මම්මා මට කිසිම දෙයක් කිව්වේ නෑනේ.මේ කිසිම දෙයක්........
දෙයියනේ මොනා උණත් ඒ මගේ දෙමාපියෝ.ඒ මිනිස්සු මන් විසී කරන්නේ නැතුව.කුණු ගොඩක දාන්නේ නැතිව උගන්නලා මාව හැදුවා.ඒ මදිද....අවුරුදු විසිදෙකක් මට කන්න දුන්නා.ඒත් මදිද........මට මේ දේපල වලින් ඇති වැඩක් නෑ.........කිසිම වැඩක් නෑ..........
යශ් ඒවා මගේ.....................ඒවා එයාලට දීලා දාන්න.........මම්මා එයාටත් යන්න වෙයි......කොහේද එයාලා යන්නේ..........
යශ් එහෙමම මාව එයාගේ ලගට ඇදලා ගත්තා..............
උඹ මොනවද දන්නේ දෙව්ලී.මන් දන්න තරම්වත් උඹ දන්නවද..........නෑ නේද...උඹ උඹ ගැනවත් දන්නේ නෑ.......ඒ කතාව උඹට මන් කිව්වොත් උඹ ඕකූන්ව මරයි............
යශ් කියන අප්රබ්රංශ මට තේරූණේ නෑ.......මට යශ් එක්ක රණ්ඩු වෙන්න උවමනාවක් තිබ්බෙත් නෑ.......
මන් තව මාස හතකින් මෙහෙන් යනවා යශ්.අවුරුද්දකින් මේ හැමදේම ඉවරයි.......ඔයාට ජීවීතයක් තියෙනවා.ඔයා පලිගන්නනේ මේ හැමදේම කලේ.......දැන් ඒක හරි යශ්..........මට දේපළ වලින් වැඩක් නෑ.......මට ඕවා එපා..........මගේ මම්මා හාර්ට් පේශන්ට් කෙනෙක් එයාට මොනා හරි උණොත්.........මන් මැරි මැරි ඉපදෙයි.......ප්ලීස්.........😥
යශ් ගැස්සුනා.......කෙල්ල යනවා කිව්වාම ඒක යශ්ට දරාගන්න බෑ.කොල්ලගේ ඇගත් එක්ක හිරිවැටිලා ගියා........යශ් කෙල්ලගේ අත් දෙක අල්ල ගත්තා.........
චුට්ටී.......අපි යමු....යන්න සුරංගනාවී රෙඩි කරගන්න.අපි මම්මව මෙහේ ගේමු....එයා මෙහේ ඔයත් එක්කම හිටපු දෙන්...........
අදහන්න මන් යශ්ව බදා ගත්තේ ඉකි ගහා ගහා අඩන ගමන්....ඒ තරම් සතුටක්.මගේ මම්මා............එයාව මෙහේ ගේමු ......එයාට මාත් එක්ක ඉන්න පුලුවන්........දෙයියනේ............
තැන්ක්ස් යශ්............ඔයාට මන් ණයයි....ජීවීතකාලේම ණයයි.....ඔයාට පිං සිද්ධ වෙනවා.............
මන් එහෙම මිමිනුවා........යශ් මාව එයාගේ පපුවෙන් මෑත් කරලා මගේ ඔලුවට අත තිබ්බා...........ඒ හැගීම් ගතිගුණ මට වෙලාවකට හිතාගන්නවත් බෑ.........ඔව් හිතාගන්නවත් බෑ..........
මන් සුරංගනාවීව ලෑස්තී කර ගත්තා........මාත් ලෑස්තී උණා.........මන් දොර ලොක් කරලා එළියට අඩියක් තියද්දීම වගේ කොහේදෝ නැති හුණේක් චුක් චුක් කියලා කෑ ගැහුවා..............😡😡😡
මොකක් හරි බාධාවක්ද...😮😮😮
හුනා සාස්තර දන්නවා නම් පොල් අත්තේ බිත්තර දානවද......මට හිතුණේ එහෙමමයි.......මෝඩ හුනා.😡
🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤
මම්මා නිසා මේ හැමදේම.....මන් කිව්වේ ඔකී ඇවිත් ඉන්නේ අපිව කන්න කියලා...ග්ර්ර්ර්ර්.............මට ඔකීව පේන්න බෑ......
සෙහන්සා බෙරිහන් දුන්නේ මෙච්චර කාලයක් විදපු සැප සම්පත් අහිමි වෙයි කියලා බයට............
ඔව්....කොහේද හැම බූදලයක්ම ලියලා තියෙන්නේ දෙව්ලිට.....ඔකී.....කොහොම හරි මෙයාව අන්දගත්තා.දැන් ලෝකේටම ණය වෙලා පාරට බහින්නයි වෙන්නේ.
අහන්න ඒයි අම්මගෙන් දැන් සනීපද කියලා.අහන්න.......කෝ.අහන්නකෝ...........
මම්මා මේ හැමදේම දිහා බලන් හිටියේ හරිම උපේක්ෂාවෙන්....හැමදේම හරිම තීරණාත්මකයි.යශ් දවසක දෙව්ලිට මේ හැමදේම ඇත්ත කියාවී.....දැන් තව දුරටත් ජීවත් වෙලා වැඩක් නෑ...............
මම්මා කාමරේ තිබ්බ මම්මගෙයි දෙව්ලිගෙයි ෆොටෝ එක ආයේම පාරක් හිතේ ඇද ගත්තා......
කාලයක් තිබ්බ පපුවේ කැක්කුම ආයේමත් අලුත් උණා වගේ.......මාස ගාණකට පස්සේ දෙව්ලිගේ මුණ බලන්න මම්මා ආසාවෙන් හිටියේ....පුදුම ආසාවකින්.ඒත් දෙව්ලි අද පරක්කුයි................
මම්මා ඇස් පියාගෙන හැම හොද දෙයක්ම සිහිකලා.......හදිස්සියේ යන්න වෙනවා නම් ඒ ගමන යන්නම ඔනී.........ඒකයි ස්භාව ධර්මයේ උණත් නීතිය....
දෙව්..........ලී...........
මම්මා එහෙමම ඇදෙගෙන වැටෙද්දී දයා කලබලෙන් මම්මව අල්ල ගත්තා.....
සෙහන්සා මම්මාට මොකක්ද උණා...එන්න දරුවෝ.......හ්ම්ම්ම්........ඒත් පරක්කුයි...........හැමදේම වෙලා ඉවර වෙලයි තිබ්බේ.........ඔව් හැමදේම ඉවර වෙලා මම්මාගේ කතාවේ........දෙව්ලි එන්න කලින් මම්මා එයාගේ කතාව සදහටම ඉවර කරලයි තිබ්බේ.......
චුට්ටී.............
ම්ම්හ්...............
මොනා හරි කනවකෝ.තමුසේ බඩගින්නේ මැරෙන්නද හදන්නේ.ගිහින් මම්මව අරගෙන ආයේම එමු.හරිනේ.......අනිත් එක තමුසේ බඩගින්නේ වේලුණා කියලා කිසිම දෙයක් වෙනස් කරන්න බෑනේ.........
මට කන්න උවමනාවක් තිබ්බේ නෑ.මට හැමදේටම වඩා උවමනා උණෙ මම්මව බලන්න.එච්චරයි..........මම්මා බලන්න ඔනී........
අපි මහ ගෙදරට එනකොට වෙලාව එකත් පහුවෙලා..වත්තේ ගේට්ටුව කවදාවත් නැතුව දෙපැත්තට ඇරලා දාලා.....මුලු ගෙදරම සුදු කොඩි ඇදලා......යශ් ගේ ඉස්සරහම වාහනේ නතර කලා.ගෙදර දොරකඩ ඉස්සරහම මම්මගේ ලොකු ෆොටෝ එකක් ගහලා...............
මන් යශ්ගේ දිහා බැලුවා........යශ් මගේ අතේ හිටපු සුරංගනාවී ගන්නවා කියලා විතරයි මට මතක..........
මම්..මේ........
ම..ම්මේ..........ම..න් ආවා......ඔයා..ගේ දෙ..ව්ලි ආ.වා.......මම්....මේ................
නැගි..ටින්න මම්..මේ.මන් ආවා............නැගිටි..න්නකෝ...............පොඩ්ඩී ආවා....ඇයි මේ.ඔයා ද..වල්ට නිදා ගන්නේ නෑනේ..........මම්මේ...........මාව අඩ...වන්නේ නැතිව නැගිටින්..නකෝ ..මම්..මේ............
මන් මම්මගේ මුණ අතගෑවා...එයා හරි ලස්සන සාරියක් ඇදගෙන....එයා මේ වගේ ලස්සනට හිටපු දවසක් මන් දැකලම නෑ.......
මම්මගේ මුණ ගල් වෙලා........එයාට මෙහෙම ගේ මැද නිදි ඇයි.....තාත්තේ මම්මට කියන්න කාමරේට යන්න කියලා.........මම්මේ......මන් ආවා මම්මේ.............
දෝණී..........මම්මා අපිව දාලා ගිහින්......ඔහොම අඩන්න එපා...........යමු ඉදගන්න යමු..
බෑ සුදු නැන්දී.....එයා බලන්න මන් උදේම ආවේ.එයාට නැගිටලා මට කතා කරන්න කියන්න නැන්දී.........කතා කරන්න කියන්නකෝ.එයා මාත් එක්ක තරහා වෙලා නැන්දී......
මගේ මම්මා.......මොකක්ද උණේ නැන්දී......මගේ මම්මට මොකක්ද උණේ නැන්දී..................
උදේ ඉදලා අම්මයි අක්කයි තාත්තයි මම්මට බැනලා......මේ හැමදේම ඔයාට හැමදේම ලියලා කියලා...උදේ මන් එනකොටත් මම්මා අඩනවා.........මන් ගිහින් පැයක් ගියේ නෑ............😥😥
ඔව්..........මම්මා මැරුණ් නෑ.........මරා ගත්තා...........ඔක්..කම එ.කතු වෙ.ලා........ කාත් කවු..රුත් නැති උණේ.මටයි නැති උණේ........
යසෝමා වගේම සෙහන්සාටත් මම්මා වෙනුවෙන් කදුලක් තිබ්බේ නෑ.ඒත් බොරු දුකක් මාවගෙන මුණත් එල්ලගෙන හිටියේ රට්ටුන්ට පේන්න.....
යශ්ට සුරංගනාවී නිසා කෙල්ලව අල්ල ගන්නත් බෑ..සුරංගනාවීට නින්ද ගිහිම්.... කිසිම කෙනෙක් දන්නේ නැතිනිසා යශ්ට කාටවත් කතා කරන්නත් බෑ...........
චුට්ටී..........මැණික.......සුරංගනාවීට නින්ද ගිහිම්.......එයාව තියන්න තැනක් බලනවද.....ඇහැරුණොත් අඩයි........
කෙල්ල ගැස්සිලා යශ්ගේ දිහාවට හැරුණා.හීනේකින් වගේ සුරංගනාවී ගත්ත දෙව්ලි එහෙමම ගියේ කෙල්ලගේ රූම් එකට...........
කෙල්ල අල්මාරිය ඇරලා බෙඩ්ශිට් එකක් අරන් ඇදට දැම්මා.ඇදට දාලා සුරංගනාවීව එහෙමම ඇදෙන් තිබ්බා......
එහෙමම කෙල්ල ආයේමත් එළියට යද්දී යශ් කෙල්ලත් එක්කම එළියට ගියේ මොන දෙයක් කරන්න යනවද කියලා බලන්න.......
ම..ම්..මේ.....ම..න් ආ..වා......ම.ම්මේ...ඔයාව ගෙනිය..න්නයි ආවේ.........ඒත් ..ඔ.යා මට කියන්..නේ නැතිව වෙන කොහේ.දෝ ගිහි.ම්........
කවුරු ගියත් මාව දාලා යන්නේ කියපු ඔයා අද මෙහෙම මාව දාලා යනකොට කොහොමද මන් දරාගන්නේ මම්මේ.මට ඔයාත් නැති උණා.කාත් කවුරුත් නැති වෙලා..........කාත් කවුරුත් නැ.තිවේ...........ලා..............එන්නකෝ මම්..මේ.........
කෙල්ල අඩනවා යශ්ට බලාගෙන ඉන්න හයියක් නෑ...ඒත් යශ් ඒකට ඉඩ දුන්නා.......මේ දුක ඔහොමම පිටට ගියපු දෙන්...........පවු..............
යශ් කෙල්ල ගාවීන්ම පුටුවක් තියා ගත්තා.සෙහන්සා යසෝම සැරින් සැරේට ආවත් කෙල්ල වතුර බිංදුවක් කටෙන් තිබ්බේ නෑ........වෙනදා චුට්ටීවම හොයන සුරංගනාවී කෙල්ල අඩද්දී ඔලුව වන වන එපා කියනවා.......
මැණික.....දැන් හවස් වෙලානේ.උදේ ඉදලම කාලා නෑ.........බත් කටක් කමු..එන්නකෝ....සුරංගනාවීත් එපා කියනවා අඩන්න........ඒ දරුවා කියන දේවත් අහන්නකෝ දෙව්ලී................
යශ් කෙල්ලව වත්තන් කරගෙන කිචන් එක පැත්තට ගියා.........බත් කටක් හරි කන්න දුන්නා නම් මේ ගතිය මග ඇරිලා යාවී.........
ඒත් දෙව්ලි හිතුවක්කාරයි.....බත් කටක් කෑවේ නෑ..........කන්න බෑ කියලා ආයේම වැනිවැනි කාමරේට එද්දී යශ් එහෙමම කෙල්ලගේ පස්සෙන් ආවා...........
චුටී පුතා................
යශ් ගැස්සිලා පස්සට හැරුණා.අම්මා,රාධා,සෙල්වල්ම් මේ හැමෝම මේ රෑම ආවාද...........
අම්මලා ඇයි රෑම ආවේ.....හෙට උදේ එන්න එපැයි.........
එහෙම කොහොමද පුතේ.....එහෙම එන්න බෑනේ.ඔයා කතා කරලා කිව්ව ගමන් මන් ආවා........කෙල්ලට දුක ඇති.......පවු....කෙල්ලට හරි ආදරෙන්නේ හිටියේ..........
අම්මා ඇදුම් මාරුකරගෙන එනකම් යශ් සුරංගනාවීගේ ඇගහෝදලා ඇදුමක් ඇන්දෙව්වා............
මගේ චුටී රත්තරං අත්තම්මා එක්ක ඉන්න..මන් ඔයාගේ චුට්ටීය මොකද බලන්නම්.....එයා වොශ් දාන්න හොරයිනේ.......පුතා නම් ඒම නෑ නේද...සෝයි සුරංගනාවී..........
චුට්ටී.....යශ් ඇදේ හිටපු කෙල්ලව වත්තම් කරලා ගත්තා...
ය..ශ් මම්...මාගේ කාම..රේට යමු..ද..........ප්ලීස්........මට පන නෑ.......
කාමරේ දැක්කාම මට ඉකිගැහිලා ඇඩුණා......මන් මම්මගේ හුස්ම ටික ගියපු ඇදට වැටුණේ ඉකිගහන ගමන්.........
මම්මේ....මන් එනකම් ඉන්න තිබ්බා.මේ හැමදේම ඔයාට දරාගන්න බැරි වෙන්න ඇති.ඒ හින්දා ඇති හිතෙන්න ඇති...ඇයි ගියේ මගේ රත්තරං මම්මේ.....යශ් ආවා........මේ යශ් ආවා.......ඔයාව ගෙනියන්න.....ඒත් ඔයා අපිට කලින් වෙන කොහේදෝ ගිහිම්..........
නංගී තාත්තා කතා කරනවා...........
සෙහන්සා එහෙම කිව්වාම මන් ඔලුව ඉස්සුවා......
මොනාද එයාට මාත් එක්ක කතා කරන්න තියෙන්නේ සෙහන්සා............
සෙහන්සා ගැස්සුනේ මීට කලින් කවදාවත් කෙල්ල එහෙම කතා කරලා නැති නිසා...
එයාලා එක්ක චුට්ටීට කතාවක් නෑ.....ඒක නිසා එයාලට කියන්න පාඩුවේ ඉන්න කියලා.......ඔයාත් අපි එක්ක කතා නොකරට කමක් නෑ......යන්න........මෙයාට මෙහෙමම ඉන්න දෙන්න.......
සෙහන්සා එළියට ගියේ තරහෙන් පුපුර පුපුර.....ඒ තරම් කේන්තියි ඒ හිතට......යශ්ව මගෙන් උදුරගෙන දැන් මේකීගේ ඝනකම.උඹට විතරක් නෙවෙයි මන් යශ්ටත් ඉන්නෙ දෙන්නේ නැ.......
කෙල්ල ඉන්න සිහියෙන් නෙවෙයි........යශ් කෙල්ලට බත් කටවල් දෙක තුනක් කැව්වා.ගිරවෙක් වගේ කට ඇරගෙන හිටියා මිසක් යශ් එක්ක වචනයක් කතා කලේ නෑ.........
යන්න ගිහින් වොශ් එකක් දාගන්න......
කෙල්ල වොශ් එකක් දාගන්නකම් යශ් දිර ගාව......සෙහන්සා මේ ආදරේට ඉර්ශියාවේ පිපිරුවා...............#කලුච්චී කපටි අම්මන්ඩී......
දයා හිටියේ තෝන්තුවෙන් වගේ.අම්මගේ මරණේට වග කියන්න ඔනී වරදකාරී හැගීම ඒ හිතේ පැලපදියම් වෙලයි තිබ්බේ.අදහන්න මොන සාක්කියෙන් ගැලඋණත් මනුස්සයෙක්ට තමන්ගේ හදවතේ සාක්කීයෙන් ගැලවෙන්න බෑ............ඒක නිසා දයා හැම තිස්සෙම දෙව්ලිව මග ඇරියා...........
කෙල්ල වචනයක් කතා නෑ.දවස් දෙකක්..........සුරංගනාවී එක්ක මොන මොනවද කියවනවා.එච්චරයි.....යශ්ට ඒකත් සැනසීමක්............
අද හවස තුනට මම්මාගේ ආදාහනය කරනවා.....අද මම්මා යනවා.....මන් ඉකිගැහුවා.........ඇඩුවා කියලා මම්මා එන්නේ නෑ...........මන් දන්නවා.............
මම්මා කියපු හැමදේම මන් නිස්කලංකේ චුට්ටීට කියනවා.....එයා තීරණයක් ගනවී........
යශ්ට හිතුණේ එහෙම.......
පාංසකූලේ දීලා ඉවර උණාට පස්සේ ඇඩුවේවත් නෑ කෑ ගැහුවේවත් නෑ මම මන් චිතකය දිහා බලාගෙන මම්මාට නිවන් පැතුවා..... ඒත් මන් එහෙමම ඇදගෙන වැටුණා..............
පහුවදා උදේම මන් නැගිට්ටා..නැගිටලා මගේ සුරංගනාවීගේ යශ්ගේ ඇදුම් ඔක්කම ලෑස්තී කර ගත්තා.......සුරංගනාවීගේ බෝතලේ හෝදලා කිරි එකක් හදලා නිවෙන්න තිබ්බා...........
අම්මටයි,යශ්ටයි,රාධාටයි හැමෝටම තේ හදලා මන් බන්දේසීයක තියලා මන් ටේබල් එක උඩින් ගිහින් තිබ්බා........
ඉයෙ රෑ කෙල්ලට සහලෝලා උණ.යශ් බැලුවේ කෙල්ල කෝ කියල.ඒත් කෙල්ල නෑ යශ් ගැස්සුනා..........
යශ්...........
මන් කාමරේට එඹුනා..යශ් පුදුමෙන් බලාගෙන ඉද්දී මන් යශ්ගේ අත් දෙක අල්ල ගත්තා........ගොලුවෙක් වගේ හිටපු කෙල්ල කතා කරද්දී කොල්ලට පුදුමයි.........
අපි.....මෙහෙන් යමු.............මට තවත් මෙහේ ඉන්න බෑ.........
ඒත් එක්කම යශ්...........


No comments:

Post a Comment

UNIVOTEC එක ගැන

UNIVOTEC එකේ පාඨමාලා සහ වැඩි විස්තර සදහා පහත ඇති PDF ෆයිල් එක භාවිතා කරන්න. https://drive.google.com/open?id=1zbMNZ14FNiYV2f34K91x1KqpKmid...