හාල් කෑල්ල (05 කොටස)
එළියට ගිය ප්‍රියාල් තාමත් ආපු නැති නිසා දසනුත් එළියට යන්න ගියා. ඒ යනකොටත් කෙල්ල කේන්තියෙන් කෑ ගහනවා. දසන් ලඟ තිබුන ගහකට මුවා වෙලා කෙල්ල කියන දේවල් වලට ඇහුම්කන් දුන්නා.
"හහ්, හාල් කෑලි, කවුද දන්නෙ නෑ හාල් කෑලි. හාල් කෑලි ෆෝම් කරන්න එපා නම් ඌ ගිහින් ෆෝම් කරන්න එපැයි පට්ට කෑලි. අර උගෙ මහලොකු කෑල්ල, #මන්දාකිණි වෙන්න ඇති එහෙනම් පට්ට කෑල්ල. ඒකි කොල්ලා කී දෙනෙක් එක්ක යාළු වෙලා හිටියද, ඔය දසන් ඕකිගෙ 4 වෙනි boyfriend නෙ. ඒකි උන් 4 දෙනාගෙම තුරුලෙ ඉඳලා ඇති, 4 දෙනාම ඒකිව අතපත ගාලා ඇති, කිස් කරලා ඇති. කොල්ලො 4 දෙනෙක්ගෙන්ම ඉඳුල් වෙච්ච ඒකි ඌට පට්ට කෑල්ල. එතකොට මේ අවුරුදු 18ටම එක කොල්ලෙක් එක්කවත් යාළු වුනේ නැති, කිස් එකකින්වත් ඉඳුල් වෙච්ච නැති මම හාල් කෑල්ල නේද? ආහ්...." මම තමුසෙලට වචනෙකින්වත් වැරැද්දක් කරලා තියෙනවා ද ඕයි. අඩු තරමින් රවලවත් බලලා තියෙනවා ද? මං ඉන්නෙ මගේ පාඩුවේ.තමුසෙලගෙ අර දසන් ද මොකාද කියන එකාට වටින්නෙ නෑ මට එහෙම කතා කරන්න"
කෙල්ල යක්ෂාවේශයෙන් වගේ කෑ ගහනවා.ප්‍රියාල් ට කට උත්තර නෑ. ඒ අතර ගහට මුවා වෙලා මේ දේවල් අහගෙන ඉන්න දසන්ට තමන් ගැනම දැනුනෙ පුදුම ලැජ්ජාවක්. කෙල්ල කියන හැම වචනයක්ම ඇත්ත.
"ෂිට්, ඉරිසියාව ප්‍රදර්ශනය කරන්න ගිහින් මට වෙච්ච දෙයක්. විලි ලැජ්ජාවෙ බෑ.කවුද දන්නෙ මේකි මෙහෙම හැපින්නක් කියලා. ඉන්නෙ නම් දෙකට ගණින්න බෑ වගේනෙ.මදැයි.ඉඳලා ඉඳලා මටත් වුනේ කෙහෙල් ගහේ හොට පැටලුන කොට්ටෝරුවට වෙච්ච වැඩේ"
දසන් එහෙම කල්පනා කලේ තමන් ගැනම දැනුන ලැජ්ජාව, කේන්තිය, කළකිරීම සමඟින්.
මේ අතර එතන රැඳෙන්න තව දුරටත් අපහසු වුන ප්‍රියාල් ආපහු හැරුනෙ Clz එකට යන්න.
"පොඩ්ඩක් ඔහොම නතර වෙනවා. මේ ටිකත් අහගෙනම යනවා"
පැහැදිගෙ යක්ෂාවේශ වුන කටහඬ ඇහෙද්දි යන්න ගිය ප්‍රියාල් හුන් තැනම ඉද්ද ගැසුවාක් මෙන් නැවතුනා.කොල්ලගෙ ඉස්සරහට ඇවිත් කෙලින්ම ඇස් දෙක දිහා බලාගත්ත කෙල්ල ආයෙත් කේන්තියෙන් ගුගුරන්න වුනා.
"මෙච්චර කාලෙකට කවුරුවත් මට මේ විදියෙ තිරිසන් කතාවක් කියලම නෑ.ඒ වගේම, මගේ වැරැද්දක් නැතුව, කිසිම විදියකින් මගේ හිත අප්සෙට් වෙන විදියෙ වචනයක්වත් කියපු එකෙක්වත් මෙච්චර කාලෙකට යහතින් හිටියෙත් නෑ.මොන විදියකින් හරි නිකරුණේ අපහාස කරපු එක වචනෙකට පවා උන්ට ශාප වෙනවා.මට ආරංචියි. ඕකා ඕකව ගණන් නොගෙන, තමන්ගේ පාඩුවේ ඉන්න හැම කෙල්ලටම ඔහොම අපහාස කරනවලු. පැණි හල හල ඌත් එක්ක එල්ලි එල්ලි යනවනම් කැමති ඇති. ඔන්න බලනවා.ඕකට කවදා හරි දවසක මැරි කරන්න වෙන්නෙ වටේ යන මහ වේස කෙල්ලෙක්.මේ මම කියන දේවල් නෙවෙයි.ඒක තමයි ලෝක ධර්මතාවය, හේතුඵලවාදය, දිට්ඨධම්මවේදනීය කර්ම ඵල විපාකය. #අහේතුකව_නිවැරැදි_කෙනෙකුට_වචනෙකින්වත්_වැරැද්දක්_කරන_එකෙකුටවත්_යහතින්_ඉන්න_ලැබෙන්නේ_නෑ
එහෙම කියපු පැහැදි මල්මි වත් ඇදගෙන වේගයෙන් පන්තිය ඇතුලට ගියේ ප්රියාල්ට ගස්සගෙන. කෙල්ලො දෙන්නා යනකම් බලාගෙන හිටපු දසන් ශේප් එකේ ගිහින් පන්තියෙන් වාඩි වුනා.පැහැදි තමන්ගේ අනාගතය ගැන කියපු අනාවැකියට නම් හැබැයි කොල්ලා ගැස්සිලා ගියා.
හාල් කෑල්ල (06 කොටස)
"ෂිට්, තෝ කියපු ගොං කටකැඩිච්ච කතාව හින්දා අන්න අර හැපින්න නයි වෛර බැඳගෙන. ඒකි කොයිවෙලේත් ඉන්නෙ උඹව කන්න තරහෙන්, පුපුර පුපුර. ඒකෙනුත් පාඩුව තොටම තමයි. හදිසියකට පොතක් ඉල්ලගන්න, නොදන්න දෙයක් අහගන්න තියෙන චාන්ස් එකනෙ නැති කර ගත්තේ. කොච්චර වෙතත් ඒකි මොන උදව්ව ඉල්ලුවත් නෑ බෑ කියලා තියෙනවද ඉස්සර. තෝ තමයි කට වරද්දගෙන වැඩේ වන කර ගත්තේ"
ප්‍රියාල් පන්තියට ආවෙම දසන්ට බැනගෙන. ඊට පස්සෙ පැහැදි කිව්ව අකුරක් නෑර කොල්ලා දසන් එක්ක කියන්න වුනා.
"හ්ම්ම්ම්, මොනා කරන්නද බං. මං හිතුවෙ නෑ මේක මෙච්චර දුරදිග යයි කියලා. කවුද දන්නෙ මේකි මෙහෙම හැපින්නක් කියලා. ඉන්නෙ නං හෙන අහිංසකයි වගේනෙ. ඒකිගෙ පට්ට ලොකු ලයින්නෙ බං අනික. උඹ දන්නවනෙ මට ඔය ලොකුලයින් දෙන කෙල්ලො දිරවන්නෙ නෑ කියලා. ඒකයි බං මං එදා එහෙම කිව්වේ. ඒකිව කට්ටිය මැද්දෙ චාටර් කරලා දාන්න"
"අනේ අනේ මේ, කෙල්ලන්ගෙ ලොකු ලයින් වලින් උඹට වැඩක් නෑනෙ. අපි වගේ ආතල් එකේ ජෝක් එකක් කරගෙන හිටියනං මේ කිසි අවුලක් නෑනෙ. අනේ....ඉතින් තෝ වගේ මැටි මී හරකෙක්. මේ, ඒක නෙවෙයි. උඹ ඒකි එක්ක ජෙලස් නේද?"
"හ්ම්ම්ම්, උඹට කිව්වට මොකද බං. උඹ මගෙ බොක්කනෙ. මට පොඩි ජෙලක් නැතිව නෙවෙයි. ඒකි පට්ට ඩීසන්ට්නෙ බං. එක කොල්ලෙක්ව ගණං ගන්නෙ නෑ. කොච්චර වෙතත් ඒකිව මැරි කරන කොල්ලා පට්ට ලකී බං. ඒක මතක් වෙනකොට මට හරි වේදනයි බං. අපිට කොහෙන්ද ඉතින් එහෙම වාසනාවක්. අපිට සෙට් වුනොත් ඉතින් එක්කො බඩුවක්, නැත්තං නඩුවක්"
"ඔව් ඔව්, මොනා නැතත් ඒකනං සිරා කතාව පුතෝ. දැනුත් ඔය කරගහලා ඉන්නෙ මන්දාකිණි කියලා දාර ගොං බඩුවකට"
♦♦♦♦♦♦♦♦♦♦♦♦♦
"ළමයි, හැමෝගෙම පේපර්ස් ටික හම්බ වුනා නේද? පළවෙනි ප්‍රශ්න 10ට ලියපු හැමෝගෙම උත්තර වැරදියි. පැහැදිගෙ ටික විතරයි හරි. ඔයාලා හැමෝම පැහැදිගෙන් පේපර් එක ඉල්ලගෙන උත්තර ටික ලියාගන්න. අපි ඉන්ටර්වල් එකෙන් පස්සෙ උත්තර ටික සාකච්ඡා කරමු"
"පැහැදි, නංගි පෙපර් එක දෙනවකො. විනාඩි 5න් දෙන්නම්. හදිසියකට එළියට යන්න වෙනවා බං ඒකයි. ඇවිල්ලා ලියන්න වෙලා මදි"
ටීච Clz එකෙන් එළියට යනකොටම ඉස්සරහා පේලිය ගාවට දුවගෙන ඇවිත් පේපර් එක ඉල්ලුවෙ හශාන්. ඒයත් දසන්ගෙ සෙට් එකේ යාළුවෙක්. කෙල්ල හශාන් දිහාට සැකමුසු බැල්මක් හෙලලා ගත් කටටම ඇහුවෙ "කාටද?" කියලා.
"මට මට බං, මට"
මොහොතක් හශාන් දිහා බලාගෙන හිටපු පැහැදි පේපර් එක කොල්ලා අතට දුන්නා. මල්මිටත් උත්තර ටික කියලා දීපු පැහැදි එළියට යන්න ගිහින් ආපහු හැරිලා බැලුවේ දසන්ගෙ අතේ තමන්ගෙ පේපර් එක තියෙනවද කියලා. නෑ. හශාන් ටක් ගාලා උත්තර ටික ලියාගෙන පේපර් එක පැහැදිගෙ අතටම ගෙනත් දුන්නා. ඊට පස්සෙ තමයි අනෙක් කොල්ලො 4 දෙනා හශාන් ලියාගත්ත උත්තර ටික බලාගෙන ලියාගත්තෙ.
♦♦♦♦♦♦♦♦♦♦♦♦♦
"ළමයි ඔන්න දන්නෙම නැතුව exam එකත් කිට්ටු වෙලා. ලබන සතියෙ තමයි අපේ Clz එකේ අවසන් දවස. හැමෝම හිටියට වඩා ගොඩක් හොඳයි දැන්. හැමෝම මේ ඉතිරි වෙලා තියෙන පොඩි කාලය ඇතුලත තව තවත් මහන්සි වෙන්න ඕන.
හාල් කෑල්ල (07 කොටස)
ලිට් වලට විතරක් නෙවෙයි. හැම සබ්ජෙක්ට් එකකටම හැමෝම A පාස් එකක් දාන්න ඕන. ඉහළින්ම exam පාස් වෙලා කැම්පස් යන්න ඕන. ආහ් තව එකක්. පැහැදිට මම දුන්නා හොඳ මොඩ්ල් පේපර්ස් වගයක්. උත්තරත් එක්කම. පුතේ ඔයා ඒ ටික ෆොටෝ කොපි කරලා කට්ටියට බෙදලා දෙන්න හරිද, දැන් ඉන්ටර්වල් එකනෙ. මේ වෙලාවෙ ඒ වැඩේ ඉවරයක් කරන්න"
"හා ටීච"
"මේ පුතේ ෆොටෝ කොපි වලට යන සල්ලි"
"එපා එපා ටීච, ඒ හැටි ගාණක් යන්නෙ නෑනෙ. මගෙ ලග සල්ලි තියෙනවා"
එහෙම කියපු පැහැදි මල්මිත් එක්ක ෆොටෝ කොපි ගන්න ගියා. මේ අතරතුර දසන්ලගෙ සෙට් එක අතරත් කතා බහක් යනවා.
"මචං දසනා, දැන්වත් අර හැපින්නට sorry කියහං බං. ඒකි වෛර බැඳගෙන ඉන්නෙ"
"ඔව් ඔව් බං, ලබන සතියේ විතරනෙ Clz තියෙන්නෙත්. ඔය තරහාවල් දුරදිග ගෙනියන්න ඕන නෑනෙ.
"ඔව් දසන් ඒක ඇත්ත. ලොකු ලයින් එකේ හිටියට ඒකි අපිට කිසි වරදක් කරලා නෑනෙ. උදව්වක් ඉල්ලන පමාව විතරයි. ටක් ගාලා කරලා දෙනවා. උඹ ඒකිට කලේ මහ චීත්ත වැඩක් බං"
යාළුවො බහුතරයකගෙ අදහස් වලින් දසන්ටත් තේරුනා තමන් පැහැදිට කරපු වැඩේ වැරදියි කියලා. කොල්ලා තීරණය කලා කෙල්ලගෙන් සමාව ඉල්ලන්න. කොල්ලො සෙට් එක එළියට යද්දි පැහැදියි මල්මියි එනවා දැකලා දසන් ඒ පැත්තට ගියා.
"නංගි, මට පොඩ්ඩක් කතා කරන්න පුළුවන් ද?"
කොල්ලා පැහැදිගෙන් ඇහුවෙ බැගෑපත් විදියට. මල්මි ත් පුදුමයෙන් බලන් හිටියෙ දසන් දිහා. දසන් එහෙම ලේසියෙන් කාටවත් දෙකට නැවෙන කොල්ලෙක් නෙවෙයි.
"කතා කරන්න... මොනා කතා කරන්නද?"
පැහැදි දසන් දිහා ඔරවලා බලලා ගස්සලා අහක බලාගත්තා.
"නංගි මං ආවෙ ඔයාට Sorry කියන්න"
ඒ වචනත් එක්කම පැහැදිගෙ හිතේ තියෙන කෝපය ටිකක් අඩු වෙලා මූණත් ටිකක් සංසුන් වුනා. ඒත් එක්කම මල්මි එතනින් යන්න ගියේ දෙන්නට නිදහසේ මේ ප්‍රශ්නෙ කතා කරලා විසඳගන්න ඉඩ දීලා.
"ඇත්තටම, මං මීට අවුරුද්දකට විතර කලින් කියපු ඒ කටකැඩිච්ච කතාවට මට ගොඩක් සමාවෙන්න නංගි.මං දන්නවා. ඔයා මාත් එක්ක ඔච්චර තරහෙන් ඉන්නෙ ඒක නිසානෙ. මං එහෙම කියපු එක වැරදියි. ඔයා අපිට කිසි වැරැද්දක් කරලා නෑනෙ. අනික අපිට කොච්චර උදව් කරලා තියෙනවා ද, ඇත්තටම, ඇත්තටම.... මගෙ කටින් එහෙම දෙයක් පිට වුනේ ඔයත් එක්ක තියෙන තරහට, ඉරිසියාවට"
කළබල වෙච්ච පාර කියන්න හිතාගෙන හිටපු නැති දේවලුත් කොල්ලගෙ කටින් පිට වුනා. මොනා වුනත් කොල්ලා තමන් අතින් වුන වැරැද්ද පිළි අරගෙන සමාව ගත්ත නිසා කෙල්ලගෙ හිත ටිකක් සංසුන් වුනා.
"හ්ම්ම්ම්, කරපු වැරැද්ද පිළිඅරගෙන සමාව ගත්ත එක නම් ගොඩක් හොඳයි. හැබැයි.... මීට පස්සෙවත් කට පරිස්සං කර ගන්න. පිට කරපු වචන ආපහු ගන්න බෑනෙ. ඔය වචන ඇඟේ වදින්නෙ නැති වුනාට හිතේ වදිනවා සෑහෙන්න දරුණු විදියට. ඒකෙන් ඔයාටමයි පාඩුව. මිනිස්සුන්ගෙ හිතේ ඔයා ගැන අපහැදීමක්, තරහක්, වෛරයක් ඇති වෙනවා මිසක ඔයාට කිසිම වාසියක් වෙන්නෙ නෑනෙ. ඔයා කිව්වත් නැතත් මමනම් දන්නවා මට ඔහොම කතාවක් කිව්වේ ඉරිසියාවට කියලා. ඒත් ඇත්තටම පෙනුමෙන් අඩු ගෑණු ළමයෙකුට ඔය කතාව කිව්වා නම්... එයාට කොච්චර රිදෙයිද, කොච්චර දුක හිතෙයිද,
"හ්ම්ම්ම්, කරපු වැරැද්ද පිළිඅරගෙන සමාව ගත්ත එක නම් ගොඩක් හොඳයි. හැබැයි.... මීට පස්සෙවත් කට පරිස්සං කර ගන්න. පිට කරපු වචන ආපහු ගන්න බෑනෙ. ඔය වචන ඇඟේ වදින්නෙ නැති වුනාට හිතේ වදිනවා සෑහෙන්න දරුණු විදියට. ඒකෙන් ඔයාටමයි පාඩුව. මිනිස්සුන්ගෙ හිතේ ඔයා ගැන අපහැදීමක්, තරහක්, වෛරයක් ඇති වෙනවා මිසක ඔයාට කිසිම වාසියක් වෙන්නෙ නෑනෙ. ඔයා කිව්වත් නැතත් මමනම් දන්නවා මට ඔහොම කතාවක් කිව්වේ ඉරිසියාවට කියලා. ඒත් ඇත්තටම පෙනුමෙන් අඩු ගෑණු ළමයෙකුට ඔය කතාව කිව්වා නම්... එයාට කොච්චර රිදෙයිද, කොච්චර දුක හිතෙයිද,
"මොන තරම් නම් පවුකාර වැඩක්ද ඒක. වචනෙකින් හරි තව කෙනෙක්ගෙ හිතක් රිද්දලා මිනිසුන්න්ට ලබන්න පුළුවන් ජරා සතුට මොකක්ද. අනෙක... අහේතුකව කාගෙවත් හිත රිදෙන්න වචනයක් කිව්වත් ඒක ආපහු තමන්ටම ශාප වෙනවා. හරි, අනෙක් දේවල් පැත්තකින් තියමුකො. මං ගැන කිව්වොත්, මම කාටවත් වචනෙකින්වත් වැරැද්දක් කරන කෙනෙක් නෙවෙයි. හැබැයි... මගෙන් වැරැද්දක් නොවී මාව අප්සෙට් යන විදියෙ එක වචනයක් කිව්වත් ගොඩක් කල් මගෙ හිතේ තරහා තියෙනවා. චාන්ස් එකක් ලැබෙන ලැබෙන තැන් වලදි මමනම් රිටර්න් කරනවා, මගෙ හිතේ තියෙන තරහ මැකෙනකම්. ඊට පස්සෙ ඉතින් හලලා දාන්නෙ සදහටම. ආයෙ ඉතින් මරණෙකටවත් නෑ. අත්හැරලම දානවා. ඒ නිසා මාත් එක්ක හිතවත්කම් පවත්වන්න ඕන නම්, මගෙන් උදව් ගන්න ඕන නම්, ඉන්න ඕන මගේ විදියට. ඒක හරිම සිම්පල් වැඩක්. අපි කාටවත් වචනෙකින්වත් වැරැද්දක් කරන්නෙ නැත්නම් අනෙක් අයගෙ හිතේ අපි ගැන අපහැදීමක් ඇති වෙන්න හේතුවක් නෑ. ඒ වගේම, අනෙක් අයත් ඒ විදියට ඉන්නවා නම් අපිට එයාලා ගැන තරහක් ඇති වෙන්න හේතුවකුත් නෑනෙ. ඔය වචන කියන ඒවා හරිම බරපතළයි. වැදුනොත් වැදුනම තමයි. රිදුනොත් රිදුනම තමයි. හිතේ ඇතිවෙන කළු පැල්ලම කවදාවත් කිසිම හේතුවක් නිසා මකන්න බෑ. ඒ නිසා මින් ඉදිරියටවත් කට පරිස්සම් කරගන්න වගබලාගන්න.
♦♦♦♦♦♦♦♦♦♦♦♦♦
[වසර 5ට පසු]
පැහැදි A/L වලින් කොළඹ දිස්ත්‍රික්කයේ පළමු දසදෙනා අතරට ඇවිත් කොළඹ විශ්ව විද්‍යාලයට තේරනා. දැන් කෙල්ල ඉන්නෙ කැම්පස් එකේ අවසන් වසරෙ. දැන් කැම්පස් එකෙන් අවුට් වෙන්නත් කිට්ටුයි. තාත්තා හැමදාම පැහැදි ව ත්‍රීවීල් එකෙන් කැම්පස් එකට ගෙනත් බස්සනවා. හවසට ලෙක්චර්ස් ඉවර වුනාමත් එක්ක යන්න එනවා. පැහැදිලගෙ ගෙදරට යන්න තියෙන්නේ ප්‍රධාන මාර්ගයෙන් හැරෙන අතුරු පාරක් දිගේ. එක දවසක් පැහැදි තාත්තා එක්ක ලෙක්චර්ස් ඉවර වෙලා එනකොට පාර අයිනෙ මැදි වයසෙ ගෑණු කෙනෙක් වැටිලා ඉන්නවා දකිනවා.
"තාත්තෙ තාත්තෙ, පාර අයිනෙ කවුද වැටිලා ඉන්නවා. ත්‍රීවීල් එක පොඩ්ඩක් නතර කරන්නකො.
තාත්තා ත්‍රීවීල් එක නතර කලාම පැහැදි ඒ ගෑණු කෙනා ලඟට යනවා.
"ආන්ටි, ආන්ටි"
කෙල්ල තට්ටු කර කර කතා කරත් ඒ කාන්තාවට සිහියක් තිබුනෙ නෑ. ඊට පස්සෙ කෙල්ල මූණට වතුර ටිකක් ඉස්සා. එතකොට නම් ඒ කාන්තාව අමාරුවෙන් ඇස් ඇරලා බැලුවා.
"මට ෂුගර් අඩු වෙලා දරුවො"
ඒ කාන්තාව යන්තම් කෙඳිරි ගෑවා. පැහැදි ක්ෂණිකව තමන්ගේ මල්ලිට ගෙනියන්න ගත්ත චොක්ලට් එක අරගෙන ඒ කාන්තාවට කැවුවා. එතකොට තමයි ඒ කාන්තාව ප්‍රකෘති තත්ත්වයට පත් වුනේ.
"අනේ ගොඩක් ස්තූතියි ඔයාලට, මට මේ වෙලාවෙ උදව් කරාට"
ඒ කාන්තාව පැහැදි ටයි තාත්තටයි ස්තූති කලේ කෘතඥ පූර්වකව.
"ආන්ටි මේ කොහෙ යන ගමන්ද?"
"මම හස්බන්ඩ් එක්ක බෑන්ක් එකට ගිහින් එන ගමන්.මෙතනින් බැස්සේ යාළුවෙක්ගෙ ගෙදරට පොඩ්ඩක් ගිහින් එන්න.මම හස්බන්ඩ් ව පිටත් කරලා යැව්වා එනකොට ත්‍රීවීල් එකක එන්න හිතාගෙන.මට යාළුවට කලින් කෝල් එකක් දීලා එනවා කියලා කියන්නත් බැරි වුනා.යද්දි ගේට් එක ලොක් කරලා.කෝල් කලාම එයාලා ගමේ ගිහින්ලු.
No comments:
Post a Comment