හාල් කෑල්ල (01 කොටස)
"ඔය හාල් කෑලි ෆෝම් කරන්නේ නැතුව හිටහං බං"
උසස් පෙළ ඉංග්‍රීසි සාහිත්‍ය පන්තිය නිමා වී තමන්ගේ පාඩුවේ බස්නැවතුම්පොළ බලා යමින් සිටි රූමතිය නැවත පිටිපස හැරී බැලුවේ ගිනිපිටවෙන දෑසිනි.
මේ ඉන්නෙ #පැහැදි. කෙල්ල ගොඩක් ලස්සනයි. ලබන අවුරුද්දේ A/L ලියන්නෙ. ඒ වගේම උසස්පෙළ කලා අංශයේ හිටපු දක්ෂතම සිසුවිය. කෙල්ල ඉංග්‍රීසි වලටත් ගොඩක් දක්ෂ නිසා තමයි A/L වල විෂයක් හැටියට ඉංග්‍රීසි සාහිත්‍ය හෙවත් ලිට්රිජ(ර්) තෝර ගත්තේ. ලිට්රිජර් කියන්නේ S එකක් ගන්නත් ගොඩක් අමාරු විෂයක්. S කට්ටක් ගන්නත් මාර ගේමක් දෙන්න ඕන ලිට්රිජර් වල. Clz පීස් මාසෙකට රුපියල් අටදාහක්. හිතාගන්න පුළුවන්නෙ සබ්ජෙක්ට් එකේ තරම.
කෙල්ල ලස්සනයි, ඉගෙනගන්නත් දක්ෂයි. ඒ වගේම ආඩම්බරයි. ආඩම්බරයි කියන්නේ ඉතින් වැඩිය කොල්ලන්ව එහෙම ගණන් ගන්නෙ නෑ. තමන්ගේ පාඩුවේ ඉන්නෙ. පැහැදිට ඉතින් ගොඩක් ප්රේම යෝජනා ඇවිත් තියෙනවා. Clz යද්දි එද්දි, පාරෙ යනකොට, කොහෙ හරි ගමනක් ගියත් ගොඩක් අය කෙල්ල දිහා බලනවා. කොල්ලො විහිළු තහළු කරලා පැහැදිගෙ අවධානය තමන් වෙතට ගන්න උත්සාහ කරනවා. ඒත් කෙල්ල ඒ කිසිම දෙයක් සතපහකට ගණන් ගන්නෙ නෑ. තමන්ගේ පාඩුවේ ඉන්නවා. පැහැදිටත් නව යොවුන් වියේ ආදර හැඟීම් නොදැනුනා නෙවෙයි. ඒත් කෙල්ල ඒ හැඟීම් පාලනය කර ගත්තා. ස්කූල් ගිහින් ඉයර වෙනකව් ප්රේම සම්බන්ධතාවයක් ඇති කරගන්න කෙල්ලට කිසිම උවමනාවක් නෑ.
එදත් පැහැදි සුපුරුදු පරිදි clz ඇරිලා තමන්ගේ පාඩුවේ එන්න එනකොට අර විදියෙ කතාවක් කිව්වේ #දසන්. එතන දසන් ඇතුළුව කොල්ලො පස් දෙනෙක් හිටියා. මේ පස් දෙනාම ලිට්රිජර් ෆේල් වෙලා 2nd shy exam ගොඩ දාගන්න Clz එන අය. ඔතනින් හතරදෙනෙක්ම පැණියො. දකින දකින ලස්සන කෙල්ලට පැණි හලනවා. දසන් තමයි ටිකක් රෙස්පෙක්ට් එකේ හිටියෙ. රෙස්පෙක්ට් කියන්නේ ඉතින් ඕනවට වඩා කෙල්ලන්ට බාල්දු වෙන්න යන්නෙ නෑ. කෙල්ලන්ට ටෝක් කරනවා. හැබැයි ඉතින් තමන්ට ලොකු ලයින් දැම්මොත් තමනුත් ලොකු ලයින් දානවා. මෙතනත් වුනේ එහෙම දෙයක්. Clz එකට ආපු පළවෙනි දවසෙම දකිද්දි මේ දිග කොණ්ඩයක් තියෙන සුදු ලස්සන කෙල්ලට දසන්ගෙත් හිත ගියා. ඒත් කෙල්ල දසන් දිහා බැලුවෙවත් නෑ. සතපහකට ගණන් ගන්නෙත් නෑ. දසන්ට විතරක් නෙවෙයි හැම කොල්ලටම පැහැදි දක්වපු එකම ප්රතිචාරය ඒක. දසන් දැකලා තියෙනවා කොච්චර කොල්ලො කෙල්ලගෙ පස්සෙන් ආවත්, විහිළු කරත් කෙල්ල ඒ කිසිම දෙයක් තුට්ටුවකට මායිම් කරන්නෙ නැතුව ඉන්නවා. දසන් කියන්නේ කඩවසම් තරුණයෙක්, කෙල්ලන්ගෙ ආකර්ෂණය නොඅඩුව ලැබෙන. කොල්ලටත් එච්චර කෙල්ලො පැණි හලද්දි තමුන්ව දූවිල්ලක් තරමටවත් මායිම් නොකරන මේ #ආඩම්බරකාරි ගැන කොල්ලගෙ හිතේ ඇති වුනේ අමුතු තරහක්, අමුතු ඉරිසියාවක්.
"ලස්සනයි නේ බං"
"ලස්සන නිසා වෙන්න ඇති ඔච්චර ගණං"
තමන්ගේ යාළුවො මෙච්චර විහිළු කරද්දි තුට්ටුවකට මායිම් නොකර ඉස්සරහා බලාගෙන අමුතු ලොකුලයින් එකකින් යන මේ ආඩම්බරීගෙ ආඩම්බරකම දසන්ට තව දුරටත් උහුලන්න බැරි වුනා.
හාල් කෑල්ල (02 කොටස)
ඒ තරහයි ඉරිසියාවයි පිට කරන්න ඕනවට තමයි දසන් හයියෙන් කෑ ගහලා අරහෙම කිව්වෙ. එතන හිටපු හැමෝම කොක් හඬලා හිනා වුනා. තමන්ගේ පාඩුවේ යන්න ගිය පැහැදිට පුදුම තරම් ලැජ්ජයි, ඊට වඩා කේන්තියි.
"හොඳයි.... මම උඹ ගැන බලාගන්නම් දසන්"
කෙල්ල කේන්තිය පිරුණු මුහුණින් දසන් දිහා බලලා එහෙම හිතුවෙ හිත ඇතුලෙ වෛරය, කේන්තිය කැකෑරෙද්දි. කෙල්ලට කවදාවත් කවුරුත් මෙහෙම කියලා නෑ. ලොකුකම වැඩියි කියලා එහෙම කොල්ලො බනිනනවා තමයි. ඒත් හිත ඇතුලෙන් කෙල්ලට ගරු කරනවා. කෙල්ල වැදගත් විදියට ඉන්න නිසා. අනෙක පැහැදිත් කවදාවත් කා දිහාවත් රවලවත් බලලා නෑ. බලන්නෙවත් නැතුව, ගණන් ගන්නෙ නැතුව ඉන්න එක විතරයි කලේ. ප්රේම යෝජනා පවා ප්රතික්ෂේප කලේ හරිම සාමකාමීව. ඒ විදියට ඉන්න කෙල්ලට මේ වගේ අපහාසයක් කරපු එක කෙල්ලට දරාගන්න බෑ.
පැහැදි බස් එකේ යනකම්ම කලේ මේ වුන දේ ගැන හිත හිත කේන්තියෙන් පුපුරපු එක. ගෙදර ගිහිල්ලා නාලා එහෙම අම්මා දුන්න තේ කෝප්පෙත් අරගෙන පාඩම් මේසෙ වාඩි වුනා. තේ බොන ගමන් පාඩම් කර කර හිටපු කෙල්ලට හදිසියේම මතක් වුනේ දසන් කියපු කතාව. කෙල්ලට දත්මිටි කැවෙනවා කේන්තිය වැඩිකමට. අහම්බෙන් කණ්නාඩියට එබුන පැහැදි ට පෙනුනෙ කේන්තියෙන් පිරිලා ඉතිරිලා යන තමන්ගේ මූණ. එතන වෙන කෙනෙක් හිටියා නම් බයවෙනවා ඒ මූණ දැකලා😂. ඒ ආපු ආවේගය පාලනය කරගන්න බැරිව පැහැදි තමන්ගේ තේ කෝප්පෙ පොළොවෙ ගැහුවා. කුස්සියේ හිටපු අම්මා කාමරේට දුවගෙන ආවෙ කළබලයෙන්.
"පුතේ..... මොකක්ද ඒ සද්දෙ"
"ආහ්... මේ... තේ කෝප්පෙ බිම වැටුනනෙ අම්මෙ.
"අයියෝ.... අළුත්ම කෝප්පෙ. කල්පනාවෙන් වැඩ කරන්නකො ළමයො"
♦♦♦♦♦♦♦♦♦♦♦♦♦
මේ සතියේ clz ගිය පැහැදි පිටිපස පේලියෙ හිටපු දසන් දිහා දෙතුන් පාරක්ම ඔරවලා බැලුවේ දත්මිටි කමින්. ඒත් වෙන කතාවක් පිට හිටපු දසන් ඇතුළු පිරිස මේක දැක්කෙ නෑ.
"උඹට මොන යකෙක් වැහිලද #පැහැදි? ආපු වෙලාවෙ ඉඳන් ඔරවගෙන දසන් අයියලා දිහා හැරි හැරි බලන්නෙ?"
"උඹ ගිය සතියේ clz ආවෙ නෑනෙ මල්මි. ඔය දසන් කියන එකා මට මහ බලු කතාවක් කිව්වනෙ.
"ඒ මොකක්ද බං ඒ?"
"මං clz අැරිලා වෙනදා වගේම මගෙ පාඩුවේ ආවා. උඹ දන්නවනෙ ඉතින් හැමදාම වගේ කොල්ලා අනම් මනම් ජෝක් කරනවා මග දිගට. මූ එකපාරටම මැරෙන්නෙ හැදුවනෙ ඔය හාල් කෑලි ෆෝම් කරන්න එපා බං කියලා. එතන හිටපු හැම එකාම බක බක ගාලා හිනාවුනා. මට විලිලැජ්ජැවේ බෑ. ඇත්තමයී..... ඒක මතක් වෙනකොටත් මට දැනෙන කේන්තිය ඉවසගන්න බෑ"
කෙල්ල ආයෙත් අත මිට මොලවලා ඩෙස් එකට පාරක් ගහලා දත්මිටි කනවා.
"අයියෝ... බං පැහැදි. ඕවා ගණන් ගන්න එපා යකෝ. ඕවා ඉරිසියාවට කියන කතා. උඹ උන්ව තඹ සතේකට ගණන් ගන්නෙ නැතිව ඉන්නකොට උන්ට උහුලගන්න බෑ. ඒකයි ඔය. කිසිම කෙල්ලෙක් උඹ තරම් රෙස්පෙක්ට් නෑනෙ"
"ඔව් ඉරිසියාව නම් තමයි. ඒත් ඌට වටින්නෙ නෑ මට එහෙම කියන්න. මං කාටවත් වචනෙකින්වත් වැරැද්දක් කරලා තියෙනවාද... අඩු තරමින් රවලවත් බලලා තියෙනවාද... මං ඉන්නෙ මගේ පාඩුවේ. උට මොකක්ද තියෙන රුදාව මගේ ලොකුකම ගැන.
හාල් කෑල්ල (03 කොටස)
"ඕකා දන්නෙ නෑ මං කවුද කියලා. මට කට කැඩිච්ච කතාවක් කියලා ඕකා ඔය හොඳ වැඩක් නෙවෙයි කර ගත්තේ. ඌ නයාට ගහලා පොල්ල වරද්ද ගත්තා. ඔන්න බලපංකො මල්මි. අවස්ථාව ලැබෙන ලැබෙන තැන් වලදි මං ඌට රිටර්න් එක දෙනවා"
පැහැදි කේන්තියෙන් දත්මිටි කමින් එහෙම කියලා අත මිට මොළවලා ඩෙස් එකට පාරක් ගැහුවා.
"ළමයි ඔයාලා රසාස්වාද ලියන විදිය නම් හරිම දුර්වලවයි. තව exam එකට අවුරුද්දයි තියෙන්නේ. හොඳට මහන්සි වෙන්න වෙයි. ඔය 2nd shy exam ලියන්න ආපු ළමයි පස් දෙනාගෙ රසාස්වාද ලිවීම නම් අන්තිමයි."
ටීච අන්තිම ටික කිව්වේ පිටිපස පේලි වල හිටපු දසන් ඇතුළු පිරිස දිහා බලාගෙන. කොල්ලො ටික ටීචගෙ කතාවෙන් අපහසුතාවයට පත් වෙද්දි පැහැදි ගෙ හිතට නම් දැනුනෙ කුරිරු සතුටක්.
"මේ බලන්න හැමෝම පැහැදි ගෙ පොත. පැහැදි හරිම හොඳට රසාස්වාද ලියනවා. හැමෝම විවේක වෙලාවක එයාගෙ පොත ටිකක් ඉල්ලගෙන බලන්න"
ටීච පැහැදිට ප්රශංසා කරද්දි ඉස්සරහා පේලියෙ හිටපු කෙල්ල පිටිපස පේලියෙ හිටපු දසන් දිහා හැරිලා බැලුවේ සමච්චල් හිනාවක් මූණෙ රඳවගෙන.
"නංගි නංගි, පොත පොඩ්ඩකට දෙන්නකො"
Clz ඇරිලා යද්දි ඒ ඇහුන හඬ දිහාවට පැහැදි හැරිලා බැලුවා. ඒ කතා කරලා තියෙන්නේ ප්රියාල්. දසන්ගෙ යාළුවෙක්. පැහැදි කවදාවත් කවුරුත් උදව්වක් ඉල්ලුවම නොකර ඉන්නෙ නෑ. පොත්, පෑන් වගේ දේවල් ඉල්ලුවම, නොදන්න දෙයක් කියලා දෙන්න වුනාම කෙල්ල දෙපාරක් නොහිතා ඒ උදව්ව කරනවා. ඒත් කෙල්ල මෙතනදි ටිකක් කල්පනා කලේ ප්රියාල් දසන්ගෙ යාළුවෙක් නිසා. එක අතකින් ප්රියාල් තමන්ට වචනෙකින්වත් වැරැද්දක් කරලා නෑනෙ. එහෙම හිතපු පැහැදි ප්රියාල්ට පොත දික් කලා. ඒත් ඊලඟ මොහොතේ ඒ පැත්ත බලපු පැහැදි දැක්කෙ තමන්ගේ පොත අතේ තියාගෙන කියවන දසන්. කෙල්ලට දැනුනෙ නිම්හිම් නැති කෝපයක්. ක්ෂණයකින් එතනට ගිය පැහැදි දසන් අතේ තියෙන තමන්ගේ පොත උදුරලා ගත්තේ කෝපයෙන් දිලිසෙන මූණෙන් ඔහුට ඔරවලා. පොත උදුරලා ගත්ත පැහැදි මල්මිවත් ඇදගෙන වේගයෙන් වේගයෙන් යන්න ගියේ හැමෝම ගල් ගැහිලා බලන් ඉද්දි.
"මොකක්ද පැහැදි උඹ ඒ කරපු වැඩේ?"
"ඇයි මතක නැද්ද මං උඹට කිව්වා, අවස්ථාව ලැබුන ගමන් මං ඕකගෙන් පළි ගන්නවා කියලා. ඒකෙ පළවෙනි පියවර තමයි මේ"
එහෙම කියපු පැහැදි ගෙ මූණෙ ඇඳුනෙ කුරිරු හිනාවක්.
♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦
එක දවසක Clz තියෙන වෙලාවෙ හොඳටම වැස්ස. මොර සූරන වැස්ස. Clz එකට ඇවිත් හිටියෙ පැහැදි සහ තවත් කොල්ලො දෙතුන් දෙනෙක් විතරයි. පැයක පේපර් එකක් කට්ටියට දීලා ටීච ඔෆිස් එකට ගියේ පොඩි වැඩකට කියලා. පේපර් එක ලියන්න හදනකොට තමයි දසන් දන්නෙ තමන්ට පෑනක් ගේන්න අමතක වෙලා කියලා. කොල්ලො හැමෝම අතේ තියෙන්නේ එක පෑනයි. පැහැදි අතේ නම් පෑන් ගොඩක් තියෙනවා.
"පැහැදි පැහැදි, අඩේ නිල් පෑනක් හරි කළු පෑනක් හරි දියංකො බං"
පැහැදි හැරිලා බැලුවේ ඒ කවුද කියලා. ඒ නවිඳු තමන්ගේ වයසෙම යාළුවෙක්. පෑනක් අතටත් ගත්ත පැහැදි ආයෙමත්, "කාටද?" කියලා ඇහුවා.
"දසන් අයියට බං, පව් ඌට පෑනක් ගේන්න අමතක වෙලා"
හාල් කෑල්ල (04 කොටස)
"ආහ්... අයියෝ... නවිඳු, මං ලඟ තියෙන්නෙත් එක නිල් පෑනයිනෙ. පාට පෑන් වලින් ලියන්නත් බෑනෙ ඉතින්"
එහෙම කියපු පැහැදි තමන්ගේ පාඩුවේ පේපර් එක ලියන්න වුනා. ටික වෙලාවකින් ආයෙමත් ඇහුනෙ නවිඳුගෙ කටහඬ.
"පැහැදි, උඹ ලඟ පෑනකුත් නැත්නම් කුඩේ පොඩ්ඩකට දියං දසන් අයියට කඩේට ගිහින් එන්න. අපි කවුරුත් ලඟ කුඩයක් නෑ"
"අයියෝ..... මගෙ අළුත්ම කුඩේ අනේ, ඒක දීලා බෑ. මංවත් තාම ඒක පාවිච්චි කරලා නෑ. වෙන කොහෙන් හරි කුඩයක් හොයාගන්න.
නෝක්කාඩුවෙන් එහෙම කියපු පැහැදි ආයෙමත් පේපර් එක ලියන්න පටන් ගත්තා.
"කමක් නෑ මල්ලි, මං ගිහින් එන්නම්"
නවිඳු දිහා බලලා එහෙම කියපු දසන් නවිඳු එක වචනයක්වත් කියන්න කලින් මොර සූරන වැස්සෙම තෙමි තෙමී කඩේට දිව්වේ පෑනක් ගේන්න.
"ෂිට්, උඹ නම් මහ මොකියක්ද මංදන්නෑ පැහැදි"
නවිඳු පැහැදි දිහා අප්රසාදයෙන් බලලා එහෙම කියද්දි පැහැදිට නම් දැනුනෙ කුරිරු සතුටක්.
♦♦♦♦♦♦♦♦♦♦♦♦♦♦
"පැහැදි, මට ඔයාගෙ පොත පොඩ්ඩකට දෙන්නකො. ගිය සතියේ මං ආවෙ නෑනෙ. නෝට් එකේ ෆොටෝ එකක් ගහගෙන දෙන්නම්"
පැහැදිගෙන් පොත ඉල්ල ගත්තේ සයුරි කියලා ගෑණු ළමයෙක්. පැහැදි ලස්සනට පිළිවෙලට වැඩ කරන නිසා හැමෝම ආපු නැති දවස් වල නෝට් ලියාගන්න ඉල්ල ගත්තේ පැහැදිගෙ පොත. ඒත් පැහැදි දැක්කෙ තමන්ගේ පොතේ නෝට්ස් වල ෆොටෝ ගන්නෙ දසන්ව. කෙල්ල එදා වගේම ආවේගයෙන් පොතත් ඇදලා අරගෙන කෙලින්ම ආවෙ එළියට. ඒ මේ වෙලාව ඉන්ටර්වල් එක නිසා. මල්මි ත් ආවා පැහැදි ලඟට. දසන්ගෙ සෙට් එක හිටියෙ ගල් ගැහිලා වගේ.
"මොකක්ද බං මේකෙ තේරුම, මොකක්ද මේකිට මූත් එක්ක තියෙන තරහා? හිටහංකො, හිටහංකො මං අදම, මේ දැන්ම ගිහිං ඕකිගෙන් අහනවා මේකට හේතුව මොකක්ද කියලා?"
"මොකක්ද බං මේකෙ තේරුම, මොකක්ද මේකිට මූත් එක්ක තියෙන තරහා? හිටහංකො, හිටහංකො මං අදම, මේ දැන්ම ගිහිං ඕකිගෙන් අහනවා මේකට හේතුව මොකක්ද කියලා?"
එහෙම කියපු ප්රියාල් නැගිට්ටෙ අනෙක් කොල්ලන්ට වචනයක්වත් කියන්න ඉඩක් නොදී. ප්රියාල් කෙලින්ම ආවෙ පැහැදියි මල්මියි ඉන්න තැනට.
"නංගි, ඇයි ඔයාට අපේ දසනාව පේන්න බැරි? මොකක්ද ඌ එක්ක තියෙන ඔච්චර තරහා?"
"තරහා, හහ්" කෙල්ල ප්රියාල් දිහා බැලුවේ සමච්චලයට.
"ඇයි, තමුනුත් හිටියා නේද ඌ මට එදා අර බලු කතාවක් කියපු දවසෙ"
"මොකක්...? බලු කතාවක්, ඇයි, මොකක්ද ඌ කිව්වෙ?"
"කිව්වෙ... කිව්වෙ තමයි, ඇයි මතක නැද්ද, හාල් කෑලි ෆෝම් කරන්න එපා කියලා මැරෙන්නෙ හැදුවෙ"
"ආහ්.... ඒකයි මේ එහෙනම්"
එතකොට තමයි කොල්ලට වැඩේ තේරුනේ. කොල්ලා ඇස් බැමි දෙක උඩ දාගෙන කට පැත්තකට කරගෙන ඔලුව කස කස බිම බලාගත්තෙ කරකියාගන්න අතක් නැතිව. කෙල්ල කතා කලේ කෝපයෙන් වියරු වැටිලා.
"තමුසෙලගෙ යාළුවා නම් මහ බල්ලෙක් ඕයි. මහ නැහැදිච්ච එකෙක්. කිසි චාරයක් නෑ. නැත්නම් ඔහොම කතාවක් කියයිද, මට මෙච්චර කාලෙකට කවුරුත් ඔහොම කියලා නෑ. කවුරුත් ඔහොම අපහාස කරලා නෑ. ෂිට්, මතක් වෙනකොටත් මට දැනෙන කේන්තිය උහුලගන්න බෑ. අනේ ඇත්තමයී... මට ඕකගෙ බෙල්ල කඩලා මරලා දාන්න පුළුවන් මේ එන කේන්තියට."
කෙල්ල පිස්සියක් වගේ කියවන්න පටන් ගත්තේ කෝපයෙන් වියරු වැටිලා. මල්මිත් කෙල්ල දිහා බලාගෙන හිටියෙ වචනයක්වත් කියාගන්න බැරුව.
No comments:
Post a Comment