Tuesday, April 28, 2020

වියරුව - 3(අවසාන) කොටස

පහන් සේරම සුලගට නිවිලා යන්නේ සුලෝ නැත්තම් සෙනුලි කට්ටඩී රාල ලගට එනවත් එක්කමයී .
පුර පසොලස්වක පොහොය දිනයක් උනත් එක පාරම කලූ වලාකුලු වලින් හද වැහී යන්නේ
මුලූ කදූ පන්තියම ලා අදුරු පැහැයක් ගන්වමින්
හැම පැත්තෙන්ම නරී උඩුබුරලන්න පටන් ගන්නවා .
කට්ටඩීරාල මේ මොකද වෙන්නේ .......
මෙහ්ම කියන ලොකු මහත්තයා කට්ටඩීරාල එතන දලා දුවන්න හදනවා බයටම .
සුලෝ නැත්තම් සෙනුලී එක පාරට බෙල්ල ලොකු මහත්තයගේ පැත්තට හරවනවත් එක්කම
එතන තිබුන පොල් ගෙඩියක් දුවන්න හදන ලොකු මහත්තයගේ කකුලේ වදිනවා
බුදු අම්මෝ ...................
ජාසෝන් ..............මාව බේර ගනින් ...............
ලොකු මහත්තයා මෙහෙම කෑ ගැහුවත් එතන ජාසෝන් නෑ මොකද කලින්ම ජාසෝන් එතනින් පැනලා දිහුවා ..... බයටම
අනේ කට්ටඩීරාල මාව බෙර ගන්න ........
එක පාරට කට්ටඩීරාල මතුරන්න ගන්නවත් එක්කම
සුලෝ කට්ටඩී රාල දිහා ඔරෝලා බලනවා
නවත්තපාන් ඕක ............
උබ නවත්තන්නේ නෑ නේ ..........
දිගටම කට්ටඩීරාල මතුරන්න ගන්නවා ..
සුලෝ කට්ටඩීරාල ගේ මූනට කෙල ගහනවා ඒ එක්කම කට්ටඩීරාගේ මුලූ ඇගම ගල් වෙලා යනවා
අත පත හොලෝ ගන්නවත් බෑ
කට හොල්ල ගන්නවත් බෑ
බයටම දාඩිය වැක් කෙරෙනවා ....
එන්න එපා මගේ ලගට .........
මෙහෙම වෙවුල වෙවුල කට්ටඩීරාල කියන්න ගන්නවා
අනේ සුදූ මාව මතක නැද්ද .......
මම ඔයාට ගොඩක් ආදරෙයී ........
මත් එක්ක හිටියොත් ජීවිතය වෙනස් කර ගන්න පුලුවන් ............
ඔවූ එදා ලොකු මහත්තයා සෙනුලිට කිවුව වදන්ම කවුදෝ ගෑනියෙක් කියනවා ..
කවුද උබ .....
මාව බදාගන්න පන ........
අපී ආදරය කරමූ ..........
එන්න එපා මම ලගට ....
කවුද උබ .....
බිම වැටිලා ඉන්න ලොකු මහත්තයා බඩ ගහගෙන පිටි පස්සට යනවා ..
කොහෙද යන්නේ පන ..
රිද්දන්නේ නෑ මම එන්න මම ලගට .....
මම කවුව කියලා මතක් කරලා දෙන්නම් මම ...
උබට මතකද ?
එදා උබ මට මෙහෙම කතා කරා ..
අනේ මට යන්න දෙන්න මාව අතාරින්න . මම උබට අඩ අඩ කිව්වා උබට උබේ කකුල් දෙක අල්ලා මම වැන්දා ඒත් උබ මට යන්න දුන්නද .
උබ අද මගේ ලග එදා මම උබේ ලග හිටියා වගේ ......
වෙන්න බෑ උබව මම එදා මැරුවනේ
මෙහෙම කියනවත් එක්කම මහා හයියෙන් වහින්න ගත්තා
උබ එදා මැරුවේ මාවා මෙහෙම කියමින් සෙනුලිගේ මිනියේ ඔලුව ලොකු මහත්තයගේ පැත්තට හැරෙනවා ...
ඒත් උබට මාව මරන්න බැරි උනා මෙහෙම කියමින් සුලෝ ලොකු මහත්තයා ලග ඉද ගන්නවා ..
ලොකු මහත්තය බයෙන් පිටි පස්සෙන් පිටි පස්සට යනවා .
උබ එදා මගේ ශරීරය මැරුව .
මෙහෙම කියන සෙනුලිගේ ආත්මය කට්ටඩීරාල ලගට ගිහින් කට්ටඩීරාලගේ බෙල්ල හපනාවා එක්කම ලොකු සුලගක් ඇවිත් කට්ටඩීරාල කන්දෙන් පල්ලයහට වැටෙනවා
මහා හයියෙන් කෑ ගහගෙන කට්ටඩියා බිමට ඇදන් වැටෙනවා
ඒත් උබට මගේ ආත්මය මරන්න බැරී උනා
මෙහෙම කියමින් සුලෝ ලොකු මහත්තයා ලග ඉද ගන්නවා .
එදා උබ බලෙන්නේ මගේ ඇදුම් ඉරලා විසී කරේ .
මෙහෙම කියන සුලෝ ඇදන් හිටිය ඔක්කොම ඇදුම් ගලෝලා විසි කරනවා .......
වරෙන් එදා වගේ මගේ ලගට මට වද දීපන් මට
උබට එන්න බෑ නේ ඉදපන් මම එන්න උබේ ලගට .
ලොකූ මහත්තයාගේ කකුල් දෙක ගල් වෙනවා මහා වැස්ස මැද සුලෝ ලොකු මහත්තයගේ කකුල් ලෙව කන්න ගන්නවා
හරියට එදා ලොකු මහත්තයා සෙනුලිගේ කකුල් ලෙව කෑව වගේ ..
සෙනුලිගේ දිව ටික ටික දික් වෙන්න ගන්නවා
මට යන්න දීපන් මට සමා වෙයන් ....
මෙහෙම ලොකු මහත්තයා කියනවත් එක්ක්ම
සෙනුලී ලෙව කෑව ලොකු මහත්තයගේ කකුල් උඩ පනුවෝ උතුරන්න ගන්නවා
මුලු කකුල් දෙකම් පිච්චෙනවා වගේ ලොකු මහත්තයා හයියෙන් දගල දගල කෑ ගහන්නේ
එදා සෙනුලී කෑ ගැහුවා වගේ
ලොකු මහත්තයා අමාරුවෙන් බඩ ගාගෙන බඩ ගාගෙන යනවා ඒත් කොහෙටවත් යන්න බෑ මුල්ලකට කොටු වෙලා .
කොහේ යන්නද අද ඔයාව මගේ කර ගන්නවා අපී දෙන්නා විතරනේ අද ඉන්නේ කෝ උම්මා එකක් දෙන්න මට
සෙනුලී මේ කියන හැම වදනක්ම එදා ලොකූ මහත්තයා සෙනුලිට කිවුව දේවල් .
සෙනුලී ලොකූ මහත්තයාව බදා ගන්නවා .
ඉවසන්න් බැරී තරම් කුනු ගදයී වැස්ස තව වැඩි කරා අකුණු කොට කොට වහින්න ගත්තා .
හරියටම එදා වගේ රැයක් ...
ලොකූ මහත්තයා අත එහාට මෙහාට දික් කරන්නේ පුදුම වේදනාවකින් .
එක පාරටම ලොකු මහත්තයගේ අතට කුකුලගේ බෙල්ල කපන්න ගෙන්නව පිහිය අහුවෙනවා ....
බයටම එක පාරටම ලොකු මහත්තයා පිහියෙන් සෙනුලිගේ පිටට අනිනවා ..... ඒ එක්කම සෙනුලිගේ ආත්මය සුලෝගේ ඇගෙන් යනවා .
උබව මරන එක මට මහා දෙයක් නෙවේ යකෝ
මෙහෙම කියමින් අයෙත් වතාවක් පිහියෙන් සුලෝට ඇන ගෙන ඇන ගෙන යන්නේ ඇති උන කෙන්තියට ...
වැස්ස නැවතුනා හද අයේමත් පෙන්න ගත්තා
ගල් වෙලා වගේ තිබ්බ ලොකු මහත්තයගේ කකුල් දෙක යතා තත්වයට හැරුනා .
උබට පුලුවන්ද මේ ලොකු මහත්තයා එක්ක හැප්පෙන්න .
කියන ගමන් ඇග උඩ තිබ්බ ශරීරය බිමට තල්ලූ කරනවා ...
හද එලියෙන් සෙනුලිගේ මාලය දිස්නේ දෙන්න පටන් ගන්නවා ඒ එක්කම එන සුලගට සුලෝගේ මුහුනට වැටිලා තිබ්බ කොන්ඩේ අයින් වෙනවා .
කලින් මෙන් අප්රසන්න මූනක් පෙන්න නෑ
එලියේ දිස්නෙට හැරිලා බලන ලොකු මහත්තයා දකින්නේ තමන්ගේ දුව එතන වැටිලා ඉන්නවා ..
මොනවා සුලෝ මගේ දුවේ ..........
අනේ මගේ දුවේ ...........
කතා කරන්න ....................
මේ අතර තුර පොලීසියට නිර්නාමික දුර කතන ඇමතුමක් එනවා කන්ද උඩ කට්ටියක් නිදානයක් ගන්න යාගයක් කරනවා කියලා ..
මේ ඇමතුම ජාසෝන් විසින් පොලිසියටලබා දෙන්නේ සෙනුලිගේ ආත්මය මේ වෙලාවේ ජාසොන්ගේ ඇගට ඇතුලු ඌ නිසා
අනේ දුවේ මම මේ මොකද කරේ ...............
නැගිටින්න දුවේ .............
මෙහෙම ලොකු මහත්තයා අඩන්න ගන්නේ නොදැන්වත්ව පිහියෙන් ඇන්නේ තමන්ගේ දුවට කියලා ...
පෝලීසිය එතනට එනකොටත් වෙන්න ඔන දේවල් ඔක්කොම වෙලා ඉවරයී
ලොකූ මහතයව අත්තඩංගුවට ගන්නේ සුලෝචනා මැරුව චෝදනාව පිට ..
සියලුම සාක්ෂි වලින්ද මේ මරනය මේ පිහි ඇනුම සුදු කරලා තියන්නේ මේ කෙල්ලගෙම තාත්තා නැත්තම් ලොකු මහත්තයා කියලා ඔප්පු වෙනවා ...........
යකෝ නිදානයක් ගන්න උබ මොන හිතකින්ද තොගේම දුවව මරන්නේ පවු කාරයා .
ඔවූ රුවන් ට සිදූ වූනා වගේම අද ලොකු මහත්තයවත් උසාවියට යොමු කරලා .
මේ වන විට දුව මැරුන එක ගැන අඩ අඩ ලොකු මහත්තයා කරපු වැරදී සියල්ලම උසාවියේදී පාපොච්චාරණ කරනවා .
රුවන් නිර්දෝෂී පුද්ගලයෙක් ලෙසට උසාවිය තීරනය කරනවා .
අපරාද පරීක්ෂණ සිදුකල එවකට හිටිය නිලදාරින් තන තුරින් පහා කරලා සිර ගත කරනවා .........
රුවන්ව වැරදී කරුවෙක් නොවන බව බන්දනාගරය නිලදාරින්ට දන්වන්නේ රුවන්ව නිදහස් කර දැමීමටයී
සෙනුලී ගැන එයාට ලැබෙන්න හිටිය දරුවා ගැන හිතනමින් සිටින රුවන් මෙහෙම කියවනවා
මට එයාලව බලා ගන්න බැරී උනා මම මහා පවුකාරයෙක්
මෙහෙම හිත හිතම රුවන් මානසිකව වැටිලා හිටියේ මේ වෙන කොටත්
රුවන් කෑම ගෙනවා කලා ඉන්න ..
මම මැරුවේ නෑ ...
මම එයාට ආදරෙයී .....
මම මැරුවේ නෑ ....
සෙනුලී ගැන හිතමින් රුවන් ඒ ටික කාලය තුල මානසික ලෙඩෙක් වෙනවා ..
රුවන් හිටිය බිත්තී පුරා සෙනුලිග නම ලොකුවට ලියලා තිබුනා .
රුවන් ඉන්න තැනින් කවුරු ගියත් රුවන් මෙහෙම අහන්න ගත්තා
දුවෙක්ද පුතෙක්ද හම්බ උනේ .......මගේ සෙනුලිට
මම දැන් තාත්තා කෙනෙක් .
මට එයාව බලන්න යන්න ඔනේ .........
මෙහෙම කෑ ගගහා රුවන් අහන්න ගන්නවා ගත්තා ......
හැබැයී රුවන් නිර්දෝෂී කියන ආරංචීය ලැබුනත් දැන් හොදටම පරක්කුයී .
මොකද රුවන් මේ වන විටත් මේ ලෝකේ අත ඇරලා දලා ගිහිල්ලා තිබ්බේ .
ඒ මේ බිල්ඩිමේ ඉදන් බිමට පැනලා මොකද එයා සෙනුලී ගැන හිතලම මානසික මට්ටම හොදටම වැටිලා තිබුනේ .
මේ කතාව බන්දනාගරය සේවකයා පොලීසියට දැනුම් දෙනවා .
උසාවිය මගින් ලොකු මහත්තයා එල්ලා මැරීමට තීරනය කරන්නේ.
ජීවිත රැසක් නැති කරපූ මිනිමරුවෙක් යැයී චෝදනා කරලා .
පෝරකයට නගින මොහොතේ කරපූ සියලුම දේවල් මතකෙට ආවත් දැන් හොදටම පරක්කු වැඩී .
ලොකු මහත්තයා විනාඩී හතරක කාලයක් වෙදනා විදිමින් දගල දගල අන්තිම හුස්ම පොද හෙලුවා .....
ඔහුගේ සියලුම දේපල රාජසන්තක කෙරුවා .
සෙනුලිගේ ආත්මය ලොකු මහත්තයාගේ අන්තිම හුස්ම පොද හෙලනවත් එක්කම නිදහස් වෙලා යනවා .
දේපල සල්ලී ඉඩ කඩම් තිබුනට
නිල තල බලය තිබුනට
සත්ය අනිවාර්යයෙන් ජය ගන්නවා එක පාරම නෙවේ පරක්කූ වෙලා හරී කෙනෙක්ට දෙයක් කරන්න කලින් දහා පරක් හිතන්න මොකද අපී කරන දේවල් නිසා අපිට විතරක් නෙවේ අපේ පවුල් වල අයටත් දුක් විදින්න වෙනවා ඒක හිතට ගන්න යහපත් වැඩම කරන්න එක ජීවිතයක් නිසා ජීවිත කීයක් විනාශ වෙන්න පුලුවන්ද ඒක හොදින් හිතට ගන්න
මේ කතාවෙන් ආදර්ශයක් ගත් ඔබ සැමට ස්තූති


No comments:

Post a Comment

UNIVOTEC එක ගැන

UNIVOTEC එකේ පාඨමාලා සහ වැඩි විස්තර සදහා පහත ඇති PDF ෆයිල් එක භාවිතා කරන්න. https://drive.google.com/open?id=1zbMNZ14FNiYV2f34K91x1KqpKmid...