Tuesday, April 28, 2020

වියරුව - 2 කොටස

දූවේ දූවෙ ..........
ජාසෝන් ටග්ගල්ල වතුර එකක් අරන් වරෙන් මෙහාට .......
දූවේ දුවේ ............
මෙහෙම ලොකු මහත්තයා සූලෝට කතා කරන්නේ එයා සිහිය නැතුව බිම ඇදගෙන වැටිලා හිටිය නිසා මූනට වතුර ටිකක් ඉහන ලොකු මහත්තයා .
මගේ දුවේ මොකද වුනේ දුවේ .....
අනේ ඩා..... ඩා...... ඩා...... ඩඩා
මම දැක්කා අර.......... අර......... අර ........ මගේ............ මගේ ........ එහා පැත්තේ ..... ජනේලේ ..... ජනේලේ.....
හොදටම බය වෙච්චී සුලෝ ගොත ගගහා දැකපූ දේ ලොකු මහත්තයට කියන්න හදවත් එක්කම ......
හා හා මටත් දැක්කා එකයී මම දුවගෙන ආවේ
ඩඩා ඔයත් දැක්කද ?
තාම පොඩී කාලේ ගතී එහෙම්මයී මගේ කෙල්ලගේ හයියෙන් අකුනු ගහනකොට ඉස්සර වගේම තාමත් බයට කලන්තේ දාන පුරුද්ද අත් ඇරලා නෑ නේ ......
අකුණක් නෙවේ ඩඩා ......
මෙතන හිටියේ මගේ ලග අනේ ඩඩා මට බයයී ....
ලැජ්ජවට ඔවා කියලා හරියන්නේ නෑ මෙච්චර ලොකු කෙල්ලෙක් අකුනකට බයයී කිවුවම ඉතින් .....
සුලෝචනා කොච්චර දේවල් කිවුවත් කිවුවත් ලොකු මහත්තයා හිතුවේ අකුනකට බයේ කියලා .........
සුලෝචනාට ටික ටික මේ සිද්දිය අමතක වෙන්න ගත්තා ...
ඒත් සුල්ලොට හීනෙන් කවුදෝ ගැනියක් අඩවා පෙන්න ගන්නවා හැමදාම වගේ මෙක ලොකූ මහත්තයට කිවුවත් වැඩිය ගනන් ගන්නේ නෑ
දවස 2020 / 04 / 20 ඔවූ අදට සෙනුලී මැරිලා මාස තිනක් ගත වෙලා
ඩඩා අද මට කන්න බෑ නඩගින්නක් නෑ මම යනවා නිදා ගන්න ...
කන්නේ නැතුව නිදා ගත්ත්ට කමක් නෑ
අදත් අහස කලු කරලා තියන්නේ වහී වගේ ජනෙල් වහලා දන්න නැත්තම් එදා වගේ බොරුවට බය වෙයී
( මෙහෙම ලොකු මහත්තයා කිවුවේ සිනහා පහල කරමින් )
දුවේ මම කට්ටඩී උන්නැහේ මුන ගැහිලා එන්නම් ජාසොන්ව තියලා යනවා තනියට මොකක් හරී උනොත් ඌට කතා කරන්න .
හරී ඩඩා ....
ඔවූ එදා වගේම මහා හයියෙන් වහින්න ගත්තේ අකුනූ කොටමින් .....
පුංචී නෝනා පුංචී නෝනා
මොකද කැ ගහන්නේ
මේ වයර් දෙක මොකද මම ඉයේත් දැක්කා පුංචී නෝනා කනේ ගහගෙන ඉන්නවා මක්කැයී වෙන්නේ මේකන් .
අපෝ දැන් ඉතින් මේකට මේක ගැන් තේරුම් කරලත් දීපන්කෝ වැඩ නැතුවට වැඩ
මෙක කනෙ ගහගන්නවා එතකොට තේරෙයී මොකක්ද වෙන්නේ කියලා
මේ ජාසෝන් අහන්නේ වෙන මුකුත් නෙවේ හැන්ඩ්ෆ්‍රී එක ගැන සුලොචනා බැරිම තැන හැන්ඩ්ෆ්‍රී එක ජාසෝන්ට කනේ ගහ ගන්න කියලා රේඩියෝ ඔන් කරලා දෙනවා .
හම්මට පුංචී නෝනා මෙක මරූ වයර් එකක් නේ කන ඇතුලෙන්ම කෑ ගහන සද්දේ ඇහෙන්නේ තව ඩිංගිත්තක් අහලා දෙන්නම් මම .
ඔක කඩනවා එහෙම නෙවේ බිම වට්ටලා .
මෙහෙම කියල සුලෝ කාබරයට යන්නේ නිදා ගන්න ..
වෙලාව pm . 10.10
මහා වැස්ස අස්සේ හද ත් පායලා
වහලේ පොඩී හිලකින් හද එලිය වැටුනේ සුලෝගේ මාලෙට නැත්තම් සෙනුලිගේ මාලෙට .
හද එලිය වැටුනත් එක්කම මහා හයියෙන් අකුණු ගහන්න ගත්තේ . මලේ දිස්නය කාබරය පුරා විහිදුවමින් .
වෙලාව pm 10 .19 එක පාරටම කාබරය ඇතුලෙන් කෙදිරී ගාන සද්දයක් ඇහෙන්න ගන්නේ සුලෝගේ කන ගාවින් වගේ
පොරවන් හිටිය බෙට් ශීට් එක කවුරු හරී අදිනවා වගේ තේරුන සුලෝ ඇහැරෙන්නේ ..
අනේ ඩඩා මට නිදා ගන්න දෙන්නකෝ වද නොදී .
එහෙම කියලා සුලෝ අයෙත් රෙද්ද පොරව ගන්නවා .
එක පාරටම කබරයේ ජනෙල් ඇරිලා සීතල හුලගක් එක්ක කන් දෙක ලගින් අමාරුවෙන් කෙදිරි ගාන ගෑනූ කෙනෙකුගේ කට හඩක් ඇහෙන්න ගන්නවා ...
සුලෝගේ හද ගැස්ම ටික ටික වැඩී වෙන්න ගන්නවා එක්කම ...
ඩඩා ..... ඔයා මාව බය කරන්න නේ හදන්නේ ඩඩා ..
ඒත් කවුරුත් කතා කරන්නේ නෑ ..
කෙල්ලගේ හද ගැස්ම තව වැඩි වෙන්න ගන්නේ ඇද ගාව කවුරු හරී කෙදිරී ගාන සද්දේ ආයෙත් ඇහෙන්න ගන්නවා එක්කමයී
කෙල්ල එක පාරට ඇදෙන් පැනලා කෑ ගහගෙන දොර ලගට යන්නේ එලියට යන්න
අනේ ඩඩා විහිලු නොකර දොර අරින්නකෝ අනේ ඩඩා අනේ ඩඩා ........
ජාසෝන් මේ දොර අරින්නකෝ අනේ මාව බේර ගන්නකෝ ....
මෙහෙම කොච්චර කෑ ගැහුවත් ජාසොන්ට නම් මේ කිසිම සද්දයක් ඇහෙන්නේ නෑ මොකද ජාසොන් හැන්ඩ්ෆ්‍රී එක කනට ගහන් රේඩියෝ එකේ ගිලිලා ඉන්න නිසා ...
හරියටම වෙලාව pm. 10.33 මහා හයියෙන් අකුනක් කොටන්නේ වත්තේ මැද්දේ තියන පොල්ගහකට ............
සුලෝ මහා හයියෙන් කෑ ගහන්න ගත්තා
ඔවු දැන් වෙලාව හරියටම එදා වෙලාවමයී එදා තිබුන පරිසරයමයී ඔවූ ඒ එදා සෙනුලී අන්තිම හුස්ම ටික වෙදනා මැද වා තලයට එක්කරේ හරියටම මේ වෙලාවට .......
අඩී සද්දය ඇහෙන්වත් එක්කම තෙත අඩී පාරවල් වගයක් සුලෝගේ ඇද ලග ඉදන් ජනේලේ පැත්තට යනවා සුලෝට පෙන්න ගන්නවා ඒ එක්කම කලූ දුමාරයක් වගේ ඇවිත් අමුතූ චායවක් මෙවෙන්න ගන්නවා ........
සුලෝ බයට ඇස් දෙක වහා ගගෙන බිම වඩී වෙලා ගුලී වෙලා ඉන්නවා .......
වහලින් වතුර බිංදු සුලෝගේ ඇගට වැටෙන්න ගන්නවා සුලෝ උඩ බලද්දී එක පාරටම කලූ වවුල්ලූ රෑනක් කෑ ගහගෙන ජනේලෙන් එලියට යනවා
සුලෝ හිමිහිට ඔලුව අත ගලා බලනවා
මොනවද මේ ඇලෙන්නේ
ඒ මදිවට ගද
සුලෝ අත දිහා බලද්දී සුලෝ දකින්නේ වතුර නෙවේ සුලෝගේ මුලු අත පුරාම ලේ සුලෝ බය වෙන පාරටම කකුල් පන නැති වෙනවා ....
කෙල්ලට හොදටම හීන් දාඩිය දාලා
ආයෙමත් අර අඩී සද්දය ඇහෙන්න ගන්නවා නැවතත් අර ජල අඩී සුලෝ ඉන්න පැත්තට එනවා සුලෝ කෑ ගැහුවත් කට හඩ එලියට එන්නේ නෑ ඒ තරමට කෙල්ල බය වෙලා ....
ජනේල් පියන් ඇරෙනවා වැහෙනවා මහා හයියෙන් සුලන් හමනවා ..
මහා හයියෙන් බල්ලෝ උඩු බුරලන්න ගන්නවත් එක්කම
කලූ පාට දුමාරයක් වගේ චායවක් සීතල සුලගක් මෙන් සුලෝගේ ඇගට ඇතුල් වෙනවාත් එක්කම කබරයේ ජනේල් තිබුනා වගේම අයෙත් වැහෙනවා
මහා වැස්ස එක පාරටම අඩු වෙන්න ගන්නවා ..... අකුනූ ගහන එක නවතිනවා පරිසරයම නිසල වෙලා යනවා
ජාසෝන් ජාසෝන් කෝ යකෝ මේ මිනිහා .
ආ මොකද යකෝ මුට වෙලා තියන්නේ .
ජාසෝන් ජාසොන් මොකද උබ තනියම හිනා වෙනේ .....
ජාසොන් නෙවේ කතා කරන්නේ ලුකු මහත්තය කෙන්තියෙන් ජාසොන්‍ට පාරක් ගහනවා ...
කවුද........... කවුද .......
කවුද කවුද නෙවේ මම යකෝ ........
ලොකූ මහත්තයා ආවත් එක්කද මෙච්චර ඉක්මනට
යකෝ මට ඕන වෙලාවට මම එන්නේ උබ මොකද මේ පුංචී නෝනගේ බඩූ එක්ක සෙල්ලම් කරන්නේ ..
අනේ නෑ ලොකු මහත්තයා නෝනා තමා දුන්නේ ...
උබ මොකද පිස්සෙක් වගෙ තනියම හිනා වෙන්නේ ඔක දාගෙන ...
එකේ විහිලූ වැඩසටහනක් ගියා කොහෙද ඉතින් හොදම හරිය යද්දිම මයේ පිටට තඩී බෑවනේ අපරාදේ හොදම කෑල මීස් උනා නේ .......
තොට මම ඉදපිය ඔහොම බූරුවා ............
කෙල්ල බයේද දන්නෙත් නෑ මර එකෙක්ට මමත් වැඩක් බාර දුන්නේ .....
දුවේ .............. දුවේ ...........
එක්කෝ කෙල්ලව ඇහැර වන්න ඔනේ නෑ උදෙට නැගීටීනේ ....
මෙහෙම හිතලා ලොකු මහත්තයා කෑම කලා නිදා ගන්නවා ...........
වෙලාව උදේ 6.00
මගේ කෙල්ල ඇහැරිලානේ
මගේ කෙල්ල ඉයේ බය උනේ නෑ නේ
නෑ........
යමූ කන්න
හා...........
ජාසෝන් ඔය කොල කැද එක ගෙනත් දීපන් නෝනට බොන්න .......
ඊයා මොන ජාරවක්ද ඒ මට එපා මම බොන්නේ නෑ ඔය ජරාව .........
මොකද දූ මේ ඔයා ආසම පොඩී කාලේ ඉදම් මේවා බොන්නනේ .......
ඒ ඉස්සර දැන් එහෙම නෑ .......
මට බිත්තරක් දලා කෝපී එකක් ගෙන්න ..........
දූ මොකද කට හඩ අමුතු වෙලා .......
උගුර රිදෙනවා එකයී .........
ඩඩා .... මට ඇඹුල් ජාතී කන්න ඔනේ මට ගෙනල්ලා දෙන්න
මොකද දුව එක පාරට ඇඹුල් ජාතී කන්න හිතුනේ
පුංචී නෝනා ඔන්න ගෙනාවා නෝනගේ තේ එක .
ඊයා තොට හරියට තේ එකක් හදා ගන්නවට්ග් බැරිද යකෝ
මෙහෙම හයියෙන් කෑ ගහලා තේ විදුරුව පොලේ ගහන සුලෝචනා කබරයට යන්නේ කේන්තියෙන් .....
මොකක්ද යකෝ උබ ඒ කරේ තෝ මොනාද තේ එකට දැම්මේ .......
පලයන් ගස් බල්ලා මෙතනින් ගිහින් අයේ තේ එකක් හදලා කෑම ටිකක්ත් එක්ක කාබරයට ගිහින් දීපන් පුංචී නෝනගේ
( ජාසොන් මෙහෙම හිතනවා )
මේ ගෙදර උන්ට යකෙක්වත් වැහිලද මන්දා
පුංචී නෝනා ...........
පුංචී නෝනා ................
ඇයී ...........
මම කෑම ටික ගෙනාව .......
මෙහාට ගෙනෙන් මට බඩගිනී ...............
ආ පුංචී නෝනා
මොනාද යකෝ මේ ..
පුංචී නෝනා එලවලුනේ කන්නේ ලොකු මහත්තයා තමා මේවා දෙන්න කිවුවේ නෝනා ආසයී කියලා .......
තෝ හිතුවද යකෝ එලෝලූ කන්න මම හරකෙක් කියලා .....
මට ගෙනෙන් මස් මට මස් කන්න ඔනේ අරන් පලයන් ඔය ජරාව මෙතනීන් ..............
මම හිතුවා පිට රට හැදිච්චී උන් කයිද එලවලූ කොහෙද ලොකූ මහත්තයට ඕවා තේරෙන එකක් ඈ ...........
දවස් දෙක තුනක් මෙහෙම ගෙවිලා ගියා සුලෝචනා ගේ හැසීරිම එන්න එන්න වෙනස් උනා ..........
එත් කවුරුත් දන්නේ නෑ මේ සුලෝචනාගේ ඇග ඇතුලේ තියන්නේ සෙනුලිගේ ආත්මය කියලා
මේ අතරේ නිදහනේ ගන්න දින ටික ටික ලං වෙමින් තිබුනු නිසා ලොකු මහත්තයා කට්ට්ඩී රාල හම්බ වෙන්න ගියා ...
( ගිහින් ආවට පස්සේ )
ජාසොන් පුංචී නෝනට කතා කරහම් ගිහින් ..
පුංචී නෝනා ලොකු මහත්තයා කතා කරනවා ........
ඉන්න මම එන්නම්
දුවේ අත දුන්නනම් මෙහාට දූ කිවුවනේ කලින් දවස් ටිකේ හරියට නින්ද ගියේ නෑ නපූරූ හීන පේනවා කියලා ඉතින් කපු උන්නැහෙට මම කිවුවා මේන්න මේ නූල් කෑල්ලක් දුන්නේ අතේ බදින්න කියලා ........
ලොකු මහත්තයා මතුරපූ නූල අතේ ගැට ගහනවා
ඒ ක්කම සුලෝචනා ...

මතුරපූ නූල සුලෝගේ අතේ බදිනවත් එක්කම් ගෙදර ඉස්සරහා තිබුන කොස් ගහේ අත්තක් කඩන් වෙටෙනවා ඒ එක්කම් සුලෝ සිහිය නැතුව ඇදගෙන වැටෙනවා ...
දුවේ ..... දුවේ ... මොකද උනේ
ජාසොන් වතුට එකක් ගෙනෙන් ..........
ආ මහත්තයෝ .......
දූවේ ...... දුවේ ..... ඔයාට මොකද උනේ ...
( හිමිහිට ඇස් අරිමින් සුලෝචනා මෙහෙම කොයනවා )
ඩඩා ......... මගේ ඔලුව හොදටම රිදෙනවා නිදීමතත් එක්ක
ඩඩා ..... මාව කාබරයට ගෙනියන්න
ටිකක් නිදා ගත්තම ඔක ඇරිලා යයී දුවේ ...
( පහුවදා උදේ )
දූ ..... එන්න කෑම ගන්න .
ඉන්න ඩඩා මම වොශ් එකක් දාගෙන එන්නම් ..
( ටික වෙලාවකට පසූ )
දුවට දැන් කොහොමද ?
දැන්නම් ඔලුව බර ගතිය නෑ ඩඩා
....
ජාසොන් ඔය කෑම ගෙනෙන් මෙහාට
ගේනවා මහත්තයෝ .........
පුංචී නෝනා නෝනගේ තේ එක ආ .........
ඊයා මේ මොකක්ද මේ ....
මොනාද මේකට දැම්මේ ....
ඇයී නෝනා නෝනමනේ කිවුවේ බිත්තර දලා කෝපී එකක් ගෙන්න කියලා
මෙකට බිත්තර දැම්මද ?
මෙහෙම කියලා සුලෝ දුවගෙන එලියට ගිහින් වමනේ දන්න ගන්නවා ..
මොනාද ඩඩා .........
ඩඩා දන්නවනේ මම වෙජිටේරියන් කියලා ඩඩාට එක අමතක උනාද ?
මොනාද ඩඩා .... ඒ මදිවට මස් මාලූත් හදලා ඩඩාලම කා ගන්න ඕවා මම යනවා යන්න......
ඔහොම ඉන්න දුව මම ඔයා ඉල්ලපූ අඹ ටික ගෙනාවා .........
ඩඩාට පිස්සුද මම මොකටද අඹ ඉල්ලන්නේ මම දොලදුකින් ඈ ඔක්කොටම පිස්සුද කොහෙද විකාර .......
මෙහෙම කියලා සුලෝ බඩ ගින්නෙම කාබරයට දුවනවා....
මොකක්ද ලොකු මහත්තයා මේ පුංචී බේබිට වෙලා තියන්නේ .
අනේ මන්දා බන් ඊයේ කිවුවා මස් ඔනේ අඹ ඔනේ කියලා ඒත් අද කියනවා ඒවා කන්නේ නෑලූ දැන් කාලේ හැදෙන ලමයිනම් අනේ මන්දා වයසේ වැරැද්ද ඔක ..
දුවේ මම කට්ටඩී උන්නැහේ මුරිච්චී වෙලා එන්නම් මම ජාසොන්ට කිවුවා දුව කැමතී දෙයක් හදන්න කියලා දුව කියන්න ඔනාද ඔනේ කියලා ඌ ටග්ගලා හදලා දෙයී ...
( මුදලාලී කට්ටඩී රාල හම්බ වෙන්න ගියේ එදා කිවුව ඒ නැකත් දිනය අද නිසා )
මේ අතරේ සුලෝ ගමේ පොඩ්ඩක් ඇවිදින්න ඔනේ කියලා හිතාගෙන නාන්න ලිද ගාවට යනවා
හොදටම ඉර පායලා
සුලෝ චීත්ත රෙද්ද ඇදගෙන නන්න හදන්නේ
අනේ මට මේ මාලේ ගලවන්න අමතක උනානේ තව පොඩ්ඩෙන් මේකත් වාගෙනම නානවා මෙක මෙතනින් ගලෝලා තියලා නා ගන්න ඔනේ
මෙහෙම හිතාලා සුලෝ නාන්න ගන්නවා ඒ එක්කම ඉර එලියට දිස්නේ ගහන මලේ දකින උකුස්සකු දඩයමක් කියලා හිතන් මාලේ දැහැගෙන උඩට පියාඹන්න ගන්නවා ...
ශෝ........ ශෝ ........ ශෝ.....
අයියෝ මෝඩ කුරුල්ලෝ ඔය මාලේ දෙනවා ඔක සතෙක් නෙවේ ...
මෙහෙම සුලෝ කලබල වෙනවා ඒ මාලේ නැති වෙයි කියලා බයට මොකද සුලෝ ඒ මාලෙට ගොඩක් ආස නිසා ... නාන එක නවත්තලා ච්ත්ත රෙද්ද පිටින් උකුස්සා පස්සේ දුවන් යනවා
වැහුවා නේ ගහක ..
මොකක්ද ඒ තියන්නේ
මේ පොල් වත්ත මැද්දේ කොහෙන්ද ගෙයක් ඒ මදිවට අකුනූ ගහපු පොල් ගහක් ගේ ඉස්සරම .
හති අරිමින් සුලෝ එහෙම කියන්න ගන්නවා
අර ඉන්නේ කුරුල්ලා ගලක් අරන් ගැහුවනම් ඔකා ඔක අත ඇරලා යයී
මෙහෙම හිතලා සුලෝ ගලක් ගහනවා කුරුල්ලා පියාඹලා යනවත් එක්කම් මාලේ වැටෙනවා
ඒත් මාලේ වැටෙන්නේනම් බිමකට නෙවේ ඒ මලේ වැටෙන්නේ මාලේ අයිතී කාරයගේ නැත්තම් සෙනුලිගෙ ගෙදර වහලේ උඩට
හම්මෝ තවනම් බෑ කකුල් දෙකත් රිදෙනවා
තව ටිකකින් ඇවිල්ලා ගන්න දැන්නම් හොදටම මහන්සී මේ කුරුල්ලා පස්සෙන් දුවලම .
මෙහෙම හිතන් සුලෝ ආපහු ගෙදර යනවා ..
(පැය දෙකකට පසූ...)
ජාසොන් අයියේ ..මේ අහන්නකෝ මට උදවුවක් කරලා දෙන්නකෝ ..
පිස්සූ කතා කරන්න එපා පුංචී නෝනා අදනම් බෑ ලොකූ මහත්තයා එක්ක ලොකු වැඩක් තියනවා කරන්න
හා හා එහෙනම් කමක් නෑ ඉනිමග තියන්නේ කොහෙද කියන්න .
ඔන්න ඔය පිලිකන්නේ ඇතී ...
............................................................................
කට්ටඩී උන්නැහේ ඔක්කොම හරිනේ එහෙනම් කියටද නැකත තියන්නේ
හවස 6.35 ට
වෙලාවට කලින් ආවනම් හොදා
එහෙමයී මම එන්නම්කෝ අඩුම කුඩුම අරන් ...
ටිකක් හවස් උනා
දූ මම කලින් ගමනක් යනවා අද ඒ නිසා පරිස්සමින් ඉන්න
මේ වැඩේ ගොඩ ගියොත් කල්ල මරේ
හරී ඩඩා .........
අයියෝ මට අමතක උනා නේ මගේ මලේ ගන්න යන්න ඔනේ නේ .
සුලෝට මාලේ මතක් උනේ දැන් සුලෝ ඉනිමගකුත් අරගෙන යන්න මාලේ ගන්න
කවුද අප්පා මේ කම්බී වැටක් බැන්දේ ඒ මදිවට ඒ කුරුල්ලටත් මෙහෙටම එන්න ඔන උනා නේ සර්පයී ඉන්නවද දන්නෙත් නෑ . මේ කුරුල්ලත් මෙක මෙතම දාලා ගියානේ ..
මෙහෙම කියන සුලෝ ඉනිමග එහා පැත්තට උඩින් දාලා වැටෙන් රිංගලා එහා පැත්තට යන්න හදද්දී අතේ තිබුන පිරිත් නූල වැටේ පටලෙනවා .
මෙකත් දැන්ම පැටලුනානේ
මෙහෙම කියලා හයියෙන් අත අදිනවා ඒ ක්කම නුල ගැලවිලා කම්බියේ හිටිනවා ..
සුලෝගේ ආරක්ශාවට තිබුන නූල ගැලවිලා යනවා
ඉනිමග වහලෙට හෙත්තු කරලා වහලෙට නගින සුලෝ මාලේ ගන්න හදනවත් එක්කම මාලේ පිටින්ම වහලේ කඩාහෙන ගේ ඇතුලට වැටෙනවා ...
මගේ වෙලාව හොදයී මේ ගේ වහලේ පාත නිසා හොදයි නැත්තම් මට යන්න වෙන්නේ මාලේ ගන්න නෙවේ මෝචරියට තමා ..
සුලෝගේ කකුල පොඩ්ඩක් හීරිලා ලේ එනවා සුලෝ කකුල අල්ලගෙන වෙදනාවෙන් කෙදිරී ගාන්න ගත්තා ඒ එක්කම
කුස්සිය පැත්තෙන් තේ හදන සද්දයක් එනවා
කවුද ඉන්නේ මට පොඩ්ඩක් උදවු කරනවද?
සුලෝ හිමිහිට නැගිටලා
දොර ලගට යනවා.
ආයෙත් කුස්සිය පැත්තේ පිටි කොටන සද්දයක් ඇහෙන්න ගන්නවා
කවුද ඔතන ඉන්නේ කවුද ඉන්නේ
එහෙම අහනවත් එක්කම සද්ද ඔක්කොම නැතුව යනවා
කුසිය පැත්තෙන් ආයෙත් කෙදිරී ගාන සද්දයක් එනවා
කවුද ඔය ඔතන ඉන්නේ
එක පාරටම සුලෝ ලග තිබ්බ පුටුව පැද්දෙන්න ගන්නවා මහාහයියෙන් මීයෝ කෑගගහා පොර කන්න ගන්නවා...
සුලෝ කෑ ගහගෙන දොර ලගට යනවා ඒත් දොර අරින්න බෑ ලොක් කරලා
සුලෝ එහා පැත්තේ දොර ඇරලා තිබුන කාබරයේ දොර් වහා ගන්නවා .
බයටම හුස්ම ගන්න සද්දේ කාබරය පුරම දෝන්කාර දෙනවා
කබඩ් එකේ දොර එක පාරටම ඇරෙන්නේ බාරස් ගාන සද්දෙත් එක්කමයී කබඩ් එකේ තිබුන ඇදුන් ඔක්කොම එලියට විසී වෙන්න ගන්නවා කබරයේ තිබුන කන්නඩිය පුපුරලා යනවා ..
දොර අරින්න හැදුවත් ඒත් දොර අරින්න බෑ
සුදූ පාට සාරී රෙද්දක් එක පාරට සුලෝගේ කකුල් දෙක ලගට කොහෙන්දෝ වැටෙනවා .
ටික වෙලාවක් සාරිය දිහා බලන් ඉද්දී ඒ සුදූ සාරිය රතූ පාට වෙන්න අරන් සාරියෙන් ලේ ගලන්න ගන්නවා ලේ පාර කෙලින්ම එන්නේ සුලෝ ඉන්න පැත්තට
සුලෝ බේර ගන්න කියලා කෑ ගහද්දිම දොර ඇරෙනවා ඒ එක්කම කෙල්ල දුවගෙන කුස්සියට යනවා
ඩඩා .... කියපු කෙල්ල එක පාරට අප්පච්චී කියලා කෑ ගහන්නෙ කුස්සිය මැද වැටිලා ඉන්න ගෑනූ කෙනෙක්ව දැකලා
බලන්න අප්‍රසන්නයී ඇගේ අදුමක් නෑ
මූන විකුර්තී වෙලා
හම පැලිලා පනුවෝ උතුරනවා
මුලූ කුස්සියම කුනූම කුනු ගදයී
සුලෝ බයට ඇස් දෙක වහා ගන්නවා
( මම ආවා .............. )
මේ වගේ මොනවදෝ අමුතූ අමුතූ කෙදිරිලී වගයක් සුලෝට අයේ ඇහෙන්න ගන්නවා
බිම වැටිලා තිබුන මිනියේ ඇස් එක පාරට සුලෝගේ පැත්තට හැරෙනවා .
අතේ ඇගිලී එක පාරට හෙලවෙන්න ගන්නවා
සුලෝ බයේ කෑ ගහනවා
අර මිනිය බඩ ගාගෙන සුලෝ ලගට එනවත් එක්කම සුලෝ කලන්තේ දාගෙන වැටෙනවා ...
කට්ටඩී උන්නැහේ වැඩේ පටන් ගත්තනම්
වෙලාවත් හරී නේ දැන්
එහෙනම් ඔය පහන් පත්තු කරලා පෙරේත තට්ටුව ඔය ගල උඩින් තියපන්
අහස කඩාගෙන .................
පොලව දෙබෑ කරගෙන ........
( නට නට කට්ටඩී රාල මෙහෙම මතුරන්න ගන්නවා )
ගහපන් තව හයියෙන් ගහපන් ඔය බෙරේ
සුලෝට ටික වෙලාවකින් සිහිය එනවා
බෙර සද්දෙට සුලෝ නටන්න ගන්නවා මොකද දැන් සුලෝගේ ඇහ ඇතුලේ ඉන්නේ සෙනුලිගේ ආත්මය නිසා .....
ඔය පුවක් මල ගනින් මොහාට
කට්ටඩී රාල නටන ගමන් පුවක් මලඅර ගෙන හයියෙන් ඔලුවට ගහා ගත්තා ..........
බෙර සද්දේ එන්න එන්න හයියෙන් ඇහෙන්න ගත්තා .
සුලෝ කෑ ගහගෙන නටාගෙන එන්නේ බෙර සද්දේ ඇහෙන පැත්තට
ගනින් ඔය පිහිය
ඉක්මාන් කරපාන් .......
මෙන්න පිහිය මේහෙම කියලා බයෙන් ජාසොන් පිහිය දෙනවා ...........
ඔය මල කද ගනින් ........
කුකුල් බිල්ලත් ගනින් ..........
කට්ටඩී රාලා මෙ කරන්න හදන්නේ කුකුලා බිලී දීලා ඒ ලේ වලින් මලකද නාවන්නයී
හද හොදටම පෙන්න අරන් මොකද පුර පසලොස්වක් පොහොය දිනයක් නිසා ....
දුම්මල ගහලා කුකුලා අතට ගන්න හදනවත් එක්කම
හූ .....................................හූ................................හූ..........................
කියාගෙන කොන්ඩේ කඩා ගත්ත ගෑනියක් නට නට එනවා
අම්මෝ ලොකූ මහත්තයෝ මම දුවනෝ මෙන්න යකෙක්
ඔහොම හිටම් කට්ටඩී රාල ඉන්නවනේ බය නොවී
ඔය මේ නිදානේ අරක් ගත්ත බහිරවයා වෙන්ට ඇතී
කට්ටඩී රාලයී සුලෝයී තරගෙට නටනවා කකුල් පැලෙන තරමටම ....
දීපන් ඔය කුකුලා මට ...........
උබට මොකටද කුකුලා ..........
දීපන් යකෝ දීපන් ......
මට තිබහයී ....................
උබට දෙන්න දේවල් මෙතන නෑ යකෝ පලයන් මැරුම් නොකා මෙතනින් ..
ඒ කියන්නෙ දෙන්න බැ නේ උබට .......
මෙහෙම කියලා එක පාරට පෙරේත තට්ටුව පෙරලලා දානවා ...........
ලොකු මහත්තයෝ ටග්ගලා ඔය කුකුලව දෙන්න නැත්තම් මෙතන කාට හරී මැරෙන්න වෙන්නේ .....
මන්තරයක් කියලා එලවලා දහම් කට්ටඩී උන්නැහේ.
කුකුලව අතට ගන්න සුලෝ
නරි උඩූ බුරලන සද්දේ මැද කටින් බෙල්ල කඩලා කුකුලා දගලද්දිම ලේ බොන්න ගන්නවා
මතකද උබට මාද .........
මෙහෙම සුලෝ කියන්නේ ලොකු මහත්තයා දිහා ඔරවලා බලන ගමන් සුලෝගේ කට දෙපැත්තේ ලේ වැක්කෙරෙනවා
ලොකු මහත්තයට මූන හරියට අදුන ගන්න අමාරුයී .....
ඇයී ඔහොම බලන්නේ මාව උබට මතක නැද්ද
මේ අතරේ කට්ටඩී රාල මන්තර ජප කර කර දුම්මල ගහන්න හන්නවා .
නවත්ත්තපන් ඕක ........
කිවුවම අහලා නවත්ටපන් ........
මෙතනින් පලයන් යකෝ නැකත්ත් ගෙවිලා යනවා උබ නිසා තෝ දන්නේ නෑ යකෝ මේ මාතර ගුරුන්නාන්සේගේ තරම ඔයිට වඩා එවුන් එක්ක මම හැප්පිලා තියනවා බොල මම ගනුදෙනු කරන්නේ මහසෝන් උත්තමයා එක්ක බොල ....
කිවුවම අහලා නවත්තපන් ඔක ................................
එක පාරටම ඇස් පිල්ලම් ගහන සැනින් කට්ටඩී රාල ලගට සුලෝ එනවා ....
මහා හයියෙන් සුලන් හමන්න ගන්නවා පත්තු කරපු පහන් සුලගට නිවෙනවා


No comments:

Post a Comment

UNIVOTEC එක ගැන

UNIVOTEC එකේ පාඨමාලා සහ වැඩි විස්තර සදහා පහත ඇති PDF ෆයිල් එක භාවිතා කරන්න. https://drive.google.com/open?id=1zbMNZ14FNiYV2f34K91x1KqpKmid...