ඒ ඉන්නේ මගේ වයිෆ්...............
ඇයි තමුසෙගේ කන් ඇහෙන්නේ නැද්ද..............මගේ මුණ දිහා බලන් ඉන්නේ.......ඔය ඉන්නේ මගේ වයිෆ්.
මගේ කකුල් පන නැතිවෙන්න ආවත් මන් ඔහේ වැනි වැනි යශ්ගේ පස්සෙන්ම ගියා........මේ මනුස්සයා කසාද බැදපු එකෙක් නම් මෙච්චර ලස්සන වයිෆ් කෙනෙක් ඉන්නවා නම් මන් මොකටද...............
තමුසේගේ ඔය රූම් එක..........ඔකේ ඉන්නවා..............
මන් මහන්සිය වැඩිකමට ඇදෙන් වාඩි උණා..........වයිෆ් විදියට නෙවෙයි මව වැඩකාර කමට ගෙනාවත් මට මෙහෙම ඉන්න වෙනවා..............
චුටී නෝනා මන් එන්නද...................
කවුරු හරි එහෙම අහලා දොරට තට්ටු කරද්දී මන් ඇදෙන් නැගිට්ටා......දුර ගමන් මගේ ඇගට හුරු නැති නිසා මට වොමිට් වෙන්න වගේ වෙලයි තිබ්බේ...............
මන් දොර අරින්නේ නැතිව වොශ් රූම් එකේ දොර තල්ලු කරගෙන ගිහින් බිත්තියට වාරූ උණා..................
චුටි නෝනා..................
රූම් එකේ දොර ඇරගෙන ආපු රාධාට රූම් එකේ කවුරුත් ඉන්නවා පෙනුන් නෑ.ඒත් සැකේට වගේ රාධා වොශ් රූම් එකට එබුණේ ඒකේ වත් ඉන්නවද බලන්න.........
ආඩවනේ......නෝනා..........මොකක්ද උණේ............වොමිට්ද..............ඔහොම ඉන්න චුටී නෝනා...සෑහෙන්න දුරක් ආවානේ........ඒකයි..................
ඇදුම් මාරු කරගන්න වොශ් එකක් දාලා මන් කෝපී එකක් ගේන්නම්.....
ඔහොම ටිකක් ඉන්නවද අක්කේ.........මාව වැටෙන්න වගේ.............අමාරුයි................
අයි අයියෝ....අක්කා කියන්ට එපා........රාධා කියන්ට.......මාත්තයාට ඇහුණොත් විසුමක් නෑ.........අපේ අප්පෝ............
මාව ඇදෙන් ඉන්දවල රාධා මට ඇදුම් මාරූ කරගන්න උදව් කලා.......එයා ගෙනාපු කෝපී එක බීලා මන් වොශ් එකක් දාගෙන කාමරේටම වෙලා හිටියේ බයට...........
මම්මට වත් කෝල් එකක් ගන්න තිබ්බ නම්.........එයා අඩනවා ඇති.....පවු...........මන් මේ ඉන්නේ කොහෙද කියලවත් මන් දන්නේවත් නෑ.............
මට ඇඩුමක් ආවේ තනිකම හින්දද කොහෙද......මෙහෙන් පැනලා ඔළුව හැරිච්ච අතක යන්න තියෙනවා නම්............එහෙම උණානම් කොච්චර එකක්ද..........
මන් පැයක් විතර ඇදේ ඉදගෙන ඉකි ගැහුවා............ඇදෙන් බැහැලා යන්න මගේ හිතක් තිබ්බේ නෑ..........
මම්මේ ඔයාගේ පැංචී තනි වෙලා මම්මේ........ගොඩාරියක්..........ඔයාවත් ඇවිත් කියන්න මට ඔයාවත් ඉන්නවා කියලා මම්මේ.......මට ගොඩාක් තනියි................ගොඩාරියක්........ගොඩාක් තනියි මම්මේ.....
මන් එහෙම හිත හිත හීල්ලුවා...මගේ තනිකම මකන්න කාටවත් අද වෙනකම් බැරි උණා මම්මට වගේ....ඒ හිස්තැන හැමදාම එහෙමමයි.......😥😥😥😥
වෙලාව රෑ අටට විතර ඇති.........මන් හිමින් හිමින් බැල්කනි එකේන් එළියට ආවා.....
මේ ඉන්නේ මගේ වයිෆ්............
ඒ වචන ටික ආයේ ආයේම මට මතක් උණා........එතකොට මොකක්ද මේ ෆිල්ම් එක..........මාව මෙහෙට ගෙනාවේ ඇයි......හිතේ දාහක් ප්රශ්න තිබ්බත් මන් ඔහේ නිහඩ උණේ මගේ ප්රශ්න වලට උත්තර අහන්න කෙනෙක් නැති නිසා....................
නෝනා ....මාත්තයා කිව්වා නෝනාට කෑම කන්ඩ කියලා.....මාත්තයා කාලා ඉවරයි..............
මන් ගැස්සුනා...........මට කන්න කියන්නේ එයා කාලා ඉවර වෙලාද...........පුදුම මනුස්සයෙක්නේ....
මේ රාධා................මට දැන ගන්න දෙයක් තියෙනවා.......ඔයාට පුලුවන්ද ඒක කියන්න..........
ටැමිල් කෙල්ල මගේ දිහා බැලුවේ පුදුමෙන්..මගේ ලගට ඇවිත් මගේ අත අල්ලගෙන කාමරේ ඇදෙන් මාව ඉන්දවලා මගේ ලගින් වාඩී උණා......
අනේ මොකක්ද නෝනා.දන්නවා නම් කියන්නම්...........අහන්ඩ........
මේ.......මේ.අර............ඉස්සරහා ගහලා.....තියෙ..න්නේ.......ෆොටෝ.එකක්......ඒ..කේ..ඉන්....න.කෙ...නා........එයා කවුද රාධා.........
ඒ මුණට හිනාවක් ආවා....මගේ මුණ දෝතට ගත්ත ඒ කෙල්ල මගේ මුණ දිහා බලලා ඒ ඇස් වල පිරිලා ගියපු කදුළු පිහ ගත්තා............
ඒ.........ඒ.....අපේ මාත්තයාගේ නෝනා...සුරංගනා.........
එයා මැරුණා නෝනා.......දැන් අවුරුදු දෙකක්........මාත්තයයි නෝනායි හරී ආදරෙන් හිටියේ....ඒත් නෝනා හදීෂියේම යන්ඩ ගියා...........පාවුම්............
එයා මැරුණා නෝනා.......දැන් අවුරුදු දෙකක්........මාත්තයයි නෝනායි හරී ආදරෙන් හිටියේ....ඒත් නෝනා හදීෂියේම යන්ඩ ගියා...........පාවුම්............
තැන්ක්ස් රාධා මට කන්න බෑ.ඔයා යන්න........ඔයාට පිං මට උදව් කරනවට..........
නෝනා කෑම ටිකක් කන්න.........නැත්තන් මාත්තයාට තරා යයි...මාත්තයා හොදට ඔදයි.....වගේම තමයි සැර උණාම........
මට කන්න ඔනී නෑ රාධා..ඔයා යන්න....
මන් ආයේමත් ඇදට වැටුණා...හිතන්න දාහක් දේවල් මගේ හිතට තිබ්බා.......ඒ කියන්නේ මේ යශ්ගේ වයිෆ් නැති වෙලාද.......දෙයියනේ...මෙච්චර හොද මිනිස්සු අකාලේ නැතිවෙන්නේ මන් මැරිලා ගියා නම් මොනා වෙනවද..............ඉවරයිනේ................
ඇයි තමුසේට කෑම කන්න බුලත් දෙන්න ඔනීද................
මන් ගැස්සුනා.............මන් ඇදෙන් නැගිටලා ඒ මුණ දිහා බැලුවේ පුදුමෙන්......
මො..මො..කක්.......ද...........
ඇයි තමුසේ ගොතයෙක්ද.මන් අහන්නේ කැම කන්නේ නැද්ද.........ගිහින් කෑම කනවා.....දැන් කන්න බැරි නම් ජීවීත කාලේම නොකා ඉන්නවා.....තේරූණාද........
යශ් බෙරිහන් දීලා ගියාට පස්සේ කන එක හොදයි කියලා මට හිතුණා..😆මොන ප්රශ්න තිබ්බත් මනුස්සයෙක් උණාම කාලා බීලා සන්තෝසේන් ඉන්න ඔනී.අනිත් එක හදිස්සියක් උණොත් මෙහෙන් දුවාගන්න වත් පනක් තියෙන්න එපැයි............
මන් කෑම මේසේන් වාඩී වෙලා බත් හැන්දක් විතර බෙදාගෙන හිමින් හිමින් කෑවා..........ඒත් එක්කම වගේ ආපු රාධා මට අඩු වැඩිය බෙදන්න ගත්තේ මන් එපා කියද්දී මයි............
මන් අප්පට කෑම එක දීලා එන්නම් නෝනා.......නෝනා කෑම කන්නකෝ..........බඩගිනි ඇතිනේ...........
යශ් පේන්න වත් හිටියේ නෑ......මන් ඔන්න ඔහේ හිමීට කෑම ටික කෑවා..කාලා ඉවර වෙලා මන් ඉන්න තැනින් නැගිට්ටා.......
රාධා මන් එන්නම් අස් කරන්න..............යන්.......
නෑ.නෑ.නෝනා....යන්නකෝ............මන් කරගන්නම්....මට පුලුවන්...........නෝනා යන්න...........
රාධා........ඉක්මනටමෙහේට එනවා................
කඩවුලේ....බේබීට මොකක්ද මන්දා.......
යශ්ගේ කටහඩට රාධා ඒ පැත්තට දිව්වා.මන් ඒ දිහා බලන් හිටියේ පුදුමෙන්..මටත් යන්න ඔනී උණත් මන් ගල් පිළිමයක් වගේ ඔහේ හිටගෙන බලාගෙන හිටියා............
මොනා කරන්නද කියලා මට හිතා ගන්න බැරි උණත් මන් ඒ පැත්තට ඇවිදගෙන ගියේ කුතුහලෙන්..........
මන් මේ පැටලුණු නූල් බෝලේ මොකක්ද කියලා මට හිතාගන්නවත් බැරිඋණා.මන් ගිහින් මොකක්ද උණේ බලනවා.කාට හරි මොකක් හරි කරදරයක් වගේ....ඒත් කාටද............
මන් රූම් එකේ දොර හිතලම තල්ලු කලා.......යශ් මගේ දිහා බැලුවේ කන්න වගේ රවලා....යශ්ගේ අතේ හිටියේ පුංචී මැණිකක්.............බෝල ගෙඩියක් වගේ දෝණීයෙක්..........
රා....ධා.......මේ.....ද.රුවට.....මො..කක්.ද......අසනී....පද.........
රාධා මේ දරුවා අරගෙන එළියට යනවා..............ඉක්මනට යනවා..........
යශ් රාධා යනකම් ඉදලා මගේ පැත්තට හැරුණා........මන් යශ්ගේ දිහා නොබලා බිම බලාගෙන හිටියේ බයට.......ඒ මුණ බලන්න සත්තකින්ම මට හයියක් තිබ්බේ......
යනවා යන්න මෙතනින්........කවුද තමුසේට එන්න කිව්වේ.............තමුසේ දන්නවනේ තමුසේ එක්ක බැදිමක් තියාගන්න මට උවමනාවක් නෑ............ගිහින් පාඩුවේ ඉන්නවා පැත්තකට වෙලා..............යනවා............
මන් ඉන්න තැනින් හෙල්ලුනේ වත් නෑ......යශ් මගේ කට මිරිකුවේ මට රිදෙන්නම......මන් යශ්ගේ අත අල්ලලා ගලවන්න හැදුවත් යශ්ගේ අත ගල් ගෙඩියක් වගේ.........
තමුසේ දන්නවනේ ඇයි මන් මෙහෙම කරන්නේ කියලා.............තේරේනවා නේද.........දන්නවා නේද............ආහ්.........
මන් ඔළුව වැනුවා.............
ඇත්තටම මන් හැමදේම දැනගෙන හිටියා......යශ්ගේ තාත්තට උණු දේ....ඉතිම් එහෙව් තාත්තගේ දුව මන්......මගේ තාත්තා නිසා තමයි යශ්ගේ තාත්තා නැති උණේ.යශ්ගේ හිතේ අපේ පවුලේ අය ගැන ඇත්තේ තරහක්..............😡
දන්නවා නම් ඈත් වෙලා ඉන්නවා......මාස දොළහක ඩීල් එකක් මේක........ඒ කියන්නේ අවුරුද්දකින් තමුසෙගේ මේ බැදිම ඉවරයි........ඒ කාලේ වෙනකොට මන් මේ හැමදේටම...........
මන් ඒ ඇස් දිහා බලාගෙන හිටියේ ඒ හිතේ තිබ්බ දේවල් කියනකම්...............
අනේ මාත්තයා.දෙයියනේ.........මෙන්න මේ ශුරංගනාවී........අනේ මාත්තයා එන්නකෝ..
යශ් මාව තල්ලු කරලා දාලා එළියට දිව්වා.මාත් කදුළු වලින් බොද වෙලා ගියපු ඇස් දෙක පිහගෙන එළියට ගියේ මොකද කියලා බලන්න..........
දෙයියනේ රත්තරං...........මොකක්ද උණේ.............රාධා දරුවව ගෙනපන්............මන් වාහනේ ගන්නම්........ඉක්මනට............
රාධාගේ අතේ හිටපු සුරංගනාවීගේන් හැල හොල්මනක් තිබ්බේ නෑ.....යශ් වාහනේ ගන්න එළියට දිව්වා...... දරුවට....උණ වැඩි වෙලා..........මාත් කලබල උණා...මගේ නොවුනත් මන් කාගේ හරි දරුවෙක් වෙනුවෙන් මන් කලබල උණා.......😮😮😮
රාධා දරුවව දෙන්න......ඉක්මනට........
මන් දෙපාරක් හිතන්නේ නැතිව දරුවව උස්සලා ගත්තා.........ඒ ඇස් බාගේට පිය වෙනවා....
මන් වාහනේට නැගලා දරුවව මගේ ඔඩෙක්කෙන් තියා ගත්තා.දරුවට උණ හොදටම වැඩී..........දෙයියනේ...........පවු..............
යශ්........මට වතුර ටිකක් දෙන්න..............
කෙල්ල පලවෙනි වතාවට යශ් එක්ක කතා කලා.යශ්ගේ හිත ගැස්සිලා ගියේ ඒ කතාවට............යශ් වතුර බෝතලේ අරන් කෙල්ලගේ අතට දුන්නා.........
මැණිකට අමාරුද.......කෝ ඉන්නකෝ මන් බෝ ටිකක් ගාන්නම්........ඇස් අරින්නකෝ.........අපි ඉක්මනට හොස්පිටල් යන්............හොදේ.........
මන් දරුවගේ ගවුම ගැලෙව්වා..........ගලවලා ගවුමට වතුර දාලා සුරංගනාවීගේ ඇග තෙතමාත්තු කලා.............
ඒත් ඒ උණේ අඩුවක් තිබ්බේ නෑ..........මන් ඒ මුහුණ මගේ පපුවට තද කරගත්තා.....ඉක්මනට හොස්පිටල් එකට යන් කියලා කියන්න හිතුණත් ඒක කියන්න මට හිතුණේ නෑ........
හොස්පිටල් එක ලගින් වාහනේ නතර කලාම යශ් මගේ අතේ හිටපු දරුවව වඩාගෙන හොස්පිටල් එකට දිව්වා.මාත් ඔන්න ඔහේ කියලා යශ්ගේ පිටිපස්සෙන් දිව්වා..........
ඩො...ක්..ටර් ..ම..ගේ ..දු..ව.....ප්..ලී.ස්ස්.......බල...න්..න....ඩො.....ක්..ටර්...........
හරි තාත්තා කලබල වෙන්න එපා.......අපි පොඩ්ඩක් දරුවව බලමු..........ඊට පස්සේ කියන්නම්......ඔහොම සන්සුන් වෙලා එළියේ ඉදගෙන ඉන්න.....ප්ලීස්...
ඒ......ත්...ඩො..ක්..ටර්........
මන් වගේම යශ්ත් කෑගල්ල හොස්පිටල් ඒකේ මහ රෑ ඕපීඩී එක ඉස්සරහා අර මොක්කුද වගේ ඉදගෙන හිටියේ ඩොක්ටර් මොනා හරි කියනකම්.............
අද මගේ කසාදේ පලවෙනි දවස..............මට හීල්ලුනා......ලස්සන අනාගතයක් බලාපොරොත්තුවක් කොහොමත් මට ඇත්තේ නෑ.මන් ප්රාර්ථනා කරන්නෙත් නෑ........
යශ් එක තැනක හිටියේම නෑ.එහෙට ගියා මෙහෙට ගියා............ආයේම ඉද ගත්තා...........ආයේත් ඇවිද්දා.............😮😮
අත් දෙකෙන් නළල මිරික ගත්තා.......පැටියාගේ නමත් සුරංගනා.........යශ්ගේ වයිෆ්ගේ නමත් සුරංගනා.......මේ ඉන්නේ යශ්ගේ දෝණී........
පැය දෙකකින් විතර ඩොක්ටර් එළියට ආවා.......යශ් ඉන්න තැනින් නැගිටලා ඩොක්ටර්ගේ ලගට ගියා............
ඩොක්.....ටර්....මගේ....දු..ව.......
හරි තාත්තා කලබල වෙන්න එපා....බබාට උණ වැඩි වෙලා......ඒක නිසා පිට් එකට ඇවිත්.........දරුවට දැන් ප්රශ්නයක් නෑ....ඒත් පොඩි ප්රශ්නයක් තියෙනවා.........
මොක....ක්.......ද.....ඩොක්....ටර්.........
බබා....තාම ....කතා කරන්නේ නෑ.........එයාට තාම ඔයාලා ගැන ඇහුවේ නෑ.....එක වචනයක් වත් කිව්වේ නෑ..
යශ් බිත්තියට අත මිටි මොලවලා පාරක් ගැහුවා....ඒ මුහුණ තප්පරේට රතු උණා......ආඩම්බරකාරයාගේ ඇස් වල ලොකු ලොකු කදුළු බිංදු ගොඩක් බිමට වැටෙද්දී යශ් ඒ කදුළු අස්සෙන් ඩොක්ටර් එක්ක හිනා උණා...........
එයාට කතා කරන්න බෑ ඩොක්ටර්...............😥😥
අදහන්න මන් ගැස්සුනා.........මන් යශ්ගේ දිහා බැලුවේ මගේ ඇස් වලත් කදුළු පුරෝගෙන...........දෙයියනේ මේ දරුවට කතා කරන්න බැරිද.........😒
ඔහ් සොරි..........අද දරුවව හොස්පිටල් එකේ තියාගන්න වෙනවා.එයාව වෝර්ඩ් එකට දාන්නත් වෙනවා............ඔයාට යන්න පුළුවන්.........බබාගේ අම්මා ඉන්න.........
මන් ගැස්සුනා..........මන් වගේම යශ්ත් තිගැස්සුනා..........
ඩොක්ටර් බබාව ගෙදර ගෙනියන්න බැරිද...........අනේ ප්ලීස් ඩොක්ටර්........
බෑ තාත්තේ.මේ දරුවට හදිස්සියේ මොනා හරි අමාරුවක් උණොත් අපි මොකද කරන්නේ......ඒක නිසා අපි බබාව හොස්පිටල් එකේ නවත්තමු..........බබාගේ අම්මා ඉන්නවනේ............
බබාව වෝර්ඩ් එකට දාලා තියෙන්නේ.......අම්මා යන්න බබා ගාවට.............ඔයා හෙට උදේම එන්න ..........හරිනේ...........බබාගේ විස්තර ටික දීලා යන්න......
යශ්ට කරන්න දෙයක් නැති උණත් යශ් කෙල්ල ඇතුළ යන දිහා බලාගෙන හිටියේ හිතේ කුහුලෙන්.....හිතේ ඇවිලිච්චි ගින්න තාම අඩුවක් නෑ...............
ඒයි.............දෙව්ලී................
මන් එහෙමම නතර උණා...............නතර වෙලා මන් යශ්ගේ දිහා බැලුවේ පුදුමෙන්........
ආහ් ෆෝන් එක.හදිස්සියක් නම් මට කෝල් කරනවා..........මන් ගෙදර ගිය ගමන් කෝල් කරන්නම් ආන්ස්වර් කරනවා.......
මගේ සුරංගනාවී පරිස්සමින් බලා ගන්නවා..........
මන් ඔළුව වනලා ඩොක්ටර්ගේ පස්සෙන්ම ගියා...................
වෝර්ඩ් එකේ සුරංගනාවී ඇදක තියලා තිබ්බා....ඒ වෙනකොට සුරංගනාවීගේ උණ බහින්න බේත් එකක් දීලයි තිබ්බේ.....මන් එතනින් වාඩී වෙලා ඇදෙන් ඔලුව තියා ගත්තා.............
කොණ්ඩේ ක්රේල්..මගේ වගේමයි......ඒත් රත්තරං පාට හමක් තිබ්බේ පැටියට.මන් ලෝබ කමෙන් ඒ මුණ අත ගෑවා....ඒ මුණ හරියට ෆොටෝ එකේ හිටපු යශ්ගේ වයිෆ් වගේමයි..........
උදේ ඉදලා ඇගේ තිබ්බ තෙහෙට්ටුව වැඩී නිසා මන් ඇදෙන් ඔළුව තියා ගත්තා......
ඒ.....ඒ..ඒ.............ඒ................
මගේ කොණ්ඩේන් කවුරු හරි හොල්ලනවා වගේ දැනෙද්දී මන් ඇස් ඇරියා.........සුරංගනාවී බෝල ඇස් මගේ දිහා බලන් ඉද්දී මන් ඒ පුංචී මුණ දිහා බලලා හිනා උණා........ඒත් ඒ ඇස් වලට මාව තාම හුරු නෑ......
අනේ මැණික.........දැන් හොදයි නේද.........මැනිකගේ අප්පච්චී හෙට එයී..........ඔයාගේ අප්පච්චී බයවෙලයි හිටියේ.......ද
මන් හිමින් සුරංගනාවීව උස්සලා ගත්තා..........යාන්තම් ඒ චුටී දත් පෙන්නලා සුරංගනාවී මට හිනා වෙද්දී සත්තයි මට ඒ හැගීම දරාගන්න බැරි උණා..........
සුරංගනාවී නිදා ගත්තේම නැ......මන් එහා පැත්තේ බෙඩ් එකේ හිටපු ලේඩීගෙන් ඉල්ලගෙන බබ්ලීට කිරි එකක් හදලා හිමින් හිමින් පෙව්වා............ඒ දරුවා බඩ ගින්නේ ඉන්න ඇත්තේ..........ඒත් කියා ගන්න තේරූමක් නෑනේ..........😥..
යශ් දුන්න ෆෝන් එක රින්ග්ස් යනකොට මන් දෙපාරක් නොහිතම ෆෝන් එක ආන්ස්වර් කලා............
හෙ....හෙ...ලෝ.............දෙව්ලී.............දරුවට මොකද...........එයා ඉන්නවද.........මන් උදේම එන්නම්...........
කතා නොකර ඉන්න කියලා හිතුණත් මේ වෙලාවේ තාත්තා කෙනෙක් විදිහට යශ් අසරණයි...මන් ඒ අසරණකම පහත් කරන්න හොද නෑ..........
එයාට අඩුයි.එයා ඇහැරලා ඉන්නේ.........උණ අඩු වෙලා................බය වෙන්න දෙයක් නෑ..........
මන් එහෙම කියලා ෆෝන් එක කට් කලා.......තව එයා එක්ක කතා කරන්න දෙයක් මට තිබ්බේ නෑ...........
මැණික දෝගමු................මට අමාරුයි...............හෙට උදේම ඔයාගේ අප්පච්චී එයි...ඊට පස්සේ ඇහැරෙමු......කොයි............
ඒත් සුරංගනාවී එක තප්පරයක් බිමට බැස්සේ නෑ......මන් නින්ද ගියාම ඇදෙන් තියන්න හැදුවත් ඒ හැම වෙලාවකම සුරංගනාවී අඩන්න හද්ද්දී මන් බයට සුරංගනාවී මගේ ඔඩෙක්කේම තියා ගත්තා..........
පාන්දර වෙද්දී මගේ කකුල් ඉදිමිලා තිබ්බේ කොට්ට ගෙඩි වගේ.........ඒ සුරංගනාවීව අරගෙන එහෙට මෙහෙට ඇවිදලා........
පාන්දර හතරට විතර මගේ ඇස් දෙකත් තෙහෙට්ටුවට පිය උණා........සුරංගනාවීත් නිදාගෙන හිටපු නිසා මාත් එහෙමම හිටියා.......
යශ් පාන්දරම හොස්පිටල් එකට එද්දී උදේ හය වෙලත්.සුරංගනාවීට අඩුනම් ගෙදර ගෙනියන්න පුලුවන්........යශ් කෑමත් උස්සගෙන වෝර්ඩ් එකට ගියේ සුරංගනාවී බලන්න කලබලේ.........
දෙයියනේ..................ඩබලම නිදී......යශ් ගෙනාපු කෑම එක ලොකර් එක උඩින් තිබ්බා.........
පවු ඔයාගේ වයිෆ් මල්ලී....එළිවෙනකම් ඇහරලා හිටියේ............බබා එක විනාඩියක් ඇදේ හිටියේ නෑ.......මේ නංගී බබාව වඩාගෙනමයි හිටියේ.....පවු.............
යශ්ගේ හිත ගැස්සිලා ගියේ ඒ වචන ටිකට..........යශ් හිමින් කෙල්ලගේ ඇගට අත තියලා කෙල්ලව හෙල්ලුවා........
ඒයී නැගිටිනවා.............මේක හොස්පිටල් එක........ගෙදර නෙවෙයි...........
මන් ඇස් දෙක ඇරියේ කලබලෙන්...ඔළුවත් කැක්කුමයි.......මන් කොණ්ඩේත් අතින් හද හද. යශ්ගේ දිහා බැලුවා........
යනවා ගිහින් මුණ හෝද ගන්නවා.මන් ඩොක්ටර් එක්ක කතා කලා...බබාව ගෙනියන්න පුලුවන්...එයාට අඩුයි.ඩොක්ටර් චෙක් කලාට පස්සේ අපිට යන්න පුලුවන්.................යන්න ලෑස්තී වෙනවා.........
ඇදේ ඉදගෙන මගේ දිහා බලාගෙන ඇඩිලා වගේ ඉන්න සුරංගනාවීව මන් උස්සලා ගත්තා....
යශ්ගේ දිහා නොබලා මගේ පැත්තට අත දික් කරපු සුරංගනාවීවත් උස්සගෙන මන් වොශ් රූම් එකට ගිහින් මුණත් සෝදවගෙන ආයේම ආවේ යන්න ලෑස්තී වෙන්න..........
🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤❤️❤️🖤🖤
මන් දැන් මෙහට ඇවිත් සතියක්....යශ් එක්ක මට කතාවක් නෑ.එයා මගේ මුණක් වත් බැලුවේ නෑ.......මාත් හිටියේ මගේ පාඩූවේ......ඒත් සුරංගනාවීගේ අසනීපෙන් පස්සේ යශ් මට කිසිම දෙයක් කියන්න ආවේ නෑ ..
මන් සුරංගනාවීව අල්ලනවට මට බනින්න යශ් ආවේ නැත්තේ තාම සුරංගනාවීට අසනීප හොද නිසා වෙන්න ඇති.....
දෙව්ලී නෝනා........මෙන්න ලොකු මහත්තයා ඇවිත්...එන්නලූ......
මන් සුරංගනාවීව ඇදෙන් තියලා පහළට ගියේ කලබලෙන්........
අනේ පුතේ එන්නවත් බැරි උණා.සුරංගනාවී නිදිද.......මේත් පන්සලට ආපු ගමන් ආවේ...චුටී පුතාත් යන් කිව්ව නිසා මාත් මේ ආවේ..............
#දේශ් කෙල්ලගේ දිහා බලන් හිටියේ පුදුමෙන්....කියාගන්න බැරි ලස්සනක් මොකක්ද අමුතු ලුක් එකක් කෙල්ලගෙන් දේශ්ට පෙනුනා...........
ආහ් නෑනෝ...........කෝ අයියා...........හොදට සලකනවා ඇති නේද......
ඔව්..........වරදක් නෑ............
මන් හිමින් උත්තර දුන්නා........ඒ මුණේ තිබ්බ කෑදර බැල්මට මට බලන්න හිතුන් නෑ...........
අම්මා ඉන්න මන් තේ හදන්නම්.රාධා චුට්ටක් බබාව බලන්න.....මන් කිචන් එකට යන්නම්..............
මන් කිචන් එකට ගිහින් තේ හදන්න හීටර් එක ගැහුවා.මගේ පස්සෙන්ම කවුරු හරි එනවා කියලා දැනෙද්දී මන් ගැස්සීලා ඒ පැත්තට හැරුණා...........
ආහ්.....න....ංගා.වතුර එකක්..දෙ..නවද.......
මන් වතුර එක දෙද්දී පොඩි අයියා මගේ අත අල්ලන හදනවා කියලා මට දැනෙද්දී මන් වතුර වීදුරුව එහෙමම බිමට අත ඇරියේ බිදෙන්නමයි...........
අනේ පුතේ මොකක්ද උණේ...............
අම්මා දුවගෙන එද්දී මන් මොකුත් නෑ කියන්න ඔළුව වැනුවා....බිම තිබ්බ වීදුරු කටු ටික ඇහිදලා අම්මලට තේ හදලා දුන්නා.........
අම්මලා ගියාට පස්සේ මට ඒ හැමදේම ආයේ ආයේම ඒ හැමදේම මතක් උණේ හිතේ බය වැඩි වෙද්දී.......දෙයියනේ ඒ මනුස්සයා.............
මම්මාට වත් කෝල් කරන්න ඔනී...මන් එහෙම හිතලා ෆෝන් එක අතට ගත්තා.දැන් යශ් එන වෙලාව.....ඊට කලින් කතා කරන්න ඔනී...........
මන් ෆෝන් එක අරගෙන ඇදෙන් වාඩී උණා.....ඇදේ නිදාගෙන ඉන්න සුරංගනාවීට නැවිලා හාද්දකුත් දුන්නේ ආදරෙන්.......❤️
දෙව්ලී..........දෙවිලී...............
මන් ගැස්සුනේ යශ්ගේ කටහඩට...............
මන් ෆෝන් එක එහෙමම කට් කරලා ඇදෙන් නැගිට්ටා............
තමුසේ ඒ මොකක්ද කර කර හිටියේ......තමුසේ හොර වැඩක් කර කර හිටියා නේද..ආහ්.😡😡😡..
එහෙම අහපු යශ් ඇදේ තිබ්බ මගේ ෆෝන් එක යශ්ගේ අතට ගත්තා..........
දෙවියනේ...............යශ්..............
තමුසේගේ මොකක්ද තියෙන හොර වැඩේ දෙව්ලී.............
මන් ගල් ගැහිලා වගේ යශ්ගේ දිහා බලාගෙන හිටියා.......ඒ මුණේ තිබ්බ නපුරු ගතියට මන් බය වෙලයි හිටියේ..........
මන් අත් දෙක පිටිපස්සට කරගෙන මන් පස්සෙන් පස්සට ගියේ යශ්ට කිසිම දෙයක් නොකියා.......කතා කරන්න හැදුවත් මගේ කටින් එක වචනයක් වත් පිට උණේ නෑ......
තමුසේගේ කටේ වචන හිර වෙලද......කාත් එක්කද කතා කලේ..මොකක්ද මන් එනකොට කරපු හොර වැඩේ.......
මන් ඔළුව වැනුවේ හොර වැඩක් කලේ නෑ කියන්න..........අඩුම ගානේ හ්ම්ම් කියලා කියන්නවත් මගේ කට හෙලවුණේ නෑ...........
ආහ්.......තමුසෙත් ඉතිම් පාටක් හැඩක් නැති උණාට අක්කා වගේම ඇති.මොකද එකම අච්චුවේන්ම ඉපදිච්ච අයනේ...අක්කාත් බඩුවනේ හෙන.........මට අමතක උණා තමුසේත් ඒ අක්කගේම නංගී කියල.........
යශ් කියපු වචන ටිකට මගේ හිත හොදටම රිදුණා.......මන් ඇස් වල කදුළු එහෙමම ගලන්න දීලා ඔහේ යශ්ගේ මුණ දිහා බලන් හිටියා.........
නපුරුකම බේරේනවා ඒ මුණේන්..ඒත් මොකක්ද මන්දා හොයාගන්න බැරි තරම් හැගීමකුත් ඒ ඇස් වල තියෙනවා...
යශ් එහෙමම මාව අල්ල ගත්තා..යශ්ගේ මුණ මගේ මුණේ වැදුනත් යශ්ට ඒවාගෙන් ගානක් තිබ්බේ නෑ....මට කලබලේට ඒ හැමදේම අමතක වෙලා ගියා...... යශ් මගේ අත මිරිකලා අල්ලගෙන මගේ අතේ තිබ්බ ෆෝන් එක අරගෙන කාමරෙන් එළියට යන්න ගියේ මාව එහෙමම තල්ලු කරලා දාලා..........
මන් වැරද්දක් කලෙත් නෑ.....ඒත් මේ මනුස්සයා මගේ ෆෝන් එකත් ගත්තා.....මොනා කරන්නද.........වවුලාගේ වෙඩින්ග් එකට ගියා නම් ඒ විදියට ඉන්න එපැ.....ෆෝන් එක් තිබ්බත් මට වැඩක් නෑ.......ෆෝන් එකෙන් කාට කතා කරන්නද................
අනිත් එක මේ හැලි වදුරා.......😡😡😡
මන් ගොලු උණා............උඹ හරි ලස්සන එකීනේ හුම්ම්ම්ම්..........උබ නිකම් කලවැද්දියෙක් වගේ.......ඒත් එක්ක බලද්දී උඹගේ අක්කී කිව්ව කතාව ඇත්ත..........
තැඹිලි ඉත්තක කපුටෙක් වැහුවා වගේ තමා.යශ් කොච්චර ලස්සනද බලපන්....දරුවෙක් හිටියත් ඒ වගේ කොල්ලෙක් එක්ක කෙල්ලෙක් එන්න දෙපාරක් හිතන්නේ නෑ...........
මන් කවදාවත් නැතුව ඩ්රෙසින් ටේබල් එක ලගින් වාඩී වෙලා මගේ මුණ දිහා බැලුවා.....හිනාවෙද්දී වල ගැහෙන කම්බුලට මන් ආසයි...........කලුයි තමයි.......ඒත් කමක් නෑ......කලු මිනිස්සුත් මෙ ලොකේ ඉන්න එපැයි........... 😌😌😌ඒ මිනුස්සුත් ඉන්න නිසා තමයි මේ ලෝකේ මෙච්චර සුන්දර වෙලා තියෙන්නෙ..... 😆
ඒ...ඒ........ඒ..........ඒ
අනේ........අපේ සුරංගනාවී ඇහරලා වගේ........කෝ බලන්න රත්තරං.........අනේ මොකක්ද උණේ..............කෝ එන්න වඩාගන්න..............
මන් ඇදේන් ඉදෙගෙන ඇස් පොඩි කරන සුරංගනාවීගේ සද්දේට මන් නැගිට්ටා.......මන් නැගිටලා ගිහින් ඇදෙන් ඉද ගත්තාම සුරංගනාවී හීනා කටක් හිනා වෙලා බංඩිය පෙන්නනකොට මට හිනා ගියා.........
අනේ අම්මෝ බඩගිනිද.යන් යන්......අපි ගීම් රස බත් ටිකක් කමු...........කාලා හොදට සෙල්ලම් කරමු............
කෝ එන්න.................
මන් සුරංගනාවීව උස්සගෙන පහළට ආවේ එයාගේ ඇග සෝදවලා බත් ටිකක් කවන්න.......ඒත් හොල්මනක් වගේ සාලේ සෙටි එකේ ඉන්න යශ් දැක්කාම මන් ආයේම සුරංගනාවීව වඩාගෙන අනික් පැත්තට හැරුණේ උඩ බාත් රූම් එකෙන්ම සුරංගනාවීගේ ඇග හොදනවා කියලා හිතාගෙන.....
රාධා මේ දරුවව ගන්නවා.අරගෙන ඇග සෝදවලා බත් කවනවා.........ඉක්මනට.........
හරි මාත්තයා........මන් ගන්නම්.............
යශ් එහෙම කියද්දී රාධා දුවගෙන ඇවිත් සුරංගනාවී ගන්න හැදුවත් සුරංගනාවී මගේ බෙල්ල බදාගෙන අඩන්න පටන් ගත්තා......
දරුවත් හිතුවක්කාර වෙලා ඉන්නේ......මේ සතියට.......දරුවව ගන්නවා රාධා......මේ කෙල්ලත් මෙයා විදියට හැදුණොත් එහෙම මට මැරෙන්නයි වෙන්නේ.....
රාධා දරුවව අරන් ගියේ බලෙන්මයි......මන් හීල්ලුවා.......හුල්ලලා අඩියට දෙකට කාමරේට ගියා.........මොනා කරන්නද...........දෙවියෝ............හොද දේවල් දෙන්නේ හැමදේම තියෙන මිනිස්සුන්ට.ඒත් හැමදේම ලැබෙන් නැති මිනුස්සුන්ට ඒ දේවල් කවදාවත් ලැබෙන් නැ...........
මේ දෛවය කෙනෙක්ට ලැබීමක් උණාට සමහර අයට ලොකුම ලොකු නොලැබිමක්.............කෙනෙක්ට ලැබීම් පිරිච්ච නිධානයක් උණාට තවත් කෙනෙක්ට දුක පිරිච්ච කාන්තාරයක් මේ ජීවීතය........
කමක් නෑ.....................😥😥😥මන් දන්නවා මන් ලස්සන උනානම් සුදුවට ඉපදුනා නම් සමහරවිට මට මුළු ලෝකයක් ආදරේ කරයි..............මුලු ලෝකයක්.............
යශ්ගේ ලග තිබ්බ කෙල්ලගේ ෆෝන් එක අරගෙන යශ් බැල්කනි එකට ගියේ කුහුලෙන්........බැදිමක් නැති උණත් යශ්ට කෙල්ල හොර වැඩක් කරනවා වගේ දැක්ක නිසා කේන්තී ගියේ හොර වැඩ යශ්ට පෙන්නන්න බැරි හින්දමයි...........
උඹට මාව තම්බන්න බෑ දෙව්ලී........ඔය ලුණු ගොරකා මදී එකට.......බලමුකෝ කාත් එක්කද හොරෙන් කතා කරන්න හැදුවේ කියලා.........
යශ් කෙල්ල අන්තිමට ඩයල් කරපු නම්බර් එක ආයේම ඩයල් කරලා කණෙන් ෆෝන් එක තියා ගත්තා...........
අක්කා වගේ ඇති නංගීත්...........අනිවාරෙන්ම කොල්ලෙක් වෙන්න ඇති....මේකීත් කළු උණාට මානේල් මලක් වගේ ඉන්නවනේ.....😡
මේකී මේ නම්බර් එක මම්මා කියලා සේව් කරන් ඉන්නේ හොයාගන්න බැරි වෙන්න ඇති.හිටපන්කෝ.........මන් ඔය මුළු පවුලටම ලැජ්ජා කරලයි නවතින්නේ.
යශ්ගේ ඇස් දෙක නතර උණේ ඔෆිස් රූම් එකේ ගහලා තියෙන තාත්තගේ ෆොටෝ එකට..........ජීවීතේ අමාරුවෙන් ගොඩ එන්න අත දුන්න ඒ අත නැතිව යශ් විදවන විදවිල්ල ඇති ජීවීත කාලේටම..............
තාත්තේ......ඔයා ඉන්න තැනක හොදින් ඇති.........ඒත් ඔයාව මරාගෙන උන් සැප විදිනවා.........මන් උන්ව ලේසීයෙන් අත අරින්නේ නෑ.......ඔයා අන්තීමේ හුස්ම ටික යවන්න කොච්චර විදෙව්වද..............මන් ඒ හැමදේම දන්නවා තාත්තේ. .....
ඌ තමයි ඔයාගේ මාරයා අප්පච්චී ඔයාගේ යාලුවා නේවේ ඌ ඔයාගේ මාරයා.....😡😡😡
දෙව්ලී උඹගේ තාත්තාටත් විදවන්න වෙයි.බලාගෙන හිටපන්........එදාට තමා මේ යශ්ට සතුටක් තියෙන්නේ........යශ් සතුටින් ඉන්නේ එදා ඉදලා..........
යශ් ෆෝන් එක කනේ තියා ගත්තේ කුහුලෙන්.....
හෙලෝ....චුට්ටී......පුතේ..........
යශ් ගැස්සිලා ගියා.............දෙව්ලි කතා කරන්න හදලා තියෙන්නේ මම්මටද....ඒ හිත ඇවිලුණේ දෙව්ලිට කියපු ඇනුම් පද වලට.........
මම්මේ........මන්............චුට්ටී නෙවෙයි.........මන් යශ්...........
අනේ රත්තරං...ඇයි කෙල්ල කෝල් එකක් වත් ගත්තේ නැත්තේ.මගේ කෙල්ල හොදින් ඉන්නවා නේද පුතේ.......මටයි පාලු චුට්ටී නැතිව...........මගේ දරුවව හොදින් බලාගන්න පුතේ..........
හරි මම්මේ මන් කියන්නම් දෙව්ලිට ඔයාට කතා කරන්න කියලා.......මන් තියන්නම් බුදු සරණයි.........
යශ් ෆෝන් එක එහෙමම ඇද උඩින් තිබ්බා........දෙයියනේ මේකී හොරගල් ඇහිද ඇහිද කතා කරලා තියෙන්නේ මම්මටද........
මන් කරන්නේ වැරද්දක්ද හිතෙනවා...මේ කෙල්ල මට වැරද්දක් කරලත් නෑ.........ඒත් මගේ තාත්තා නැති උණේ කාටවත් වැරද්දක් කරලද.......නෑනේ..........
යශ් ඔෆිස් එකේ වැඩ ඉවර කරලා පහළට ගියේ රාධාටයි සෙල්වම්ටයි පඩිය දෙන්න......සුරංගනා නැති උණ දා ඉදලා මේ රාධා කෙල්ල අම්මා එක්ක හරි හරියට සුරංගනාවීව බලාගන්න ඔට්ටු උණා.....හැමදේකින්ම කලකිරිලා පිස්සෙක් උණාම සෙල්වම් තාත්තෙක් වගේ ලග හිටියා..................
අනේ මහත්තයා සල්ලි මොකටද.කෙල්ලගේ පොතට කීයක් හරි දාන්ඩ.ඒ ඇති.......මට මේ වත්තේ පිටියේ වැඩක් කරගෙන ඉන්ඩ පුලුවන්නේ......
ඒ උණාට සෙල්වාමාමේ........මේක තියාගන්න වියදමට හරී....ඕක රාධාට දෙන්න..ඒත් කෙල්ලෙක්නේ.එයාටත් වියදමට ඔනීනේ.........
යශ්ගේ සයිට් එකේ වැඩෙන් මහා ලාභයක් තිබ්බේ නෑ..මොකද යශ් තාම ෆීල්ඩ් එකට අලුත් ඉන්ජිනියර් කෙනෙක්....සයිට් එකේන් ලොකු ලාභයක් එනවා නම් යශ්ට කිසිම අවුලක් නැතිව දෙවනි පාරටත් දෙව්ලිගේ තාත්තගේ පරණ ණය ගෙවලා දාන්න තිබ්බා......ඒත් යශ්ට තාම එහෙම හයියක් තිබ්බේ නෑ.............
දයා කරපු බොරුව නිසා යශ්ගේ තාත්තා ආයේ නොයෙන්නම ගියා.......සල්ලි වලට නැදෑකම් යාලුකම සහෝදරකම් නැ කියන කතාව සත්තකින්ම ඇත්ත.....
හ්ම්ම් සුරංගනාගේ මොලේ ඔපරේශන් එකටම යශ්ගේ සල්ලි වලින් සෑහෙන්න වියදම් උණා.........ඒත් අහසේ පායන තරුවක් වගේම සුරංගනා පුංචී සුරංගනාවී යශ්ගේ අතට දීලා සදහටම යන්න ගියේ යශ්ගේ ලෝකේ හිතාගන්න බැරි හිඩසක් හදලා........හ්ම්ම්ම් තාමට්න් ඒ හිඩැස ඒ විදියමයි.......යශ් ඒ අසුන්දර කතාව සුරංගනාවීගේ උපන් දිනේ දවසේ එයාගේ අම්මා සුරංගනා මේ ජීවීතෙන් යන්නම යන්න ගියා...........යශ්ගේ ජීවීතේ අදුරුම දවස.................
සුදු මහත්තයා......අද කලින් එනෝද..........
මොකෝ මේ..............ම්ම්ම්.......
යශ් කෙල්ලගේ මුණ දිහා බැලුවේ පුදුමෙන් වගේ............
යශ්...................
ම්ම්ම්ම්ම්ම්................
අපිට දෝණීයෙක් ලැබුණොත් එයාට නම දාමු...........ම්ම්ම් සුරංගනා කියලා..............
මොන කුනුහරුපයක්ද බන් ඒක...යකෝ අම්මගේ නමත් සුරංගනා......දුවගේ නමත් සුරංගනා.......
මන් ආසයි යශ් එහෙම...කොහොමත් මගේ බණ්ඩියේ ඉන්නේ දෝණීයෙක්.මට ඒක දැනෙනවා.අනිත් එක යශ් මට මේ ජීවීතේ ගැන මොකක්ද බයක් දැනෙනවා..ඒක තේරේන් නෑ යශ්..........
මෝඩී............කටවහන් හිටපන්.............
අම්මී කැමති නම් ඉතිම් බබාට අම්මගේ නමම දාමු.ඔය විකාර කතා කියන්න එපා සුරංගනා වදින්නම්...ප්ලීස්...අනිත් එක ඔයාගේ හිතේ තියෙන්නේ ඔය විකාර සුරංගනා..............
අම්මී කැමති නම් ඉතිම් බබාට අම්මගේ නමම දාමු.ඔය විකාර කතා කියන්න එපා සුරංගනා වදින්නම්...ප්ලීස්...අනිත් එක ඔයාගේ හිතේ තියෙන්නේ ඔය විකාර සුරංගනා..............
සුරංගනාවී......ඒක තමා අපේ කෙල්ලගේ නම හරිනේ............❤️❤️❤️
යශ්ගේ ඇස් වලට ආඩම්බරයක් ගෙනාවේ සුරංගනාවී.......අමාරුවෙන් බණ්ඩියට අත තියාගෙන ඇවිදින කෙල්ල දැක්කාම යශ්ගේ හිත ඇවිලෙනවා....
අම්මා කෙනෙක් වෙන එකත් කොච්චර අමාරුද සුදු නෝනා...උඹ දැක්කාම මාව පිච්චීලා යනවා......අපේ අම්මා ගැන පට්ට අදරයක් හිතෙනවා සුරංගනා.......සත්තයි......
තේරේනෝ නේද සුදු මහත්තයාට මන් විදින දුක............ඔඩෙක්කෙන් ටිකක් ඉද ගන්නද...........
හ්ම්ම්...............
යශ් කෙල්ලගේ බණ්ඩිය අතගෑවා.......කෙල්ල හාවේක් වගේ ඔහේ ඉන්නකොට යශ්ට දුකයි......දුවලා පැනලා දගලලා හිටපු සුරංගනා උපාසක අම්මා කෙනෙක් වෙලා..............යශ් හිමින් ඒ පිටට හිස් තද කර ගත්තා............
මැණික............පරිස්සමින් ඉන්න...........ලබන මාසේ රාධාව ගමෙන් එක්කන් එනවා කියලා සෙල්වම් මාමා කිව්වා.......ඔයාට තනි නෑ එතකොට.........ම්ම්ම්ම්.....
මන් පරිස්සමින් ඉන්නේ යශ්......අපේ ආදරේනේ මගේ බණ්ඩියේ ඉන්නේ.....................
යශ් උදේම ලෑස්ති උණේ වැඩට යන්න.කෙල්ල හිමින් ඉස්සීලා යශ්ගේ ටයි එකේ ගැටේ තද කලා.........ඒ කරලා යශ්ගේ කම්බුල් දෙක අත් දෙකෙන් තද කලා..........
මොකෝ මේ හුරතලේ........ම්ම්.....යකෝ බබාට වඩා බබාලගේ අම්මගේනේ හුරතලේ............ඒකනේ ඉවසන්න බැරී..........😡😡
වැඩේ.මයි...........උලමා.....ගීම් එන්න.ගීම් එන්න......
සුරංගනා හිමින් යශ්ට තුරුල් උණා.........යශ් ඒ මුණ සිප ගත්තේ ආදරෙන්.......
පරිස්සමින් ඉන්න....මන් යනවා.අම්මා දවක් වෙලා එයි.සෙල්වම් මාමා ඉන්නවා.........හදිස්සියක් උණොත් එයාට කතා කරලා කියන්න.නැත්තන් මට ගන්න...........හාද........
හ්ම්ම්................
වෙනදා වගේ වැඩට ගියත් යශ්ගේ හිතට සැනසීමක් තිබ්බේ නෑ.....වැඩක් කරන්න ගත්තත් යශ්ට මතක් උණේ ලොකු බණ්ඩියක් උස්සගෙන ඉන්න සුරංගනාව මැවිලා පෙනුනා....හැම තිස්සෙම.......
දවල්ට කන්න කියලා කෙල්ල ඔතලා දුන්න බත් එක යශ් දිග් ඇරියා......ඒත් පලවෙනි කටම කොල්ලට හිර උණා.....කවදාවත් නැතිව......
ඒත් එක්කම වගේ යශ් ගේ ෆෝන් එක රින්ග්ස් උණා...........යශ් ෆෝන් එක දිහා බැලුවේ පුදුමෙන්.......කෙල්ල වෙන්න ඇති.........පවු....පාලු ඇති.......
අ........නේ....මා.ත්තයා.........
යශ් ගැස්සුනේ සෙල්වම්ගේ කටහඩට.....
ඇයි සෙල්වම් මාමේ........මොකක්ද උණේ.....හදීසියක්ද......
මාත්.ත..යා..නෝ..නා...හොස්පිටල් ගෙන...වා......ඉ..ක්..ම.නට එන්න....... ජෙනරල් හොස්පිටල් එකේ...........
මාත්.ත..යා..නෝ..නා...හොස්පිටල් ගෙන...වා......ඉ..ක්..ම.නට එන්න....... ජෙනරල් හොස්පිටල් එකේ...........
යශ් හොස්පිටල් එකට ගියේ පිස්සෙක් වගේ.....වෙලා තියෙන්නේ මොනාද කියලා යශ් දන්නේ නෑ......ඒ ඔළුව යකාගේ කම්මල වගේ වෙලා. තිබ්බේ.........
පඩිපෙලෙන් ලිස්සලා සුරංගනා ඇදගෙන වැටිලා..........සෑහෙන්න ඩැමේජ් වෙලා තිබ්බේ ඔලුවට.........😥......
සුරංගනාගේ බේත් වලට යශ් වියදම් කලා...........ඔව් ලක්ෂ ගාණක්....ඔපරේශන් එකට විතරක්.............ඒත් යශ්ට ලැබුනේ හොද උත්තරයක් නෙවෙයි.........
සොරි මිස්ටර් යශ්..........වයිෆ්ගේ ජීවීතේ ගැන අපිට තීරණයක් කියන්න. මෝලේට සෑහෙන්න ඩැමේජ්..දරුවව බේරන්න පුලුවන් යශ්............ඒත් නෝනා ගැන කියන්න බෑ........
යශ් ජීවීතේ ගැන කලකිරිච්ච දවස යශ්.කවදාවත් දෙවියන්ගෙන් කිසිම දෙයක් ඉල්ලුවේ නැති යශ් හැම දෙවි කෙනෙක්ගෙන්ම පිහිට ඉල්ලුවා.......
හරියටම සුරංගනා මාසයක් හොස්පිටල් එකේ හිටියා..........ඒත් පුංචී කෙල්ලව එක මොහොතකට බලන්න සුරංගනාට බලන්න බැරි උණා...එක මුසල දවසක සුරංගනා යශ්ටවත් කියන්නේ නැති ඒ ලස්සනම ලස්සන හිනාවත් අරගෙන යන්න ගියා..............යන්නම ගියා.............
ඔව් ඒ සුරංගනාවී යශ්ට දුන්න තෑග්ග......#සුරංගනාවී.....................
හ්ම්ම්ම්ම්.........................
යශ් බරටම හීල්ලුවා......ඒ ඇස් දෙක මිරිකපු ඇස් අහසේ ඈත පේන තරූවක් දිහා ඕනකමින් බලලා ලස්සනට හිනා උණා.....
ඒ ඔයා රත්තරං.....මන් දන්නවා............ඔයා මායි සුරංගනාවීයි දිහා බලාගෙනම ඉන්නවා......ආදරෙයි මගේ මැණික.............
මාත්තයා..............මාත්තයා................
යශ් ගැස්සිලා පිටිපස්සට හැරුණා............රාධාගේ අතේ ඉන්න සුරංගනාවී හොදටම අඩනවා......යශ් කෙල්ලව වඩාගත්තත් සුරංගනාවී අතින් මොකක් හරි කියනවා...................
අනේ මාත්තයා මේ දරුවා අඩනවා...කන්නෙත් නෑ...........අනේ මන් දන්නේ නෑ...........කෑම ටික එහෙමම.... ආයේමත් හොස්පිටල් එකට ගෙනියන්න වෙයිද දන්නේ නෑ........
#චුට්ටී..............
යශ්ට එහෙම කිය උනේ හදිස්සියෙන්..................
යශ් එහෙමම සුරංගනාවීව උස්සගෙන දෙව්ලිගේ රූම් එකට ගියේ කලබලෙන්.....
මෙන්න මෙයාව ගන්න.අපිට එහෙම ආයේ ගෙනත් දෙන්න එපා..තේරූණාද........නෝටී කෙල්ලෝ හොයන්නේම නෝටී කෙල්ලෝනේ......ඔන්න ඉන්න එකයි ඇත්තේ.......තාත්තී යනවා...........
මෙයාට බත් ටිකක් කවන්න දෙව්ලි.........උදව්වක්.....
සුරංගනාවීගේ දිහා මන් බැලුවේ පුදුමෙන්..........මෙච්චර වෙලා අඩ අඩ හිටපු කෙල්ල අත්පුඩි ගහන්න ගත්තා.......මන් ඒ රෝස මුණ සිප ගත්තේ ආදරෙන්.....
යශ් රූම් එකෙන් යන්න ගියේ සුරංගනාවීට කෑම ගේන්න......
යශ් ඒත් එක්කම වගේ සුරංගනාවීගේ කෑම එකයි වතුර එකයි ගෙනල්ලා මගේ ලගින් තිබ්බා....මන් සුරංගනාවීවත් වඩාගෙන එයාට කෑම කැව්වේ ආසාවෙන්............
හරි අපේ සත්තලං බත් කමු...........
ගිරවෙක් වගේ චූටී කට අරිද්දී සත්තයි ආදරේ හිතෙනවා.............❤️
පැයකට විතර පස්සේ යශ් කෙල්ලව ගන්න රූම් එකට ගියේ දැන් නිදි ඇති කියලා හිතාගෙන.......ඒත් බැල්කනි එකේ තියාගෙන තනියම කතා කරන කෙල්ල දැක්කාම යශ්ට පුදුමත් හිතුණා...........
රත්තරං............
තා..............ත්...............තා...............කිය.........න්න...........තා........ත්.තා.කියන්......න........
කෝ.............කෝ..........
සුරංගනාවී හිමින් කට එහෙට මෙහෙට කරනකොට මන් පුදුමෙන් ගැස්සුනා..ඒ කියන්නේ සුරංගනාවීට කතා කරන්න පුලුවන්.......
යශ් ආයේම ඇවිත් බලද්දී සුරංගනාවීට නින්ද ගිහිල්ලා දෙව්ලිගේ ඔඩෙක්කේම.
එයා නිදි...............
මන් එහෙම කිව්වාම යශ් එයාගේ තොල් වලට ඇගිල්ල තියා ගත්තා.....
කෑ ගහන්න එපා මැට්ටී....මෙයා ඇහැරෙයි.....
යශ් හිමින් සුරංගනාවී අරගෙන යන්න ගියාම දෙව්ලී හුල්ලලා රූම් එකේ දොර වහගත්තා..........
🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤
එදා පෝය....උදේ පාන්දරම මගේ දොරට කවුද තඩි බානවා....😡😡😡😡
මන් වැනි වැනිම ගිහින් අමාරුවෙන් දොර ඇරියා...............
හායී...........ගුඩ් මෝර්නින්ග්.......අපි ගමනක් යනවා.මෙයාවත් ලෑස්තී කරවනවා.......ඉක්මනට......
කො......කො....හෙද.....ය...න්නේ..........
යන්නේ මගුලක නෙවේ.මාලීගාවට.මට බාරයක් වෙන්න තියෙනවා.....ඉක්මනට............ලෑස්තී වෙලා එනවා නම් එනවා නැත්තම් ඔහොමම ඉන්නවා..........
මන් සුරංගනාවීවත් ලෑස්ති කරගෙන මාත් ලෑස්තී උණා...
යශ් සුරංගනාවී එක්ක කතා කලත් මාත් එක්ක වැඩිය කතා කලේ නෑ.සුරංගනාවී හෑමදේකටම හිනා වෙනවා විතරයි..මාත් ඔන්න ඔහේ ගොලුවෙක් වගේ හිටියා.....මට කාත් එක්කවත් බලෙන් කතා කරන්න බැනේ.....
කාලේකීන් මාලිගාවට ආවේ.මාස පහ හයකින් වගේ....... මගේ හිත නිවිලා ගියා වගේ...........
යශ් මල් අරගෙන දෝණීව මගේ අතට දුන්නා...........ම මන් දෝණීත් උස්සගෙන යශ්ගේ පස්සෙන්ම ගියා........පෝය හින්දා මාලීගාවේ පුදුම සෙනගක්..............
මගෙන් අල්ල ගන්නවා.තමුසේ වැටුණත් කමක් නෑ මගේ සුරංගනාවී වැටෙන්නේ නැතුව............
මන් යශ්ගේ ශර්ට් එකෙන් අල්ල ගත්තා.......යශ් මල් වට්ටියත් බේරගෙන මාවයි සුරංගනාවීයි බේරගෙන කොහොම හරි දළදා හාමුදුරුවෝ වන්දනා කර ගත්තා හිත පිරෙන්න..කරඩුව ඉස්සරහා පුංචී ඉඩක වාඩී වෙල යශ් ගාථා කියනවා...........මාත් ගථා කිව්වා.......සුරංගනාවී මගේ ඔඩෙක්කේ සැපට නිදී.......පවු...............
කැම් එකක් තියාගෙන හිටපු කොල්ලෙක් දෙපාරක් තුන් පාරක් එයාගේ කැම් එක අපේ පැත්තටම තියාගෙන ඉන්නවා මන් දැක්කා.ඒත් මන් ඒ ගැන හිතුවේ නෑ.......යශ් සමහර විට ඒක දකින්න ඇති.......මන් ඉක්මනට සුරංගනාවීවත් අරන් ඉන්න තැනින් නැගිට්ටා......
මාලීගාවට ගිහින් ආවාට පස්සේ සුරංගනාවීට මහන්සීයට නින්ද ගියා.මාත් එහෙමම ඇග සෝදගෙන ඇල උණේ ගොඩක් දවසකින් මහන්සීයට ............
යශ්ගේ ෆෝන් එක රින්ග් වෙද්දී යශ් ලැප් එකේ කර කර හිටපු වැඩේ පැත්තකින් තියලා ෆෝන් එක ආන්ස්වර් කලා..........
හෙලෝ දෙලයා කියපන්...............
මචන් උඹලා මාලිගාවට ගියාද.....
ඔව්..මචන් මාලීගාවට ගියා තමා.ඇයි...........
නෑ උඹ කවද්ද මැරි කලේ.මේ මන් උඹව පොඩි දේකට ටැග් කරලා ඇති උඹ ඒක බලපන්කෝ......
ආහ් හරි හිටපන් බලන්නම්..............උඹ මාව ටැග් කලාද............හිටපන්........
යශ් මොකක්ද කියලා හිතාගන්න බැරිව ෆේස්බුක් එකට ලොග් උණා........දේමීක යශ්ව ටැග් කරලා තිබ්බ දේ දැකලා යශ්ගේ ඇස් උඩ ගියා............
🖤🖤🖤සැබෑ ආදරය කියලා එකක් තියෙනවා🖤🖤🖤😮 වීඩීයෝ එකක්.....උඩ තීම් එක දාලා තිබ්බේ ඒහෙම....
ලයික් පනස්දාහ පන්නලා වීව්ස් ලක්ශ ගානක් පන්නලා තිබ්බ ඒ වීඩීයෝ එකට යශ් හිරි වැටිලා ගියා...
මතු සම්බන්ධයි..
No comments:
Post a Comment