ඒයී.....කලුච්චී තමුසේ එහෙම අද එළියට එන්න එපා.............මට ලැජ්ජයි........
මන් තෝර තෝර හිටපු සල්වාර් එක ඇද උඩින් තිබ්බේ අක්කී කියපු දේට....ඇස් කෙවනි වලින් කදුළු බිංදුවක් එළියට පනින්න හැදුවත් මන් ඔලුව වැනුවා........
තමුසේ එළියට එන්න එපා..තමුසේ නිසා මට බෑ ලැජ්ජා වෙන්න..........මට බෑ තමුසේ මගේ නංගී කියලා කියන්න......වැදලා කියන්නම්............මාව ඒ ගොල්ලෝ ඉස්සරහා චාටර් කරන්න එපා........
මන් හිනාවෙලා.... මන් ගත්ත සල්වාර් එක ආයේමත් අල්මාරියට දැම්මා....
අක්කී මන් එන්නේ නෑ.........
තමුසේ මගේ කවුරුත් නේවේනේ....ඒක නිසා හැමතිස්සේම අක්කී අක්කී ගාන්න එපා.............ප්ලීස්..........පාඩුවේ ඉන්නවා...
මන් අල්මාරිය ලගට ගිහින් කණ්නාඩියට උඩින් දාලා තියෙන රෙදි කැල්ල අයින් කරන්න හැදුවත් ඒකේන් පේන්නේ මගේ කැත විතරයි.......මන් එහෙමම ඇදට පෙරලුනේ මගේ පුපුරු ගහන ඔළුවත් බදාගෙන........
පුතේ....................
මන් ඔළුව ඉස්සුවේ මම්මගේ කටහඩට.............
මම්මේ..........ම.ට.....එන්...න.එපා.......ලු.......මන්...........ගො...ඩාක්.....කැත......යි........නේ.....ද.......ම..ම්.....මේ.........ම.....කැ....ත...යිද.......
නෑ......මගේ පුතේ......ඔයා තමයි.........මට මේ ලෝකේ ඉන්න සුරංගනාවී........ඔයා අදට විතරක් ඔහොම ඉන්න පුතේ..කාමරේටම වෙලා.මේ මම්මා වෙනුවෙන් ඉන්න..........
මන්.....කැත......නිසා........නේ.........මම්.මේ.........ඔ..යා......ටත්......ලැ....ජ්ජ.......ද.....ම්ම්ම්
මම්මා මගේ ඔළුවත් අතගාගෙනම කාමරෙන් යන්න ගියේ හූල්ල හුල්ල...ඒයාලග මන් අහන ප්රශ්න වලට වෙලාවකට උත්තර නෑ.........
උදේ දහය පහුවෙනකම් මන් ඔහේ රූම් එකට වෙලා හිටියේ කම්මැලිකමට......අලුතෙන් ලයිබ්රී එකේන් ගෙනාපු පොත මන් ආයේ ආයේම පිස්සුවෙන් වගේ කියෙව්වා........සාලේන් ඇහෙන සද්දෙට මගේ කකුල් කසන්න වගේ පටන් ගත්තේ අක්කීගේ කොල්ලා කවුද කියලා බලන්න........
මන් හිගන්නියෙක් වගේ කමාරෙන් එළියට එද්දී අම්මා මගේ දිහා රවලා බැලුවේ කේන්තියට.........මන් එයාව ගනන් ගන්නේවත් නැතිව ඔහේ ඉස්සරහට ඇවිදගෙන ගියා......
මොකටද උඹ එළියට ආවේ.........ඇයි උඹට ගේ ඇතුළේ ඉන්න බැරිද..........මන් කිව්වා නේද.....😡😡😡
ඒ දරුවට ඔය විදිහට බනින්න එපා යසෝමා........ඒ දරුවා පවු..............ඔහේ එළියට ආපුදෙන්.........
ඔයා තමා මේකීට බුරුල දෙන්නේ..මගේ දරුවෙක් කියලා කියන්න පුලුවන්ද........බලන්නකෝ මහත්තයා ඉන්න හැටි......
මොනවා උණත් මේ අපේ දරුවා යසෝමා........ඒක මතක තියා ගන්නවා.....මන් ආයේම කියන්නේ නෑ........
ඔව්.ඔව්....මේකීගේ කරුමක්කාරකමටත් පලි මන්..............ඔක්කටම පලි මම......මට බය මෙන්න මේකී නිසා අන්න අර අහිංසක කෙල්ලට කසාදයක් කර ගන්න බැරි වෙනවා...........ගෙට වෙලා හිටපන්.......
මෙච්චර හොද දවසකවත් කටවහගෙන ඉන්නවද යසෝමා.........
පලයන් යන්න........කරුමක්කාරී.මගේ කුසේම පැල පදියම් උනානේ ඇවිත්.මේකී මැරිලා යන්නයි තිබ්බේ ඉපදෙන්නත් කලින්.....
අම්මා එහෙම කියද්දී මන් අම්මගේ දිහා බැලුවේ දුකෙන්..තාත්තා පවු........එයා හැමදාම මන් නිසා බැනුම් අහනවා......මන් අම්මා කියන දේවල් ගනන් ගන්නේ නැතුව සාලේ පැත්තට ගියේ හිතේ හිරවෙලා ගියපු හිතුවක්කාරේට.....
සාලේ හිටපු අය අක්කීව බලන්න ආපු අයියගේ පවුලේ අය.......එයාලා මගේ දිහා බැලුවේ ඇස් ගෙඩි ලොකු කරන්.....මන් ඒ බැල්ම වල් මග ඇරලා සාලේන් එළියට ආවා.........
මේ ඉන්නේ සෙහන්සාගේ නංගී වෙන්න ඇතී..........නේද............ඒ.....ත්..........අපිට කලින් ඒ වගක් කිව්වේ නෑනේ.......
අක්කී මගේ දිහා බැලුවේ පුදුම තරම් කේන්තියකින්....
එයා මගේ නංගී නෙවේ ........අපේ ගෙදර වැඩට ඉන්න එක්කෙනාගේ දුව....මේ...මේ........අර ටැමිල් ගෑණු කෙනාගේ දුව...
මන් ගැස්සුනා.........මන් අක්කීගේ නංගී නෙවෙයි.........මන් තාත්තා දිහා බලද්දී තාත්තා අක්කීගේ මුණ දිහා බලලා අම්මාගේ මුණ දිහා බැලුවා........
ඒක තමා මාත් බැලුවේ අම්මේ.සෙහන්සා කවදාවත් නංගී කෙනෙක් ඉන්නවා කියලා නෑනේ අම්මේ.....අනිත් එක සෙහන්සා වගේ නෙවේනේ මේ කෙල්ල...අම්මෝ කලුයිනේ........ඒකයි මන් බැලුවේ....
අයියා එහෙම කියද්දි අක්කී අයියා ලගින්ම වාඩී උණා.......
අපේ මුණවල් දිහා බලන් ඉන්නේ නැතිව යනවා ගිහින් තමුන්ගේ වැඩක් බලාගන්නවා..........මේ මිනිස්සු ඉස්සරහා තොරණක් වගේ ඉන්නේ නැතිව....
මන් අක්කීගේ මුණ දිහා ආයේමත් බැලුවේ පුදුමෙන්.........අක්කීගේ මුණේ තිබ්බේ කේන්තියක්......ඇයි උඹ එළියට ආවේ වගේ හැගීමක්......
මම්මා ලගට ගිහින් මම්මාව බදාගෙ අඩන්න මට ඔනී උණා.....ඒත් මේ වෙලාවේ මන් වගේම මම්මත් අසරණයි.......මන් මේ වෙලාවේ මේ හැමදේම අවුල් කලොත් මම්මටත් දුක හිතෙයි....එයාට මොනා හරි උණොත් මට කාත් කවුරුත් නැති වෙයි.................
බෑ.....බෑ......මම්මා නැතිව මට ඉන්න බෑ..............
මන් බිම බලාගෙනම සාලෙන් කුස්සිය පැත්තට ආවා.............කුස්සියේ එළියට බහින පඩිය උඩ ඉදලා මන් ඔහේ කල්පනා කරන්න පටන් ගත්තා............
එළියේ වත්තට බැහැලා මන් ඔහේ ඇවිදගෙන ගියේ දොළ පැත්තට.......දොළේ වැස්ස නිසා ඇතිවෙන්නම වතුර......
මන් ඇලට පැනලා ඇති වෙනකම් නෑවා......දොළ අයිනේ ගලට වෙලා අව්වේ හිටියේ මගේ කොණ්ඩේ වේලේන්න.........ඉස්සර වගේම දොළේ වතුර පුදුම හීතලක් තියෙන්නේ............මන් ඉණටත් පහලින් තිබ්බ මගේ ක්රේල් කොණ්ඩේ අරගෙන ඉස්සරහට දාගෙන ඇගිලි තුඩු වලින් එහෙට මෙහෙට කලා...............
#දෙව්ලි...........මොකෝ...............මේ.........ඔයට බැස්සද පුතේ.............අනිත් එක මේ වක් ඇළ ගාවීන්ම........මොනා හරි උණානම්....
මන් ගැස්සිලා අනික් පැත්තට හැරුණේ කවුද බලන්න.....මගේ පිටිපස්සෙන් හිටියේ මම්මා............
හ්ම්ම්ම් අපේ තාත්තා මට දාපු නම...............මන් තමයි#දෙව්ලි_පාරමි_ඒකනායක......
දෙව්දු කිව්වට මොකද මන් හරිම කැත කෙල්ලෙක්........දෙව්දුවක් නෙවේ මන් මාර දුතීකාවක් අම්මා කියන විදියට......ඔව්..........කලුයි මන්........මන් කලු නිසා මගේ අම්මා අක්කාට මාව සෑහෙන්න මග ඇරිලායි තිබ්බේ..............මගේ හමේ පාට නිසා අම්මාට මාව හිසරදයක් වෙලායි හිටියේ........
ඒත් මගේ හුස්ම ටික වගේ මගේ ලගම හිටියේ මගේ මම්මා.......මගේ තාත්තාගේ අම්මා.......
මන් මැරුණොත් මම්මට දුකයිද මම්මේ...
මොනාද දෙව්ලී මේ කියවන්නේ........ඇයි මන් තාත්තා ඔයාට ආදරේ කරන තරම් මදිද පුතේ.....මැරෙන්න හේතූ දාහක් තියෙද්දී ජීවත් වෙන්නත් එක හේතුවක් හදාගන්න පුතේ........ඒකයි ජීවත් වෙනවා කියන්නේ......
අ....නේ.....ම...ම්......මේ....................ම..න්.....කැ...ත......කෙ...ල්...ලෙ....ක්.....කැ...තම.....කැත......
අ....නේ.....ම...ම්......මේ....................ම..න්.....කැ...ත......කෙ...ල්...ලෙ....ක්.....කැ...තම.....කැත......
දන්නවද දෙව්ලී...ඔයා චුටීම කාලේ කඩරොලු මලක් වගේ.....ඔයාගේ ක්රේල් කොණ්ඩේ හරිම ලස්සනයි........ඔයා බෝනීක්කෙක් වගේ පුතේ.......ඒකයි ඔයාගේ අම්මා ඔයාට දෙව්ලී කියලා නම තිබ්බෙත්.......
ඒත් එයා මට ආදරේ නෑ මම්මේ.......මන් එයාගේ දුවෙක් නෙවේ........මන් කැත නිසා මට කවුරුත් ආදරේ නැ.......මන් කැත උණේ පවුකාරකම නිසාද මම්මේ............
මන් මම්මව බදාගෙන ඉකි ගැහුවේ දුකෙන්.........මම්මා මගේ ඔලුව අත ගාද්දී මන් තෙතබරියම් ඇදුම පිටින්ම මන් මම්මට තුරුල් උණා........
යන් ගෙදර.......මොනා හරි ටිකක් කමු...............තාත්තා බය වෙලා පුතේ.........යමු අපි.............
🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤
මේ ෆොටෝ එකේ ඉන්න කෙල්ලද............😮😮😮...
ආදීගේ ඇස් ලොකු උණේ තප්පරේට.........
අම්මා කියන්නේ මට අර නැට්ටිච්චියක් වගේ ඉන්න කෙල්ලෙක්ව කසාද බදින්න කියලද..........අම්මට කියලා නම්බුවක් නැද්ද.....ආහ්.........මේ කෙල්ල කොල්ලෝ කී දෙනෙක් එක්ක කැෆේ එකේදී මන් දැකලා තියෙනවද........
මට ඒ කෙල්ලව මැරි කරන්න බෑ.........බෑ කිව්වාම බෑ.........බෑ.බෑ...ඕහ් ශිට්......
යශ් දඩස් ගාලා ඉදගෙන හිටපු තැනින් නැගිට්ටා.ඒ මුණ කලු වෙලා ගිහිම් තිබ්බේ අම්මාත් එක්ක තිබ්බ කේන්තියට.........
ඔව්..ඔව්.උඹලා ඔක්කටම ඔනී උණේ මහ එකාව මරාගන්නනේ.........දැන් ඒ මනුස්සයාත් පොළොවේ පස් වෙලා ගියා...දැන් උඹලා ඔක්කම එකතු වෙලා ඉළගට මාවත් මරා ගනිල්ලා..............ඉවරයි........
අම්මා මේ විකාර කියවනවා.මට ජීවීත කාලේම තනියම මෙහෙම ඉන්න පුලුවන්......අම්මා කොහොමත් වද වෙන්න එපා.........දෙයියන්ගේ නාමේන් අම්මා මට මෙහෙම පාඩුවේ ඉන්න දෙන්න....ලොකු උදව්වක්...........
අනේ මේ අම්මේ................
යශ් මොනා කිව්වත් අම්මගේ හිත කලුගලක් වගේ....යශ් නළලත් මිරිකගෙන රූම් එකට යන්න ගියේ කේන්තියෙන්....
මේ දේ සිද්ධ වෙන්නම ඔනී.......... ඒ කෙල්ලට ලොකු ඩව්රි එකක් දෙනවා.උඹ ඒකීව බැදපන් ටික කාලේකට හරි.....නැත්තන් අපි හැමෝටම පාරට බහින්නයි වෙන්නේ...........
ඔයාට මගේ ජීවීතේට මේ තරම් ඇගිලි ගහන්න අයිතියක් නෑ.......මන් කාටවත් ණය නෑ.ඔයාලා මල්ලිගේ දේවල් වලටනේ රට වටේ ණය උණේ.....එයාලාටම ගෙවන්න කියන්න...ප්ලීස් අම්මේ.............ඔයාට මෙච්චර මාව හිර කරන්න අයිතියක් නෑ.......
ඒත් එක්කම වගේ අම්මා පපුවත් අල්ලගෙන එහෙමම ඇදගෙන වැටෙද්දී යශ් ගැස්සුනා.........ඩොක්ටර් කිව්වේ දෙවනි පාරටත් මේ විදියට අසනීප උණොත් බෙරන්න බැරි වෙයි කියලා.......
යශ් අම්මව උස්සලා අරගෙන සෙටි එකෙන් තියලා ඒ පපුව හිමින් අත ගෑවා....අම්මගේ ඇස් හිමින් ඇරෙද්දී යශ්ගේ හිතට දැණුනේ සැනසිල්ලක්........
ඔයා කැමති වෙන්න පුතේ..........මේ අම්මා කියන මේ දේ විතරක් අහන්න.....අපිට දේශ්ව බේරගන්න සල්ලි ඔනී.....එයා මොනා උණත් මොන දේ කලත් ඔයාගේ මල්ලී........එයා ගැනත් හිතන්න පුතේ.........එයාට මේ ණය ගෙවන්න හෙල්ප් කරන්න......
තාත්තා නැතිවෙන්න කලින් අපි දයා අංකල්ට තිබ්බ ණය ඔක්කම ගෙව්වානේ තවත් මොන ණයක්ද.....උන් මහා බොරුකාරයෝ...........මට උන් එක තරහයි.....බලාගමු...එහෙනම්.........😡
හරි අම්මා කෝල් කරලා කියන්න මන් මේ දේට කැමති කියලා....ඒකත් එකම එක අවුරුද්දක් විතරයි................එතනින් එහාට ඔයාලගේ ප්රශ්න මන් දන්නේ නෑ...........
යශ්ට කසාදයක් ගැන කිසිම හැගීමක් තිබ්බේ නෑ.ඒ වගේම සහෝදරයා බේරගන්නත් කිසිම උනන්දුවක් තිබ්බේත් නැත්තේ දේශ් කියන්නේ පහත්ම පහත් මිනිහෙක්.ගෙවල් දොරවල් උකස් කරලා සුදු ගහලා දැන් යන එන මන් නැති කරගෙන......ඒකා වෙනුවෙන් මන් මොකටද කැපකිරීම් කරන්නේ.....මල්ලී වෙනුවෙන් අයියා කියලා මගේ ජීවීතෙන් කැපකිරිම් කරන්න පුලුවන්ද..........
#යශ්_තේමීක_දිසානායක පුංචී සුරංගනාවියෙක් ඉන්න තාත්තා කෙනෙක්........
සුරංගනාවී මට දීලා ඇයි ඔයා යන්නම ගියේ මැණික..........ඇයි මේ තරම් දුරකට ගියේ..මන් අසරණ වෙලා......මගේ ලේ තියෙන සහෝදරයා වෙනුවෙන් මට කැපකිරිම් කරන්න වෙලා......
යශ් නැගිටලා රූම් එකට ගිහිම් ඇදෙන් ඉද ගත්තේ ඇගිල්ලක් කටේ ගහගෙන නිදාගෙන ඉන්න සුරංගනාවී දිහා බලන ගමන්............
අවුරුද්දක් විතරයි...ඊට පස්සේ මන් මගේ සුරංගනාවීත් අරගෙන මෙහෙන් යනවා..මන් බාර ගත්ත සයිට් එක තව අවුරුද්දකින් ඉවරයි....තාත්තා වගේම අම්මවත් මගේ ඇස් ඉස්සරහා මැරෙනවා බලන්න මට බෑ..............හ්ම්ම්.........
සුරංගනාවී හීනෙන් හිනා වෙනවා.අවුරුදු දෙකක් තාම....දග මල්ල.............
ඔයා වෙනුවෙන් තාත්තී ජීවත් වෙන්නේ පුතේ.මොන දේ උණත් තාත්තී ඔයාට ඉන්නවා........
ඔය ගැණී මෙහට ආවාට මන් මුණක් වත් බලන්නෙ නෑ.......එයාලගේ උවමනාවට මිසක් මගේ උවමනාවට කරන දෙයක් නෑනේ.බලාගමු.....මට ඔනී මගේ තාත්තාට උන් කරපු අසාධාරණේට පලිගන්න විතරයි....
🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤
ලස්සන වීමේ රහස් ......😮😮😮😮 මන් පොත දිග ඇරියා....
අම්මා අක්කී තාත්තා හැමෝම අක්කී එක්ක ශොපින්ට ගිහින්..මන් එයාලා එක්ක කතා නොකර ඉන්න තුන් වෙනි සතිය.ඒ කොල්ලා කලුයි කියලා අක්කී එදා ආපු කොල්ලට කැමති උන්.නෑ....එයා හිතන් ඉන්නේ ටිතික් රෝශන්ව බදින්ම වෙන්න ඇති..😆😆..
එයාලාට කියලා මන් ගැන කිසිම ගානක් තිබ්බේ නෑ....හ්ම්ම්ම් මාව එක්කන් යන්නේ නෑනේ........මන් ඒක නිසා පොතක තිබ්බ රූපලාවණ්යය රහස් ටිකක් කරන්න ට්ර්යි කලා.......
පිපිඤ්ඤා කෑලී ටිකක් කපලා මන් මුණේ හැමතැනම තියා ගත්තා.......පැය ගාණක් ඉදලත් මුණ ඒ විදියමයි...😒😒
ඒවා කරලා බැරිම තැන මන් මේකප් බොක්ස් එක්ස් අරගෙන මේකප් කරලා බැලුවා..........දෙවියනේ.............😥😥😥
කාලේකට පස්සේ මන් කණ්නාඩියෙන් මගේ මුණ බැලුවා............දිග කොණ්ඩේ ඇරෙන්න වෙන ලස්සනක් මට පෙනුන් නෑ..........ඇයි දෙයියනේ එහෙම නැත්තේ....ඇයි මන් අක්කා වගේ නැත්තේ....ඇයි එහෙම නොවුණේ.......ඇයි.එහෙම..නොවුණේ...................
ඇයි එහෙම.නොවුණේ..........මන් කැත උණේ ඇයි............😡😡😡
මන් අතේ තිබ්බේ මේකප් බොක්ස් එක පොලේ ගැහුවා.............ඒකේ කුඩු පට්ටම් උණ විදුරු කැලී ටික මන් අතින් මිරිකලා ගත්තේ හිතේ දුක උහුලන්නම බැරි....... තැන...........
..අත ඉරාගෙන වීදුරු කටු හම ඇතුළට යද්දී මන් අඩ අඩම වොශ් රූම් එකට ගිහින් වතුරට අත ඇල්ලුවා......😖😖😖.................
අත කැපිලා වේදනා දෙනවට වඩා මගේ හිත රිදිලයි තිබ්බේ..............සාලේ ඉවරයක් නැතිව රින්ග්ස් යන ෆෝන් එක මන් ගිහින් ආන්වසර් කරලා කනෙන් තියා ගත්තා......
හෙලෝ...........යසෝමා...............මන් අර දිසානායකගේ වයිෆ්.........අපේ පුතා කැමති ඔයාලගේ පලවෙනි දුවව කසාද බදින්න......ඔයාලා කිව්වනේ එයාව බදිනවා නම් ඔයාලාට අපි ගෙවන්න තියෙන ලෝන් එක ගෙවන්න ඔනී නෑ කියලා.............අපි හෙට එන්නම් කතා කරගන්න........
මොකක්ද .......😮😮😮😮😮
අම්මලා ඇවිත්....මට එළියේන් ඇහිච්ච වාහනේ සද්දෙට මන් ෆෝන් එක කට් කරලා කාමරේට දුවගෙන ගියා.මම්මවත් හිටියා නම් මොකක්ද මේ කතාව කියලා අහන්න තිබ්බා....එයාත් නෑනේ.....................
මන් ශේප් එකේ කාමරේන් එළියට ගිහින් බිත්තියට හේත්තු වෙලා එයාලාගේ කතා බහාට කන දැම්මා.........
අම්මී..........යසෝමා ඇන්ටී කියන්නේ යශ් ගැනද......අක්කී අම්මා ලගටම ගිහින්........
ඔව් පුතේ..යශ් කැමති වෙලා අපේ ගෙදර එන්න...ඔයා එයාට සෑහෙන්න කැමැත්තෙන්නේ හිටියේ.....එයාලාට මේ ටිකේ කරදරයි.අපේ ගත්ත ලෝන් එක එයාලට ගෙවන්න හයියක් නෑ...........ඒක නිසා මන් මේක එයාලගේ ඔළුවට දැම්මා..............
අම්මේ අංකල් නැතිවෙන්න කලින් එයාලා අපිට මේ ලෝන් එක ගෙව්වනේ........ ආයේමත් එයාලා අපිට ණයවෙන්නේ කොහොමද...............
අනේ මේ සෙහන්සා.....යශ් කියන්නේ ඉංජීනේරූවෙක්..හොද නම්බුකාර පවුලක්.....එදා උඹව බලන්න ආපු කොල්ලට වඩා යශ් හොද නැද්ද..........අනිත් එක ඒ පණ්ඩිත කතා වලින් වැඩක් නෑ.......
මන් මේ කසාදේට කැමති........ගොඩාක් කැමති......යශ්............අම්මෝහ් මාර හැන්ඩ්සම්...........මගේ යාළුවෝ පුදුම වෙයි...........අනේ අම්මී එයාලට හෙටම එන්න කියනවද.............ප්ලීස්..............තැන්ක්ස් තාත්තේ..................
දයා හිටියේ කල්පනා ලෝකේක......හොදම යාළුවාව මරාගත්ත පවුකාර හැගීම දයාගේ හිත පිරිලයි තිබ්බේ.........
සල්ලී බෑග් එක අරගෙන ඇවිත් දිසානායක කිව්ව දවසටම දයාට දුන්න හැටි දයාට මතකයි..........
ඔන්න දයා උඹගෙන් ගත්ත ලෝන් එකට පොලියත් තියෙනවා...තැන්ක්ස් බන්......අපේ කම්පැනි එකට අලුතෙන් කන්ට්රැක් එකක් ආවා.........මන් යන්නම්..වැඩ ගොඩයි..............මන් ලෝයර්ට කිව්වා....ලෝයර් ආවාම මන් සයින්ඩ් එකක් දාලා යන්නම් සල්ලි දුන්නා කියලා................
අවුලක් නෑ මන් ලෝයර්ට් කියන්නම්.උඹගේ වැඩේ හදිස්සීනේ පලයන්............
දිසානායක සල්ලී ටික මේසේ උඩින් තියා ගියේ විශ්වාසේට.....ඒත් දයා දවස් දෙකකට පස්සේ ලෝයර්ව ආයේම දයා ලගට යැව්වේ ආයේම සල්ලි ඔනී කියලා.......ඒ කලබලේට ඇතිවෙච්ච පීඩනේට ආපු හාර්ට් ඇටෑක් එකකින් තමයි දිසානායක නැති උණේ........😣
දෙවියනේ..........අපි මේ ජිවත් වෙන්නේ අනුන්ට බොරු කරලද..............මන් පපුවට අතකුත් තියාගෙන ආයේම රූම් එකට ගිහින් ඉද ගත්තා..........ඒ කියන්නේ තාත්තාත් සෑහෙන්න බොරුවක් කරලා...........දෙවියනේ.පවු....ඒ කියන්නේ දිසානායක අංකල්ට හාර්ට් ඇටැක් ආවේ තාත්තා හින්දද.............ඒ මිනිස්සු මේවා දන්නවා නම්....😮😮.
🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤
පහුවදා උදේ අක්කී සෑහෙන්න ලෑස්තී වෙනවා...මන් වෙනදා වගේ මෝඩකමට ලෑස්තී උන් නෑ.....
පහුවදා උදේ අක්කී සෑහෙන්න ලෑස්තී වෙනවා...මන් වෙනදා වගේ මෝඩකමට ලෑස්තී උන් නෑ.....
අම්මා යශ්ලා තාම නෑනේ........අයියෝ.........
අක්කීට පුදුම හදිස්සියක් තිබ්බේ........
හෝරා දෙක තුනකට පස්සේ ගේ ඇතුලෙන් කතා බහා මට ඇහුණා.....මන් අද වක් ඇළ ගාවීන් නානවා....දැන් ගියොත් මට ඇති වෙනකම්ම නාන්න පූලුවන්.......මන් මේ පවුලේ කවුරුත් නෙවේනේ.............😡😡
මන් මගේ හිතුවක්කාරේට සාලේන් යන්නේ නැතිව කිචන් එක පැත්තෙන් යන්න හිතුණත් මනමාලයාගේ මුණ ටිකක් බලන්න ඔනී කියලා හිතුණා..........ඒක නිසාම මන් ඔන්න ඔහේ සාලේ මැද්දෙන්ම ඔයට යන්න ගියා...........
මේ දයාගේ දෙවනි දුව නේද...............අනේ දැන් ලොකුයි.............අද අපි එනවා කියලා දන්නේ නැද්ද........
මේ......මේ............ඔව්.ඔව්.මේ ඉන්නෙත් දෙව්ලී.....
අංකල් මන් මෙයාට කැමති...........මන් දෙව්ලිව මැරි කරන්නම්......
මො.............කක්ද පුතේ..............
මන් සෙහන්සාට කැමති නෑ.මන් කැමති මෙන්න මෙයාට.....අම්මා කැමති නම් හෙට උණත් අවුලක් නැ...................
අක්කී අඩාගෙන කාමරේට දුවද්දී මන් ඒ කලේ විහිලුවක් කියලා හිතාගෙන ඔය පැත්තට යන්න ගියේ හැමෝටම මාව විහිලුවක් කියලා හිත හිත.....මන් කැත හින්දනේ මේ හැමෝම මාව විහිලුවට ගන්නේ..ඔයේ ගිලිලා මැරුණා නම් මීට වඩා සැපයි.....
යශ් කට වහගන්නයි කිව්වේ............කට වහගන්නවා........
ඔයා මොනවද මේ කියන්නේ පුතේ.....ආහ්.....අක්කා බලන්න ඇවිත් නංගීට කැමති කියන සිරිතක් නෑ.........
යශ්ගේ අම්මා ඇහුවේ පුදුමෙන්.....වාත්තු කලා වගේ ඉන්න මේ කෙල්ලව එපා කියලා අර කෙල්ලට අකමැති උණ හේතුව අම්මට තාම හිතාගන්න බෑ..............
මන් දෙව්ලිව මැරි කරන්න කැමති...........එච්චරයි.......එයාගේ කැමත්ත අකමැත්ත මට කොහෙත්ම වැඩක් නෑ......අනිත් එක එහෙම සිරිතක් නැත්තන් එහෙම සිරිතක් හදාගන්න අම්මේ.........
යශ්ගේ අම්මා එහෙමම ඉන්න තැනින් නැගිට්ටා........ඒ හිත කලබල වෙලයි තිබ්බේ.......යශ්ගේ හිතුවක්කාර තීරණේට කොහොම මේ ගෙදර අයගෙන් සමාව ගන්නද කියලා අම්මට තේරූන් නෑ........
අනේ සමාවෙන්න මල්ලී........මෙයාට මොනා වෙලාද දන්නේ නෑ.ඔයාලාගේ හිතත් රිදෙන්න ඇති.........අපි ඔයාලටත් ණය වෙලා ඉන්නේ......මේක ණයට හිලව්වක් වගේනේ......මේ දරුවා කතා කරන විදියට සමාව දෙන්න.........
නෑ අක්කේ එහෙම එකක් නෑ.ඔයාලාගේ ණයෙන් මට දැන් ඇති වැඩක් නෑ....ලොකු දුව තමයි පුතාට කැමැත්තෙන් ඉන්නේ.....එයා ඉස්සර ඉදලම පුතාට හරි ආදරෙයි.........
යශ් අහක බලාගෙනම හිනා උණා.....අනේ ඒකීගේ නල්ල මලේ ආදරේ.....😂😂😂
ඔව්...........ආදරේ ඇති.ආදරේ ඇති..මගේ ඇස් ඉස්සරහාම කොල්ලෝ කී දෙනෙක් එක්ක ගියාද කියලා මේ කෙල්ලටවත් මතක නැතුව ඇති.....
පොත්තේ පාට නම් හරිම ලස්සනට තියෙනවා....ඒත් මේකී කී දෙනෙක් එක්ක ගිහින් තියෙනවද...කවදා හරි අතඇරලා දාන්න උණත් මේ වගේ එකියෙක් නම් මට එපා.......
මන් මේකීට කැමති නැතිව අර කෙල්ලට කැමති කිව්වාම මේ මිනිස්සු මැරි මැරි ඉපදෙයි.....අච්චර ලස්සන කෙල්ලට කැමති උන් නෑ කියලා.......ඔව්....මට ඒක තමා වෙන්න ඔනී......
යශ් එහෙම හිත හිත කේන්තියෙන් පිපිරුවා.......
නෑ පුතේ මන් මේ කියන්නේ ඔයා බලන්න ආවේ ලොකු දුවනේ..........ඒක නිසා දෙව්ලිට කැමති කියන එක හරි නැනේ පුතේ.......
දයා එහෙම කියද්දී මම්මා ඇවිත් යශ් ලගින් හිට ගත්තේ යශ්ගේ පැත්තටම කතා කරන්න හිතාගෙන වගේ...........
මේකයි පුතේ.මේ දරුවාට හිත තියෙන්නේ අපේ පොඩ්ඩී ගැන නම් මොනා කරන්නද...ඔන්න ඔහේ කැමති උණා නම් ඉවරයි.....උඹලටත් ඒකීව වහකදුරු වගේනේ...........ඒක නිසා ඒකීව බන්දලා දෙනවට මගේ කිසිම මනාපයක් නෑ......
හරි කැමැත්තක්..............මේක ඉක්මනට ඉවරයක් කරමු....අද හෙටම.....ඒත්...දෙව්ලි.............මේ.......මේ.......
මට ඒක ප්රශ්නයක් නෑ අංකල්.............
හරි පුතා....මන් දෙව්ලි එක්ක කතා කරන්නම්.......
දයා එහෙම කියලා ඉන්න තැනින් නැගිට්ටා.......යසෝමාත් ඉන්න තැනින් නැගිට්ටේ හිතේ ආවේගේට........
රශ් කෑම කෑවේ උවනාවෙන්ම නෙවෙයි.කන්න උනු නිසා.....සුරංගනාවීට කෑම කැව්වද දන්නේ නෑ........පවු........සුරංගනාවී මාව හොයනවා ඇති.............
හරි මල්ලී අපි යනවා.......කෝල් එකක් දීලා විස්තර ටික කතා කරගමු..............හරිනේ...........
රශ්ගේ හිතේ තිබ්බේ නොසන්සුන්,ආවේගයක් එක්ක එන පුදුම සතුටක්.............තාත්තාට උනු ඒ හැමදේම රශ්ගේ ඇස් ඉස්සරහා මැවුණේ එක පෙලට...........වෙඩින්ග් එක දවසේ මට දරුවෙකුත් ඉන්නවා කියලා දැන ගත්තාම මහ උන්ට ඇඩෙයි.........😌
අපි විදපු වේදනාව කොයි තරම්ද....ඒ වේදනාව දරාගන්නවත් බෑ........ඒ වේදනාව දවසක කිසිම දරුවෙක්ට විදින්න
නම් සිද්ධ වෙන්න එපා.............තාත්තා නැති ගෙදරක් කියන්නේ නිකම් පාලුවට ගියපු රෑ අමාවක අහසක් වගේ....දාස් ගණන් තරු තිබ්බට බෑ හද වගේ වෙන්න..........කවම කවදාවත්ම............
නම් සිද්ධ වෙන්න එපා.............තාත්තා නැති ගෙදරක් කියන්නේ නිකම් පාලුවට ගියපු රෑ අමාවක අහසක් වගේ....දාස් ගණන් තරු තිබ්බට බෑ හද වගේ වෙන්න..........කවම කවදාවත්ම............
යශ්ලාගේ වාහනේ ගියා විතරයි කාමරේ හිටපු සෙහන්සා කමරේ තිබුණු සේරම විදුරූ බඩු මල් වාස් හැම එකක්ම පොලොවේ ගැහුවේ කේන්තියට................
මා.......ව.....නැ....ති......කලා........අම්මී.............ම..ට....ඒ....කො...ල්ලා......ලැ......ජ්ජා....කලා...........ම...ගේ ඇස්.......ඉස්ස...රහම.......අරකීට......කැමති......කි...ව්...........වා.....ඒ.....ක....හී....නය......ක්.............ඒ....ක.....හීන......ය....ක්..........නේද........
ඒක නරක හීනයක් නේද අම්මේ...........
ඔයා මෙහෙම අඩන්න එපා පුතේ.ඔයා ප්රින්සස් කෙනෙක් වගේ.......මගේ දුව කොච්චර ලස්සනද...ඒ කොල්ලා කැමති උන් නෑ කියලා ඔයාට කිසිම අඩුවක් උනේ නෑ......ඔයාට ඊට වඩා හොද තැනකින් මැරේජ් එකක් කර ගන්න පුලුවන්....................
අනිත් එක දෙව්ලිට කැමති උණේ ඒ කොල්ලගෙත් මොකක් හරි ප්රශ්නයක් ඇති ඒකනේ පුතේ...............
යසෝම හිටියෙත් කේන්තියෙන් උණත් යසෝමා සෙහන්සාගේ හිත හැදුවා...........කෙල්ල මොන දේ උණත් අඩනවට යසෝමා කැමති උණේ නැ........
ඔකී ඉපදුන දා ඉදලම තමයි අපිට අවාසනව ආවේ......දැන් මේ අහිංසක කෙල්ලටත් හුනියමක් උණානේ.............නාඩන්න පුතේ.........
මම්මාගේ හිත කේන්තියෙන් පිරුණේ නිස්කාරණේ දෙව්ලිට දොස් කියද්දී.........
ඔය විදියට අර අහිංසක කෙල්ලට බනින එක නවත්තපන් යසෝමා....උඹේ බඩින් වදාගත්ත එකී නේද..මේ කෙල්ල හම්බෙනකොට උඹලට ඉන්න තැනක් තිබ්බද..........අඩුම තරමේ බඩගින්නය කන්න බත් කටක් තිබ්බේ නෑ........අර කෙල්ල ඉපදුණාම නේද මේ බිස්නස් මෙච්චර දියුණු උණේ....................
හමේ පාට වැදගත් නෑ යසෝමා.......වැදගත් හිත.........ගතිගුණ...........මේ ලොකු එකීගේත් ඔළුවට විස දාන්නේ උඹ.......අනික ඒ කෙල්ල විරූපි නෑ...............නේ...............
අනේ ඒයී මේන් මේ අම්මගේ කට වහගන කියනවද....වරෙන්කෝ අද ගෙදර ගිය තැනකින්............
කෙල්ලගෙ හැමදේම හරියට කරන්න ඔනී.........වෙඩින්ග් එක පොඩිවට හරි ගන්න ඔනී......ඒ මගේ ලේ තියෙන මගේ දරුවෙක්............එච්චරයි............අනිත් එක කෙල්ල ආවාම කිසිම දෙයක් කියලා බනින්න එපා...................
සෙහන්සා තමුසේටත් එක්කයි මේ කියනේ............තෙරූණාද.........
සෙහන්සා ගැස්සුනා..........තාත්තාට ලේසීයෙන් කේන්ති යන්නේ නෑ කියලා සෙහන්සා දන්නවා.................
හා තාත්තේ..............මන් එයාට මොකුත්ම කියන්නේ නෑ...............
දෙව්ලි ගැන ඉර්ශියාවෙන් සෙහන්සා පිපිරුණා...ඒ තරම් තරහක් සෙහන්සට ආවාමයි.............නංගී කලු වෙලා තමන් සුදු උන එක ගැන සෙහන්සා ආඩම්බර උණා....ඒත් අද ඒ ආඩම්බරකම තිබ්බේ කකුල් දෙක ලග.....
🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤
සුවද සබන් ඇග ගාලා හායි හායි
ඔර්ලෝසුවේ කටු හෝදන් නාලා😮😮😮
ඔර්ලෝසුවේ කටු හෝදන් නාලා😮😮😮
බ්ලා බ්ලා බ්ලා කිකිළි තාම ආවේ නෑ
කිකිළී.......තාම ආවේ නෑ කිකිළී..........😆
කිකිළී.......තාම ආවේ නෑ කිකිළී..........😆
ඩිගිසි ඩිගාරේ දාගෙන පොල් කටු මාලේ
සින්දු කිව්වේ අපි තවුසෙලා කිරි බොන කාලේ...........😂
සින්දු කිව්වේ අපි තවුසෙලා කිරි බොන කාලේ...........😂
මන් නාන ගමන් සින්දු දෙක තුනකුත් රිමික්ස් කලා.......පුදුම ලස්සනක් තිබ්බේ...........හරිම කණට මිහිරි ලස්සනක්.........
ඒයි දෙව්ලි අක්කා...............තමුසේ නෑවා නම් ඔය ඝන්ඨාරේ වහගෙන ගෙදර යනවද......අපිටත් නාන්න තියෙනවා....තවුසෙට වඩා හොදයි අර ටික්ටොක් එකේ අක්කලා....නේ බන්..........
මන් ඔරවගෙන ඔයෙන් ගොඩට ආවා.අද කාලේ හැදෙන පොඩි උන් නම් අන්තිමයි..අඩුම ගානේ වැඩිහිටියෙක්ට හරියට ගරු කරපන්......ඒකත් නෑ.........😡
මන් ඔයේ සින්දු කිය කිය නෑවා කියලා අපේ මම්මාට එහෙම කියන්නේ නෑ තේරූණාද.....එහෙම කිව්වොත් තමුසේලා දෙන්නා ආයේ අපේ ගෙදර ලගින් යද්දී මන් ටෝගා.......අපේ අර තඩි බල්ලා....ඌව ලිහලා උසි ගන්නනවා............තේරූණාද.......
මන් රිදෙන්න පොඩි උන් දෙන්නට ටොකු ඇන්නා..........
උන් දෙන්නා මට මොකුත්ම කිව්වේ නැත්තේ ටෝගාට බයට...........😂😂😂ටෝගා බල්ලෙක් නෙවේනේ යක්ශයෙක්නේ....සාධාරණයි බයවෙන එක.... ...............
නියර දිගේ සින්දුවක් කිය කිය ඇවිත් මන් බොරළු පාරට වැටුණා......හිතේ තිබ්බේ මහා බරක්...............මගේ දිග කොණ්ඩේ ඉණේනුත් පහළට වැටිලා...........මන් කොණ්ඩේ අරගෙන ඉස්සරහට දා ගත්තා.......
ඉස්සර ඉදලම මට ආස උණේ සුදු ලස්සන කෙල්ලෙක් වෙන්න.හරියට අපේ අක්කා වගේ...එයායි මායි එක ලග තිබ්බාම අපි දෙන්නා සහෝදරයෝ කියන්න බැරි තරම් එකිනෙකට වෙනස්........එයාට තිබ්බේ වාත්තූ කලා වගේ ලස්සන මුණක්..ඒත් මන් ඊට හාත්පසින්ම වෙනස්...කළුයි..කොණ්ඩේ දිගයි..........ඒක නිසා එයාට මාව පේන්න බැරි උණා පුංචී කාලේ ඉදලම...............
මන් කල්පනා කර කරම ගේ ඇතුළට ආවා...........තාත්තා සාලේ පුටුවක ඉදගෙන ආපු තාත්තා දැක්කාත් මන් එයාව දැක්කේ නෑ වගේ මග ඇරියා..............
දෙව්ලී..........ඔහොම ඉන්න.පොඩි කතාවක් තියෙනවා............
මන් ආයේම හැරිලා තාත්තා ලගට ආවා..එයාලට සාමාන්යයෙන් මාත් එක්ක කතා අඩුයිනේ.......පුදුමයි........
ඇයි තාත්තේ............මොකක්ද................
ඔයාට ප්රපෝසල් එකක් තියෙනවා......අද ආපු ළමයා ඔයාට කැමති.අක්කට කැමති නෑ.......ඒ ළමයා වැදගත් පවුලක.....ඔයාගේ කැමත්ත උණත් නැතත් මේක වෙන්න ඔනී.........අනිත් එක ඔයාට ඒ කොල්ලා ඔනාවටත් වඩා ගැලපෙනවා..........
මන් කවදාවත් නැතිව මහා හයියෙන් හිනා උණා................ඇත්තටම මට හිනා ගියා.....හිතලා හිනා උණා නෙවෙයි.............තාත්තා විහිලුවක් කරනවා කියලා හිතලා මන් හිනා උණා...........
දෙව්ලී ඔය හිනාව නවත්තගෙන මන් කියන දේ අහනවා............තමුසේ ඒ කොල්ලව බදිනවා.........තේරූණාද............කතාව ඉවරයි........යනවා..............
මන් හිනාවෙන එක නවත්තලා තාත්තාගේ දිහා බැලුවේ පුදුමෙන්.මේක විහිලුවක් නොවෙන බව විශ්වාසයි............මන් ඇස් දෙකත් ලොකු කරගෙන තාත්තා දිහා බැලුවා..............
......ඒ......කො....ල්ලා........ම.ට....කැම....ති....කි........ව්........වා................ඇ...ත්....තට.ම........
ඒත් එක්කම උදේ ඇදගත්ත ඩ්රෙස් එක පිටින්ම සාලේට දුවගෙන ආපු අක්කී දැක්කාම මන් අක්කීගේ මුණ බැලුවේ මේ මොකක්ද උණේ කියලා හිතාගන්න බැරිව.............
සෙහන්සා මන් කිව්වා නේද...........ආහ්....යනවා කමරේට..........
ඔ........ව්.....ඔ.......ව්.....ඒ මනුස්සයා තමුසෙට කැමති කිව්වා.........වෙඩින්ග් එකට ලෑස්ති වෙනවා කුමරිහාමී......තමුසේ පුංචී කාලේ ඉදලම මගේ දේවල් උදුර ගත්තා දැනුත් එහෙමමයි...............හතුරියෙක්...............දැන් සතුටින් ඉන්නවා...........
මට තමුසෙව පේන්න බෑ.........උඹ ඇහිදගෙන ආවේ කාණුවකින්...........ඒක තමා ඇත්ත.මට නංගියෙක් නෑ.......නංගියෙක් නෑ............නෑ.....නෑමයි...උඹ ඇවිල්ලා ඉන්නේ මාව කන්න.......මගේ දෙවල් නැති කරන්න........හැමදේම නැති කරපන්.......හැමදේම නැති කරපන්...
අක්කා මාව තල්ලු කරලා දැම්මා........මන් වැටෙන්නේ නැතුව බැලන්ස් උණේ අමාරුවෙන්.......
මන් මොකුත් නොකියා අත් දෙකෙන් මගේ මුණ වහගත්තා.....හැමදාම වගේ මන් ඇහුවේ අවලාද විතරයි...........මන් සාලේ ඉදගෙන ඉකි ගැහුවා.............
ඔයා...ලට මාව වද...යක් නම් ම..න් මෙහෙ..න් යන්..න..ම්.........හැමදා...ම මෙ..හෙ..ම බැ..නු..ම් අ..හන්න බෑ.........කරුණා.කාර...ලා මට මේ ගෙ..දරින් යන්.න දෙන්..න........මට තනියම ජීවත් වෙන්න පුලුවන්......
තාත්තා මන් කියපු දේ නෑහුණා වගේ අක්කවත් අල්ලගෙන යන්න ගියා.........
දෙව්ලී..............යන් පුතේ.............එන්න.........
මම්මා මගේ අතින් අල්ලගෙන මාව එළියට එක්කන් යද්දී මන් මම්මගේ පස්සෙන්ම වැටුණේ සිහියක් නැතිව වගේ...........මට හිටියේ මේ කිසිම දෙයක් තේරූම් ගන්න බැරිව..........
මම්..මේ....මේ......අක්කා.........තාත්තා මොක..ක්ද කිය..න්නේ............
මන් ගොත ගහ ගහ මම්මාගෙන් අහද්දි මම්මා මගේ මුණ එයාගේ දෝතට ගත්තා.........
යශ්.............අද ආවේ අර රාජකුමාරයෙක් වගේ කොල්ලා...........එයා කිව්වා ඔයාව කසාද බදින්න ඔනීලු..............සෙහන්සාගේ මුණවත් බැලුවේ නෑ...
මම්මා කියන්නේ අර අක්කව බලන්න ආපු බොයී මේ මට කැමති එයා මාව බදිනවා කියලද..............
පුතේ...................ඔයා දන්නවද........දෙයක්....
මන් ඔළුව වැනුවා..............
ඔයා ඉපදිලා මාසේන් මන් ඔයාව අරන් ගියා පන්සලට.........ලොකු හාමුදුරුවෝ ඔයාගේ උපන් වෙලාව බලලා ඔයාගේ මුණ දෙපාරක් විතර බැලුවා.............
හ්ම්ම්ම්.............මන් මම්මගේ ඔඩෙක්කෙන් ඔළුව තියාගෙන මම්මට හූ මිටි තිබ්බා.........
ලොකු හාමුදුරුවෝ කිව්වා ඔයා හරිම වාසනාවන්ත දරුවෙක් කියලා පුතේ.....ඔයා හරිම පිංකාරයි කිව්වා.......ලොකු හාමුදුරුවෝ කිව්වා උඹ නිල් මානේල් මලක් වගේ කියලා............තේරූණාද..........
නිල් මානෙල් මල හරිම ලස්සනයි.....ඔයා දැකලා තියෙනවා නේද............ඔයාත් ඒ වගේ නේද පුතේ..........ඔයාගේ මේ කොණ්ඩේ,ඔයාගේ මේ පාට විශේෂයි...........තියෙන දේවල් වලින් සතුටු වෙන්න පුතේ...........දැන් යන්න.................
මම්මාගේ කතාව මන් විශ්වාස කලා...........මගේ හමේ පාට මොකක් උණත් මගේ හිතේ හයිය ඊට වඩා වැඩී...........
මන් ඇදට වැටිලා යශ්ගේ මුණ මවාගන්න ට්රයි කලා..ඒ ආඩම්බර නිල් පාට ඇස් දෙක මගේ හිත සත්තකින්ම හිරිවැට්ටුවා..........තව එක පාරක් මට ඒ ඇස් බලන්න තියෙනවා නම්............
සතියක් ගෙවිලා ගියේ හිතාගන්න බැරි තරම් ඉක්මනින්..........හ්ම්ම්ම් අද බදාදා......අද තමා ඒ දවස................
උදේ පාන්දරම මට සැලොන් එකේ අක්කා ඔසරිය අන්දලා ලාවට මේකප් එකක් දැම්මා...........
කණ්නාඩියෙන් බලන්න ඔයා දිහා ............ඔයා ලස්සනයි නංගී..........ඇත්තමයි..........බොරු නම් බලන්න......එක පාරක්.............
සැලෝන් එකේ අක්කා එහෙම කියද්දී උණත් මන් එක පාරක් වත් ඔළුව උස්සලා කණ්නාඩිය දිහා බැලුවේ නෑ................
ඒ කොල්ලාගේ ඇස් පේන්නේ නැතුව ඇති........ඒකනේ උඹ ඉටිරූපේ වගේ ඉද්දී අපේ දෙව්ලිට කැමති උණේ .....නේද බන්...............
අයියෝ මිනෝලී...........මන් වොරි වෙන්නේ නෑ.....මගේ ලස්සනට මට රාජ කුමාරයෙක් මැරි කරන්න පුලුවන්.......යාන්තම් එක කරදරේකින් අපි නිදහස් උණා...............😣😣
මන් අක්කා කියන එක නෑහුණා වගේ නිහඩ උණා..එයා ඉතිම් කවදාවත් මට ආදරේ උණේ නෑනේ..................
ඔයා ලස්සනයි පුතේ............මම්මා මාව බදාගෙන කියද්දී මන් මොකුත් නොකියම හිනා උණා..........දොරේ කර්ටන් එක අස්සෙන් මගේ දිහා බලාගෙන ඉන්න අම්මව මන් දැක්කේ යාන්තමට......ඒත් මගේ ඇස් වලට ඒ ඇස් අහුවෙන්න කලින් අම්මා යන්න ගියා......
අපි රෙජිස්ටර් ගාවට යද්දී නැකැත් වෙලාව ලන් වෙලා....ඒ වෙද්දීත් මනමාලයා එන්න වෙලාව හරි....ඒත් මනමාලයා තාම නෑ..........මන් පුටුවකට බර උණේ නැකැත් වෙලාව ගෙවිලා යන්න තව විනාඩි දහයක් වගේ තිබ්බ නිසා..............මුණේ මතු වෙච්ච දාඩීය මන් සැරින් සැරේට ටිෂු එකකින් පිස්සේ
අම්මට සිරි.........මේකීව එපා වෙලා ඌ එන්නෙත් නැද්ද මන්දා...............
ඔව් බන් අන්තිම් මොහොතේ ඌට හිතුණද දන්නේ නෑ තැඹිලි ඉත්තේ කපුටෙක් වැහුවාම කැතයි කියලා..........නේහ්.😂😂
අයොමී අක්කා හිනා වෙවී අක්කී එක්ක කියද්දී අක්කී මගේ දිහා බලලා හිනා උණා.............
මේ තරම් අසරණ වෙලා නෑ මන් කවදාවත්..........මන් අඩන්න ඔනී උණත් අඩන්නේ නැතිව ඉවසගෙන හිටියේ හැමෝම ඉස්සරහා අඩන්න ලැජ්ජා නිසා...........
මම්මේ...........මන් මම්මගේ මුණ දිහා බැලුවේ මේ හැමදේම එපාම එපා වෙලා.......
ඒ දරුවා එනවලු පුතේ.ට්රැෆික් එකට අහුවෙලා.................ඔයා බය නැතිව ඉන්න.තාත්තා කතා කලා.............
විනාඩි පහකට පස්සේ යශ් ආවා.........මන් හැමදේම කලේ බයේ ගැහි ගැහි.........ඒ තරම් හැමදේම මට පැටලුනා.......මන් එක පාරක් වත් යශ්ගේ මුණ බැලුවේ නෑ..........හැමදේම ඉවර උණාට පස්සේ අපේ පුංචී ෆන්ශන් එකත් ඉවර උණා.............
මන් මම්මට දණ ගහලා වැන්දා...යශ් මාත් එක්කම වගේ මම්මට වැන්දා...........
මගේ ජීවීතේ ජීවත් කරවපු මගේ මම්මා.....අම්මටත් වඩා මගේ ලග හිටපු මම්මා.............ඔයා නැතිව මන් කොහොම ඉන්නද...........මම්මේ........
මේ දරුවා අහිංසකයි පුතේ.......එයාව බලාගන්න.............මන් මැරෙන්න කලින් ඒකයි බලන්න ඔනී උනේ............දැන් හිත නිදහසේ මැරෙන්න පුලුවන්...........
මම්මේ.........මන් මම්මව බදාගෙන ඉකි ගැහුවා..............
ඈතින් ඉන්න අම්මාව දැක්කාම මට හීල්ලුනා.....පුංචී කාලේන් පස්සේ ඒ ආදරේ හම්බුණේ අක්කට විතරයි............ඒත් මන් අම්මට ගොඩාක් ආදරෙයි.මේ කලු කෙල්ල අම්මට ගොඩාක් ආදරෙයි.........
අන්තිමේ මොහොතේ මන් ගිහින් අම්මට වැදලා අම්මගේ කණට මිමිනුවා..............
මන්.......යන්නම්.......අම්මේ.....
අම්මා මගේ ඔලුවට අත තිබ්බත් ඒ මුවින් වචනයක් වත් පිට උණේ නෑ........මන් හිතත් ගල් කරගෙන වාහනේට ගොඩ උණේ ජීවීතෙණ් සෑහෙන දුර ගමනක් යන්න ලෑස්ති පිට...............
🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤
තමුසේ අඩන්නේ... මන් මරන්න ගෙනියන්නේ නෑ........අඩන්නේ නැතුව ඉන්නවා........
යශ්ගේ ගැඹුරු කටහඩට මන් හිමින් ඒ මුහුණ දිහා බැලුවේ පුදුමෙන්.....මගේ අල්ලෙන් මගේ මුණ පිහ ගත්තා....
සුදුම සුදු මුණ ගානට රැවුල වවලා තිබ්බා.......කලාතුරකින් හිනාවක් මැවෙද්දී ඒ මුණ මාර කඩවසම් ලුක් එකක් තිබ්බේ....එහෙම කොල්ලෙක් මට කැමති උණා කියද්දී සත්තයි හීනයක්.............ඔව් මේක හීනයක් මට හිතුණේ එහෙම.......
යනවා...යනවා ඉවරයක් තිබුණේ නෑ........මන් වෙන දෙයක් වෙච්ච දෙන් කියලා ඔහේ සද්ද නොකර එළිය බලාගෙන හිටියේ දැන් වෙන්න ඔනී හැමදේම වෙලා ඉවරයි කියලා හිත හිත..............කොළඹින් පිටට මන් යන පළවෙනි වතාව......ගෙයි ගෙම්බෙක් වගේ හිටපු මට මේ දේවල් පුදුමයක් උණා..............
යශ්ලගේ ගෙදර තිබ්බේ කෑගල්ලේ..............අපි ගෙදරට යද්දී හවස තුනත් පහුවෙලා.....................
බහිනවා......................ඒහේ පාර්ටී දුන්නට මෙහේ පාර්ටී නෑ.........
මන් කා එකෙන් බැස්සා.......කා එකෙන් බැස්සට පස්සේ පිටිපස්සෙන් ආපු වෑන් එකෙන් යශ් මගේ බඩු ටික බිමට ගත්තා............
මේ ටික ඇතුළට අරන් යනවා................අම්මලා දැන් යන්න.........මන් බලාගන්නම්.............
යශ් කිව්වේ දැඩි කටහඩින්.......ඒ කටහඩට හැමෝම අවනත උණා වගේ......
පුතා.................ඒත්.....මේ.......දරුවා..........
එයා බබෙක් නෙවෙයි අම්මේ.......එයා බලාගනියි.....ඔයාලා යන්න........ඔයාලට ඔනී දේ උණානේ.....දැන් යන්න........හරිනේ.......
අම්මා වගේම ආපු වෑන් එක ගේට් එළියට යද්දී යශ් මගේ බෑග් එකත් උස්සගෙන ගේ ඇතුළ ගියා.............මන් ඇස් කරෝක කරෝක බිත්තී දිහා බැලුවේ පුදුමෙන්...........ඒත් එක්කම වගේ දැකපු ෆොටෝ එකෙන් මන් ගැස්සුනා.............
ඒත් ගානක් නැතිව යශ් මගේ දිහා බලලා හිනා උණා..................
ආහ් ඒ මගේ වයිෆ්..................
මොක..ක්.........ද...කි....ව්වේ............මන්..ගොත ගැහුවා.................
ඇයි තමුසෙට මන් කියපු දේ ඇහුණේ නැද්ද...ආහ්......................
මතු සම්බන්ධයි.....
No comments:
Post a Comment