සීතාවක පුරවරයේ සිහිලැල් පරිසරයකට මායිම් වුණු සුන්දර ගම් පෙදෙසකි...
වෙන ගම්මාන වල වගේම කොල්ලො කුරුට්ටො රොත්තක් මේ ගමෙත් හිටියා...
ඒ වගේම ලමිස්සි කෙල්ලො රොත්තකුත් නොහිටියා කිව්වොත් බොරුවක්...
ඒ වගේම ලමිස්සි කෙල්ලො රොත්තකුත් නොහිටියා කිව්වොත් බොරුවක්...
👨"අඩෝ...මේ...
වෙලාව හරිනෙ බන්..."
වෙලාව හරිනෙ බන්..."
ඒ විශ්ව සස්මිත....
පෙර සඳහන් කල ගැන්සියක එක්කෙනෙක් ඔහු විය..
පෙර සඳහන් කල ගැන්සියක එක්කෙනෙක් ඔහු විය..
🧔"ඔව් ඔව්...නැඟපන්කො හංදියෙ ඉමු...අරුන් ටික එතන ඇති..."
ඒ හඬ
නවීන් කණිෂ්කගෙ...
නවීන් කණිෂ්කගෙ...
අවුරුදු 22,23,සහ 24 වැනි වයස් සීමාවන් වල පසු වන මොවුන් සෙල්ලක්කාරකම ඉහ වහා ගිය වූවන්ය...
රැකියාවන්හි නිරත වන උන් ඒ අතර සිටියමුත් අවස්තාවක් හමුවන සෑම මොහොතකම රස්තියාදුව ඉහ වහා ගිය මොවුන් අතරින් 22 හැවිරිදි නවීන් තනිකඩ තරුණයෙකි...
ඒ නිසාම මොවුන් මේ ගමේ හංදියට යන්නෙ නවීන්ගෙ සිත් ගෙන තිබූ එක් තරුණියක් දැක ගැනීමටය...
😯 "අඩෝ අර එන්නෙ....".
ඒ නවීන්ගෙ මිතුරෙකි..
ඒ නවීන්ගෙ මිතුරෙකි..
🧔 "ඔව් බන් දැක්කා...
කෑ නොගහා හිටපන්.."
කෑ නොගහා හිටපන්.."
තම සිත ඇද බැඳගෙන සිටි ඒ තරුණියව දුටු නවීන් තරමක් ලැජ්ජා සහගත විය...
හංදියෙ තේ කඩය අසළම ඇති බස් නැවතුම්පොළෙහි නැවතූ බස් රියෙන් බැසි තරුණියන් කිහිප දෙනෙක් විය...
උසස් පෙළ හදාරමින් සිටින මොවුන් ටියුෂන් පන්ති සඳහා සහභාගිව නිවෙස් බලා පැමිණෙමින් සිටින තරුණියන් වූහ...
👨 "අඩෝ මේ අදවත් අහපන් බන්...."
විශ්ව කීවේ..තම මිතුරා දින ගණනාවක්ම මේ ලෙස මැයව දැක බලාගෙන ආයෙමත් නිවෙස් බලා ගිය සිද්ධීන් හේතු කොට ගෙනයි...
😒 "ඔව් බන් මූ ඇඹරෙනවනේ...
අපිට තමයි බර පන්තියෙන්
ටෝක් කරන්නෙ..."
අපිට තමයි බර පන්තියෙන්
ටෝක් කරන්නෙ..."
තවත් මිතුරෙකි...
👨 "අඩෝ මේ අපේ නංගිත්
ඉන්නවා..බන්.."
ඉන්නවා..බන්.."
විශ්ව නවීන්ගෙ පසුපසට වෙමින් කීවේය...
ඒ විශ්වගෙ නංගි විශ්මි පැහැසරා ද අර තරුණියන් අතර සිටිනා බව දුටු නිසාය...
🧔 "අඩෝ මේන් ලොකු අයියා බය වෙලා..."🤣
නවීන් සිනහා වෙමින් කීය...
👨 "හරි හරි..මං බය නෑ...
ඒත් තාත්තට කිව්වොත් අපේ එකී...
ඒකයි ඉතිං "
ඒත් තාත්තට කිව්වොත් අපේ එකී...
ඒකයි ඉතිං "
😁 "හරි හරි බන් ...
උඹ අනිත් පැත්ත හැරියන්..."
උඹ අනිත් පැත්ත හැරියන්..."
මිතුරන් අතරින් තවකෙකු සිහහා පාමින් විශ්වට කියන්නට විය...
හෙමින් හෙමින් පැමිණි තරුණියන් පිරිස මේ මිතුරන් අසළින් ගිය මුත් නවීන් කිසිවක් නොකළේය...
😒"කෝ බන්...
මොන රෙද්දක්ද අහපන්..."
මොන රෙද්දක්ද අහපන්..."
නවීන් දෙසට අත දිගු කරමින් මිතුරෙකු පැවසුවේය...
😏"උඹට බැරි නම් ඉඳපන්කො..."
කිසිවක් නොකියා බිම බලා ගෙන සිටි නවීන්ගෙ උරහිසට පුංචි පහරක් දී මිතුරෙකු අර තරුණියන් පසු පස ගියේ තවත් එකෙකු සමඟමය...
🧔"අඩෝ...මේ..."🤭
නවීන් හඬ අවදි කළ මුත් එය ප්රමාද විය...
😁"නංගි මේ...මං නාමල්....
මේ ඉන්නෙ රවිඳු...
එතකොට අර ඉන්නෙ බූරුවෙක් වගේ
ඒ නවීන්...."
මේ ඉන්නෙ රවිඳු...
එතකොට අර ඉන්නෙ බූරුවෙක් වගේ
ඒ නවීන්...."
නවීන්ගෙ සමනලිය අසළට ගිය මිතුරා තමන්ව හඳුන්වා දී අනෙකුන්වද හඳුන්වා දුන්නේය...
👩"ඉතිං.."
ඔහේ කියවනා මොවුන් ලඟ හඬ අවදි කල ඇය,
නමින් ප්රසාදි මිනුදිලී විය...
නමින් ප්රසාදි මිනුදිලී විය...
😁"ඉතිං කියන්නෙ...මේකයි නංගි...අන්න අර අපේ නවීනයා ,ඔයාට කැමතියි ...කෙටියෙන් කිව්වොත් ඔයාට ලව්....,ඌ මෙතන ඇඹරෙන්න දවස් ගණන් අරන් අපේ කාලය කෑවා..."
තම මිතුරාගෙ පෙම් සිතුවිල්ල ගැන නාමල් ප්රසාදිට කීවේය.
👩"ඉතිං..."
😁"ඉතිං...ලතින්...නෙමෙයි නංගි....ඔයා හිතලා බලලා කියන්න ඈ..."
කිසිවක් නොකියා ප්රසාදි නැවතත් ගමන් ඇරඹුවාය...
😯"අන්න අරකි ගියා යකෝ"
නාමල් එක වරම කීවේය...
ඒ සිද්ධියෙන් පසු සතියේ ඉරු දිනත් මේ ලෙසින්ම නවීන් මිතුරන් සමඟ තේ කඩය අසළ තැග් ගැහී සිටියහ...
එදින නාමල් ප්රසාදිට නවීන්ගෙ දුරකතන අංකය දුන්නේ,,
😁"නංගි කැමති නම් චැටක් දාලා බලන්න...අපේ එකා හොඳ එකා..."
සෑම ඉරු දිනකම පමණක් නවීන් මෙලෙස ප්රසාදිව දැක ගැනීමට යාමට හේතුව නම් අනෙකුත් දිනයන්හි ඔහු රැකියාව හේතුවෙන් කාර්යබහුල වීමයි...
දුරකතන අංකය දුන් දින රාත්රියේම නවීන් වෙත ප්රසාදි කෙටි පණිවිඩයක් තැබුවාය..
👩"හායි..."
🧔"හායි...කවුද මේ..."
👩"ම්ම්ම්...අඳුරනවද..."
🧔"එහෙම ඉතිං අඳුරන්න බෑනෙ..."
නවීන් කියන්නෙ සෙල්ලක්කාර චරිතයක් කිව්වොත් හරි...
ඔහු කඩවසම් තරුණයෙක්....
ගෑණු ලමයි කියන්නෙ නවීන්ට මහ ලොකූ අරුමයක් කියලා හිතෙන කොට්ටාසයක් නෙමෙයි...
නමුත් ඔහු ප්රසාදි ට සැබෑවටම ලංව සිටියේය...
ඔහු කඩවසම් තරුණයෙක්....
ගෑණු ලමයි කියන්නෙ නවීන්ට මහ ලොකූ අරුමයක් කියලා හිතෙන කොට්ටාසයක් නෙමෙයි...
නමුත් ඔහු ප්රසාදි ට සැබෑවටම ලංව සිටියේය...
👩"ඇත්තද...කෙල්ලො කීයකට නම්බර් එක දෙනවද නේද..."..
🧔"ආ...මේ අර කොච්චි කරලනෙ..."
👩"මොන...??"
🧔"ප්රසාදි නෙ...".
👩"ආ...ඔයා කොහොමද මගෙ නම දන්නෙ...??"
🧔"අපෝ ඕක මොකක්ද මං ඔයාලගෙ ගෙවල් තියෙන තැනත් දන්නවනෙ...."
විශ්මි ප්රසාදි ගෙ වයසෙ නිසා විශ්ව ප්රසාදි ගැන සියලුම විස්තර දැනගෙන සිටි නිසා නවීන්ද දැන සිටියේය..
👩"ආ...ඔයා පුදුම කෙනෙක්නෙ...අනේ..."
🧔"ඇයි...අනේ ඉතිං ..."
👩"නෑ මොකුත් නෑ.."
ප්රසාදිත් නවීනුත් එතැනින් ඇරැඹි කෙටි පණිවුඩ සංවාදය එදින රාත්රිය වනතෙක්ම විවිධ කරුණු ඔස්සේ ගලා යන්නට විය....
🧔"හරි නංගියෝ....,මේකයි...අපේ නාමල් එදා කියපු දේ ඇත්ත...මං ඔයාට කැමතියි...ආදරෙයි..."
නවීන් තමන්ගෙ හිතේ තියෙන හැඟීම ගැන කෙටියෙන්ම ප්රසාදි ට කියන්නට වූයේ එසේය...
👩"හ්ම්ම්ම්ම්..."
🧔"හ්ම්ම්,කියන්නෙ ඇයි?..මං බොරු නෙමෙයි කියන්නෙ..."
👩"හ්ම්ම්ම්...මං හිතුවා අයියෙ...සතියෙම...ගොඩාක් හිතුවා.."
🧔"එහෙනම් කියන්න නංඟියෝ..ඔයා මොන වගේ උත්තරයක් දුන්නත් මං සතුටින් බාර ගන්නවා..."
මද වේලාවක් යන තෙක්ම නිහඬව සිටි ප්රසාදි ,,නවීන් වෙත කෙටි පණිවිඩයක් යැව්වේ මෙසේය..
👩"අයියේ..මාත් ඔයාට කැමතියි...ආදරෙයි...හැබැයි කවදාවත් දාලා නම් යන්න එපා..."
නවීන්ට දැනුණෙ තමන්ට මුලු ලෝකෙම ලැබුණා සේය...
ඔහුට නිම්හිම් නොමැති සතුටට ඔහු එවෙලෙහිම ගත්තෙ විශ්වට ඇමතුමකි...
ඔහුට නිම්හිම් නොමැති සතුටට ඔහු එවෙලෙහිම ගත්තෙ විශ්වට ඇමතුමකි...
🧔📱 "අඩෝ විශ්වයා,,කෙල්ල මට කැමති වුණා ආ..."
ඇමතුම සක්රීය කර ,විශ්ව හඬ අවදි කරන්නටත් ප්රථම නවීන් හඬ අවදි කළේය...
🤦"අයියේ..අපේ අයියා හොඳටම නිදි....මං මේ පාඩම් කර කර ඉද්දි ෆෝන් එකේ සද්දෙ ඇහිලා ආවෙ..."
පුදුමයි ඒත් ඇත්තමයි...නවීන්ගෙ ඇමතුමට පිලිතුරු ලැබුණේ විශ්මිගෙනි..
එදින පටන් වසර දෙකක් පුරාවට ඇදුණු නවීන් ,ප්රසාදි ප්රෙම් කතාවෙ බොහෝ සුන්දර තැන් මෙන්ම අසුන්දර තැන්ද බොහෝමයක් තිබිණි..💕
ප්රසාදි යනු තරමක් අහංකාර චරිතයක් මුත් නවීන් අතිශය නිරහංකාර චරිතයකි...
ඒ වන විට ප්රසාදි තමන්ගෙ නීති රෙගුලාසි මාලාවක් යටතේ නවීන්ගෙ ප්රේමයත්,නවීන්වත් පාලනය කරන්නට තරම් සමත්ව සිටියාය...
ඒ වන විට ප්රසාදි තමන්ගෙ නීති රෙගුලාසි මාලාවක් යටතේ නවීන්ගෙ ප්රේමයත්,නවීන්වත් පාලනය කරන්නට තරම් සමත්ව සිටියාය...
•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•
දිනක්....,,
දිනක්....,,
👨"අඩෝ..හවස සෙට් වෙමුද...??"
නවීන්ට දුරකතන ඇමතුමක් ගත් ඔහු විශ්ව ය..
🧔"බෑ බන් ,,..උණ හැදෙන්න වගේ බන්..."
👨"ඔව්..ඔව් උඹට දැන් සෑහෙන ලෙඩනෙ ..අනේ පලයන් යකෝ යන්ඩ...මොනාද බං ගෑණියෙක් වගේ ආ...අරකි නිසානෙ ඔය උඹ..."
නවීන් මිතුරන්ව මග හැරි පළමු අවස්තාව මෙය නොවුණු නිසාම විශ්වට තරමක් කේන්ති ගියේය..
🧔"නෑ බන්..සිරාවට උණ හැදෙන්න වගේ..."
👨"අනේ පල...ලව් කරන්න ඕන තමයි අපිටත් කෙල්ලො ඉන්නවා..ඒත් තමන්ට කියලත් නිදහසක් ඕනෙ.. උඹට තේරෙයි..."
🧔"හරි බන්...එහෙම දෙයක් නෑ...ලබන සතියෙ එන්නම් අනිවා.."
නවීන්ටද මිතුරන්ගෙන් ඈත් වීම අසීරුය...
රැවුලත් බේරගෙනම කැඳ බොන්නයි නවීන්ට ඕන කලේ..
රැවුලත් බේරගෙනම කැඳ බොන්නයි නවීන්ට ඕන කලේ..
👨"හරි හරි උඹ ඕන එකක් කරපන්...අන්තිමට අපි හැලුවා අරකයි මේකයි කියාගෙන නම් එන්ඩ එපා..."
🧔"හරි හරි බන්න්න්න්..එල.."
තමන්ගෙ මිතුරාගෙ ජීවිතය සිර ගත කළ වරදට තමන්ටද දඬුවම් හිමි විය යුතුයි කියා විශ්ව නිතරම සිතන්නට වූයේය ...ඒ නවීන් පෙර කළ සිටි සරල,සැහැල්ලු ජීවිතය මතකයට නැගෙන හැම තැනකම විශ්වගේ සිත තැවුලෙන් පිරී යන හෙයිනි...
කාලය නවතන්නට බැරිය...
කාලය ගතව යයි..
කාලය ගතව යයි..
එක්තරා දිනයක සවස් යාමයක ,,
👨"විශ්ව...විශ්ව...."
නවීන් තරමක් අඬු හඬකින් මුත් ඒ අමතන්නෙ විශ්වගෙ නිවස ඉදිරිපිට ගෙමිදුලෙහි සිට ගෙනය...
🤱"ආ මේ නවීන් පුතානේ...."
නිවසින් එළියට පැමිණි විශ්වගේ මව නවීන්ව පිළි ගත්තාය...
🧔"ඔව් නැන්දේ ..කෝ විශ්ව..."
🤱"එන්න ගෙට...පුතා තාම වැඩ ඇරිලා ආවෙ නෑ දරුවො....දැන් එයි.."
නිවසෙහි සාලයට පැමිණ අසුන් ගත් විශ්වගෙ මුහුණ නම් වෙනදා මෙන් පිරිපුන් නොවුණේය...
🤱"ඉන්නකො පුතේ මං බොන්න දෙයක් හදන් එන්නම්..."
කියමින් විශ්වගෙ මව මුළු තැන් ගෙය වෙතට ගියාය..
ඊට පසු තත්පර තිහක් පමණ ගත වෙත්ම...
👩"අම්මේ...අම්...."
එවකට බැංකු කළමණාකාරිණියක වූ ඇය විශ්මිය.....
රැකියාව නිමවී පැමිණෙන ඇය නිවසට ඇතුළු වන විටම දුටුවේ නවීන්වය..
රැකියාව නිමවී පැමිණෙන ඇය නිවසට ඇතුළු වන විටම දුටුවේ නවීන්වය..
👩"ආහ්...නවීන් අයියෙ ..ඔයා...දැක්ක කල් දෙයියනේ..."..
නවීන් ප්රසාදි නිසාම මිතුරන්ගෙන් පවා ඈත් වූ නිසා විශ්මිද නවීන්ව දකින්නෙ කලාතුරකින් විය...
නවීන්ව දුටු විශ්මිගෙ මුහුණ,ඇස් එක්ක හරි හරියට දිලිසෙන්නෙ සතුටක් දෝරෙ ගලමින් කිව්වොත් හරියටම හරි...
විශ්මිට,නවීන්ව දැකීම ඒ තරම් ප්රිය දසුනක් වූවාය ...
🧔"ඔව් නංගි මං මේ විශ්ව හම්බ වෙන්න ආවෙ..."
👩"ආ අයියා තාම නෑ...ඔයා ඉන්නකො...එයා එයි..."
🧔"හ්ම්..හරි නංඟි..."
නවීන්ගෙ මුහුණෙහි වෙනදා මෙන් පිරිපුන් නොවන බවක් විශ්මිට ඒ වනවිටත් තේරුම් ගොස් අවසානය...
👩"අයියේ...මේ...ප්රශ්නයක් ද.."
🧔"ආ..එහෙම නෑ නංගි"
තේ කෝප්පයකුත් නවීන් වෙත රැගෙන විශ්වගෙ මව පැමිණෙන්නෙ එවිටමය...
🤱"ආනේ පුතේ...අද අපේ පුතා එන්න රෑ වෙනවා කියලා ගියේ..වැඩ ඇරිලා එහෙමම මළ ගෙදරක යනවා කියලා ..මට අමතක වෙලා තිබුණෙ කලබලේට... "
🧔"අප්පා...එහෙම ද නැන්දෙ...හරි කමක් නෑ...මං මේ ආවෙ කෝල් ආන්සර් කලෙත් නැති නිසා..."
🤱"හරි දරුවො..මං කියන්නම් ඔයා ආවා කියලා ..."
🧔"හරි නැන්දෙ මං කෝල් එකක් දෙන්නම්..".
නවීන් තේ කෝප්පය ඉක්මනින් හිස් කළේය..
නවීන් තේ කෝප්පය ඉක්මනින් හිස් කළේය..
🧔"මං එහෙනම් ගිහින් එන්නම් නැන්දෙ...නංගි යනවා ඈ..."
නවීන්ගෙ හැසිරීම තරමක් කලබලකාරීය...ඒ බව ඔහු දෙස දෑස අයාගෙනම සිටි විශ්මි හොඳින් තේරුම් ගෙන තිබිණි..
👩"හරි අයියෙ බුදු සරණයි ..."
එදින රාත්රී 8ට පමණ වන විට...
නවීන් ගෙ දුරකතනය නාද වන්නට විය...
නවීන් ගෙ දුරකතනය නාද වන්නට විය...
👩"හෙලෝ නවීන් අයියද...??"
🧔"ඔව්ව්..කවුද ඔයා...??"
👩"මේ මං විශ්මි...."
🧔"ආහ්හ්හ් ...නංගි ඔයා....කියන්න ... කියන්න...."
මීට පෙර කිසිම දිනක විශ්මි ,නවීන්ට දුරකතනයෙන් අමතා නොතිබි නිසාම නවීන් තරමක් පුදුම වූවේය...
👩"අනේ අපේ අයියට කියන්න එපා මං කෝල් කලා කියලා ..."
🧔"ආ...හරි..නංගි මං කියන් නෑ .ඔයා කියන්නකො....ප්රශ්නයක් ද..."
👩"හ්ම්ම්ම්..නෑ...ඔයා මොකක් හරි ප්රශ්නෙකද අයියෙ...??මට හවස එහෙම තේරුණා.."
🧔"හ්ම්ම්ම්ම්..නෑ නංගි.."..
👩"මං ඔයා දුකින් වගේනෙ දැක්කෙ...ඒකයි ඇහුවෙ....කියන්න අකමැති නම් කියන්න එපා අයියෙ..."
🧔"අනේ අනේ නෑ නංගි එහෙම දෙයක් නෑ..ඔව්...මේකයි මං විශ්වව හොයන් ආවෙත් ටිකක් කතා කරන්න තමයි..."
නවීන් සැබෑවටම සිටියෙ ප්රශ්නයකය...
හවස් යාමයේදි තම මිතුරාව හමුවීමට ඔහුගේ නිවසට ගොස් තිබුණේද සියල්ල කියා සිත නිදහස් කර ගන්නටය..
හවස් යාමයේදි තම මිතුරාව හමුවීමට ඔහුගේ නිවසට ගොස් තිබුණේද සියල්ල කියා සිත නිදහස් කර ගන්නටය..
👩"ඒ කිව්වෙ..."
🧔"මේකයි...ප්රසාදි නංගිව ඔයා දන්නවනෙ...එයා දැන් හරි වෙනස් නංගි...කතා කරන්නෙත් අඩුවෙන්...මං ඒවා ඇහුවම බනිනවා විතරයි ...හේතු නෑ ...මට පුදුම විදිහෙ අසරණකමක් දැනෙනවා නංගි..."
නවීන්ට ඒ මොහොතෙ අවශ්ය වූයේ තේරුම් ගත හැකි නියමාකාර සවන්දෙන්නක් පමණක්ම වූ නිසා ඔහු විශ්මි සමඟ තමන්ගෙ ගැටලුව කියා පාන්නට වුයේය...
👩"අනේ...."
කොල්ලෙක් ඒ තරම් කළකිරීමෙන් කතා කරනවා ඊට පෙර විශ්මි අසා නොතිබුණු නිසාම ඇයට වේදනාව ඉහ වහා ගියා කීවොත් නිවැරදිය..
🧔"මොනවා වුණත් මං ප්රසාදිව අත් හරින්න ලෑස්ති නෑ නංගි..මට ඒක කරන්න බෑ..."
👩"අහන්න...ඔයා ඒවා එයාට කිව්වද අයියෙ..."..
🧔"ඔව් නංගි..."...
👩"එයා මොකද කියන්නෙ.."
🧔"එයා කරන්නෙ බනින එකම විතරයි නංගි...අනේ මන්දා..ඔයාටත් හිතෙනවා ඇති මං බොළඳයි කෙල්ලෙක් වගේ කියලා ...ඒත් නංගි ආදරේ ලඟ කොයි මිනිහත් නැමෙනවානෙ..."
👩"ඔයා හරි අයියෙ...පව්...අනේ....
🧔"හ්ම්ම්ම්..එයාට මං ආදරේ තරම් එයාවත් දන් නෑ..."..
👩"ම්ම්ම්ම්ම්ම්...දුක් වෙන්නෙපා ..ඉවසන්න අයියෙ...ඉවසන්න...එයා තේරුම් ගනියි දවසක..."
🧔"දුක් නොවී කොහොම ද නංගී..අවුරුදු ගාණක් ආදරේ කරන කෙල්ල වෙනස්කම් කරද්දි.."
👩"මට තේරෙනවා අයියෙ..ඒත් හැමදේම දරාගෙන ආදරේ කරන්න...හ්ම්ම්ම්...ආදරේ කියන්නෙ කිසි දෙයක් බලාපොරොත්තු නොවී දෙන්න ඕන දෙයක්..."
🧔"ඔව් මං ගොඩාක් ඉවසනවා නංගී..."
👩"ඒක හොඳයි අයියෙ...බලාපොරොත්තු නොවීම ආදරේ දීලා බලන්න උපරිමයෙන්..."
🧔"ඔච්චර දේවල් දන්නෙ ඔයාටත් කෙනෙක් ඉන්නවා වගේ..."..
විශ්මි නිරුත්තර විය ...
තත්පර කිහිපයකට ඇයගෙ හඬ ගොලු වන්නට වූවාය..
🧔"නංගී...නංගී..."..
🧔"ඔයාට ඇහෙනවද..."
👩"හ්ම්ම්ම්ම්..ඔව් අයියෙ..."
🧔"මොකද සද්ද නැති වුණේ...එහෙම කෙනෙක් ඉන්නවද..."
👩"හ්ම්ම්ම්ම්...ඔව් අයියෙ...ඉන්නවා...".
🧔"ආ..ආ...අපි දන්න කෙනෙක්ද .."
👩"හ්ම්ම්ම්ම්ම්..."..
🧔"කියන්නකො..මං කියන් නෑ කාටවත්...ඔයා කෝල් කලෙත් මගෙ ප්රශ්නෙ අහන්නනෙ..."
👩"හ්ම්ම්ම්ම්...එයාවත් දන් නෑ මං ආදරෙයි කියලා...සෑහෙන කාලෙක ඉඳන් හිත අස්සෙ විතරක් තියන් ආදරේ කරන්න කෙනෙක් මට ඉන්නවා...".
🧔"ඒ කිව්වෙ..ඒක පාර්ශවීය ප්රේමයක්ද .."
👩"හ්ම්ම්ම්ම්..."
🧔"අපි දන්න කෙනෙක්ද..ඕන උදව්වක් කරන්නම්..."
ඒ වන විට විශ්මිගෙ හඬ තරමක් හැඬුම් බරය... ඉකි බිඳින ඇය...
එක වරම..
එක වරම..
👩"ඔව් අයියෙ...ඒ ඔයා අයියෙ..ඒ ඔයා..."
🧔"මොකක්ක්ක්ක්ක්..."
තමන්ට මේ ඇසෙන කිසිවක් සිතා ගත නොහැකි නවීන් කලබල විය ..
👩"ඔව්....ඔයා තරහා වෙන්න අයියෙ කමක් නෑ...ඒත් අහන්න...මං අවුරුදු ගානක් තිස්සෙ ආදරේ කලේ ඔයාට...මේ වගේ දෙයක් කෙල්ලෙක් කොල්ලෙක්ට කියන එක වැරදි ඇති...ඒත් ආදරේට භේදයක් නෑනෙ..ඔයා ප්රසාදිගෙන් යාලූ වෙන්න අහන්නත් කලින් ඉඳන්ම මං ඔයාට ආදරේ කලේ..හැබැයි කවදාවත් කිව්වෙ නෑ..මොකද ඔයා සතුටින් ඉන්න නිසා ඒ හිනාව විතරක් මට ඇති වුණ නිසා...ප්රසාදි එක්ක ඔයා සතුටින් ඉන්න නිසාම මං පාඩුවෙම බලන් හිටියා...මං ආදරේ කලේ ඔයාගෙ හිනාවට...සතුටට අයියෙ...නැතුව ලබා ගන්න ඕන කමක් නෑ....අද කෝල් කලෙත් ඔයාගෙ දුක මං දැකපු නිසා අයියෙ...මේ දේවල් කියන්න හිතුවෙත් නෑ..."
විශ්මි එකඳු නැවතුමක්වත් නොමැතිව එකම හුස්මට කියවන්නට වූවාය...
🧔"ශ්ශ්...ශ්ශ්...අහන්න නංගියො...අහන්න..."
👩"සොරි අයියෙ...අනේ..මං වැරදියි..."
🧔"අහන්නකො නංගි...මට කෙනෙක් ඉන්නවනෙ...මට බෑ එයාට රිද්දන්න..."
👩"අනේ අම්මෝ එපා අයියෙ..මටත් එක්ක පව් පිරෙයි....මට මේ ආදරේ ඔයාටයි මටයි දෙන්නටම ඇති...ඔයා මගෙන් ආදරේ අරන් ගිහින් එයාට දෙන්න මං කොතනවත් තරහා නෑ..හැබැයි හිනා වෙලාම ඉන්න..."
🧔"හ්ම්ම්ම්ම්...නංගියෝ..ඕවා නොහිතා සතුටින් ඉන්න....මං තියන්නම්..බුදු සරණයි .."
👩"හ්ම්ම්ම්ම්ම්ම්ම්......බැරිම තැනත් ඉවසන් ඉන්න ....ඕනම දෙයක් මට කියන්න මං උදව් කරනවා...සතුටින් ඉන්න......බුදු සරණයි ..."
🧔"හරි නංගියො තැන්ක් යූ...බුදු සරණයි ..."
එලෙස අවසන් වූ දුරකතන සංවාදයෙන් පසු නවීන් තමන්ට ඇසුණු සියල්ල ආයෙ ආයෙම ආවර්ජනය කළේය..
'මේ කෙල්ල මොනාද මේ කියන්නෙ..ඒවා ඇත්තද...'..නවීන් බර කල්පනා ලෝකයකට ඇතුළු වූයේ තම නිදන කාමරයේ ඇඳ මත වැතිරෙමිනි..
එදින රාත්රිය විශ්මිට නම් දිගු එකක් ය..
ඇය තමන් නවීන්ට තමන්ගෙ හැඟීම් ගැන කීම පිළිබඳව ලැජ්ජා වූවාය...
ඇයගෙ සිත ලැජ්ජාව සහ දුක යන කරුණු අතරේ රැය පුරාවටම දෝලනය විය...
ඇයගෙ සිත ලැජ්ජාව සහ දුක යන කරුණු අතරේ රැය පුරාවටම දෝලනය විය...
කෙසේ වුවත් එදින පටන් කිසිම දිනයක නවීන් විශ්වත් සමඟ ඇති මිතුදම පවා නිවසින් පිට පමණක්ම තබා ගත්තේ විශ්මි නිසාමයි...
නමුත් නවීන් සිත රිදෙන හැම තැනකම වාගෙ විශ්මිව සෙව්වේය......
ඇයව අමතා ඇයගේ සැනසිලි දායක වදන් සහ උපදෙස් පිළි පැද්දේය...
නමුත් ඒ කිසි තැනක නවීන් ප්රසාදිට වරදක් නොකළේය..
ඔහු විශ්මි සමඟ කතා බහ කලේද හැම තැනකම ප්රසාදි ගැනම පමණි..
ඇයව අමතා ඇයගේ සැනසිලි දායක වදන් සහ උපදෙස් පිළි පැද්දේය...
නමුත් ඒ කිසි තැනක නවීන් ප්රසාදිට වරදක් නොකළේය..
ඔහු විශ්මි සමඟ කතා බහ කලේද හැම තැනකම ප්රසාදි ගැනම පමණි..
එක් අවස්තාවක..
නවීන් සහ ප්රසාදිගේ ප්රශ්නයකදි...
නවීන් සහ ප්රසාදිගේ ප්රශ්නයකදි...
නවීන් තමන්ව අමතා දුක කීම දරා ගත නොහැකි වුණු විශ්මි,,
👩"හෙලෝ ප්රසාදි..."
🤨"ඕ..කියපන්...විශූ.."
👩"මේ උඹ අදත් නවී අයියා එක්ක වලිද බන්..."
🤨"ආ උඹට කවුද කීව්වෙ .."..
තරමක් ආවේගශීලි ගති ඇති ප්රසාදි විශ්මි ප්රශ්නය අසා නිම කරන්නටත් පෙර ප්රශ්නයකින්ම පිලිතුරු දුන්නාය...
👩"නෑ...නෑ..අපේ අයියා ෆෝන් එකෙන් ඔහොම එකක් කතා වෙනවා ඇහුණා...මොනා වුණත් පව් බන්..එයා අව්ලෙන්.."
🤨"හා හා..මං ඒක බලා ගන්නන්..උඹ ඉඳපන්කො..."
යැයි කියමින් ප්රසාදි ඇමතුම විසන්ධි කළාය...
ඊට ස්වල්ප වේලාවක් ගත වෙත්ම...
🧔"මොනාද අනේ කරන්නෙ ඔයත්..ඔයා ඇයි ප්රසාදිට කතා කලේ...නැති ප්රශ්න හදනවනෙ ඔයත්...ආයෙ අපේ ප්රශ්න වලට එන්නෙපා...බායි.."
ඒ නවීන් විශ්මි වෙත තැබූ කෙටි පණිවිඩයයි...
විශ්මිට අදහා ගත නොහැකිය...
වේදනාව අපමණය...
පුංචිමත් බලාපොරොත්තුවක් නොමැතිවම ඇය පෙම් කල මුත් නවීන්ගෙ මේ ආවේගශීලි වදන් ඇයට දරුණු වැඩිය ....
වේදනාව අපමණය...
පුංචිමත් බලාපොරොත්තුවක් නොමැතිවම ඇය පෙම් කල මුත් නවීන්ගෙ මේ ආවේගශීලි වදන් ඇයට දරුණු වැඩිය ....
ඇය,...,
👩"අනේ මං එහෙම හිතුවෙ නෑ..අයියෙ සොරි...ආයෙ වෙන් නෑ...බුදු සරණයි "..
යැයි පිලිතුරු යැව්වාය ...
නැවත කිසිම දිනයක ප්රසාදිත්,නවීනුත් අතරට විශ්මි නොගියාය..
ඇස් කෙවෙනි තෙත් කරන් හදවතම ගුලි කරන් කාලයත් එක්ක දුක තුනී කර ගන්නට ඇය සමත් විය...
ඇස් කෙවෙනි තෙත් කරන් හදවතම ගුලි කරන් කාලයත් එක්ක දුක තුනී කර ගන්නට ඇය සමත් විය...
නමුත් තවමත් ඇය නවීන්ටම පමණක් ප්රේම කරන්නීය...
විශ්වගෙන් ඉඳ හිට නවීන්ගෙ වග තුග අසනා අවස්තාද අපමණය...
විශ්වගෙන් ඉඳ හිට නවීන්ගෙ වග තුග අසනා අවස්තාද අපමණය...
නවීන්ද ප්රසාදි සමඟ අමනාපමකම්,,හාදකම් මැද පෙම් කතාව ලියමින් කල් ගෙවූහ..
ඒ වන විට...
නවීන් සහ ප්රසාදිගෙ සම්බන්ධය අඹු සැමි සබඳතාවයක් තරමටම ගැඹුරට ඔවුන් ගෙන ගොස් හමාරය..
නමුත් කතා නොකළත් සිත රිදෙන හැම තැනම තවමත් නවීන්ට සිහි වන්නෙ විශ්මිය...
නවීන් සහ ප්රසාදිගෙ සම්බන්ධය අඹු සැමි සබඳතාවයක් තරමටම ගැඹුරට ඔවුන් ගෙන ගොස් හමාරය..
නමුත් කතා නොකළත් සිත රිදෙන හැම තැනම තවමත් නවීන්ට සිහි වන්නෙ විශ්මිය...
•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•
කාලය ගතව යයි...
කාලය ගතව යයි...
නිසි කල වයස පැමිණ ඇති නිසාම විශ්මිට විවාහ යෝජනා ගළපන්නට ඇයගේ දෙමාපියන් කටයුතු ආරම්භ කළහ...
නමුත් විශ්මි තවමත් ප්රේම කරන්නෙ නවීන්ටය....
නමුත් විශ්මි තවමත් ප්රේම කරන්නෙ නවීන්ටය....
එක් දිනක්...
👩"අයියෙ...ඔයා මාත් එක්ක තරහා ඇති...කමක් නෑ...ඒත් මං හැමදාමත් ඔයාට ආදරේ කලා...ඒත් දැන් ගෙදරින් මට ප්රපෝසල්ස් ගේනවා...හ්ම්ම්ම්..මගේ දෙමව්පියන්ගෙ සතුට මං දෙන්න ඕනනෙ...හැබැයි ඔයාට තරම් ආදරයක් මගේ හිතේ ඒ හිත වෙනුවෙන් නැති වේවි....පරිස්සමට ඉන්න..සතුටින්..බුදු සරණයි...මං ඔයාව නොලබාම හැමදාමත් ඔයාටම ආදරේ කරපු විශ්මි..."
යැයි කියා කෙටි පණිවිඩයක් නවීන්ගෙ දුරකතනයට තැබුවෙ විශ්මි ඔහුට යවන අවසන් පණිවිඩය ලෙසටය..
ආදරයක් කිසි දිනක ඇතිව නොතිබුණු මුත් ඒ පණිවිඩය දුටු නවීන් තරමක් කඩා වැටුණේය...
නමුත් ඔහු,,
🧔"හරි නංගියෝ...සතුටින් ඉන්න ...බුදු සරණයි ..."
යැයි පිලිතුරු යැව්වෙ තමන්ගෙ යටි හිත තද කරගෙනයි..
ඒ පිලිතුරත් සමඟ විශ්මි දුක අතරින් හිත තවත් දැඩි කර ගත්තාය..
දින ගණනාවක් ගත වෙත්ම, ,,
විවාහ යෝජනා අතරින් කෙනෙකු විශ්වගේත්,දෙමව්පියන්ගේත් සිතට තදින්ම කා වැදී තිබුණු නිසා විශ්මිද ඔහුට කැමත්ත දුන්නාය...
ඔහු ගුණ ගරුක,කඩවසම් තරුණයෙකි...
ඔහු ගුණ ගරුක,කඩවසම් තරුණයෙකි...
කාලය පියඹා ගොස්ය..
👨"අඩෝ හෙට වරෙන් වෙලාවට..."
🧔"හරි හරි බන් මං වෙලාවට එනවා "
ඒ විශ්ව නවීන්ට විවාහයට පෙර දින මධ්යම රාත්රියෙ ගත් ඇමතුමයි...
ඒ ලෙස විශ්ව නවීන්ව ඇමතූයේ...කුඩා කළ සිටම දුක සැප ඔවුනොවුන් බෙදා ගත් නිසයි...
මන්ද තම නැගෙණියගෙ විවාහය විශ්වට සතුටට කරුණක් වුවත් තවත් පැත්තකින් එය ඔහුට දුකකි...ඒ විශ්මි නිවසින් පිටත් වීමයි...
ඒ නිසාම ඔහුට මෙය නවීන්ව අවශ්යම මොහොතකි...
මන්ද තම නැගෙණියගෙ විවාහය විශ්වට සතුටට කරුණක් වුවත් තවත් පැත්තකින් එය ඔහුට දුකකි...ඒ විශ්මි නිවසින් පිටත් වීමයි...
ඒ නිසාම ඔහුට මෙය නවීන්ව අවශ්යම මොහොතකි...
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
විශ්මිගෙ විවාහ මංගල දිනයද පැමිණීය...
පුදුම තරම් ලස්සන දවසකි...
විශ්මිට අමුතුම විදිහෙ සුන්දර බවක් සොබාදමත් දායාද කර දී තිබුණි....
විශ්මිට අමුතුම විදිහෙ සුන්දර බවක් සොබාදමත් දායාද කර දී තිබුණි....
සිනිදු සේද ,පබළු ආයිත්තම් මුහු වුණු ඔසරියකින් හැඩ වුණු විශ්මිගෙ ගෙල වටා මාල හතකි...👰
පුදුම තරමේ චාම් බවක් ,සුන්දර බවක් ඇය තුල එදින තිබිණි....
පෝරු මස්තකය මත ඇයව දුටු නවීන්ට එක වරම තමන් ගැන මහා කණගාටුවක් දැනෙන්නට වූයේය..
එය එක්තරා වූ වේදනාවකි..
ඒ මන්දයත් විශ්මිගෙ ප්රේමය ඔහුගෙ හදවත රහසේම විඳ තිබූ නිසයි..
එය එක්තරා වූ වේදනාවකි..
ඒ මන්දයත් විශ්මිගෙ ප්රේමය ඔහුගෙ හදවත රහසේම විඳ තිබූ නිසයි..
විවාහ චාරිත්ර නියමාකාරයෙන් සුන්දරව සිදු විය...
සියලුම දෙනාගෙ ආශිර්වාදය මැද විශ්මි ඔහුගේ හිමිකරු සමඟ යුග දිවියට පා තැබූහ...
සියලුම දෙනාගෙ ආශිර්වාදය මැද විශ්මි ඔහුගේ හිමිකරු සමඟ යුග දිවියට පා තැබූහ...
අලුත් ජීවිතයට සුභ පැතුම් එක් කරන්නට විශ්මි වෙත ගිය නවීන්..,,
🧔"සතුටින් ඉඳපල්ලා දෙන්නම...මස්සිනා පණ වගේ රැකපන් හරිද..."
කියමින් මනාලයාගෙ උරහිසටද තට්ටුවක් දැමුවේය...
ඒ මොහොතෙ විශ්මිගෙ දෑස් කඳුලින් තෙත් වූ හේතුවක් ඇයටවත් සිතා ගන්නට නොහැකි විය...
නමුදු ඒ ඇය ඒ මොහොතෙදිත් නවීන්ට ප්රේම කරන හෙයිනි...
💕මන්දයත් 'ප්රේමයට ඉපදීමත් ඇතත් මියැදීමක් නොමැති නිසාය...'
👰"තැන්ක් යූ...සතුටින් ඉන්න අයියේ...".
එක වරම විශ්මිගෙ හඬ අවදි වූයේ පෙර හුරු පුරුදු ලෙසින්මය...
ඒත් සමඟම මදක් මත් විය යුතුයි සිතූ නවීන් බියර් වීදුරු දෙක තුනක වින්දනයක් ලබන්නට පටන් ගත්තේය..
සවස් වරුව වන විට...,
නවීන්ගෙ දුරකතනයට මිතුරෙකුගෙන් ඇමතුමකි..
🧔"හෙලෝ..."
👨"අඩෝ කොහෙද ඉන්නෙ..."
🧔"මං මේ වෙඩිමක බන්..."
👨"ආ ...උඹ ඔහෙ මගුල් කාපන්..ආන් උඹේ ගෑණි අරෙහෙ මගුල් නටනවා..."
🧔"මොකක්...පිස්සුද 😡&$*% ..."
👨"පිස්සු නෙමෙයි...යකෝ...ටවුමෙ ගෙස්ට් හවුස් එක අස්සට මේ දැන් එකෙක් එක්ක රිංගනවා මගෙ ඇස් දෙකෙන්ම දැක්කා...බොරුනම් බලපන් ගිහින්..."
කිසිවක් අදහා ගත නොහැකි මනසකින් හෙබි නවීන් එම ස්ථානයට යන්නට වූයේ විවාහ උත්සවයේ කිසිවෙකුටත්,කිසිවක් නොදන්වාමයි...
වියරුවත්,වේදනාවත් කැටිව එතැනට ගිය නවීන් එහි ප්රධාන දොරටුව අසළට වී මද වේලාවක් සිටියේය...
ඇස් අදහා ගත නොහැකිය...
ඔහු වසර ගණනක් පෙම් බැදි ඔහුගෙ පෙම්වතිය තවකෙකුගෙ අතෙහි එල්ලී එම ස්ථානයෙන් පිටතට එන්නීය...
වසර ගණනක මතක ඔහුගෙ ඇස් ඉදිරිපිට එකිනෙක මැවෙන්නට පටන් ගැනිණි...
වියරුව කොපමණමුත් වේදනාව කොපමණමුත් බැරිම තැනත් ඉවසන්න හුරු වෙච්ච නවීන්....
බලාගෙනම පමණක් සිටියේය..
බලාගෙනම පමණක් සිටියේය..
තවත් පැත්තකින් ඔහුට ප්රසාදිට ලැජ්ජා කිරීමට තරම් සිත් නොවූ නිසාම ඔහු බලා සිටියේය..
ඒත් සමඟම නවීන්ට මතක් වූයේ මේ වේදනාව බෙදා ගැනීමට විශ්මිව ය.. නමුත් ඒ වන විට ඇය තමන්ගෙ ජීවිතය අලුතින් ආරම්භ කර තිබුණාය..
🧔"අනේ නංගියේ උඹවත් නෑනෙ මගෙ දුක කියන්න...දෙයියනේ..."💔
විශ්මි අවසන් කෙටි පණිවිඩය එවා අක්රීය කර දැමූ දුරකතන අංකයට දිගින් දිගටම නවීන් කෙටි පණිවිඩ යවන්නට පටන් ගත්තේය..
ඒ එය අක්රීය බව ඔහු හොඳින්ම දැනගෙනමය...
දුක කීමට තරම් කෙනෙකු ඔහුට විශ්මි හැර නොමැති වුණු නිසාය.....
ඒ එය අක්රීය බව ඔහු හොඳින්ම දැනගෙනමය...
දුක කීමට තරම් කෙනෙකු ඔහුට විශ්මි හැර නොමැති වුණු නිසාය.....
එතැනින් ඇරැඹි නවීන්ගෙ හදවත් යුද්ධයේ අවසානය ලෙස වසර පහක් පුරාවට සිනහව කඳුල මැද ලියවුණු නවීන් ප්රසාදි ප්රේම කතාව අවසන් විය....
මන්දයත් වටිනාකමක් නොමැති බැඳීමක වටිනාකමක් සෙවීම
'අහසට ඉණිමං බැඳීමක්' වැනි බව ඔහු තේරුම් ගත් නිසයි...
'අහසට ඉණිමං බැඳීමක්' වැනි බව ඔහු තේරුම් ගත් නිසයි...
නිමි.
✍🏻-නදීශානි විතානගේ (අනූ)
✍🏻-නදීශානි විතානගේ (අනූ)
💕💕🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿💕💕
ආදරය හරි පුදුමයි...💕
විටෙක ජීවිතයම පූජා කරන...,😍
තව තැනක ජීවිතයම උදුරා ගන්න...😑
ආදරය ඇත්තටම හරි පුදුමයි...😌
විටෙක ජීවිතයම පූජා කරන...,😍
තව තැනක ජීවිතයම උදුරා ගන්න...😑
ආදරය ඇත්තටම හරි පුදුමයි...😌
ජීවිතය පුරාවට තනි වූවත්,
නවීන් කිසි දිනක ආදරයට වෛර නොකළේය...😌
ඒ මන්දයත් නවීන්ගෙ බැල්මකවත් අයිතියක් නැතුවම ඔහුගේ රිදුම්ම පමණක් දරාගෙන ලඟින් සිටි විශ්මි ඔහුට දුන් ආදරය ප්රබල වී ඔහුගේ හිත මැද තිබුණු නිසාය...
නවීන් කිසි දිනක ආදරයට වෛර නොකළේය...😌
ඒ මන්දයත් නවීන්ගෙ බැල්මකවත් අයිතියක් නැතුවම ඔහුගේ රිදුම්ම පමණක් දරාගෙන ලඟින් සිටි විශ්මි ඔහුට දුන් ආදරය ප්රබල වී ඔහුගේ හිත මැද තිබුණු නිසාය...
ඒක පාර්ශවීය ආදර කතා හරි සුන්දරයි...😍
බලාපොරොත්තු ඇත්තේම නැතුව හරි ලස්සනට ඒ හිත් ප්රේම කරනවා...😌
අනෙකාගෙ හිනාවට ,ජීවිතයට,සතුටට උන් ප්රේම කරනවා...😌
බලාපොරොත්තු ඇත්තේම නැතුව හරි ලස්සනට ඒ හිත් ප්රේම කරනවා...😌
අනෙකාගෙ හිනාවට ,ජීවිතයට,සතුටට උන් ප්රේම කරනවා...😌
ඒකපාර්ශවීය ප්රේමය කියන්නෙම,
සංකීර්ණත්වය අස්සෙත් සරලකම් දකින හරි අපූරු හැඟීමක්....💖
සංකීර්ණත්වය අස්සෙත් සරලකම් දකින හරි අපූරු හැඟීමක්....💖
No comments:
Post a Comment