මාහීර් සිතුවේ ඔහුට පිටුපා ඉහල මාලයට යන මෙහෙන්දි දෙස බලමින්.............
නමුත් අපූර්වා ඊට දැඩි සේ විරුද්ධත්වය ප්‍රකාශ කලාය.............
🌹 ප්‍රතාප්......... පිස්සුද මේ ළමයට අපේ දුවව දෙන්න........... ඒකට මං ඉඩ දෙන්නෙ නෑ........... මහීම ඉන්දැද්දි මොකටද වෙන අය........... මං අයියට මුහුණ දෙන්නේ කොහොමද
🏆️ කට වහනවා අපූර්වා......... මෙහෙන්දිට මාහීර් හැරුනම කවුද ඉන්න හොඳම කෙනා......... තමුසෙ දන්නෙ නැති වුනාට මට අපහස කරන්න ඒ පිස්සු මිනිහා තමා සක්සේනාට උදව් කලේ......... ඌ තමා අර පින්තූර අරගත්තේ.........
අපූර්වාගේ දෑස් විසල් විය........... ඇයට මෙය අදහාගත නොහැකි විය............
🏆️ඊටත් වඩා තමුසෙගේ අයියා මේ තමුසෙට තියන ආදරේට බලන්න ආව ගමනක් නෙවේ......... ඌ අවේ මගේ බිස්නස් අයිති කරගන්න............ මට ඇවිත් කිව්වා දුවට මේවයින් භාගයක් ලියලා දෙන්න කියලා මොකද ඌ බඳින්නේ චරිතවත් කෙනෙක් නෙවේනේ කියලා............ තමුසෙ මට කියන්නේ අපූර්වා ඒ තිරිසන් සත්තු ගාවට දුවව යවන්න කියලද................... විකාර නැතුව මේ මංගල්ලෙට ලෑස්ති වෙනවා...........
ඒ ප්‍රතාප් ශර්මාගේ අවසන් අණයි............ ඉන් එහා ඔහුට විරුද්ධ වීමට මේ නිවසේ කිසිවෙකු නැත....................
×××××××××××××××💔💔💔××××××××
මාහීර් වික්‍රාන්ත් හට ඇමතුමක් ගත්තේය............. වික්‍රාන්ත් ද සිටියේ ඔය ඇමතුම බලාපොරොත්තුවෙනි..........
💘 වික්‍රාන්ත්.............. හ්ම්ම්ම්......... මෙහෙන්දි කැමති වුනා.......... මට හිතාගන්න බෑ උඹ මොනවද කිව්වේ කියලා........... මට ඇහුනේ අන්තිම ටික විතරයි....................
වික්‍රාන්ත් දෑස් තද කරගත්තේය.............. සිය හදවත පුරාම තියුණු ආයුධයකින් කැපුම් පහර ලැබූ මෙන් වේදනා දෙන්නට විය................ ආදරය එක් අතකින් වේදනාවක්මය..............
❤️ නෑ මාහීර්...... එතන ඊට වඩා දරුණු කුමන්ත්‍රණයක් තිබුනා...... මගේ අහිංසකී උන්ගෙ තිරිසන් වැඩ වලට පලි නෑ...... උන් ඒ පින්තූර ටිකෙන් ප්‍රතාප් අංකල් ගෙන් මහ තිරිසන් විදිහට පලිගන්න තිබුනා........ ඒවා මීඩියා වලට ගියොත් ඉවරනෙ........ අනික මං මෙහෙන්දිව බැන්දොත් එහෙම ශේෂ් සක්ටස්නා කිව්වෙ ඇත්ත කියලා ඌට අනුකම්පාව හම්බවෙනවා........ එතකොට business world එකේ king වෙච්ච ප්‍රතාප් අංකල්ට මොකද වෙන්නේ....... ආ...... මාහීර්........ ඒ මනුස්සයා මැරෙයි..........හ්ම්ම්ම්ම්
💘 හෙට අනිද්දා ඇතුලත අනිවාර්යෙන්ම තියනවා............... මට නම් මොකක්ද වගේ බං.......... උඹේ වස්තුව මං කොහොමද අයිති කරගන්නේ......... උඹට බැරිද ඔය තීරණය වෙනස් කරගන්න.....
❤️ බෑ..... මාහී........... ඒක කරන්න බෑ....... උඹ බය වෙන්න එපා....... මෙහෙන්දි ගේ කසාදෙ වෙද්දි මං මෙහෙන් යනවා සදහටම......... මුම්බායි වලට අපි ආයෙ කවදාවත් හම්බ වෙන්නෙ නැති වෙයි......... ක්‍රිකට් ගහද්දි විහේන් හම්බ වුනත් මං දන්නවා ආය එයා මගේ මුහුණවත් බලන්නෙ නෑ කියලා......... මේක තමා බං අපේ දෛවය............ මෙහෙන්දි අද නැතත් හෙට නැතත් අනිවාර්යෙන්ම උඹට ආදරය කරයි..... මොකද එයා දැන් මට වෛර කරනවා ඇති...............
මාහීර් අහස දෙස බලා සිනාවක් පෑවේය.......... ඔහුට එය එසේ නොවන බව ඉඳුරාම විශ්වාසය..........
💘 මට නම් එහෙම හිතෙන්නෙ නෑ...... උඹ කවදාහරි දවසක ඇවිත් මගෙන් නංගිව ඉල්ලයි............
❤️ ඒක වෙන්නෙ නෑ......... මං මුම්බායි ගිහාම අය අපි හම්බ වෙන්නේ නෑ....... මං කොහොම හරි එයා නැතුව ඉන්න හිත හදාගන්නවා........ හැබැයි සෝනම්ට කවදාවත් මගේ හිතේ මෙහෙන්දිට තියන තැන ගන්න බෑ......... මං මේ තීරණය හුඟක්ම ගත්තේ අර ලැබෙන්න ඉන්න දරුවා නිසා........ මං දරුවන්ට හුඟක් ආදරෙයි....... අනික ඒ ගෑණිට දරුවෙක් වෙලා ඉපදෙන එක එයාගේ වරදක් නෙවේ............. මං හිතන්නෑ දරුවා ලැබුනට පස්සෙවත් ඔය ගෑණි හොදීන් ඉදී කියලා............ කොහොම වුනත් මෙහෙන්දි කියන්නේ මට තරුවක්..... පොළවේ ඉඳන් බලලා සැනසෙන්න විතරයි පුළුවන්............. මාහීර් මං උඹෙන් මේ දේ ඉල්ලන්න ඕනෙත් නෑ........... ඒත් කියන්නම්....... මගේ කෙල්ලව මේ ආත්මෙදි පරෙස්සමින් බලාගනින්...... ම්ම්මම්.... මං ආය උඹටවත් කතා කරන්නෙ නෑ........... ආය අපි හම්බ වෙන්නේ නෑ යාළුවා......... උඹ තමා මට හම්බවුන හොඳම කෙනා............ මං කවදාවත් උඹ අමතක කරන්නෑ මචං..........
මාහීර් හට කියන්නට වචනයක් හෝ ඉඩ නොතබා වික්‍රාන්ත් දුරකතන ඇමතුම විසන්ධි කලේය.......... ඉන් අනතුරුව ඔහු ශධීර්ට ඇමතුමක් ගත්තේය............ සත්‍ය දැනගත යුතු තුන් දෙනෙක් සීටී....... එක් අයෙක්ට එය පවසා අවසන්ය........... අනෙක් කෙනා ශධීර්ය................ එමෙන්ම මේ ආදරයට හදවතින්ම උදව් කල අනෙක් තැනැත්තිය අසේකාය........ ඔවුන් හට හෝ මේ ඇත්ත හෙලි කල යුතුය........
❤️ ශධී.......... මාව හම්බ වෙයන් අද හෙට උදේට.......... අසේකා නංගිත් එක්ක....... Golden Saffron එකේදි.............
💙 මොකක්ද බං මේ වුනේ...... මට නිකම් පිස්සු වගේ එහෙන් මෙහෙන් ටිකක් ආරංචි වුනා...... උඹගේ phone එක බැලුවොත් ඇත්තම් වැඩ නෑ මගුල......... හරි අපි එන්නම්...........
හැමදේම ශධීර් දනී......... නමුත් ඒ අසේකා පැවසූ දේවල් පමණි......... වික්‍රාන්ත් මෙහෙන්දි හට බොරුවක් කලා යැයි අසේකා තවමත් විශ්වාස කරන්නේ නැත.........
🌹💙🌹💙🌹💙🌹💙🌹💙🌹💙
පසුදින ශර්මා මන්දිරය අතිශයින් කාර්ය බහුල විය.......... ඒ මෙහෙන්දිගේ විවාහ මංගල උත්සවය නිසයි........ අශ්ලේෂාටත් සහස්දිටත් අසේකාටත් වෙන කිසි දෙයක් ගැන සිතන්නවත් වෙලාවක් නොවීය........... අපූර්වා සෙනෙවිරත්නද අවසානයේ මහීමගේ කුරිරු සැලැස්ම ගැන කලකිරී මෙම විවාහයට එකඟ විය.................. උදෑසනින්ම ප්‍රතාප් හා අපූර්වා මාහීර්ගේ නිවසට ගියේ මේ ගැන නිළ වශයෙන් කතා කිරීමටයි.............
ශධීර් හා අසේකා........ උදෑසන ගියේ වික්‍රාන්ත් හමුවීමටයි......... ඔවුන් යනවිටත් වික්‍රාන්ත් එදා ඔවුන් හමුවූ සුවිසල් සල් ගස පාමුලට වී හඬ නගමින් ගලන යමුණාව දෙස බලා සිටී.......... මේ වික්‍රාන්ත් තම ජීව්තයේ වැඩියෙන්ම කැමති තැනයි........ සිය ජීවිතයේ සුන්දරම මතකය රැඳි තැනයි....... ඒ වගේම මුළු ජීවිතයම අඳුරු වුන තැනයි......ඔහුට ඔහුගේ ජීව්තය අහිමි වුන තැනයි...................
💙 වික්‍රාන්ත් අයියා.............. උඹ ගොඩක් වෙලාද ඇවිත්............
❤️ නෑ මං දැන් ආවේ................
වික්‍රාන්ත් පැවසුවේ ඔවුන් දෙස නෙත් නොහෙලා යමුණා නදියේ ඈත ඉසව්වක් දෙස බලමිනි............. නමුත් ශධීර්ට වත් අසේකාට වත් ඔහුගේ ඇස් වල වූ කඳුළු සඟවන්නට නොහැකි විය..............
💙 මොකද බං මෙි......... කියන්න තියන මගුලක් කියපන්........ඔහොම දුක් විදින්නැතුව...............
🏵️ මෙයා මොනා කියන්නද අයියේ......... මෙයා කලේ බොරුවක් කියලා තමා කියන්න වෙන්නේ.................
අසේකා එය පැවසුවේ ඇත්තටම නොවේ.... ඇයට අවශ්‍ය වුනේ ඔහුගෙන් සත්‍ය දැනගැනීමටයි........ වික්‍රාන්ත් ඊයේ පැවසූ සියල්ල බොරු බව පමණක් අසේකා විශ්වාස කලාය............
❤️ ඔයාටත් එහෙම හිතනවද නංගි......... මං එහෙම කරයි කියලා............මට එහෙම කරන්න පුළුවන් කියලා ඔයාලට හිතෙනවද..........
💙 මොකක්ද වුනේ..........
සියල්ල ඔවුන් හමුවේ කියා සිිටි වික්‍රාන්ත් තම දෑතින්ම හිස අල්ලාගෙන පහත් විය.....
💙 ඒයි ඒයි අයියේ මේහ්......මේ අහපන් ඔහොම ඉන්න එපා............ උඹ ඇත්තටම අදහන්න ඕනි බං........... උඹව ඔය තත්වෙට ගේන්න සක්සේනා හුඟක් දේවල් කලා තමා...... මේ වෙලාවෙදි ඒ මනුස්සයාට පිහිට වුන එක හොඳයි....... ඒත් ඒක මෙහෙන්දිට නම් කලේ හොඳ දෙයක් නෙවේ...........
❤️ ශධීර්......... මං එහෙම නොකලා නම් අර photo ටික පාවිච්චි කරලා මහීමයි සක්සේනයි එකතු වෙලා මෙහෙන්දිගෙයි ප්‍රතාප් අංකල්ගෙයි ජීවිත කාලකණ්නි කරලා දායි......... එයාලාගේ බිස්නස් බලන් ඉද්දි වැටෙයි.......... එයාලට හුඟක් දුක් විඳින්න වෙයි....... ඊටත් වඩා ප්‍රතාප් අංකල් කියන්නේ එයාගේ ගෞරවය ගැන හුඟක් හිතන කෙනෙක්........... ඒ මනුස්සයා නිකරුනේ මැරිලා යයි........ මං ඔය තීරණය නොගෙන හිටිය නම්.......... ඇත්තටම මට ඕනැ වුනේ සක්සේනාට කලගුණ සලකනවටත් වඩා මෙහෙන්දියි ප්‍රතාප් අංකලුයි දෙන්න සතුටින් ඉන්නවා දකින්න.............. එයාලට හොඳක් වෙනවා දකින්න.........
🏵️ දැන් ඒක හරි කියලද අයියා කියන්නේ
❤️ ඔව්....... නංගි.........මං එයාව බලාගන්න හිතුවටත් වඩා හොඳට මාහීර් එයාව බලාගනී............ අනික අපි හෙට මුම්බායි යනවා ආයෙම මට කවදාවත් මෙහෙන්දි හම්බ වෙන්නේ නෑ............
💙 එතකොට ක්‍රිකට්...........
❤️ ඒකට මං අවශ්‍ය වෙලාවට එනවා.......... හැබැයි එක දෙයක්..... මං මේ කතාව කිව්වේ ඔය දෙන්නටයි....... මාහීර්ටයි විතරයි............... මේක කවදාවත් මෙහෙන්දි දැනගන්න බෑ හරිද....... මට පොරොන්දු වෙන්න..... විශේෂයෙන් ඔයා නංගි.................
අසේකා කරන්න දෙයක් නැති කමට පොරොන්දු දුන්නාය.......... ඇයට දෙවියන් හා ඇත්තේ තරහකි......... ඒ තරහෙන්ම ඇය දුර්ගා මෑණියන්ට දොස් කීවාය........... මේ ආදරවන්තයින් යලි එක් නොවන ලෙස වෙන් කල එක අසාධාරණ යැයි ඇය දෙවියන්ට චෝදනා කලාය..............
_____🦄_________🦄_______🦄__
ප්‍රතාප් ශර්මා සිටියේ වික්‍රාන්ත් හා දැඩි වෛරයකිනි........... ඔහු නිසා දෙවරක් තමා අපකීර්තියට පත් විය............ නමුත් තව තෙදිනක් ඇතුලත මුළු ඉන්දියාවටම කියා තම දියණියගේ මංගල්‍යය ජයටම ගන්නට ඔහු සියල්ල එක රැයෙන් සූදානම් කලේය........ ඒ සියල්ල කලේ වික්‍රාන්ත් හට පේන්නටය.......... ඒ සියල්ල කරන්නේ ඔහුගෙන් පලිගන්නටය....... දැන් කොහොමත් දියණිය තමා කියන ඕනෑම දේකට එකඟය.................. මේ ප්‍රතාප් පැමිණ සිටින්නේ මංගල ඇරයුම්පත් හදන තැනකටයි............... ඔහුට පැය කිපයකින් මංගල ඇරයුම්පත් අවශ්‍ය ප්‍රමාණය ලබාගැනීමට හැකි විය....
නමුත් ඒ සියල්ල ගෙන ඔහු පලමුව ආවේ නිවසට නම් නොවේ.................
🏆️ මගේ දුවගේ මංගල්‍ය උත්සවය මං ඉස්සර වෙලාම කියන්නේ ඔයාට වික්‍රාන්ත් මෙහ්රා............. ඉන්න මං එනවා..........
ප්‍රතාප්ගේ වාහනය වික්‍රාන්ත්ගේ නිවස ඉදිරිපිට නැවැත්වීය....... මිදුලේ ඇති වාහනයෙන් ඔහු නිවසේ සිටිනු ඇතැයි ඔහු අනුමාන කලේය.............. නිවසේ සීණුව දෙවරන් නාදවූ විට සේවකයෙක් පැමිණ දොර විවර කලේය..........
🏆️ වික්‍රාන්ත් මෙහ්රා ඉන්නවද........
¢ මහත්තයා නම් දැන් ආවේ......... උඩට ගියා...... ඇවිත් වාඩි වෙන්න මං කතා කරන්නම්
නමුත් ප්‍රතාප් වාඩි වුනේ නැත.......... මද වේලාවකින් වික්‍රාන්ත් පැමිණියේය............පඩිපෙ
❤️ අංකල් ඇයි හිටගෙන වාඩිවෙන්න........
ප්‍රතාප් ශර්මා ඔහු දෙසට හෙළුවේ මිත්‍රශීලි බැල්මක් නම් නොවේ....... එනිසාම වික්‍රාන්ත් සිය නෙත් බිමට හරවාගත්තේය........
🏆️ මට වාඩි වෙලා තමුන් එක්ක කතා කරන්න දෙයක් නෑ මනුස්සයෝ......... තමුසේ එහෙම කතා කරන්නවත් සුදුසු කෙනෙක් නෙවේ............... මං ආවේ තමුසෙට මගේ දුවගේ මංගල්‍ය කියලා යන්න........ ඉස්සරවෙලාම wedding card එක දෙන්න ආවේ තමුසෙට........ මොකද තමුසෙගේ වංචාව තමුසෙම හෙලි කරපු හින්දානේ මගේ කෙල්ල බේරුනේ.......... අනික ඒ දරුවට මාහීර් වගේ හොඳ කෙනෙක් ලැබුනේ............... ආ......... ගන්න....... ඇවිත් යන්න......... මගේ දුවට සුබපතන්නත් ඔයාට ඕනැ ඇතිනේ.........
ප්‍රතාප් බලහත්කාරයෙන්ම වික්‍රාන්ත්ගේ අතේ මංගල ඇරයුම්පත තැබුවේය........
🏆️ මං යනවා........ මට පුදුම සතුටක් තියෙන්නේ.......... අන්තිමට මං දිනුවා...........
ඇත්තටම ප්‍රතාප්ගේ සිතේ තිබුනේ එතරම්ම සතුටකි........... ආපසු හැරී යන ඔහුගේ මුහුණට හමුවුනේ සෝනම්ය........... ප්‍රතාප් ශර්මා ඇයටද කට කොණකින් සිනාවක් පෑවේය.......
❤️ Mrs මෙහ්රා....... මගේ දුවගේ wedding එක කිව්වා මහත්තයාට........ දෙන්නම නොවැරදීම එන්න ඕනි හරිද............
සෝනම් ගල් ගැසී බලා සිටියේ කිසිවක් කරගත නොහැකිවයි........ නමුත් ඇයටද දැන් කරන්නට දෙයක් ඉතුරු වී නැත....... තමා හටත් ඇති එකම සරණ වික්‍රාන්ත් පමණි......... ඇයටද දැන් ඔහුව අත්හැරිය නොහැක...........
වික්‍රාන්ත් ගැහෙන දෑතින් මංගල ඇරයුම්පත විවර කරනු සෝනම් බලාගෙනය........ ඔහුගේ ඇසි පිය වේගයෙන් සැලෙයි...... දෙතොල් වෙව්ලයි............... සෝනම්ට ඔවුන් දෙදෙනා ගැන අනුකම්පාවක්ද දැනෙයි.................
🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️
MEHENDI SHARMA
DAUGHTER OF MR AND MRS APOORWA & PRATAP SHARMA
AND
MAHEER SAWANTH
SON OF MR AND MRS SHEKHA & YASHWARDHAN SAWANTH
REQUEST THE PLEASURE OF YOUR COMPANY AT THEIR MARRIAGE...
BELOW ARE OTHER CUSTOMS OF THE WEDDING CEROMONY 💘💘💘
❤️❤️MEHENDI & SANGEET CEROMONY - 19th AUGUST 2019 AT 03.00 PM TO 11.00PM
🌻🌻HALDI CEROMONY - 20th AUGUST 2019 AT 10.00 AM
🌹🌹🌹WEDDING RITUALS AND FUNCTION - 21st AUGUST 2019 10.00AM TO 1100 PM
____________❤️____________
VENUE
GULMOHAR PARTY PLOT,, 100 FEAT ROAD,,, NEAR ZYDAS HOSPITAL,,, DELHI..
______________❤️__________
WITH BEST COMPLIMENTS
VIHEN SHARMA
SASHEN SHARMA
ASEKA JAYAWARDANA
ASHLESHA VIHEN SHARMA
🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️
ඔහු දෙතුන් වතාවක් ඇරයුම්පත කියෙව්වුවේය........... අවසානයේදී ඔහුගේ දෑස් බොඳවී මෙහෙන්දිගේත් මාහීර්ගේත් නම් දෙක මැදට ඔහුගේ කඳුළු බිඳුවක් වැටුනි............ සංසාරයේදී තමා හට පණ මෙන් ආදරය කල ආදරිය හෙට ඔහුට සදහටම අහිමි වේ........... ඔහු කොහොමත් සිටියේම වේදනාවෙනි...... නමුත් දැන් ඒ වේදනාව දැඩිව දැනෙයි..........ලෝකයක් එක් පැත්තකට වී තමාගෙන් මෙහෙන්දිව උදුරගත්තා යැයි ඔහුට සිතේ........... වික්‍රාන්ත් එහෙමම යලිත් පුටුවේ වාඩි විය........... සෝනම් සෙමෙන් ඔහු අසලට ආවාය...............
🖤 වික්‍රාන්ත්.......... කරන්න දෙයක් නැහැ..... දැන් ඒ කසාදෙ නවත්තන්න බෑ...........
❤️ කටවහගන්නවා............ තමුසෙ තව එක වචනයක් වත් කතා කලොත් මං නරක මිනිහා කියන්න එපා........... උඹයි උඹේ තාත්තයි හින්දා තමා මේ ඔක්කොම....... මං උඹලා ඔක්කොටම වෛර කරනවා..................
වික්‍රාන්ත් අවසිහියෙන් මෙන් කෑ ගැසුවේ අවට තිබූ සියල්ලට පයින් ගසමිනි........... සෝනම් ඔහු දෙස බලා සිටියේ කේන්තියෙනි................
මුළු නිවසම කලබලකාරී ය......... සොයුරියන් තිදෙනා ඇතුලු හැමෝම හෙට පැවැත්වෙන මෙහෙන්දි උත්සවයට හා සංගීත් උත්සවයට සූදානම් වෙති........ මෙහෙන්දි උස වීදුරු කවුළුවෙන් ඈත යමුණාවට නෙත් යොමාගෙන සිටී......... ඇය සිටින්නේ ගැඹුරු කල්පනාවකයි...... ඒ හැගීමි එකක් නෑර ඇත්තේ වික්‍රාන්ත් ගැනයි............... වික්‍රාන්ත් තමා හට රැවටීමක් කලා යැයිද ඒ දරුවා වික්‍රාන්ත්ගේ යැයිද පිලිගැනීමට මෙහෙන්දිට සිත් නොදෙයි............... ඇයට ඔහුව විශ්වාසය.......... වික්‍රාන්ත් යනු ඉතා හොද හික්මීමක් ඇති අවංක පුද්ගලයෙකි........... ඔහු අතින් ඇයට කිසිදා එවන් අසාධාරණයක් නම් සිදු නොවනු ඇත........
මෙහෙන්දි නිකමට ඩේටා ඔන් කලාය.............. ඇත්තටම ඇගේ දුරකතනයේ වික්‍රාන්ත්ගේ පින්තූරයක් වත් තිබුනේ නැත............ ඇය වික්‍රාන්ත්ගේ facebook ගිණුම විවෘත කලාය......... එහි අවසන් වරට යමක් එක් කර තිබුනේ ඊයේ දිනයේය......... මෙහෙන්දි මහත් ඕනැකමින් ඒ දෙස බැලුවාය.............
I have lived for you,
with my lips sealed.
I have live for you,
drinking every tear drop.
but there were the lamps of love
burning in my heart.
for you, for you.
Life has brought me the book of old, past days,
now I'm surrounded by uncountable memories.
I got so many answers without even asking.
Look, what we had wished, and what we got.
Yet, there were lamps of love burning in the heart,
for you, for you.
What do I tell you, what ill will the world had against me.
The order was that I should live, but without you.
Those are naive, who say that you are not my own.
We were tortured so much by the people,
but there were lamps of love burning in the heart,
for you, for you.
මෙහෙන්දිට මේ තේරුම හුඟක් හුරුය ඇය දෙවතාවක් පමණ එය කියවූ පසුයි ඇයට එක් වරම මෙය වීර් සාරා චිත්‍රපටියේ සුප්‍රසිද්ධ ගීතය බව සිහිවුනේ............. ඇයට එහි තනුව සිහි විය......... වීර් සාරා ඉස්සර මේ සොයුරියන් තිදෙනා හඬමින් බැලූ ආදරණිය කතාන්දරයයි............
💃💃 අයියේ............... ඇත්තටම අන්තිමට අපිට වුනේ ඒ දෙන්නට වෙච්ච දේටම සමාන දෙයක්............ මට හිතෙන්නෙ නෑ ඔයා මට වරදක් කලා කියලා............ ඒත් ඔයාට මාව තෝරගන්න තිබුනා........... ඔයාට වටින්නේ මාව නෙවේ එයාලා කියල ඔයා ඔප්පු කලා........... ඒත්.......... ඒත්..... මං....ඔයාට විතරයි ආදරේ අයියේ... තේරෙන්නෙ නෑ මං කොහොමද ඔයා නැතුව ඉන්නේ කියලා........... ඒත් හැගීමක් දැනීමක් නෑ වගේ මං ඉන්නම්....... ඔයා සතුටින් නම් ඉන්නේ අයියේ....... මාත් කොහොමහරි එහෙම ඉන්න බලන්නම්.......... ඒත්....... මේ සිංදුව................... අැයි දැම්මේ ඔයා........ මට හි..තෙන...වා........අවසන් තත්පරේදි හරි.... මට ඔයාවම ලැබෙයි කියලා අයියේ.....................
මෙහෙන්දිගේ කදුළු වලින් තෙත් වුන දුරකතනය ඇය දෑතට ගුලි කරගෙන තව තවත් හඬන්නට වූවාය................. ඇය අසලින් කවුරුන් හරි වාඩිවෙනවා දැනුනත් ඇය හිස එසවූයේ නැත........හිස බිමට නැඹුරු කරගෙන සිටින කෙල්ලගේ මූහුණ නොපෙනෙන්නේ ඇගේ දිගු වරලසින් මුහුණ වැසී ඇති නිසාය......... පැමිණියේ මාහීර්.......... ඇත්තටම ඔහුට ඇය ගැන ඇති වුනේ අනුකම්පාවකි.......... ඔහු ඇගේ වරලස පිටුපසට කර ඇය අතේ වූ දුරකතනය අතට ගත්තේය............ එහි වික්‍රාන්ත් තැබූ සටහන ඔහුද කියවා බැලුවේය....... කුමක් කියන්නද කියා ඔහුට වැටහිමක් නැත................ මාහීර් මෙහෙන්දිගේ අතක් අල්ලා ගත්තේය.........
💘 නංගි.............. මං දන්නවා........... ඔයාට හුඟක් දුකයි........ ඒත් මේක නම් දෙවියන්ගේ තීරණය ඔයාට ඒකට මුහුණ දෙන්නම වෙනවා....... මං හිතන්නෙත් නෑ වික්‍රාන්ත් ඔයාට බොරුවක් කලා කියලා...... ඔයාට ආදරය කලේ නෑ කියලා හිතෙන්නෙත් නෑ....... මොකක් හරි දෙයක ඇති................. එ්ත් මට ඔයාව මැරි කරන්නම වෙනවා.......... නැත්තම් මහීමයා ඔයාව අරන් යයි අපෙන් හුඟාක් ඈතට......... ඒක වෙන්න දෙන්න මට බෑ........ මං දන්නවා ඔයාගේ හිතේ මං ගැන තියෙන්නේ සහෝදරයෙක් වගේ යාළුවෙක් වගේ හැගීමක් කියලා........ මං ඔයාගෙන් ආදරයක් බලාපොරොත්තු වෙන්නෙත් නෑ............. ඒත් මට ඔයාගේ දුක සතුට බෙදාගන්න පුළුවන් නේද.... ම්ම්ම්..... මේ අහන්න......අපි ජීවිතේ අත්හරින්න හොඳ නෑ......... අපි ආයෙමත් නවත්තපු තැනින් පටන් ගමු...... ඔයාට ඕනැ වුනේ නැටුම් වලින් ඉස්සරහටම යන්න ඔයාටම කියලා academy එකක් පටන්ගන්න........අපි ඒ වැඩේ ඉවර කරමු...... මං හැමදේටම උදව් කරන්නම්..... වික්‍රාන්ත් එයාගෙ ප්‍රශ්ණ විසඳගෙන ඇවිත් ආයෙම ඔයාව මගෙන් ඉල්ලගන්නකම්...... අපි එහෙම කරමු නංගි...... වෙන කරන්න දෙයක් නෑ.........ඔහොම ඉන්න එපා.........අපි දෙන්නා බදිනවාමයි............. ඒක ස්ථිරයි.............. හවසට මං එනවා....... මං හිතනවා ඔයාගේ අතේ අදීන මෙහෙන්දි තද පාටට තියෙයි කියලා...... මොකද මං ඔයාට හුඟක් ආදරේ හින්දා.......... ඒත් මට කවදාවත්ම ඔයාගේ ආදරේ එපා..........
මෙහෙන්දි මාහීර් දෙස පුදුම වී බලා සිටියාය.......... නමුත් ඇය වචනයක්වත් පැවසුවේ නැත..............
💘 අඬන්න එපා......... වික්‍රාන්ත් ඒකට කැමති නෑ......... එයාට ඕනෙ ඔයා සතුටින් ඉන්නවා දකින්න........... ඒ හින්දා ඔයා සතුටින් ඉන්න ඕනි........
💃 මොනාද අයියේ කියන්නෙ ඔයා......... එයා මට ආදරෙයි නම් ඇයි මාව එක්ක ගියේ නැත්තේ අයියේ...... එයා තෝරාගත්තේ සෝනම්ව..... මොනවා වුනත් එයා මට වඩා ආදරය කරලා තියෙන්නේ එයාට........... මගේ හිතේ එයා ගැන තරහක් තියෙන්නේ.............
මහීම බිම බලාගෙන හිටියා විනා ඔහුද ඊට කිසිවක් නොකීවේය..............
💘💘 මේ වචන ටික වික්‍රාන්ත්ට ඇහුන නම් ඒකා මැරෙයි පපුව පැලිලා........ ඒත් ඌටත් ඕනැ වුනේ නංගි ඌ ගැන මෙහෙම හිතනවා දකින්නනේ.......... දැන් ඒ හැමදේම ඒ විදිහටම වෙනවා...... මේ අපේ දෛවය වෙන්න ඇති...........
මෙහෙන්දිගේ මුහුණෙහි තිබූ සතුට හොරු අරන් ගියා සේය........... ඇය දෙස බලන විටත් මාහීර්ට දැඩි වේදනාවක් දැනෙයි..................
💘💘💘 දෙයියනේ නංගිගේ wedding එක දවසේ කොච්චර සතුටින් හිටිය කෙල්ලද.................. මේ ලෝකෙ හරි විෂමයි....... කුරිරුයි...... ඔයාගේ ගෞරවය ආරක්ෂා කරගන්න ඕනෙ නිසා තමා වික්‍රාන්ත් එහෙම දෙයක් කලේ.......... ඔයාට මං කවදාහරි ඒ ඇත්ත හෙලි කරනවා....... සමහර විට එදාට ඔයා මගේම වෙලා ඉදී......... අපි බලමු......ඔයාගේ හිත හැදෙනකම් මං ඉන්නවා.........
💘 නංගි.......... මං ඔයාගේ හැම දෙයක්ම අහන් ඉන්නවා..... හිතේ හිර කරගෙන දුක් විදින්න එපා............. මං යනවා .......
මාහීර් පිටව ගිය පසුත් මෙහෙන්දි බලා සිටිවේ තම දුරකතනන මුහුණතේ තිබෙන වික්‍රාන්ත්ගේ පින්තුරය දෙසයි..........
💃💃 කරන්න දෙයක් නෑ වික්‍රාන්ත් අයියා...... ඔයා නිසා මං තාත්තාට හුඟක් නරක විදිහට කතා කලා.... එයා මට හුඟක් අාදරෙයි...... මට බෑ තවත් එයාට දුකක් දෙන්න..... මාහීර් අයියට ආදරය කරන්න හිත හදාගන්න මට බැරි වුනත් එයා මගේ හිත රිද්දන එකක් නෑ........ වීර්ට අවසානෙදි එයාගේ සාරාව හම්බ වුනාට මට ඔයා ලැබෙන එකක් නැ...........
මෙහෙන්දි සිතුවෙි කදූළු අතරිනි..........
_________________💐💐💐______
සවස පහ පමණ වන විට මුළු නිවසම දෙව්ලොවක් සේ විසිතුරුව සරසා තිබුණි.......... ප්‍රතාප් ශර්මාගේ මුහුණ සතුටින් ඉපිලෙමින් තිබුණි......... ඔහු පැමිනෙන සියළුම නෑදෑයින් හිත මිතුරන් සාදරයෙන් පිලිගනු ලැබුවේය......... වේලාව ආසන්නය......... තද නිල් පැහැති කුර්තා ඇඳුමකින් සැරසී සිටින මාහීර් අද ඉතාමත් කඩවසම්ය........ ඔහු ශේඛා සාවන්ත් සමගින් ශර්මා මන්දිරයට සඅභ මොහොතින් ඇතුළු විය...............
🏆️අපූර්වා ගිහින් දුව එක්ක එන්න...........
ප්‍රතාප් ඇස් වලින්ද සිනාසේ....... ඔහු සිටින්නේ ඒ තරම්ම සතුටිනි.............. අපූර්වාගේ හිතට සැනසීමක් දැනුනි....... මහීම හා ව්වාහය තමා නිසා ස්ථිර වූවානම් දුව මෙන්ම ප්රතාප්ද දුක් විඳිනු ඇත...............
අපූර්වා ඉක්මනින් මෙහෙන්දිගේ කාමරයට ගියාය.......... නැත... මෙහෙන්දිගේ මුහුණෙ ඇය අපේක්ෂා කල සතුට සිනහව නැත........ නමුත් ඇය ඉතාමත් සුන්දර තද නිල් පැහැති ලෙහෙන්ගාවක් ඇඳ සිටියාය.........
🌹 ඔයා ලෑස්තිද දුව........ මාහීර් ඇවිත් ඉන්නේ.......... එන්න යමු........
අපූර්වා මෙහෙන්දිගේ.අතින් අල්ලාගෙන පහලට ගියාය........... සහස්දි හා අසේකා ඒ දෙස බලා සිටියේ ඉතාම දුකෙනි..........ඇය දැන් ඕනෑම දෙයකට එකග.වෙයි........ මෙහෙන්දි හැගිමක් දැනීමක් නොමැති අයෙක් බවට පත්ව සිටියාය......... ඇගේ මනස පුරාම ඇගෙ හැම සිතුවිල්ලකම සැරි සැරුවේ වික්රාන්ත්ම පමණි................
මෙහෙන්දි දකින විට මාහීර්ගේ හිත මදක් සැලී ගියේ ඇගේ සුන්දරත්වයට වශී වුන බැවිනි...........
මෙහෙන්දි උත්සවයත් සංගීත් උත්සවයත් ආරම්භ විය................. පලපුරුදු මෙහෙන්දි පින්තාරු ශිල්පිණිය මෙහෙන්දිගේ අත් දෙකත් කකුල් දෙකත් සුන්දර මෙහෙන්දි රටා වලින් හැඩ ගැන්වූවාය.............
සංගීත් උත්සවයේ කිසිම ප්‍රාණවත් බවක් නොවීය............. මාහීර් මේ සියල්ල බලාගෙනය............නැටුම් කියන්නේ මේ කෙල්ලන්ගේ ජීවිතය බඳු දෙයකි....... නමුත් අද සහස්දි අසේකා අශ්ලේෂා මෙන්ම මෙහෙන්දිද නිහඬය නිසලය....... මෙය මාහීර් හට දරාගැනීමට නොහැක......... ඔවුන් හැමදාම සතුටින් සිටි යුවතියන්ය.......... මාහීර් වේද්ට කතා කලේය..........අද කොල්ලෝ ටිකත් වැඩි කතා බහක් නැත.......... මාහීර් වේදගේ කණට කර යමක් පැවසුවේය...... ඔහු කෙලින්ම ගියේ ඉදිරිපස ඇති කුඩා ස්ටේජ් එකටයි..............
💜️ කරුණාකර සියළු දෙනාම මට සවන් දෙන්න........... අපේ ඔය නැන්දලා අක්කලා නංගිලා ඔක්කොම මේ ඉදිරිපස හිස් ප්‍රදේශයට එන්න....... නිකම් සංගීත් උත්සවය ඇල් වතුර වගේ....... අපි දෙන්නම් සංගීතය ඔය හැමදෙනාටම මං නටන්න ආරාධනා කරනවා.............
දැන් කෙල්ලෝ ටිකට නොගිහින් බැරිය........... ඔවුන් සියළු දෙනා මැද හිස් ප්‍රදේශයට පැමීණ එයට සහය දැක්වීය...........
එක්වරම ඉදිරිපස දොරටුව විවර කරගෙන උත්සව ශාලාවට කඩාවැදුනේ මහීමත් තරින්දත් අමන්දාත්ය.........
🔈 උඹලා කොහොමද යකෝ එහෙම මගුල් ගන්නේ.......... අපේ එකත් එක්ක මගුල් තීන්දු කරලා දැන් වෙන එකෙකුට බන්දලා දෙන්නද හදන්නේ....... ඇයි දෝනීයැන්දාගේ වැඩ අපි දැනගත්ත හින්දද මේ අහිංසක කොල්ලාගේ ඇඟේ ගහන්න හදන්නේ තමුන්ගේ දුවව ප්‍රතාප් ශර්මා.............
ඒ අවමන් සහගත කුරිරු වදන් හමුවේ නිහඬව සිටීමට නොහැකිවූ ප්‍රතාප් විහේන් සාශේන් හා මාහීර් පමණක් නොව ප්‍රතාප් ශර්මාගේ සොහොයුරන් දෙදෙනාද ඔවුන් ඉදිරියට ආවෝය.......
🏆️ උඹ දැන් මොකක්ද තරින්ද කියන්න හදන්නේ....... ආ.... උඹ කියන්නේ උඹේ මේ පජාත පුතාට මගේ මලක් වගේ කෙල්ලව දෙන්න කියලද........... අනික් මං මොන එහෙකටද උඹලගේ බංකොලොත් බිස්නස් වලට මගේ ඒවා පිනට දෙන්නේ... පව් නොදී ආව අතක් බලාගෙන යනවද..........
🥀මේකි නටපු නාඩගම් මෙතන ඉන්න වුන් දන්නෙ නෑනේ......... ආ... ඉන්න මං පෙන්නන්නම් මේකිගේ වැඩ...........
සියල්ලන්ම සිටියේ ඉවසීමේ සීමාව ඉක්මවා ගොසිනි....... ඊටත් වඩා ප්‍රතාප් හා මෙහෙන්දි බිය වූයේ ඒ පින්තූර සියල්ලන්ටම පෙන්වුවොත් වන අවමානය ගැනය...............
🏆️ කෝ......කෝ... ගනින් ගනින්....උඹේ ඔය මල ජරාව පෙන්නලා ඉක්මනට පලයන් මාව යකෙක් කරගන්නැතුව...........
මහීම සිය දුරකතනය එහෙ මෙහෙ කරමින් සොයන්නට විය........ නමුත් කිසිවක්ම සොයා ගැනීමට නොහැකි විය.......... එදා ශේෂ් සක්සේනා එයින් පින්තූර ටික තම දුරකතනයට දමාගෙන සියල්ල delete කර දැමුවේය........ ඊට හේතුව මහීම යනු භයානක පුද්ගලයෙක් බැවින් හා මේ පින්තූර පිටතට ගියොත් ඉන් වික්‍රාන්ත්ගේ නමටද කැලලක් වනු ඇති නිසාත්ය...........
🏆️ කෝ...........කෝ ඉතින් පෙන්නපන්.......
ප්‍රතාප් වියරුවෙන් මෙන් කෑ ගැසුවේය..... මහීම කෙලබිඳක් ගිල වට පිට බැලුවේය......... අපූර්වා සෙනෙවිරත්න ගිණි පිටවන දෙනෙතින් යුතුව මහීම ඉදිරියට පැමිණියාය.......... අනපේක්ෂිත ලෙස ඇගේ අත වේගවත්ව ඉතාම වේගවත්ව ගොස් නැවතුනේ මහීමගේ කම්මුලකය...............
🌹 උඹලට කවුද මගේ දරුවගේ කසාදෙට ආරාධනා කලේ............බැහැපල්ලා එලියට.............
🔈අපූර්වා මං උඹේ අයියා.......ඔහොමද උඹ මට කතා කරන්නේ
🌹 අයියා...........මහා ලොකු අයියා.......... ඒ සහෝදර කමට වෙන්න ඇති මගේ කෙල්ලගේ චරිතෙ විනාශ කරේ....... කරුණා කරලා දැන් යන්න මෙහෙන්........
🔈 අපූර්වා.........
☎ මේ........ දැන් ඕක නවත්තලා කරුණාකරලා යන්න.......... අනික මෙහෙ තමුන්ගේ නංගිලා නෑ...... දැන් අවුරුදු විසි අටක ඉඳන් අපූර්වා අපේ නංගි......... අපූර්වාට වෙන අයියලා නෑ........ දැන් කරුණාකරලා යන්න...........
ප්‍රතාප් ශර්මාගේ වැඩිමල් සොයුරා වන ගර්ජන් ශර්මා ඉතාමත් තදින් පැවසුවේය............. ඔවුන් තිදෙනාම කිසිවක් නොකියා පිටව ගියේ ලැජ්ජාවට පත්වය...............
_____________💘💘💘__________
පසුදා උදාවුනේ තවත් කාර්යබහුල දිනයක් ලෙසිනි............ අද හල්දි උත්සවයයි.........
එය වඩාත් සිත්ගන්නාසුළු හා විචිත්‍රවත් ඉන්දියානු විවාහ චාරිත්‍රාංගයකි.....
හල්දි උත්සවය ඉන්දියාවේ විවාහයට පෙර පවත්වන උත්සවයකි. විවාහ මංගල්‍යට කලින් දින උදෑසන විවාහක කාන්තාවන් විසින් කහ, ඖෂධීය තෙල් සහ ජලය යොදාගෙන සදන මෙම මිශ්‍රණය මනාල යුවලගේ ගල්වනු ලබයි...... (නමුත් මෙය ඕනෑම කෙනෙක්ට මනාල යුවලගේ ඇඟෙහි ගැල්වීමට හැකියාව ඇත..) එය විවාහයට පෙර යුවළට ආශීර්වාද කරන බව විශ්වාස කෙරේ. මේ හල්දි උත්සවය සම සාධාරණත්වය හා දීප්තිමත්භාවය හා ආරක්ෂාව ද සංකේතවත් කරයි.
සමහර පවුල් වල කහ සඳුන් කුඩු සහ කිරි සමඟ මිශ්‍ර කර ඇති අතර අනෙක් අය රෝස වතුර සමඟ මිශ්‍ර කරයි. මෙම උත්සවය සාම්ප්‍රදායික ගීත හා නැටුම් වලින් ද සමන්විත වන අතර සමහර චාරිත්‍ර වාරිත්‍ර වලදී මනාලිය හා මනාලයා මෙම අවිවාහක සහෝදර සහෝදරියන් හා මිතුරන් ද සහභාගි වේ....... මෙම ශුද්ධ වු මිශ්‍රණයෙන් ස්පර්ශ වන ඕනෑම කෙනෙකුට ඉක්මනින් හොඳ පෙනුමක් ඇති සහකරුවෙකු සොයා ගත හැකි බව කියනු ලැබේ............
ඉන්දියානු සම්ප්රදායන්හි හල්දි වැදගත් ස්ථානයක් හිමි වන්නේ එය ශරීරය පිරිසිදු කරන බැවිනි. හල්දි උත්සවයෙන් පසු මිශ්‍රණය සෝදා ඉවත් කළ විට, එය මිය ගිය සෛල ඉවත් කර සම ඉවත් කිරීමට උපකාරී වේ........
බොහෝ අය විශ්වාස කරන්නේ මනාලියට හා මනාලයාට බලපාන නපුරු ආත්මයන් වළක්වා ගැනීමට හල්දි උත්සවයට බලය ඇති බවයි. හල්දි උත්සවයෙන් පසු ඔවුන්ගේ විවාහය සිදු වන තුරු ඔවුන්ට නිවසින් පිටව යාමට ඉඩ නොදීමට මෙයද හේතුවකි. සමහර සම්ප්‍රදායන් වලදී, ඔවුන් පූජනීය රතු නූලක් බැඳ හෝ නපුරු ඇසෙන් ආරක්ෂා වීම සඳහා කටයුතු කරයි..........
වෙනත් ඕනෑම ඉන්දියානු චාරිත්‍රයක් මෙන්, හල්දි උත්සවය ද සිනාසෙමින්, සිනහවෙන්, විනෝදයෙන් හා වර්ණයෙන් සමරනු ලැබේ!
හල්දි උත්සවය සඳහා මෙහෙන්දි හා මාහීර් දෙදෙනාම ඇන්දේ කහ පැහැති ඇඳුම්ය............ මාහීර් පැමිණි පසු උත්සවය ආරම්භ විය........ ඒ උත්සවය නම් කෙල්ලන්ලේ විහිළු තහළු මැද සුන්දර සිනාවන් මැද සිදු විය......... සුභ මොහොතින් කහ ගැල්වීම ආරම්භ විය...... එය මුළින්ම සිදු කලේ ප්‍රතාප් ශර්මාගේ මෑණියන් වන ශීතා ශර්මා විසිනි..........
🎊️ මගේ දරුවො දෙන්නට සතුටින් සැනසීමෙන් ඉන්න ලැබෙන්න ඔනි......
අැය ඔවුන්ගේ හිස අතගා ආශිර්වාද කලාය............
ඉන්පසු සියළුම වැඩිහිටියන් ඔවුන්ට ආශිර්වාද කලෝය..... මද වේලාවකින් සියල්ලන්ගේම නෙත් යොමු වුනේ පැමිනෙන තැනැත්තා වෙතයි..
කහ මිශ්‍රණය බඳුනක් අතැතිව පැමිණෙන වික්‍රාන්ත් දෙස ප්‍රතාප්,, අසේකා හා මාහීර් හැර සියල්ලන්ම බලා සිටියේ කෝපයෙනි........ මෙහෙන්දිගේ දෑස්ද තිබුනේ ඔහුගේ මුහුණ මතයි........... ඇගේ පපුව මැදින් හාරාගෙන එන වේදනාවෙන් ඇය මාහීර් දෙස බැළුවාය....... මාහීර් ඇස් වලින් පැවසුවේ සන්සුන් වන ලෙසයි..........
නමුත් විහේන්ට නම් සන්සුන්ව සිටීමට නොහැකි විය................. ඔහු වික්‍රාන්ත්ව නැවැත්තුවේය.........
🌷 උඹට මොන හයියක්ද මෙහෙ එන්න වික්‍රාන්ත්........ ඇයි උඹ මෙහෙ ආවේ.......
🏆️ විහේන් පැත්තකට වෙනවා........මමයි වික්‍රාන්ත්ට එන්න කිව්වේ......... එයාගේ ආශිර්වාදය නැතුව නංගිගේ කසාදේ සම්පූර්ණ නෑ...........
ප්‍රතාප් ශර්මා එය පැවසුවේ හොදින් නොවන බව නම් හොඳටම පැහැදිලිය......... මොහොතකින් වැටෙන්න ඔන්න මෙන්න කියා තියන මෙහෙන්දිගේ දෑසේ වු කදුළු විදුලි බුබුළු වල ආලෝකයට දිලිසෙමින් තිබුණි........... පපුවෙන් නැගෙන ඉකිය ඇයට තව දුරටත් ඉවසාගත නොහැකි විය......... ඒ කඳුළු දෑස් පිටාර ගලන්නට විය....... මුවින් හඬක් හෝ නොනැගෙන්නට ඇය වගබලා ගත්තාය............. නමුත් දෑස් වලින් ගලන කදුළු ඇයට නවතා ගත නොහැකි විය..........
❤️❤️ දෙයියනේ.......... ඔහොම අඬන්න එපා මගේ රත්තරන්.......... මං කොහොමද බලාගෙන ඉන්නේ....... ම..මට...... මට ඇවිත්.... තුරුළු කරගන්න හිතෙනවා........ මගේ මැණිකව..........
වික්‍රාන්ත් සිතුවේ හදවත වේදනාදෙමින් හඬදෙන විටයි............... වික්‍රාන්ත් ආයාසයෙන් සියළුම දුක් වේදනාවන් ඉවසා ගත්තේය.............
වික්‍රාන්ත් තමා ගෙනා කහ බඳුන පැත්තකින් තබමින් මෙහෙන්දි ඉදිරිපිට දණ නවා වාඩි විය..........මෙහෙන්දිට වික්‍රාන්ත්ගේ සුවඳ ලඟ ලඟ දැනුනි........ ඒ හද ගැස්මේ හඬ ලං ලංව ඇසුනි......... මාහීර් මේ දෙදෙනා දෙසම බලා සිටියේ දුකෙනි...........
වික්‍රාන්ත් කහ මිශ්‍රණයෙන් බිඳක් ගෙන මෙහෙන්දිගේ පාද වලත් අත් වලත් ගැල්ලුවේ පුදුමාකාර ආදරයෙනි....... ඔහුගේ සංසාරගත ආදරයේ හිමිකාරිය අද ඔහුගේ හොඳම මිතුරාගේ මනාලියයි........ ඇත්තටම සාමාන්‍ය සිතකට මෙය දරාගත නොහැකි දුකකි......... නමුත් වික්‍රාන්ත් එය සම සිතින් දරාගත්තේය............. තම අතට තවත් කහ බිඳක් ගත් ඔහු ඇගෙ මුහුණෙහි එය ආලේප කරන විට නම් ඔහුගේ කඳූළු නවතා ගැනීමට ඔහුට නොහැකි විය.......... නෑදෑ හිත මිත්‍රාදීන් සියල්ලන්ම බලා සිටී....... නොඑසේ නම් ඇය පණ මෙන් ආදරය කල මේ පපුවේ එල්ලි ඉකිගසා හඬන්නට ඕනැතරම් ඕනැකම තිබුණි............... අවසානයේ වික්‍රාන්ත් ඇගේ මුහුණ යලිත් යන්තම් ස්ඵර්ෂ කලේය............
❤️ ..ස..තු..ටි..න්.....ඉන්..න
ඇසෙන නෑසෙන සේ මිමිනූ ඔහු මාහීර්ගේද කහ ආලේපනය කලේය....... ඉන් පසු ඔහු මාහීර්ව තදින් වැලඳගත්තේය............
❤️ මට මෙහෙන්දි ගේ Wedding එක බලන්න බෑ.....මාහීර්..... මාත් මනුස්සයෙක්....... මට තවත් මේවා දරාගන්න බෑ..... මට පිස්සු හැදෙයි........ මං අද රෑටම යනවා.......ආයෙ මං උඹ එක්කවත් මේ කිසි කෙනෙක් එක්කවත් සම්බන්ධකම් තියාගන්නේ නෑ..... ඒ මං තරහා නිසා නෙවේ.... උඹට මෙහෙන්දි ලං කරන්න ඕනි නිසා......... මං යනවා...... මගේ මැණික ආදරෙන් බලාගනින්..........
වික්‍රාන්ත් යලිත් ඇහි පිල්ලමක්වත් මෙහෙන්දි දෙස නොබලා පිටව ගියේ හඬමිනි........ ඒ දසුන සියල්ලන්ගේම හදවත් කම්පාවට පත් කලත් මේ තෝරාගැනීම කලේ ඔහුමය...........එනිසා කිසිවෙක් ඒ ගැන වැඩිදුර හිතුවේ නැත......... මෙහෙන්දි උත්සහ කලේ මණ්ඩපයෙන් නැගිට යන්නටයි......... නමුත් මාහීර් ඇගේ අතක් දැඩිව අල්ලාගෙන සිටියේය.............
💘 පිස්සු හැදීගෙන එනවද ඔහොම ඉන්නවා වෙනසක් පෙන්නන්නෙ නැතුව.....
මාහීර් පහත් හඩින් පැවසුවේය............
හල්දි අවසන් වුනේ මෙහෙන්දිගේ සිත තව තවත් අසරණ කරමිනි..............
එදින රාත්‍රී එකොලහයි අටට තිබූ ගුවන් යානයෙන් වික්‍රාන්ත් සෝනම් හා ශේෂ් සක්සේනා සදහටම දිල්ලි අත්හැර මුම්බායි වෙත ගියේ වික්‍රාන්ත් මෙහෙන්දි පෙම් පුවතේ නිමාව සනිටුහන් කරමිනි.............. ඔහු යන විට දිල්ලියේ සිටි සියල්ලන්ම සමගින් ඇති සබඳතා නවත්වා දැමුවේ මෙහෙන්දිට තමා ගැන කිසිවක් දැන නොගැනීමටයි................
_________________❤️💃❤️____
දිල්ලි ද්වාරයට රන් පැහැ හිරු එළිය වැටී ඉතාමත් සුන්දරව දිස් විය............. ඈතින් පෙනෙන යමුණාවද අද නිසලව ගලා බසී............. ඊටත් ඈතින් ඡායාවක්ව දිස් වන ටජ්මහල් යන්තමින් පෙනේ........ මෙහෙන්දිව හැඩගැන්වීමේ කාර්යට පැමිණි රුපලාවන්‍ය ශිල්පිණිය යුහුසුලුව තම කාර්යයේ නිරත වූවාය..........
අසේකා සහස්දි දෙදෙනා අකැමැත්තෙන් වුවත් සත්‍ය තේරුම් ගත්හ ඒ මෙහෙන්දි වික්‍රාන්ත් කිසිදා යලි එක් නොවන බවයි.......... එනිසාම මේ විවාහ මංගල දිනයේ ඇගේ සිතින් වේදනාව මදක් අමතක කරවීමට ඔවුන් ගත්තේ පුදුම උත්සාහයකි..........
🏵️ චූටි........... උඹ ඉතින් ඕනැ ඇදුමකට හැඩයිනේ......... අද නම් මාරම ලස්සනයි........
අසේකා කිව්වේ ආශාවෙන් ඇයව අතගාන ගමන්..........
🌺 චූටි....... හිනාවෙයන්කෝ බුම්මන් ඉන්නැතුව බකමූණි වගේ.........
මෙහෙන්දිගේ මුුවින් හිනාවක් පැන්නේ සහස්දි එය පැවසූ ආකාරයටයි...........
🧡 උඹේ ඔය හිනාව නැතුව අපි පිස්සු හැදිලා වගේ හිටියේ රත්තරනේ.......
අශ්ලේෂා අනෙක් පසින් පැමිණ ඇයව වැලඳගත්තේය.......... අද දෙවන වරටත් මේ සුරතල් යුවතිය තම ආදරණිය නෑනන්ඩිය වෙයි....... අශ්ලේෂා හට පුදුම තරම් සතුටුය.................
🧡 සුදූ.......... ආයෙත් ඔයා මගේ නෑනා වෙන්න යන්නේ............ සතුටින් ඉන්න හොඳද........... වෙච්ච දේවල් අපිට වෙනස් කරන්න බැරි වුනා චූටි...... ඒක දෛවය වෙන්නැති......... ඔයාගේ හිතේ අයියා ගැන ආදරයක් නෑ තමයි....... ඒත් ඔයාගේ හිත හැදෙනකම් අයියා....... බලාගෙන ඉඳී....... ඒ හින්දා හෙමින් සැරේ හැමදේම අමතක කරන්න..........ඔයාට වික්‍රාන්ත් අයියා වගේම මාහීර් අයියාත් ආදරෙයි.......
💃 මං ඒක දන්නවා අක්කා........... මට කාලයක් ඕනැ වෙයි............ මාහීර් අයියත් කිව්වා එයා මට බලපෑම් කරන්නෙ නෑ කියලා.............. එ්ත් අක්කා..... මං..... වික්‍රාන්ත් අයියට හුඟක්ම ආදරෙයි...........
🌺 ලැබෙන්නෙ නැති දේ ගැනම හිතලා මේ ලැබුණු ලස්සන සතුට නැති කරගන්න එපා නංගි......... වික්‍රාන්ත් අයියමයි සෝනම්ව තෝරගත්තේ..... එයා ඔයාට ආදරය කලා නම් ඔයාව තෝරගන්න තිබුනා එයාට......
🏵️ හරි හරි මේ අපි පහලට යන්න ඕනි දැන් අන්න මගුල් පෙරහැර එනවා..........
අසේකා.......විල්ලුද පබළු අැල්ලු රන් හා රතු පැහැති සළුවෙන් මෙහෙන්දිගේ හිස වසා දැමුවාය............... ටික වේලාවකින් ප්‍රතාප් ශර්මා ආවේ සක්විති රජ කෙනෙක් මෙනි...................
🏆️ යමුද දෝණි..................
ප්‍රතාප් ඇසුවේ ආදරයෙනි............ මෙහෙන්දි ඔහුගේ අතින් අල්ලා ගත්තාය............ මෙහෙන්දිගේ සුන්දරත්වය ප්‍රතාප් ගේ අභිමානය තව තවත් වැඩි කලේය.............. මෙහෙන්දි ඔහු හා යන්තම් සිනාසුනා පමණි.......... ඔවුන් පහල මාලයට යන විට සියළුම දෙනා සැදී පැහැදී බලා සිටියේ ඇය එනතුරුය............... මෙහෙන්දිව දුටු විට මාහීර්ගේ හදවත මොහොතක් නතර වූවා සේ දැනුනි............ ඇය හදවත් නවතන තරම් සුන්දරත්වයකින් දිදුලමින් සිටියාය.............. රන් පැහැයත් රතු පැහැයත් මිශ්‍රව තිබූ සුන්දර ලෙහෙන්ගාවට ඇය අතිශයින්ම ශෝභමානය.............
මෙහෙන්දිව මණ්ඩපයේ සිටින මාහීර් ලඟින් වාඩි කරවූ ප්‍රතාප් ඉදිරියෙන් ඇති අසුනේ වාඩි විය........ පූජකතුමා ශ්ලෝක කියමින් මංගල චාරිත්‍ර ආරම්භ කලේය...............
මෙහෙන්දි පූජකතුමා පැවසූ සියළු දෙයම සිදු කලේ ස්වයංක්‍රීය රොබෝ කෙනෙක් මෙනි.............. ඇයගේ හිත මේ මොහොතේදීත් තිබුනේ වික්‍රාන්ත් ලඟයි............. නොහඬා ඉන්නවාමැයි කියා සිතා සිටියත් වික්‍රාන්ත් සිහි වන විට හිතෙන්නේම මහා හඬින් හඩා වැටීමටයි..................
මෙහෙන්දි සිතා සිටින්නේ වික්‍රාන්ත් තවමත් දිල්ලි වල සිටින බවයි............ ඔහු ඇයද ඇතුළුව සියළු දෙය අත්හැර සදහටම මුම්බායි වෙත ගොස් සිටියේය............. මෙහෙන්දි නිතර නිතර සුවිසල් දොරටුව දෙසට නෙත් යොමු කරන්නේ ඔහු එතැයි සිත් කොණක බලාපොරොත්තුවක් තිබුණු නිසාය...................
මේ මංගල චාරිත්‍ර අවසන් වීමට මත්තෙන් ඔහු පැමිනෙනු ඇති බව ඇය සිතුවාය.............
💜️💜️💜️💜️💜️💜️
නමුත් මේ මොහොතේදිත් ඔහු සිටියේ මුම්බායි නිවසේය................. අනතුරෙන් පසු ඡාවිද මුම්බායි ගොස් සිටියාය........... රාඝවන් මෙහ්රා හා තුල්සි මෙහ්රා මෙන්ම ඡාවිද පිලිගන්නට බලාපොරොත්තුවෙන් සිටියේ මෙහෙන්දිවයි......... නමුත් සෝනම් දුටු විට තිදෙනාගේම මුහුණු අඳුරු වී ගියේය.................
💝 අයියා....... මේ මොකද මේ..............
❤️ ඡාවි ඇතුලට යං මම කියන්නම්.........
💝 මොනවා කියන්නද කෝ මෙහෙන්දි.........
❤️ මෙහෙන්දි එන්නෙ නෑ ඡාවි......... එයාගේ wedding එක අද......
💝 wedding එක???? නෑහ්.... ඒක වෙන්න බෑ........ මට කියනවා අයියේ මොකද වුනේ......... ඒකි මැරෙයි ඒත් වෙන කෙනෙක් බඳින්නෙ නෑ........... මෙහෙන්දි ඔයාට හුඟක් ආදරෙයි අයියේ..........
තමන් අර විදිහට ඇගේ සිත තුල තමා ගැන ඇති විශ්වාසය පළුදු නොකලේ නම් සිදුවන්නේද එයමය............
🖤 එයා බොරුවට මෙයාට ආදරේ කරලා තියෙන්නේ නැත්තම් වෙන කෙනෙක් බදීද.........
වික්‍රාන්ත් හට ඇති වූ කේන්තියට සෝනම්ට ගහන්නට තරම් සිත් විය......... තමා ආදරය කරන අහිංසක කෙල්ල අද දුක් විඳින්නේ විඳවන්නේ මේ ගැහැණිය නිසාමය......
❤️ සෝනම්...... මගේ යකා අවුස්සන්නෙ නැතුව තමුසේ ඇතුලට යනවා.......... තමුසෙගේ බොරු මේ මිනිස්සු විශ්වාස කරන්නෑ........ මේ හැමෝම මගේ කෙල්ල කවුද කියන්න දන්නවා.............
💝අයියා.....මෙයාට මෙහෙ ඉන්න බෑ.......
ඡාවිගේ දැඩි විරෝධය වික්‍රාන්ත් ව පත් කලේ දැඩි අසීරුතාවයකට...........
🍁 අපිටත් එහෙනම් මෙහෙ ඉන්න බැරි වෙයි ලොකු පුතේ............
රාඝවන් මෙහ්රා පැවසුවේ තුල්සි දෙසද බලමිනි........... ඉන් වික්‍රාන්ත් තව තවත් අසරණ විය........... සෝනම්ද බලා සිටියේ කරගන්නට දෙයක් නැතිවයි........ ඔවුන් මේ අයුරිින් තමාව ප්‍රතික්ෂේප කරන්නට තරම් නිර්භීත නොවේවි යැයි ඇය සිතුවාය........... ඇයට ඔවුන් ගැන දැනුනේ දැඩි වෛරයකි...........
❤️ පේනවානේ...... තමුසෙගේ වැඩ වල ප්‍රතිඵල......... තමුසෙට කවුරුත් කැමති නෑ.......... මටත් කරගහන්න වුනානේ මේ වගේ වහන්තරාවක් ශික්...... මේවා මං පෙර කරපු කර්ම...... නැත්තම් අර තරම් හොඳ කෙල්ල වෙනුවට මට තමුසෙව හම්බවෙන්නෑනේ....... දැන් ඉතින් වරෙන් යන්න උඹට appartement එකක්වත් අරන් දෙන්න...................
වික්‍රාන්ත් ඇයට මේ අයුරින් කතා කරන්නට සිතුවේ නැත.......... ඇය සිය මව්පියන්ට මෙහෙන්දි ගැන පැවසූ ආකාරය ගැන ඇතිවූ කලකිරීමටමයි ඔහු ඇයට එලෙස ඇමතුවේ..............
සෝනම් හට වෙනත් ස්ථානයක නිවසක් අරන් දී වික්‍රාන්ත් යලිත් නිවසට අාවේය..................
💝 වාඩි වෙලා කියන්නකෝ අයියේ මොකද වුනේ...............
වික්‍රාන්ත් සිදුවූ දේවල්... ඔහු සිදු කල දේවල්... ඒ වගේම මෙහෙන්දිට පැවසූ දේවල් සියල්ල ඔවුන්ට පැවසුවේ හඬමින්ය............... ඡාවිට සෝනම් ගැන ඇති වුනේ පිලිකුලකි............ නමුත් කිසිවක්ම කල නොහැකි වන සේ වික්‍රාන්ත් මේ කිසිවක් කිසිවෙකුට නොකියන්නට ඔවුන්ව පොරොන්දු කරවා ගත්තේය..............
❤️ ඡාවි.......... ඔයා ආයෙම දිල්ලි යන්න ගිහින් ඔයාගේ dancing digree එක ඉවර කරන්න........ එතකොට එයාට මං ගැන කිසි දෙයක් දැනගන්න වෙන්නෙ නෑ....... මොකද එතකොට මට ඔයා හම්බවෙන්නෑනේ.......
💝 ඒත් ඔයාගේ ක්‍රිකට්........ ඒකෙදි විහේන් අයියලා හම්බවෙනවනේ....
❤️ ඒ කවුරුත් මට සමාව දෙන එකක් නෑ........
💝 අයියා........... ඔයා කවුද කියන්න හැමෝම දන්නවා.........මං නම් හිතන්නෑ එයාලා ඔයා ගැන හොයන්නෙ නැතුව ඉඳී කියලා...............
❤️ ඒත් මං ඒ කිසි කෙනෙක් එක්ක සම්බන්ධ කම් තියාගන්නෙ නෑ...... මං ඒ දෙන්නා අතරට යන්නෑ ඡාවි........ මට ඔිනි හෙමින් හෙමින් මෙහෙන්දි මාහීර්ට ලං වෙනවා බලන්න..... මං ඉන්නකම් ඒක වෙන්නෙ නෑ..........
💝 ඒත් අයියා මෙහෙන්දි........ මං නම් හිතන්නෙ නෑ එයා කවදාවත් එයාගේ හිතේ ඔයාට තියන තැන මාහීර් අයියට දෙයි කියලා............. අනික ඔයා හිතනවද අර සෝනම් ඔයා එක්ක ඉදී කියලා......... දරුවා ලැබුනම ඒ දරුවා කුණු ගොඩකට දාලා හරි ඔය ගෑණි අරූ එක්ක යයි.......
❤️ ඒ මොනවා වුනත්.... මං ආයෙම මෙහෙන්දි ගාවට යන්නෑ ඡාවි...... දැන් ඔයා එහේ ගිහාම එයාව හම්බවෙයිනේ........... ඒ හින්දා අපි දෙන්නත් ආයෙම හම්බ වෙන්නෑ නංගි........ sorry..... පරෙස්සමින් ඉන්න.......
වික්‍රාන්ත් ඒ තීරණයේ දැඩිව එල්බගෙන සිටියේය.......... ඡාවි ඊට වඩා කිසිවක් නොපැවසුවාය................
________________🧡🧡🧡🧡🧡🧡____
🎊️ දැන් මනාලියට මංගල සූත්‍රය බඳින්න....
පූජකතුමාගේ විධානයට මාහීර් එය අතට ගෙන මෙහෙන්දි දෙස බැලුවේය.......... බලාපොරොත්තු කඩ වූ දෑසින් ඇය ඔහු දෙස බැලුවාය......... ඉන් පසු ඇගේ ගෙලෙහි මංගල සූත්‍රය බැන්දේය........... ඉන්පසු පූජකතුමාගේ උපදෙස් පරිදි සින්ධුර් ද ගැල්වුවේය........ මල්මාලාද පැලඳවූ පසු ඉතිරි වූයේ වට හත යාමයි.......... වට හත යන විට මෙහෙන්දි හොඳටම හඬන්නට විය........ නමුත් හඬා පලක් නැති බව ඇය නොදන්නවාද නොවේ....... ඔහුට තමාව තෝරා ගැනීමට අවසන් අවස්ථාවත් ඇය ලබාදී අවසන්ය.......... දැන් සියල්ල අවසන්ය.......... මෙ ආත්මයට තමා මාහීර්ගේ පතිනිය වී අවසන්ය..........
විවාහ චාරිත්‍ර අවසන් වී නව යුවල නිවසට එන විට රාත්‍රි නවයට පමණ විය............. ශේඛා ඔවුන් දෙදෙනාව මාහීර්ගේ කාමරයට කැඳවාගෙන ගියේ ඉමහත් සතුටිනි............ නමුත් කාමරයට ඇතුළු වන විටම දුටු දසුනින් මාහීර් හා මෙහෙන්දි මුහුණෙන් මුහුණ බලාගත්හ..................
🌸🌸🌸 මතු සබැඳියි
No comments:
Post a Comment