Thursday, April 30, 2020

මෙහෙන්දි - 13

මාහීර් හා සාශේන් බයෙන් බයේ ප්‍රතාප් ශර්මා ලඟට ගියේය....................

🏆️ සාශේන් තමුසෙවත් මේගැන දැනගෙන හිටියේ නැද්ද...... ගන්නවා අර විහේන්ට call එකක්...........

💓 තාත්තා අයියා තාම practice.... please ඔයා කලබල නොකර ඉන්න.............

🏆️තොපි කාටවත් තේරෙන්නේ නැද්ද........ අරකි විනාස කලේ මං මෙච්චර කල් රැක ගත්ත ගෞරවය......... මට ඒකි මරන්නමයි හිතෙන්නේ.........

💘 අංකල්....... අනේ කලබල වෙන්න එපා....... ටිකක් මේක ගැන ඔයිට වඩා හිතන්න.......... නංගි පොඩි දරුවෙක් නෙවේ......අනික එයා නරක වැඩ කරන ළමයෙකුත් නෙවේනේ...... ... මොකක් හරි දෙයක් ඇති අපි නොදන්න.......

🏆️ මං දන්නවා මාහීර්............ වික්‍රාන්ත්ට ප්‍රශ්ණ........... අර ගෑණි වෙන එකෙක් එක්ක ඉන්නේ........ ඒවා මං දන්නවා.... වික්‍රාන්ත් නරකත් නෑ..... හැබැයි මගේ දුවව මං බැඳපු මිනිහෙක්ට කවදාවත් දෙන්නෑ මාහීර්............ ඕකිව මං කපලා ගඟක මුහුදක දැම්මත් වික්‍රාන්ත්ට දෙන්නෙ නෑ.......මාහීර් ඒකට උදව් කරන්න එපා.......

💘 අංකල්............ මේක ගහලා බැනලා විසඳගන්න ඕනි දෙයක් නෙවේ එයා ගැහැණු ලමයෙක් ජීවිතේට හානියක් කරගන්නත් පුළුවන්.........

ප්‍රතාප් නිහඬ විය......... නමුත් ඔහු නිකම් මෙය අත්හැර දමන්නේ නම් නැත.......... මාහීර් ට වික්‍රාන්ත් හා මෙහෙන්දි ගැන දැනුනේ දුකකි................ ඔවුන් දෙදෙනාට කිසිදා එක්වීමට නම් නොලැබෙනු ඇත.............

🏆️ විහේන්ට කතා කරන්න ඕනැ........... ඌට බැරිවුනා නංගි මෙහෙම කරන එක නවත්තන්න.........

විහේන් කිසිම ඇමතුමකට ප්‍රතිචාර දැක්වුවේ නැත............ මාහීර් මදක් පිටතට පැමිණියේ වික්‍රාන්ත් හට මෙය දැනුම්දීමටයි...............

වික්‍රාන්ත්ගේ ඇමතුම වහා සම්බන්ධ විය.........

❤️ මහී..... මං උඹට ගන්නමයි මේ හැදුවේ................ අරූ ඒක දැනගෙන සක්සේනා...... ඒක ප්‍රතාප් අංකල්ටත් කියලා..........

💘 හ්මිම්ම්ම්...මාත් මෙි ගත්තේ ඒක.කියන්න තමයි වික්‍රාන්ත්......... ඌ හැමෝම ඉස්සරහා අද ministry එකේ conference එකේදි කිව්වේ........... ඒකයි ප්‍රතාප් අංකල් මෙච්චර ඇවිලිලා ඉන්නේ.......

❤️ මොනා වෙයිද මචං........

💘 දැන් මොනදේ වුනත් ඒවා දරාගන්න වෙනවා බං.......මට දුකයි......... හුඟක් උත්සහ කලා අංකල්ගේ හැගීම වෙනස් කරන්න..... තවත් උත්සහකරනවා මං....... උඹ කලබල නොවී ඉඳපන්........ නංගිට නම් ප්‍රතාප් අංකල් මොනා කරයිද දන්නේ නෑ................ අපි බලමු.......ම්ම්ම්.. අපි ඉන්නවානේ....................

❤️ මට මගේ...කෙ..ල්..ල.....නැ.ති......වෙයි නේද මචං............

💘 දුර්වල වෙන්න එපා වික්‍රාන්ත්......... හැමදේම හරියයි......... ම්ම්ම්ම්... මාත් යන්න ඕනි එහෙ....... ආ. අනික........ ඒක කලේ අර මහීමයා....... මට විශ්වාසයි..... ඒ photo අරගත්තේ ඌ.......... අපි පස්සේ ඌ ගැන බලාගමු.............

මාහීර් දුරකතනය විසන්ධිකර අශ්ලේෂා හට ඇමතුමක් ගෙන සියල්ල පැවසුවේය........

💘 නංගි........කල්පනාවෙන් ඉන්න........ මං හිතන්නේ නෑ ප්‍රතාප් අංකල් නිකම් ඉදී කියලා කෙල්ලට අනිවාර්යෙන්ම ගහයිවත්........

🧡 හොඳයි අයියා...... මං බලන්නම්........ හැබැයි දැන් මට නංගිට මෙිවා කියන්න බෑ.... පව් ඒකි..............

💘 හ්ම්ම්ම්ම්......මාත් එන්නම්.............. ඒත්........

🧡 අයියා......... වික්‍රාන්ත් අයියයි....... නංගියි දෙන්නම පව්.............

💘 මොනා කරන්නද බලමුකෝ....... විහේන් තාම මේ ගැන දන්නෙ නෑ...... please එයාව cool down කරන්න අශ්..........

🧡 විහේන් තාත්තා වගේ අයියේ......... එයාත් නංගිගෙ පැත්ත ගන්නෙ නෑ....... එතකොට සාශේන් අයියා.........

💘 සාශි තේරුම් අරන් ඉන්නේ ඒත් එයත් කට වහගෙන වෙන දෙයක් බලාගෙන ඉදී........ කොහොමත් මෙහෙන්දිට හොඳ කෑමක් නම් තියනවා ප්‍රතාප් අංකල්ගෙන්......... අනික මේක කරලා තියෙන්නේ මහීමයා වගේ

🧡 අනේ මට බයයි අයියේ නංගිගේ ජීවිතේ ගැන.......... මං හිතුවා ඔය කාලකණ්නියා ඔහොම කරයි කියලා.......... මට නම් පේන්න බෑ....... අහුවුනොත් නම් අඬු කඩනවා මං ඕකගේ..........

💘 ඒක තමයි මං ඔයාට කියන්නේ විමසිල්ලෙන් ඉන්න කියලා.............

මාහීර් ඇය හා කල කතා බහ අවසන් කලත් ඔහුගේ හිතට නම් නිවනක් තිබුනේ නැත.......... ඇත්තටම වික්‍රාන්ත් මෙහෙන්දි හරිම අවාසනාවන්ත යැයි ඔහුට සිතුනා.....

💘💘 මං මොකද කරන්නේ වික්‍රාන්ත්....... අද කෙල්ල ගුටි කන එක නවත්තන්න විදිහක් මට මතකෙට එන්නෙම නෑ..........
මහීම........ උඹට නම් මගෙන් කිසිම සමාවක් නෑ......... කිසිම කිසි සමාවක් නෑ........... මං උඹට කවදාවත් නංගිගෙන් පලිගන්න දෙන්නෙ නෑ........... වික්‍රාන්ත්වයි නංගිවයි වෙන් කරන්න කාටවත්ම බෑ......... කාටවත්ම බෑ............

මාහීර් තදින් අසල වූ ගසට පහරක් ගැසුවේය.............

🍃💃🍃💃🍃💃🍃💃

ප්‍රතාප් ශර්මා නිවසට ගියේම තරමක් බීමතිනි.......... ඔහුට මේ දෙය දරාගැනීමට නොහැකිය........... මෙහෙන්දි......... ඇය තම ජීවිතයයි........ තම ගෞරවයයි......... මා කොතරම් ඇය ගැන බලාපොරොත්තු තබාගෙන සිටියාදැයි දන්නේ ප්‍රතාප් ශර්මාගේ හිත පමණි............... මුළු ඉන්දියාවටම කියා මහා ඉහලින් ඇගේ විවාහය ගැනීමට ඔහු සැලසුම් කර සිටියේය..............

මේ සියල්ලටම වඩා වසර තිස්පහක් පුරාවට ලොව පුරාම තමා ගැන තිබූ ගෞරවය එක් මොහොතකින් පළුදු වූයේ ඇගේ අදූරදර්ශි ක්‍රියාවන් නිසාය.......... ඇත්තටම කියනවා නම් මෙහෙන්දිගේ අසම්මත ආදරය නිසාය.......... තමා හට දරාගැනීමට නොහැක්කේද මෙයයි...............

ප්‍රතාප් නිවසට ගොඩ වෙන විට සාලයේ සිටියේ අශ්ලේෂා පමණි......... අැයත් විහේන් අපේක්ෂාවෙන් සිටියාය.......... තාත්තා පැමිනේවි යැයි ඇය සිහිනෙනුදු නොසිතුවාය............... අශ්ලේශාගේ සිත බියෙන් පිරී ගියේ ඇගේ ඇඟේ හිරිගඩු පිපෙන විටය............. නමුත් ඇය ඔහු ඉදිරියට ගියාය........

🧡 තාත්තේ ඔයා..........?? මං කවදාවත් මෙි විදිහට දැකලා නෑ.............

🏆️ කෝ............ මෙහෙන්දි..............

🧡 ක්........ක්........කාම..රේ.... මං.....හිතන්..නේ....... නිදි ඇති..........

🏆️ නිදි........... මගේ නින්ද නැති කරලා ඒකි කොහේ නිදාගන්නද..............

ප්‍රතාප් ඉහල මාලයේ මෙහෙන්දිගේ කාමරය දෙසට යනවිට අශ්ලේෂා ද ඔහු පසුපසම ගියාය.......... ඇය දෙවියන් යැද්දේ මෙහෙන්දිව ආරක්ෂා කරන මෙන් ඉල්ලාය................

🏆️මෙහෙන්දි දොර ඇරපන්.........

ප්‍රතාප් ශර්මා කිසිදාක තම දියණියට උඹ තෝ කියාවත් අමතා නැත........... ඒ හඬට මෙහෙන්දි තැගැස්සී ගියාය........... සිදුව ඇති කිසිවක් නොදන්නා අහිංසකී ගොස් දොර ඇරියාය....................

දොරටුව අසලදීම ප්‍රතාප් ශර්මා එල්ල කල කම්මුල් පහරින් විසිවී ගොස් කෙල්ල වැටුනේ ඇඳ පාමුලටයි......... ඇඳ වියලේ ඇගේ හිසතදින් වැදුනි.............. ගුටි කන්නට සුදානම්ය....... නමුත් හේතුව දැන ගත යුතුය............. හේතුවක් වරදක් නැතිව දඬුවම් විදීමට ඇයට කිසිදා නොහැක..........

කම්මුලත් අල්ලාගෙන ඇය නැගිට්ටේ අසේකාගේත් සහස්දිගෙත් සහයෙනි............ඔවුන් දෙදෙනාද සිටියේ බියෙන් තැතිගෙනය...............

🏆️ උඹ.......... මාව කෑවා යකෝ........ මාව කෑවා......... මං අද උඹට හොඳ වැඩක් කරනවා................

නැවත වරක් මෙහෙන්දි දෙසට ප්‍රතාප් ශර්මාගේ අතක් දිගු විය........ නමුත් ඇය පසුපසට ගියාය............

💃 තාත්තා මොකද මේ මොකක්ද මං කරපු වරද...............

නමුත් ඊට පිලිතුරක් වෙනුවට තවත් පහරවල් කිහිපයක් නම් ලැබුණි.......... අපූර්වා ද ඒ මොහොතේ කාමරයට ආවේ දරුවන්ගේ හඬ පහලටම ඇසෙන බැවිනි..........

🌹 ප්‍රතාප් පිස්සුද මොකද මේ කරන්නේ.......

🏆️ අහගන්නවා තමුන්ගේ දුවගෙන්ම........ අහිංසකයි වගේ ඉඳගෙන කරලා තියන වැඩ

ලොකු තාත්තා යමක් දැන ගෙන ඇති බව අසේකා හා සහස්දි තේරුම් ගත්හ....... ඔවුන් දෙදෙනා අශ්ලේෂා දෙස බලන විට ඇයත් කඳුළු පිරි දෙනෙතින් ඔවුන් දෙස බලා සිට හිස සැළුවේ ඔවුන්ගේ හැගීම් තේරුම් ගත්තාක් මෙනි........... විහේන් නිවසට අඩිය තබන විටම ඇසුනේ කාලගෝට්ටියකි.......... ඔහු අඩියට දෙකට මෙහෙන්දිගේ කාමරයට ගියේය............. ප්‍රතාප් ශර්මා මෙහෙන්දිගේ කෙස්වැටියෙන් අල්ලා පහර කීපයක් ගැසුවේය............ විහේන් වහාම මැද්දට පැන නැගණිය පැත්තක කලේය......... මෙහෙන්දිගේ තොල් අග පැලී ලේ ගලන්නට වූ අතර,,, හිසේ එක්පසකින්ද ලේ ගලන්නට විය....... තාමත් ප්‍රතාප් ශර්මා හේතුව පැවසුවේ නැත.............

🌷 තාත්තේ පිස්සු හැදිලද....... මේකිව මරන්නද හදන්නේ....... වැරැද්දක් කලා නම් කතා කරලා විසඳගමු.... අනික මේ ගැහැණු ළමයෙක්,,,,, ඔයා තාත්තා වුනාට ඔයාට බෑ එයාට අත තියන්න......... පිස්සු වැඩ කරන්න එපා........ බලන්න නංගිට හොඳටම තුවාල වෙලා......... තාත්තා කෙනෙක්ද ඔයා.................

ප්‍රතාප් ඇගේ මුවින් ලේ ගලන බව දුටුවේ එවිටයි........ තමා ගැනම තරහක් ඇති නොවුනාමත් නොවේ..... ප්‍රතාප්ගේ හිත ඒ දැක වත් උණු වුනේ නැත............. මෙහෙන්දිගේ දෑසින් කඳුළු වැටුනත් ඇගේ මුවින් කිසිඳු හඬක් නැගුනේ නැත...... මෙහෙන්දි හිතුවක්කාරය...... මුරණ්ඩුය............. ප්‍රතාප් විහේන් දෙසට සිය ජංගම දුරකතනය පෑවේය............ එහි ඇති සේයා රූ දුටු විහේන්ගේත් මුහුණේ කෝපයේ අඳුරු සෙවනැලි මැවෙද්දි මෙහෙන්දි ඇවිත් ඔහුගේ අතින් ඒක උදුරගත්තේ හැමෝම ඒ දිහා මවිත වෙලා බලා ඉන්න අතරේ............

තමාගේත් වික්‍රාන්ත්ගේත් මේ තරම් සමීප ඡායාරූපයක් ගන්නා තුරු එය නොදුටුවේ මන්දැයි අැය සිතුවාය........... දැන් සියලු දෙනා සියල්ල දැනගෙන අවසන්ය............ වසන් කරන්නට සඟවන්නට දෙයක් ඇත්තේද නැත................ දැන් අවශ්‍ය වන්නේ සටන්කිරීමයි........ කෙසේ හෝ මේ ආදරය දිනාගැනීමට නම් සටන් කල යුතුමය.......... නැතුව කිසිදා ලේසියකින් බන්දේසියක තබා ගෞරවනීය ලෙස මේ ආදරය ලැබෙන්නේද නැත............ මෙහෙන්දි කිසිඳු වෙනසක් නොපෙන්වා දුරකතනය යලිත් විහේන් වෙත පෑවේය..................

🏆️ දැන් උඹත් දැක්කනේ හේතුව මෙහෙන්දි................. කියපන් ඇයි උඹ මගේ මුහුණෙ දැලි ගෑවේ................

ප්‍රතාප් යලිත් වතාවක් ඇය දෙසට පියවරක් තැබුවත් විහේන් එය වලක්වාලීය.................

🌷 තාත්තේ............ මේවා මේ ගහලා බැනලා විසඳන්න ඕනෙ දේවල් නෙවේ...... අපි කතා කරලා විසඳගමු........ කොහොමත් මේ photo එක ගහපු එකා අපිට ආදරේකට නෙවේනේ මේක ගැහුවේ......... අනිවාර්යෙන් ඔයා අපහසුතාවයට පත් කරන්න නැත්තම් නංගිගෙන් පලි ගන්න...... කවුුද නංගිට ඉන්න හතුරා...........

🏆️ මට ඒවා වැඩක් නෑ....... විහේන් මේකි මේ නටන්නේ ශේෂ් සක්සේනාගේ බෑනා එක්ක.................

🌷 තාත්තේ............ අපි දැන් යමු......... එන්නකෝ පහලට යන්න............

🏆️අතෑරපන් විහේන්........ මං දැනන් හිටියා උඹත් මේවා දැනගෙන ඉන්නවා ඇත්තේ කියලා................. උඹ අයියා විදිහට උඹට තිබ්බා ඒක නවත්තන්න......... උඹ ඇස් පියන් හිටියා........ මගෙන් තාත්තා කෙනෙක්ද අහන්නේ උඹ හොඳ අයිය කෙනෙක්ද.......

මෙහෙන්දිගේ ඉවසීම සීමාව ඉක්මවා ගියේ තාත්තා විසින් අයියා හට කල චෝදනාවටයි.........

💃 තාත්තා දෙවියන්ගේ නාමෙට නවත්තන්න.......... මේ පින්තූර ඔක්කොම ඇත්ත............ මං වික්‍රාන්ත් අයියට ආදරෙයි තමයි............... හැබැයි ඒක විහේන් අයියා දන්නෙවත් නෑ............. අනික වික්‍රාන්ත් අයියා සෝනමිගෙන් අයින් වෙනවා............. ඔයාගේ නමට කැලලක් වෙන්නේ කොහොමද තාත්තේ........ ඊට පස්සෙ එයා මාව මැරි කලාම..............

🏆️කට වහගනින් මෙහෙන්දි.......... මං කවදාවත් උඹට බැඳපු එකෙක් එක්ක යන්න දෙන්නෙ නෑ................

💃 තාත්තා......... ඔයා හිතන් ඉන්න විදිහේ සම්බන්ධයක් නෙවේ ඒක.......... ඇයි ඔයාට සාධාරණ විදිහට අපි දෙන්න දිහා බලන්න බැරි...........

🏆️ උඹ හිතන්නේ වික්‍රාන්ත් එක්ක යන්න මං ඉඩදෙයි කියලද.......... උඹ දන්නේ නෑ මං කවුද කියලා..............

💃 මං වික්‍රාන්ත් අයියා විතරයි බඳින්නේ ඔයා කොහොමද තාත්තේ ඒක නවත්තන්නේ...............

මෙහෙන්දි තව තවත් හිතුවක්කාර වූවාය.......... ඇයගේ ආදරය වෙනුවෙන් තනිවම හෝ හඬ නැගිය යුතු බව ඇයට සිතුනි...........

🏆️ ඌ කලින් බැඳපු එකෙක්..... තවත් ඒකිගෙන් දික්කසාද වෙලත් නෑ...........

ඔය ටික සද්දෙන් කියද්දි මෙහෙන්දි බැලුවේ අපූර්වා දිහා........................

💃 එදා සීයා ඔයාගේ කසාදෙට විරුද්ධ වුනෙත් මෙයා කලින් වෙන කෙනෙක් බැඳලා හිටිය හින්දා නේද.......... ආ........ අම්මේ.................

අපූර්වා බය වෙලා වගේ ප්‍රතාප් දිහා බැලුවේ.............

🏆️ ඒත් එතකොට මං දික්කසාද වෙලා හිටියේ.............. අනික සීයා අපිට විරුද්ධ වුනේ නෑනේ

💃 එහෙනම් මොකටද ඔයාලා හොරෙන් බැඳලා මෙහෙ ආවේ.......... ඇයි සීයාවත් ආච්චිවත් අපි කවදාවත් දැකලා නැත්තේ... ඇයි අපි ලංකාවට යන්නෙ නැත්තේ... ඇයි ලොකු මාමා මෙයා එක්ක කතා කරන්නෙ නැත්තේ......... ඇයි තාත්තේ....ඔයාට උත්තර නෑ නේද............ මේ අහන්න තාත්තේ මාත් අම්මා කරපුදේ කරන තැනට අසරණ කරන්න එපා.............

🏆️ උඹ මට තර්ජනය කරනවද මෙහෙන්දි...... උඹට ගෙදරින් පිට යන්න බෑ................ phone එක මට දීපන් ඒක පාවිච්චි කරන්නත් බෑ..........

මෙහෙන්දි ගිහින් ඇගේ ජංගම දුරකතනය ගෙනත් ප්‍රතාප්ගේ අතින් තැබුවා.............

💃මේකේ හැමදෙයක්ම තියෙනවා තාත්තේ........ පුළුවන් නම් බලලා අපිව තේරුම් ගන්න උත්සහ කරන්න.......

🏆️ උඹගේ කට වැඩී මෙහෙන්දි.......... තව සතියක් ඇතුලත මං උඹගේ කසාදෙ සිද්ධ කරනවා....... කසාදෙට ලෑස්ති වෙයන්........ ආයෙම මේ ගෙදර වික්‍රාන්ත් ගැන කතා කරන්න බෑ....... අසේකා සහස්දි දෙන්නත් මේකිට උදව් කලොත් මං තාරකට කතා කරනවා......හරිද දෙන්නත් මේකට හවුල්නේ............. ලෑස්ති වෙන්න එහෙනම් මෙහෙන්දි කසාදෙට.............

💃 ඒක හරිම අසාධාරණයි.......... මං ආදරේ කලා විතරයි......... අපරාධයක් කලේ නෑ.............. ඒක ලොකු වරදක් කියලා හිතාගෙන ඔයා මට ලේ එන්නම ගැහුවානේ තාත්තේ......... අපි දෙන්නා ආදරේ කලේ මේ හැමදේටම මුහුණ දෙන්න බලාගෙන තමයි............ ඒත් මගේ වික්‍රාන්ත් අයියා මට ආදරේ කලේ නම් වෙන කිසිම දෙයක් මගෙන් ගන්න නෙවේ......... එතන තිබුනේ ආදරේමයි......... ඒ හින්දා මට එයා නැත්තම් කවුුරුත් එපා........... ඔයාට මාව වෙන කෙනෙක්ට දෙන්නම ඕනෙ නම් තාත්තේ පව් ඒ මනුස්සයා.......... ඒ මනුස්සයාට මේ Sharma House එකෙන් අරන් යන්න වෙන්නේ මගේ මිණිය තමයි....... දැන්මට පාඩුවේ ඉන්න දීලා යන්න.............

🏆️ අපි බලමු උඹද මමද දිනන්නේ කියලා...............

💃 බලමු........... ආයෙම මට ඔයාගෙන් කිසිම දෙයක් එපා........... කිසිම කිසි දෙයක්එපා...... මට මේ ගෙදර ඉන්න ඔිනෙත් නෑ...........

🏆️ උඹ ආයෙම මේ ගෙදරින් එළියට යන්නේ මගුල් පෙරහැර එන දවසට.............උඹට මේ ගෙදරින් මේ කාමරෙන් පිට යන්න බෑ...............

ඒ ප්‍රතාප් ගේ අවසන් තීරණය............ ඔවුන් පිටව ගිය පසු මෙහෙන්දි සියළුම දේවල් බිමට සමතලා කලාය........ වියරු වැටී සිටි ඇයට අවසානයට හසු වුනේ ඇඳට උඩින් එල්ලා ඇති විශාලම Princess Cinderella Princess aurora Princess snow white පින්තූරයටයි......... එයට අත යද්දිම ඇය යලිත් සන්සුන් විය..........ආපසු හැරුණු ඇය දුටුවේ හඬමින් සිටින සිය සොයුරියන් දෙදෙනායි.........

💃 අක්කා.......................

මෙතෙක් වේලා මුවින් නොහඬා සිටිය මෙහෙන්දි ඉකිගසමින් හඬන්නට විය......

අසේකාත් සහස්දිත් මෙහෙන්දිව තුරුළු කරන් හඬන්නට විය............

💃 අනේ......... අ..ක්..කා........ මං...මං.......නිසා මං නිසා ඔයාලා.......දෙන්නටත්...... බැනු..ම් අ..හන්න...... වුනා............. සමාවෙන්න ම..ට...

🌺 පිස්සු කියවන්නැතුව හිටපන් චූටි........ මේ බැනුම් මොනාද අපි දැනගෙන හිටියනේ මෙහෙම වෙනවා කියලා........ උඹ කියපන් අපිට උඹ වෙනුවෙන් මැරෙන්න කියලා මේ අක්කලා දෙන්නා ඒකත් කරනවා............

🧡 දෙන්නා.......නෙවේ..... තුන්දෙනා...........

අශ්ලේෂා ඇස් වල කඳුළු පුරවගෙන ඔවුන් තිදෙනා දෙස බලා සිටියාය......... කෙල්ලෝ තුන් දෙනාම ඇය දෙසට අත් දිගු කලේය........ වැඩිමල් සොයුරියක් සේ අශ්ලේෂා ද පැමීණ ඔවුන්ව වැලඳගත්තාය................

🧡 අපි මෙහෙම වෙයි කියලා දැනගෙන හිටියානේ පැටියෝ.......... ඔයා හරියට සිංහ ධේනුවක් වගේ මේ ප්‍රශ්නෙට මුහුණ දුන්නා........අපිත් ඔයා එක්ක ඉන්නවනේ....... මේ දවස් දෙක තුන පහුවෙලා අපි වික්‍රාන්ත් එක්ක කතා කරමු........ ම්ම්ම්.....

🏵️ කවුද බං මේ photographer......... මේ උඹලා ගියේ කොහාටද........

💃 Golden Saffron එකට ගියේ.........

🌺 එතන වැඩියේ famous නැහැනේ....... ශික් කරපු එකා මොකා වුනත් ඌව නම් හම ගහන්න ඕනෙ

අශ්ලේෂා ඔවුන් දෙස බැලුවේ ඇය මේ දෙය කලේ කවුද කියලා දන්න නිසා..........

🧡 මහීම.......... ඌ තමා ඒක කලේ.....

තුන්දෙනාම අශ්ලේෂා දෙස බැලුවේ පුදුමයෙනි.........

💃 අක්කේ..........

🧡 ඔව් චූටි............ ඌ තමා......... මට ඒක විශ්වාසයි...... මාහීර් අයියත් කිව්වා...... උඹ එක්ක ඌ කොහොමත් තරහයි.......... පාහරයා....... මං එදා කිව්වා සහස්දි ඌ නම් අපේ සතුට නැති කරන්න ආව නරුමයෙක් කියලා......

🌺 මං ඕකාව විශ්වාස කලානේ.......... හැබැයි ඕකා ඊලඟට කන්නේ මගෙන්.....

🏵️ දැන් මොකද අපි මේකට කරන්නේ...... මෙහෙන්දිට ගෙදරින් යන්න තහනම්......

🧡 මෙහෙන්දි කොහොමද දැන් වික්‍රාන්ත් එක්ක වචනයක් හරි කතා කරගන්නේ....

🏵️ ඔයාට නම් ඒකට කරන්න දෙයක් නැහැනෙ අක්කා........... මගෙයි අක්කගෙයි phone දෙකත් සිරභාරයට ගත්තා................ හැබැයි.......මේ..... ට...න්........ට.......නා............. මං ගාව චූටි එකක් තීනෝ..........

🧡 හැබැයි පරෙස්සමින්................

🌺 බැල්කනියට ගිහාම පේන්නේ නෑ.........

🏵️ තව සතියක් ඇතුලත උඹව කාට හරි ලොකු තාත්තා බන්දලා දෙනවා නංගි........ඊට කලින් කරගන්න දෙයක් තමා ඈ............

💃වික්‍රාන්ත් අයියා එක්ක කතා කරන්න ඕනි..............

🧡 ශේෂ් සක්සේනා කොහොමවත් වික්‍රාන්ත් අයියාට ගැලවෙන්න දෙන්නෙ නෑ....................

💃 අනේ මන්දා....... වික්‍රාන්ත් අයියා තීරණයක් ගනී නේද අක්කේ..........

🌺 බලමුකෝ එන විදිහකට මුහුණ දෙමු.......

🧡 හැබැයි චූටි......... එන ඕනැ දෙයක් භාරගන්න වෙයි ඔයාට.........

💃 බෑ අක්කේ....... වික්‍රාන්ත් අයියා හැර වෙන කවුරුත් එක්ක යන්න මට බෑ.........

🌺 බලෙන්ම බන්දලා දුන්නොත්......

🏵 මට නම් බයත් හිතෙනවා........

කෙල්ලෝ හතර දෙනා හිටියේ කර කියාගන්න දෙයක් හිතාගන්න බැරිවයි............. නමුත් එදා රාත්‍රියේදී මෙහෙන්දි වික්‍රාන්ත් හට ඇමතුමක් ගත්තා..............

❤️හෙලෝ............ කවුද මේ.....

වික්‍රාන්ත්ගේ කටහඬ ඇහෙද්දිම මෙහෙන්දිට ඉකිබිඳුනේ ඇයටත් හිතාගන්න නොහැකි ලෙසයි..... වික්‍රාන්ත් ඒ මෙහෙන්දි බව හඳුනාගත්තේය........

❤️ සුදුමැණික........ මේ ඔයාද......... අනේ මගේ කෙල්ලේ......... මොකද වුනේ මගේ රත්තරනේ......... මං නිසයි මේක වුනේ...... එදා මට ටිකක් ඉවසන්න තිබුනා.............

💃 ඔයා ඔයාටම දොස් කියාගන්න එපා මගේ අයියේ................ කොහොමත් මේක වෙන්න තිබුණු දෙයක්නේ...... තව සතියක් අැතුලත තාත්තා මාව කාටහරි බන්දලා දෙයි................ ඒ වෙනකම් මට ගෙදරින් යන්නත් තහනම්....... මං මොකද කරන්නේ අයියේ.......... ඔයා නැතුව වෙන කවුරුත් එපා......... එහෙම වුනොත් ඔය මනමාලයට එදාට බලන්න වෙන්නේ මගේ මි..මි....නිය.............

❤️මෙහෙන්දි......... කට වහගන්න ආයෙම ඔය වගේ මූසල කතා කිව්වොත් බලාගෙනයි............ මං ඉන්නවනේ රත්තරන්........... අනික මං කිව්වනේ........ මං ඊට කලින් එක්ක යනවා........ එයාලා කැමැත්තෙන් හරි අකැමැත්තෙන් හරි....... පොරොන්දු වෙනවා..........

අසේකා ඇය සිටි තැනට ආවේ ඉක්මන් ගමනින්ය........

🏵️ චූටි......... කවුරුහරි උඩට එනවා........

💃 එහෙනම් මං පස්සේ ගන්නම් අයියේ......... කවුරුහරි උඩට එනවා......

මෙහෙන්දි දුරකතනය තබා අසේකා සිටි තැනට ගියාය.......... උඩට ආවේ නිවසේ මෙහෙකාර තැනැත්තියයි...............

☎ කෑම ගෙනාවා නෝනා...............

💃 කවුද මට කෑම ගේන්න කිව්වේ......

☎ ලොකු මහත්තයා කීවේ............ නෝනලා තුන් දෙනාම කෑවේ නැති නිසා....... ගේන්න කිව්වා............

💃 දෙකක් තියලා අනික අරන් යන්න..........

☎ හිතුවක්කාර වෙන්නෙපා සුදු නෝනේ........

🏵️ අපිටත් එපා අරන් යන්න මේවා........

අසේකාද පැවසුවාය....... නමුත් ඊට මෙහෙන්දි කැමති වුනේ නැත........

🌺 උඹ කන්නැත්තම් අපිටත් එපා.........

වැඩකරන ගැහෑණිය කිසිවක් නොකියා සියල්ල යලිත් අතට ගත්තාය.........

💃 Mr pratap sharma ට කියන්න මට එයාගේ කෑමත් එපා කිසිදෙයක් එපා කියලා.........

ගැහැණිය අැය පැවසූ සියල්ල ප්‍රතාප් ශර්මා සමගින් පැවසුවාය........... ඒ මොහොතේ ප්‍රතාප්,,, විහේන්,, සාශේන් අපූර්වා හා අශ්ලේෂා සිටියේ කෑම මේසයේය................

🏆️ මේකි හරිම මුරණ්ඩුයි...............

🌷 තාත්තේ නංගිට ගැහුව එක වැරදී........ මේක මීට වඩා හොඳින් විසඳගන්න තිබුනා.......... අනික මොකක්ද වික්‍රාන්ත්ගේ තියන වරද....... ඌ කොහොමත් divorce වෙන්නනේ හිටියේ................. වික්‍රාන්ත් අයින් වුනාම සක්සේනා කොහොමත් ඉවරයි............

🏆️ උඹට පිස්සුද මනුස්සයෝ........... මං කොහොමද මගේ දුවව බැඳපු මනුස්සයෙකුට දෙන්නේ.......... උඹලත් හිතන්නේ ඒ විදිහට නම්......... ආයේ මේ ගැන වචනයක් වත් කතා කරන්න එපා...... තව සතියක් ඇතුලත නංගිගේ wedding එක තියනවා............

විහේන්ට හිනා ගියේය......... තාත්තා මේ කලබල වී කරන්නේ නංගිගේ ජීවිතය විනාශ කිරීමය.............

🌷 දැන් කාටද නංගිව දෙන්නේ........... මං ආයෙම මේ ගැන කතා කරන්නේ නෑ........ ඔයා ඕනැ එකක් කරගන්න....... නොදන්නා එකෙක්ට දීලා කෙල්ලගේ ජීවිතේ විනාශ කරනවට වඩා හොඳ නැද්ද වික්‍රාන්ත්ටම කෙල්ලව දෙන එක..............

ප්‍රතාප් දත්මිටි කාගෙන කෝපයෙන් මේසයට පහරක් ගැසුවේය...............

🏆️ තොපි ඔක්කොම කටවල් වහගෙන හිටපල්ලා......... මෙතන වෙන්නේ මට ඕනෑ දේ....... මට උඹලගේ උපදෙස් ඕනෙ නෑ.......... විහේන් සාශේන් උඹලා දෙන්නම මට විරුද්ධ ද එතකොට........ අපූර්වා එතකොට උඹ..........

🌷 විරුද්ධ වෙනවා නෙවේ තාත්තේ....... මං නම් හිතන්නේ නංගිගේ ජීවිතේ ගැන...... එයාට හොඳක් වෙනවා කියලා හිතනවා වික්‍රාන්ත් එක්ක එකතු වුනොත්..... දවසින් දෙකෙන් සතියෙන් හොයලා දෙන කෙනෙක් එක්ක ගිහින් නංගි ඉන්නේ කොහොමද........

🏆️ ගියාට පස්සේ හඳුනගෙන හොඳින් ඉඳී........... ඒ කියන්නේ උඹ....... මට විරුද්ධයි...........

🌷 අනේ මං මොනාත් කියන්නේ නෑ තාත්තේ........ මං කිව්වේ මට හිතෙන හරි දේ............. මං යනවා........... ඔයා කැමති කෙනෙක්ට කෙල්ලගේ ජීව්තේ විකුණලා දාන්න

විහේන් කෑම මේසයෙන් නැගිට ගියේ ඔය ටික ප්‍රතාප්ට පවසායි........... ඔහු අනුව අශ්ලේෂා ද සාශේන් ද නැගී සිටියහ........

🏆️ එතකොට සාශේන් උඹ..............

💓 අයියා කීව දේට වඩා කියන්න දෙයක් මට නෑ...............

🏆️ උඹලා ඔක්කොම මට විරුද්ධ වුනා............ හැබැයි උඹලා තේරුම් ගනී මං කිව්ව දේ ඇත්ත කියලා............... හැබැයි තව සතියක් ඇතුලට මෙහෙන්දිගේ කසාදේ වෙනවා.............

ප්‍රතාප්ගේ වචන ඒ නිවසේ අවසන් තීරණයයි......... තව සතියක් ඇතුලත මෙහෙන්දිට වෙන කවුරුන් හෝ සමගින් විවාහ වන්නට සිදු වනු ඇත............

💓💓💓💓💓💓💓💓💓💓

දෙදිනක් යනතුරුම මෙහෙන්දි නිවසින් ආහාර ගත්තේම නැත........... එමෙන්ම ඇයට උණ රෝගයද වැලඳී තිබුණු අතර ඉන් ඇය තවත් දුර්වල වී සිටියාය............

එ් වැහිබර සෙනසුරාදා දිනයකි........ දිල්ලි නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 18 ක් පමණ විය............. මූළු පලාතම වැහි අඳුරින් වෙලී තිබූ එදින උදෑසනින් නිවසට පැමිණි අමුත්තන් තිදෙනෙකි................ ඔවුන් රැගත් වාහනය සුවිසල් ශර්මා මන්දිරයේ පෝටිකාවේ නැවැත්වීය...........

ඉන් බැස්සේ වයස අවුරුදු පනස් පහක පමණ පිරිමි අයෙකුත් අවුරුදු පනහක පමණ වයසැති කාන්තාවකුත්ය............ අවසානයට වාහනයෙන් බැස්සේ තරුණයෙකි.......... ඒ මහීමයි........... ඔහුගේ පියා වන තරින්ද සෙනෙවිරත්නත්,,, මව වන අමන්දා සෙනෙවිරත්නත්ය..........

දෙවතාවක් පමණ සීනුව නාද කල පසු නිවසේ දොර හැරුණි............. දොරටුව හැරියේ අපූර්වා සෙනෙවිරත්නයි....... තමා මේ දකින්නේ සිහිනයක්දැයි ඇයට මොහොතකට සිතුනි.......... හරියටම වසර තිහකට පසු ඇය මේ දකින්නේ තම වැඩිමල් සොයුරායි.............. සතුටටම ඇයට හැඬුනි.............

🌹 අනේ අයියේ..... මට සමාවෙන්න....... මට හිතාගන්න බෑ ඔයා ආවා කිව්වම......... යං යං ඇතුලට..........

අපූර්වා ඔවුන්ද කැටුුව ඇතුලට ගියේ උතුරා යන සොම්නසිනි............ ප්‍රතාප්,,, විහේන්,,, සාශේන් හා මාහීර් කෑම මේසයේ ආහාර ගනිමින් සිටියහ.......... වසර ගනනාවකට පසුත් ප්‍රතාප් හට මේ මිනිසා හඳුනා ගැනීම අපහසු වුනේ නැත......... නමුත් ඔහුට මේ කපටි මස්සිනා ගැන කිසිඳු විශ්වාසයක් නැත.......... ඔවුන්ව එපායැයි පවසා පවුල තුල අරගල කර ඔවුන්ව තනි කල මේ මිනිසා වසර තිහකට පසු මේ පැමිණියේ නම් නිකමට විය නොහැකිය........ නමුත් නිවසට පැමිණි හතුරෙක්වත් පන්නා ගැනීමේ සිරිතක් ප්‍රතාප් හට නැත........

🏆️ ආ.... එන්න එන්න තරින්ද..... අපි නම් ඉතින් දැන් යන්න තමා හැදුවේ........... කියන්නකෝ ඉතින් කොහොමද ජීවිතේ........

🍀 විශේෂයක් නෑ............ අපි මේ ආවේ මහීමගේ වදේටම තමා...............

🏆️ මේ ළමයා ආවා නම් තමා එක දවසක්....... මං හිතන්නේ හෝලි දවසේ......... ඉතින් මෙහෙ බිස්නස් පටන්ගත්තද

🍀බිස්නසුත් පටන් අරන් තියෙන්නේ...... අද නම් ආවේ වෙන දේකට....... නේද අමන්දා........

අමන්දා නම් යන්තම් සිනාසුනා පමණි........

🌹මොකක්ද අයියේ ඒ...........

🍀 මේ මහීම පිස්සු වැටිලා ඉන්නේ දුවට....... එයාවම බඳින්න ඕනි කියලා කියනවා.......... ඉතින් අපි මේ ආවේ මංගල කටයුත්තකට...........

🌹 නෑ.........හ්......... එහෙමද............

අපූර්වාගේ මුහුණ තොරණක් වැනිය....... මෙතෙක් වේලා ප්‍රතාප් විසින් මෙහෙන්දි ගැන අරන් තිබූ තීරණයට හිත ඇතුලින් විරුද්ධව සිටි ඇය දැන් ඊට එක පයින් කැමතිය............මෙය තම සොයුරා යලිත් ලං කර ගැනීමට දෙවියන් විසින් දුන් එක් අවස්ථාවක් බව ඇය විශ්වාස කලාය.........

ප්‍රතාප් හටද ඒ යෝජනාව මැනවැයි කියා සිතුනේ මහීමට ඇයව විවාහ කරදී ලංකාවට පිටත් කර යැවීමෙන් පසු සියල්ල විසඳෙන බැවිනි............ එවිට ඇයට යලි වික්‍රාන්ත් හමුවන්නේද නැත........ නමුත් ප්‍රතාප් ඊට ඉක්මන් වුනේද නැත...........

මාහීර්ට දැනුනේ දරාගත නොහැකි කෝපයකි........ ඔහු ඒ තරම්ම කේන්තියෙන් මහීම දෙස බැලුවේය.........

💘💘 පාහරයා...... තෝ යකෝ එච්චර පහත් වැඩක් කලේ මේකටද......... උඹට මං එච්චර ලේසියෙන් මෙහෙන්දිව අරන් යන්න දෙයි කියලා උඹ හිතනව නම් උඹ වැරදී............. මං ඉන්නකම් වික්‍රාන්ත්ගෙන් මෙහෙන්දිව වෙන් කරන්න මං ඉඩ දෙන්නේ නෑ...... මං හොයාගන්නම් උඹ සක්සේනා එක්ක ගහන plan එක.........

මාහීර් හෙමින් සාශේන් ට ලංවුනා.....

💘 සාශි.......... මේ නම් හොඳකට නෙවේ..... මේකව බැන්දොත් නංගිට වෙන්නේ දුක් විඳින්න......... අනිවාර්යෙන්ම අර කම්මුල් පාරට මු පලිගන්න හදන්නේ............

💓 මටත් හිතෙනවා......... මෙතන ඊට වඩා දෙයක් තියනවා මාහීර්......... මොකද මේ එකපාරම මාමලා නැන්දලා ඔක්කොම ඇවිත්............ අපි බලන් ඉඳලා හරියන්නෙ නෑ......

🌷 මොකක්ද ඒ කතාව මාහීර්..... කම්මුල් පාරෙ කතාව..........

💘 මූ දවසක් නංගිට ඕන්නැති විහිළුවක් කරලා............ මෙහෙන්දි ඌට අත දිගෑරලා කම්මුල් පාරක් ගහලා තරු පනින්න

🌷 මට නම් මූ හරියන්නෙ නෑ...............

💓 අයියා...... මු සක්සේනා එක්ක එකතු වෙලා ඉන්නේ............ මහීම තමා වික්‍රාන්ත්ගෙයි නංගිගෙයි photo අරන් එදා සක්සේනාට දීලා තියෙන්නේ.....

🌷 බලමුකෝ....... මූ මොකාටද එන්නද හදන්නේ කියලා......... මෙහෙන්දි කියන්නේ අයියලා තුන් දෙනෙක් ගෙයි අක්කලා තුන් දෙනෙක්ගෙයි එකම නංගි...................... අපි ඉන්නකම් කෙල්ලට මේ වගේ එකෙක් එක්ක යන්න නම් දෙන්නැ..........

🍀 දුවට කතා කරන්නකෝ නංගි....... මං දැකලත් නෑනේ..........

කොල්ලො තුන් දෙනා මේ කට්ටිය දිහා කන්න වගේ බලන් ඉන්න කොට තරින්ද සෙනෙවිරත්න කීවේ අපූර්වා දිහා බලලා.......

අපූර්වාගේ මුහුණ මලක් මෙන් විකසිතව අැත.......... අැය ඒ සතුටු සිනාවෙන්ම මෙහෙන්දි සොයා ගියාය..............

🌹 දුව ටිකකට පහලට එනවද...........

💃 ඇයි අම්මා...........

මෙහෙන්දි හිස ඔසවන්නේ නැතිවම ඇසුවාය......... හිස ඔසවන්නටත් බැරි තරම්ම වේදනා දෙයි...........

🌹 ලොකු මාමයි නැන්දයි මහීම අයියයි ඇවිත්........

අපූර්වා පැවසුවේ උතුරා යන සොම්නසිනි.........

💃 ඉතින් මට මොකද අම්මා.......

මෙහෙන්දි එය පැවසූ ආකාරයට අපූර්වා හට කේන්තියක් දැනුනි............

🌹 මේ මුරණ්ඩු කම් නවත්තලා එනවා පහලට......... මහීම අයියා ඔයාට යෝජනාවක් ගෙනත්.......... එනවා යන්න....... මේ වෙලාවේ හැටියට මේ යෝජනාව අපිට ඉහටත් උඩින්.........

මෙහෙන්දිගේ ඉවසීමේ රතු ඉර පැනගොස් තිබේ........ ඇය නැගී සිටියේ අත් දෙකෙන්ම හිස අල්ලාගෙනයි....... දැන් සියල්ලන්ටම අවශ්‍ය වී ඇත්තේ තමා කාට හෝ බන්දා දී නිදහස් වීමටයි....... වික්‍රාන්ත් හා ඇති සම්බන්ධය නැවැත්වීමටයි.... පියාට තම දරුවාගේ අවංක ආදරයට වඩා වැදගත් වී ඇත්තේ ගෞරවයයි................... මේ දෙමව්පියන් හා බලන කල තාරක ශාරධා යුවල කොතරම් හොඳ දැයි ඇයට සිතේ........... ඊයේ සිට තමා හට උණ වැලදී ඇතත් අම්මා නිකමටවත් සොයා බැලුවේ නැත......... අනිත් අතට මහීම යනු ඇයට සිටින එකම හතුරාය......... ඔහු දැකීමත් ඇයට පිලිකුල්සහගතය.......... ඔහු නිසයි අද තම ආදරයට මෙවන් ඉරණමක් අත්ව ඇත්තේ...........

💃 Mrs අපූර්වා ශර්මා ඔයත් පැත්ත වෙනස් කලාද.... අහ්.....මට අමතක වුනානේ ඔයාගේ අයියගේ පුතානේ නේද ඔය මිනිහා.......... මං එන්නෙ නෑ....... මට ඕකාගේ මුහුණවත් පේන්න බෑ........ මට බල කරන්න එපා.......

🌹 කට වහගෙන එනවා යන්න මෙහෙන්දි

අපූර්වා මෙහෙන්දිගේ අතක් අල්ලද්දිම ගැස්සිලා වගේ අත ගත්තේ තිබුණු රස්නයටමයි..........

🌹 පුතේ...... ඔයාට හොඳටම උණනේ.......

💃 ඔව් මං මැරිලා ගිය දෙන්..... ඒකනෙ ඔයාටයි තාත්තටයි ඕනැ........ අනේ අම්මා කරුණා කරලා මෙතනින් යන්න...... මං වැඳලා කියන්නම්....... මට එන්න බෑ පහලට....

🌹 යමු බොහෙත් ටිකක් ගන්න............

💃 අනේ එපා...... මට ඔයාලගේ කිසිම දෙයක් එපා............. මං මෙහෙම මැරිලා ගියත් මට කිසිම උදව්වක් එපා............

🌹 එහෙම කියන්න එපා ළමයෝ........... අපි මේ හැමදේම කරන්නේ ඔයාගේ හොඳටනේ පුතේ...........

💃 දැන් යන්න අම්මා.......... මට හරි අමාරුයි.......

මෙහෙන්දි යලිත් ඇඳට වැටුනාය......... ඇගේ දෑස් දෙකෙලවරින් කඳුළු වැල් කීපයක් ගලා ගියේය........... ඇයට වික්‍රාන්ත්ව බොහෝ සිහිවෙයි............ නමුත් ඔහුට කතා කිරීමට නොහැක....... රෑ වන තුරු ඉවසීම කල නොහැකි දෙයකි....... අනෙක් පස බැල්කනියේ කල්පනා කරන අසේකාගෙන් ඇය දුරකතනය ඉල්ලා ගත්තාය......... ඉන් ඇය වික්‍රාන්ත් හට ඇමතුමක ගත්තාය.............

සුසුම් ලමින් දුරකතනයේ මුහුණත දෙස බලා සිටින ඇගේ දෑස් වල කඳුළු තව තවත් අළුත් විය........

❤️ මං බල බල හිටියේ ඔයා ගන්නකම් මැණික.........

💃 අ...යි..යේ....... කො..හේ..ද... practice ද...

❤️ නෑ......... බබා...... මං lawyer ගාව ඉන්නේ......... හෙට අපේ නඩුව......... මං හිතන්නේ ඉක්මනින් මේ මල මගුල ඉවර කරගන්න පුළුවන්.......... මට සතුටුයි....ඊට පස්සේ ඔයාව ලඟට ගන්න පුළුවන්නේ............

💃 ම..හී......ම..... මට...........proposal එකක් ගෙ...න..ත්............අම්මි.. කැමතී...... ව....ගේ...

❤️ ඔයා අසනීපෙන් නේද ඉන්නේ....... මිම්ම්ම්......

කොල්ලා කතාව වෙන අතකට හරවන්න උත්සහ කලා...... මොකද ඔය කතාව ඇයට වගේම ඔහුටත් දුකක්........ අනිවාර්යෙන්ම ඔවුන් මහීමට කෙල්ලව දෙන්න කැමති වෙයි කියලා වික්‍රාන්ත්ට හිතුනා........... ඒත් ලේසියෙන් තම හදවතේ මේ ආදරණිය කොටසට ගැලවෙන්න දෙන්නේ නෑ කියන අධිෂ්ඨානය ඔහුට තිබුනා..........

💃හ්ම්ම්ම්... ටිකක්.... මට උණ.... වගේ... අයි...යේ.......

❤️ බබා......... please ඔයා වැඩිය හිතන්න එපා......... මං ඔයා මගේ කරගන්නවාමයි........ ඒ හින්දා ගොඩක් හිතන්න දුක් වෙන්න එපා...... මට බයයි..... මං ආසම නෑ ඔයා ලෙඩ වෙනවට...........

💃හරි අයියේ... පො...ඩි..... ලෙ..ඩ..ක් ඒක.............

❤️ පොඩි වුනත් ඒක මගේ හිතට ලොකුවට දැනෙනවා බං................. ඒකයි කියන්නේ............ සතුටින් ඉන්න......

💃 මට බෑ...... මං බයේ ඉන්නේ කොයි වෙලේ කාට මාව දීලා දායිද කියලා..... මාත් හරියට ගෙදරක ඇති කරන එළුවෙක් වගේ නේද අයියේ....... හරි වයසට ආවම මාවත් මස් කඩේට යවනවා වගේ කොහේදවත් නැති එකෙක්ට දීලා දාන්න හදනවා.......

❤️ මගේ පිස්සු කෝච්චිය........... එහෙම වෙන්න දෙන්න පූළුවන්ද මට....... මට ඔයා නැතුව ඉන්න පුළුවන්ද
❤️ ගැහෙන මගේ
❤️ පපුව පුරා..........
❤️ වැටෙන මගේ
❤️ හුස්ම ඔයා........

හරිද........... මං එහෙනම් practice ගිහින් එන්නම්...............ම්ම්ම්........ විහේන් මට මොනා කියයිද දන්නෙ නෑ....... මගේ කතාව දන්නවානේ ඌ..... මං එ්ක බලාගන්නම්.............

💃 පරෙස්සමින් යන්න...............

කෙල්ල ආයෙම දුරකතනය අරන් අසේකා ගාවට ආවේ ඇස් වල කඳුළුත් එක්කමයි............. අසේකා ඇය දිහා බලලා සුසුමක් හෙළුවා......

🏵️ මොකද චූටි දැන් වෙන්නේ.............

💃 අක්කා....... ඉක්මනටම වික්‍රාන්ත් අයියාගේ නඩුව පටන් ගනී.......... හ්ම්ම්ම්.......... අපිට හැමෝටම විරුද්ධ වෙන්න වෙයි අක්කා............ මං තීරණය කලා වික්‍රාන්ත් අයියා එක්ක යන්න තාත්තලා අකැමති වුනත්....... ඒ දෙන්නම.... මං කියන්නේ අම්මයි තාත්තායි ගැන..... එයාලා මේක දිහා බලන්නේ වෙන විදිහකට............. ඒත් මං හිතනවා ශාරධා අම්මයි තාරක තාත්තයි නම් කවදාවත් එහෙම කරන එකක් නෑ........

🏵️ ඔයා හරි නංගි...... මං ඊයේ අම්මිට ඔක්කොම විස්තරේ කිව්වා......... එයාල ඇත්තටම ඔයා ගැන දුක් වුනා...... හැබැයි වික්‍රාන්ත් අයියා කලින් බැදලා හිටිය කෙනෙක් කිව්වම ටිකක් අදිමදි කලත්.... මං එයාගේ ඇත්තම තත්වය කීවම දෙන්නම ඒකට අකැමැත්තක් දැක්වුවේ නෑ......... ඒත් ලොකු තාත්තයි ලොකු අම්මයි හොඳටම වික්‍රාන්ත් අයියා ගැන දැනගෙන මෙහෙම හැසිරුණු එක නම් වැරදී......... කෝ බලන්න උඹේ තුවාලේ.......... ම්ම්ම්ම්..... දැන් ටිකක් අඩුයි.............. පව් නංගි උඹ........

එතකොටම සහස්දිත් ඇවිත් එතැනින් වාඩිවුනා..........

🌺 තාම තුවාලේ අඩු නෑ නේද බං.........

🏵️ දැන් ටිකක් අඩුයි වගේ නේද......... මේකිට හොඳටම උණ අක්කේ මේ බලපන්කෝ රස්නේ........ මේ අපි බෙහෙත් ගන්න යමු චූටි....... ලෑස්ති වෙයන්.........

💃 මට ඕනෙ නෑ.... තාත්තගේ සල්ලි වලින් ජීවත් වෙන්න ඊට හොඳයි මැරෙනවා..........

🏵️ යකෝ මේවා මේ ප්‍රතාප් ශර්මාගේ සල්ලි නෙවේ තාරක ජයවර්ධනගේ..... ලෑස්ති වෙයන්...........

💃 ඕනි නෑ අක්කා............. අඩු වෙලා යයි...........

ඔවුන් කොපමණ පැවසුවත් බෙහෙත් ගැනීමට යාමට ඇය කැමති වුනේ නැත........

💐💐💐💐💐💐💐💐💐💐

විහේන් පුහුණුවීම් වලට යන විට තරමක් පමා වුනේ මහීමලා පැමිණි බැවිනි........... පියා නම් ඒ විවාහ යෝජනාවට එතරම් කැමැත්තක් නතුවා සේ පෙනුනත් මේ මොහොතේ හැටියට එය ඉතා සුදුසු යැයි සිතනවාට සැකයක් නැත......... පවුලේ වැඩිමලා ලෙස තමා හට වගකීමක් ඇත......... නැගණියගේ හිතුවක්කාර ආදරයට එරෙහි වන්නට නොහැක්කේ වික්‍රාන්ත් යනු තමා බොහෝ ආදරය කරන මිතුරෙක් බැවිනි........... ඔහු හා ආරම්භ වන යුගදිවිය තුල නැගණිය කිසිදා දුක් නොවිඳිනු ඇති බව ඔහුට විශ්වාසය...............

විහේන් ඈත තියාම වික්‍රාන්ත් ව දුටුවේය........... ඔහු සෙමෙන් සෙමෙන් වික්‍රාන්ත් ලඟට ගියේය............. වික්‍රාන්ත් විහේන්ව දැක මදක් තිගැස්සි ගියේය.......

❤️❤️ දෙයියනේ වීහු....... උඹ මට දැන් මොනා කියයිද.......... කරන්න දෙයක් නෑ.... මොනා කිව්වත් අහන් ඉන්න වෙනවනේ..........

🌷 වික්‍රාන්ත්........ අනිත් අය ඇවිත් නැද්ද..

❤️ තාම නෑ විහේන්........

🌷 මට උඹ එක්ක ටිකක් කතා කරන්න ඕනෙ............ වරෙන් ටිකක් එහාට යන්න........

වික්‍රාන්ත් ඔහු සමගින් සුවිසල් මැයි මාර ගස අසල බංකුවේ වාඩි විය...........

❤️ මං දන්නවා විහේන් උඹ කියන්න යන දේ...... මට සමාවෙයන්..... මං දන්නවා හැමෝම වගේ උඹත් මට කැමති නෑ කියලා මේ සම්බන්ධෙට කැමති නෑ කියලා...... ඒත් මචං..... මං මෙහෙන්දිට හරිම ආදරෙයි........ ඉක්මනට මට සෝනම්ගෙන් අයින් වෙන්නත් පුළුවන් වෙයි............ එහෙම වෙලත්.... මට නංගිව දෙන්න බැරිද බං...............

🌷 හ්ම්ම්ම්ම්ම්ම්........ තාත්තගෙයි අම්මගෙයි කැමැත්තෙන් නම් මේක කරන්න වෙන්නෙ නෑ බං..............

❤ ඒ කියන්නේ උඹේ අකැමැත්තක් නැද්ද................ ආ...... විහේන්

🌷 උඹ කොයි වගේ කෙනෙක්ද කියලා දැන දැන මට අකැමති වෙන්න පුළුවන්ද බං........ හැබැයි වික්‍රාන්ත් ඒ මගේ නංගි... මගේ එකම නංගි........... එයාට දුකක් දුන්නොත් මං තරම් නරක මිනිහෙක් තවත් නැති වෙයි......... තාත්තත් මහීමට කැමති වෙයි බොහෝදුරට....... එහෙම වුනොත් සම්මතෙන් පිට යන්න වෙනවා....... ඒකටත් අපි උදව් කරන්නම්.... කවදාහරි දවසක තාත්තා ආයෙ ඔයදෙන්නා පිළිගන්නවා..... මොකද තාත්තගේ ගෞරවය වගේම ලොකුම දුර්වල කම තමයි නංගි.......

විහේන්ගේ දුරකතනය නාදවන්නට විය........

🌷 අශ්ලේෂා...........මොකද දන්නෑ ටිකක් හිටපන්......

විහේන් ඇමතුම සම්බන්ධ කර ගත්තාය.......

🧡 විහේන්....... නංගිව hospital admit කරා..... පුළුවන් නම් එන්න.......

විහේන් එක්වරම බැලුවේ වික්‍රාන්ත් දෙසයි............

🌷 ඇයි මක් වෙලාද...............

🧡 එයාට හොඳටම උණ හැදිලා හිටියේ....... සැරින් සැරේ සිහි නැති වුනා.......... අනික විහේ....න්.............

🌷 අැයි මොකද අශ්ලේෂා.......

🧡 විහේන්..... එයාට අර උණ වැඩි වුනාම එන්නේ....... fit වගේ....... ඒකත් ආවා..... නංගිට ටිකක් අමාරුයි............

🌷 හරි හරි මං දැන්මම එන්නම්

ඇමතුම විසන්ධි කර විහේන් වික්‍රාන්ත් දෙස බැලුවෙිය...............

🌷 නංගි........ hospital එකට admit කරලා..... පහු ගිය දවස් ටිකේම අරංග්‍රේත්‍රම් එකට practice කරලා හොඳටම මහන්සි වෙලා හිටියේ කෙල්ල..... අනික එදා තාත්තා හොඳටම ගහලා කෙල්ලට තුවාල...... ඒ මදිවට මේ දවස් තුනටම මොනාත් කෑවේ නෑ හිතුවක්කාර කෙල්ල.......... බෙහෙත් ටිකක් ගත්තෙත් නෑ....... හ්ම්ම්ම්........ මං ගිහින් එන්නම්...........

වික්‍රාන්ත්ගේ දෑස් වල ඇති සියුම් කඳුළු පටලය විහේන් ලං ලංව දැකගත්තේය..........

❤️ මාත් එන්නද........... විහේන්.......

🌷 පිස්සුද......... උඹ හිටපන් මං ගිහින් එන්නම්

වික්‍රාන්ත්ට කිසිවක් කරන්නට හිතක් නැත.......... මේ සියළුම දෙයට වරදකරු තමාමය.............. ඇය මේ විඳවන්නේ තමා දුන් වේදනාවමය....................

❤️❤️ මට ඔයාව දකින්න ඕනි නංගි......... ම්ම්ම්ම්........ දැන් ඔයා ඉන්නේ එළියේනේ...... මං හෙට උදෙන්ම ඔයාව discharge කරගෙන එක්ක යනවා........ ඔව්........ මං එහෙම කරනවා.......... ඒකට හොඳම වෙලාව තමා මේ......... තාත්තයි අම්මයි ඉන්න මුම්බායි ගෙදරට මං එයාව එක්ක යනවා............ දැන් කරන්න තියන එකමදේ ඒක...............

_________________❤️💃💘________________

දහවල් වන තුරුත් ප්‍රතාප් හට සිය දියණිය බැලීමට යාමට නොහැකි විය.......... ඒ රාජකාරි බහුලත්වය නිසාමය........... දැනටමත් සිය දැඩි සිත,,,, දැඩි තීරණ,,, දියාරු වෙමින් තිබුණි......... අවසානයේදී දියණියගේ කැමැත්තට ඉඩ දෙන්නට හිත බල කරන්නට විය.........

🥀 ප්‍රතාප් අංකල්.............

ප්‍රතාප් හිස ඔසවා බලන විට දොර අසල සිටියේ මහීමත් ඔහුගේ පියා වන තරින්දත් මව වන අමන්දාත්ය..........

🏆️ එන්න...............

🍀 අපි ආව එක කරදරයක්ද මන්දා.......

තරින්ද ඇසුවේ කපටි සිනාවක් පාමින්.....

🏆️ අපෝ නෑ......... ඉතින් මොකද මේ මේ පැත්තේ...........

🍀 විශේෂයක් නෑ...... දැන් ඉතින් මේ කසාදේ ගැන කතා කරගන්න එපැයි......

🏆️ තාම කසාදේ තීරණය වුනේ නැහැනේ........

🍀 ඇයි ප්‍රතාප් කැමති නැද්ද.........

🏆️ එහෙම නෙවේ අපි දුවගෙන් මේ ගැන ඇහුවෙවත් නැහැනේ......

🥀 එයා මේකට කැමතී........

ප්‍රතාප්ගේ සිත ඇතුලින් දැනුනේ කෝපයකි.............. සිය දියණිය වික්‍රාන්ත් හට ආදරෙයි කියමින් මුළු නිවසම දෙවනත් කරද්දි මහීම ඇය ඔහුට කැමති බව පැවසීමම විහිළුවකි............... ඔහුට සිය දියණියගේ ආදරය විශ්වාසය........ මොකද ඇය කිසිදා මෙවන් තැනැත්තෙක් සිය ජීවන සහකරු කරගන්නේ නම් නැත....... ඇය වික්‍රාන්ත් හට කැමති වීමම පුදුමයකුත් නැත........... වික්‍රාන්ත් යනු ඉතාම ගුණයහපත්,,, තැන්පත් අහිංසක දක්ෂ,,, ආදරණිය පුද්ගලයෙක් බව ප්‍රතාප් හට නොරහසකි..............

🏆️ කැමති හින්දද එදා දුව කණට ගැහුවේ..... ආ..... මහීම........

එයට කේන්ති ගියේ අමන්දාටයි........

🍃 මොනවා ඒ කෙල්ල තමුසෙට ගැහුවද මහීම...............

මේ තිදෙනා හැසිරෙන විදිහෙන් කියන කතා වලින් තම දියණියගේ අයිතිය ඔහු අත තබනවාදැයි නැද්දැයි ප්‍රතාප් තීරණය කරනු ඇත...............

🍀 අල්ලලා දාන්න ප්‍රතාප්......... ඕවා ඉතින් නෑනලා මස්සිනාලා විසඳගනී...... කොහොමද මේ දවස් වල බිස්නස්

🏆️ හොඳයි.........හොඳයි නෙවේ ගොඩාක් හොඳයි............

ප්‍රතාප් හට යමක් දැනෙමින් තිබුණි....... මේ ඔවුන්ගේ පැමිණිම පිටුපස වෙනමම කතාවක් ඇත..............

🍀 මේවා ඉතින් දැන් settle කරන්න වෙයි නේද........... දරුවන්ට ඉතින් මේවා ඉක්මනට දෙන එකනේ අපේ යුතුකම.........

🏆️ එච්චර හදිස්සියක් නෑ....... කොහොමත් මේවා මගේ කොල්ලෝ දෙන්නට තමයි......

ඒ පිළි තුරට තුන් දෙනාගේම මුහුණු ඇදවී ගියේය......... ප්‍රතාප් මේ සියල්ල නිරීක්ෂණය කලේය..........

🍀 එතකොට දුවව අත්හැරලද ඉන්නේ..........

🏆️ දුවට මොකටද මේවා....... මහීම දෑවැද්දක් දුන්නත් ගන්නෙ නැතිවෙයි..... මොකද මගේ කෙල්ලට මෙයා හුඟක් ආදරෙයිනේ.............

මහීම කෝපයෙන් වට පිට බැලුවේය.....

🍃 ඒ වුනත් දුවට මොනා හරි දෙන්න වෙයි නැත්තම් එයා හිතයි එයාට වෙනස් කම් කරනවා කියලා..............

🏆️ මං කෙල්ලට එහෙම කරන්නෙ නෑ...... තුන් දෙනාටම තමා මේවා..........

🍀 විහේන්ට නම් ඉතින් ස්ථාවරයක් තියනවානේ........ එයා එයාගේ ජීවිතේ හදාගනී.............. මං නම් හිතන්නේ මේවා සාශේන්ටයි මෙහෙන්දිටයි දෙන එක තමා වටින්නේ...........

🏆️ බලමුකෝ...... තව කල් තියනවානේ........ ම්ම්ම්ම්ම්... මං දැන් ඉක්මනට hospital එකට යන්න ඕනි...... දුව admit කරලා..........

නමුත් ඔවුන් අපිත් එන්නදැයි ඇසුවේ නැත............ ප්‍රතාප් හට දැන් හොඳටම විශ්වාසය......... ඔහුට ආරංච් වූ කරුණුත් එක්ක ගත් කල අද ඔහුට සියල්ල පැහැදිලි විය.............

🏆️🏆️ මේක මේ මගේ බිස්නස් අයිති කරගන්න ආව ගමනක්........ දුවට ආදරේට ආව එකක් නෙවේ.......... උන්ගේ බිස්නස් බංකොලොත් වෙලා ලෝකෙට ණය වෙලා ඉන්නේ ඒක මං දන්නවා..........උන්ට දෙන්න මං දරුවෝ හදලා නෑ............බලමු තව කවුරුහරි හම්බවෙයිනේ........

ප්‍රතාප් කෝපයෙන් එලෙස සිතුවේය........... නමුත් අපූර්වා නම් ඔහුගේ තීරණයට විරුද්ධව කටයුතු කරනු ඇත................

_________________🌹🌹🌹_______________

ශේෂ් සක්සේනා තම කැබින් එකේ විශාල වීදුරු කවුලුවෙන් ඈත බලාගෙන කල්පනා කරයි............. බැරිවෙලාවත් ප්‍රතාප් මීට කැමති වුවහොත් කතාවඋඩු යටිකුරු වනු ඇත.............. තම අතේ සිටින රන් පිහාටු දෙන රන් පරෙවියා අන්සතු වන තුරු බලා සිටිය නොහැක...........

ඔහුගේ දුරකතනය මහා හඬින් නාද වනවිට ඔහු කල්පනාවෙන් මිදුනි.............. තිරයේ ඇති අංකය ගැනද නොබලා ඔහු එය සම්බන්ධ කරගත්තේය.............

🌸🌸🌸 මතු සබැඳියි



No comments:

Post a Comment

UNIVOTEC එක ගැන

UNIVOTEC එකේ පාඨමාලා සහ වැඩි විස්තර සදහා පහත ඇති PDF ෆයිල් එක භාවිතා කරන්න. https://drive.google.com/open?id=1zbMNZ14FNiYV2f34K91x1KqpKmid...