Wednesday, April 29, 2020

ඔබත් ඔහුත්

"සුදු නෝනා...තාම දොයිද ඉතින්..."😍😍😍
ආරණ්ය යහන අසළට් පැමිණ තවමත් නින්දේ පසුවන විභාශාගේ කම්මුල් වලට සෙමින් තට්ටු කළේ ය...
"ඇයි ආණු.....දැන් කීයද වේලාව?"🙁
ඈ නිදිමතේම ඔහුගෙන් විමසා සිටියේ අවදි වීමට තිබු කම්මැලි බවිනි.
"හතයි...කෝ හොඳ ළමයා වගේ නැගිටින්නකෝ..."😍
ආරණ්ය සේරසිංහ කුඩා ව්යාපාරයකට හිමිකම් කියන අවුරුදු තිහක් පමණ වන කඩවසම් තරුණයෙකි...එතකොට විභාශා මන්දාකිණි ඔහුගේ බිරිඳයි....අවුරුදු විසි හයක් වූ ඈ ඔහු හා විවාහ වී අවුරුදු සතරකි....ඈ කුඩා කළ සිටම හැඳුනේ වැඩුනේ කන්යාරාමයකට සම්බන්ධව තිබු ළමා නිවෙසකයි..ඒ ඇයට නේ ලෝකේ තමන්ගේම කියලා කාත් කවුරුත්ම නැති බැවිනි...ඉතින් අවුරුදු විසි එක ලබනවාත් සමඟම ආරණ්යගේ බිරිඳ වී මේ නිවෙසට පැමිණියේ ඇගේ අනාගතය ඔහුට භාර කරමිනි...
නිවෙසේ සිටි අනෙක් සමාජිකයා නම් ආරණ්යගේ බාල සොහොයුරා ආදිත්යයි..ඔහු අවුරුදු විසි අටක් පමණ වූ කඩවසම් කෙළිලොල් තරුණයෙක් විය...සොහොයුරාගේ ව්යාපාරයට උදවු කළේ ය....සොහොයුරන්ගේ මවුපියන් මිය ගියේ රිය අනතුරකිනි..ඒ වෙද්දී ආරණ්යයට යානතම් අවුරුදු විස්ස ලැබුවා පමණි...ඉතින් ඒ නිසා මේ නිවසේ සිටියේ මොවුන් තිදෙනා පමණි....කෙටියෙන් කිව්වොත් මේ තුන් දෙනා පුංචි පවුලක් වුණා...ආදිත්යයට පෙර පෙම්වතියක් සිටියද එය නතර වී ගියේ එම යුවතිය ඔහුට පිටු පෑ නිසයි......මවක් සේ නිවසේ සියලු වැඩ කටයුතු සිදු කළ යුතු වූයේ විභාශා අතින් වුණත් එය එසේ වූයේ නෑ....
විභාශාවත් ආදිත්යයත් තම දරුවන් සේ රැක බලා ගත්තේ ආරණ්ය විසිනි...ඉතින් නිවෙසේ සියලුම වැඩ කටයුතු සිදු කෙරුණේ ද ඔහුගේ දෑතිනි....විභාශා ඔහුට බිරිඳක් ලෙස ඇතැම් විට උදවු කලැත් ඈ වගකීම් විරහිත වූවා ය....
කිසි දෙයක බරපතළක් ගණන් නොගත් ඈ ඇගේ යුතුකම් පැහැර හැරියාය...
🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁
"දැන් ඇති ආදි..අතාරින්නකෝ...."😍
"බෑ....මට තව ඔයා ගාව ඉන්න ඕනී විභූ...."😍😍😍
ආදිත්යය තව තවත් විභාශාගේ තුරුළට වූයේ ඈ ඔහුගෙන් මිදී ඇඳෙන් බැස යාමට උත්සාහ කරන අතරේ ය...
"බෑ ආදී....ඔයාගේ අයියාත් එනවා ඇති දැන්...."🙁
"ඉතින් ඒ මගේ අයියා විතරක් නෙවෙයිනේ...ඔයාගේ හස්බන්ඩ්න්නේ..."😁😁😁
"ඒක තමයි බය....අපි දෙන්නා තව කොච්චර කල් මේක මෙහෙම හන්ඟන් ඉන්න්ද ආදී...."😡
"ඇයි විභූ ඔයා අහලා නැද්ද තහනම් ගහේ ගෙඩි රසයි කියලා...."😁😁😁
ඔහු ඇගේ කම්මුලක් සිප ගනිමින් පැවසුවේ තව තවත් විභාශාව ඇවිස්සීමටයි....
"විකාර...."😡
ඔහු නැවත වරක් ඇගේ නිරුවත් සිරුරට බර වූයේ ඇයට තවත් අනුරාගී හෝරාවකට ඇරයුම් කරමිනි....ඇයත් තව තවත් ඔහුගේ පහසට නතු වූයේ ඈ අන් සතු බිරිඳක් බව අමතක කරමිනි.
🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁
මාස කිහිපයක් ගෙවී ගිය අතර විභාශා නොසිතු ලෙස ආදිත්යය දිව්යා නම් තරුණියක් විවාහ කරගෙන මව් බිමෙන්ද පිටව ගියේ සතියකට පෙර ඇගේ සියලුම බලාපොරොත්තු සේම ඇගේ හදවතද කඩා බිඳ දමමිනි.
"විභාශා කියනවා මේක උනේ කොහොමද කියනවා....මා...මාව යකෙක් කර ගන්න එපා....කියපන් මට ඇත්ත කියපන්..."😡😡😡
ආරණ්ය සිටියේ අන් කවරදාටත් වඩා කෝපයෙනි...ඔහුගේ තරහ සාධාරණය...දැන්ම දරුවෙක් ගැන හිතන්න බැහැයි කිවු තම බිරිඳ ගැබ් ගෙනය....එහෙත් එය කෙසේ සිදු වූයේදැයි ඔහුටම සිතා ගත නොහැකිය....මන්ද තමාත් ඇයත් අතර මාස ගණනාවක් කායික ඇසුරක් නොතිබූ බව ඔහු හොඳින්ම දනී....
එහෙත් ඈ නිහඬය....ඈ හිතුවක්කාර ලෙස ඔහුගේ දෙනෙත් මඟහරිමින් ඈත බලා සිටියේ කිසිවක් නෑසුණු ලෙසිනි....
"මේ අහපන්...."😡😡😡
ඔහු ඈ අසළට පැමිණ ඇයව තමා දෙසට හරවා ගත්තේ ඈ වටා දෑත් යවමින් ය...
"කියපන්.....මන් උඹට ආදරේ කරපු තරම දන්නවාද...පොඩි දරුවෙක් වගේ උඹව බලා ගත්තේ...උඹ කවදාවත් අම්මා කෙනෙක්ගේ තාත්තා කෙනෙක්ගේ සෙනෙහස විඳලා නෑ...ඒ නිසා...ඒ නිසා මන් උඹව මේ ගෙදරට ගේද්දීම හිතාගත්තේ මට පුළුවන් විදිහට හැමදේම උඹට දෙනවා කියලා...ඇයි...ඇයි මෙහෙම කරේ....මන් මොකක්ද කරපු අඩුපාඩුව...?"
😢😢😢😢
"ඔයාට ඇති තරම් මට කෑ ගහන්න ආරණ්ය....බනින්න ....ගහන්න ..කමක් නෑ...."😐😐😐
ඈ සෙමින් පවසා සිටියේ හැඟීම් විරහිත අයුරිණි.
මඳක් ඈ දෙස බලා සිටි ඔහු ඇයව අතහැර කාමරයේ කොනකට ගොස් බිම හිඳ ගත්තේ දෙදණ මත හිසා තබාගෙනයි...ඔහු හඬා වැටෙන ශබ්දය පමණක් ඇසුණු අතර කාමරය පුරා තිබුණේ නිස්කලන්ක බවකි...ඈ සෙමින් සෙමින් ඔහු අසළට ඇවිද ගියේ ඔහු අසළම බිම හිඳ ගත්තා ය....
"ඇයි සුදු නෝනා මට මෙහෙම කරේ...."😢
ඔහු ඇසුවේ හැඬුම් අතරිණි...
ඈ ඔහු දෙස බලමි හෙලූ ඇගේ සුසුම් වල බර ඔහුට හොඳින් දැණුනු නිසා හිස ඔසවා බැලුවේ වේදනාව නිසාම මැලවී ගිය ඇගේ මුහුණ දෙසයි...
"මට සමාවෙන්න ආරණ්ය...මට සමාවෙන්න.....මන් මේ කිසිම දෙයක් ඔයාට රිදවන්න කරපු දේවල් නෙවෙයි....මන් දන්නවා ඔයා මට හැමදේම දුන්නා...දෙන්න උත්සාහ කරා....මන් ගැන හොයලා බැලුවා....ඒත් ඒත් ළමානිවාසේ හිටියා කාලෙයි මෙහෙ ඔයාගේ ගෙදර හිටිය කාලෙයි කියලා මට වෙනසක් දැණුනේ නෑ ආරණ්ය......මන් මන් හොයපු ජීවිතේ මේක නෙවෙයි....මට මේ කිසිම දෙයක් නෙවෙයි ඕන වුණේ...."😢😢😢
"ඒ කිව්වේ සුදු නෝනා...."😯
"මාත් ආස කරා මගේ පරණ ජීවිතෙන් නිදහස් වෙලා ඇවිත් මගේ හිත ගත්තු කුමාරයා එක්ක ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්න...මගේ මහත්තයා එක්ක ආදරෙන් ඉන්න....හොඳ බිරිඳක් වගේ මගේ මහත්තයාගේ හැමදේම කරලා දෙන්න....පුංචි දරු පැටව් දෙන්නෙක්ට අම්මා කෙනෙක් වෙන්න...."😢😢😢
"ඉතින් ඇයි සුදු නෝනා අපිට එහෙම ඉන්න බැරි වුණේ....මොකක්ද මන් අතින් වුණ වැරද්ද....? මට කියන්න....මන් මන් ඒ හැමදේම හරි ගස්සන්නම්.....දරුවාගේ තාත්තා කවුරු වුණත් මන් මේ පැටියාව බාර ගන්නම්...."😢😢😢😢
"එපා ආරණ්ය.....ඔයාට කිසිම දෙයක් ආයේ හරි ගස්සන්න බෑ....මන් මේ කියන දේවල් අහගන්න....තවත් මට මේවා ඔයාට හංඟන්න ඕන නෑ...."😡😡😡
"හ්ම්ම්...කියන්න සුදු නෝනා..."😐
"මන් කවදාවත් ඔයාට ආදරේ කරේ නෑ ආරණ්ය...."😡
"මොකක් ?"😯
"ඔව්...ආරණ්ය.....ඔයා මාව බලන්න ආවේ ඔයාගේ මල්ලී ආදිත්යය එක්ක...ඒ වෙද්දීත් මන් එයාව දැකලා තිබ්බා..ඒත් කවදාවත් කතා කරලවත් අඳුනගෙන වත් හිටියේ නෑ.....පල්ලියේදී....මන් එයාව දැක්කේ පල්ලියේදී ඔයා එක්කමයි....එයා එයා දැකපු මුල්ම දවසේයි මන්....මන් එයාට ආදරේ කරන්න පටන් ගත්තේ...මට ඒක කියන්න තේරෙන්නේ නෑ..ඒක අමුතු හැඟීමක්...මට දැණුනේ මගේ හිතේ හිටිය මන් හීන දැකපු හීන කුමාරයා එයා කියලා....හිතින් මන් එයාට ආදරේ කරා...."😐😐😐
"අනේ....සු..."
"එපා...කතා කරන්න එපා ආරණ්ය..අහන් ඉන්න."😐
"ඒත් මගේ හීන ඔක්කොම බොඳ වෙලා ගියේ මට ඔයාව යෝජනා කරපු දවසේ...මන් මගේ පළවෙනි ආදරේ මගේ හිතේම හිර කර ගත්තා...මට ඔයාට බෑ කියන්න පුළුවන් කමක් තිබ්බේ නෑ.....මට මාව හදා ගත්තු මදර්ට,සිස්ටර්ස්ලාට පිටු පාන්න බැරි වුණා..."😐😐😐😐
"ඒත් විභාශා ඔයාට මැරි කරන්න කලින් මට මේ හැමදේම කියන්න තිබ්බා...."😯
"කොහොමද කියන්නේ...ඔයා කවදාවත් මගෙන් ඇහුවද මන් ඔයාට ආදරේ කරනවා කියලා...ඔයා හැමදේම ගැන තීරණ ගත්තේ තනියම....ඔයාට ඕනී වුණේ ඉක්මනට මාව මැරි කරන්න...ඔයා මගේ අදහස් මගේ හැඟීම් ගැන හිතුවද?"😡😡😡
"ඒත්...ඒත්....විභාශා මන් මෙච්චර දෙයක් හිතුවේ නෑ ඇත්තට ම...මට ඕන වුණේ ඉක්මනට පිළිවෙලක් වෙන්න..ඒ මගේ මල්ලී වෙනුවෙන්....ඔයාව අපේ ගෙදරට ගෙනාවම අපේ පවුල සම්පූර්ණයි කියලා හිතුවේ මන්...."😐😐😐
"ඔව්...ඔයා හැමදාම ඒකනේ කරේ....ඔයා කරේ ඔයාට ඕන දේ විතරයි ආරණ්ය....ඔයා හිතුවේ ඔයාගේ තීරණ වලට අපි හැමෝම යටත් වෙන්න ඕන කියලා..."😢😢😢😡😡
"නෑ....නෑ.....විභාශා එහෙම නෙවෙයි.....මට ඉන්නේ ඔයාලා දෙන්නා විතරයි....ඔයාල වෙනුවෙන් තමයි මන් මේ හැමදේම කරන්නේ.....ඒත් මට සමාවෙන්න....ආදරයක් නැති බැඳීමකින් ඔයාව හිර කරලා තිබ්බාට මට සමාවෙන්න...."😢😢😢
ඔහු ඇත්තෙන්ම වේදනාවට පත් වී සිටියේ ය...ඔහුට ඇසුණු සියල්ල ම ඔහුට ගෙන දුන්නේ කම්පනයකි....තම බිරිඳ තමා හා අවුරුදු දෙකක් වාසය කර ඇත්තේ ඇගේ සිතේ ඔහු පිළිබඳව ආදරයක අංශුමාත්රයක් හෝ නොමැතිව යැයි ඔහු කෙසේ නම් පිළි ගන්නද?
ඔහුත් ඇයත් දෙදෙනාම පැය බාගයක්... පැයක් නෑ ඊටත් වැඩිය නිහඬවම දෙතැනකට වී කල්පනා කරමින් සිටියේ ජීවිතයේ ඔවුන්ට වැරඳුනේ කොතනකදැයි සිතමිනි....අවසානයේ ඔහු තම හඬ අවදි කළේ ය....
"එතකොට ආදි මේ ගැන දන්නවද?"🙁
ඈ ඔහු දෙස බලමින් සිනා සුනේ සමච්චලයට මෙනි...
ඔහුගේ සිතට දැණුනේ බියකි..එසේ නම්..එසේ නම් තමා පෙර දින වල සැක කළ දේ සත්යයක්...එහෙත් තම එක කුස උපන් සොයුරා තමන්ට එසේ වංචාවක් කරයිද..."නෑ...නෑ...එහෙම වෙන්න බෑ...." ඔහු තමාගේම සිත රවටා ගැනීමට උත්සාහ කළේ පපුව පුරා පැතිර යන තියුණු වේදනාවක් සමඟයි....
"ඔයා මොනාද හිතන්නේ ආරණ්ය....මන් මගේ පණටත් වඩා ආදිත්යයට ආදරේ කරද්දී වෙන මිනිස්සු හොයාගෙන පිට යන ගෑණියෙක් කියලද?"😡😡😡
"ඒත් .....ඒත් ඒක වෙන්න බෑ විභාශා...ආදිත්යය මට එහෙම කරන්නේ නෑ කවදාවත්...."😡
"මේ දරුවා ආදිත්යයගේ...."😡
ඔහුට දැණුනේ එකවර අකුණු හත අටක්ම තම හිස මත පිපුරුවාක් මෙනි...
"කියපන් විභාශා....මට ඇත්ත කියපන්...උඹ.....උඹ මගේ වහල යටම මගේ මල්ලී එක්කම...."😡😡😡
"ඔව්.....ඔව්...."😡
"කොච්චර කල්ද...."😡
"මාස හයකට වැඩි...."😡
"දෙයියනේ ඇයි උඹලා දෙන්නම මට මෙහෙම කරේ...මන්....මන්...මේ ලෝකේ වැඩිපුර ම විශ්වාස කරේ උඹලා දෙන්නා....මීට වඩා හොඳයි මාව මරලා දාපන්.."😡😡😡
ඔහු වේගයෙන් දොරත් වසාගෙන කාමරයෙන් පිටව ගියේ තවත් එක් වචනයක් හෝ ඇයට නොපවසමින් ය....
මසක් පමණ ගෙවී ගියේ ඔවුන්ගේ ම නිවසේ ඔහුත් ඇයත් ආගන්තුකයින් වෙමිනි....එදායින් පසු කිසිම දිනක ආරණ්ය,විභාශාට වචනයක් හෝ කතා කරේ නැත....ඇයව තමාට මුහුණට මුහුණ හමු වූවත් ඔහු ඇයව මඟහැර ගියේ ය...එහෙත් ඔහුගෙන් සිදුවිය යුතු යුතුකම් සියල්ල ඔහු ඈ වෙනුවෙන් ඉටු කළේ ය...ආදිත්යය රටින් පිටව ගොස් හරියටම මාසයකුත් සතියක් ඉක්ම ගිය දිනයේ ආරණ්ය විභාශාගේ කාමරයට පැමිණියේ ඈ හා කතා කිරීමට අවශ්ය බව පවසමිනි...
"ඉඳගන්න විභාශා....මට ඔයා එක්ක ටිකක් කතා කරන්න ඕන.."😐
"හ්ම්ම්....කියන්න..."😐
ඇගේ කුස දැන් මඳක් පෙරට වඩා නෙරා විත් තිබිණි...ඔහුගේ දෑස් රැඳුණේ ඇගේ ඒ කුස මතයි...
"මන් ඔයාට තව පහසු ගවොම් ටිකක් ගෙනත් දෙන්නම්....මේ කාලේ හිරට අඳින්න එපා..."😍😍😍
"හ්ම්ම්...."😐
"ආදි කතා කරාද ඔයාට....?"😐
"නෑ.....එයා ගියාට පස්සේම මාත් එක්ක කතා කරේ නෑ..."😐😐😐
ඈ පැවසුවේ වේදනාවෙනි..පිළිගැනීමට අමාරු සත්යයක් වුවද ඔහු නැවත කිසි දිනක තමා වෙත නොඑන බව ඈ දැන සිටියා...එහෙත් ඈ තවමත් පෙර මඟ බලා සිටින්නේ ඔහුගේ දරුවා වෙනුවෙන් හෝ ඔහු නැවතත් ඇයව සොයා එතැයි කියාය.
"දිව්යාට දරුවෙක් ලැබෙන්නලු ඉන්නේ...."🙁
"ආ....."😯
"හ්ම්ම්....ඔව්...ආදිත්යයගෙන් මන් ඇහුවා ඔයාගේයි දරුවාගෙයි අනාගතේට මොකද වෙන්නේ කියලා...."😡😡😡
"ඉතින්.....ආ..ආදිත්යය මොකද කිව්වේ ?
එයා එයි නේද අපිව බලන්න...මන් නැතත් මේ දරුවා හරි...මේ එයාගේ ලේනේ.."😢😢😢
"හිත හදා ගන්න බලන්න විභාශා....මට පුළුවන් නම් ඔයා වෙනුවෙන් නැතත් මේ දරු පැටියා වෙනුවෙන් හරි එයාගේ තාත්තාව ඔයාලා ළඟට ගෙනත් දෙනවා....ඒත්...මට සමාවෙන්න...."😢
"ඒ කියන්නේ.....එයාට අපිව එපාලුද ආරණ්ය...?"😯😢😢😢
ඈ ඔහුගේ අසරණ වූ දෙනෙත් මඟ හැරියේ මේ මොහොතේ ඔහුද අසරණ වූ බැවිනි.
ඔහු ඈ අසලට පැමිණ ඇගේ දෙපාමුල දණ තබා හිඳගත්තේ ඇගේ කුසට තම සුරත තබමිනි....
"ඔයාවත් දරුවත් තනි වෙන්නේ නෑ විභාශා.....අද ඉඳලා දරුවාගේ තාත්තා මන්...."♥️♥️♥️♥️
ඔහු සෙමින් ඇගේ කුස සිපගත්තේ මහත් වූ සෙනෙහසකින් ය...ඔහු දෙස බලා සිටි ඇගේ කම්මුල් පුරා කඳුළු ගලා ගියේ ය.
...................................🍁🍁🍁🍁🍁🍁🍁🍁
🌷අවුරුද්දකට පසු...🌷
මුහුණ පුරා රැවුල වවාගත් තරුණයෙක් සුදු මල් පොකුරක් රැගෙන තම නිවසින් පිටව ගියේ ළඟ එන මහ වර්ශාවක පෙර නිමිති පහළ වනවාත් සමඟය...
ඔහු තමා ගෙනා සුදු මල් පොකුර තැබුවේ ඔහු ඉදිරිපිට තිබු සොහොන් කොත අසලයි.....ඒ අසළ දණගැසු ඔහු සොහොන් කොතේ වූ නාමය දෙස මඳ වේලාවක් බලා සිටියේ ය..ඔහුට නොදැනීම ඔහුගේ කම්මුල් දිගේ කඳුළු ගලා ගියේ වැහි බිඳු එක දෙක ඔහුගේ ගත ස්පර්ශ කරන අතරේ ය....
ඔයා මාව දාලා ගිහින් අදට අවුරුද්දක් වෙනවා සුදු නෝනා.....දන්නවාද මේ වැස්සට වඩා වැඩි මගේ කඳුළු.....ඒත් මොනවා කරන්නද කවදා හරි ඔයා ළඟට එන්න පුළුවන් වෙන දවස වෙනකම් මට මේ හැමදේම තනියම දරා ගන්න වෙනවා සුදු නෝනා.....
ඔහුගේ මතකයට නැඟුනේ අවසන් වරට ඔහු වෙනුවෙන් ඈ ලියා තබා ගිය කෙටි ලියමනයි.
"ආරණ්ය,
මන් ඔයාගෙන් සමාව ඉල්ලනේ නෑ...මොකද මන් දන්නවා ඔයාට මන් කරේ කවදාවත් සමාව දෙන්න බැරි වරදක් කියලා...ඔයාට පින්...ගොඩක් පින් මන් වෙනුවෙන් කරපු හැමදේකටම....මන් මගේ ජීවිත කාලේම ආදරේ කරේ ආදිට විතරයි....එයා මට මොන දේ කරත් එයා මට පිටු පෑවත් මගේ හදවතේ හැමදාම ඉන්නේ ආදි විතරයි...ඉතින් මන් යනවා...මගේ දරු පැටියත් එක්කම මන් යනවා..
ඔයාගේ සුදු නෝනා.
ඉතින් විභාශා ඇගේ ජීවිතයෙන් සමුගත්තේ ආරණ්යයට තම මුළු ජීවිතේ ගැනම පසුතැවීමක් පමණක් ඉතුරු කරමිනි...විභාශාගේ සිය දිවි හානි කර ගැනීමෙන් පසුව ඒ ඇසු ආදිත්යය රිය අනතුරකට ලක් වූයේ ඇගේ මරණයේ කම්පනයෙන් නොසැලකිලිමත් ලෙස රිය පැදවීම නිසයි...ඔහුට තම දෙපා අහිමි වූයේ සදාකාලිකවම අබාධිත තත්වයට පත් වෙමිනි.
අදටත් ආරණ්ය මෙන්ම ආදිත්යයද විභාශාගේ මතකයන් සමඟ ජීවත් වන්නේ පසුතැවීමක් සමඟයි....
නිමි.
🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁
අදහස් කියාගෙන යන්නකෝ වස්තුලා...ඒ වගේම මගේ නවල් එක " ඔබයි මගේ කැමීලියා මල " කතාවත් එක්කත් එකතු වෙන්න කියලා අරාධනා කරනවා...හැමෝම පරිස්සමට ඉන්න..බුදුසරණයි.
නැවත කතාවකින් හමුවෙමු
💜️💛 කුමුදු 💛💜️   

No comments:

Post a Comment

UNIVOTEC එක ගැන

UNIVOTEC එකේ පාඨමාලා සහ වැඩි විස්තර සදහා පහත ඇති PDF ෆයිල් එක භාවිතා කරන්න. https://drive.google.com/open?id=1zbMNZ14FNiYV2f34K91x1KqpKmid...